හීයක් බදු වේගයකින් බෙක්ජේ වෙත පැමිණි සොක්ජින් තම අසු දල්හ්වජේ වෙත රැගෙන ගියා.
නමුත් ගාරම්ගේ කුටියේ වුන තරැණිය සහ තරැණයාගේ රතිකෙලිය නිසා සොක්ජීන් නැවතත් ආපසු හැරැනේ මුලු කුටියම පිරික්සා බැලීමෙන් පසුවයි.
තරැණිය සහ තරැණයා අන්දමන්ද ව සොක්ජීන්ගේ ක්‍රියාවන් බලා සිටින විට සොක්ජීන් ගාරම්ගේ කුටියෙන් පිටවුනා.
වේදනාව හා මුසු වුන බිතීජනක හැඟිම් සොක්ජීන් ව වෙලා ගත්තා. දල්හ්වජේ පෙරලා දැමීමට ඒ වේදනාව දැරැ සොක්ජීන් හට හැකි වුනා.
අධිරාජ්‍යයාගේ අඥාවත්... ගාරම්ගේ සැඟව යාමත්.. සොක්ජීන් ව වේදනාව හා කෝපය විසින් වසා දැමුවා.
ඔහු බෙක්ජේ පුරාවටම ඇය සොයා වුවත් දරැණු ව්‍යාග්‍රයකු ලෙසින් ම සිටියා. වේදනාව.. හා වෙහෙසට සොක්ජීන් ව නවතා තැබීම කල නොහැකි වුනා.
මාළිඟ ද්වාර දෙස දැවෙමින් බලා සිටි සොක්ජීන් කෝප ගිනි තව තවත් අවුලුවාගනිමින් එදෙසට ඇවිද ගියා.
" සෙ....සෙම්පතිතුමනි........!!! කරැණාකර නවතින්න...... නිවැරදි සිහියකට පැමිණෙන්න.... සෙම්පතිතුමනි... "
" වහා ඉවත් ව යනු.........!!! "
සොක්ජීන් ඉදිරියට පැමිණි නරි කඳුලු පිරි දෑසින් ඔහු දෙස බලා සිටියත් සොක්ජීන්ගේ බැල්මවත් ඇය වෙතට නොලැබුනා.
" අවසන් වරට ඈව මා දුටුවා....!!! "
නරිගේ හඬ සවන් වැකෙනවාත් සමඟම සොක්ජීන් නරිගේ දෑස් දෙසට තම නෙත් යොමු කලා. කිසිවකුට අල්වා නතර කරගත නොහැකි වුන සොක්ජීන් ව නවතාගැනීමට නරිට හැකි වුනා.
මොහොතකට පසුව ඔවුන් සිටියේ සොක්ජීන්ගේ මැඳුරේ එළිමහන් ආලිංගන පෙදෙසේ ය. පුර්ණ චන්ද්‍රාලෝකය නිසා ආලිංගනය දිප්තිමත්ව තිබුනත් රාත්‍රියේ ඝන අඳුර අවට සිසිරා පැතිර තිබුනේ මීදුම් සිසිලක් ද සමඟයි.
සොක්ජීන් සහ නරි ඈත දිලෙන සද දෙස බලාසිටියා. කවරෙකු වදන් නැගිය යුතු දැයි හෝ... කුමක් වදන් කිරීමට සිතා ගත නොහැකි සේයාවකින් ඔවුන් දෙදෙනාම පෙළි සිටියා.
ඈත චන්ද්‍රයා දෙස බලාසිටින සොක්ජීන්ගෙ රැව නිසා නරිගේ හදට සියුම් රිදුමක් දැනෙන්නට පටන් ගත්තා.
අපිළිවෙල ලෙසින් වැවි වියවුල් ලෙස පැවතුන කෙස් වැටිය.. විඩාබර ගැඹුරැ දෙනෙත්.. වේදනාව පිරි ගිය වත... වෙහෙසින් පෙළන ගතෙහි වෙනස.. කඩවසම් මුහුණ වටා මදක් වැවි තිබුන රැවුල.. ඔහුව වේදනාවෙන් වැඩුණු පරිණතයකු කර ඇති සැටි දෙස ඇය බලසිටියා.
(A/N :- රැවුලට හරිහමං නමක් දාන්න බැරි උන නිසා..සිත තැලිලා ඉම්නේ. :-/ )
බලාසිටීම... බලාපොරොත්තු... දරාසිටීම් සීමාවක චණ්ඩ මාරැතයක් විලසින් සිටි සොක්ජීන්ගේ සිතිවිලි ඔහුට හඬ නැගිමට බලකලා.
" ගාර..ම්..... ව නුඹ දුටුවේ... කෙදිනද.? කොහිද.. ඈ... පැවසුයේ...කුමක්...ද.? "
චන්ද්‍රයා දෙස බලා හුස්මක් ලබා ගත් නරි සොක්ජීන්ගේ වේදනාව පිරි ගිය ගැඹුරැ දෑස් දෙස බලා තම හඬ අවධිකලා.
" වසරකට... පෙර.. නිසැකවශයෙන් ඔබතුමා යුධයට පිට ව ගිය දිනයේ.. ම.. ඔබතුමැගේ පිටවීමෙන් මොහොතකට පසුව... අප හමුවුනා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දල්හ්වජේ හා සුන්වො නදි එතෙරයේදි.. මා ඇයව අධිරජුගේ අඥාව පිළිබඳ කල්තියාම දැනුවත් කලා..
.
.
.
.
.
.
.
.
.
අධිරජුන් නියෝග නිකුත් කිරීමට පෙර පියාණන් සමඟ ආමාත්‍යවරැ කල කතාබහ මා අසා සිටියා... ඔබ අතින් චීන දූතයා මිය ගිය වග ඔවුන් දැන සිටියත්.. සීමා ආරක්ෂා කිරීමට.. ඔබව රැකගත යුතු යැයි ඔවුන් පැවසුවා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගාරම්ගේ ප්‍රතික්ෂේප කිරීම් මෙන්ම.. ඇගේ ආඩම්බර ගතිගුණ සමඟ බොහො ආමාත්‍යවරැ උරණව සිටියා. ඉදින් ඔවුන් චීන දේශයටත් දැන්විමට යමක් අවැසි නිසා.. ගාරම් ව භාවිතා කලා.. අධිරජුන් කෝප ගන්වා.. "
" නුඹේ පියාණන්... මා විවාහය ප්‍රතික්ෂේප කිරීම නිසා... ත් මෙයට හවුල් වෙලාද... ? "
නරිගේ වදන් බිදිමින් සොක්ජීන් නැගු පැනය නිසා නරිගේ දෑස් වේදනාවින් තෙත්ව ගියා.
" සෙ...සෙම්පතිතුමනි... මා.. මා... පියාණන් හට.. බොහො..ඇවටිලි කලා.. එලෙස නොකරන ලෙසට... නමුත්... නමුත්... මා හට කමාකරන්න සෙම්පතිතුමනි... මා විසිනුයි පියාණන් හට පැවසුයේ.. ඔබතුමා හා විවාහ වීමට ආශා කරන වගට.. මා හට.. කමා..! "
" ඇය පලායන පදෙසක් ගැන... ඔබව දැනුවත් කලාද..? "
" නැත.... සෙ..සෙම්පතිතුමනි...."
නරි සොක්ජීන් දෙස වේදනා පිරැනු දෙනෙතින් බලාසිටියත් සොක්ජීන්ගේ නිසි බැල්මක් හෝ ඇය වෙතට නොලැබුනා. ඔහු චන්ද්‍රයා දෙස බලමින් සිතිවිලි වල නිමග්නව සිටියා.
" සේවක..... මගේ අසු රැගෙන එව..!! "
කිසිඳු වදනක් හෝ නොදොඩා තමා වෙතින් වේගයෙන් ඉවතට යන සොක්ජීන්ගේ රැව දෙස බලමින් නරි නොසන්සුන් සියුම් සිනහවක් මුවඟට නගා ගත්තා. ඇගේ දෑස්වල රැඳි තිබුන කඳුලු චන්ද්‍රාලෝකය නිසා දිලෙන්නට වුනා.
" නුඹට ප්‍රේම කලාට මා හට උරැම වුයේ මේ වේදනාව පමණක් වුවත්... ප්‍රේමයට වාරන පැණවීමට මා අසමත් සෙම්පතිතුමනි.... කෙතරම් වේදනාවක් දැනුනත්.. එහි ඇති රිදුමට හද ප්‍රිය කරනවා... ඉදින්... නුඹ හිමි නොවන වග දැන දැනමත් පෙම් කරනවාට කමා කරන්න සෙම්පතිතුමනි....! "
නරිගේ බිඳි ගිය සියුම් හඬින් ඒ වදන් ගිලිහින විටත් සොක්ජීන් කඩවිදිය ඔස්සේ බෙක්ජේ වෙතින් ඉවතට යමින් සිටියා.
**************************
ඇය දැක ගැනීමේ ආශාවෙන්... නොව ඇය සුවෙන් දැයි හෝ.. ඇය ගැන එකඳු තතුවක් හො දැන ගැනීමේ අටියෙන් සොක්ජීන් බෙක්ජේහි සියලු ගම් නගරයක් පසාම ගාරම් සොයාගියා.
සෙවීම නිසා වෙහෙසකින් තොරව ඔහු සුසුම් ගත්තද... ඔහුගේ හදෙහි ඇති ව තිබු වේදනාව ඔහුගේ දෑස් තුලින් සැඟව යන තෙක්ම ඔහු ඇයව සෙවුවා.
තවදුරටත් ඔහුගේ දෑස්වල කඳුලු සිරව තිබුනේ නැහැ... නමුත් ඒවා හැඟිම් නෂ්‍ය ව විඩාබරව දිස් වුනා.
ඇය සොයා ගිය ගමන නොදැනීම ඔහුව බෙක්ජේ ශිල්ලා සීමාවටම රැගෙන ඇවිත් තිබුනා. දොක්මෝ ගේ විස්මය පිරි ගිය හඬිනුයි ඔහු දැනගත්තේ මාස ගණනාවක් පුරාවටම ඇයව තනිව සෙවීමට ඔහු නොදැනුවත් වම සිර වී සිටි වගක්.
" නුඹ කොහිද ගාරම්....... ? "
" සුවෙන් සිටිනවා නොවේද....? "
" මා හට කමා කරන්න ගාරම්... අවැසි එකඳු මොහොතක හො අසළින් රැඳිමට නොහැකි වුවාට.....! "
තම කඳවුරට පහළින් ගලා යන නදිය දෙස බලාගෙන සොක්ජීන් තමාටම මුමුණාගත්තා.
" කොතරම් කලක් ගියත් කම් නැත.. මාගේ අවසන් හුස්ම හෙලන තෙක්ම නුඹව සෙවීම මා අත්නොහරිමි...!! "
හැඟිම් රහිතව වියළුනු හදින් වුවත් සොක්ජීන් තමාටම වදන් දී ගත්තා. අවසානය තෙක්ම බලාපොරොත්තු අත්නොහරින වගට.
පහළට ඇඳි යන නදිය දෙස සොක්ජීන් නිහඬවම බලාසිටියා. සොක්ජීන් හා ගාරම්ගේ ප්‍රේමයත් නිහඬවම දෙතැනක තැවුනත් කාලය පුරැදු ලෙසින්ම ගලා ගියා.
නමුත් කාලයේ ගත වීම ඔවුන් හට තදින්ම දැනුනා.
සිව්වසරක ගත වීම සොක්ජීන් ව මුලුමනින්ම වෙනස් තැනැත්තකු කරවාලීමට සමත් උනා. තවදුරටත් කිසිම විටක සිනහවක් නොනැගෙන ඒ කඩවසම් වතෙහි රෞද්‍ර හැඟිම් විරහිත බව රජයා සිටියා.
ඒ ගැඹුරැ දෑස් නිමක් නොමැති ආගාධයක් බවට පත් වුනා.
බෙක්ජේ මාළිගය දෙසට හැරි තම අවසන් සුසුම හෝ නොහෙලීමට තරම් සොක්ජීන්ගේ හද මාළිඟය.. රාජකීයන්.. රදළයන් පිළිකුල් කලා. ඔවුන් වෙතට කිසිඳු අනුකම්පාවක් නොදැක්වීමට ඔහුගේ හද බැඳි සිටියා.
ඔහුගේ කඳවුරැ.. බලකායන් අතරට පැමිණ ඔහුව නොරිස්සුම් ලෙස විමසුම් කරන සෑම අයකුටම මරණය උදා කරදීමට සොක්ජීන් දෙවරක් නොසිතුවා. දුගි ජනයා නොවි නම් මිසක් සතුරැ... රාජකීය.. රදළ.. හෝ කිසිවකුට එය නොවෙනස් වුනා.
ඒ අතර ගෙවුන සමය පුරාවටම සොක්ජීන් දොක්මෝ සමඟ බෙක්ජේ වෙතින් එපිට රාජ්‍යයන්..වලත් ඇය සොයා ගියා.
ඔහුගේ සෙවීමට... සීමාවක් නොතිබුනා. ඔහුගේ අවසන් එකම බලාපොරොත්තුව කිසිවිටකත් සොක්ජීන්ගේ හදින් පිටමං නොවුනා.
______________________________________