COURTESAN OF THE PALACE || KS...

By Ayo_PJM

4.5K 1.4K 458

A women who Reserved For Royal Mans.... A KSJ FanFiction By_Ayo Start :- 2022.07.07. End :- 2022.09.07. More

(01) රක්ත සේලය
(02) සාදයේ ගිනිසිලුව
(03) දෝලාව
(04) කුමර බඹසර
(05) පළිඟු දෑස
(06) පණ්ඩිත නදිය
(07) අනුවණ වදකාරිය
(08) ලොම් ගුලිය
(09) දෙපලු පළඳනාව
(10) නදි අසබඩ
(11) උණුසුම් සිනහව
(12) සිත්තම
(13) රාජකීය නියෝග
(14) රදළ පිනවීම
(15) අමුත්තකුගේ පැමිණිම
(16) ගලා යන නදිය
(17) රිදුම
(18) ප්‍රේමයේ මුසුව
(19) ප්‍රේමාන්විත දෑස්
(20) අභිසාරිකාවක
(21) අග්නි පළිහ
(22) ⁣ප්‍රේමය නිසාම
(23) බොඳ වුන ඡායා
(25) බලාපොරොත්තුව
(26) හුරැබුහුටි වදකාරිය
(27) රාජකීය උදහස
(28) යළි හමුවීමක්
(29) සයුර වෙතට
(30) පළිඟු තාරකාව

(24) ප්‍රේමයේ සලකුණ

98 38 5
By Ayo_PJM

බෙ⁣ක්ජේ ඇතුළු අධිරාජ්‍යයන්... ශිත සෘතුව විසින් වෙලාගනු ලැබුවා. පෙර සමයක ⁣නොම වු පරිද්දෙන් එය වඩාත් කටුක සමයක් උනා.

නදි සියල්ලම මිදි යාමට පටන් ගත්තා. ශිත සමය වඩ වඩාත් දිගු වීම සහ අහර හිඟ වීමෙන් ජනයා පීඩාවට පත් වුනා මෙන්ම බෙක්ජේ ශිල්ලා සීමා වල ඇති ව තිබුන තත්වයත් පීඩාකාරි උනා.

බෙක්ජේ හා ශිල්ලා සීමා මායිම් වල යුධ වදින රණකාමින්.. ශිත සෘතුවේ පීඩාව ද දරාගනිමින් තම උපන්දේශය උදෙසා සටන් වැදුනා.

සොක්ජීන් තම දේශය සුරැකීමට දිවා රෑ නොබලා වෙහෙසෙන්නට වුනා. ඔහු තමා පිළිබඳ සිතිම පසෙක තබා තම ⁣බලකායන් උදෙසා වෙහෙසුනා.

ශිත සෘතුවේ බලපෑමත්.. අධිරාජ්‍යයන් වල බලසම්පන්නබවත් නිසාම සිව් මසක් පුරා යුධ වැදීමට සොක්ජීන් ඇතුලු බලකායන් වලට සිදුවුනා. විඩින් විඩ සිදුවන පහරදීම්වලින් වලින් කඳවුරැ ඇතුලු සීමා මායිම් රැකගැනීමට ඔවුන් නිදිනොලබාම වෙහෙසුනා.

සොක්ජීන්ගේ යුධෝපායන්... තියුණු බුද්ධිය හා කැපවීමත් නිසාවෙන් සිව්මසක සටන ජයගැන්මට බෙක්ජේ බලකායන් සමත් උනා.

නමුත් සොක්ජීන් හට නැවත පැමිණීමට හැකියාවක් නොතිබුනේ බෙක්ජේ සීමාවේ රැකවල් නිසි පරිදි පිහිටුවා ස්ථාවර කිරීමට ඔහු එහි මුලිකත්වය ගත යුතු නිසයි.

බෙක්ජේ හි රිදී පළිහ ⁣විලස ඔහු මත වුන රාජකාරීන් ඔහුගේ නැවත පැමිණිම වසරකට ආසන්න කාලයක් ප්‍රමාද කිරීමට සමත් උනා.

ඒ වන සොක්ජීන් තම රාජකාරිමය දිවිය ජයගෙන සිටියත්... හදින් ඔහු මළ මිනිසකු බඳු උනා.

යුධයෙන් සිව් මසක සිට කාල පරිච්ඡේදය පුරාවටම සොක්ජීන් දල්හ්වජේ වෙත යැවු ලිපි කිසිවක් වෙත ගාරම්ගෙන් පිළිතුරැ ලිපියක් නොලැබීම ඔහුව වඩාත් පීඩාවට පත් කලා.

ප්‍රේමයේ කටුක වින්දනයන් සොක්ජින්ව වෙලා ගත්තද ඔහු ප්‍රධාන සෙම්පති විලසින් තමා වෙතින් ඉටුවිය යුත්ත නිසි පරිදි සිදුකිරීමට වග බලාගත්තා.

තම හදේ පීඩාව මැඩගෙන සියල්ල හැකි ඉක්මනින් විසඳා නැවතත් ගාරම් වෙත යාමට සොක්ජීන් වෙර දැරැවත් ඒ සඳහා ඔහුට වසරකට ආසන්න කාලයක් බලාහිදින්නට උනා.

" දොක්මො......නූඹ මෙහි රැදෙන්න... සියලු බලතල නුඹ වෙතට පවරනවා.. මා බෙක්ජේ වෙත ගොස් ගාරම් රැගෙන පැමිණෙනවා..!!! "

අසු පිට නැගි වේගයෙන් ඈතට යන සොක්ජීන් දෙස බලා දොක්මො සුසුමක් සැනසුම් ලෙස පහත හෙලුවා.

" ප්‍රවේසමෙන් සෙම්පතිතුමනි.. දැන් සිට හෝ හොදින් සුසුම් ගන්න...! "

තමාටම මිමිණු ⁣දොක්මො ආපසු හැරි කඳවුර වෙතට ඇවිද ගියා.







****************************

සොක්ජීන් නැවතත් ⁣බෙක්ජේ බලා පිට වන විටත් ගාරම් සිටියේ තම සිහින් දෑඟිලි හා බැඳුන කුඩා හුරැබුහුටි දෑත් සිපගන්නා ගමන් ය.

දරැවා මෙලවට ජනිත කිරිමේ වේදනාව ගාරම්ගේ මුලු සිරැර පුරා පැතිර තිබුනත් ශ්වේත රෙදි කඩිකින් උණුසුම්ව සිටි හුරැබුහුටි අලුතඋපන් ළදරැවා නිසා ගාරම්ගේ හද ධාරක ස්නේහයෙන් පිරි ගොස් තිබුනා. එනිසාවෙන් වේදනාවන් සියල්ල ගාරම්ගේ පළිඟු දෑස් තුළ උණුසුම් ලෙස සතුටින් බැබලුනා.

" මගේ පුංචි...දියණිය.... සියල්ල දරාගෙන මා වෙතට පැමිණියාට ස්තූතියි මගේ දරැවෝ....!! "

තම දියණියගේ මුහුණ පුරා සිපුම් තැවරැ ගාරම් ඇයව තම ළය වෙත තදින් තෙරපාගත්තා. ඔවුන් හිදි ගල් ලෙනෙහි වුන ශිතල දරැවාට දැනීම අවම කිරීමට ගාරම් හැකි තරම් ඇයව තමාට තුරැලු කරගත්තා.

ගාරම්ගේ මුහුණ දහඩියෙන් තෙත්ව ගොස් තිබුනා මෙන්ම ඇගේ දිගු කාල වර්ණ කෙහෙරැලි අවධිමත් ලෙස සුළඟ සමඟින් දඟ කලා.

ගල් ලෙනෙහි වුන නිවියමින් පවතින ගිනි ගොඩත්... රැධිරයෙන් තෙත් වුන ශ්වේත වර්ණ රෙදි කඩත් පමණක් ම එහි තිබුනා.

ගාරම් තම දෑස් වසා සුසුමක් ගත්ත ද ඇගේ සවන්වලට ඇසුන පා ශබ්දයත් කුර ඝට්ටනයත් නිසා ඇය තිගැස්සි ගියා.

" මේ අශිලාචාර කාන්තාව නම් විසල් ගැහැටක්.. !! අප ඈ ලුහුබදින්නේ කෙතරම් කලක සිටද...!! "



" චෝදනා නොනගා ඈ.. සොයනු... මේ වනයේ කොහි හෝ.. ඇති ඇය... ඈ වෙතට දඩුවම් නොපමුණුවා අප වෙත නැවතත් බෙක්ජේ වෙත යා නොහැකි වග දන්නවා නේ..... ආරක්ෂක ආමාත්‍ය අපගේ හිස කඳින් වෙන් කරවාලයි..!! "




සෙබළුන්ගේ වදන් හමුවේ ගාරම් නිහඬව තම දෙතොල් තද කරගත්තේ දියණියත් තරයේම තම උණුසුමට සිරකරගෙනයි.

ඇ⁣ගේ දෑස් වෙහෙස නිසාම ලෙසින් විඩාපත්ව තිබුනා. පළිඟු දෑස්වල මියැඳුණු දිස්නය... කඩතොලු වි ගිය දුර්වර්ණ වුන වස්ත්‍ර.. නිසි අහර නොමැති නිසා දුර්වල වුන සිරැරත් ඇයව තලාපෙලා දමා තිබුනා.

තවදුරටත් දැරිය නොහැකි තරම් ම වෙහෙස ඇයට දැනුනත් ඇය ඒ සියල්ල පසෙකට දැමුයේ කුඩා බිළින්දියගේ වත දෙස බලාගෙනයි.


" මෙතරම් වේදනාවන් උහුලා ඇය මා වෙතට පැමිණියා...! මා ඇයව රැකගත යුතුයි..... නුඹේ මෑණියන් නුඹ සමඟයි මගේ දියණිය......!! "



තම සිතට දිරිගත් ගාරම් දියණි⁣යගේ හිස මතින් සිපුමක් තැබුවා. බිළින්දිය සුරක්ෂිතව උණුසුම් රෙදි කඩකින් වසාගත් ගාරම් ඇගේ කුඩා සේද පොට්ටනියත් රැගෙනම ගල් ලෙනින් පිටවුනා.

තම අවසන් බලාපොරොත්තුව හමුවන තෙක්ම.. දිවි පරදුවට තබා හෝ තම ප්‍රේමයේ සලකුණ වුන තම බිළින්දියව රැකගන්නා වගට ගාරම් තමාට වදන් දුන්නා.














































ගාරම් දරැවා සමඟින් දිවි රැක ගැනීමට පලායන විට බෙක්ජේ වෙත පැමිණි සොක්ජීන් දල්හ්වජේ උඩුයටිකුරැ කරමින් ඇයව සොයන්නට පටන් ගත්තා.

වේදනාවින් මියැඳුණු හදකින් සොක්ජීන් උන්මත්තකයෙකු විලස බෙක්ජේ පුරාවටම ඇය සෙවීමට පටන් ගත්තා.







______________________________________

ප්‍රේමය හරි රසවත් විදීමක් ලු.. තවත් විදියකට වේදනාත්මක විදීමක් ලු.... >:)

Continue Reading

You'll Also Like

29.9K 4.3K 51
"Baby i want you so badly today" Taehyung යූරගේ කනට ලං වෙලා husky voice එකකින් කියපු දෙයින් යූරගේ හැගීම් තවත් ඇවිස්සුනා. යූරා taehyung ගේ බෙල්ලේ අස්ස...
236K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
42.3K 7.3K 33
අන්‍යොන් චින්ගුලා, පොඩි වෙලාවක් අරන් කියවල යන්න පීස්.... මේක මං ලියන පලවෙනි ff එක ..මං තනියම නෙමේ මගේ අක්කත් එක්ක තමයි මේක ලිව්වේ ..😁 ඉතින් අපි දෙන්...
73.3K 14.3K 53
හිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff ...