Love Of The Alpha King (zhany...

By ZinanAsami39

4.5K 1K 954

වැටෙන්න වැටෙන්න... නැගිටින්න... ආයෙත් නොවැටි ඉන්න අත දෙන්න... මං ඉන්නව ඔබේ අසලම... ජීවිතේ සමහර දේවල් තියෙනවා... More

Part-1
Part-2
Part-3
Part-4
Part-6
Part-7
Part-8
Part-9
Part-10
Part-11
Part-12
Part-13
Part-14
Part-15
Part-16

Part-5

267 65 54
By ZinanAsami39

මෙය මාගේ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න...





                    🐺Chapter-5🐺







Author's pov....

"සුභ උදෑසනක් ළමයි..අද මොකද කට්ටිය අඩු..කෝ අනිත් අය..?"

උදේම පංතිය පටන් ගත්තු රජතුමා අඩු වෙලා ඉන්න ළමයි ගැන අනිත් අයගෙන් ඇහුව උනත් ඔක්කොම අය දන්නෙ නෑ කියන්න ඔලුව වැනුව මිසක් කවුරුත් නැගිට්ටෙ නෑ..yu xuan ming ඇතුළු තවත් ළමයි අටක් විතරම පංති කාමරේ නැති වෙනකොට එයා කල්පනා කරන්න ගත්ත මොකක්ද කට්ටියම පරක්කු කියල..

"ගුරුතුමණි..අනේ ගුරුතුමණි...ප්‍රශ්නයක්..."

කොහෙදෝ ඉදගෙන උදේම දාඩියත් පෙරාගෙන දුවගෙන ආපු මින්ග් හති අරින්න ගත්ත වගේම වචන අල්ලන්න ගොඩාක් මහන්සි ගන්න උනා..

"මොකක්ද උනේ..කෝ xuan..?

මින්ග් xuanගෙ හොදම යාලුවා කියල රජතුමා දන්න හින්දම එයාගෙන් ඒ ගැන ඇහුව උනත් පිටට නොපෙන්නුවට රජතුමා හිතින් කලබල වෙලා උන්නා..

"Xuan...අනේ එයා අර jin ling එක්ක රණ්ඩුවක්.."

"Jin ling..?"

"ඔව්..එයා ඇල්ෆා කෙනෙක්නෙ..අනේ මට බයයි..අනේ ගුරුතුමණි රණ්ඩුව නවත්තන්න ගිහින්.."

"ඔයාල ඔහොම ඉන්න..මං ඉක්මනින් එන්නම්.."

පංතියෙ හිටපු අයට එහෙම ඉන්න කියපු රජතුමා ඉක්මනින්ම පංතියෙන් එලියට ගියා වගේම ඒ පිටි පස්සෙන් මින්ග් වගේම තව ළමයි දෙන්නෙක් ඇදුන..

Yu Xuan's Pov...

"මොකක්ද කියන්නෙ දැන් තමුන්..?"

"කියන්නෙ..?තමුසෙ මහ නිකමෙක්..මහ ලොකු ලයිකන් කෙනෙක් ආපු දවසෙම කෙලව ගත්ත වැඩකට නැති එකෙක්.."

"අදාල නැති දේවල් වලට හොට නොදා පැත්තකට වෙනව jin ling.."

"හහ්..පැත්තකට වෙන්න..?ඇයි මේක තමුසෙට ගිය රටද..කට තිබ්බට තමුසෙ මට බයයි ඒක පිළිගන්නව.."

"මං ඉස්සෙල්ලත් කිව්ව මං තමුසෙට බය නෑ කියල..මට රණ්ඩු වෙන්න ඕන නෑ අයින් වෙනවා..."

"තමුසෙ මහ බය ගුල්ලෙක් xuan..ගෑනි වගේ ඉදගෙන මාලිගා සුද්ද කරන්න ගිය සේවකයා..උබට බැරිද මගේ කාමරෙත් සුද්ද කරල දෙන්න..?"

"Jin ling නවත්තපන්.."

"හිහ්..තමුසෙ ඔමෙග කෙනෙක් එහෙම උනා නන් මං ඔය ලස්සන ඇග තලල මෙලහට.."

"කාලකණ්ණිය...දැන් උබට ඕනෙ ගහ ගන්නද ආ..."

"උබ කොහොමත් පරදින එකේ ඔව් අපි සටන් කරමු..ඒත් මෙහෙම නෙමෙයි...අපේ සැබෑ ස්වරූපෙන්.."

පංතියට යන්න ආපු මාව මග නතර කරන් කැත කතා කියන්න ගත්තු jin lingව මට මරන්න තරමටම තරහක් ආව වෙනකොට බොහොම අමාරුවෙන් උනත් ඉවසගෙන යන්න හදපු මට උන් තවත් ජරා කතා ගොඩාක් කියන්න ගත්තා..ඔමෙගා කෙනෙක් නම් තලනවලු..කාලකණ්ණි අවජාතකය..හිතන් ඉන්න මං බලන් ඉදී කියල..

"හොදයි එහෙනම්..Xiexie.."

"හරි මං ලෑස්තියි xuan.."

මං xiexieගෙන් කැමැත්ත ඇහුවා..මොකද එයා මං වගේ නෙමෙයි ගොඩාක් ප්‍රචණ්‍ඩකාරීයි..ඉක්මනින්ම තරහ යනවා..ඒ නිසාම මාත් කැමැත්තෙන්ම වෘක පෙනුමෙන් සටන් කරන්න එකග වෙනකොට කට කොණකින් හිනා වුනු jin ling එයාගෙ සැබෑ ස්වරූපය ගත්ත..එයා අලු වෘකයෙක් වගේම ඇස් දෙකත් අලු පාටින්ම දිලිසුනා..එතකොට මං..?මං සුදු පාට ලෝම දිග කලු ඇස් දෙකක් තියෙන වෘකයෙක්..බැලූ බැල්මෙන්ම මං අනික් වෘකයන්ට වඩා ගොඩාක් වෙනස් වෙනකොට මගේ ලොම් පවා අනිත් අයට වඩා දිගෙන් වගේම සිණිදුවට වැවිල තිබුන..මගේ මෑණියන් වගේම පියාණන්ගෙ වෘකයො වෙනස් වෙලා මං මෙහෙම අමුතු උනේ කොහොමද කියල මං එයාලගෙන් කොච්චර ඇහුව උනත් මට ලැබුනු අන්තිම උත්තරය ඔයා විශේෂයි කියන වචන දෙක විතරක්ම වෙනකොට මං ඒ ප්‍රශ්නෙ එයාලගෙන් අහන එක නතර කරා..මොකද දෙමාපියෙක්ට තමන්ගෙ දරුව හැමදාමත් විශේෂයි..

ඇල්ෆා කෙනෙක් සහ වෘකයෙක්ගෙ සටනක්..ඇත්තෙන්ම ඒක භයානකයි..මොකද කවදත් ඇල්ෆා කෙනෙක් ලයිකන් කෙනෙක්ට වඩා බලවත්..ඒත් අද එතන වෙනසක් තියෙනවා..මොකද අද ඒ ලයිකන් මම..මං මගේ වයසටත් වඩා මගේ බලයන් හසුරවන්න ඉගෙනගෙන තිබුන වෙනකොට සමහරවිට ඒ බවක් මගේ පියානන් වත් නොදන්නව ඇති..තනිකම කියන්නෙත් එක්තරා විදියක පලිහක් වෙනකොට මං ඒ පලිහෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තිබුන..

ග්‍..ර්..ර්..ර්..

වෘකයෙක් විදියට හැරිල හිටපු jin ling ගොරවන ගමන් මගේ වටේ කැරකුනා වෙනකොට මං මගේ පිටි පස්සෙ කකුල් දෙක යන්තමට නමාගෙන එයා පැන්නොත් බේරෙන්න බලාගෙන උන්න..මං කොච්චර පුහුණුවීම් කරල තිබුනත් මේ පලවෙනි වතාව මං කෙනෙක් එක්ක සටන් කරන..මොකද මං රණ්ඩු වලට බර කෙනෙක් නෙමෙයි..

ග්...ර්...ර්..

එක පාරටම මගේ පැත්තට පැන්න lingගෙ පහර මගෑරපු මං අහකට පැන්න වගේම මගේ වම් අතේ නියපොතු වලින් එයාගෙ අතක් හීරුවා උනත් එයා පැනපු පාරට මගෙත් පිට හරහ ටිකක් ගැඹුරු වගේම වේදනාකාරි පහරක් ඉතුරු වෙලා තිබුන වෙනකොට එයා ආයෙමත් මගේ ඇගට පැන්නා..

එහෙට මෙහෙට එහෙට මෙහෙට පැන පැන බේරුනා උනත් සමහර තැන් තිබුන මගේ වේගය මදක් බාල උන..ඉතින් ඒ හැම සැරේකම මගේ ඇගට අලුත් කැලලක් එකතු උනා වෙනකොට අන්තිමට මං එයාව පෙරලගෙන මගේ උල් දත් වලින් එයාගෙ බෙල්ල අල්ල ගත්ත..

එලියට වෑස්සෙන lingගෙ ලේ රස නිසාම මං යන්තමට එයාව බුරුල් කරනකොට එක පාරටම කොහෙන්දෝ ආපු තවත් වෘකයෙක් මාවත් පෙරලගෙනම අහකට පැන්න වගේම මාව ඌට යට උනා...ඒ වෙන කවුරුත් නෙමෙයි lingගෙ සහෝදරය lay වෙනකොට එයත් ඇල්ෆා කෙනෙක්..ling එක්ක සෑහෙන්න වෙලාවක් රණ්ඩු උන මං තුවාල ගොඩකුත් එක්ක හෙම්බත් වෙලා ඉන්නකොට තවත් ඇල්ෆා කෙනෙක්ට යට වෙන්න උනා වෙනකොට ඒ ආපු කෙනා lingටත් වඩා ශක්තිමත් කෙනෙක් උනා..

එක්කෙනෙක්ට දෙන්නෙක් අසාධාරණ උනත් අන්තිමට හෙම්බත් වෙලා හිටපු මගේ බෙල්ලෙන් අල්ල ගත්තු layගෙ දත් මගේ උගුරු දණ්ඩට අගලක් උඩින් වැදිල තියෙනකොට මාව ගස්ස ගස්ස එයා උගුරු දණ්ඩ හොයාන දත් මගේ බෙල්ල ඇතුලට බැස්සුවා..

මට ඕනෙ බේරෙන්න..ඒ උනත් මට මහන්සියි..මගේ කටින් එලියට ගලන ලේ මගේම ඉස්මොල්ලෙ ගිහින් නහයෙනුත් එලියට ගැලුව වගේම මට හුස්ම ගන්න පවා මහන්සි ගන්න උනා..මින්ග් එයා නෑ..ඒක මට සැනසීමක්..නැත්තම් මුං එයාටත් කරදර කරනව..

Layට යට වෙලා බිම දගලන මං වැටිල හිටියෙ බොරලු බිමක් උඩ වෙනකොට මුලින්ම ling නිසා පිටේ උනු තුවාලෙ ඇතුලට ඒ බොරලු ගල් කෑලි කැපි කැපි කිදා බහින්න අරගෙන තිබුන වෙනකොට උගුර ලග තිබුනු layගෙ දත් වල අගල අගල් බාගෙ දක්වාම අඩු වෙලා ගිහින් තිබුනා..ආරක්ෂකයන්වත් කවුරුත්ම නැති මේ පාරෙ අන්තිමට මාව බේර ගන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවෙනකොට එතන හිටපු ඔක්කොගෙම මූණවල් වල සමච්චල් සහගත හිනාවක් විතරක්ම ඉතුරු වෙලා තිබුන..

"නවත්තනවා..අහිංසකයෙක්ට කරදර කරන්න තරම් උබලට කොහෙන් ආපු හයියක්ද ආ.."

එක පාරටම අපේ පැත්තට දුවගෙන ආපු රජතුමාගේ වෘක හඩින් කල විදානයක් නිසාම මගේ ඇග උඩ හිටපු lay කෙදිරි ගාගෙනම අයින් වෙනකොට මගේ ඇගේ තිබුනු වේදනාවටම මාව මනුස්ස ස්වරූපයට හැරුන වෙනකොට මං රජතුමා දිහාවත් නොබලම බිම ගුලි වෙලා හුස්ම ගන්න දැගලුවා..මට අමාරුයි..මගේ කටෙන් එක දිගටම එන ලේ වලට කියන්න පුලුවන් මට ඉල ඇටයක් බිදිල ගිහින්..මට වේදනයි..මුලු ඇගම ඇතුලින් ගිණි ගන්නවා තරම්ම වේදනයි..

"Xuan...."

"රහ්..ජ..තු... (Cough..Cough..)"

"ශ්..කතා කරන්න එපා.."

මගේ ලගට ආපු රජතුමා බිම දණ ගහ ගත්තා වගේම හරි අසරණ බැල්මකින් මගේ දිහා බලාගෙන උන්නා..මං රජතුමණි කියන්න ගියත් ආයෙත් බඩ පපුව පිච්චීගෙන කටින් ලේ ගැලුව වෙනකොට මට කතා කරන්න එපා කියපු රජතුමා මාවත් හරහට වඩාගෙන නැගිට්ටා වගේම මගේ ඇස් නිලංකාර වේගෙන පියවෙලා ගියා..

......................................................

"ම්..හ්..."

"Xuan...ඔයා හොදින්ද..තාම අමාරුයිද..කොහෙද රිදෙන්නෙ..?"

තද ඔලුවෙ කැක්කුමකුත් එක්ක නැගිටපු මගෙ ඉස්සරහ හුස්ම ගන්නවත් ඉඩක් නොදීම රජතුමා ප්‍රශ්න පත්තරයක් දිගාරිනකොට මං මගේ බෙල්ල අල්ලල බැලුව..පුදුමයි..ඒක රිදෙන්නෙ නෑ..මට විශ්වාසයි මගේ බෙල්ල ගොඩාක් තුවාල උනා කියල..දෙයියනේ මං මැරිලවත්ද..

ඔලුව කැක්කුම පැත්තකින් තියපු මං නිදා ගෙන හිටපු ඇදෙ උඩම දරණෙ ගහගෙන ඉද ගත්ත වෙනකොට මං මගේ තුවාල උනු අත් පය වගේම කොණ්දත් අල්ලල බැලුව උනත් ඒ එක තැනක්වත් රිදෙන්නෙ නැතුව මගේ ඔලුව කැක්කුම විතරක් ඉතුරු වෙල තිබුන..අඩුම තුවාල කැලැලක්වත් නැති මගේ අතපය මං තව තවත් හරව හරව බලනකොට මෙච්චර වෙලාවක් මගේ විකාර බල බල හිටපු රජතුමා ඔලුවට ටොක්කක් ඇන්න..

"ආ......වුහ්..ඒක රිදුන.."

"රිදෙන්න තමයි ගැහුවෙ..මොනවද ඔච්චරම කරක කරක බලන්නෙ ආ..?"

"හුම්ම්..🥺 මං බැලුවෙ කෝ මගෙ තුවාල කියල..මං හිතන්නෙ මං මැරිලද කොහෙද අයියෝ..අනේ මගේ අසරණ ජීවිතේ..මැරෙන්න කලින් මට එක පාරක් කෙල්ලෙක්ට හාද්දක් දී ගන්න බැරි උනානෙ දෙයියෝ.....දැන් මේ ලස්සන තොල් දෙක වල් වැදිල යයි අයියෝ මං කාටද මේ දුක කියන්නෙ..😫උබල මොකක්ද මට මේ කරපු විනාසේ.......මගේ අහිංසක ජීවිතේ මෙච්චර ඉක්මනින් ගත්තෙ ඇයි අප්පා.........හ්"😭😭😭😫

මං ඇදේ ඉදගෙනම ඔලුවෙ අත ගගහ අඩන්න ගත්ත..මං මැරිල..මුං එකෙක්ටවත් බැරි උනානෙ මගේ මේ අහිංසක ජීවිතේ බේර ගන්න..කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැතුව මේ අසරණ මං මැරිල ගියානෙ අයියෝ............😣😫

"නවත්තනව ඔය විකාරෙ xuan.."

"අනේ මගේ අප්පා.....මේක මැරිලවත් මට නිදහසේ....ඉන්න දෙන්නෙ නෑ දෙයියනේ...මාව මේ අපායෙම තියල මූව විතරක් වත් දිව්‍ය ලෝකෙ යවපන් යම රජෝ..මට මේ වලා එක්ක නම්...මේ අපායෙ ඉන්න බෑ දෙයියෝ.......මේ අහිංසක මගේ ජීවිතේ මුං කෑවා දෙයියනේ..අනේ මෑණියනි පියාණනි දැන් මාලිගාව අදුරෙම තියෙයි හයියෝ මුං ඔයාලගෙ මාලිගාවෙ එලිය නිමල දැම්මා අනේ..........😫😭"

හයියෙන් කෑ ගගහ අඩපු මං යම රජ්ජුවන්ගෙන් අපේ මේ මහ කුපාඩියව දිව්‍ය ලෝකෙට යවන්න කියල ඉල්ල ඉල්ල ඇඩුව වෙනකොට ලග තිබ්බ කොට්ටෙක මං මගේ ඔලුව හයියෙන් ගග ගත්තා..මං දන්නවා ඉතින් පැලෙන් නෑ කියල..ඒත් ඉතින් පොඩ්ඩක් රග පාන්නත් එපෑ..

"නවත්තන්නයි කිව්වෙ ඇඩියාව..තෝ මැරිල නෑ.."

අනේ මෙන්න මේකා මට තව බනිනව දෙයියනේ..මැරිච්ච මට නිදහසේවත් ඉන්න නොදී මෙන්න මූ මට අතවර කරන්න හදනවා අයියෝ...මාව බේර ගනින් දෙයියෝ අනේ ම්..හ්..ර්..ව්.

"වහප් කට..කියවනව කියවනව ඉවරයක් නෑ..අරූට කන්න තිබුනෙ උබෙ බෙල්ල නෙමෙයි ඔන්න ඔය අප්පල්ල කට.."

එයා මං බනින්න බනින්න මං තවත් හයියෙන් කෑ ගගහ අඩන්න ගත්ත වෙනකොට මෙච්චර වෙලාවක් පාඩුවෙ හිටපු එයාට මගේ කන්දොස්කිරියාව අහන්න ඉන්න බැරිම තැන මං ඔලුව ගහ ගත්තු කොට්ටෙම කොනක් අරගෙන අඩ අඩ උන්නු මගේ කටේ එබුව වෙනකොට මං කකුල් දෙක ගස ගස තවත් හයියෙන් දැගලුව..එහෙම කොහොමද මැරුනමත් මට ගනන් දාන්න..හිටුකො මං හොද වැඩක් කරන්න..

"තමුන් මැරිල නෑ.."

හෑ එයා මං මැරිල නෑලු..ඒ කියන්නෙ මං මැරිල නෑත අනේ..

"කෑ ගහන් නැත්තම් මේක අයින් කරන්නම්.."

එයා මං මැරිල නෑ කියනකොට මට අහන්න ප්‍රශ්න වැලක් හිතට ආව වෙනකොට උගුරෙ හිරවෙල තිබුනු කොට්ටෙ නිසා වචන පිට උනෙ නැති වෙනකොට මං ඇහෙන් කොට්ටෙ අයින් කරන්න කියල කිව්ව උනත් එයා කෑ ගහන්නෙ නැත්තම් අයින් කරන්නම් කිව්ව..මට මේ දෙන වද වලට තොගෙ කූචි කුචයිය කෙලින් වෙන්නෙ නැතිම වෙන්න ඕනෙ..වලා..වල් රජා...

"හ්ම් හ්ම්..."

කටේ තියෙන මගුල අයින් කර ගන්නම ඕනෙ උනු තැන මං ඔලුව හොල්ලල හුම් හුම් ගෑව වෙනකොට එයා ඒ ඉක්මනින්ම මගේ කටේ තිබුනු කොට්ටෙ ඇදල දැම්ම..අම්මොහ්...මගේ ලස්සනට හීනිවට පොඩිවට තිබුනු කට මේකා මේ ලබ්බක් ඔබල ලොකු උනාද මන්ද අයියො...

"මං මැරිල නෑද එතකොට..?"

"හ්ම්.."

"එතකොට මගේ තුවාල..?"

"ඒව හොද කරා.."

"නෑ..?කවුද..?"

"කවුරු හරි..මට දැන් තමුන් කියනව මොකටද ඇල්ෆා කෙනෙක් එක්ක සටන් කරන්න ගියේ..?"

ඔන්න ඇහුව ප්‍රශ්නයක්..ලෙඩෙක්ගෙන් අහන දෙයක්ද අම්මප මේක මගෙන් මේ ඇහුවෙ..දැන් දීපන්කො උත්තර..

"මොකද දැන් චන්ඩියගෙ කට වැහිලද..උත්තර දෙනව මොකටද ඇල්ෆා කෙනෙක් එක්ක රණ්ඩුවට ගියේ ආ..?"

මෙච්චර වෙලාවක් හෙමින් කතා කරපු එයා මේ පාර එක ප්‍රශ්නෙ ආයෙමත් අහල හයියෙන් කෑ ගැහුව වෙනකොට එව් සද්දෙට ඇත්තටම මාව ගැස්සුන...

"එ..එයාල මට වි..හිලු..කරා.."

"මොනවද එයාල කිව්වෙ..?"

"මං වැ..ඩකට..න් නෑ කිව්ව.."

"තව...?"

"මං මගේ දෙමාපියන්ට අගෞරවයක් කි..ව්ව.."

"හ්ම් තව...?"

"මට ගෑනි වගේ කිව්වා..මාලිගාව සුද්ද කරන්න ගිය සේවක..ය කිව්වා..🥺"

"හ්ම් තව මොනවද...?"

"මතක නෑ ඉතින්..😔මට රණ්ඩු වෙන්න ඕන උනේ නෑ..ඒත් එයාල මට යන්න දුන්නෙම නෑනෙ.."

"තමුන් දන්නවද මං ආවෙ නැත්තම් අරූ තමුසෙව මරනවා.."

"ආ..?🥺"

"ආ ආ නෙමෙයි උත්තර දෙනවා..ඌ ඇල්ෆා කෙනෙක් කියල දැන දැනත් මොකටද රණ්ඩුවට ගියේ..?"

........................

"Xuan මං තමුන්ගෙන් දැන් ප්‍රශ්.."

"රජතුමණි ප්‍රශ්නයක්..."

මට ආයෙමත් කෑ ගහන්න ගත්තු එයා ඇල්ෆා කෙනෙක් එක්ක මං රණ්ඩුවට ගියේ ඇයි අහනකොට මං ගොලු උනා වගේම එක පාරටම කඩාගෙන බිදගෙන ආපු ආරක්ෂකයෙක් මාව තත්පරේකට බේරුව..

"අවසර නොගෙන ඇතුලට එන්න තරම් මොකක්ද වෙලා තියෙන්නෙ..?"

"ඒක නම් ඇත්ත තමා හුම් ටොක් ටොක් ගෑවෙ වත් නෑ මේ මොඩයා..😑"

"තමුසෙ කට වහනව xuan..කියන්න මොකක්ද ප්‍රශ්නෙ...?"

"J..jin Lay මිය ගිහින්..කවුරුන් හෝ ඔහුගෙ හිස jin පැක් එකේ මාලිගාව ඉස්සරහ එල්ලල.."

"හ්ම්..තව..?"

"Jin පැක් එකේ නායක ඇවිත් එලියෙ කලබලයක් ඇති කරනවා..."

"එයා මොනවද කියන්නෙ..?"

"එයා xuan උතුමානන්ව ඉල්ලනවා.."

"මොකක්..මේ මාව..?ඒත් ඇයි..මං නෙමෙයිනෙ එයාව මැරුවෙ.."

"Xuan කට වහනවා...."

"අනේ ඒත්.."

"එන්න යමු..."

කවුදෝ මරපු එකකට මාව අහු වෙලා තියෙනකොට මෙච්චර වෙලාවක් තිබුනු ඔලුව කැක්කුම හිතට දැනුන බයත් එක්කම නැති වෙලා ගිහින් තිබුන..jin pack එකේ අය රජතුමා එක්ක වගේම අනිත් පැක් ඔක්කොම එක්ක ඒ තරම් හොදක් නෑ..එයාල ඉක්මනින් ඇවිලෙන සුලු දාහකයක් වගේ වෙනකොට එයාලට හැම වෙලාවෙම ඕන උනේ වෙනම රාජ්‍යයක් ගොඩ නගා ගන්න..ඉතින් දැන් ඇත්තටම මං මැරෙන්නද යන්නෙ...

මට කට වහ ගන්න කියල ආයෙත් මගෙ ඇගට ගොඩ වුනු රජතුමා මගේ අතකින් අල්ලගෙන එලියට එක්ක යන්න හැදුව උනත් ඇදෙන් බැහැල අඩි කීපයක් ඉස්සරහට තිබ්බ මං හදිස්සියෙ හිතට ආපු සිතුවිල්ලක් නිසාම මග නැවතුනා..

"ඇයි..?"

"ඔයා මා..ව එයාලට දෙන්න..ද ය..න්නෙ...?"

එයා කට කොණකින් හිනා වුනා විතරයි..ඒ කියන්නෙ මේක මාව උන්ට දීල බේරෙන්න හදන්නෙ..අනේ පියාණනි මාව බේර ගන්න..නොකරපු වරදකට මුං මාව මරන්නයි යන්නෙ..

"අනේ අතාරිනවා මාව..මට දැන්ම මැරෙන්න බෑ අයියෝ මට අඩුම මගේ තුන් මුණුබුරෝවත් බලල මැරෙන්න ඕනෙ....අනේ...හ් මාව අතාරපන් මෝඩය..උබ මාව උන්ට විකුනන්නයි යන්නෙ..හයියෝ.......හ් මාව බේර ගන්න කවුරුත් නැත්දෝ.....පියාණනි...අනේහ්...පියාණනි ඔබේ අහිංසක පුතණුවන්ව මේ කඩප්පුලි රජා දන් දෙන්නයි යන්නේ..අනේ....හ් අම්මෝ......හ් දෙයියනේ.........බේර ගන්න කව්.."

"ආයි......ශ් වහපන් යකෝ කට..ආයෙත් එක වචනයක් හරි කියවල තිබ්බොත් ඔය කට මං මහනවා..තේරුනද ආ.."

"ත්...තෙ.තේ..තේ..රු..න ඉතින්..ඔච්චර කෑ ගහන්...හරි හරි මේ වහනවා කට...ශ්..................ඔන්න වැහුව ඉතින්..රවන්න එපා...අනේහ්...ශ්........."

එයා අන්තිමට මගේ කෑ ගැහිල්ල දරන්න අමාරුම තැන මගේ කට මහනවා කිව්වා වෙනකොට මං ඇත්තටම කට වහ ගත්තා..මේකා නම් ඇත්තටම යකෙක් තමයි..නැත්තම් ඉතින් අනේ මොන මනුස්සයටද පුලුවන් පණ තියෙන කෙනෙක්ගෙ කටක් මහන්න..හුම්..

මාවත් ඇදගෙන මාලිගාව ඉස්සරහට ආපු රජතුමා jin pack එකේ නායක ඉස්සරහ නැවතුනා..ඒ කියන්නෙ මං ඉදල තියෙන්නේ රජතුමාගේ මාලිගාවෙ..

මාලිගාව ඇතුලට ඇතුල් වෙන තැන පෝලිමටම ආයුධ ගත්තු සෙබළු උන්න වෙනකොට ඒ ඔක්කොම රජතුමාගේ උනා උනත් jin පැක් එකේ සෙබළු ගොඩකුත් ඊට එහායින් හිටගෙන හිටියා..ඇයි මේ මෝඩ රැලට නොතේරෙන්නෙ මං ඒ වෙලාවෙ හිටියෙ මැරෙන්න වැටිල කියල..එහෙම උන්න මට පුලුවනෑ ඇල්ෆා කෙනෙක්ව මරන්න හුම්...

"මොකක්ද මෙතන වෙන්නෙ...?"

මට කවදාවත්ම ඇහිල නැති මහා ගොරෝසු වගේම තද කට හඩක් එක පාරටම රජතුමාගෙන් පිට උනා වෙනකොට මං ඇරෙන්න එතන හිටපු කිසිම කෙනෙක් ඒ කටහඩට ගැස්සුනෙ නැති උනා...ඒ කියන්නෙ මෙතන ඉන්න ඔක්කොම ඒ කටහඩ අහල තියෙනවා..සමහරවිට රජතුමා මෙහෙම වෙන්න ඇති ඔක්කොටම කතා කරන්නෙ..

"මට වැඩිමල් පුතු lay ව lan පැක් එකේ එකෙක් මරලා.."

එයා ඒ කියන්නෙ මාව අදුරන් නෑ..ඒකනෙ අහක බලාගෙන කිව්වෙ..අම්මො ඇති යාන්තම් මට බේරෙන්න පුලුවන්..

"තමුන් මෙයා තමුන්ගෙ පුතාව මරනව දැක්කද නායක ජින්..?"

ම්..මොකක්ද..මොකක්ද මේ ගොනා ඒ කරේ..මාව පෙන්නල නේද මෙයා කියල කිව්වෙ..දෙයියනේ...මේ නීච සුනකය මාව පාව දුන්න නේද හයියෝ..

"අහ්...ඒ කියන්නෙ මූද ඒ.."

"මං ඇහුව ප්‍රශ්නෙට උත්තර දෙනවා..තමුන් මරනව ඇස් දෙකට දැක්කද...?"

"නැහැ...ඒත්..."

"එහෙනම් එච්චරයි...තමුන්ට යන්න පුලුවන්..කවුරුත් කියන ඒවා අහගෙන ඇවිත් ගොදුරු ඉල්ලුවට දෙන සිංහයෙක් නෙමෙයි මං...ඇස් දෙකට දැකපු දවසට මේ ඉන්නෙ අරන් යන්න පුලුවන්..ඒ නිසා දැන් යන්න..."

සිංහයෙක්..?යස සිංහය..මංනෙ දන්නෙ මුං මාව අරන් නොගියත් මං මේ සිංහයගෙ ගොදුරක් වෙලා ඉවරයි කියල..කොයි වෙලෙත් මාව කන්න දගලන ගමන්මයි..මෝඩයා..😒

"එහෙම කොහොමද එහෙම යන්නෙ..මට මූව ඕනෙ...මූ තමා මගෙ කොල්ලව මරා ගත්තෙ.."

"දැක්කෙත් නැත්තම් තමුන් කොහොමද කියන්නෙ ඒ මෙයාමයි කියල..?"

"මගේ කොල්ලත් එක්ක රණ්ඩු උනේ මූ..ඒ තරහට මූ තමයි මගේ කොල්ලව මරන්න ඇත්තෙ.."

"Lay කියන්නෙ ඇල්ෆා කෙනෙක්..මෙයා ලයිකන් කෙනෙක්..එතකොට තමුන් කියන්නෙ තුවාල උනු ලයිකන් කෙනෙක් හොදට හිටපු ඇල්ෆා කෙනෙක්ව ඒ තරම් ලේසියෙන් මරල දැම්ම කියලද...?"

"ඒ කොහොම උනත් මූ නිසා මගේ දෙවෙනි පුතා lingට තුවාල උනා.."

"හරි එහෙනම් මෙහෙම කරමු..මෙයා නිසා තුවාල උනු හින්දනෙ දැන් මෙයාව ඉල්ලන්නෙ..මං මෙයාව දෙනව මට lingවයි layගෙ මෘතදේහයයි ඕනෙ..මොකද ඒ දෙන්න හින්ද මෙයාටත් තුවාල උනානෙ..නිකන් නෙමෙයි මරණීය තුවාල.."

තාමත් මගේ අත අත් නොහැරම කතා කරපු එයා මාව දෙනවා කිව්ව වෙනකොට ඒ කියනවත් එක්කම එයා තවත් තදින් මිරිකල මගේ අත අල්ල ගත්ත..නියමයි...මෘතදේහයකට මාව..?මාර හුවමාරුව..මැරිච්ච මිනියක් ගෙනත් කොත්තු හදන්නද..අනික ඔලුවත් නෑලු..කොහොම උනත් ඒක කරල තියෙන කෙනා නම් ගොඩාක් දරුණු කෙනෙක් වෙන්න ඕනෙ..මං එයාව මැරුවෙ නෑ උනත් මං මැරුවත් මට එච්චරටම නපුරු වෙන්න බෑ..බැරි වෙලාවත් නායක ජින් හා කියාවිද...එහෙම උනොත් මට උන් එක්ක යන්න වේවිනෙ..😣

"එහෙම කරන්න බෑ..ඔයා මට අභියෝග කරනවද රජතුමණි...?"

"ඔව් එහෙම තමයි..මෙතන වරද කරේ තමුන්ගෙ පුතා මිසක් xuan නෙමෙයි..ඔය වටේ ඉන්න චක් ගෝලයන්ගෙන් අහල බලන්න කවුද රණ්ඩුව පටන් ගත්තෙ කියල..දඩුවම් දෙනව නම් දෙන්නටම..එච්චරයි.."

"හොදයි එහෙනම්.."

"අනේ පියාණනි ඒත්.."

"නවත්තනව ling..තමුන් නිසයි අයියගෙ ජීවිතෙත් නැති උනේ..තමුනුත් මේවට වග කියන්න ඕනෙ.."

නායක ජින් lingගෙ ඔලුව කන්න හදනකොට මට අම්ම අප්ප සිහි උනා..එතකොට මටත් දඩුවම් ලැබෙනවා නේද දෙයියනේ..හිතක් පපුවක් නැති ගොරක යකා තුවාල වෙලා උන්න මට නේද මේ දඩුවම් කරන්න යන්නෙ..මාව බේර ගන්න එක නොකර මූ මාව බාගෙට මරන්න හදන්නෙ..මුලින්ම පාව දුන්න..දැන් දඩුවම් දෙනවා..ඇත්තමයි රජෝ මට තුවාල එහෙම උනොත් නම් මං උබගෙ කූචි කුචයියව හම ගහනවා..🤬

"හොදයි එහෙනම්..ප්‍රශ්නය උනේ මගේ රාජ්‍යය ඇතුලත නිසා මගේ රාජ්‍යයේ නීති වලට අනුව දඩුවම් ලැබෙයි.. zihan..."

"රජතුමණි..."

"මාලිගාව ඇතුලත රණ්ඩු වීමට ලැබෙන දඩුවම කුමක්ද.."

"අංක 234 වන නීතිය අනුව මාලිගාව ඇතුලත රණ්ඩු වීමට ලැබෙන දඩුවම තමයි මුලු මාලිගා පරිශ්‍රයේම ඇති තෘණ උදුරා දැමීම හා අලුතින් මල් රෝපණය කල පසුව රසවත් භෝජන සංග්‍රහයක් සදහා ආහාර පිසීම..."

"මො..මොකක්ද..."

මට ඉබේම වගේ ling දිහා බැලුන වෙනකොට මාත් එක්කම මොකක්ද කියපු එයත් මං දිහා බැලුවා..

"තණකොළ ගලවන්න..?"

"කෑම උයන්න...?"

"අනේ රජතුමණි මං කොහොමද තණකොළ ගලවන්නෙ..?"

"අනේ පියාණනි මං කොහොමද කෑම උයන්නෙ..?ඊ.....ව් ඇගේ ජරාවත් ගෑ වෙයි.."

මං නහයෙන් අඩාගෙන රජතුමාගේ ඇගේ එල්ලෙනකොට උයන්න අකමැතිකමටම ling නහයෙන් අඩාගෙන නායක ජින්ගෙ ඇගේ එල්ලුනා..ඇත්තමයි මට එන තරහක්..🤬 තණකොළ ගලවන්න ගිහින් මගේ අතේ කරගැටත් එයිනෙ..මල් හිටවන්න වලවල් කපන්නත් වෙයිනෙ..උයන්න ගිණ්දර ගොඩේ ගිණි තපින්නත් වෙයිනෙ දෙයියනේ..මොන කරුමයක්ද අයියෝ මට මේ පල දෙන්නෙ..මාලිගාවෙන් පනින්නත් බෑ දැන්..අපේ රාජ්‍යයට යන්න තියෙන්නෙ ජින් රාජ්‍යය පහු කරන්..මගදි අහු උනොත් එහෙම මගෙ උඩ හම ගලවල බෙල්ල එල්ලාවි මාලිගාව ඉස්සරහ ගහේ..ඇත්තටම කවුද layව මරන්න ඇත්තෙ..එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ මිනිස්සුත් එක්ක බොරුවටනෙ එල්ලෙන්න යන්නෙ..ඉතින් හැම තැනම හතුරො ඇති..

"අහකට වෙනව xuan.."

මං එල්ලිලා හිටපු අත අහකට ගසල දාල අහකට වෙනව කියපු එයා එයාගෙ අත් දෙක පිටි පස්සට වෙන්න බැද ගත්ත..ඊ.....ව් තියෙන දුස්ටකම..රත්තරංද දන් නෑ..😒

"නායක ජින්..දඩුවමට එකගද...?"

"එහෙමයි..නමුත් මගේ වැඩිමල් පුතණුවන්ගේ ඝාතනය ගැන මොකක්ද කියන්න තියෙන්න..?"

"එයා මැරුනෙ අපේ රාජ්‍යයේ නෙමෙයි..අනික xuan හිටියෙ තුවාල වෙලා වගේම මං ගාව..ඉතින් කිසිම සැකයක් නෑ ඒ මෙයා නෙමෙයි..අනික මෙයාට එච්චර දෙයක් කර ගන්න බෑ.."

මගේ උඩ ඉදන් පහලට බලපු වලත්ත රජා එයාට එච්චර එකක් කර ගන්න බෑ කියල අච්චර සෙනගක් මැදම මගේ රෙදි ගැලෙව්ව වෙනකොට මං පුලුවන් තරම් එයාට රැව්වා..යැයි යැයි යැයි එයාට එස්සර එකක් කුර ගම්ට බෑ..යැයි යැයි යැයි ඊ.................හ්... නාකි පඩස්තරයා..මට තමුසෙගෙ මේට් හම්බුනුදාක බලන් හිටු මං කරන වැඩේ..පැණි හද දවසෙ දෙක ගහල උඩ එනකොට කොණ්ද බිම ඇනෙන්න හිටපියකො මං කරන්න හොද වැඩක්..කඩප්පුලි ගස්තර නරිය..🤬🤬🤬

"හොදයි එහෙනම්..අපි බලාගමු..ඒ කොහොම උනත් ඔය පොඩි එකා පරිස්සමින්..මගේ කොල්ලට කරපු දේට මං උබව අත අරින් නෑ.."

"නායක ජින්..තමුන් කතා කරන්නෙ කා ඉස්සරහද කියල මතක තියා ගත්ත නම් හොදයි..."

රජතුමා සද්දෙන් කියනකොට නායක ජින් ඔලුව නමල යන්න හැරුන වෙනකොට ling එයාවත් එක්ක යන්න කියල කොච්චර ඇවටිලි කලා උනත් ගානක් නොගෙනම නායක ජින් යන්න ගියා..හොදෑඩේ ඕකට..ඇයි මේ අහිංසක මාත් එක්ක රණ්ඩු වෙන්න ආවෙ..පුහ්..

ඒ කොහොම උනත් දැන් මට තණකොළ ගලවන්න වෙනවා නේද දෙයියනේ..අනික ඒක මොන ජාතියෙ දඩුවමක්ද..උයන්න..?මගේ ලස්සන අත් දෙකේ දැලිත් ගෑවෙයිනෙ..අනේව්..........

"මෙහෙ එනවා..."

"අනේ මට තණකොළ ගලවන්න බෑනේ..හාද..?🥺"

"දඩුවම දඩුවමමයි..ඔයාට කියල වෙනසක් නෑ"

"අනේව්...පීස් වම්ස්තුවේ.."

"වස්තුවේ..?ඇයි කෝ අසහණ කෑල්ල...?"

"ඒක එන්නෙ ඔයා අකමැති උනොත් තමයි...හාද අනේ..ව්? අරූට විතරක් කියන්න බෑද..?"

"තනියෙන් රණ්ඩු කරන්න බෑනේ..දෙන්නත් එක්ක රණ්ඩු උනා නම් දෙන්නම ගිහින් ගලවනවා.."

"අනේ ඉතින්...🥺 දුක නැත්ද මට මෙහෙම කරන්න...?මගේ ලස්සන අත් වල කරගැටත් දායිනේ.."

"කමක් නෑ ඒවට බෙහෙත් තියෙනවා.."

"මට රිදෙයිත් එක්ක..හුම්.."

"කෙල්ලෙක් නෙමෙයිනෙ..ඒ නිසා ඉවසහන්.."

"ඔයාට දැන් බෑද කියන්නෙ ආ..?"

"බෑ තමයි..තමුන් නිසා මට නිරපරාදේ ඇල්ෆා කෙනෙක්ව මරන්නත් උනා.."

"මොනවද අනේ මුණු මුණු ගාන්නෙ..?හා කියලද කිව්වේ..?"

"මාව යකා අවුස්සන්න එපා xuan...දෙන්නත් එක්ක ගිහින් තණකොළ ගලවල පැල හිටවල උයනවා...රස හොද නැති උනොත් මං ආයෙත් උයෝනවා.."

"මං කෙල්ලෙක් නෙමෙයිනෙ ඒ නිසා මං උයන් නෑ..😒"

"Zihan..මුං දෙන්නගෙන් එකෙක් හරි වැඩ නොකර හිටියොත් කස පාරවල් දහය ගානෙ දෙන්න..තේරුනද..."

"එහෙමයි රජතුමණි.."

"නහයෙන් ඇඩුව කියල බුරුලක් දීල තිබුනොත් මං තමුන් ගැනත් බලා ගන්නම්..."

"හ්..හරි රජතුමණි.."

"බූරුවා...හරකා..වලත්තයා..අසහනකාරයා...ගොරක යකා..මහ වලහා....දුශ්ටයා...හෝතබුවා...
නවතිනවා කොහෙද යන්නෙ..මෝඩ රජා..කූචි කුචයිය පණ නැති වෙලාම පල පඩස්තරයා..මං තණකොළ ගලවන්නෙ නෑ..උයන්නෙත් නෑ..පැල හිටවන්නෙත් නෑ..මං ඔක්කොම මල් ටික උගුල්ලනවා....තණකොළ වලට වතුර දානවා..මම කෑම වල්.."

"Zihan..මෙයා වැඩ නොකරොත් එක වැඩකට කස පාරවත් 10 ගානෙ 30ක් දෙන්න.."

"හරි රජතුමණි..."

යන්න ගියපු එයාට මං සත්තුන්ගෙ නම් කිය කිය කෑ ගගහ බනින්න ගත්ත වෙනකොට එයා ආයෙත් හැරිල එක වරදකට 10 ගානෙ 30ක්ම දෙන්න කිව්ව වෙනකොට රජතුමාටත් ගස්සපු මං ඉස්සහට ගියා වගේම රජතුමාගේ ඇගේ වේගෙන් හැපීගෙන රව රව එලියට ගියා..කස පාරවල් කාල පිටයි පුපයි වණ කර ගන්නවට වඩා අතේ කරගැටයි කුස්සියෙ ගිණි මැලෙයි හොදා..😑🤧😤














එයා තණකොළ ගලවයිද ළමයි...?
බලන්නකො අර අහිම්ෂක කූචි කුචයියටත් හෙන ඉල්ලුවනෙ xuan...හුම්..😤

2022/09/03

Continue Reading

You'll Also Like

7.8K 1.2K 20
- რა არსება ხარ??? - ბიჭი ისევ დუმდა - მიპასუხე!! - ბიჭი შეკრთა და უკან დაიხია - ლაპარაკი არ იცი?? ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ - შენ ცხოვრება გამილა...
10.8K 1.5K 18
මට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~
21K 4.2K 28
"මම කිව්වනෙ මිස්ට ටේහ්‍යුන්ශි.දවසක ඔයා මැරෙන්නෙත් මගෙ අතින්මයි කියලා .දැන් ඒදේට වෙලාව හරි .මැරෙන්න ටේහ්‍යුන්.මැරෙන්න" -Taesh...
GRAY By _

Werewolf

166K 18.7K 28
WEREWOLF