🐉♡~ගිණි පිඹින මකරා~♡🐉

By Mochi_No_Nesa

2.6K 642 812

කුඩා කල සිටම තම පිය සෙනෙහස අහිමිව තම මවගේ අප්‍රමාණ වූ ධෛර්යයෙන් උස්මහත් ව වෛද්‍යවරියක් වීමේ සිහිනය යතාර්ථයක්... More

🐉Introduction🐉
🐉01🐉
🐉02🐉
🐉03🐉
🐉04🐉
🐉05🐉
🐉06🐉
🐉07🐉
🐉08🐉
🐉09🐉
🐉10🐉
🐉12🐉
🐉13🐉
🐉14🐉
🐉15🐉
🐉16🐉
🐉17🐉
🐉18🐉
🐉19🐉
🐉20🐉

🐉11🐉

119 29 10
By Mochi_No_Nesa

මන් ශේප් එකේ ගිහිල්ල වාහනේට නැග්ගේ මේ යකා මෙතන කෑ ගහල මට පාරෙ බැහැල යන්න නැති වෙයි කියල සාධාරණ බයක් ඇති වුන නිසා...ජිමින් සර් ඇවිත් වාහනේට නැගල වාහනේ ස්ටාට් කරද්දිම මගේ කට වහගෙන ඉන්න බැරි කමට,

" මෙහෙම ඕන ඕන වෙලාවට මාව ඇදගෙන යන්න මට බනින්න ඔයාට තියෙන අයිතිය මොකක්ද ආ..."

" කට වහගන්නව..."

" මං අහන්නේ..."

" ඔව්... අයිතියක් තියෙනවා...මොකද තමුසෙ මගේ..."

" ඔව් සර්...ඉතුරු ටිකත් කියන්න... මට දැනගන්න ඕන...'

" ම්...මේ..මොකද තමුසෙ මගෙ private secotry නිසා...ඒ නිසා මට ඉහලින් යන්න හිතන්නවත් එපා...අනිත් දේ තමයි මට රවන්න ගස්සන්න ඇවිත් නරක මිනිහ කරගන්න එපා..."

" ඕකේ ඉතින් අමුතුවෙන් නරක් කරගන්න දෙයක් තියෙන එකක් ඈ..."

" මොකක්ද කිව්වේ..."

" අ...ආ...මේ මං මොනව කියන්නද...හැම වෙලේම අහං ඉන්න එකනෙ කරන්නේ..."

" ඔව්...කොහොමටත් එහෙම ඉන්න එක තමුසෙගෙ ඇගට ගුණයි..."

හුහ්... මේක මාර මගුලක් උනා නේ... මේ නපුරා ගහන ගහන ප්‍පදේට නටන්න මාව හදල තියෙනව කියල ද දන්නෑ හිතන් ඉන්නේ... දෙයියනේ... මේක පුදුම අසාධාරණ කතාවක් නේ...මම office එකේ ගිණිමකර secotry උනා කියල excuse me Sir, may I go to the washroom ... කියල අහන්න වෙයිද දන්නෑ washroom යනකොට...පුදුම හෙනහුරෙක් තමා මටත් ලැබුවේ...

අසාධාරණයට එරෙහිව හඩ නැගීමට ගොස්  දැන්මම දත් ටික බඩට යවාගන්නට අවශ්‍ය නොවන නිසා මම ෂටර් එකෙන් එලිය බලාගත්ත.

" දැන් ගෙදරට කෝල් එකක් අරගෙන කියනවා, අද ගෙදර එද්දි ටිකක් රෑ වෙයි...office එකේ වැඩ වගයක් තියෙයි කියල..."

මං කට ඇරගෙන එයා දිහා බලද්දි මං දිහා කින්ඩියට වගේ හිනාවෙලා බලපු මකරස්,

" ගෙදරින් තමුසෙ ගැන හොයන්නෙ නැත්තන් කමක් නෑ ඉතින්... කෝල් කරන්න ඕන නෑ.."

" මට බෑ සර් රෑ වෙලා ගෙදර යන්න... අනික මං කලින් කියල ආවෙත් නෑ ... අනික ගෙදර අයත් බය වෙයි...මට බෑ බොරු කියන්න..."

" මොකක්ද අයිසෙ බොරුව...තමුසෙ හිතුවද මං තමුසෙව ඇදගෙන ආවෙ මගුල් නටන්න කියල...මට ඒ තරන් පිස්සුවක් නෑ...අද රෑ හත වෙද්දි රෝහන් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රොජෙක්ට් එකේ වැඩේ complete කරන්න ඕන...මං නොකිව්ව කියන්න එපා..."

හුහ්...ඒක හරි මගුලක් නේ..ඒව accountant ගෙ වැඩ නේ...එහෙනං ශුවර් එකටම අර මීෂා ගිණි මකර ලෝකේ ඉදගෙන වෙන්න ඇති accounts ටික බැලන්ස් කරන්න ඇත්තේ...ඇයි ඉතින් කොයි වෙලේ බැලුවත් ඒකිගෙ ඇස් තියෙන්නෙ මේ උද්ධච්ච නපුරා ගාවනේ...ගිණිමකරව දකිද්දි මීෂා දාන හැට හතර මායිම් වලට අපි කොච්චර හිනා වෙනවද office එකේදි...ඇයි අද දවල් හිතලම නපුරගෙ ඇගේ හැප්පුනේ ගිහිල්ල..ඊටප්ස්සෙ විසි වෙලා ගිහිල්ල පස්ස බිම ඇනුනේ...මොකද මේ උද්දච්චයගෙ තියෙන උද්දච්ච කම නිසා වැටෙන්න නොදී අල්ලගත්තද .. නෑ නේ... බූතයා...ඒ වෙලෙත් ජරා ගොඩක් ගෑවුණා වගේ මූණ කොරහක් කරගෙන ගියේ... දෙන්න හිතයි විසික් වෙන්න එකක්...


" අනේ සර්... ඒකෙ accounts ක්ලියර් කරන එක accountant ගෙ වැඩක් නේ...ඒක ගිහිල්ල එයාට කියන්න...මට නං බෑ රෑ වෙලා ගෙදර යන්න..ඕනිම නං මං ඒ ටික ගෙදර ගෙනිහින් චෙක් කරල ගෙනත් දෙන්නං..."

මාව අමුවෙන් කන සයිස් එකෙන් බැලු ජිමින්ත,

" මෙතන බොස් තමුසෙ ද මමද... මෙතන හැම ඩිසිෂන් එකක්ම ගන්නෙ මං...ඒ නිසා ඒ ටික සෙට්ල් කරනකන් අඩියක් හෙලවෙන්නෑ..."

එහෙම කියල ගිණි මකරස් වේගයෙන් කාර් එක වේගෙන්  office එක පාරට දැම්මේ මං මරණ බයට ඇස් දෙක පියා ගනිද්දි...ඒ අතරතුර මම නැන්ද ට කෝල් එකක් අරගෙන විස්තරේ කිව්වෙ දිගින් දිගටම නපුරගෙන් එල්ලවන මරණ තර්ජන හමුවේ...

මේ ගිණිමකරගෙ හිතෙත් " අනා....සර්" කියාගෙන පස්සෙන් එක අර මීෂා ගැන මෙව්ව එකක් ඇති...නැත්තන් මට දාන පාට් ඒකිටත් දාන්න එපැයි...ඒව කොහෙද... මටම වද දෙන්න එපැයි...

වාහනය office එක ඉස්සරහින් නවත්තපු නපුරස්,

" දැන් බැහැල ඉක්මනට එනව හැරෙන්නැතුව..."

අනේ දෙයියනේ වෙන කවුරුත් ඇතුලෙ නෑ වගේ...ඔක්කොම ලොක් කරල තියෙන්නේ...ඒ කියන්නේ ගිණි මකරස් එක්ක මං පැය දෙකක් තනියම ඉන්න ඕනද... මතක් වෙද්දිත් ඇග සීතල වෙනව...සමහර විට අද මගෙ අවසාන දවස වෙන්න ඇති..ඒකනෙ අහසත් ගොරවන්නේ... පොද ගහන්නේ... අහසත් කම්පා වෙලාද කොහෙද...මේ අහිංසකී අද පිච්චිලා මැරෙන්න යන බව දැනගෙන...

" මොනවද ඕයි තමුසෙ උඩ බලන් කියවන්නේ...
ඉක්මනට මෙහෙට එනව තෙමෙන්නැතුව...මේ වැඩේ ඉවර කලාට පස්සෙ තමුසෙට තෙමෙන්න බැරිනං ගගේ මුහුදෙ පැන්නත් මට කමක් නෑ..."

අනේ භගවාන් ජී... මාව බේරගන්නකෝ.. ගිණිමකර වාසභවනට යන්න මට නං බෑ...






_________________

අනේ මට මෙතනට වෙලා තනියම ඉන්න බෑ අනේ...රිතික් අයියයි ආලියා අක්කයිවත් හිටිය නං කමක් නෑ... මේ ගිණිමකරට හිතක් පපුවක් ඇත්තෙම නැද්ද... මාවත් අර කැබින් එක ඇතුලට ගන්න පුලුවන් නේ...

අනේ මන්ද මට දැනෙන්නෙ කවුරුහරි මං දිහා බලන් ඉන්නව වගේ...ඒත් ගිණි මකරස් ඇන්ඩ් මං විතරනෙ මෙහෙ ඉන්නේ...ඒ කියන්නෙ අත්භූත බලවේගයක් ද දන්නෑ...ෂුවර් එකටම Black Prince වෙන්න ඇති...අනේ හොදටම වහිනවත් එක්ක...දැන්නං මට චූත් බරයි වගේ...
වොෂ් රූම් එකට යන්නත් බයයි...ඒ උනාට හදිසියේ හරි මෙතන ගියොත් මේ රෑ කියල නොබලා මේ බිල්ඩින් එකම මට හෝදන්න වෙනෝ...ඒතරම් කාරුණිකයි නේ මේ නපුරස්...

Fire Dragons ල ඉන්න තැන් වලට Black Prince එන්නෙ නැද්ද දන්නෑ... සමහර විට එන්නෙ නැතුව ඇති...ගිණි මකරු කියන්නෙත් මොනතරන් භයානක සත්තු ජාතියක් ද...දැන් ඔය මගේ ඉස්සරහ ඉන්න එක්කෙනා පිඹින්න විතරනේ ඕන...ගම් හතක් පාලුයිනේ... ඒ නිසා භය වෙන්න දෙයක් නෑ... ගිණි මකර ගට්ස් අරගෙන යන්න ඕන වොෂ් රූම්...

මං හෙමීට පුටුව පස්සට කරල නැගිටින්න හදනකොට ම,

" කොහෙද ඕයි හෙමීට මාරු වෙන්නේ..."

" මේ ...පොඩි ගමනක් ගිහිල්ල එන්නං සර්..."

" කොහෙද උනත් කමක් නෑ...ඉන්නව මමත් එනකන්... නැත්තන් තමුසෙ පැනල ගියොත්..."

අනේ සෝ ස්වීට්... මගෙ රන් මකර පැටියා...දැන් ශේප් එකේ වොෂ්රූම් එක ලගට ම එක්කරගෙන ගිහිල්ල එතනදිම කියනවා...

" ආ... හරි යන්කෝ..."

" කොහෙද ඕයි මේ යන්නේ...තමුසෙ වොෂ්රූම් එකටද යන්න ආවේ..."

" ආ... ඔව් සර්..."

" තමුසෙට ලැජ්ජාවක් නැද්ද... ඒක මට කලින් කිව්ව නං මං එන්නෑ නේ මගුල..."

" ඉතින් සර් මනේ කිව්වෙ කොහෙ ගියත් කමක් නෑ යන තැනක මාත් එනව කියල..."

" අනේ මගෙන් කුණුහරප අහගන්නැතුව ඉන්නව... මං යනව කැබින් එකට..."

අනේ මේ ගිණිමකරගෙ තියෙන දුෂ්ට කම... පොඩ්ඩක් මෙතන හිටිය කියල මොකද වෙන්නේ...

" අ...අනේ සර් පොඩ්ඩක් ඉන්නකො... මං ඉක්මනට එනවා..."

" පිස්සුද ඕයි තමුසෙට... මට බෑ ගෑනුන්ට තනි රකින්න වොෂ් රූම් අස්සෙ ඉදන්..."

" අනේ සර් ඇතුලට එන්න කිව්වෙ නෑ නේ...එහෙනම් එදා මාවත් ඇදගෙන ගියේ බලෙන්ම..."

" මගෙන් මැරුම් නොකා කට වහගනින්... මම යනව යන්න..."

අනේ මේ ගිණි මකරා යනව නේ... දැන් මොකද කරන්නේ... දැන්නම් මෙතන තනියම ඉන්න හොදටම බයයි...ආ... මකරස් ගෙ වීක් පොයින්ට් එක දැන් නෙ මීටර් උනේ...

" හැබැයි සර් මාව මෙතන තනියම දාල ගිහිල්ල කවුරුහරි උස්සගෙන ගියොත් සර්ට තමයි වගකියන්න වෙන්නේ..."

" මම මොකටද කොහෙවත් යන ගෑණු නැතිවෙන එකට වගකියන්නේ..."

" ඉතින් සර් නෙ මාව මේ මහ රෑ මෙහාට එක්කගෙන ආවේ... දැන් ඉතින් මාව අතුරුදන් උනාම සර් තමයි වගකියන්න ඕන..."

ඒක ඇත්ත තමයි...මේකිට මොනවහරි උනොත් මුලින්ම අපේ අප්ප තමයි මගෙ ඔලුව පලන්නේ...

" හරි හරි ඉක්මනට ගිහිල්ල එනවා... මම මෙතන ඉන්නම්..."

" අන්න එහෙම තමයි ඉන්න ඕන සර්... තෑන්ක්ස්..."

" කට වහගෙන ඉක්මනට ගිහිල්ල එනවා...මං යනව විනාඩි පහෙන්..."

" හලී..."

කොහොමද මගෙ ටිකිරි මොලේ... ටිකිරි මාරි කාල රත්ති බොන නිසා නේ මේ සේරම... නපුරස් මකරස් ගෙ වීක් පොයින්ට් එකටම පහර දුන්නා...

" තමුසෙව උස්සන් යන්න මනුස්සයෙක් නං එන්නෑ...ආවොත් එන්නෙ සොම්බි,  කලු කුමාරයො, මහසෝනා ඔන්න ඔය වගේ උන්..."

අනේ දෙයියනේ අවසාන මොහොතේ මේ ගිණි මකරා මාව තවත් බය කලා නේ...නෑ නෑ භය වෙන්න දෙයක් නෑ රූහියෝ...උන් එකෙක් හරි හිටිය නං ගිණි මකර කටේ සද්දෙට පැනල ගිහිල්ල ඇති... බය වෙන්න දෙයක් නෑ...

" ඈ........හ්...දෙයියනේ.....සර්.............."

__________________

Ayo ladies & gentlemen ,

මොකක්ද ඒ උනේ...🥲

ඇයි රූහි කෑ ගැහුවේ...

ඒක දැනගන්න නං ඊලග එපිය එනකල් ඉන්නම වෙනවා...

ඊලග එපිය ටයිප් කොරන්න නං... වෝට් ගෝල් complete කරන්නම වෙනවා...

වෝට් ගෝල් එක 25 ⚽️🥅

Comments අත්‍යවශ්‍ය වේ...

බාල්දි ඕතරී...😈🪣

Continue Reading

You'll Also Like

583K 37.3K 62
ငယ်ရွယ်စဉ်မှာ ဘဝရဲ့အချိုးအကွေ့အကူးအပြောင်း၌ အေးစက်သွားကာ ခပ်ချေချေ ပေပေတေတေနေတတ်သည့် ကောင်မလေးတစ်ယောက် ... ။ " နွေးထွေးမှုဆိုတာ 'မိုး' ရဲ့ဘဝအတွက်တော့...
231K 34.9K 87
»This is not my own story »Just translate for fun »All credits go to the original author and translator »Cover photo from pinterest
335K 33.1K 33
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
403K 15.3K 43
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...