සුදූ කටරොලු...

By LasaluNethmin

39.3K 5.9K 513

හිමිවන අතහැරෙන ආදර කතා ලෝකයේ බොහෝමයි පෙරුම්පුරාගෙන ලන් වෙන ආදර කතාත් නැතුවාම නෙවෙයි ප්‍රාර්තනා කරන ආදරේ නැති... More

සුදු කටරොලු ..01
සුදු කටරොලු...02
සුදු කටරොලු ..03
සුදු කටරොලු 04
සුදු කටරොලු ...05
සුදු කටරොලු....06
සුදු කටරොඩු ...07
සුදු කටරොලු ....08
සුදු කටරොලු ....09
සුදු කටරොලු ..10
සුදු කටරොලු ...11
සුදු කටරොලු ...12
සුදු කටරොලු 13
සුදු කටරොලු ....14
සුදු කටරොලු 15
සුදු කටරොලු 16
සුදු කටරොළු .......17
සුදු කටරොලු ...18
සුදු කටරොලු ....19
සුදු කටරොලු 20
සුදු කටරොලු ...21
සුදු කටරොළු ....22
සුදු කටරොළු 23
සුදු කටරොළු 24
සුදු කටරොළු 25
සුදු කටරොළු 26
සුදු කටරොළු 27
සුදු කටරොළු ...28
සුදු කටරොළු 29
සුදු කටරොළු 30
සුදු කටරොළු 31
සුදු කටරොළු 32
සුදු කටරොළු 34
සුදු කටරොළු 35
සුදු කටරොළු 36
සුදු කටරොළු..... 37
සුදු කටරොළු 38 (finnal )

සුදු කටරොළු 33

806 129 9
By LasaluNethmin

සුදු කටරොළු ... 33

"අනේ යන්න එපා බන්... ප්ලීස්... ආපහු මාව දාල යන්න එපා බන්... "

" උබ එක පාරකුත් මාව දාල යන්න ගියා බන්... මතකද උබයි මමයි ඒ දවස්වල දැක්ක හීන එකට කැම්පස් යන්න එකට ආදරයක් හොයාගන්න...  
 
උබ ඒ වගේ හීන ගොඩාක් මට පෙන්නල මාව එතනටම එක්ක ගිහිල්ල මාව දාල යන්න ගියා බන්...
අපි දෙන්න එකට දැකපු හීන මගෙ ඇස් ලග ඇත්ත උනා බන් ඒත් ඒ හැම වෙලාවකදිම මන් හිටියෙ තනියම බන්..

උබ දන්නවද මන් කොයි තරම් තනි වෙලාද කියල...
මට කොයි තරම් යාලුවො හිටියත් උබ නැතුව ඒ හීන දකිද්දි මන් හිතෙන් කොයි තරම්  නම් ඇඩුවා කියල උබ දන්නවද සහස් ...
උබ දන්නවද..."

කවී සහස්ගෙ අතේ එල්ලිලා ඇස් වල කදුලු පුරවගෙන කියනකොට සහස්ට මහා වරදකාරී හැගීමක් දැනුන...

තමන්ට දුක ඉවසන්න බැරිව ලන්කාවෙන් යන්න ගියා ඒත් ලන්කාවෙ තනිවුන අය කොයි තරම් නම් විදවන්න ඇද්ද කියල සහස් නිකන් වත් කල්පනා කරේ නෑ..
ජීවිතේ පලවෙනි පාරට තමන් හදාගන්න බැරි තරම් ලොකුම ලොකු වරදක් කරා කියල දැනෙද්දි සහස්ට කෑ ගහල අඩන්න හිතුන...

"  මන් තනියෙන් ඉන්න ටික ටික පුරුදු වෙන කොටම උබ ආපහු මගෙ ජීවිතයට ඇවිල්ල ආපහු ඉස්සරටත් වඩා මගෙ ජීවිතයට ලන් වෙලා ආපහු මාව දාල හිටපු ගමන්ම යන එක සාදාරනයිද බන්... මමත් මනුස්සයෙක්නෙ බන්.....
අනික ....
අනික

මන් උබට.............."

කවීට කියල ඉවර කරන්න උනේ නැහැ සහස්ගෙ ෆෝන් එක මහ හයියෙන් රින්ග්ස් යන්න ගත්ත...

සහස් දඩි බිඩි  ගාල ෆෝන් එක කට් කරේ කවී කතා කර කට ඉදපු නිසා...

" සොරි බන් මොකක්ද  උබ කියන්න  ගියෙ..."

සහස්  කවී දිහා බලන් ඇහුවෙ  කවී කියාගෙන ගියපු එක කෝල් එක නිසා නතර කරපු නිසා...

" නැහැ නැහැ මොකුත් නැහැ බලපන් කව්ද කතාකරේ කියල..."

කවී ඇස් වල කදුලු පිහදගෙන සහස්ගෙ අතින් අතාරින ගමන් කිව්ව..

" නෑ නෑ ඒක අවුලක් නෑ උබ මොක්කද කියන්න ගියෙ කියපන්කො..."

" නෑ නෑ මොකුත් නෑ ..."
කවී එහෙම කියන ගමන් ඇදෙන් ආපහු වාඩි උනා  ...
සහසුත් ආපහු  කවී ලගට එද්දිම ආපහු කෝල් එකක් ආව..

" හලෝ ලොකූ කියන්න..."
සහස් කවී ලගින්ම ඇදේ වාඩි වෙන ගමන් කිව්ව..

" චූටි මොකක්ද උනේ  අම්ම මට කිව්ව ඔයා ආපහු ලන්කාවෙන් යන කතාවක්..."
  ලොකු අයියගෙ කලබල කටහඩ ලයින් එකෙන් ඇහෙද්දි අයියල පවු කියල සහස්ට හිතුන  ...
ලන්කාවට ආපු දවසෙ ඉදන් තමන්ට ආදරේ කරන අයව රිද්දනවට වඩා දෙයක් තමන් කලේ නැහැ නේද කියල මතක් වෙද්දි සහස්ගෙ හිතට ආපහු මහා වරදකාරී හැගීමක්  දැනුන..

" ඔව් ලොකූ මට ආපහු යන්නම වෙනව.."
සහස් අයියට කියන ගමන් එහාපැත්තෙ ඉන්න කවීගෙ දිහා බලන් හිටියෙ ඒ මූනෙ දුක පිරිල යද්දි...

" මන් හිතුවෙ ආපහු යන්නෙ නෙවෙයි ආවෙ කියල ඔයා...
ඇත්තටම උබට යන්නම ඕනිද චූටි ...."
අයිය ලයින් එකේ අනික් පැත්තෙ ඉදල බලාපොරොත්තු පිරුනු කටහඩකින් අහද්දි සහස් එයාටම කියාගත්ත අයිය මන් ආයි ඔයාලව දාල යන්නෙ නෑ බය වෙන්න එපා කියල...

"  මට යන්නම වෙනව ලොකු  ඔයා දාන්නවනෙ මන් එහෙ ඩිග්‍රි එක කම්ප්ලීට් කරාට එහෙ ඔක්කොම වැඩ ඉවර කරගෙන නෙවෙයි ආවෙ කියල ඒකයි ආපහු යන්නෙ...
අනික මන් යන්නෙ ඒ වැඩ ටික ඉවර කරල සදහටම ලන්කාවෙ නවතින්න හිතන් එන්න ... මන් කොහොමද හලෝ ඔයාලව දාල තවත් එහෙට වෙලා ඉන්නෙ ..."

සහස් එහෙම කියද්දි කවී ගැස්සිලා සහස් දිහා බැලුවෙ ඔය කියන්නෙ ඇත්තද කියල අහන්න වගේ...

" මන් හෙට යනව  ලොකූ වැඩිම උනොත් දවස් තුනක් යයි මන් ගිහිල්ල එහෙ ඩීටේල්ස් ටික කම්ප්ලීට් කරල ලන්කාවෙ හොස්පිටල්  එකකට  මගෙ ට්‍රේනින් එකේ ඉතුරු ටික හදාගෙන ආපහු එනව ආපහු මන් ඔයාලව දාල කොහෙවත් යන්නෙ නෑ  ඉස්සර වගේ නෙවෙයිනෙ ලොකූ මට දැන් දාල යන්න බැරි දේවල් ගොඩක් මේ පුංචි රටේ තියනව... "

සහස් හිනාවෙවී කියද්දි ලොකු අයිය ලොකු හුස්මක් අරගන්නව ලයින් එකෙන් ඇහුන..

" ඇත්තටම මන් බය උනා උබ ආපහු අපිව දාල යයි කියල... උබ නැතුව අපි අසම්පූර්ණයි චූටි   උබගෙ හිත හදාගන්න ඕනි නිසා කලින් අපි උබට යන්න දුන්නට අපි ගොඩාක් අමාරුවෙන් තමා උබට යන්න් දුන්නෙ... "

" මන් දන්නව ලොකූ මට සමාවෙන්න මන් ආපහු ඔයාල කාවවත් දාල යන්නෙ නෑ එහෙනම් ඔයාල පරිස්සමට එන්න මට වැඩ තියනව යන්න කලින් කරගන්න  ..."

" හරි  හරි මේ තනියම යන්න එපා හරිද..."

" නැහැ නැහැ මගෙ තනියට එක්කෙනෙක් ඉන්නව මගෙ ලගින් ඉස්සරත් ඉදිය තාමත් ඉන්නව.."
සහස් කවීගෙ අතින් තද කරල අල්ල ගන්න ගමන් කිව්ව...

" හරි හරි ඔය කොල්ලට නිකන් ඉන්න දීපන් හරිද ඌට මහන්සි ඇති..."
ලොකු අයිය හිනාවෙවී කියන්නෙ එයා කවීගෙ අත මිරිකනව දැක්ක වගේ කියල සහස්ට හිතුන
" ඈ බන්  උබට දිවැස් වත් තියනවද..."

"උබ කරන ගොන් වැඩ ගැන දැනගන්න මට දිවැස් ඕනි  නැහැ උබ මගෙ මල්ලි ... මන් එහෙනම් තියනව..."

" හරි ලොකූ බුදු සරනයි...
පරිස්සමින් එන්න..."

"බුදු සරනයි උබත් පරිස්සමින් වැඩ ටික කරන් වරෙන්..."

................................................................

සහස් ෆෝන් එක කට් කරල ඇදේ පැත්තකට දාල ආපහු කවී දිහා බලද්දි තමා දැක්කෙ කවී ඇස් ලොකු කරන් එයා දිහා බලන් ඉන්නව...

" මොකද බන් උනහපුලුවා වගේ බලන් ඉන්නෙ..."

සහස් කවීගෙ දිහාට හැරිල අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ අතෙන් පොඩ්ඩක් හදන ගමන් කිව්ව...

" සහස් ...."
" හ්ම්ම්ම්....."
"ඇත්තටම උබ ආපහු යන්නෙ නැද්ද.."

කවී එයාගෙ ඔලුව අත ගගා  ඉදපු සහස්ගෙ අත අල්ලගෙන් අහද්දි සහස් මෝඩ විදිහට හිනා උනා..

" මන් යනව....

දවස් තුනකට... ..."

" කලින් කියන්න එපැයි හු**... තෝ මාව හොදටම බය කලා...."

කවී යන්තම් හිනා වෙන ගමන් කිව්ව...
" කොහේ කියන්නද උබ නිකන් වලිගෙට ගිනි අරන් වගේ ගියෙ යන්න
කියන්න දුන්නද මට අනික බලපන් මන් කොච්චර කෝල් කරාල තියනවද කියල උබ නිකන් වත් ආන්සර් කරාද..."

" හ්ම්ම්..
කවදද යන්නෙ එතකොට..."

" අද රෑ යනව එතකොට ඉක්මනට වැඩ ටික කරන් ඉක්මනට එන්න පුලුවන් ... මේ මට වැඩ වගයක් කරගන්න තියනව යන්න කලින් ඒකට යන්නත් ඕනි..."

" හරි ඉදපන් ටිකක් මාත් එන්නම්.."
" උබත් එනවනම් පාලු නැහැ ඒත් උබ අද ඉදපන් අනික උබ හෙට ඉදල ආපහු වැඩනෙ මන් මේ ටික කරගන්නම් තනියම..."
" අනේ මේ මගෙන් කුනුහර්ප අහගන්න එපා මාත් එන්නම් තව ටිකකින් යමු.."

කවී  එහෙම කියන ගමන් සහස්ගෙ උරහිස්සෙන් ඔලුව තියාගත්තෙ සහස්ගෙ බෙල්ලට කවීගෙ නලල හිටින විදිහට  උදේ හීතල අතරින් සහස්ගෙ බෙල්ලෙන් දැනෙන උනුහුම නලලට දැනෙද්දි කවීගෙ හිත සතුටින් කෑ ගහන්න ගත්තා...

"කවී මන් දෙයක් අහන්නද...."
කවීගෙ උරහිස වටේට අත යවල කවීව තුරුල් කරගන්න ගමන් සහස් ඇහුව ..

" මන් නැතුව උබට ඒ තරම් පාලු දැනුනද බන්..."

සහස් ඇස් කොනකින් කවී දිහා බලන ගමන් ඇහුව
............................

" හ්ම්ම්... ඔව් ... කියාගන්න බැරි තරම් ....

ආපහු මාව දාල යන්න තියා හිතන්නවත් එපා හොදද.. කවමදාවත්...

................................................................

දෙන්න එක්ක තුරුල් වෙලා තව පැය බාගයක් විතර කියව කියව ඉදිය ..

එක පාරටම දොරට ගහපු නිසා දෙන්න දෙන්නගෙන වෙන් වුනා...

" දරුවො බඩගිනී නැද්ද දෙන්න එක්ක එන්න කන්න...."
" ආ හරි අම්ම අපි එන්නම්..."

.......................

" සහස් උබ ගිහිල්ල කාපන් මන් වොශ් එකක් දාන් එන්නම්...."

"මට බෑ උබත් වරෙන් ..."
" හරි එහෙනම් බඩගින්නෙ ඉදපන් මට මොකෝ...."

" හපෝ තෝනම් මහම මහ නපුරෙක් පලයන් ඉක්මනට හෝදන් වර මට බඩගිනී...."

" අපෝ බෑ....."
සහස්ට තමන් ඔලුව තියන් ඉදපු කොට්ටෙන් එක්ක ගහල බාත් රූම් එකට දුවන ගමන් කවී  කිව්ව...
.................................................

" අයියෝ බෙදන් කන්නකො දරුවො තව ටිකක්...."
සහස්ගෙ පිගානට තව කිරිබත් කෑල්ලක් දාන ගමන්

" අනේ ඇති නැන්දෙ ...."

"කන්න කන්න මන් ඔයා කන්න ආස නිසාමයි හැදුවෙත් ....අනික බලන්නකො ඉස්සර හිටිය වගේ බාගයයි මේ කොල්ල  ලන්කාවෙ වගේ ඔය රටවල කන්න නැහැනෙ නේද දරුවො ..."
" ඒකනම් ඇත්ත නැන්දෙ  ..."

"හ්ම්ම් ඒක වෙන්න ඇති ආයි යන්නෙ බූරුව .. අම්ම තව කෑල්ලක් දාන්න ඕකට හොදට කාල යන්න එපැයි..."

"ඇයි ඔයා කොහෙද යන්නෙ දරුවො..."

"අම්මගෙ සෝයි පුතා අද ආපහු රට යනවලු..."
" අයියෝ ආපහු යනවද පුතේ ඔයා ආව විතරනෙ..."

" මන් ඉක්මනට එනව නැන්ද.. ඉන්න නෙවෙයි යන්නෙ..."

සහස් ලගම ඉන්න කවීව කොන්ත්තන ගමන් කිව්ව....
"ආ.ව්... හරකො රිදෙනව..."
කවී අත අතගාන ගමන් කිව්ව...

" එහෙනම් කට පියාගෙන කාපන් ....
උලම..."
කවීට රවන ගමන් සහස් කිව්ව....

...............................................................

වෝඩ් එකෙන් එලියට ඇවිල්ල  එලියෙ වැටෙන වැස්ස දිහා බලන් ඉද්දි හිතට අමුතුම නිදහසක් දැන්නෙව කියල කවීට දැනුන ... එයාට බලන්න තිබ්බ වෝඩ් එකේ ඉදපු ලෙඩ්ඩුන්ගෙ රිපෝට්ස් චෙක් කරල බලල බේත් දෙන් විදිහ බලල එලියට ආවෙ එලියෙ වැටෙන වැස්සෙන් දැනෙන මිහිරියාව විදගන්න කියල...

එක පාරටම  සාක්කුවෙ තිබ්බ ෆෝන් එක් වයිබ්බ්‍රේට් උන නිසා කවී හිටපු  හීන ලෝකෙන්  ගැස්සිලා ගියා...

" හලෝ.... සහස්  කියන්න ..."
නම්බර් එක බලන්නෙත් නැතුවම කව්ද කතාකරන්නෙ කියල අදුරගන්න කවීට අමාරු උනේ නෑ...."

" ආ දොස්තර මහත්තයා... මොකද කරන්නෙ..."
සහස්ගෙ හිනාවෙන් පිරුනු කටහඩ ලයින් එකේ අනික් කොනෙන් ඇහෙද්දි කවීගෙ හිත තවත් සතුටින් පිරිල ගියා..
සහස් ලන්කාවෙන් ගිය දවසෙ ඉදල ලොකු පාලුවන් දැනුනත් පුලුවන් හැම වෙලාවෙම සහස් කෝල් එකක් ගන්න නිසා කවීට ඒ අඩුව ගොඩක් දැනුනෙ නැහැ ..

" හලෝ ... මැට්ටො දැන්ද මාව මතක් උනේ..."
"ඔව් ඇයි අවුල්ද... "
"" ඔව් අවුල් තමා ඒකනෙ මම උබට..........."

"කවී හිනාවෙවී කියන්න ගිහිල්ල එක පාරටම කියන්න ගිය එක නතර කරා...."

සහස්ට ඒක හොදටම තේරුන නිසා ආපහු
කියන්න ගිය එක නතර කරා..

" මොක්කද දැන් උබ ඒ කියාගෙන ගිහිල්ල නතර කරේ..."

"නෑහැ නැහැ මොකුත් නැහැ
මොකද කරන්නෙ දැන්... උබ කාලද..."

" ම්ම්ම්ම්ම් හුම්..... කන්න කියල තමා මේ හැදුවෙ උබ කාලද බලන්න් ගත්තෙ..."

සහස් ලයින් එකේ අනික් කොනේ ඉදන් කියද්දි කවීගෙ පපුවට අමුතුම කියාගාන්න බැරි හැගීමක් දැනුන..

" මොකෝ සද්දෙ නැත්තෙ කලින්ම කාලද ..."

සහස් කියද්දි තමා කවී ආපහු පියවි සිහියට ආවෙ...

" ආ නැහැ නැහැ බන් මන් තවම වෝඩ් එකේ උබ කාපන් මම පස්සෙ කන්නම්..."

"අනේ මේ විකාර නොකර කනවකො ගිහිල්ල අනික ඔතන වැඩ ඉවර කරල නේද උබ ඉන්නෙ දැන්..."

" හ්ම්ම් කොහොමද දන්නෙ...."

"උබ පේශන්ස්ල ලග ඉද්දි ෆෝන් එක ආන්සර් කරන කෙනෙක් නෙවෙයිනෙ කොහොමත්..."

සහස් ලයින් එකේ අනික් පැත්තෙ ඉදන් සැහැල්ලුවෙන් කියන එක කවී අහන් හිටියෙ වැටෙන වැස්ස දිහා බලාගෙන එයා එක්කම හිනාවෙන ගමන්...

මෙච්චර කාලයකට  සහස් තරම් තමන්ව හරියටම තේරුම් ගන්න පුලුවන් වෙන කෙනෙක්ව තවම ලැබිලම නැහැ කියල කවීගෙ හිත කෑ ගහ ගහ කිව්ව..

" හ්ම්ම් මේ උබ අද රෑ ෆ්ලයිට් එකේ එනව නේද..." සහස් අද එනව කියල මතක් උන නිසා  කවී කිව්වෙ ඉවසගන්න් බැරි සතුටක් හිතේ හිර කරගෙන..
සහස් ලන්කාවෙන් ගිය දවසෙ ඉදල දැනෙන පාලුව හිස්කම කියාගන්න බැරි තරම් කියල කවීගෙ හිත කෑ ගහ ගහ කිව්ව
සහස්ගෙ උනුහම නැතුව ඇස් පියාගනව කියන එක මතක් වෙද්දිත් කවීගෙ හුස්ම හිරවෙනව වගේ කවීට දැනුන ඒ නිසාමයි මේ දවස් ටිකේම ගෙදර යන්නෙ නැතුව කවී හොස්පිටල් එකේ ක්වාටස් වල නතර උනේ...

කවී සහස් එක්ක් කතා කර කරම එයා නැවතිලා ඉදපු ක්වාටස් එක පැත්තට යන්න කියල හැරුනෙ බඩගින්න දැනුන නිසා අනික සහස් කන්න කියල වෝනින් එක දීල නොකා ඉදියොත් ෆෝන් එකෙන් යකා නටන බව දන්න නිසා..

කවී සහස්ගෙන් අද එනවද කියල ඇහුව වෙලාවෙ ඉදල සහස් සද්දෙනැති නිසා කවී ආපහු කතා කරා..

" සහස්... මොකද බන් උනේ අවුලක්ද..."

"හ්ම්ම්ම්... "
සහස් අවුලෙන් වගේ කියද්දිනම් කවීටත් බය හිතුන...

" මොකද උනේ බන් කරදරයක්ද..."

කවී කලබල වෙලා අහද්දි සහස් ලොකු හුස්මක් උඩට ගන්නව වගේ කවීට ඇහුන්...

" මන් එන්න ඉදපු ෆ්ලයිට් එක කැන්සල් වෙලා බන්... "

"මොකක්... ඒ මොකද..."

" උබ දන්නවනෙ මෙහෙට වින්ටර් සීසන් එක කියල..
මෙහෙට ලොකු හිම කුනාටුවක් එනවලු බන් ඒක නිසා ෆ්ලයි කරන්න තිබ්බ ෆ්ලයිට් ඔක්කොම කැන්සල් බන්...
අනෙ මන්ද බන් මෙයාල කියන් විදිහට ස්ටෝම් එක දවස් තුනක් වත් අඩුමගානෙ තියෙනවලු ඒක නිසා ෆ්ලයිට් ඔක්කොම කැන්සල් බන් අඩුමගානෙ මෙහෙට එන ෆ්ලයිට් වත් එන්නෙ නැහැ..."

සහස්ගෙ යන්තම් බොද වෙච්ච කටහඩක් ලයින් එකෙ එහාපැත්තෙන් ඇහෙද්දි කවීට කියාගන්න බැරි තරම් දුකක් දැනුන..

සහස් ලන්කාවෙන් ගිය දවසෙ ඉදල කවී දිනා ගැන ගැන ඉදියෙ ඉක්මනට දවස් තුනක් ගිහිල්ල  සහස් ලන්කාවට එනකම්.. කවී ඉවසිල්ලක් නැතුව බලන්
ඉදියෙ සහස්ගෙ පපුවෙ ඔලුව තියාගෙන තුරුල් වෙලා ඉන්න පුලුවන් වෙනකම් ඒත් ඒ හැම දෙයක්ම හුලගෙ ගහගෙන ගියා වගේ කියල කවීගෙ හිත කිව්ව...

කවී ඉන්න අවුලට වඩා අවුලකින් සහස් ඉන්නෙ කියල කවීගෙ හිතට දැනුන...
අඩුමගානෙ තමන්ට අම්මයි තාත්තයි දන්න කියන අය හරි මෙහෙ ඉන්න්නව ඒත් සහස් කවුරුත් දන්නෙ නැති රටකට වෙලා තනියම ඉන්නව..
කවීට ඒක මතක් උනහම හිත කිව්වෙ ඉක්මනට සහස්ලගට යන්න තිබ්බනම් කියල..

" හලෝ... කවී... සොරි බන් මන් එන්න පරක්කු වෙනවට මන් කිව්ව තමා ඉක්මනට එනව කියල ඒත්..... අනේ සොරි බන්...."

" හරි හරි දැන් පිස්සු කියවන්නෙ නැතුව මොනවහරි කන්න..  උබ ලොකු අයියට කිව්වද එන්න ලේට් වෙනව කියල බයවෙයි එයාල..."

" හරි බන් මම කියන්නම් අයියට .. එහෙනම් මන් තියන්නම් උබත් කාපන් හොදේ..."

" හරි හරි පරිස්සමින් ඉන්න හොදද..
බුදු සරනයි..."

" බුදු සරනයි බන්.."

දෙන්න එක්කම කතා කරල ඉවර කරත් ලයින් එක කට් නොකර කනේ තියාගෙන ඉදිය..
සහස්ගෙ හුස්ම ගන්න සද්දෙ කවීට කෝල් එකේ ලයින් එකෙන් ඇහුන..
විනාඩි පහක් විතර දෙන්න එක්කම් සද්දි නැතුව දෙපැත්තට වෙලා ලයින් එක කට් නොකර ෆෝන් එක කනේ තියාගෙන ඉදිය..
අන්තිමට කවී ෆෝන් එක අයින් කරල කට් කරල දැන්මෙ හිත ඕක කරන්න එපා කිය කිය කෑ ගහද්දි...
............................................................

කලින් දැනුන බඩගින්න කොහෙ ගිහිල්ලද කියල හිතාගන්නත් බැහැ කියල කවීට දැනුන..
හිතට දැනෙන හිස් කම පාලුව ව්ක පාරටම වැඩි උනා වගේ දැනුන..
ක්වාටස් එකේ තියන ජනේලෙන් එලිය දිහා බලාගෙන  එලියෙ වැටෙන වැස්ස දිහා  බලන් ඉදපු කවීගෙ පිටට එක පාරටම කවුරු හරි අත තියපු නිසා කවී ගැස්සුනා..

" මොකද බන් උනේ ඔය කෝපි එකත් අතේ තියන් උබ අංජනම් බලනවද ඕක බොන්නෙ නැතිව..."

කවී ආපහු  පියවි සිහියට ආවෙ ඒ කෙනාගෙ කට හඩ නිසා...

" ආ... කියහන් මේඝ..."
"මට කියහන් කියන්නෙ උබ කියහන් මොකො මේ මූඩ් ගහල...."

"නැහැ බන් එහෙම එකක නෑ..."
"අනේ පලයන් මිනිහො මන් උබව ආශ්‍රය කරන්නෙ දැන් අවුරුදු පහක ඉදල... ඒත් උබ දැන් ටික කාලෙක් ඉදල ගොඩක් වෙනස්.. ඉස්සරත් උබ ටිකක් ඔකොම තමා ඒත් මේ ලගකදි ඉදල් උබ වෙනම ලෝකෙක...."

මේඝ කවීගෙන් අහන ගමන් කවීගෙ එහපැත්තෙට වෙල  බිත්තියට හේත්තු වෙන ගමන් කිව්ව...

" නෑ මොකුත් නෑ බන් ...."
"ඔන්න ඉතින්  ආපහු උබ මට කොලේ වහනව... උබ මගෙ රූම වෙලා දැන් අවුරුදු ගානක් උනා මට කියන්න බැරි දෙයක් උබට තියෙන්නෙ  බෑනෙ බන්..."

"හරි හරි උබට ඔච්චර හරියක් මගෙ හැසිරීමෙන් තේරුනා නම් කියපන්කො මට මක් වෙලාද කියල..."

"ආ ඒකත් එහෙමද ඔන්න එහෙනම් අහ ගනින් උබේ රෝග ලක්ශන ඔක්කොම ඇනලයිස් කරහම මට එන්න පුලුවන් එකම් රෝග විනිශ්චය තමා උබ මේ ලෝකෙ තියන දරුනුම රෝගය වන ලව් සික් එකෙන් පෙලෙනව කියන එක..."

මේඝ හිනාවක් හිර කරගෙන කවීට කියද්දි කවි ලොකු හුස්මක් හෙලල ආපහු ජනේලෙන් එලිය බලාගත්ත...

මේඝ විතානගේ .... කවීගෙ කැමපස් එකේ ඉදපු හොදම යාලුව..
කවීගෙ හැම මෝඩ වැඩකටම ඉදපු අපරාද සහයකය කිව්වොත් වරදකුත් නෑ...
කැම්පස් පටන් ගන්න දවසෙම තිබ්බ එක්සෑම් එකේදි මේඝ වාඩි උනේ කවී ලග ඒ මොහොතෙ ඉදල දෙන්න ගොඩක් ෆිට් උනා කිව්වොත් වරදක් නෑ කොහොම උනත්  කවී යාලුවෙක් කියල ලගින්ම ඇසුරු කරේ මේඝව...
කවීගෙ වගේ උස මහත ලස්සන කොල්ලෙක් වෙච්ච මේඝ ටිකක් සෙල්ලකාර චරිතයක්  කෙල්ලො පස්සෙන් ඇවිල්ල යාලුවෙන පෙනුමක් තිබ්බ නිසා කොල්ලට ගෑනු ලමයිගෙන්නම් අඩුවක් තිබ්බෙ නෑ....

" දැන් හ්ම්ම්ම්ම් ගාන්නෙ නැතිව කියපන් මගෙ රෝග විනිශ්චය හරිද නැද්ද කියල..."

මේඝ පොඩි එකෙක් වගේ ඇස් ලොකු කරගෙන කියද්දි  කවීට හිනාන්වක් ගියා...

" හ්ම්ම් හරි හරි..."
කවී හිනාවෙන ගමන් කිව්ව... මේකගෙ පිස්සු වැඩ නිසා හිතේ තිබ්බ් දුක තත්පර ගානකට අමතක උනත් අපහු ටිකකුන්  ඒ හැම දේම කලින් වගේම හිත රිද්දන්න ගත්තා..

" අඩෝ බලු වැඩ කරන්න් එපා බන්..."
මේඝ කෑ ගැහුව නිසා කවී අපහු ඒ පැත්තට හැරුන ...

" ඇයි බන්...."
"ඇයි බන් ගාන්නෙ තොට බල්ලා... උබ කෑල්ලක් දාගෙන මට නිකන් වත් කිව්වද මන් මගෙ කෙල්ලො ඔක්කොම ගැන මුලින්ම කියන්නෙ උබට ඒත් තෝ මූසලයා තනියෙම බුදු වෙන්න හදනව..."

මේඝ ඇස් ලොකු කරන් බනින විදිහට කවීට ආපහු හිනා....

" සොරි සොරි ඉතින්..."

"සොරි තමා බූරුව අපි මේ සතුටට සවුදිය පුරන්න ඕනි අද යමන් අපි බොමු..."

" ඔව් මේ යන විදිහට නම් මට වහ තමා බොන්න වෙන්නෙ..."
කවී ලොකු හුස්මක් හෙලල කියපු විදිහට මේඝට තේරුන් කවී ලොකුඅවුලක් ඉන්නෙ කියල...

" අඩේ සොරි කොල්ලො ... කියපන්කො මොකද උනේ..."

" නෑ බන් එයා ලන්කාවෙ නෙවෙයි දැන් ඉන්නෙ .ලන්කාවෙ ඉදල රට ගියා එයා ලන්කාවෙ නෙවෙයි ස්ටඩීස් කලේ ඉතින් ඒ වැඩ වලට ලන්කාවෙන් දවස් තුනකට ගියා අද තමා එන්න ඉදියෙ  ඒත් අද එන්නෙ නැහැලු බන් ..."

" අයියෝ පොඩි අවුල්ක්නෙ අද නැති උනාට ඉක්මනට එනවනෙ බන් හිතන්න එපා එච්චර...."

" උබනම් කියයි දවස් තුනක් ඉවසන් ඉදියෙත් මන් බොහොම අමාරුවෙන් ...."

" අඩෝ  උබ ඒකිට සිරාවට ලව් නේද බන්...."

කවී දුකින් ඉන්න විදිහට දැකපු මේඝට නිකන්ම කියවුනා...

" ඔව් බන් මන එයාට  ගොඩක් ආදරෙයි  ඒත්......"

"මොක්කද බන් ඒත් ගාන්නෙ...."

" මන් ආදරේ කරන්නෙ කෙල්ලෙක්ට නෙවෙයි බන්...."

" ඇයි උබ ආදරේ කරන්නෙ ආච්චි අම්ම කෙනෙක්ටද..."

කවී විහිලුවක් කරා  කියල හිතන් මේඝ ආපහු ඇහුව...

" නෑ බන් මන් ආදරේ කරන්නෙ කොල්ලෙක්ට...."
...............................................................

හිටපු අවුල නිසා කවී ඔහේ හිතන්නෙ නැතිව කිව්වත් කරපු වැඩේ බරපතල කම කවීට තේරුම් යද්දි වෙන්න තියන ඔක්කොම වෙලා ඉවරයි...

දැන් ආපහු  මේඝගෙ මූන බලන්නෙ කොහොමද කියල කවීට හිතාගන්න බැරිව කවී එහෙමම අනික් පැත්ත හැරුනෙ යන්න කියල...

එක පාරටම කෙනෙක්  අතින් අල්ලල යන කවී යන එක නතර කරපු නිසා කවී ඒ පැත්තට හැරුන....

.මතුසම්බන්ධයි ....

Continue Reading

You'll Also Like

437K 10.5K 51
တစ်နေ့တစ်နေ့ခေါင်းထဲမှာကလဲ့စားချေမှုသာအပြည့်ရှိနေသော ခပ်အေးအေးနေတတ်သော မာဖီးယားနှင့်.... ဘာပဲလုပ်လုပ် တလွဲတွေလုပ်တတ်နေသော ကောင်မလေးတို့ နှစ်‌ယောက်ဟာ...
1.1M 58.8K 48
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
35K 6.6K 102
Chinese Title - 如果月亮不抱你 English Title - If The Moon Won't Hold You Original Author - 六盲星 Status in COO - 71+3 Extras Update schedule - Daily Start Da...
382K 9.3K 83
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."