ටේයුන්ව ඩොක්ටර් සෙන් බාරගත්තාට පස්සේ වෙන කවුරුත් බාර නොගත්තේ මම ඉන්න නිසාද නැත්තන් ජන්ග්කූක් ත්‍රෙට්න් කරපු නිසාද කියලා මට අදටත් හොයාගන්න බැරි වුනාට ටේයුන් ඉක්මනට රිකවර් වුන එක ගැන මට සතුටක් තිබුනා.
මුලදි මුලදි පපා මම් එක්ක ටේයුන්ව බලන්න දවසකට එක පාරක් වගේ හොස්පිට්ල් එකට ආවාට මම හිතුවා අප්පා තරහා අමතක කරලා ඇති කියලා. ඒත් දවස් තුනක් ආවත් හතරවෙනි දවසේ ඉදලා පපා මමා එක්ක.හොස්පිට්ල් එකට ඇවිත් මමාව විතරක් රූම් එකට එවලා එයා කාර් පාර්ක් එකේ නැවතිලා ඉන්න තරම් නපුරු වුනා.
ටේයුන්ට ඒ අඩුව දැනෙයි කියලා මගේ හිත සැරෙන් සැාර්ට මතක් කර කර වද දුන්නත් ටේයුන් කිසිම වෙලාවක පපා ගැන මතක් කරන්න තියා ගෙදර ගැනවත් මතක් නොකර හිටියේ ජන්ග්කූක් ටේයුන්ට හැමදේම කියලා දීලා කියලා මට පැහැදිලි කරවන ගමන්.
මම කොෆී කප් එක ටේබල් එක උඩින් තිබ්බේ ජන්ග්කූක් බාත්රූම් එකේ දොර බාගෙට ඇරගෙන ඔලුව විතරක් එලියට දාගෙන ඉන්න නිසා.
" මොනවද ඕනේ ? "
" මට ඇඳුමක් ගන්න අමතකු වුනා හ්යුන්ග් "
" ශෝර්ට් එකක් ද ? "
" ඔව්. ශෝර්ට් එකකුයි ටී ශර්ට් එකකුයි "
" ආ.. තුනම තියෙනවා "
" ආහ්.. තැන්ක් යූ හ්යුන්ග් "
" හ්යුන්ග් ඩොක්ටර් කෙනෙක් වුනාට වැඩක් නෑ වෙල්කම් කියන වචනේ දන්නේ නැතුව "
මම ජන්ග්කූක් බාත්රූම් එකේ ඉඳන් කෑගහන අතරේ සෝෆා එකට ඇවිත් ආයේ මගේ කොෆී එක බොන්න පටන් ගත්තා. වෙල්කම් කියනවට වඩා මගේ හිතේ හිතන්න දේවල් ගොඩගැහිලා තියෙනකොට මට වෙල්කම් කියන එක වචනයක් නිසා මම මෙච්චර වෙලා කල්පනා කර කර හිටිය දේවල් අමතක කරලා දාන්න පුලුවන්ද ? මට ජන්ග්කූක්ගේ කනකින් අලලගෙන එහෙම කියන්න ඕන වුනත් මම පාඩුවේ හිටියේ මට ටේයුන්ව රෙඩි කරන්න තියෙන නිසා. ම කොෆී කප් එක බින් එකට දාලා ටේයුන්ගේ බෙඩ් එක ගාවට ආවේ ටේයුන්ව ඇහැරවන්න.
To be continued...