Baby Bully ✔️

By sanju_54321

20.2K 3K 370

Baby bully Taehyung Nerd daddy Kook More

INTRO
CHAPTER 1
CHAPTER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 7
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
EPILOGUE

CHAPTER 6

764 131 5
By sanju_54321

ජන්කුක් ටේහ්‍යුන්ග් ගේ ගෙදරින් එලියට බැහැලා ටික දුරක් පයින් ම ගියේ කලුවර මාවතේ වේගයෙන් ආව මෝටර් රථයක් එයා ගාව නවත්තනකොට.

🐸 පුංචි මහත්තයා.. කා එකට නගින්න..

🐰 ආ.. හ්‍යුන්ග්.. ඔයා ආවද මාව ගන්න..

🐸 ඔව් ඉතින්... දන්නවනෙ... මැඩම් කැමති නෑ පුංචි මහත්තයා පරක්කු වෙනවට..

🐰 ඔම්මා ට පාලු ඇති.. අපි ඉක්මනින් ම යමු හ්‍යුන්ග් එහෙනම්. නැත්තම් ඔයාට තමයි බැනුම් අහගන්න වෙන්නේ.. මාව වෙලාවට ගෙනැත් දැම්මෙ නෑ කියලා.

🐸 කොහොමද ටේහ්‍යුන්ග් බේබි මහත්තයා..?

🐰 එයා පෙන්නන තරම් චණ්ඩියෙක් නෙවෙයිනේ හ්‍යුන්ග්....

ජන්කුක් ටේහ්‍යුන්ග් තමන්ගේ ඉස්සරහ දි රතු ගැහුණු පිණි ජම්බුවක් වගේ වෙන හැටි මතක් කරගෙන කිව්වේ හිනාවකුත් මූණට නගාගෙන.

කාර් එකේ සනීපෙට වාඩි වුණ ජන්කුක් මාස තුනකට කලින්, තමන් මේ තරම් ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් වෙන්න හේතු වුණ සිදුවීම ආපහු සිහිපත් කළේ මග දිගට පහු වෙන හෙවනැලි වගේම ලයිට්ස් ගැන අවධානය නොදීම.



_____________________________________

මාස තුනකට පෙර...

මම දැන් ඉන්නෙ මගේ ඔම්මට තුරුලු වෙලා. අවුරුදු ගණනාවක් තිස්සේ මම හොයපු ආදරේ.. ඒ මගේ ඔම්මයි අප්පයි..

🦄ශ්... දැන් අඬන්න එපා පුතේ. ඔම්මා ඉන්නවා ඔයා ලඟ.. කිසිම දේකට දැන් මාව ඔයාගෙන් වෙන් කරන්න දෙන්නේ නැහැ.

🐿️එයාට අඬන්න දෙන්න යුන්ජි.. එයාට මෙච්චර කාලයක් තිස්සේ පිටකරන්න බැරුව හිර කරගෙන ඉන්න දුක නැති වෙනකම් අඬන්න දෙන්න.. මගේ දරුවට එයාගේ පරණ දුක හිතෙන මතක ඒ කඳුළු එක්කම හෝදලා අරින්න ඉඩ දෙන්න...

අනිත් පැත්තෙන් ඉඳන් ජන්කුක් ව බදාගත්ත හොබී කිව්වා.

🐰ම.. මාව ආයෙ දාලා යන්නේ නෑ නේද ඔම්මා...

🦄නෑ කූකි.. කවදාවත් නෑ...

🐿️ හරි සිහියෙන් ද පුතේ ඔයා කතා කරන්නේ. අපි ඔයාව මෙහෙම තුරුලු කරගෙන ඉන්න කොච්චර නම් කාලයක් බලන් හිටියද කියලා දන්නවද....?

මේ තුන් දෙනා ගෙදරට ආවා. ජන්කුක් ඇස් ලොකු කරගෙන බලන් හිටියෙ ගෙදර ලස්සන.. හතර වටේ ම හරිම ලස්සනයි. ගේත් හරිම ලොකුයි.. හරියට මාලිගාවක් වගේ...

🐿️එලියට වෙලා බලා ඉන්න එපා පුතේ. මේක ඔයාගෙම ගෙදර... ඔයාගෙ ම ගෙදර..

🦄එන්නකො මගේ මැණික. අද ඔම්මා තමයි ඔයාට කෑම කවන්නේ.

🐿️නෑ.. මම..

🦄මම කවන්නේ...

🐿️ අනේ.. මම කවන්නම්කො....

🦄 නවත්තන්න.. මම කවන්නේ..

🐰 මම කවන්නම්..

🐿️🦄 මොකක්ද...?

🐰 ඔම්මටයි අප්පටයි මම කවන්නම්.

🐿️අනේ මගේ පැටියා.. ඉන්න කූකි.. ඔයාගේ ඔම්මයි අප්පයි අපි.. ඒත් ගණන් ගන්න එපා පුතේ.. අපි පොඩි පොඩි දේවල් වලට ඔය වගේ කියව ගන්නවා. ඒත් කොහොමටත් ඒ තරහකට නෙවෙයි. නේද යුන්ජි...

🦄 ඒකනේ.. පුතා යන්න ඔයාට යාලුවෙකුත් ඉන්නවා ගෙදර ඇතුලේ. එයා ඔයාගේ කාමරෙ ලෑස්ති කරලා ඇති මේ වෙද්දිත්..

🐰මට කාමරයක්...?

ජන්කුක් ඇහුවෙ පුදුමෙන්..

🦄 ඔව්.. එක කාමරයක් නෙවෙයි ඔයා කැමතිනම් මේ ගෙදර තියෙන බෙඩ්රූම් විස්සෙන් කැමති එකක් ගන්න පුළුවන්. මේවා ඔයාගෙ ම දේවල්..

🐿️ඔව්.. මම හම්බ කළේ ඔයා වෙනුවෙන් දරුවො. ඉතින් ඔයාට ඕන විදියට ඒවා පාවිච්චි කරන්න පුළුවන්.

🐰ඒත්.. ඒවා මම පාවිච්චි කරලා නැති නිසා මම දන්නවා ඒවා කොච්චර වටිනවද කියල. ඔයාලගේ මහන්සිය, දාඩිය, කඳුළු වලට කවදාකවත් මගෙන් අඩු තක්සේරුවක් ලැබෙන්නේ නැහැ ඔම්මා..

ජන්කුක් කියලා බිම බලාගත්තා. එයාට තේරුණා තමන් මේ පරිසරයට හුරු වෙන්න ඕන කොහොමද කියලා. ඒත් එයාගේ අහිංසක ගතිය තවමත් ඒ විදියට ම තියෙනවා. ඒක ඒ තරමටම ජන්කුක් කවුද කියලා කියන්න සමත් වුණා...

ජන්කුක් බිම බලාගෙන කතා කළා. යුන්ජියි හොබියි ජන්කුක් දිහා බලාගෙන ඉන්නවා....

🐰ඔම්මා.... අප්පා.. ගොඩක් කාලෙකට කලින් ඉඳන් කියන්න හිතාගෙන හිටිය දෙයක් කියන්නද...

🦄🐿️කියන්න පැටියෝ..

🐰සරන්හේ.... සරන්හේ ඔම්මා අප්පා...

ඒ වචන කීපය කියද්දි ජන්කුක් ගෙ අත් දෙකෙන් අල්ලගත්ත යුන්ජි ජන්කුක් දිහා බැලුවා.. එයාගේ ඇස්වල කඳුලු පිරිලා..

🦄 සරන්හේ මගේ පණ... ඔම්මා ඔයාට ගොඩක් ආදරෙයි.. පණ තරමටම. මේ හුස්ම තාම වැටෙන්න හේතුව ඔය වචනෙ අහගන්න තිබුණ ආසාව මැණික. කියන්න ආයිමත් පාරක්... ඔම්මට ආදරෙයි කියලා..

🐰 සරන්හේ ඔම්මා.... සරන්හේ අප්පා..

🐿️නාදො සරන්හේ මැණික. මගෙයි යුන්ජිගේයි පණ ටික...

හොබි ජන්කුක් වයි, යුන්ජි වයි දෙන්නම බද්ගත්තෙ ඒ දෙන්නටම හොබීගෙ වේගෙන් ගැහෙන හදවතේ සද්දෙ ඇහෙන්න සලස්වලා...

ඒ හදවත තමන් වෙනුවෙන් ආදරෙන් පිරිලා.. ජන්කුක්ට හොබීට තුරුලු වෙන්න ඊට වඩා හේතුවක් උවමනා වුණේ නැහැ..

🐸පවුලේ මේහොතට මම බාධා කළාද මන්දා සර්...

🐿️ආ... බෝගම්...

🦄 එන්න බෝගම්. ඔයා ට පින් සිද්ද වෙනවා අපේ දරුවව හොයාගන්න උදව් කළ නිසා.!

🐸 පුංචි මහත්තයා ට මාව මතකද...?

🐰අර ඊයේ.....? අනාත නිවාසෙදී....

🐸 ඒ මම තමයි...

🐰බෝගමීඊඊ හ්යුන්ගී..

ජන්කුක් බෝගම් ව බදා ගත්තේ හරිම සතුටින්...

🐸 පුංචි මහත්තයා.. දැන් ඉතින් ඔයාට සිද්ධ වෙනවා මම අර ඉල්ලපු දේ දෙන්න..

🐰 මොකක්ද හ්යුන්ග්...

🐸අර මම ඊයෙ ඉල්ලුවේ. ඔයාගේ...

🐰ලේකම් කම...

🐸 අන්න හරි.. සෙකට්‍රි ජොබ තමා. පුංචි මහත්තයා ට ඒක මතකයි එහෙනම්..

🦄මොනාද බෝගම් ඔයා ඔය ඉල්ලලා තියෙන්නේ...

🐸 ජොබ් එකක් මැඩම්..

🐿️ ඉතින් ඔයා දැනටමත් මගේ සෙකට්‍රි නේ බෝගම්...

🐸 ඒත් එන්න ඉන්න බොස්ගේ සෙකට්‍රි මම වෙයිද දන්නේ නෑ නේ. ඒ නිසා ඔන්න මම කලින් ම කියලා තිබ්බා.. පුංචි මහත්තයා ගෙ ගාවත් මට සෙකට්‍රි රස්සාවම දෙන්න කියලා...

🦄🐿️ මේ කොල්ලා නම්....

🐸 පුංචි මහත්තයා... කාමරේ ලෑස්තියි. එන්න මම කාමරෙ පෙන්නන්න...

ජන්කුක් ඔම්මයි අප්පයි දිහා හැරිලා බැලුවා. ඒ දෙන්නා හිනා වෙලා තමන් දිහා බලන් ඉද්දී ජන්කුක් බෝගම් එක්ක එයාට වෙන් කරපු ලස්සන මාස්ටර් බෙඩ් රූම් එකට ගියා.

🐸 පුංචි මහත්තයා කැමති නැත්නම් මේ දේවල් මාරු කරගන්න පුලුවන්. මම අරන් ආවෙ හොඳම බ්‍රෑන්ඩ් වලින්.

බෝගම් කිව්වේ හොඳම බ්‍රෑන්ඩ් වල ස්මාට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක්, කම්පියුටර් එකක් වගේ දේවල් ටිකක් පෙන්නලා.

🐰 මේවා හොඳ වැඩී හ්යුන්ග්...

🐸එහෙම කියන්න එපා පුංචි මහත්තයා. ඒ දේවල් වලට වඩා හොඳ දේවල් පුංචි මහත්තයා ට ලැබෙන්න ඕන.

🐰 ඔය පුංචි මහත්තයා කියන එක නවත්තන්න හ්යුන්ග්. මට ඒවගේ කතා පුරුදු නෑ. ජන්කුක් කියලා කතා කළාම ඇති.

🐸 එහෙම බෑනෙ... මම පුංචි මහත්තයා ගේ අප්පා යටතෙ නෙ වැඩ කරන්නේ. මම සර් ට දෙන ගරුත්වය ම පුංචි මහත්තයා ටත් දෙන්න ඕන.

මම දැන් යන්නම් පුංචි මහත්තයා. වොෂ් එකක් දාගෙන එහෙම එන්න පහළට. මම දැක්කා අද මැඩම් මේඩ් ලට අත වත් තියන්න නොදී කෑම හදන හැටි.

පුංචි මහත්තයා ටම විශේෂයෙන්....

බෝගම් ඇහැක් ගහලා ලොකු කාමරේක ජන්කුක් ව තනියම තියලා  පහළ තට්ටුවට ගියා.

🐿️මොකක්ද බෝගුම් පුතා කියන්නේ..

🐸පුංචි මහත්තයා ට අපේ තේරීම් හොඳ වැඩිලු සර්.. පුංචි මහත්තයට මේ ජීවිතේට පුරුදු වෙන්න ටික කාලයක් යයි. තව දෙයක් තියෙනවා සර්.

🦄 ඒ මොකක්ද...?

🐿️ මොකක්ද බෝගම්..

🐸 පුංචි මහත්තයා නිතරම bully වෙනවා ඉස්කෝලේ. ඒ එයා අහිංසක දුප්පත් අසරණ කෙනෙක් වුණ නිසා. පුංචි මහත්තයාගේ පෙනුම ගැන එක එක කතා කිව්වා එයාලා..

🦄 මගේ පුතා කොහොම හිටියත් ඒකට මොකද ආ....? උන්ට කොහෙන්ද හයියක් ආවෙ යුන්ජිගේ දරුවට අත තියන්න.

🐿️ පුතාට ඇහෙයි යුන්ජි. කෑ ගහන්න එපා. එතකොට කවුද එහෙම කළේ බෝගම්... මම ඒ කවුද කියලා දැනගන්න ඕන.

🐸ඒ සර් එහෙම කළේ පුංචි මහත්තයා පොඩි කාලෙම එයාට මැරි කරලා දෙන්න ප්‍රොමිස් කරපු නම්ජුන් සර් ගෙ පොඩි පුතා... ටේහියුන්ග්. අපේ පුංචි මහත්තයා ගේ බ්‍රයිඩ්...

🦄 ඇයි ටේහියුන්ග් මගේ දරුවට එහෙම කළේ...?

🐸 ඒ පුංචි මහත්තයා කියලා ටේහියුන්ග් සරුත් දන්නේ නැහැ නේ මැඩම්...

🐿️ අපි අද නම්ජුන් ට එන්න කියලා කියමු කට්ටිය එක්ක මෙහේ. එන්ගේජ්මන්ට් එක ෆික්ස් කරමු. මම දන්නවා මගේ කොල්ලා මං කියන දේ අහක දාන්නේ නෑ කියලා.

එතකොට ක්ලොසෙට් එකෙන් ඇඳුමක් ඇඳගෙන පහළ තට්ටුවට ආව ජන්කුක් ව නම් ඇත්තටම nerd කෙනෙක් වගේ පෙනුණේ නෑ.

මයික් එක නොසලකා හරින්න...

🦄 ඔයා හිතනවද එයා අපේ පුතාට ඒ විදියට සැලකුවට පස්සේ, ඒ ළමයා අපේ පුතාව බඳින්න කැමති වෙයි කියලා..?

🐿️එයා කැමති වෙයි. අපෙ පුතා එයා bully කරපු ජන්කුක් කියලා නොදන්නකම්. බෝගම්.. අපේ පුතාට කියලා දෙන්න එයා අස්සේ තියෙන ඩොමිනන්ට් සයිඩ් එක එළියට ගන්න විදහ.

🐰 මට මොකටද අප්පා ඩොමිනන්ට් සයිඩ් එකක්...

කට්ටිය ම අනිත් පැත්ත හැරුණේ ජන්කුක් ගෙන් ආව ප්‍රශ්නය නිසා. කට්ටියට කාටවත් ජන්කුක් nerd කෙනෙක් කියලා කියන්න පුලුවන් වුණේ නෑ ඒ පෙනුමට.

🐰 ඇයි ඒ අප්පා...

🦄 පුතා... ඔයා ටික දවසකට කොලේජ් යන්න ඕන නෑ. අපි ඔන්ලයින් හදලා දෙන්නම් ගෙදර ඉඳන් ඉගෙන ගන්න. අනික අපි ඔයාගේ කසාදෙ පොඩි කාලෙ ඉඳලම තීන්දු කරලා තිබ්බේ. ඔයා හොඳ ඩොමිනන්ට් මනමාලයෙක් වෙන්න ඕන නිසයි එහෙම කිව්වේ.. කමක් නෑ නේද..?

🐰 ආනී.. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඇයි මගේ මනමාලි මුරණ්ඩු කෙනෙක් ද?

🐿️ අපොයි ඔව්.. ඔයාට එයාව කන්ට්‍රෝල් කරගන්න නම් ඔය සැජ්ජයි ලැජ්ජයි ටයිප් එකෙන් අයින් වෙන්න වෙනවා පුතේ..

🐸 ඒකනෙ. පුංචි මහත්තයා මාර හොට් පෙනුමයි දැන්. තව ටිකක් අප් කරලා ගත්තා නම් පුංචි මහත්තයා දකිනකොටම මනමාලිගේ කටට අගුලු වැටෙයි...

🐰අනේ යන්න හ්යුන්ග් ඔයා...

ජන්කුක් කිව්වේ හිනාවෙලා..

______________________________________

ඒ සිද්ධිය මතක් වුණ ජන්කුක් තනියම තමන්ට ම හිනා වුණේ තමන්ට අච්චර ආදරේ කරන ඔම්මා කෙනෙක් වගේම අප්පා කෙනෙක් හම්බ වෙලා තියෙන  එක ගැන....

To be contiued.....

Continue Reading

You'll Also Like

60.5K 12.2K 29
"W-Would you like to have some cookies, mister?" "Cookies?" "Yes! Homemade cookies! It's really tasty and sweet!" "Sadly, I'm not a sweet tooth, doll...
705 139 5
කැප්ටන් කිම් මට ඇත්තටම ආදරේ කලොත්, ඒකනම් කවදාවත් වෙන්නෑ top tae Bottom kook එකතුවෙන්න මේ ඔවුන්ගේ කතාවයි
1.1M 35.9K 62
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
2.7K 501 12
My love is just for you.. Please notice me.. ~ Taehyung KookV ff Sinhala Hanahaki desease