💞....Vampire Boyfriend....�...

By Meow_Kim_05

672 199 52

ආදරය කියන දේ ඕනම තැනක ඇති වෙන්න පුලුවන්.ඒත් ඒ ආදරේටත් සීමාවක් තියෙනවා...ඒක තේරැම් ගන්න.... 🌹කවුරැ මොනා කිව්ව... More

Story Intro.....🧛‍♂️
💞Episode 1💞
Episode 2(a vampire?)💞
Episode 3(back to sogun)
Episode 4(7 bracelets)
Episode 5(The drak dream)💞
Episode 6(7 bracelets)
Episode 7(Vampire hunting exam🗡)
Episode 8(power of hunters)
Episode 9(save vampires)🧛‍♂️
Episode 10(save vampires)⚜️
Episode 11(to close)🌹
Episode 12 (jealous🌷)
episode 13(remember?)
episode 15(lovely)
episode 16(again)
episode 17(the truth)
episode 18(end....🌹)

episode 14(crazy magic)

20 8 0
By Meow_Kim_05


🌹කවුද oppa....

🖤මොකුත් නෑ sohi....ඔයා ඔයාගෙ පාඩම් වැඩ කරගන්න..

🌹ඕ....කේ...

Teahyun කිසිවක් නොවුනු ලෙසට කතා කලත් ඔහුගේ හිතේ යම් බියක් ඇතිවෙන්න ගත්තෙ තමන්ගෙ නිවසේ බිත්තියේ ලියා තිබුනු දෙයින් හොද දෙයක් අදහස් කරන්නෙ නැති නිසයි.ඒත් එක්ක ම teahyun තමන්ගෙ බලයෙන් කාටවත් නොපෙනෙන ලෙස ලේ වලින් ලියා තිබුනු එම ලේ තමන්ගෙ ඇගිල්ලෙ තවරගත්තා.එම ලේ මිනිස් ලේ වග teahyun ට තේරැම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.ඒත් එක්ක ම teahyun එම ලියා තිබුනු වැකිය තමන්ගෙ බලයෙන් අතුරැදහන් කොට නැවත නිවස තුලට පැමිණියා.

🖤sohi...

🌹හම්.....

🖤මන් shigu ව ගන්නවා...

🌹ඔයාට මොකටද shiguව.......

🖤yeonjun ගෙ පොතේ තිබ්බ දෙයක් try කරන්න යනවා...කාමරෙන් එලියට එන්නෙ නැතිව ඉන්න...මොනා වෙයිද දන්නෙ නෑ...මොකද මන් ඒ දේ කරන පලවෙනි ම වතාව....

🌹මොනා ගැනද කියවන්නෙ...

🖤කාමරේට වෙලා ඉන්න..ඊට පස්සෙ ඔයාට පුලුවන් වෙන දේ දිහා බලන් ඉන්න...

🌹හෑහ්..???

teahyun තදින් sohi ගෙ කාමරේ දොරත් වහන් එතනින් පිටත් වී තමන්ගෙ කාමරයට නැවතත් ගියා.ඒත් එක්ක ම teahyun පිසාච ලේ හා මිනිස් ලේ මිශ්‍රිත දියරයක් ද,තමන් විසින් තැනූ බෝනීක්කෙක්ද,හුණු කූරක්ද,කුරැස කිහිපයක්ද,සුදු ලූනු ගෙඩි එකට ගැට ගැසූ යමක්ද,shigu ද රැගෙන නිවසේ මැදට කොටසට පැමිණියා.

🖤මේක වැඩකරන්න ම ඕන....පොඩ්ඩක් හරි ගැස්සුනොත් කෑල්ලක්වත් ඉතිරි වෙන්නෙ නෑ.

teahyun තමන් ම කියාගන්න ගමන් ම තමන් ගෙනා හුණු කූරෙන් විශාල තරැවක් ඇද ගත්තා.ඉන් පසු එම තරැව යා වෙන පරිදි රවුමක්ද ඇදගත්තා.

ඉන් පසු එය මතින් මිනිස් ලේ හා පිසාච ලේ මිශ්‍රිත දියරය තමන් ඇදගත් රෑපය මතින් නැවතත් එම දියර ආලේප කරමින් ගියා.වැඩි වෙලාවක් නොයා teahyun තමන්ගෙ කාර්යය අවසන් කලා.ඉන්පසුව shigu ව තමා අසලින් තබා ගෙන teahyun තමන් ඇදගත් රෑපයෙන් එලියට පැමිණියා.ඒත් එක්කම තමන් මීට පෙර ඇදගත් තරැවෙ මැද කොටසෙ බෝනික්කව තැබුවා.ඉන් පසු එම බෝනික්කා උඩින් ලාවා කැටේ තිව්වා.

.teahyun එම පොතේ තිබුනු යමක් සැරින් සැරේ කියවන්න ගත්තා.ඒත් එක්ක ම ඔහුගේ නිවසෙ තිබුනු ජනේල ඉඩේම විවෘත වෙන්න ගත්තා.ඒ නිසා ම sohi ද කලබල වුනා.තමන්ගෙ කාමරයට තදින් සුලං හමන්න ගත්තා.sohi ඒත් එක්ක ම තමන්ගෙ කාමරෙන් එලියට ආවා.ඒ මොහොතෙ ඇය teahyun දෙස තරහින් බලන් හිටියා.

🌹මොන විකාරයක්ද වෙන්නෙ....

teahyun කිසිවක් නොකියා shigu ව අතට ගත්තා.ඒත් එක්ක ම තමන් ඇන්ද තරැව මැදින් තිව්ව බෝනික්කට shigu ගෙන් ඇන ආපසු ඉවතට ගත්තා.ඒත් එක්ක ම මුලු නිවසම අදුරැ වේගෙන ගියා.ටිකෙන් ටික නිවස තුලට තදින් සුලං හමා එන්න ගත්තා.

🌹මේ දේ මොනා වුනත් මේ අහවල් කාලගුණේ ඉවර වුනාට පස්සෙ මන් ඔයා ගැන බලාගන්නම්....

🖤කට වහන් පිටිපස්සට යන්න...

🌹මොකක්ද මේ වෙන්නෙ...

ඒත් එක්ක ම ඔවුන්ගේ නිවසෙ තිබුනු ජනේල වලින් පිසාච ආත්ම රැසක් ඇදී එන්න ගත්තා.sohi teahyun අසලට යන්න හැදුවත් ඇයව ඉබේ ම තමන්ගෙ කාමරේට ඇදී ගියා.

🌹මොකක්....නෑ නෑ නෑ නෑ නෑ නෑ......oppaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa😶

sohi හයියෙන් කෑ ගැසුවා.ඇය දොර අරින්න කෙතරම් උත්සහ කලත් ඈය ලේසි වුනේ නෑ.ටිකෙන් ටික එම අදුරැ ආත්ම teahyun විසින් හැදූ බෝනික්කට ඇදී එන්න ගත්තා.ඔහුද ටිකෙන් ටික පිටුපසට ගියේ ත්රිකෝණය වටා එක් වන ශක්තිය එන්න එන්න වැඩි වෙන්න ගත්තු නිසයි.ටිකෙන් ටික ඒත් එක්ක ම teahyun විසින් හුනු කූරකින් ඇදි ත්රිකෝණය මත තිබුනු ලේ ටිකෙන් ටික එම බෝනික්කා තුලට උරා ගත්තා.ආත්ම බොහෝමයක් එක් වීමෙන් පසු එම බෝනික්කා කලු පැහැයට හැරී ගියා.ඒත් එක්ක ම සියලු ම කලබලයන් මොහොතකට අවසන් වුනා.sohi ටද ඒ වග දැනුනා.

🌹oppa...ඔයාට කරදරයක් නෑ නේද...😶

sohi ඔහුට කතා කලත් teahyun ගල් ගැසී බෝනික්කා දෙස බලන් හිටියා.වැඩි වෙලා නොගොස් එම බෝනික්කා ක්ෂනයෙන් පිපිරී ගියා.පුලුන් වලින් වලින් පිරවූ එම බෝනික්කා පිපිරී ගිය විට හැම තැනක ම ලේ විසි වී ගියා.ඒත් එක්ක ම එම බෝනික්කා තුල තිබුනු ලාවා ගල ටික දුරක් රෝල් වී ආවා.teahyun එය හෙමින් සැරේ තමන්ගෙ අතට ගත්තා.

🖤ඒක ඇත්තට ම වැඩ කරනවා....😶

teahyun පුදුමයෙන් එය දෙස බලනගමන් කිව්වා.

🌹oppaaaaaaaaaaaaaaaaaaaaaa

🖤ඕහ්....sohi...sorry මට ඔයාව අමතක වුනා...

teahyun ඒත් එක්ක ම sohi ගෙ කාමරේ දොර විවෘත කලා.ඒත් එක්ක ම sohi teahyun ට ගහගෙන ගහගෙන ගියා.

🌹මෝඩයා මෝඩයා මෝඩයා....මෝඩයා..

🖤ආහ්...ගහන්න එපා ඕයි...

🌹ගහනවා නෙමේ මම අද මරනවා...මගෙ වැඩ සේරම විනාසයි...

ඒත් එක්ක ම sohi නිවසේ සාලය කොටස දිහා බැලුවා.එහි තිබුනු හැම බඩුමුට්ටුවක් ම පෙරලී අවුල් වී තිබුනා.

🌹මොන විකාරයක්ද වුනේ කියලා දැන්වත් මට කියනවද...

ඒත් එක්ක ම teahyun තමන්ගෙ අතේ තිබුනු ලාවා ගල පෙන්නුවා.

🌹මේ මොකක්ද...

🖤ෂිගුනාම් ගලක්....

🌹මොකා...

🖤ඇයි ගෙදර තියෙන පුස්තකාලෙ පොත් කියවලා නැද්ද..ෂිගුනාම් ගලක් කියන්නෙ ආත්ම සීයයක ශක්තිය එකතු වුනු ගලක්.ඒ ගල් වර්ගය හදාගන්න හැටි ගැන තිබුනු එකම පොත හම්බවුනා මට අන්තිමට.ඒ නිසා මට ඒක කරලා බලන්න ඕන වුනා.

🌹ඔය මිනිස් ආත්මනෙ....ඇයි ඉතිම් එයාලව හිර කරන්නෙ ගල් වල...

🖤කවුද කිව්වෙ මිනිස්සුන්ගෙ ආත්ම කියලා...මේ මිනිස්සුන්ට කරදර කරන පිසාච ආත්ම...

🌹මොකක්...ඔයා කියන්නෙ ඔය ගල ඇතුලෙ පිසාච ආත්ම සීයක් විතර ඉන්නවා කියලද...

🖤අ...නෑ..එච්චරට ම නැතුව ඇති....

🌹අශ්...මන් යනවා යන්න...

🖤කොහෙද ඒ පාර යන්නෙ..

🌹එලියට යනවා ටිකක් ඇවිදින්නවත්..ඔයාට මේ vampireලා ගැන හොයලා හොයල ම මොලෙත් විකාර වෙලා..තව ටික දවසකින් පිස්සු හැදෙන්නත් බැරි නෑ...

sohi එසේ කියාගනිමින් හයියෙන් දොර වහගත්තා.

_________________________________________

ටික වෙලාවකට පස්සෙ sohi ලෑස්ති වුනා.teahyun ටත් මොකුත් නොකිය ම ඇය නිවසින් පිටත් වුනා.ඇය තනිවම පාරේ ඇවිදගෙන ගියා.ඒ අතරතුරේ ඇගේ හිතට අමුත්තක් දැනෙන්න ගත්තා.එලියට ආවත් තමන්ගෙ හිතට මදක් හිස් ගතියක් දැනෙන්න ගත්තා.

🌹ම්හ්...එලියට ආවහම වත් mood එක හැදෙන්නෙ නෑ නෙහ්..මොනා වෙලාද මට....

sohi ටික දුරක් ඇවිද ගෙන ගිහින් bench එකකින් වාඩි වුනා.ටික වෙලාවකට පස්සෙ sohi ට call එකක් ආවා

💚hey baby...
🌹hello...yeonjunieeeeee..
💚මොකද කරන්නෙ ඉතිම්...
කම්මැලියි අනා...ඒ අස්සෙ අර භූතයත් ගේ ඇතුලෙ විකාර කරනවා ඉදගෙන.ඒ නිසා මන් එලියට ආවා.
💚හම්...ඔයා දන්නවද මන් ඉන්න තැන..
🌹හම්..නෑ..
💚හරි එහෙනම්...ඔයාගෙන් පිටිපස්සෙ තියෙන bench එක දිහා ටිකක් බලන්න...
🌹හම්...

sohi තමන්ගෙ පිටු පස බැලුවා.තමන්ට පිටුපසින් තිබුනු bench එක අසල yeonjun ද සිටියා.

🌹ඔයා...!!
💚හම්...

(කොල්ලා මෙහෙම ඇදගෙන sohi දිහා බැලුවා කියලා හිතන්ටකෝ😁)

sohi සිනාසෙමින් yeonjun ලගට දිව ගෙන ඇවිත් ඔහුව වැලදගත්තා.

🌹ඔයා කොයි වෙලේද ආවේ...
💚හම්...මන් ආවේ ඔයා එන්නත් කලින් මෙතනට...
🌹හම්..
💚ඒක නෙවේ ඔයාගෙ ගෙදර දි වුනේ මොකක්ද..
🌹අහ්..ඒකද...අර භූතයා ෂිගුනාමිද මක්කද ගලක් හදලා ඒක තියාගෙන උඩ පනිනවා..🫠
💚ඕහ්..ඒකද......ඒක ගොඩක් පරණ ක්රමයක්...ඒත් ඒක වැඩ කිරීමේ සම්භාව්යතාවය සීයට අනූ නවයක් වගේ..

ඒත් එක්ක ම sohi yeonjun ගෙ කට වැහුවා.

🌹මොකක්ද අප්පා ආයෙ පටන් ගත්තද...ඊට පස්සෙ ඒ ක්රමේ හොයා ගත්තු කෙනාව කියාවි.ඊට පස්සෙ එයාගෙ පරම්පරාව ගැන කියාවි..මම කියන්නෙ..ඒකට කමක් නෑ මාත් ඒවට කැමතියි.මන් දන්නවා ඔයා මෙහෙම හිටියට ඇවිදින පුස්තකාලයක් කියලා.ඒත් අපි ඕවා ගැන නැතිව අපි ගැන කතා කරන් ඉමුකෝ

ඒත් එක්ක ම sohi yeonjun ගෙ අත තදින් අල්ල ගත්තා.

💚හම්...princess...

yeonjun කුමාරයෙක් කරනවා වගේ බිම දනගැහුවෙ sohi ගෙ අතත් අල්ල ගෙන.

ඔයා මාත් එක්ක date එකකට යන්න කැමතිද...

🌹ඇත්ත වශයෙන් ම..........ඔව්....

sohi සිනාසෙමින් කිව්වා.



















නැවත ඊලග කොටසිහ් හමු වෙමු....💕

Continue Reading