" ඔප්පා.... මම.. මම ඔයාට ආදරෙයි..." තමා දෙසට පාර්සලයක් දිගු කරගෙන ඉන්න ගෑණු ළමයා දිහා ජොන්කුක් කිසිම හැඟීමක් නැතුව බලාගෙන හිටියා. මේ කීවෙනි ආදර ප්‍රකාශයද කියලා ඔහුට මතක නැහැ. නමුත් මේ දේට ජොන්කුක් කොහෙත්ම කැමති උනේ නැහැ..
" ඕකත් අරගෙන මෙතනින් යනවා.." රළු හඬින් කියපු ජොන්කුක් ඒ ගෑණු ළමයාගෙ ප්‍රතිචාරය දකින්නත් කලින් එතනින් එන්න ආවා.
" ඒයි පොඩි එකෝ... ගෑණු ළමයිගෙ හිත් ඔහොම රිද්දන එක හරි නැහැ.." එක පාරටම අනෙක් පසින් ඇහුන ගැඹුරු කටහඬ ජොන්කුක් ගැස්සිලා ගියා.
මීට ටික වෙලාවකට කලින් සිද්ධ වෙච්ච හැමදේම බලාගෙන ඉඳපු ටේහ්යොන්ග් තනියම හිනා උනා.. මීට සතියකට කලින් මේ දඩබ්බර හා කොලුවා තමන්ට හොඳ පාරක් ගහපු හැටි ඔහුට මතකෙට ආවා. ඉයුජින් නොඉඳින්න ටේහ්යොන්ග් මේ වෙනකොටත් ජොන්කුක්ට ප්‍රතිචාර දක්වලා ඉවරයි. ඒත් ටේහ්යොන්ග් ඒ රවුම් ඇස් වල තවත් සිත් ඇදගන්නා සුළු දෙයක් දැක්කා. ඔහුට ඕනි උනේ ඒක ජොන්කුක්ගෙ කටින්ම දැනගන්නයි.
" සම්බේ... මම පොඩි එකෙක් නෙවෙයි.. අනික මගේ දේවල් මම බලාගන්නම්.." ටේහ්යොන්ග් දකිද්දි මීට සතියකට උඩදි ජොන්කුක්ට විඳින්න උන ලැජ්ජාව ඔහුගෙ මතකයට ආවා. ඒත් ඒ හැඟීම යටපත් කරගෙන ජොන්කුක් රළු විදියට ටේහ්යොන්ග්ට කතා කලා..
" වාව්.. වාව්.. වට් අ ඇටිටියුඩ්?? මට මතක විදියට ඔයා තාම මගෙන් සමාව ගත්තෙත් නැහැ.." ටේහ්යොන්ග් එහෙම කියද්දි ජොන්කුක් යන ගමන නතර කරලා මග නැවතුනා..
" සමාව ගන්න..? මොකටද?" ජොන්කුක් අහද්දි ටේහ්යොන්ග් කට කොනකින් හිනා උනා..
" ඇයි මීට සතියකට කලින් මම නොකරපු වැරැද්දකට ගුටියක් කෑවෙ.. මතක නැද්ද?" ටේහ්යොන්ග් කියද්දි ජොන්කුක්ගෙ හිත ආපහු ලැජ්ජාවෙන් පිරිලා ගියා..
" ආහ්...ඒ.. ඒක.. " ජොන්කුක් කිව්වෙ උගුර පාදනගමන්..
" මියන්නෙයෝ.. ඒත් නූනාව ආපහු ඇඬෙව්වොත් මම ආපහු ඔයාට ගහනවා. " මේ පාර ටේහ්යොන්ග් තරමක් හයියෙන් හිනා උනා..
" ඒ තරම් එයාව ඔයාට විශේෂයිද?" ටේහ්යොන්ග් අමුතු විදියට අහද්දි ජොන්කුක්ගෙ හදවතේ වේගය වැඩි උනා..
" එයා මගේ නූනා.." ජොන්කුක් කිව්වෙ ටේහ්යොන්ග්ගෙ ඇස් මගාරින ගමන්...
" ෂුවර් ද?" ටේහ්යොන්ග් ආපහු ඇහුවේ ජොන්කුක්ගෙ මූණට එබෙන ගමන්. මේ නිසා ජොන්කුක්ට දැනුනෙ ඔහුගෙ කම්මුල් රත්වීගෙන යනවා වගේ..
" ඇයි මට හිතෙන්නෙ ඔයා එයාගෙන් නූනා කෙනෙක්ට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා..?" ඒ වචන ඇහෙද්දි ජොන්කුක් පුදුම උනා. ටේහ්යොන්ග් කිසිම අපහසුවකින් තොරව ජොන්කුක්ගෙ හිත කියෙව්වා.. හරියට විවෘත උන පොතක් වගේ..
" මො..මොකක්?? විකාරද?" ජොන්කුක් කිව්වෙ නොරිස්සුම් බැල්මකින්.
" ඇයි ගොත ගහන්නෙ? ඇයි මගෙ ඇස් දිහා බලාගෙන කතා කරන්න බැරි.?" ටේහ්යොන්ග් උත්තර දෙනවා වෙනුවට තව ප්‍රශ්ණ ඇහුවා. ජොන්කුක් ඒ ප්‍රශ්ණ වලින් මොනතරම් අපහසුතාවයට පත් උනාද කියනවනම් ඔහුට හුස්ම ගන්න පවා අමතක උනා..
" යාහ් පොඩි එකෝ.. හුස්මක් ගන්නවා.. මැරෙන්නද හදන්නෙ.." ටේහ්යොන්ග් ජොන්කුක්ගෙ උරහිසට පාරක් ගැහුවම ජොන්කුක් පියව සිහියට ආවා..
" මම.. යනවා.." කලඹලෙන් වගේ කිව්ව ජොන්කුක් ටේහ්යොන්ග්ගෙ ග්‍රහණයෙන් මිදිලා ඉක්මණටම කොලේජ් එකෙන් එලියට ආවා. ටේහ්යොන්ග්ගෙ මුවේ තිබුණෙ ජයග්‍රාහී හිනාවක්..
" ඉක්මණටම ආපහු අපි හම්බ වෙමු.." ඈතින් යන ජොන්කුක්ට කියපු ටේහ්යොන්ග් ඔහුගේ වාහනය දෙසට හෙමිහිට පියමැන්නා.
.
.
.
.
.
.
.
" නූනා..."
" ඕහ්.. කුකී එන්න.." ඉයුජින් කිව්වෙ ඇගේ ඇඳේ පසකට තට්ටු කරනගමන්.. හවස්වරුවෙ ජොන්කුක් ඉයුජින්ගෙ ගෙදරට ආවෙ ඔහුගේ හිතේ ඇතිවුන යම් සැකයක් නිසයි. ඔලුව කස කස මොහොතක් බලා සිටි ඔහු ඉයුජින්ගෙ ඇඳේ පසෙකින් ඉඳ ගත්තා. තමන්ගේ ශරීරයට වඩා ලොකු සැහැල්ලු පිජාමා එකක් හැඳ සිටි ඉයුජින් ඇඳේ වැතිරිලා ඇයගෙ කම්පියුටරය දෙස බලාගෙන ස්නැක් පැකට් එකකට වගකියමින් සිටියා.
" ආ.. කන්න.." ඉයුජින් ජොන්කුක් දෙසටත් එය දිගු කලා. වෙන වෙලාවකනම් ඔහු කිසිම පැකිලීමක් නැතුව එය පිලිගන්නවා. ඒත් දැන් ඔහු හිටියේ ස්නැක් කකා විනෝද වෙන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි.
" මට එපා.. නූනා.. මම ප්‍රශ්ණයක් අහන්න ද?" ජොන්කුක් එකවරම අහද්දි ඉයුජින් ඔලුව වනලා හා කිව්වා..
" ඔයාට.. ඔයාට මාව පෙන්නෙ කොහොමද.." ජොන්කුක්ගෙ හදවත මේ මොහොතේ දෙගිඩියාවෙන් ගැහුනා.
" වරදක් නෑ " ජොන්කුක්ගෙ හිසේ සිට පාදාන්තය දක්වා බලපු ඉයුජින් කිව්වා.
" අනී.. මම කිව්වෙ බාහිරින් නෙවෙයි.. ඇතුලෙන්..ඇතුලෙන් කොහොමද.." ජොන්කුක් නොඉවසිල්ලෙන් ඇහුවා.
" ඇතුලෙන්?" ඉයුජින් අහද්දි ජොන්කුක් ඉක්මණටම ඔලුව වැනුවා..
" ඒකට ඉතින් කපලා බලන්න වෙයි.." ඉයුජින් කොක්හඬ නඟලා හිනා වෙද්දි ජොන්කුක් මූණ එල්ලගත්තා.
" යාහ් නූනා... ඔයා එක්ක බෑ.." ජොන්කුක් කියද්දි ඉයුජින් ජොන්කුක්ගෙ පිරුණු කම්මුල් වලින් ඇද්දා.
" අයිගෝ.. කියෝවෝ.. මගෙ හුරතල් දොන්ග්සෙන්.." ඉයුජින් කියපු ඊලඟ වචන ටිකෙන් මෙච්චර වෙලා ජොන්කුක් හොයපු උත්තරය එයාට ලැබුණා.. ඔව් එයාගෙ නූනාට එයා විශේෂ කෙනෙක් නෙවෙයි.. සහෝදරයෙක් විතරයි.. හදවතට දැනුණු වේදනාව යටපත් කරගෙන ජොන්කුක් හිනා උනා..
" ටේහ්යොන්ග්.. සම්බේට මං ගැන කොහොමද කිව්වෙ ඔයා..?" ටේහ්යොන්ග් ගැන මතක් කරද්දිත් ඉයුජින්ගෙ මූණ එලිය වැටුණා..
" මම පොඩි කාලෙ ඉඳන් ම දන්න කියන අපේ ගෙදර ලඟ මල්ලි කෙනෙක් කියලා කිව්වා.." ඉයුජින්ට මේ වෙලාවේ ජොන්කුක්ගෙ මූණෙ හැඟීම් පෙනුනෙ නැහැ. ඇය හිටියේ කම්පියුටර් තිරය මත යන වීඩියෝ එකට අවධානය දීලා.. ඒත් නිකමට හරි ජොන්කුක්ගෙ ඇස් වලට එබුනොත් ඉයුජින් නොදැකපු ගොඩක් හැඟීම් මේ වෙලාවේ දකින්න පුළුවන්කම තිබුණා..
ඒ ඇස්වල විරහවේ වේදනාව ගැඹුරින් දකින්න පුළුවන් උනා.