ඒ සතියෙන් පස්සේ ඉයුජින් ටේහ්යොන්ග් නිතරම කතාබහ කරනවා ජොන්කුක්ගෙ ඇස ගැටුනා. හදවතින් කඩා වැටි වැටී ජොන්කුක් පිටතින් හරි ලස්සනට හිනාවෙන්න පුරුදු උනේ ඔන්න ඔය කාලේදි. ඉයුජින්ගෙ සතුට එතනනම් ඒ සතුට එතනම තිබෙද්දෙන් කියලා හිතපු ජොන්කුක් ඉයුජින්ගෙන් ඈත් වෙන්න කරුණු හෙව්වා. මුලදි මුලදි ඒක සෑහෙන්න අමාරු උනත් ජොන්කුක්ට වෙන විකල්පයක් තිබුණෙ නැහැ.
" කුකී... "
"ම්හ්..."
" දුක නැද්ද?"
ඈතින් පේන කොරිඩෝව ලඟ බර කතාවක ඉඳපු ඉයුජින් ටේහ්යොන්ග් දැකලත් බිම බලාගෙන නොදැක්ක ගානට යන ජොන්කුක් දිහා බලපු ජිමින් ඇහුවා..
" දුකයි... ඒක හරියට සීත කාලෙදි මාව ගිනි ගන්නවා වගේ " ජොන්කුක් කිව්වෙ ජිමින්ගෙ ඇස් මගාරින ගමන්.. ජිමින්ට දුක හිතුනා... දන්න කියන කාලෙ ඉඳන්ම ඉයුජින් ගැන ජොන්කුක්ගෙ හිතේ මොනතරම් ආදරයක් තිබුණද කියලා ජිමින් හොඳාකාරවම දැනගෙන හිටියා.. ඒත් ඔහුටත් මේ වෙලාවේ තමන්ගේ යාළුවට උදව් කරන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ.