Pure Love || KTH || JJK || Mi...

Thushara1990 által

2.6K 550 103

සේද හිරු රැස් වලට පවා ඊර්ෂ්‍යා කළෙමි මං නුඹේ උවනත සිප ගත්ත.... සීත පිණි බිඳුවට පවා ඊර්ෂ්‍යා කළෙමි මම නුඹේ ගත... Több

Part 1
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Author Note

Part 2

239 44 39
Thushara1990 által

කිම් පවුලෙ වැඩිමලා කිම් සොක්ජින්.. කිම් පවුලෙ මද්දුමයා කිම් නම්ජුන්.... කිම් පවුලෙ බඩපිස්සා.. ඒ වගේම කොලේජ් එකේ කෙල්ලොන්ගෙ සිහින කුමාරයා කිම් ටේහ්යොන්ග්... කිම් පවුල කොලේජ් එක පුරාම හරිම ප්‍රසිද්ධ පවුලක්.. සල්ලි.. බලය.. හැකියාව.. දක්ෂකම විතරක් නෙවෙයි රූපෙටත් ඒ විදයටම උරුමකම් කියපු උරුමක්කාරයො ටිකක්. ඒ අතරිනුත් ටේහ්යොන්ග් තවත් විශේෂ උනා.. හැමෝගෙම හිත් වසඟ කරපු කොටු හැඩේ හිනාවක් තිබුණු.. තියුණු ඒ වගේම සරාගී ඇස් දෙකක් තිබුණු ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඩවසම් කියලා පිලිගන්න ජොන්කුක් මැලි උනේ නැහැ. ටේහ්යොන්ග්ගෙ කඩවසම් බවෙන් ජොන්කුක්ට වැඩක් තිබුණෙත් නැහැ. ඒත් ඒ කඩවසම් හාදයා තමන් පුංචි කාලේ ඉඳන් ආදරේ කරන නූනාගෙ ෆොරෙවර් ක්‍රෂ් එක උන එකනම් ජොන්කුක්ට ලොකු ප්‍රශ්නයක් උනා..

හදවතට දැනුණ දුක දරාගෙන ජොන්කුක් එහෙමම ඉයුජින්
ලඟ නැවතුනා. ටේහ්යොන්ග් දකිනකොට ඉයුජින්ගෙ ඇස් ලස්සනට දිලිසෙන හැටි ජොන්කුක් බලාගෙන හිටියෙ කියාගන්න බැරි තරම් දුකෙන්.

ටේහ්යොන්ග්ගෙ එකම එක බැල්මක් අපේක්ෂාවෙන් නොඉවසිල්ලෙන් ඉඳපු ඉයුජින්ව සත පහකටවත් ගනන් නොගෙන එතනින් ගියපු ටේහ්යොන්ග් දිහා ජොන්කුක් ඔරවගෙන බලාගෙන හිටියා.. මේ කිසිම දෙයක් නොදැකපු ටේහ්යොන්ග් එයාගෙ අතේ තිබුණු ලොලිපොප් එකේ කවරය කඩලා දාලා ඒක කටේ රුවාගෙන කෙල්ලන්ව පිස්සු වට්ටන තරමෙ හිනාවකින් මූණ සරසගෙන තමන්ගෙ අයියලා දෙන්නත් එක්ක බර කතාවකට එකතු උනා...

" කුකී....." ඉයුජින්ගෙ බැගෑපත් හඬ ඇහුනත් ජොන්කුක් හිටියෙ පරණ නෝක්කාඩුවෙන්මයි..

" මොකෝ..." බුම්මගෙන ඉයුජින් දිහා බැලුවත් ජොන්කුක් ඒ ක්ෂණයකින් මූණ වෙනස් කරගත්තෙ ඉයුජින්ගෙ පිරුණු මූණ දුකෙන් පිරිලා තියෙනවා දකිද්දියි...

" අර... අර ලොලිපොප් එකේ කවරේ මට ඕනි..." ඉයුජින් කිව්වෙ ග්‍රවුන්ඩ් එකයි පාරෙයි අතර මැද තියෙන වැටෙන් එහාට වැටිලා තිබුණු ලොලිපොප් කවරය අතින් පෙන්නන ගමන්..

ජොන්කුක්ට ඉබේටම බර හුස්මක් හෙලුනා... තරහ ගන්නද දුක හිතන්නද කියලා ඔහුට හිතාගන්න බැහැ. ඒත් එයාගෙ නූනා වෙනුවෙන් එයා නොකරන දෙයක් නැහැ කියලා ජොන්කුක් දැනගෙන හිටියා.

ග්‍රවුන්ඩ් එකට වටෙන් ගියොත් සෑහෙන වෙලාවක් යන නිසා මේ වෙලාවේ හොඳම විකල්පය වැටට උඩින් පනින එක කියලා ජොන්කුක්ට හිතුනා.

" මේක අල්ලගන්න..." ජොන්කුක් තමන්ගෙ බෑගය ඉයුජින්  අතට දෙනගමන් කිව්වා. වික්ෂිප්ත වූ දෙනෙතින් ඔහු දිහා බැලුවත් ඉයුජින් ඒ බැගය ඇගේ අත් අතරට අරගත්තා. තප්පර දෙක තුනක් යද්දි ජොන්කුක් හිටියේ වැටෙන් එහා පැත්තේ ග්‍රනවුන්ඩ් එකේ. ලොලිපොප් කවරය අතට අරගෙන ආපහු වැටට නඟිද්දි ජොන්කුක්ගෙ අත  වැටේ  තිබුණු තියුණු කොටසකට හීරිලා ගියා.. අතට දැනුණ සියුම් දැවිල්ල නොතකා ජොන්කුක් එහෙමම බිමට පැනලා ඉයුජින් ලඟට ආවා..

" ආ.. මෙන්න..." ජොන්කුක් ලොලිපොප් කවරය ඉයුජින්ගෙ අතට දෙනකොටම ජොන්කුක්ගෙ බෑගය බිම ඇතැරපු ඇය ගොඩක් සතුටෙන් උඩ පැන්නා.

" කුමාවෝ කුකූ..." ඉයුජින් කිව්වෙ ඉහවහා ගිය සතුටෙන්... බිම වැටුණු බැගයෙ තිබුණ දූවිලි ගසලා ජොන්කුක් එයාගෙ බෑග් එක ආපහු කරේ දාගත්තා..

ගෙදරට යන අතරමග ඉයුජින් තොර තොරතෝංචියක් නැතිව කියෙව්වට ජොන්කුක් හිටියේ ඒ කතා වලට සවන් දෙන්න පුළුවන් තරමෙ හිතකින් නෙවෙයි..

එයා නූනට මේ තරම් ආදරේ කරන්න පටන් ගත්තෙ කවදද කියලා ජොන්කුක්ටවත් මතකෙ තිබුණෙ නැහැ. ඒත් දවසින් දවස එයා කාන්දමක් වගේ නූනා දිහාවට ඇදෙනවා කියලා එයා දැනගෙන හිටියා. ඉයුජින් ජොන්කුක්ව දකින්නෙ තාමත් පුංචිකාලේ ඉඳපු හුරතල් මල්ලි විදියට උනාට එයාගෙ නූනා ඒ විදියට තමන් දිහා බලනවට දකිනවට ජොන්කුක් කැමති උනේ නැහැ. ඔහුට ඕනි උනේ නූනා එයාව වැඩුනු පිරිමි ළමයෙක් විදියට දකිනවට.. ජොන්කුක් ඒ වෙනුවෙන් නොකරපු දෙයක් නොකරන දෙයක් නැති තරම්...

නූනා ටේහ්යොන්ග්ට කැමතියි කියලා දැනගත්ත දවස ජොන්කුක්ට අදටත් අමතක කරන්න බැහැ. එදා කාටත් හොරෙන් මහ වැස්සෙ පිට්ටෙනියට වෙලා ෆුට් බෝල් සෙල්ලම් කරනවා වගේ හොඳටම ඇඬුව හැටි ඔහුට තාමත් මතකයි.  වැස්ස නිසා ජොන්කුක්ගෙ කඳුළු එදා කාටවත් අඳුරගන්න බැරි උනා. එදා හදවතේ ඇතිවුන තුවාලය තාමත් විටින් විට ජොන්කුක්ව හරි දරුණු විදියට රිදෙව්වා.

ඉයුජින්ව ගෙදරට ඇරලපු ජොන්කුක් අල්ලපු වැටේ තිබුණු තමන්ගෙ ගෙදරට අඩිය තිබ්බේ බාගෙට මැරිලා වගේ.. උදේ ඉඳන් හිතේ තිබුණු සතුට එක පාරටම පහනක් නිවිලා ගියා වගේ අතුරුදහන් වෙලා. ජිම් යන අදහස පැත්තකට දාපු ජොන්කුක් නාගෙන එහෙමම ඇදට වැටුනා..

.
.
.
.

ජොන්කුක් හවස අහරිනකොටත් හිතේ බර එහෙමමයි. ලොකු බඩගින්නක ඉඳපු ජොන්කුක් කුස්සියට ගිහින් රාමෙන් බෝල් දෙකකටම වග කිව්වා. ආපහු කාමරේට එද්දි ඉබේටම ජොන්කුක්ගෙ ඇහැ ගියේ ඔහුගෙ රූම් එකට පේන නූනාගෙ කාමරේට. හොඳටම විවෘත උන ජනේලයෙන් ඇතුලත ආලෝකමත් උන රෝස පාට බිත්ති පවා පැහැදිලිව පෙනුනා.. ඉයුජින්  එයාගෙ තැඹිලි පාට හූඩි එකත් ඇදගෙන එහෙට මෙහෙට පැද්දි පැද්දි සිංදුවකට නටමින් හිටියා. ජොන්කුක්ගෙ මුවඟට ඉබේටම සිනහවක් නැඟුනා.. ඒත් ඒ හිනාව අතුරුදහන් වෙන්න වැඩි වෙලාවක් ගත උනේ නැහැ. ඉයුජින් එයාගෙ තැඹිලි පාට හූඩි එක එක ඇසිල්ලකින් ගලවලා දැම්මා.. ඉයුජින්ගෙ නිරුවත් පිට දැකපු ජොන්කුක්ට උඩට ගත්ත හුස්ම පහලට හෙලන්න අමතක උනා. සිහි එලවගත්ත නිමේෂයේම ජොන්කුක් කලේ ඔහුගෙ දුරකථනය අරගෙන ඉයුජින්ට කෝල් කරපු එක..

" යාහ්.... කී පාරක් කියලා තියෙනවාද රෑ වෙනකොට කාමරේ ජනේලෙ වහගන්න කියලා..!!!!" එහා පැත්තෙන් කිසිම දෙයක් කියන්න කලින් ජොන්කුක් ඉස්සර උනා..

" ඕහ්... ජොන්කුක්... මම ඉයුජින්ගෙ ඔම්මා.. ඉන්න මම එයාට කියනකම් ජනේලෙ වහගන්න කියලා.." ඒ කටහඬ ඇහෙද්දිම ජොන්කුක්ට පොළොව හාරගෙන හැංගෙන්න හිතුනා..

" ආයිෂ්... අද දවස මහ කරුම දවසක් " එහෙම කියපු ජොන්කුක් ආපහු එයාගෙ ඇඳට වැටුණා..

Olvasás folytatása

You'll Also Like

72.1K 9.8K 36
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
52.9K 9.3K 46
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
1.6K 454 6
සහෝදරයෙක් වෙනුවෙන් විශාල කැපවීම් ගොන්නක් ඉටු කරන සහෝදරයෙක් , ආදරේ වෙනුවෙන් මහ හුගක් වේදනාවන් සඟවාගෙන ඉන්න ආදරවන්‍තියෙක් , මිත්‍රත්වයක් වෙනුවෙන් අභියෝ...
17K 2.8K 22
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...