ඒ හිටියෙ එයා.. ඉස්සරටත් වඩා හැන්ඩ්සම් පාටට අර නපුරු ඇස් බෝල තවත් බෝල කරගෙන.. ඒත්.. අනේ ඒත් ඒ ඇස්වල තවදුරටත් ආදරේ තිබුනෙ නෑ.. චුට්ටක්වත් නෑ... එයා හරි සීතල බැල්මකින් අපි දිහාවට ඇස් තියාගෙන හිටියා.. මටවත් ටේ හ්‍යොංටවත් නැඟිටගන්න පණක් තිබුනෙ නෑ..
මේකත් මේ අවුරුදු එක හමාර තිස්සෙම දැකපු ජාතියේ ලස්සන හීනයක් විතරයි ද? මට මාවම කොනිත්තගන්න ඕනෙ වුණා.. රිදෙන්න ලේ පනින තරමට රිදෙන්න...
"අහ්.. මේ... මම ඇතුළට එන්නද?"
දුවගෙන ඇවිත් ඇගට පනින්නෙ නැතුව මොනවද ඔයා මේ අහන්නෙ රත්තරනේ.. මට අඬන්න කඳුළු තිබුනෙ නෑ... කොච්චර පපුව රිදුනත් කෑගහලා අඬන්න ඕනෙ උනත් මට තවත් කඳුළු නෑ.. මෙච්චර සතුටකදිවත් අඬන්න කඳුළු නෑ..
අපි තාමත් මුකුත්ම නොකියා එහෙමම හිටපු නිසා එයාම ඇතුළට එන්න ගත්තා.. කොච්චර ආදරේ ඕනෙ උනත් තුරුල් වෙන්න ඕනෙ උනත් මං නං යන්නෙ නෑ ලඟට.. මෙච්චරකල් මාව පිස්සෙක් වෙලා බෙහෙත් කරනකලුත් නෑවිත් ඉන්න තරම් එයාගෙ හිත හයියයිනම් මං මොකටද එයාව ගණන් ගන්නෙ.. හහ් මොට්ටයා...
ඇස්වල පිරිච්ච කඳුළු රස්නෙම රස්නියට පපුවත් පුච්චගෙන ගලන් යද්දි මං වෙව්ලන තොල් රිදෙන්න හපාගෙන දිගටම බිම බලන් හිටියා..
"මට ආර්. එම්ව බලන්න ඕනෙ.. එයා කොහෙද ඉන්නෙ කියලා කියන්න පුළුවන් ද?."
අශ්.. එයා මාව ගණන් නොගෙන ඉන්නද හදන්නෙ? යා... මෙච්චරකලුත් රිද්දලා තවත් රිද්දන්න පුළුවන් ද හ්‍යොං ඔයාට? අනික කවුද ආර් එම් කියන්නෙ. මොන ජාතියේ නමක්ද ඒ??
අහ් තවත්නම් මට එහෙම ඉන්න බැරි වුණා.. හිතන්නත් කලින් මං දුවන් ගිහින් එයාව තුරුල් කරගත්තා.. මහ හිරට චප්ප වෙන්නම මිරිකගෙන තුරුල් කරගෙන ඒ සුවඳ පපුව අස්සෙන් ඔලුව ගහගත්තා..
නෑ එයාගෙන් ඉස්සර සුවඳ හොයන්න එපා කුකී.. එයාගෙ ඇඳුම් පවා එහෙම මුමුණනවා මට දැනුනා.. අඩුමගානෙ එයාගෙ අත් මගෙ වටේ එතුනෙවත් නෑ.. මං විතරක් එයාව චුරුස් වෙන්නම තුරුල් කරන් මහ ලෝබකමට ඒ පපුව අස්සෙ ආදරේ හෙව්වා..
"කොහෙද දෙයියනේ ගිහින් හිටියෙ? දන්නවද ඔයා නැතුව මං කොච්චර විදෙව්වද කියලා ආ.. අනේ මට මැරෙන්න හිතිලා තිබුනෙ හ්‍යොං..."
මං ඒ මූණම දෝතට අරන් නපුරු ඇස් අස්සෙ ගිලීගෙන කියෙව්වා... දෙයියනේ මට සතුටුයි.. කෑගහලා අඬන්න හිතෙන තරම් සතුටුයි..
"අහ්.. මොනවද කියවන්නෙ?? පැත්තකට වෙනවා.. පිස්සුද තමුන්ට..."
එකපාරම එයා මාව රිදෙන්න අල්ලලා ඇදලා අරන් පැත්තකට තල්ලු කරලා දැම්මා.. ඔයා මට රිද්දනවා හ්‍යොං... අනේ ඇයි මේ?? විසික් වෙලා වැටිච්ච තැනම ඉදගෙන මං කම්මුල් දිගට කඳුළු පෙරුවා.. ටේ හ්‍යොං කලබලෙන් දුවන් ඇවිත් මාව වාරු කරන් හිමීට නැගිට්ටෙව්වා...
"චිම්.. මේ සිරාවටම උඹද බං... දෙයියනේ කොහෙද යකෝ මෙච්චරකල් ගිහින් හිටියෙ? උඹ මැරුණා කියලා අපි වෙන මොකෙක්ගෙද මිනියක් උස්සන් ඇවිත් චාරිත්‍ර ඔක්කොම කරලා වැළලුවත්තෙක්ක.."
ටේ හ්‍යොං සද්දෙට හිනාවෙවී කියෙව්වත් එයා තාමත් හිටියෙ අර නපුරු ඇස් මගේ දිහාවට ඔරවගෙන.. අඩුම ගානෙ ටේ හ්‍යොංගෙ උණුසුම් වැළදගැනීමවත් සතපහකට ගනන් නොගෙන..
ඇයි මේ? ඔහෝ.. ඔයාට ජෙලස් හිතිලද මගෙ මොට්ට පොකිරිස්සෝ... මං ටේ හ්‍යොංව බදාගෙන හිටපු හින්දද මේ??
"සොරි ඔයාලා වෙන කාත්තෙක්ක හරි මාව පටලගෙන. මං ඔයාලා හිතන කෙනා නෙවෙයි. මං මෙහෙට ආවෙ මිස්ටර් නම්ජූන්ගෙ තත්වෙ මොකද බලන්න."
මොනවද රත්තරනේ මේ කියවන්නෙ??එයාගෙ වචනයක් ගානෙම හිර කරන්න ගත්තු පපුවට අත තද කරගත්ත මං එහෙමම ටේ හ්‍යොංට වාරු වුණා..
"ඔහ් හේයි ඔයා හොඳින්ද මිස්ටර්??"
"යා.. නවත්තගන්නවා ඔය විකාරෙ... අවුරුදු ගානක් තිස්සෙ අතුරුදන් වෙලා ඉදලා එක පාරම මං ඉස්සරහින් මතුවෙලා ඔහොම හැසිරෙන එක හරිද තමුන් ආ? දෙයියනේ මට ඔයා නැතුව හුස්මක්වත් හරියට වැටුනෙ නෑ හ්‍යොං.. යං රූම් එකට මං පෙන්නන්නම් දවසකට කොච්චර බෙහෙත් තොගයක් බොනවද කියලා.. පිස්සෙක් වෙලා හිටියෙ මං.. පිස්සෙක් වෙලා...
අශ්... දන්නවද ඉවසලා ඉවසලා බැරිම තැන ඊයෙ මං ස්විසයිඩ් කරගන්න ගියා.. ඒ වෙලාවෙ මැරිලා ගියානම් අද ඔයාට එන්න වෙන්නෙ මගෙ මලගෙදරට හ්‍යොං.. මට තවත් විදවන්න බෑ.. මට හරි මහන්සියි.. ප්ලීස් රිද්දන්න එපා.. ඔයා ඔහොම කරද්දි පපුව අස්සෙන් හෙණ පුපුරනවා වගේ.."
"අහ්.. මං දන්නෙ නෑ මොනාද කියන්න ඕනෙ කියලා.. ඔයා ඉන්නෙ වැරදි වැටහීමක.. අ'ම් සොරි... ඔයා ආදරේ කරන කෙනා ගොඩක් ලකී ඔයා වගේ කෙනෙක්ගෙ ආදරේ ලබන්න... මම විශ් කරනවා ඔයාගෙ ආදරේ ඉක්මනටම ඔයාට ලැබෙන්න කියලා.."
එයා කලබල ඇස්වලින් මං දිහාම බලාගෙන ඉදලා මහා දුකකින් මිමිණුවා.. නෑ ඒ ඇස්වල බොරුවක හෙවනැල්ලක්වත් නෑ.. එයා බොරු නෙවෙයි කියන්නෙ කුකී... ඒත්
මේ ඔයාමනෙ හ්‍යොං. ඔයාගෙ මූණ ඔයාගෙ කටහඩ ඔයාගෙ සුවද... මට දැනෙනවා මේ ඔයාමයි.. අනේ ඇයි ඔහොම හැසිරෙන්නෙ වස්තුවේ??
"දුක් වෙන්න එපා.. එයා ඉක්මනට එයි ආපහු ඔයා ලඟට..."
දෙයියනේ කවුරු ගැනද තමුන් මේ කියවන්නෙ පාක් ජිමින්..? මාව කාට දීලා දාන්නද ඔච්චර හදිස්සි??
"එයා මැරිලා.. එයා මැරුණා මීට අවුරුදු එක හමාරකට කලින්..."
මං ඒ බොරපාට නපුරු ඇස් අස්සෙ ගිලීගෙන මුමුණද්දි ඒවා වචනෙන් වචනෙට ගැස්සුනා.. හරි හදිස්සියෙන් මහ අනුකම්පාවක් ඒ මුළු මූණම වහගත්තා.. ඔයා මට අනුකම්පා කරනවද හ්‍යොං? ඔයාගෙම ආදරේ නොලැබිච්ච එකට ඔයා මට අනුකම්පා කරනවද?
"ඔහ් සොරි මං හිතුවෙ නෑ එයා මැරුණ කෙනෙක් කියලා??"
ඒ තොල් අතරින් හිමීට මිමිණුනා..
"නෑ මැරුණෙ නෑ එයාව මැරුවා.. තිරිසන්නු ටිකක් අත පය ගැටගහලා වාහනෙත්තෙක්කම ගගකට තල්ලු කරලා එයාව මරලා දැම්මා.."
මං මහ ආවේගෙකින් කියවන් යද්දි කලබල වෙච්ච එයා අමාරු මූණක් එක්ක ඇවිත් සෝපා එකේ පැත්තකින් ඉදගත්තා..
"ම්හ්.. මං.. මං චුට්ටක් වාඩිවුණාට කමක් නෑ නේද?"
"ඇයි බං මේ? උඹ හොඳින්ද ජිමිනා?"
මාවත් සෝපා එක කෙලවරකින් ඉන්දවපු ටේ හ්‍යොං කඳුළු හිර කරන් උගුර අස්සෙන් මිමිණුවා..
"අහ් ඇයි ඔයාලා එක එක නම්වලින් මට කතා කරන්නෙ?? මගෙ නම..."
"මිනී..."
එකපාරම දොර ලඟින් ඇහුනු හුරතල් කටහඩට අපි ඔක්කොම ඒ පැත්ත හැරුනා.. අනේ චූටි ඒන්ජල් කෙනෙක් ආදරේම ආදරේ පාට හිනාවක් එක්ක පැටලෙන කකුල්වලින් උඩ පැන පැන සාලෙ මැද්දෙන් දුවගෙන ආවා..
"යා.. මං කියලා තියනවා මට ඔහොම කතා කරන්න එපා කියලා... අශ්.. මේ බලන්නකො ඇඳුමෙත්තෙක්ක අයිස්ක්‍රීම් හලාගෙනනෙ මගෙ රෝස මල.."
එයා අර මල් කැකුල හරි පරිස්සමට ඉම්බා.. සත්තයි මට ඕනෙවටත් වඩා ඉරිසියා හිතුනා..
"ආ.. අප්පා අනියා උයා කෙල ගානවා.."
අප්පා... මට මුළු කතාවටම ඇහුනෙ එච්චරයි.. ඒ එයාගෙ දරුවද?? ඔලුව පුපුරන්න වගේ රිදුම් දෙනකොට ලඟින් හිටපු ටේ හ්‍යොංගෙ අත තදට මිරිකගෙන මං එහෙමම සෝපා එක අස්සට ගිලුනා..
එයාට දරුවෙක් ඉන්නවද? දෙයියනේ මොනවද මට මේ ඇහෙන්නෙ හ්‍යොං?? අර පුංචි දරුවා දිහා බලාගෙන මං හරි බරට හුස්ම ඇද්දා..
ඔයා මැරුණා කියලා හැමෝම කියද්දිත් වෙන කෙනෙක්ගෙ වෙන්න කියලා බල කරද්දිත් ඔයා වෙනුවෙන් පේවෙලා ආදරේ රැකගෙන බලන් හිටපු මට අන්තිමට මේකද හම්බුනේ හ්‍යොං?? මෙහෙම ගිහින් මං කවදහරි මැරෙන්නෙ මේවා දරාගන්න බැරුව පපුව පැලිලා දෙයියනේ...
"කුකී... රිලැක්ස්.. ජස්ට් බ්‍රීත්.. හැමදේම හොදින් වෙයි. අපි බලමු.."
ටේ හ්‍යොං දිගටම මිමිණුවත් එයා වුනත් හිටියෙ හොඳ තත්වෙක නෙවෙයි..
ඒත්තෙක්කම ඉනේ ගහගත්ත පිස්තෝලයක් එහෙන් මෙහෙන් හංගගත්තු සුදුමැලි පාට මනුස්සයෙක් මහ ආදරණීය හිනාවක් එක්ක එකපාරම ගෙට ඇතුල් වුණා.. දරුවා එන්න ඇත්තෙ එයත්තෙක්ක.
"අහ් හායි ඔයා ටේහ්‍යොන් නේද? ජින්ගෙ කසින්?"
ටේ හ්‍යොං හරි පරිස්සම් කල්පනාවක් එක්ක හිමීට ඔලුව වැනුවා..
"මං හිතන්නෙ අපි කලින් හම්බෙලා තියනවා.. අවුරුදු දෙකකට උඩදි ජූන් සොවුල් මිශන් එකෙන් ඉන්ජර්ඩ් උන වෙලාවෙ.."
"අම්ම්.. අහ් ඔව් මට මතකයි."
"අපිට මෙහෙ එන්න ඉතිං ඕකා මොනවහරි කරගන්නම ඕනෙනෙ.."
හරි සුහද හිනාවකින් මූණම පුරවගත්තු එයා ටේ හ්‍යොංට අතට අත දීලා මගේ දිහාවටත් ඇස් එව්වා..
"මේ මගෙ යාලුවෙක්.. එයා ගැන වද වෙන්න එපා. මේ දේවල් එයාගෙන් පිටට යන්නෙ නෑ.. මෙහ් ඔයාලා ඔක්කොමලා එකටද ආවෙ?"
පොඩ්ඩිව තුරුල් කරන් ඉන්න හ්‍යොං දිහාවටත් ඇස් යවන ගමන් ටේ හ්‍යොං මුමුණද්දි අර කෙනා මං දිහා බලබලම පරිස්සමට ඔලුව වැනුවා...
එයාලා තුවක්කු තියන් ඉන්න මිනිස්සු. එක්කනෙක්ට වෙඩි වැදිලා ජීවිතේවත් රැකෙයිද හිතාගන්න බැරි තරමට. මෙතන ඔයා නොදන්න ගොඩක් දේවල් වෙනවා කුකී.. එළියෙ මිනිස්සු දැනගන්නවත් හොඳනැති හුඟක් දේවල්.. අනේ මේ නරක දේවල් වලට ඔයා ගෑවුනේ කොහෙන්ද රත්තරනේ??
"අප්පා.. අප්පගෙ තෝත මලට ආයිමත් අයික්කීම් බතගින්නක් එනෝනෙ.."
හ්‍යොංගෙ බෙල්ලෙ එල්ලීගෙන මං හැමදාමත් තුරුල් වෙන්න පෙරුම් පිරුව ඒ පපුව අස්සට ඔලුව ඔබාගෙන අර චූටි මල් පෙත්ත මහ හුරතලේකින් කියෙව්වා..
"යා... දෙන්න එපා මිනී.. ඔය හොර කෙල්ල අඬලා අඬලා මගෙ අයිස්ක්‍රීම් එකත් උදුරගෙන කෑවා.."
අර පූස් පාට හ්‍යොං පිස්සුවෙන් වගේ කෑගහන්න ගත්තම බෝනික්කි එයාගෙ රෝස තොල් නොපිටට පෙරලගෙන ඕනෙවටත් වඩා දුක මූණක් හදාගත්තා..
"උන්ගි අජොසී නෝටී නෝටී.."
කෙල්ල පෝලිමට කියවන් යද්දි හ්‍යොං ලස්සන හිනාවක් එක්ක ඒ බෝල කම්මුලක් රෝස වෙනකල් තොල් දෙකෙන් හැපුවා.. හපන්න හිතෙන තරමෙ හුරතලයක් නේන්නම් ඒක..
"එයාට ඕනෙනම් ගෙදර අයිස්ක්‍රීම් තියනවා. අපි චුට්ටක් දෙමු.."
තවත් බලන් ඉන්න බැරිම තැන මං රෝසමල වෙනුවෙන් කතා කරා.. එයා දිළිසෙන ඇස් හොදටම බෝල කරගෙන චුට්ටන් දත් දෙකතුනක් පෙන්නන ගමන් ලෝබ හිතෙන තරමෙ ලස්සන හිනාවක් මට දුන්නා..
අශ්... මේ හුරතලේ එක්ක මෙයාලා කොහොම ඔච්චර නපුරුකම් කරනවද?? අනික පොඩි එකෙක් අයිස්ක්‍රීම් ටිකක් කෑවට මොනව වෙනවද? හ්‍යොං වුනත් චූටිකාලෙ කොච්චරනම් අයිස්ක්‍රීම් කාලා ඇතිද? ජියෝ ආන්ටි ඉස්සර කියනවනෙ මට එයාගෙ එකයි ආන්ටිලාගෙ ඒවයි ඔක්කොම කාලා තව හොරෙනුත් කනවලු. බබාට තමයි දෙන්න නරක.. හහ්... මාත් හොදටම මූණ නරක් කරගත්තා...
"එපා එපා ගොඩක් කාලා අසනීප වෙයි.."
අර උන්ගි කියන හ්‍යොං ඒ පාරත් නපුරෙක් වගේ කෑගැහුවා.. උන්ගි.. යා.. මොන ජාතියේ නමක්ද ඒ?? ඇයි මේ අමුතු අමුතු නම් තියන මිනිස්සු ගොඩක් මේ ගෙදර පිරිලා ඉන්නෙ..
"අහ්.. අ..අර අර ක්කවුදහ්??"
එකපාරම හ්‍යොං පොඩ්ඩිවත් පැත්තකට කරලා පපුවත් අල්ලන් නැගිටගෙන කෑගහන්න ගත්තම ඒ කලබල ඇස් දිගේ අපිත් ඇස් ගෙනිච්චා.. දෙයියනේ එයාගෙ ඇස් නැවතිලා තිබුනෙ සාලෙ කෙලවර තිබුනු ජිමින් හ්‍යොංගෙ ෆොටෝ එකේ.. එයා අසිහියෙන් වගේ ගිහින් ෆොටෝ එක නහර ඉලිප්පුන අත් අස්සට හිරකරගත්තා.. නෑ.. කිසි වෙනසක් නෑ දෙයියනේ මේ ඔයාමයි රත්තරන්..
"එ.. ඒ කවුද?"
උන්ගි හ්‍යොංවුත් කලබලෙන් ඇස් බෝල කරන් කෑගැහුවා...
"ඒ ජිමින්.. පාක් ජිමින්.."
ඒ ඉන්නෙ මගෙ පණ මගෙ හුස්ම මගෙ හැමදේම... මගෙ පපුව අස්සෙන් කවුදෝ මහ සද්දෙට කෑගහද්දි ටේ හ්‍යොං ෆොටෝ එක දිහා බලාගෙනම රහසින් මිමිණුවා..
"එ.. එයා... එයා මං වගේමයිනෙ.. හ්‍යොං හ්‍යොං ඒ ඉන්නෙ මංමයි... ක්.. කොහොමද කොහොමද එහෙම වෙන්නෙ හ්‍යොං.. අහ්... එයා.. ආ...හ්.."
එයා ඔලුව බදාගෙන කෑගහගෙන එහෙමම බිමට ඇදන් වැටුනා.. ඒ ඇඟිලිතුඩු පවා තිබුනෙ ඕනෙවටත් වඩා වෙව්ල වෙව්ල..
"මිනී... මිනී රිලැක්ස්.. කොල්ලෝ රිලැක්ස් වෙයන්.. ඔයාට කලබල වෙන්න හොඳ නෑ මින්සු... අපි බලමු මොකක්ද වෙලා තියෙන්නෙ කියලා අපි බලමු. කලබල නොවී ඉදපන්කො.."
ස්ටූල් එක උඩ තිබුනු වතුර වීදුරුව පොව්වන ගමන් හ්‍යොංගෙ පපුව එක සීරුවට අතගගා උන්ගි හ්‍යොං දිගටම කියෙව්වා..
දුවන් ගිහින් තුරුල් කරන් මූණ පුරාවට හාදු තිය තිය හැමදේම හොදින් වෙයි මැණික කියාගන්න අයිතියක් නැතිකමටම මං ඔහේ ගල් ගැහිලා එයා දිහාවට කඳුළු උතුරන ඇස් තියාගෙන හිටියා..
"අප්පා.. අප්පාට මුකද උනේ..? එහෙම ඩොං කියන්න එපා තෝත මලට බය ඉතෙනවා.."
චූටික්කි හ්‍යොංගෙ ඇග දිගට නැග නැග ඉකිගගහා අඬන්න ගද්දි හ්‍යොං පැංචිව පරිස්සමට තුරුල් කරන් ඒ හිස්මුදුනට තොල් තද කරගෙන හිටියා..
"අඬන්න එපා මගෙ රෝස මල.. අප්පා හොඳින්.. අප්පට මුකුත් උනේ නෑ.. මගෙ මැණික අඬන්න එපා..."
ඔයාගෙ මේ මලත් අඬනවනෙ හ්‍යොං.. මාත් බයෙන්නෙ.. මාවත් තුරුල් කරන් අඬන්න එපා කියන්නකො.. එකම එක හාද්දක් නලල මැද්දට විතරක් එකම එකක් දීලා අඬන්නැතුව ඉන්න මං හොඳින් කුකී කියන්න.. අනේ ඒ ඇති මට මැරෙනකල්ම..
"ටේහ්‍යොන් අපිට රූම් එකක් පෙන්නනවද? මේ කොල්ලව ටිකක් ඇදකට ගිහින් දාන්න ඕනෙ.."
"එපාහ්.. එපා මට කිසි අමාරුවක් නෑ. මායි දූයි හොටෙල් එකට යන්නම්..."
ඔයාගෙ ආඩම්බරකමනං චුට්ටක්වත් අඩු වෙලා නෑ මැණික.. නපුරෙක් වගේ ආඩම්බරකමට කියෙව්වම සේරම හරි කියලද තාමත් හිතාගෙන ඉන්නෙ ආ? අර පොඩි එකත් අරන් තනියම යන්න හදන්නෙ. ඔයා මාව හොඳටම කේන්ති කරවනවා හ්‍යොං.. එයා දකිනකල්ම මං සැරපාටට රවාගෙන ඒ රතු වෙච්ච මූණ දිහාම බලාගෙන හිටියා.. ඒත් ඒ ඇස් මං ලඟ නැවතුනේ නෑ එකම එක තප්පරේකටවත්..
"මොන හොටෙල්ද පිස්සුද උඹට.. කොහොමත් අපිට සති දෙක තුනක් ඉන්න වෙයි. ඉස්සරත් ජුනීට ඉන්ජර්ඩ් උනාම සනීප වෙනකල් අපි ඔක්කොම ඉන්නෙ මෙහෙ."
"වෙනදා ඉන්න රූම් එකටම යමු හ්‍යොං. මං කී එක අරන් එන්නම් මෙයාව එක්කන් එන්න.. කූ ඔයා එයාලට චුට්ටක් උදව් කරන්න.."
ටේ හ්‍යොං ඉක්මනටම එතනින් ගියේ මගෙ දිහාවට ඇහැකුත් ගහන ගමන්. මෙහෙම මෙයාලට ලං වෙලා අන්තිමට මට ඉස්සරටත් වඩා අඬන්න වෙයිද නොදැන උනත් මං පපුව සැහැල්ලු කරගෙන බර හුස්මක් අතෑරියා. වෙන දෙයක් වෙයි කුකී..
දෙවියො එයාව මෙහෙම හරි ඔයා ලඟට එව්වනෙ. මේ මොහොත හරි සැනසිල්ලෙන් විදින්න මැණික.. මං මටම මුමුණගත්තා..
"අනි අනි.. එපා මට අප්පා ලඟින් ඉන්නෝනෙ.."
හ්‍යොංට නැඟිටින්න පහසු වෙන්න මං අර අඬන බෝනික්කිව වඩාගන්න ගියත් එයා මහ සද්දෙන් කෑගහන්න ගත්තම මං අසරණ මූණක් එක්ක උන්ගි හ්‍යොං දිහා බැලුවා..
"ඔයාට පුළුවන්ද මින්සුව රූම් එකට එක්කන් යන්න. මං මේ යස්සනීව එළියට එක්ක යන්නම්.. කෝ කෝ අපි යමු හොටු බෝලෙ අයිස්ක්‍රීම් කන්න..."
හා කියන්නත් කලින් ම රෝස මල දෝතට ගත්තු උන්ගි හ්‍යොං කෙල්ලව පපුවට තුරුල් කරන් සද්දෙට ඒ කම්මුල් ඉඹ ඉඹම එළියට දිව්වා..
හ්‍යොං තාමත් බිමම ඉදගෙන චුට්ටක් ඈතට වෙන්න බිම තියන ෆොටෝ එක අස්සෙ කඳුළු දිලිසෙන ඇස් බෝල අතරමං කරගෙන ඔහේ බලන් ඉන්නවා..
"අ.. අපි යමුද??"
මං හිමීට මිමිණුවත් එයා ගැස්සුනා..
"ඒ මමද?"
"අහ්?"
"අර ඉන්නෙ? ඒ මමද? ඔයා ආදරේ කරනව කිව්වෙ.. ඒ.. ඒ මටද?"
අනේ මං මොනවද රත්තරනේ මේවට කියන්න ඕනෙ??
"අ..අපි චුට්ටක් රෙස්ට් කරලා ඉමු හ්‍යොං"
අන්තිමට අමාරු හුස්මක් එක්ක මං වචන දෙකතුනක් කියාගත්තා..
එයා මුකුත් නොකියම මට වාරු වෙලා නැගිට්ටා..
ඒ ඇඟිලි තුඩකටත් ගැස්සෙන මගෙ පපුව රිදෙන තරමටම ගල් ගැහෙනවා මට දැනුනා.. එයාව මුලින්ම දැක්ක දවස, බීලා කෙලින් ඉන්න පණ නැතුව මට වාරු වෙවී ගෙදරට ගොඩ වෙච්ච සරාගී රෑවල්.. ඒ හැම රෑකම හම්බුන කම්මුල් රතු කරන හාදු.. හැපුම් පාරවල්.. එදා ලොතේ වල්ඩ් ගියපු දවස, ඒ සතුටු ඇස්.. ආන්ටිගෙ මරණෙ.. අන්තිම වතාවට ඒ මූණ දැකපු නපුරු ම නපුරු රෑ එක දිගට මේ මතක සේරම මහ කුණාටුවක් වගේ හිත අස්සෙන් පපුවත් අවුලුවගෙන ගහගෙන ගියා..
කිසි දෙයක් නොදන්න එයා යාන්තමට දිගට වැවිච්ච කෙස් අස්සෙන් ඇඟිලි යව යව නපුරු ඇස් බිමට දික් කරන් මගෙ වාරුවෙන් ඔහේ ඇවිදන් යනවා.. අනේ මෙහෙමම ඇදලා අරගෙන පපුව අස්සට ඔබාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා රත්තරනේ..
මං ඒ මූණ පුරාවට හාදු වපුරන්න දඟලන හිත රිදෙන්න හයිය කරගෙන හරි පරිස්සමට කඳුළු පාරවල් පිහගෙන එයාව වාරු කරන් රූම් එකට ආවා..
පහුගිය රෑවල් පුරාවට මට තනි රැක්ක එයාගෙ ඇඳුම් දෙක තුනක් එක්ක ටවල් එකකුයි උණු කොෆී එකකුයි දීලා එයාව රූම් එකට දාලා දොර වහන් එළියට ආපු මං එතන හිටපු ටේ හ්‍යොං දිහාවට කඳුළු බේරෙන ඇස් යැව්වා..
"මොනවද හ්‍යොං මේ වෙන්නෙ? එයා අර චූටි මැණිකක් එක්ක ඇවිත් ඉන්නෙ ඇයි? කාගෙද දෙයියනේ ඒ දරුවා??"
"ශ්... අඬන්න එපා කූ.. අපි බලමුකො මොකද වෙලා තියෙන්නෙ කියලා... යමු අපි ගිහින් යුන්ගි එක්ක කතා කරමු. මොන දේ වෙලා තිබුනත් අහන්න හිත හයිය කරන් යමු ම්."
මට සද්දෙට ඉකි ගැහෙද්දි මාව තුරුල් කරගත්තු ටේ හ්‍යොං හිමීට මගෙ ඔලුව අතගාන ගමන් මිමිණුවා..
එයාගෙ මරණෙත් දරාගත්තු මට ඊට එයා මොනවද හ්‍යොං.. මං ලේ පනින තරමට තොල් හපාගෙන බිම බලන් ඔලුව වැනුවා..
***************************
පරක්කු උනාට සොරි හංචුකුචීස්ලා 🥺
පරිස්සමට ඉන්න 🥰❤️
මේක උපරිම තව චැප්ටර්ස් පහක් විතර ලියවෙයි.. ඊට වැඩිය නෑ
අයික්කීම් පෙරේති 🤤