🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete...

By YUNHEE8431

22.8K 3.2K 474

🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක... More

P𝚊𝚛𝚝 0️⃣1️⃣
P𝚊𝚛𝚝 0️⃣2️⃣
P𝚊𝚛𝚝 0️⃣3️⃣
P𝚊𝚛𝚝 0️⃣4️⃣
P𝚊𝚛𝚝 0️⃣5️⃣
P𝚊𝚛𝚝 0️⃣6️⃣
P𝚊𝚛𝚝 0️⃣7️⃣
P𝚊𝚛𝚝 0️⃣8️⃣ 🍁 Bounce 🍁
P𝚊𝚛𝚝 0️⃣9️⃣
P𝚊𝚛𝚝 1️⃣0️⃣
P𝚊𝚛𝚝 1️⃣1️⃣ 🍁Bounce🍁
P𝚊𝚛𝚝 1️⃣2️⃣
P𝚊𝚛𝚝 1️⃣3️⃣
P𝚊𝚛𝚝 1️⃣4️⃣
P𝚊𝚛𝚝 1️⃣5️⃣
P𝚊𝚛𝚝 1️⃣6️⃣
P𝚊𝚛𝚝 1️⃣7️⃣
P𝚊𝚛𝚝 1️⃣8️⃣
P𝚊𝚛𝚝 1️⃣9️⃣
P𝚊𝚛𝚝 2️⃣0️⃣
P𝚊𝚛𝚝 2️⃣1️⃣
P𝚊𝚛𝚝 2️⃣3️⃣
P𝚊𝚛𝚝 2️⃣4️⃣
🍁 End 🍁
Sσσɳ......🍁

P𝚊𝚛𝚝 2️⃣2️⃣

686 112 23
By YUNHEE8431

අකීල්

" අංකල් ...!
හදිසියේම මට එන්න කිවේ ? "

" එන්න පුතේ.. ඇතුළට "

" ඉදගන්න දරුවෝ.. ඔයා ඉස්සර වගේ දැන්  අපේ ගෙදර එන්නේත් නැනේ ,
අපේ කොල්ලා හිටිය දවස් වල වගේ "



" අනේ එහෙම කියන්න එපා ආන්ටි,
මගේන් මොකුත් අඩුපාඩුවක්වත් වුනාද ? "


" අනේ නෑ.. රත්ත⁣රනේ ,
අපේ දරුවටත් වඩා ඔයා අපි ගැන හොයලා බලනවා.....
අංකලුයි මායි මෙහෙම හරි ජිවත් වෙන්නේ ඔයා නිසා "



" මේක මගේ යුතුකම ආන්ටී ,
ඔයාලා මගේ අම්මා තාත්තා වගේ..."




" ගෙදර කවුද පුතා දැන් ඉන්නේ ? "


" අම්මයි නංගියි මල්ලියි ඉන්නවා අංකල් ,"



" එතකොට බිස්නස් බලාගන්නේ කවුද දරුවෝ ,
මං හිතන්නේ නැ තාත්තාට ආයිම එන්න පුළුවන් වෙයි කියලා "




" ඔව් අංකල් , එයාට ඉතුරු මුළු ජිවිත කාලේම කරපු පව් ගැන හිතන්න කාලේ ලැබිලා.....
මල්ලිට බිස්නස් ගැන ආසවක් නැ අංකල් එයා කි⁣වා එයාව ඒවගෙන් නිදහස් කරන්න කියලා ......
මං කම්පැනි එක භාරගෙන අනික් ප්‍රෝපටීස් නංගිටයි මල්ලිටයි අම්මටයි බෙදලා දුන්නා..."

" එතකොට ඔයා ආයිම ගෙදර යන්න අදහසක් නැද්ද ? "




" නැ....අංකල් ,.කොහොමටත් ගෙදර එක්ක මට තිබුණේ ගොඩක් දුර සම්බන්ධක් කියලා අංකල් දන්නවානේ .."




" ම්ම්..... මට තේරෙනවා දරුවෝ "



" තෙවාන්  පුතේ !! "



" අංකල් ? "




" මට පුතාගෙන් උදව්වක් ඕනී.."



" කියන්න අංකල් , මොනවද කරන්න ඕනී "



" ඔයා මෙච්චර දවසක් අපේ බිස්නස්  ඔයාගේ දේවල් පැත්තකට දාලා බැලුවේ ......
අනේ දරුවෝ අපිට හදිසියේම ක්ලයන්ට් මීටින් එකක් වැටිලා චෙක් වල ⁣(චෙක් ජනරජය ) , මට මේ අසනිපත් එක්ක එහෙ ගිහින් අමාරුයි .......
අපේ දුවගේ හස්බන්  මේවා බැලුවට එයාට තාම ලොකු තේරුමක් නැ කියලා ඔයා දන්නවානේ.."




" මං දන්නවා අංකල් , මං පුළුවන් විදිහට අයියට ඒ දේවල් ගැන කියලා දෙනවා,
මොකද මට මේ දේවල් අකුරෙන් අකුර කියලා දුන්නේ නෙදියා අංකල් "





" මට මතකයි ......
ඒත් අමතක කරන්න එපා පුතා ඔයාට තියෙන්නේ තාත්තගේ බිස්නස් ලේ කියලා ....
සේනාධීරගේ එකම දරුවා ඔයා"

" මං දන්නවා අංකල් ඒක, අංකල්ට මගෙන් මොනවද කරගන්න ඕනි කිවේ ? "

" පුතාට කරදරයක් නැත්නම් අයියා එක්ක ඒ මිටින් එකට ගිහින් වැඩ ටික කරලා ⁣දෙන්න පුතේ.. "




" අයියෝ අංකල් ........ඕක මොකක්ද ?
කවදද තියෙන්නේ ? "



" නෙක්ස්ට් මන්ඩේ..! "



" අයියට ලැස්ති වෙන්න කියන්න , මං එන්නම් "



" යමු පුතා ආන්ටි කැම හදලා තියෙන්නේ ,
කාලම යමු "


_____________🖋️

විටින් විට හමා යන මීදුම් සීතල සුළඟ ඔහුගේ ගතට දැනුනේ අමුතුම සීතලක්........

දැන් පැය කීයක් සිට ඔහු මෙතන සිටිනවද කියලා ඔහුවත් දන්නේ නැ.....

ඔහුට හැකී අතීත මතක එක්ක දවස පුරාම මෙතන ඉන්න ,
ඔහු ඉන්න තැනට අවට කදු හරි ලස්සනට පේනවා,
ඒ දර්ශනයට පුළුවන් ඔහුගේ හිත නිවන්න.......
කදුවලින් බාගයක්ම් වැහිලා තියන මීදුම,
හරියට අහසේ තියන වලාකුළු පහලට ඇවිත් වගේ,

විටින් විට මේ දින කිපයේ වැටෙන වැස්ස හිතට අමුතු හැගීමක් ගේනවා....
ඒ වැස්ස ...... අතීත මතක අවුස්සනවා,
හිත රිදුනත් ඔහු ආසයි ඒ දැනෙන හැගීමට.

ජිවිතේ තියෙන්නේ අතීතය එක්ක,
ඔහු ජිවත් වෙන්නේ අතීතය එක්ක........
අ තී ත ය   තමා ඔහුට ජිවත් වෙන්න තියන එකම හේතුවත්

" සුදු මහත්තයා .....!
දැන් කොච්චර වෙලාවක් වෙනවද ඔතන ඉදගෙන,
තාම හරියට පින්නවත් ගිහින් නෑ..
ලෙඩ වෙන්නද මේ හදන්නේ "


" මෙතන ඉද්දි හරි සනීපයි අංකල් "




" සනීප තමා ! මහත්තයාට පරිස්සම් වෙන්න කියලා නේද අපේ පොඩි මහත්තයා මගින් මගට කිවේ "




" ඉතින් මට දැන් අසනීපයක් නැනේ අංකල් ? "




" අනේ සුදු මහත්තයා අපි ගෙට යමු ,
තාම උදේට කාලත් නෑනේ..."




" ලොකු බඩගින්නක් නැ අංකල් , පස්සේ කමු "




" එහෙනම් කෝපි එකක් ගෙනත් දෙන්නද මං මහත්තයාට සීතල යන්නත් එක්ක "




" කිරි කෝපි එකක් "

මහළු හිත ඇවිලුනේ ඒ අහිංසක ඉල්ලිම නිසයි,
ඔහු ඉක්මනින් සැන්විච් පෙති කීපයක් සමඟ උණුවට කිරි කෝපි එකක් ඔහු වෙනුවෙන් සුදානම් කලා



" අ යි යේ ..
මෙන්න ඔයාගේ කෝපි එක "




" ඕහ්  ......
ඔයා කොයි වෙලාවෙද ආවේ, මං දැක්කේත් නෑ.."




" කොහේ දකින්න ද........හිටියේ සැහේන ලොකු කල්පනාවකනේ "



" සොරි නංගී , ඔයා මොකුත් බීවද ? "



" මං කිවේ මං දැන් ටිකක් වෙලා ඇවිත් කියලා ,
මාත් කිරි කෝපි එකක් බිවා "



" ම්ම්.......
හදිසියේම ඇයි , අයියා උදේම වැඩට ගියානේ අද "



"  එද්දි මං අයියට කතා කලා,මගදි හැරිලා යන්නත් හදලා , ආව එකේ ඔයා බලල යන්න හිතුනා "

ඔහු කලේ හිනා වෙන එක විතරයි .

" මොනවද අයියා මෙච්චර ලොකුවට කල්පනා කරන්නේ ?
එයා ගැනද ? "


"  ම්........සමහර විට ඔව් "



" ඉතින් ඇයි අයියේ ඔයාලා වෙන් වුනේ ? "



" ඒක දිග කතාවක් නංගී "


" ඔයා කවදාවත් එයා ගැන කියලා නෑ , සමහරවිට එයාටත් ඔයාව මෙහෙම මතක් වෙනවද දන්නේ නෑ "




" ම්...... සමහර විට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්  "


" ඉතින් ඔයාට පුළුවන්නේ එයාව ඔයා ලගට ගන්න අයියේ, "




" එයා දැන් මට අයිති නෑ.....
එයා වෙන කෙනෙක්ගේ "



" අනේ........ එයා වෙන කෙනෙක් මැරි කරලද ?
ඒ ගැනුලමයානම් හරි මෝඩයි, ඔයා වගේ කෙනෙක් අතාරින්න පුළුවන් කාටද අප්පා "

ඔහුගේ දැස් ගැස්සුනා ,
මැයට කෙසේ පහදන්න ද....... ඈ නොව ඔහු කියා,
ඇරත් මෙතන මෝඩයා තමා කියා.


" එහෙම කියන්න එපා නංගී , එයත් ගොඩක් අසරණයි ......
එයාට හැමදාම ඕනි වුනේ මං  ළඟ ඉන්න , ඒත් අපේ ඉරණම ලියවිලා තියෙන්නේ වෙන් වෙන්නනම් ......
එයාට දොස් කියන්න බෑ.."


" ගොඩක් ආදරේයි වගේ එයාට ? "




" ම්........ජි⁣විතේටත්  වඩා "

ඈ බලන් හිටියේ ඔහුගේ සිලිසෙන දෑස් දිහා....


" පරණ දේවල් මතක් කරන එක දුකක් නෙවෙද අයියා "






" ඒක දුකක් වුනත් මං හරි ආසයි නංගී ඒ මතක වලට,
එයා එක්ක ගෙවපු හැම මතකයකටම මං හරි ආසය....
⁣ඒක හින්දයි කොච්චර රිදුනත් මට එපාවීමක් නැත්තේ "

ඇයට පුදුමයි .....
කවදාවත් හිමිවිමක් නැ කියලා දැන දැනත්  මෙහෙම කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන් ද ?

' කවදාහරි ලැබෙනවානම් කාට වුනත් ලැබෙන්න ඕනි මෙහෙම ආදරයක් '  ඇගේ හිත කියනවා....




_______________🖊️

#අකීල්

හෙට දිනයේ පැවැත්වීමට නියමිත ව්‍යාපාර හමුවීම සඳහා පැමිණි අකීල් සහ නෙදීෂ්ගේ ව්‍යාපාරය කටයුතු බලාගන්නා සොයුරිය විවාක සැමියත් දෙදෙනා අඩුපාඩු කීපයක් ගැනිමට පැමිණි විශාල නිමි ඇදුම් සැලකයි දැන් සිටින්නේ......

පිරිමි ඇදුම් සඳහා ඉහල මාලයට යන ඔහුන්ට ඇස ගැටුනේ ,
ඔහුන්ට ටිකක් එහායින් මෙලෝ සිහියක් නැතුව ටික්ටොක් විඩියෝ එකක් කරන ගැහැණු ලමයින් කීප දෙනෙක්..
මේ කෝලං දකින ඔහුට හිනා ගියේ ඉන්න තැනත් අමතකව ගොසිනි


ස්වක්‍රීයව දිවෙන පඩිපෙල ඔස්සේ ඉහල මාලය ඇදෙන ඔහුන් දෙදෙනා වෙතට  කදුළු ලැගුම්ගත් දෙනතක්  යොමු වී ඇති බව ඔහුන් දන්නේ නෑ.........


වසර තුනකට පසුයි ඔහු මේ ඔහුව දකිනේනේ......
ඔහුගේ ජිවිතේ... හිමි නොවුනත් එකම හිමිකාරයා,

ස⁣ හේ ෂ්............ මේ ඔහුයි,
අකීල්ගේ ලෝකෙට මිය ගිය....... නමුත් තවමත් ජිවත් වන ඔහුයි.



______________🖊️

#සහේශ්



" Hello අභියා "

" ජනා......කෙහොමද බං කොල්ලෝ "



" වරදක් නෑ අභියා , ඔහේ ඔක්කොම හොදින්ද ? "

විනාඩි තිහකට ආසන්න කාලයක් ඒ ඇමතුම දීර්ඝ විය..

" පරිස්සමෙන් ඉදපන් ජානු,
මං එහෙනම් තියන්නද......"



" අභින්ස ! "

ඉතින් අභින්ස දන්නවා ........
අභියා නැත්නම් අභී කියලා කතා කරන ඔහු තමාගේ නම කියන්නේ එක හේතුවක් නිසා කියලා ,
ඒ ඔහු ගැන අහන්න .......
ඔහු හොදින්ද කියලා දැන ගන්න ,

ගෙවී ගිය මේ වසර ත්‍රිත්වයේම කිසි දිනක
' අකීල් හොදින්ද '  කියා අසා නැත.........
ඒ වෙනුවට ඔහු තමාගේ නම කියා කතා කරයි,

කුඩා  කාලයේ සිටම තමාටත් වඩා තමාගේ මිතුරා ගැන හොදින් දන්නා අභින්සට සහේශ්ව තේරුම් ගැනිමට අපහසු නෑ ......

ඔහු කරන්නේ අකීල් ගැන තොරතුරු කීපයක් පැවසීමයි,
ඉදින් සහේශ් ඉන් සැනසේ


" කොල්ලා හොදින් ඉන්නවා ජනියා "



" ම්...... මං දන්නවා ,
කොල්ලා සතුටින් කියලා "

ඒ හඩ හරි වෙනස්,
හරි අමුතු තෙතමනයක් ඒ හඬින් දැනෙනද්දි අභින්ස ටිකක් කලබල වුනා

" ජ නි යා ? "


" මං හො දි න්  අභියා "

ඒ හඩේ කිසි හොදක්  නැති බව අභින්සට ස්ථිරයි .....
හිටි හැ⁣ටියේ කුමක් ද ඔහුට සිදුවුයේ,
අභින්සට බයයි, ඔහු පුර්ණ සුවය ලබා තිබුනත් තවමත් ඔහු පරිස්සම් විය යුතුයි .....
වැඩි කලබල , හිත් වේදනාව ඒ හදවත තවමත් දරාගන්න බෑ.....

මේ ජිවිත වල සම්පුර්ණ අැත්ත දන්නේ තමා හා තව කීප දෙනෙකු පමණි .....
ඒ බර අභින්ස උහුලන්නේ පුළුවන්කමකට නොවේ,
නමුත් උසුලනවා හැර වෙන විකල්පයක් ද නැත.

" කොල්ලා ගැන බය වෙන්න එපා ජනියා....
ඌ පරිස්සමෙන් ඉන්නවා "

මුව මෙසේ පැවසුවත් අභින්සගේ හදවත කෑ ගහන්නේ වෙනම කතාවක් කියලා ,

' ඌ සතුටින් නැ ජානුල්‍ය ......
උඹ වගේම ඌත් විදවනවා දෙයියනේ ,  මේවා බල බල මං ඊටත් වඩා විදවනවා ජානුවෝ '

' අභියා .....
ම..ගේ කො..ල්..ලා සතුටින් ,
මං ඇ ස් ⁣දෙ ක ට ම  ඒක  දැ ක් කා "

ඒ හඩ අවසානයේ බිදිලා යද්දී ,
අභින්ස හිටියේ වෙවුලමින්..... ඔහු හදිසියේම මේ කියන කතාව කුමක් ද ?

සහේශ්ට මැවිලා පෙනුනේ ඔහුට ඉදිරියේන් ගිය අකීල්වයි.....
එතන දෙදෙනෙක් හිටි බව සහේශ් දන්නවා ,
ඔහුන් සතුටින් ගිය විදිහ ඔහු දැක්කා.

ඒ නෙදීෂ් විය යුතුයි,
සහේශ් හිතන්නේ එහෙම.....
නමුත් ඔහු තව ටිකක් විපරම් කර බැලුවනම් අද ඔහුගේ මේ අදහස වෙනස් වෙනවා නොවෙද.....

මේ හදවතට දැනෙන බර සැහැල්ලු වෙනවා නොවෙද..
.

අවාසනාවකට සහේශ්ට ඒ රූපය හමුවේ  මුළු ලෝකයම අමතක විය,
දෑස් ඔහුගේන් මුදවන්නම සහේෂ්ට නොහැකි විය......
නැහැ,සහේශ්ට  ඕනි වුනේ නැ ඒ රූපයෙන් මිදෙන්න .

අකීල් ....... ඔහු තවත් කඩවසම් වෙලා නොවෙද,
දාහක් සෙනඟ මැද්දේ ඔහුව ඇදිණ ගන්න සහේශ්ට පුළුවන් වුන එක හරි පුදුමයක්.

.
.
.
.
.
.
🍂𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲𝒟𝑒𝓈𝓉𝒾𝓃𝓎┄┅┄┅ᥫᩣ
©✍️.....Yąʂɧu ✿ 
2022.07.26

___________☘️

Continue Reading

You'll Also Like

3.4K 585 11
~ ආත්මීය ආදරයක ප්‍රේමාන්විත වියරුව ~ " ඔයයි මායි දෙන්නම එක්කෙනෙක් කියලා කිව්වත් වැරැද්දක් නෑ. ඒත් ඒක එහෙම නෙවේ. අපි සමාන්තර ලෝක වල නිසා එකිනෙකට සම්බන...
574 66 7
අල්ලගන්නත් බැරි... අතාරින්නත් බැරි... මේ බැදීමට නමක් මම තවම හිතනවා. යේවීන් දෙහංස
435K 16.3K 44
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
1.3K 200 1
ළං වෙන්නම්.....නුඹේ හුස්මටම......