🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete...

YUNHEE8431

22.8K 3.2K 474

🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක... Еще

P𝚊𝚛𝚝 0️⃣1️⃣
P𝚊𝚛𝚝 0️⃣2️⃣
P𝚊𝚛𝚝 0️⃣3️⃣
P𝚊𝚛𝚝 0️⃣4️⃣
P𝚊𝚛𝚝 0️⃣5️⃣
P𝚊𝚛𝚝 0️⃣6️⃣
P𝚊𝚛𝚝 0️⃣7️⃣
P𝚊𝚛𝚝 0️⃣8️⃣ 🍁 Bounce 🍁
P𝚊𝚛𝚝 0️⃣9️⃣
P𝚊𝚛𝚝 1️⃣0️⃣
P𝚊𝚛𝚝 1️⃣1️⃣ 🍁Bounce🍁
P𝚊𝚛𝚝 1️⃣2️⃣
P𝚊𝚛𝚝 1️⃣3️⃣
P𝚊𝚛𝚝 1️⃣4️⃣
P𝚊𝚛𝚝 1️⃣5️⃣
P𝚊𝚛𝚝 1️⃣6️⃣
P𝚊𝚛𝚝 1️⃣7️⃣
P𝚊𝚛𝚝 1️⃣8️⃣
P𝚊𝚛𝚝 1️⃣9️⃣
P𝚊𝚛𝚝 2️⃣1️⃣
P𝚊𝚛𝚝 2️⃣2️⃣
P𝚊𝚛𝚝 2️⃣3️⃣
P𝚊𝚛𝚝 2️⃣4️⃣
🍁 End 🍁
Sσσɳ......🍁

P𝚊𝚛𝚝 2️⃣0️⃣

701 112 18
YUNHEE8431

" මට සමාවෙයන් අභින්ස , එදායින් පස්සේ මං කොල්ලා ඒක්ක ඒ ගැන කතා කලේ වත් නැ..."

_______________🖊️

#අකීල්

" අයි....යේ  !! "

අකීල් හා නෙදීෂ් දෙදෙනාම තිගැස්සුනේ ඒ හඬට,



" චුටී...?  "  

ඇවිත් තිබුණේ අකීල්ගේ නැගණිය,
ඒ වතේ ලොකු කලබලයක් තියෙන්නේ ......


" අ..යි...යේ !  එ..දා  අ.ර ...."

ඇය වචන පටලවනවා......

" නංගී ...... කෝ පොඩ්ඩක් රිලැක්ස් වෙන්නකෝ්,
ඊට පස්සේ කියන්නකෝ ඇයි ඔයා කලබලවෙලා ඉන්නේ කියලා ,
තේවා ....නංගීට ඔය වතුර එක දීපන් කොල්ලෝ "

අකීල් අත තබු වතුර විදුරුව එක හුස්මට අවසන් කල ඇය ලොකු හුස්මක් ගත්තේ ළය සැහැල්ලු කරගැනිමට මෙනි...

" ඔයා එදා මං කියන දේ අහන්නේ නැතිව දුවගෙන ආවේ ඇයි අයියේ ?.."

අකීල් දන්නේ නැ .. ඒ පැනයට දෙන පිලිතුර මොකක්ද කියලා .....
නැගණියට පහසුවෙන් විස්තර කරන්න පුළුවන් සම්බන්ධයක් නෙවේ ඔහුන් අතර තියෙන්නේ ....


" එයා අපේ යාළුවෙක් නංගා..... "

තවදුරටත් අකීල්ව අපහසුතාවයට පත් වනවා දකින්න නොහැකි තැන නෙදීෂ් එයට පිලිතුරු බැන්දා..



" ඔයා දන්නවා ද අයියා ..... ?
එයා.... එ යා තමා ඔයාගේ කිඩ්නි ඩොනේටර්,
එදා ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ එයා  අතින්.......
එයා ඔයාව බේරගන්න එයාගේ කිඩ්නි එක ඔයාට දිලා,
අ නි ක  ඒ අයියා දැන්  හාට් පේෂන් කෙනෙක් , එයා ඉන්නේ ලාස්ට් ස්ටෙප් එකේ .....දැ... "

අත තිබු වීදුරැව ගිලිහි ගොස්...
බිදි ටයිල් පොළව මත  සීසිකඩ විසිර ගියත් අකීල් තවමත් ඉන්නේ හිටිවනමයි...

තම සවන් වැකි දේවල් තවමත් ඔහුට අදහාගත නොහැකි සෙයකි..

නෙදීෂ්ටත් පුදුමයි ........ ඔහු තෙවාන් අසලට ලං වුයේ ඔහුට මෙය දරාගන්න සවියක් වෙන්නයි...

කපා හෙලු ගසක් මෙන් අසල තිබු සෝෆාවට අකිල් වැටුනේ තත්පර ගානකට ඔහුට ඔහු අමතක වු නිසයි.


" තේ...වා  !? "

ඒ ඇස්වලින් ගලා යන උණු කඳුළක් විනා ඔහුගේන් කිසිදු පිලිතුරක් නැත

" අයියේ...! "

ඇයත් ඉන්නේ තම සොයුරාගේ හදිසි වෙනස් වීම  අදහාගත නොහැකිවයි..

" නෙදීෂ් අයියා .......
ඇයි අයියා මෙහෙම ? "



" ඌ ෂොක් වෙලා ඇත්තේ නංගී ...."



" මට තේරෙනවා අයියා ....
ඒත් අයියා මං කියන්න ආවේ  ⁣ඒක නෙවේ,
ඔයා කියන අයියා දැන් ඉන්නේ ඇමතිතුමා ළඟ අයියේ.....
ඒයාගේ ජිවිතේ තියෙන්නේ අනතුරක..අනේ එයාව
⁣බේ ර ග න් න අයියේ........ ප්ලීස් "




" මොකක්ද යකෝ උඹ කිවේ !!! "

කතා කරන්න පුළුවන් වුන පලවෙනි මොහොතම අකීල් කඩාපැන්නේ ඈ වෙතටයි  ..


" තේවා...තේවා රිලැක්ස් මචං..
කෝ පොඩ්ඩක් මෙතන ඉදගනින්.."

" නංගී ......ඔයා දැන් මෙතනින් යන්න , මොබයිල් එක ළඟ තියාගන්න මං කතාකරනවා තව ටිකකින් "

" ඒ..ත්..  අයියා  ? "


" එකපාරක් කිව්වහම අහපන් නංගී ම⁣ගේ යකා අවුසන්නේ නැතුව ! "

නේදීෂ්ගේ කෑ ගැසිම හමුවේ ඇය ඉන් පිට විය...



" නෙ....දි...යා...!? "



" just relax  තේවා...ම්ම්ම්.."


" මං...මං  කි සි දෙ ය ක්    දැ⁣ න ⁣ගෙන  
ඉ ද ලා   නැ  ⁣නෙ..දි..ෂ්
මගේ  කො..ල්..ලා  තනියම   වි..ද..ව..ලා  හැ..ම..දේ..ම "



ඒ කඳුළු වල බර දැනෙන්නේ නෙදීෂ්ගේ පපුවට,
ඔහුගේ ගත වටා දැත් යවා තම ගතට වාරු කරගත්තේ අකීල්ට මේ වෙලාවේ ඕනි සැනසිමක් නිසා ....

විනාඩි කීපයක් ගෙවෙන්නට හැර නෙදීෂ් තම හඬ අවදි කලේ අකීල්ව ඔහුගේ උරහිසින් මදක් ඈත් කරමින් .

" තේවා... අපි දැන් මොකද කරන්නේ ? "


" කොල්ලා හොයාගන්න ඕනී නෙදීෂ් ..... මොනම හරි දේකින්ම සහේශ්ව හොයාගන්න ඕනී.."



" අභින්සලාටත් මේ ගැන කියමු,
එහෙන් එයාලා පුළුවන් දෙයක් කරන අතරේ..... අපිට සහේශ් හොයාගන්න පුළුවන් එකම ක්‍රමය නංගී "



" නංගී ? "



" හ්ම් ....... තාත්තාගේ මොබයිල් එක අරන් කොහොම හරි අරුන් ඉන්න ලොකේශන් එක හොයාගත්තොත් අද රැ වෙද්දී අපිට පුළුවන් එතනට යන්න "




" ඒත එයාට පුළුවන් වෙයිද ? "





" මෙච්චර දේවල් අහුනොවෙන්න කෙල්ල කරපු එකේ ඒ දේ කරයි තේවා...."




" මං කථා කරන්නම් "




" Good "




********


කෑලි කපන්න හැකි තරම් අන්දකාරය අරක් ගත් වටපිටාවේ රැහැයියන්ගේ හඬට අමතරව ඈතින් ඇහෙන ගම්පාලුවෙකුගේ ශබ්දය අකීල්ටත් නෙදීෂ්ටත් ගෙන ආවේ මහ මූසල පාලු හැගීමක්...

ඒ හඩ ඇසෙන්නේ ඈතින් වුනත්  ......
මේ තරුණ පිරිමි හදවත් දෙක සලිත කරන්න සමත් විය,

තම නැගිණියගේන් ලද තොරතුරු අනුව ඈ පවසු ඔහුව සිර කර සිටින  ස්ථානය මෙය විය යුතුයි...

නගරයට බොහෝ සේ ඈතින් පිහිටි මෙම ස්ථානය  අතහැර දැමු ධාන්‍ය ගබඩා සංකීර්ණයක්...

නමුත් බැලු බැල්මට මිනිස් පුළුටක් තියා බලු බළලෙක් වත් වාසස්ථානයකට ගන්නවාදෝ යන්න සැකයි..
ඒ තරම් මේ ස්ථානය පාලු අන්දකාරේ ගීලි ගොස් ඇත ..

ඔහුන් එනතුරු රැදි සිටින්න යැයි විහස් කෙතරම් මගින් මඟට පැවසුවත්  අකීල් එය ගනකට ගත්තේවත් නැත,
තම ප්‍රාණය සේ ⁣ආදරය කරන.... තම ජිවිතයට ලෝකයක් සේ වටින.....
තමාගේ මුළු ආත්මයම සොරා ගත් එකම ජිවියා මේ ස්ථානයේ සහචර පිරිසකට මැදිව හුස්ම ගද්දි .....
ඉදින් කෙසේ තවත් ඉවසන්නද ?

අවැසි හැකි ඉක්මනින් ඔහු මෙතනින් මුදවා ගන්න වෙන්නකොට.
අකීල්ගේ හිතුවක්කාර හිත කා හටනම් මෙල්ල කල හැකිවේද ?

" ⁣තේවා....අපි විහස්ලා එනකන් මෙතන ඉමු බං "




" මෙච්චර ලගට ආව එකේ ඉතුරු ටික යන්න ම⁣ට ඌන්ව ඕනි නැ නෙදිෂ් ,
අනික මෙතන ඉන්නවා කිවේ පස් දෙනෙක්ලු.. මට ඌන් ටික මැනේජ් කරගන්න පුළුවන් "




" පස් දෙනෙක් කියන්නේ මහලොකු දෙයක් නෙවේ තේවාන් මට වුනත්.....
ඒත් මට මහ අමුත්තක් දැනේනවා බං.....
අනේ මංද හිතා ගන්න බෑ "


" නෙදී...........මෙතන ඉදලා විහස් එක්ක සෙට් එක ආවම ඇතුලට වරෙම් කොල්ලෝ ,
එතකන් මං ඇතුළට යන්නම්..."




" පිස්සු ද  යකෝ.......... කීයටවත් උඹව මං එතනට තනියම යවන්නේ නෑ...."



" යමු.."


' තව ටිකක් අල්ලගෙන හිටපන් පණ ........
මං ඉක්මනින් එනවා '

අකීල් මේ මුමුණන්නේ තනිවමයි.

ඔහුන් නිකමටවත් නොසිතන්න ඇති, ඔහුන් මේ අද යන්නේ ඔවුනොවුන්ගේ ජිවත පිටුවල නව   පරිච්ඡේදයක් ලියවන ඉරණම් ගමනක් බව.



_____________🖊️

#⁣සහේශ්

ගත වේදනාව පරයා නැගෙන ශරීර අභ්‍යන්තර වේදනාව සහේශ්ට තවදුරටත් දරා ගත නොහැක,
එක් පැත්තකින් පපුව හිරවෙනවා දැනෙද්දි .......සහේශ්ට දැනුනේ හුස්ම ගන්න අපහසුවක්.

කට්ට කරුවල කාමරේ ඔහු තවදුරටත් ජිවිතය වෙනුවෙන් සටන් කරන්න සුදානමක් නැති හැඩයි.

ඔහුට මතක් වුනේ තමා මුළු හදවතින්ම ප්‍රේම කල ඔහු.....
තම මිතුරා හා ඔහුගේ දෙමාපියන් .......
අවසානයේ ඔහුන්ගෙන්වත් සමුගන්න අවස්ථාවක් නොලද හැටි,

සීමාවක් නැතුව ඇවිලුනේ සහේශ්ගේ පපුව,
ඒක ලොකු රිදුමක් ඔහුට.......

එකපාරටම එළියෙන් ඇසෙන කලබය සහේශ් තිගැස්සුවා...
කොහේදෝ අතරමං වුන බලාපොරොත්තුවක්  සහේශ්ගේ හිත ඇතුලට අරන් එන්න ඒ කලබලට පුළුවන් වුනා,

සැනෙකින් සියල්ල නිශ්ශබ්දව ගියෙත් තම සිටි කාමරයේ දොර අධික ශබ්දයෙන් විවිර වුයේත් සහේශ්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින්......

' පැමින ඇත්තේ ඔහුයි .....'

ඔහුට කලින් විවිර වුන කාමරය පුරා පැතිර ගිය ඔහුගේ විලවුන් සුවද අදුන ගන්න සහේශ්ට බැරි කමක් නෑ......
ඇරත් තම ආත්මයට බැදි ඒ ආත්මිය සුවද අදුනගන්න හේතු අවශ්‍ය නැහැ.


" දෙ..යි..ය..නේ   හේෂ්.."



" අ...කී ... ල් "



" තේවා... අපි ඉක්මන් කරන්න ඕනි අරුන් නැගිටින්න කලින් "

ඔහු මුර කල සහචර පිරිස අඩපන කල ඔහුන් සහේශ්ව ඉක්මනින් ⁣සොයා ගන්න හැකි විම සහනයක් .....

සහේශ්ව බැද දමා තිබු බැමි එකින් එක හැකි ඉක්මනින් කපා ඉවත් කල අකීල් ඔහුව තම ගතට වාරුකරගත්තේ ඔහු⁣ දැනටමත් ඉන්නේ බෙහෝ සේ දුර්වල තත්වයක නිසා හැකි ඉක්මනින් මෙයින් පිටවීමටයි..

අකීල්ට දැනුනේ ඒ ගතේ අසාමාන්‍ය සීතලක්..

අකීල්ගේ ගතට වාරුව ඉදිරියට ඇදෙන සහේශ්ගේ හිතේ තියෙන්නේ අමුතුම සැනසීමක්..

' දැන් ඔහු ළඟ මියදුනත් සැපයි '

සහේශ්ගේ හිත කියන්නේ එච්චරයි ....
ඔහුට අවැසි වුයේ තම අදරණියයා ළඟ ජිවත් වීමට නොහැකි නම් ඔහු ළඟ මියයැම පමණකි..........

ඒ මුවේ තියන සැනසිලිදායක සහරැල්ලනම් අදුරු පරිසරය නිසා අකීල් දුටුවේ නැත..

උණු කඳුළක් ඔහුගේ කොපුල් තෙමා පහලට රැරා යද්දී ,
සහේශ්ට අවශ්‍ය නැ එය නතර කරන්න ,

මේ විය යතුයි ඔහුගේ අවසන් කදුළ.......
එය වැටේන්නේ දුකටද සතුටකටද කියලා ඔහු දන්නේ නැ..... ඇතැම් විට එය දුක පිරිච්ච සතුටු කඳුළක් වෙන්නැති..

ස හේ ශ් ..............  ඔහු වෛද්‍යවරයක්,
ඔහු දන්නවා ඔහු දැන් සිටින තත්වේ ...... තවදුරටත් ඔහුට තම හුස්ම රදවාගැනිමට නොහැකි බව ඒ වෛද්‍ය හිත දන්නවා .
තමා දැන් එයට සුදානම් විය යතුයි.........
' සමුගන්න '

මින් ඉක්මනින් පිටවීම සැනසීමක් වුවත් ඒ සැනසීම වැඩි වේලාවක් තිබුණේ නැත,
ගත් සැනසීම සීසිකඩ විසුරුවමින් සහචර පිරසක් ඔහුන් වට කලේ බලාපොරොත්තු නොවු අන්දමින් ......

ඔහුන් හතරදෙනෙකු ..... කලින් වතාවේ එය ඔහුන්ට  ලොකු දෙයක් නොවුනත් දැන් දුර්වලව සිටින ඔහුවත් අාරක්ශා කරගනිමින් සටන් කිරිම දුෂ්කරයි,
නමුත් අතාරින්න ඔහුන් දෙදෙනා සුදානමක් නැත..

තව විනාඩියක් පහලවකට අධික කාලයක් ඔහුන් හා පොර බැදි නෙදීෂ් හා අකීල් ඉන්නේ හෙමිබත්වයි..
කෙසේවෙතත් සහචර කීප දෙනාගෙන් ගැලවෙන්න ඔහුන්ට හැකි විය,

නමුත් මේ වන විට එක් සහචරයකුගේ ප්‍රහාර කීපයක් සහේශ්ට ලද බව ඔහුන් දෙදෙනාම නොදන්නා හැඩකි.

" හේ...ශ්. !!! "

කෙලවරක වෙන්න වැටි සිටින සහේශ් අසලට අකිල් ආවේ දුවගෙන වගේ ...

" ස⁣හේෂ්....  නැගිටින්න ,
තවටිකක් ඔහෙම අල්ලගෙන ඉදපන් රත්ත⁣රනේ ....
අපි  ඉක්මනින් හොස්පිටල් යනවා "

ඔහු වැටි සිටින අයුරු දකින විට අකීල්ගේ පපුව දනවා..
ඔහුව නැගිට්ටවන්න උත්සහ කලත් සහේශ් එය නතර කලා..

ඔහු ගන්න උත්සහය තේරුමක් නැ කියලා සහේශ් දන්නවා ..
අනික තමා නිසා මේ ජිවිතේ අනතුරක දාන්න සහේශ්ට කොහොමටවත් බෑ..

" ඇ..යි  සහේශ් මේ ?  අපි යමු දෙයියනේ , "





" අ..කී...ල් "


ඒ හඬ දුර්වලයි , ඇරත් හොදටම බිදිලා..


" ස..හේ..ශ් "   අකීල්ට දැනෙන්නේ අමුතු බයක්.

ඒ බය වඩා ඔහුව තිගැස්සුනේ ඊටපස්සේ සහේශ් කල දෙය නිසා..

අකීල්ගේ හිස තමා වෙතට පහත් කරගත් සහේශ් තම වෙවුලන දෙතොල් ඒ නලල් තලයේ තිබ්බේ හරි පරිස්සමට....
දී..ර්..ඝ සිපුමක්...   !
අවසානයේ ඔහු ඉන් දෙතොල් මුදවා ගත්තා ,

" I'm s...o..r..r...y ! , ම..ට  ය..න්..න  වෙ..න..වා "


" නො.. සහේශ් නෝ.."



" ම..ට  ය..න්..න  දෙ..න්.න   අ..කී..ල් ,
අ..මා..රු..යි     ත..ව..ත්    ඉ..න්..න "


" එ..පා.. සහේශ් ඔයාට බැ එහෙම කරන්න ,
අපි යමු, ඔයාට සනිප වෙනවා සහේශ් ......
මාව විස්වාස කරන්න "




" මේ..පා..ර..ට   වි ත ර ක්  ම ට  යන්න
දෙ න් න්  අ..කී..ල් ,
පො රො න් දු   වෙ න වා.. අනික්  හැ..ම  ආ..ත්..මෙ..ක..ම    ඔ..යා..ගේ    වෙ..න..වා  කි..ය..ලා "


" ප්..ලී..ස්  සහේශ් , "


" අ..කී..ල්   මං  ආ....."



" ආා...හ්...........!!!! "

සහේශ්ගේ වචන සම්පුර්ණ කරන්න නොහැකි වුනේ පිටිපසින් අසුන හඬ නිසයි..

" නෙ..දි...ෂ්..!!!!! "



තමට ටිකක් එහායින් වැටිලා ඉන්නේ ඔහුයි..,

අකීල්ගේ පිටිපසින් පැමිණ පහර දෙන්න සුදානම් වු සහචරයෙක් ඉදිරියට පැන්නේ නෙදීෂ් ........
සහචරයා අත තුබුනු කිනිස්ස අකිල් සිදුරු කරන්න මත්තේන එය වැලැක්වු නෙදීෂ්⁣ගේ ⁣ගෙල හරහා  යන්න විය......

ලොකු කැපුමක්........
නොනවතින රැධිර දහරවක්,
ඔහු එහෙමම පොළව මත ඇද වට්ටන්න සමත් විය,

පෙරළා ආදරය නොලැබුනත් මේ ඉන්නේ තමා මුළු හදවතින්ම ප්‍රේම කරන ඔහුයි..
තමා ඉදිරියේ තම ප්‍රානය සම එකම ජිවියාට කරදරයක් වනවා දකින්න නෙදීෂ්ට නොහැක.....
ඉදින් තම ජිවිතය පවා අත්හරින්න හැකි ඔහු වෙනුවෙන් ..
ලැබුණත් නැතත් අකිල්ව ඔහුගේ එකම  
ආ ද ර ය යි.....

ඉක්මනින් ක්‍රියාත්මක වු අකීල් අසල තිබු යකඩ මුගුරෙන් සිහිසුන් වන තුරු  සහචරයට පහර දුන්නේ හිත පෙළෙන වේදනාව වැඩි නිසයි..




" නෙදීෂ් ......."


" තේ...වා !! "

ඔහුගේ ගෙලින් ගලන රුධිරයේ  සීමාවක් නැත..
තව සුළු මොතකින් ඔහුගේ ශරීරයේ දුවන උණු රුධිරය සියල්ල පාහේ ඉන් පිට වීය හැක..

තම ගත දැරු කමිසය ගලවා ඔහුගේ ගෙලට තද කර ඔහුව තම උකුලට ගත් අකීල් වෙහෙසෙන්නේ ඒ රුධිර නැවැත්වීමටයි..

" තේ..වා මට කි..ය..න්.න  දෙයක් තියනවා.,
මෙ ච් ච ර  කා ල යක්  නො..කි..පු,
අද ඒ්..ක  කිවේ නැත්නම් ම..ට  ආයේ කියන්න බැරිවෙයි "

ඉවෙන් මෙන් වැ⁣ටහෙනවා ඔහු කියන්න හදන දේ,
අකීල් ඔළුව සෙලවුයේ කතා කරන්න එපා කියලයි..

අකිල්ගේ ඇස්වලත් කදුළු ,
ඔහු ඉන්නේ දරාගන්න බැරි ⁣දුකක.......

කෙසේ දරාගන්න ද නේද ?

" මං දන්නවා නෙදි....උඹ ඔය කියන්න හදන දේ ,"




" ඇ..ත්..ත..ට..ම ද .?



" හ්ම්.."

නෙදීෂ් ඔහුගේ එක් අතක් තැබුවේ අකිල්ගේ කොපුලේ..




" පුළුවන් ද  පොරොන්දු වෙන්න .....?
ඊලට ආත්මේ මගේ වෙනවා කියලා "




අකීල් අඬනවා ......ඔහු තම ගතට තුරුළු කරන් අඬනවා..
කෙසේ පොරොන්දු වෙන්නද ?
හැම ආත්මෙකම හදවත පතන්නේ ඔහුවම වෙද්දී ......

අකීල් අසරණයි , ඔහුට බෑ පොරොන්දුවක් වෙන්න .



පියවෙන්න යන අඬවන් ඇස් දෙකක් මේ දෙස බලා ඉන්නවා කියලා  අකීල් දන්නේ නැ...
අකීල්ට මොහොතකට සහේශ්ව අමතක වි ඇති හැඩයි.

සහේශ්ගේ කදුළු අළුත් කරන්න ඒ දර්ශනය ප්‍රමාවත් විය.....
එක අතකට ඔහු වෙනුවෙන් කෙනෙක් සිටිම ගැන තමාට සතුටු විය හැක..

හදවත එක් අතකින් සැනසීමක් ලැබෙද්දි තව පැත්තකින් තමාගේ දෙයක් නැතිවිම ගැන ⁣හිතට ලොකු බරක් එකතු වුනා..

ඔහු ළඟ මියදෙන්න තිබු ආසාව සහේශ් අත හැරියා....
සැනසුනා ඔහු..........,
ඔහුව පෙනෙන මානයේ සිට හෝ මියයන්න හැකි වීම ගැන ..

' මගේ කොල්ලව පරිස්සම් කර ගන්න නෙදීෂ් .."

අවසානයේ සහේශ් හිතින් කිවේ නෙදීෂ්ට..

ඒ දැස් පියවී ඔහුගේ අවසන් හුස්ම පොද වා තලයට මුසු වු බවක් අකීල් දන්නේ නෑ........

ඒ හදවත තවත් ගැහෙන්නේ නැ කියලා නිකමටවත් අකීල්ට හිතෙන්න නැතුව ඇති,

පියවුන දෑස් වලින් සහේශ් කී ලෙසට ඔහුගේ අවසන් කදුලත් සීතල පොළව උරාගත්තා...


⁣" මං ද..න්..න..වා  ⁣තේවා,
උඹට  පො..රො..න්..දු වෙන්න බැ කියලා..
ඒකට කමක් නැ ..  පුළුවන් නම්  අර අහිංසකයාගේ ඇග අස්සේ ඉදලා හරි මට  උඹ ලගට වෙලා ඉන්න දියන් තේවා...
පො⁣රොන්නදු වෙන්න මේ හදවත දිලා  කොල්ලව පරිස්සම් කරනවා කියලා "




" නැ...නැ.. එහෙම වෙන්නේ නැ,
උඹලාට මොකුත් වෙන්නේ නැ...... මං ඉන්නකන් මොකුත් වෙන් දෙන්නේ නැ.."



හෙමින් සිරුවේ ඔහුන් අසලට පිවිසෙන අයෙක් අකීල් දුටුවේ නැහැ.
මේ අන්දකාර රාත්‍රියේ මාරයන් සේ පැමිණ අහිංසක ජිවිත තුනක් එක්ක කරන සෙල්ලම තවමත් සහචරයන් අවසන් කර නැති හැඩකි...
ජිවිතය වටිනාකම අබමල් රේණුවක තරම් ඔහුන්ට තේරුමක් නැති බව මනාව පැහැදිලි ........

මංද මෙතරම් දෙයක් වෙලත් ඔහුන්ව අතාරින්න සුදානමක් ඔහුන්ට නැති නිසයි.

ඉදින් අකීල් දැනුනේ තම දැස් පියවෙනවා පමණි ,
ඔහු නෙදීෂ් අසලම සිහිසුන් විය......


              **************

🥀 මගේ කොල්ලෝ කෙල්ලොන්ට මං මෙහෙම දෙයක් කියන්නම් කිසිම දෙයක් අතරමඟ අතාරින්න එපා......

මේ හිටිය විදිහටම අල්ලගෙන ඉන්න ,

අද කොටස ගොඩක් අමාරුයි තමා  , හැබැයි මං කියනවා " ඉවසන්න "

අපි මෙහෙම යමු ඉස්සරහට .........🤗

🥀 . අනිවාර්යයෙන්ම අද මේ ආදරය ගැන ඔයාලට දැනුන දේ නම් කියාගෙන යන්න ඕනි..

.
.
.
.
.
.
.
🍂𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲𝒟𝑒𝓈𝓉𝒾𝓃𝓎┄┅┄┅ᥫᩣ

   𝒲𝓇𝒾𝓉𝒾𝓃𝑔 𝗕𝘆 | ✍️.....Yąʂɧu ✿ 
2022.07.22

___________☘️

Продолжить чтение

Вам также понравится

8K 1.2K 15
රළ නැගෙන රළ බිදෙන ජීවන ස්වරයේ දෝංකාරය...
කැළෑමලට ආදරෙන් Lily Luna

Документальная проза

1.6K 209 19
.... ශ්‍රි කියලා කියන්නේ "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, ඒත්" කියලා කියන කෙනෙක් නෙවෙයි. "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, එච්චරයි " කියලා කියන කෙනෙක්. ජීවිතේ ක...
2.2K 298 15
ආතල් එකට අප්ලෝඩ් කරන්නෙ මේක තමයි මම ලිව්ව පලවෙනි කතාව. 😂💔
1.3K 200 1
ළං වෙන්නම්.....නුඹේ හුස්මටම......