කාලය නවතාගැනීමට ගාරම් මෙන්ම සොක්ජීන් ආශා කලත් එය හුදෙක් හිතලුවක් පමණයි.
සතියක් පුරාවටම ගාරම් ඇය අසනීප වග දන්නවා සොක්ජීන් හා සමඟ ඇය දින ගත කලා.
ප්‍රේමය ඔවුන් හා බැඳිව ඔවුන්ව නවමු හැඟිම්වලින් නහවා සිත්මඬල තුළම හොවාදමන්නට උනා. එය විටෙක හැඟුම්බර ආදරණිය මොහොතක් ද විටෙක සුසුම්ගිනි වලින් දැවෙන ශෘංගාරී මොහොතක් ද උනා.
පෙර දින සිටම තම හිසට දැනුන වේදනාව මෙන්ම ගතට දැනුන අපහසුතාවය නිසාම ගාරම් සිටියේ ඇගේ සයනයේ දිගා වී සොක්ජීන්ගේ රැව මනසේ මවාගෙනයි.
එකවරම තම කුසින් දැනුන අපහසුතාවය නිසා ගාරම් ඇගේ කුටියේ වුන කවුලුව අසලට ගියා.
හිසට දැනුන අපහසුතාවයත් ගතින් දැනුන විඩාවත් නිසා ගාරම්ගේ පළිඟු දෑස් විමතියෙන් බරව ගියා.
පෙර සතියක සිටම සොක්ජීන් හා එක්වුන පසු කිසිම විටෙක ඈ රාජකීය අභිසාරිකාව ලෙසින් ගත යුතු පානය නොගත් බව ඇයට සිහි එළඹුනා.
තම හද සිරවී ගියාක් වැනි හැඟිමක් ගාරම් හට දැනුනත් ඇය ඇගේ කුස මත දෑත් හොවා ගත්තේ නිතැතින්මයි.
" ගාරම්... රාජකීය දෝලාව පැමිණලා.. අදම පැමිණ චීන දූත මැඳුර වෙත යන ලෙසින් රජතුමා නියෝග කරලා..! "
සේවිකාවගේ හඬින් ගාරම් හට තමා කවුරැන්ද... තමා කල යුත්තේ කුමක් ද යන්න වග වැටහී ගියා. ඒ සියල්ල අමතක ව ගියාක් වැනි හැඟිමක් සොක්ජීන් නිසා ඇයට දැනි තිබුනා.
" දින තුනක්....... දූතයින් විසිපස් දෙනෙකු.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මගේ දරැවා..........!! "
ගාරම් සිතිවිලි අතර සිරවී වේදනාවෙන් මිරිකෙන්නට වුනා. ඇය ඇගේ කුස මත දෑත යවා සිටියා. ඇගේ පළිඟු දෑස්වලින් කඳුලු බිඳු කඩා හැලුනා.
" මා හට එතුමාගේ අනාගතය අහුරා දැමීය නොහැකි..... රාජ්‍යය බිල්ලට දියත් නොහැකි..... මා..... කුමක්..... මගේ දරැවා... "
ගාරම් ඇගේ සිතත් සමඟ වේදනාව උහුලමින් ඝට්ටනය වුනා.
මොහොතකට පසු ව ඇය ඇගේ පළිඟු දෑස්වලින් කඩා හැලෙන කඳුලු බිඳු පිසලා දැමුවා.
" නුඹ එය සිදු කල යුතුයි ගාරම්... දරැවා පිළිබඳ දැනගත්තත්... මේ අධම මිනිසුන් දරැවාගේ දිවිය උඳුරා ගනි... නිසැකයෙන්ම... "
තම සිතට දිරිගත් ගාරම් ඇයට ඇවැසි දේ කුඩා සේද පොට්ටනියකට ගෙන කුටියෙන් පිටව යාමට සැරසුනා.
රාජකීය අභිසාරිකාව විලසින් දරැවකු වැදිමට නම් තමා විසි වසරක් රාජකීය සේවයේ යෙදිය යුතු වග ඇය හොඳින් ම දැන සිටියා. ඒ වුවත් තම දරැවාට පියකු හිමි නොවන වග සිහිවීමෙන් ගාරම් තමා සමඟම සිනහාසුනා.
පෙළපතක්... පියෙකු.. නැදෑයකු... පවුලක්.. රැකවරණයක්.. හෝ සෙනෙහසක් නොමැතිව ලොවට බිහි වන්නකු....
.
.
.
.
ගැහැණු දරැවකු නම්.... නිසැක වශයෙන්ම අභිසාරිකාවක් ලෙසින් නම් ලැබීමට උරැමවන්නකු...
මේ කරැණු නිසා ගාරම් උන්මත්තක කතක් ලෙසින් ඇය සමඟම සිනහාසුනා.
නමුත්............
" ආ..ආරක්ෂක ආමාත්‍ය..තුමා...! "
" හ්හ... අර උඩඟු සෙම්පති කිම් දල්හ්වජේ හි ලැඟුම් ගන්නා විට මා හට සැකයක් මතු ව තිබුනත්... නුඹ රාජකීය අභිසාරිකා... සියල්ල පසෙකලා පලා යයි කියා මා සිතුවේ නැහැ..!! "
" ආමාත්‍යතුමනි... කරැණාකර.. මා හට පිටව යාමට....."
" ප්‍රමාද වැඩි ගාරම්..... නූඹ රාජකීය අභිසාරිකාව වුවත් අශිලාචාර ගැහැණියක්... නුඹට පැවරී ඇති රාජකාරිය නිසි ලෙස කරව....!! "
" ආමා..ත්‍යතුමනි......කරැ..."
" කුමක් ද කරනුයේ... මැ අල්වා.. දෝලාවට දමනු.... චීන දූතයින් හෙට උදෑසන විට මැඳුරට පැමිණ තියේවි..!! "
ගාරම් කෙතරම් ඇවටිලි කලත් රාජකීය පුරැෂයින්ගේ දරදඬු දෑත්වලට ඇයව සිරවුනා. පළිඟු දෑස්වල කඳුලු බිඳු දිලෙන්නට පටන් ගත්ත ද ඇය ඉන් පලා යාමට උත්සහා කලා.
චීන දූත මැඳුරේ සිරවුන ගාරම් එහි ද්වාරයකට පිටුපා හිඳ තම නින්ධිත දිවිය ගැන සිතා කම්පා උනා.
ඇගේ දරැවා... මෙන්ම සොක්ජීන්ගෙන් නොනවත්වා ම ඇය සමාව අයැඳුවා.
" කමාකරන්න....... මා හට කමා කරන්න.. මගේ දරැවො... මේ පාපි නින්ධා සහගත කාන්තාව උදෙසා කමා කරන්න... සෙම්පතිතුමනි.... ! "
අභිසාරිකාවක් වීම කෙතරම් කටුක හැඟිමක් ද යන්න වග ගාරම්ව දෙකඩ කිරීමට සමත් උනා.
මෙතෙක්කල් තම දිවිය ගැන නොසිතු ගාරම්.. තමා ගැනම උපන් ආත්ම අනුකම්පාවෙන් ඇලලි ගියා.
______________________________________