COURTESAN OF THE PALACE || KS...

By Ayo_PJM

4.5K 1.4K 458

A women who Reserved For Royal Mans.... A KSJ FanFiction By_Ayo Start :- 2022.07.07. End :- 2022.09.07. More

(01) රක්ත සේලය
(02) සාදයේ ගිනිසිලුව
(03) දෝලාව
(04) කුමර බඹසර
(05) පළිඟු දෑස
(06) පණ්ඩිත නදිය
(07) අනුවණ වදකාරිය
(08) ලොම් ගුලිය
(09) දෙපලු පළඳනාව
(10) නදි අසබඩ
(11) උණුසුම් සිනහව
(12) සිත්තම
(13) රාජකීය නියෝග
(14) රදළ පිනවීම
(15) අමුත්තකුගේ පැමිණිම
(16) ගලා යන නදිය
(17) රිදුම
(18) ප්‍රේමයේ මුසුව
(20) අභිසාරිකාවක
(21) අග්නි පළිහ
(22) ⁣ප්‍රේමය නිසාම
(23) බොඳ වුන ඡායා
(24) ප්‍රේමයේ සලකුණ
(25) බලාපොරොත්තුව
(26) හුරැබුහුටි වදකාරිය
(27) රාජකීය උදහස
(28) යළි හමුවීමක්
(29) සයුර වෙතට
(30) පළිඟු තාරකාව

(19) ප්‍රේමාන්විත දෑස්

117 39 21
By Ayo_PJM

සොක්ජීන් හා ගාරම්ගේ ප්‍රේම මෝසමෙන් පසුව එළඹුන දින කිහිපය ශිත සෘතුව දොරකඩට පැමිණ ඇති බව බෙක්ජේහි වෙනස්වීම් වලින් පිළිඹිබු උනා.

ගාරම්ගේ වත.. ඒ දෙතොල්.. සිනහව.. පළිඟු දෑස් දින දෙකකට පෙර දැක තිබීම සොක්ජීන්ව කුසගින්නක දැවුන උන්මත්තකයෙකු කලා.

ඔහු ඈ වෙත යාමට කෙතරම් වෙර දැරැවත් ඔහුට ඒ උදෙසා ඇති වුන බාධාවන් නිසා දෙදිනක්ම ඇය දැක ගැනීමට ඔහුට නොහැකි උනා.

ඔහුට තිබුන රාජකාරීමය කටයුතු සමඟ සොක්ජීන් නිතැතින්ම උරණ වන නිසා ඔහු තව තවත් සියල්ල වියවුල් කරගත්තා.



( A/N :- මයි මයින්ඩ්.. 🙂 ඔහෙට පිස්සු ද අයිසේ විකාර ප්‍රේම විගඩං...)




සොක්ජීන් තම කටයුතු කුඩා දරැවකු විලස වියවුල් කරගන්නා දෙස ඔහුගේ සහයකයා සිනහව මැඬගෙන බලා සිටියා.

රණශුර කිම් සොක්ජීන්.. බෙක්ජේහි රිදී පළිහ.. මේසයක් මත හිස එල්ඹවාගෙන තනිව දෙඩිම එක්තරා අයුරක පුදුම සහගත අහඹු දසුනක් නිසා සහයක ඒ සමඟින් බොහෝ ලෙස පීඩා වින්දේ සිනහා මැඬීමටයි.

නැත්නම් අසිපතක් ඔහුගේ ගෙල හරහා යාමට ද ඉඩ ඇති බව ඔහු දැන සිටියා.

සොක්ජීන් එලෙස වියවු⁣ලේ සිටන විට ආඩම්බර ගාරම්.. දෙදිනක් පුරාවටම සියලු පුරැශයින් ප්‍රතික්ෂේප කරමින් තම කුටියට වී සොක්ජීන්ගේ සේදයක් තුරැළට ගෙන සිටියා.

තමා අසනීප වග දන්වමින් ඇය රජු පවා හොර රහසේම ප්‍රතික්ෂේප කොට සයනය මත දිගාවී තමා සමඟින්ම සිනහා වෙමින් සිටියා.

දිවිය පුරාවට මෙතෙක් නොවිදි සුවදායි හැඟිම්වලින් පිරි ගිය හදින් ගාරම් නිදහසේ සිනහා සුනා.

හිරැ බැස යාමට ආසන්නව තිබුනා. දල්හ්වජේ වෙතින් බැස යන්නා වු සුර්‍යය දහරාවන් නිසා දිලෙමින් කවුළුවක් අසළ හිඳ උන් ගාරම් රන්වන් පැහැ අහස් කුස දෙස බලා සිටියා. සූළඟ ඇය වටා දඟ දෙමින් ඇගේ කාල වර්ණ කෙහෙරැලි සමඟ පැටලි තිබුනා.



" උණුසුම් දිය සුදානම් ගාරම්....."




සේවිකාවකගේ හඬින් ඒ දෙස බැලු ගාරම් සේවිකාව පිටව ගිය පසු ඇගේ කුටියේ වුන ස්නාන දිය පොකුණ වෙත ඇවිද ගියා.

සියලු වස්ත්‍ර උනා දැමු ඇය රෝස පෙති අතුරා සුවඳ වත් ලෙසින් උණුසුම්ව ඇති දිය වෙතට තම පාදයන් දමා සෙමින් සෙමින් දිය තුළට ගියා.

ගාරම්ට දැනුන නවමු නිදහස් හැඟිම් වලට ඒ උණුසුම් දිය ද සුවදායි හැඟිම් ඇය වෙත ගෙන ආවා. ගාරම් තම සම මත විසිරි තිබුන රෝස පෙති සෙමින් ඇගේ ඇඟිලි තුඩු අතර රඳවා ගනිමින් සිදු කරන සියුම් ක්‍රියාවන් දෙස කෙනෙකු ඈතින් බලා සිටින වග ඇය නොදැන සිටියා.

සොක්ජීන් තමාට ලැබුන ඇසිල්ලෙම දල්හ්වජේ වෙත පැමිණි අතර ගාරම්ගේ කුටියට ඔහු ඇවිද ගියේ සිහිනයක් හා දිව යන පරිද්දෙනි. නමුත් එහි යන විට ඔහුගේ නෙත ගැටුන දසුන සොක්ජීන්ගේ හද තෘප්තියකින් පිනවා ලීමට සමත් වුවත් ගාරම් නිසා ඔහුගේ හද සතුටින් ඉපිල ගියා.

ඔහුගේ කඩවසම් මුවඟ වු සිනහව ඉතාමත් සුලඹ දසුනක් වග ඔහුවත් නොදැන සිටියා.

සොක්ජින් සෙමින් සෙමින් ඇයට පිටුපසින් ඈ වෙතට ඇවිද ගියා.

නමුත් අසළ බිම වැටි තිබුන ⁣තෙත් වුන සිනිඳු සේලය සොක්ජීන්ගේ නෙත නොගැටුනා.

අහෝ අවාසනාවක පෘෂ්ඨිමත් බව......


" ආාාාහ්........හ්හහහ..... සෙ.... සෙම්පති...තුමනි.......!!!! "




පය පැකිලි සමබරතාවය ගිලිහුන සොක්ජීන් සිටියේ දිය පොකුණු උණුසුම් දිය තුළයි. රෝස පෙති ඔහු වටා විසිර ගොස් තිබුන අතර.. නිසැක වශයෙන්ම ඔහු ගාරම්ගේ උකුල මතටම වැටි තිබුනා.

පුදුමයෙන් ගාරම්ගේ පළිඟු දෑස් දිලිසි තිබුනත් සිදු වු දෙය වැටහුන නිමේශයේ ඇගේ සිනහව විසිර ගියා.

රෝස පෙති වැටි තෙත බරිතව මුහුණ හකුලුවාගෙන සිටින සොක්ජීන් ඒ සිනහවට කඳිම ම හේ්තුව උනා.

ගාරම් ගේ සිනහව නතර වී ගියේ දිගින් දිගටම ඇයට රවමින් නැගිට යාමට වෙර දරන සොක්ජීන්ගේ අඳුරැව ගිය මුහුණයි. ගාරම් ඇගේ සිනහව අපහසුවෙන් නවතාගෙන ඔහු දෙස බැලුවා.



" එය නම් කදිම පුදුම කිරීමක්.. සෙම්පතිතුමනි... රෝස පෙති අතුරා තෙතබරියම් වුන රිදී පළිහ... ඉතාමත් සුන්දර දසුනක්....!! "





" කදිම වදන්... ගාරම්... ඕහො... ඔය සිනහව නවතා මා හට නැගිටීමට උපකාර කරනු... මොට්ට නදිය... නමුත් ඔබට යමක් අතපසු වුනා.."




සොක්ජීන්හට නැගීටිමට උපකාර කරමින් සිටින විට ඔහු පැවසු දේ නිසා ගාරම් තම දෑස් වටකුරැ කර ඔහු දෙස බැලුවා.


" කුමක් ද අතපසු වුයේ... ? "



" නුඹට අතපසු උනා.. මා සුන්දර... වගේම කඩවසම්...දසුනක් වග... !!! "




සොක්ජීන්ගේ වදන් නිසා ගාරම් අදහාගත නොහැකි දෑසින් ඔහු දෙස බලා හිස සෙලවු අතර සොක්ජීන් නැවතත් හඬ නැගුවා.


" ඒ.. වගේම.... බෙක්ජේහි රන් ගිනිසිලුව මේ මොහොතේ නග්නව ම.. හිඳින වගත්..... මා හා මෙතරම් සමීපයෙන්....!! "



සොක්ජීන්ගේ වදනින් තිගැස්සුන ගාරම් ඔහුව පොකුණේ අනෙක් පදෙසට යවා ඇය දිය තුළට වඩාත් හොඳින් එල්ඹුනා. සොක්ජීන් සම්පුර්ණයෙන් ම දියෙන් තෙත්ව කෙලවරක සිට ඇය දෙස බලා සිටියේ සිනහා නඟමිනි.


" පළිඟුවක් සුන්දර... ම එය ස්වභාවයෙන් ම පවතින විටයි.. ! "



සොක්ජීන්ගේ වදන් වලින් රත් පැහැ ගැන්වුන ගාරම් පොකුණින් ඉවතට යාමට සැරසුනත් ඉක්මන් වුන සොක්ජීන් ඇයව ඔහු වෙතට ඇඳගත්තා.

ඇගේ කොපුලක් ස්පර්ශ කල සොක්ජීන් ඇගේ පළිඟු දෑස් සමඟ සිනාසුනා.


" මා දිවිතුරාවට දැක තිබුන සුන්දරම දසුන නුඹයි... ගාරම්.....! "



" මා දැක තිබුන කඩවසම් ම පුරැෂයාත් නුඹයි.. සොක්ජීන්.. ශක්තිමත් සහ ආදරණියම.. ! "




ගාරම් ද සොක්ජීන්ගේ දෑස් දෙස බලාගෙන එසේ පැවසුයේ ඇගේ සියුම් දැඟිලි සොක්ජීන්ගේ පපු තලය පුරා යන විටයි.


" එසේ...නම්..... මගේ ශක්තිමත් බවට වටිනාකමක් නියම කිරීමට මා නුඹට උපකාර කරන්නම් ගාරම්.... !! එයට ආදරණියම හැඟිම්ද එක් කරමු.. "


" සෙම්ප.....ති.......තුමනි.. මෙහි...! "




ගාරම් පුදුමයෙන් ගැස්සි යන විටත් සොක්ජීන් ඇගේ දෙතොල් ඔහුට නතු කරගෙන තිබුනා.

උණුසුම් හෝරා කිහිපයකට පසු සොක්ජීන් සිටියේ ගාරම්ගේ උකුල මත හිස හොවාගෙනයි. ඔහුගේ දෑස් ගාරම්ගේ සුවදායි ස්පර්ශයන් නිසා වැසි තිබුනා.

ගාරම් ඔහුගේ හිස වෙනතක තබා සයනයෙන් බැසයාමට සැරසුනත් ඇගේ දෑත සොක්ජීන්ගේ දෑතට සිර උනා.

" කොහි යන්නද... ආා..? "




" සෙම්පතිතුමනි.... ඔබතුමා දැන් හෝරා කිහිපයක සිටම මෙලෙසයි... මදක් සිටින්න මා තේ පැන් සංග්‍රහයක් සකසන තුරැ....."




සොක්ජීන්ගේ මුරණ්ඩු බස් හා ගාරම්⁣ගේ ඇවටිලි කිරීම් මතින් අවසානයේ සොක්ජීන් සිටියේ ගාරම්ගේ කුඩා මේසය අසළයි. මේසය මත තිබුන ඔහුගේ දෑතකට සොක්ජීන් තම වත බර කරගෙන තමාට ඉදිරියේ හිඳ තේ පැන් සකසන ගාරම් දෙස බලා සිටියා.

නමුත් ඒ අසල වුන විසිතුරැ බහාලුම සොක්ජීන්ගේ නෙත් ගත්තා. ගාරම් බලා සිටින විටම ඔහු ඒ තුළ තිබුන තමා විසින්ම සිතුවම් කරන ලද්දා වු ගාරම්ගේ සිතුවම දෙස බලා සිටියා.


" එය ඉතාමත් සුන්දරයි...... "


" ඔබතුමා නේ සිතුවම් කලේ....! "



" සිතුවමේ සිටින්නා තරම් එය සුන්දර බවක් නම් මා දකින්නේ නැහැ.. "


සොක්ජීන්ගේ වදන් නිසා සිනහාසුන ගාරම් තේ පැන් බඳුනක් ඔහු අසළින් තැබුවා.



" මෙහි ඇති පුෂ්පය කුමක් ද... සෙම්පතිතුමනි.... ? "



" එය නුඹේ ⁣බොහෝමයක් සේද වල තිබෙන පුෂ්ප රටාවේ ඇති පුෂ්පයයි.. ඔබට එය හඳුනාගත නොහැකි උනාද.? "





" අහ්..මා ඒ පිළිබඳවක් සිතුවේ නැහැ..! "


ගාරම් පවසන විට සොක්ජීන් සිනහා වී නැවතත් සිතුවම බහාලුමින් තැබුවා.





" ගාරම්.... නුඹට රජ මැඳුරින් ආභරණ එවා තිබෙනවා... "




සේවිකාවකගේ හඬින් එදෙසට ඇවිද ගිය ගාරම් ආභරණ බහාලුම ගෙන ඇගේ කැඩපත වෙතට ගියේ සොක්ජීන් තේ පානය කරනමින් ඇය දෙස බලා සිටින විටයි.

කැඩපත අසළ හිඳ ආභරණ තබන ගාරම්ගේ උර මත තිබුන සේලය පහළට කඩා හැලෙන දෙස සොක්ජීන්ගේ තියුණු දෑස්වලට අසු වී තිබුනා.








" ගාාාරම්........!!! "






" කි.. මද සෙම්පතිතුමනි...? "








සොක්ජීන්ගේ හඬින් ගැස්සි ගිය ගාරම් ඊළඟ නිමේශයේ සිටියේ සයනය මත දිගා වී ගෙනයි.



සොක්ජීන් ඔහු අත තිබුන සායම් නිසි වර්ණයට ගනිමින් සිටියා. නිරාවරණය වී තිබුන ගාරම්ගේ කිරිපැහැති උර මතින් සොක්ජීන් තම පින්සල සියුම් ලෙස රැගෙන ගියා.





සුපුරැදු විණා නාදය දල්හ්වජේ පුරා පැතිර ගොස් තිබුනේ එහි වුන පහන් ද දල්වාය. සුගන්ධය දුමාරයෙන් පිරි ගිය ගාරම්ගේ කුටිය තුළින් ඒ විණා නාදය පමණක් ඇසෙමින් තිබුනා.

තම කාරිය නිම කල සොක්ජීන් ගාරම්ගේ උර මත රක්ත වර්ණයෙන් හැඩවුන පුෂ්පය දෙස බලා සිටියා. කැඩපතින් එදෙස බැලු ගාරම් සොක්ජීන් සමඟ සිනහා වුනා.



" සුවපහසු සේලයක් දවටා ගෙන හැකි ඉක්මනින් සුන්වො නදිය අසළට පැමිණෙන්න... ගාරම්....! "




" සෙම්...පති........තුමනි......එහෙත්.."



සයනයෙන් බට වුන සොක්ජීන් එසේ කියා පිටවුයේ ගාරම්ගේ වදන් ගැන කිසිඳු තැකීමක් නොකරමයි.

සුදානම් ව පැමිණි ගාරම් සුන්වො නදිය අසබඩ සොක්ජීන්ගේ රැව සොයා තම දෑස් වෙහෙසුවා.



" ගාරම්.......!!! "

සොක්ජීන්⁣ගේ හඬින් ගාරම් ඔහු දෙස බලන විට ඔහු කුඩා පාරැවක් අසළ පහන් කිහිපයක් ද අතැතිව ඇය දෙස බලාසිටියා.

ගාරම් පුදුමයෙන් ඔහු දෙස බලාසිටින විට සොක්ජීන් ගාරම්ව පාරැව වෙත රැගෙන ගියා.

ඊළඟ නිමේෂයේ ඔවුන් සිටියේ සුන්වො නදිය මධ්‍යයේ වුන කුඩා පාරැව මතයි.
පුදුමයක් ලෙසින් ඔවුන් වටා පහන් පාව යමින් තිබුනා.

" සෙම්පතිතුමනි... මේ... මේ උත්සව සමය නොවෙයි නේ.. "

" පහන් දල්වා පා කිරීමට සමයක් අවැසිම ද...? "

ගාරම්ගේ දෑතින් දැල්වු පහනක් තැබු සොක්ජීන් එලෙස පවසා සිනාසුනා.

ඔවුන්ගේ දෑස්වල තිබුනේ සතුටින් උදම් වුන ප්‍රේමාන්විත හැඟිම් ය.

ඔවුන්ගේ සිනා හඬ පහන් සමඟ ම සුන්වො නදිය පුරා පැතිර ගියා.




































ගාරම් සහ සොක්ජීන්ගේ දෑස් ප්‍රේමාන්විත සතුටු හැඟිම්වලින් බර ව තිබුනත් දුරක තිබුන දෑසකට ඒ දසුන නිසාවෙන් කඳුලු බිඳු එක්රැස්ව තිබුනා. ඒ දෑස් ප්‍රේමයෙන් දැවි ගිය වේදනාවක් ඉසිලුවා.




" කුමරියනි... සෙම්පතිතුමා දල්හ්වජේ ඇතුළතින් නොම හමුවුයේ.. "



" හමුවීම... හිමිවීම.. මෙන්ම ප්‍රේමයත් දෛවයේ තීරණයක්... "


ඈතින් පෙනන සොක්ජීන්⁣ගේ රැව දෙස බලාගෙන ම පැවසු නරි ඇගේ සේවිකාව හා සිනහාසුනා.







" අපි පිටත් වෙමු......."






දල්හ්වජේ වෙතට යාවුන පාලම් මතින් නරි පිටව ගියේ පහන් ආලෝකයෙන් මුලු වටපිටාවම දිස්නය දෙන විටයි.

ඒ සමඟම ඇති වුන හිම පතනය ඒ මොහොත ඉතා සුන්දර නමුත් සීතල හැඟිමකට රැගෙනයාමට සමත් උනා.



______________________________________

Continue Reading

You'll Also Like

8.6K 1.5K 40
ලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණීය සොයුරියක්.. තමන් වෙනුවෙන් කැප වුණු සොය...
11.4K 2.2K 15
තමන්ගේ අම්මා තත්තගේ මිනි මාරුවා විදියට ලොකයි දකින මල්ලිලා දෙන්නගේ අාදර නැති උන අයියලා 4 දෙනා ගෙන් අැත්තඋන නපුරු දඩබ්බර නර්තන ශල්පියෙකු ගේ කතාවයි...
9.2K 2.3K 31
"ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start .............. Deshu🥀
39.5K 5.8K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...