දින ගතවීම සොක්ජීන්ට හා ගාරම්ට හොඳින්ම දැනීමට පටන් ගෙන තිබුනා. කාලය ඉතා දීර්ඝ වී ඇත්තාක් මෙන් ඔවුන්ට හැඟුනා.
සොක්ජීන්ගේ හද පුරා තිබුන වේදනාව පසෙකලා ඇය දැක ගැනීමේ ආශාව සොක්ජීන් හට තදින්ම දැනුනත් ඔහු ඇද බැද තිබුන රාජකීය කටයුතු ඒවා වලට හරස් උනා.
දින කිහිපයකට පෙර නිහඬවම තම කුටියෙන් පිටව ගිය සොක්ජින්ගේ ඡායාව ගාරම්ව දවමින් තිබුනා. ඇය ඇගේ හද පිළිබඳ දැන සිටියා. එහි ඇති වේදනාවේ රසයත් ඇය විදිමින් සිටියා. නමුත් ඇය එය ඇය උදේසාම වෙන් වුන රහසක් කරගැනීමට සිත තර කරගත්තා.
" ප්‍රේමය..... එය ඉතා ගැඹුරැ ආගාධයක් බව මා දන්නවා.. සොක්ජින්.... නමුත් මා සිටින අන්ධකාරයට වඩා ඒ ගැඹුරැ ආගාධයේ ඇති උණුසුමට මම ප්‍රිය කරනවා... "
මාළිගයෙන් පිටවීමට තම දෝලාව වෙත යන අතරමඟ දි දුටු සොක්ජීන්ගේ රැව දෙස බලමින් ගාරම් එලෙස සිතුවා.
ඇගෙන් ඈතට යන සොක්ජීන්ගේ තේජවත් ඡායාව පවා ගාරම්ව නවමු හැඟිමක් වසා දමා ඇගේ මුවඟට සිනහවක් ගෙන දුන්නා.
" මා හට ප්‍රේමය අවැසි නැත... සෙම්පතිතුමනි... නමුත් ප්‍රේම කිරීමට.. මා පසුබට නොවෙමි... ඈතක සිට බලා හිඳිමට මා ප්‍රිය වෙමි... එය වරදක් විය හැකියි.. යදම් දමා ඇති මා වැන්නියකට..... නමුත් මගේ හදට මා විසින්ම යදම් නොදමන්නෙමි... ඉදින් ආත්මාර්ථයෙහි ගිලුනු මට සමාවක් පැතීමවත් මා සිඳු නොකරන්නම්.."
දෝලා කවුලුවෙන් නොපෙනි ගිය සොක්ජීන්ගේ ඡායාව දෙස බලමින් ගාරම් එසේ සිතුවා. ඇගේ කොපුල් තලයක් දිගේ කඳුලු බිඳු පෙළක් සිත් සේ ගලා යාමට පටන් ගත්තා.
*************************
එදින අඳුර වැටිගෙන එන විට සොක්ජීන් මාළිගයෙන් පිට වුනා. කුමරැ හමු වේදි ඇසුන වදන් ඔහුගේ හදපුරා දෝංකාර දුන්නා.
" දින කිහිපයකින් බෙක්ජේ වෙත පැමිණෙන චීන දූතයින් පිනවීමට ගාරම් යෙදවීමට රජු අණ කරලා. දින තුනක් ඔවුන් එකම කුටියක සිටිවී.. චීන දූතයින් විසිපස් දෙනකු වුවත් ඔවුන් ආත්ම තෘප්තියෙන් පිනවීමට ගාරම් සමත් වග නම් මා හොඳින්ම දන්නවා.. බෙක්ජේ චීන ගිවිසුම නිසැක වශයෙන්ම සනාථ වේවි...!! "
සොක්ජීන්ගේ හදේ ඇති වුන වේදනාත්මක රිදුම ඔහුව දල්හ්වජේ වෙතටම රැගෙන ආවා. නමුත් ඔහු ගාරම්ගේ කුටිය වෙත නොගියා. මධුවිත බඳුන් කිහිපයක්ම හිස් කෙරැ සොක්ජීන් අසම්පූර්ණ චන්ද්‍රයා දෙස බලා සිටියා.
චීන දේ්‍ශය සමඟ ගිවිසුමකට එළඹිම සොක්ජීන්ගේම අදහසක් වීම ඔහුව පණ පිටින් වළලා දැමීමකට සමත් උනා.
" කමා කරන්න.. පුංචි නදිය..... "
සොක්ජීන්ගේ හද වේදනාවෙන් ඉපිල යාමට පටන් ගත් විට සොක්ජීන් තවත් මධුවිත පානයක් ලබාගත්තා.
" සෙම්පතිතුමනි..... කිමද මේ... ? "
ගාරම්ගේ හඬ නිසා සොක්ජීන් ඇය දෙස බැලුවා. ඇගේ පළිඟු දෑස්වල තිබුන සිනහව සොක්ජීන්ව දවාලුවා. ඔහුගේ දෑස්වල තිබුන වේදනාව හැඟි ගියාක් මෙන් ගාරම් ඔහු අත වුන මධුවිත බඳුන් පසෙකට කර ඔහුව අල්වාගත්තා.
" කුටිය වෙතට යමු...සෙම්පතිතුමනි... ඔබතුමා විඩාවින්.... "
ගාරම්ගේ දිගු කෙස් වැටියෙන් හමන සුගන්ධය සොක්ජීන්ගේ හද පුරාවට පැතිර ගියා. සොක්ජීන්ගේ දෑතකට යාව තිබුන ඇගේ සියුමැලි දෑත සහ ඔහුගේ බඳ වටා වුන ඇගේ දෑතෙහි උණුසුම වෙතට සොක්ජීන් ඇලුම් කලා.
ඇගේ කුටියේ සයනය වෙතින් සොක්ජින් ව හිඳ වු ගාරම් ඔහුගේ සේද ලිහිල් කර දැමුවා. සොක්ජින්ගේ උඩුකය වැස්ම ඉවත් කල ගාරම් සයනයෙන් නැගිට ගොස් දීප්තිමත් පහන් සියල්ල නිවා දමා කුටිය අඩ අඳුරකට ගෙන ආවා.
මේ සියල්ල ම සිදුවන තෙක්මත් ගාරම්ගෙන් තම දෑස් වෙනතකට ගැනීමට සොක්ජීන් හට නොහැකි වුනා.
උණුසුම් ජල බඳුනක් රැගෙන පැමිණි ගාරම් සොක්ජීන්ගේ දෙපා දොවන්නට පටන් ගත්තා. තම දෙපා අසළ හිඳින ගාරම්ගේ රැව සොක්ජීන්ව තවත් වේදනාවින් පෙළිමට සැලැස්වුවා.
තමා වෙතට වුන ඒ පළිඟු දෑස්වල සිනහවත් දිස්නයත් සොක්ජීන් හට හොඳින් ම දැනුනා.
සයනය වෙතට පැමිණි ගාරම් ඇගේ දෑතෙහි වුන රෙදි කඩින් සොක්ජීන්ගේ විඩාබර වුන වත උණුසුම් කලා. ඔහුගේ මුහුණ පුරා යන පළිඟු දෑස් දෙස සොක්ජීන් බලා සිටියා.
ඔහු ඒ පළිඟු දෑස්වලින් මිදිමට අසමත් උනා.
ගාරම්ගේ දෑතින් එකවරම අල්වා ගත් සොක්ජීන් ඇගේ පළිඟු දෑස්වලට නැඹුරැ උනා.
" මා...ප්‍රේම කරනවා......! "
" කු....කු....ම...ක්...? "
සොක්ජීන්ගේ තියුණු දෑස්වල බැල්මින් ගාරම් තිගැස්සි ගියා.
" මා නුඹට ප්‍රේම කරනවා ගාරම්.... !! තවත් මෙය දැරිය නොහැකි...."
ගාරම්ගේ සියුම් දෙතොල් වෙතට නැඹුරැ වුන සොක්ජීන් හදිසියේ ඇද හැලුන ජල ධාරාවක් මෙන් ඇයව සිපගන්නට පටන් ගත්තා. ඔහුගේ දෑත් ඇයව ඔහුගේ උණුසුමට සිර කරගත්තා.
සිපගැන්මේ වේගය සෙමින් සෙමින් අඩු කල සොක්ජීන් ඇගේ නළලත මත ඔහුගේ නළල තබා ගත්තා.
" මා හට නැති ද.. පෙම් කරන්නේ... ? ආඩම්බර නදිය..... !! "
සොක්ජීන්ගේ මුවඟ සියුම් සිනහවක් තිබුනත් ගාරම් නිහඬවම වේගවත් සුසුම් ගනිමින් ඔහු දෙස බලාසිටියා.
මොහොතක් එලෙස හුන් සොක්ජීන් ඇගෙන් ඉවතට පැමිණ සයනයෙන් යාමට පටන් නැගිට ගත්තා.
නමුත් ගාරම්ගේ දෑත් නැවතත් ඔහුව ඇය වෙතට ළං කරවා ගත්තා.
පළිඟු දෑස් වලින් දිගින් දිගටම කඩා හැලෙන කඳුලු බිඳු සොක්ජීන්ව නොසන්සුන් කලා.
" ගාරම්...... කිමද මේ... ? එ...ය....එය... ට කම් නැත.. නොහඬා ඉන්න... කරැණාකර... නූඹ මා හට ප්‍රේම කල යුතු නැහැ.. මා.....මින් පිට...! "
" මා හට කමා කරන්න..සෙම්පතිතුමනි මා ඔබතුමාට ප්‍රේම කලේ කලක සිටයි.. අද ට පමණක් හො.. මා වෙතට පැමිණෙන්න.. මගේ කුමරැනි.. නුඹ වෙතට උමතුවෙන් මෙන් සිදුවන ඇඳිම වළක්වා ගැනීමට මා අපොහොසත් උනා... සෙම්පතිතුමනි.....ඔබතුමා මා... මෙලෙස හැර යන විට මා දැවෙනවා.. ඉන් මා...."
ගාරම්ගේ වදන් නවතාදැමීමට සොක්ජීන් පෙළඹුනා. ඔහු ඇගේ දෙතොල් සියුම් ලෙස සිපගත්තා.
ඇයව ඔහුගේ සිරැරට හොවා ගත් සොක්ජීන් ඇයව සයනය මත දිගා කරවුවා. සිපගැන්ම මදකට හෝ නතර නොවුන අතර ඔවුන්ගේ සේද සලු සයනය අසළින් කඩාහැලි ගියා.
නග්න වුන සිරැරෙන් දැනෙන උණුසුම පරයා ඔවුන්ගේ දෑස්වල තිබුන ප්‍රේම දිස්නය ඔවුන්ගේ වත සිනහවින් පුබුදවාලුවා.
ගාරම්ගේ කාල වර්ණ කෙස් වැටිය නිදහසේ සයනය මත විසිරි තිබුනා. ඇගේ කිරි පැහැති සම... පිරිපුන් ළැම.. සිහින් නිතඹ... දිස්න දෙන පළිඟු දෑස්වල සිනහව සොක්ජීන්ගේ හද සතුටට පත් කරවාලුවා.
ඒ කුඩා සුන්දර සිරැර සොක්ජීන්ගේ කඩවසම් දේහදාරි සිරැරේ උණුසුමට නතු ව තිබුනා. සොක්ජීන්ගේ ගැඹුරැ දෑස්වල කිමිඳිමට ඇය පෙළඹුනා. සොක්ජීන්ගේ කඩවසම් මුහුණ වුන ආදරණිය සිනහව.. හැඟුම්බර දෑස්.. ගාරම්ව රෝස රතකට හැරවීමට සමත් උනා.
" මා නුඹව රිදවුවොත්... පා පහර දී හො මා සයනයෙන් බිම හෙලන්න... ගාරම්.."
සොක්ජීන්ගේ හැඟිම්වලින් මත් වුන හඬ නිසා ගාරම්ගේ සිනහව කුටිය පුරා නිදහසේ ගලා ගියා.
අඩ අඳුරකට හැරවුන ඒ කුටිය පුරා ඔවුන්ගේ සුසුම් ඉතිරි යාමට පටන් ගත්තා. සුගන්ධවත් කුටිය පුරා දල්හ්වජේ හි සුපුරැදු වීණා වාදනය වඩා උණුසුම් ලෙසින් වැයෙන වග ඔවුන් දෙදෙනාටම පසෙක් වුනා.
______________________________________