සොක්ජීන් හා ගාරම්ගේ නිදහස් හමුවෙන් පසුව ඔවුන් අතර තිබුනු අපහසුතාවය පිරැන හැඟිම් ඔවුන් අතරින් පලා ගියා. එයට නිසි හේතුවක් හෝ ඔවුන් නොදැන සිටියා. නමුත් එය දිගින් දිගට විමසා සිත වෙහෙසට පත් කිරීම ඔවුන් දෙදෙනාම පසෙක තැබුවා.
දින කිහිපයක ඈවමකින් සොක්ජීන් ඔහු වෙත කාලය ලැබුන නිමේශයේ ම දල්හ්වජේ වෙත තම අසු ගෙන ගියා.
ඔහුගේ හදේ වුන නවමු හැඟිම ඔහුව ඒ කරා ඇඳ බැද ගැනීමට සමත් උනා.
එය හිමිදිරි උදෑසනක් වුවත් වැසි වලාවන් අඳුරැ ලෙසින් බෙක්ජේ අහස වසාගෙන තිබුනා. නමුත් සොක්ජීන් හට එය කිසිඳු බාධාවක් නොවුනා.
අසුගෙන් බට වුන සොක්ජීන් හැල්මේ ම පා තබමින් ගාරම්ගේ කුටිය වෙතට ඇවිද ගියා. ඔහුගේ පැමිණිම දල්හ්වජේ වලට ආගන්තුක කරැණක් නොවුනා මෙන්ම සොක්ජීන් ඉතා හුරැපුරැදු අයෙක් විලස එහි ඇතුලු වුනා.
නමුත් විවර වුන ද්වාරය නිසා සොක්ජින්ගේ හදේ වුන සුවදායි හැඟිම් සියල්ල ඔහු වෙතින් පලා ගියා.
" ගා....ගාරම්........."
සොක්ජීන්ගේ හඬින් තිගැස්සි ගිය ගාරම් ද්වාරය අසළ හුන් සොක්ජින් දෙස බැලුවා. ඇගේ කිරි පැහැති උරහිස් වලින් සේද පහළට රැරා වැටි තිබුන අතර කුඩා රක්ත පැහැයට හුරැ රටාවන් ඇගේ සම මත වැටි තිබුනා.
අසළ වුන බඳුනේ උන ජලයෙහි උණුසුම ඈ වටා එක්රොක් ව තිබුනා. ඇගේ දෑතෙහි තිබුන කුඩා ශ්වේත වර්ණ සේදය පසෙක තැබු ගාරම් සැනින් ඇගේ සේදය අල්වා ගත්තා.
සොක්ජීන් නිහඬව ඇය දෙස බලා සිටියා. සොක්ජීන්ගේ ඒ නිහඬබවට ගාරම්ගේ හද දැවී ගියා. ඇයට දැනුන කායික වේදනාවට වඩා සිතෙහි ඇති වුන රිදුම වේදනා ගෙන දෙන බව ඇයට හොඳින් ම වැටහීමට පටන් ගත්තා.
සොක්ජින් ඇය වෙත ඇවිද ආවා. ඇගේ පළිඟු දෑස් හමුවෙන් ඇය අසළ ඔහු අසුන් ගත්තා. ඇගේ පළිඟු දෑස් කියවීම අපහසු වුන තැන සොක්ජීන් ඇයට කතා කලා.
" ගා...රම්........."
සොක්ජීන්ගේ හඬෙහි තිබුන බිඳුනු බව ගාරම්ගේ හද කම්පා කලා. ඇය ගැන අල්ප මාත්‍රයක් හෝ සිතා වදවීමට සොක්ජීන් සිටින වග ගාරම්ගේ හද දැන සිටියා. ඉදින් එය ඇයට නවමු හැඟිමක් වුවත් එය රිදුම් දුන්නා.
" සෙම්..පති..තුමනි... මා... "
ලේ බිඳුවක් කැටි ගැසී තිබුන ගාරම්ගේ සිනිඳු දෙතොලඟ සොක්ජීන්ගේ දැඟිලි හිර වුයෙන් ගාරම් නිහඬ වුනා. ගාරම්ගේ කොපුල් මත වුන වියළි ගිය කඳුලු බිඳුවල උණුසුම හොඳින්ම සොක්ජීන් හට දැනුනා.
ඇගේ සේද පහළට රැරා යාමට සැලසු සොක්ජීන් ඇගේ දෑත්වල තිබුන සේදය ඔහුගේ දෑත්වල සිර කරගත්තා. අසළ වුන උණුසුම් දියෙන් එය දොවා ගත් සොක්ජීන් සියුම් ලෙස ඇගේ සම මත විසිරැනු රක්ත කැළැල් වෙතට ඇඳුනා.
ශ්වේත වර්ණ රෙදි කැබලි වලින් ආවරණය වුන ළැමෙහි ගැස්ම විඩාබර වග සොක්ජීන් හට හොඳින්ම හැඟිගියා. ඇගේ උර කිරිපැහැති සම.. සියුමැලි දෑත් වල රක්ත වර්ණ.. ලා දම් පැහැ රටාවන් වලට සොක්ජීන් වෛර කලා.
ඒ සියල්ලටමත් විඩාපත් ලෙසින් දිලෙන ඇගේ පළිඟු දෑස් සොක්ජීන්ගේ හද දෙකඩ කර දැමුවා.
එහි වු දිස්නය ඔහුව රිදවුවා. මදකට හෝ ඉන් කඳුළක් ගිලිහෙනවා දැක්මට ඔහුගේ හද අයැදුවා. නමුත් ඒ කඳුලු වේදනාව සමඟින් ඒ පළිඟු දෑස්වලම කැටි වී තිබිම ම රිදුම් දෙන හැඟිම්වලින් සොක්ජීන් ව වෙලා ගත්තා.
දල්හ්වජේ සුපුරැදු විණා වාදනයත් ඔවුන්ගේ සුසුම් ලෑමුත් පමණක්ම කුටිය පුරා විසිර තිබුනා.
" එය මා හට උරැම ලද්දාවක් සෙම්පතිතුමනි.."
දිස්නය දෙන පළිඟු දෑස් සමඟින් සිනහා වි ගාරම් පවසන විට සොක්ජීන් ඒ දෛවයට.. වෛර කිරීමට පටන් ගත්තා. ඇගේ උපතටත් පෙරම ඇයට උරැම කලා වු ඒ වියවුල් ගිනි ජාලාවට සොක්ජීන් වෛර කලා.
ගාරම්ගේ සේදය නැවත සියුම් ලෙස සැකසු සොක්ජීන් ඇගේ කුටියෙන් පිටතට පැමිණියා.
දල්හ්වජේ පිටවීම වෙතට යන රදළයින්.. කුමරැන් වැනි රාජකීයයන් ගැන ඇති වුන පිළිකුල් සහගත හැඟිම සොක්ජීන්ව වෙළා ගත්තා.
" අධම මිනිසුන්........!!! "
අසළ තිබුන මධුවිත බඳුනක් දෑතට සිර කරගත් සොක්ජීන්ගේ මුවින් එලෙස පිටවුනා.
නින්දිත සමාජයක.. පාපි හැඟිම්වලින් විදවීම සුළු පිරිසකට සීමා වෙලා... අයුක්තිසහගත දෛවය.. ඊටම එක්ව යදම් බැද දමා ඇති ජිවීත... තැලී යාම්.. ගැන ඇති වුන කම්පාව සොක්ජීන් ව උමතු කිරීමට සමත් උනා.
මධුවිත ඔහුගේ සිරැරම දවමින් උණුසුම් කිරීමට පටන් ගත්තා.
" මා... බෙක්ජේ ආරක්ෂා කිරීමට සමත් වුවත්... නූඹ රැකීමට අසමත් වෙලා... "
දල්හ්වජේ හි නිවි යන පහන් එළි දෙස බලමින් අසු පිට නැගුන සොක්ජීන් එලෙස මිමිණුවා. ඔහුගේ දෑස්වල කඳුලු පොරකමින් සිටිය ද ඒවා සිර වී තිබුනා.
තවත් මොහොතක් එලෙස සිටි සොක්ජීන් අසු පිට නැගි දල්හ්වජේ වෙතින් ඈතට ඇදි ගියා.
______________________________________