මාළිගයෙන් පිට වුන සොක්ජින් මොහොතකට පසු ව සිටියේ ප්‍රධාන අමාත්‍යගේ පෞද්ගලික මැඳුරැ ද්වාරය අසළයි. බරැති හුස්මක් ලබා ගත් සොක්ජින් තම අසු පිටින් බැස ද්වාරය අසළට ඇවිද ගියා.
" ප්‍රධාන සෙම්පතිතුමනි... පිළිගන්නවා..!! "
රැකවලෙහි සිටි පෞද්ගලික රැකවලුන් හිස නවා ආචාර කරමින් මැඳුරැ ද්වාරය විවර කරන විට ඔවුන් වෙත සියුම් සිනහවක් ලබා දුන් සොක්ජීන් ප්‍රධාන අමාත්‍ය මැඳුර වෙත ගියා. පියවර කිහිපයක් යන විටම අගනා සේද වස්ත්‍රවලින් සැරසුන ප්‍රධාන අමාත්‍ය සොක්ජින් ඉදිරියට පැමිණියේ සිනහවක් සමඟින් ය.
" පැමිණිම සතුටක්... ! සෙම්පතිතුමනි... මේ දෙසින් පැමිණෙන්න..."
ප්‍රධාන අමාත්‍යගේ පිළිගැනුමට සිනහවකින් සංග්‍රහ කල සොක්ජීන් ඔහු සමඟින් මැඳුරේ විවෘත ආලිංගනයක් වෙත ඇවිද ගියා. සංග්‍රහාවලින් පිරි ගිය මේසයක මුහුණින් මුහුණ බලාගෙන සොක්ජීන් ආමාත්‍ය සමඟින් සතුටු සාමිචියේ යෙදුනා.
ප්‍රධාන ආමාත්‍ය ඔහුගේ දෑතේ වු මධුවිත බඳුනින් උගුරක් පානය කොට සොක්ජීන් වෙත බැල්මක් හෙලුවේ ශබ්ද නගාගෙනමයි.
" සෙම්පති...... සොක්ජීන්..... පුතුනි.. නුඹේ පියා මගේ සගයා වග නුඹ දන්නවා නොවෙද..? "
" මා එය දන්නවා ප්‍රධාන ආමාත්‍යතුමනි..."
" නුඹේ පියාණන්.. ඉතා උසස් මිනිසෙක්.. ඔහුගේ ගෞරවය නුඹ බබළවනවා... සොක්ජීන්.. ඔහු සතුටට පත් වනු ඇත නිසැකයෙන්ම...! "
" ප්‍රශංසාවට තුතිවේවා... ප්‍රධාන අමාත්‍යතුමනි.."
සොක්ජීන් සියුම් සිනහවක් සමගින් හිස නවා පවසන වට ප්‍රධාන ආමාත්‍ය උස් හඬින් සිනහා වුනේ සොක්ජීන් දෙස බලාගෙනමයි.
" හ්ම්මම.. සොක්ජීන් පුතුනි... නුඹ දැන් විවාහපත් විය යුතු සමයක තරැණයෙක් නොවේද.. කඩවසම් තරැණ ඉලන්දාරියා...! බෙක්ජේහි රිදී පළිහ...කිම් සොක්ජීන්...! "
අමාත්‍යවරයාගේ මුවින් එකවරම පිටවුන වදන් හමුවේ සොක්ජීන් තම මධුවිත බඳුන මේසය මතින් තැබුවේ ඔහු දෙස බලාගෙනමයි.
" තනිකමින් ගෙවන දිවිය නුඹ නිමා කරනු දැකීම නුඹේ පියාණන්ටත් සැනසීමක් වනු ඇත.. පුතුනි.. එමෙන්ම.. මගේ දියණිය.. ඒ සඳහා නුඹට උපකාර වනු දැකීමෙන් මා හට ද එය සතුටක් වනු ඇත... "
හද මතින් විසල් සිරවීමක් මතු වුන නිසා සොක්ජින් මධුවිත පානයක් ලබාගත්තා. ප්‍රධාන අමාත්‍යගේ සංඥාවකින් ඔවුන් වෙත ඇවිද ආ තරැණිය සිනහවක් සමඟින් ප්‍රධාන ආමාත්‍ය අසළින්ම අසුන් ගත්තේ සොක්ජීන් ඈ දෙස බලන විටයි.
" සෙම්පති සොක්ජීන්... මේ මගේ එකම දියණිය කී බ්යොල්නරි..... "
( Ki Byeol Nari )
තමා ඉදිරියේ අසුන්ගෙන පියකරැ ලෙස සිනාසෙන තරැණිය දෙස සොක්ජින් බලා සිටියා. සිත නොසන්සුන් ලෙස සිර වී ඇත්තේ මන්දැයි සොක්ජීන් හට නොවැටහුනා.
සඳ නැගි අහස්කුස තුල දිලෙන විට ආමාත්‍ය මැඳුරෙන් පිට වුන සොක්ජින් කඩවිදිය දිගේ ඇවිද ගියේ තම අසුත් සමඟයි.
නොදන්නා හැඟිම් සමුදායක බරින් තෙත් වී ගිය හදකින් සුසුම් ගැනීම සොක්ජීන් හට මඳක් නොහුරැ වේදනාත්මක දෙයක් වුනා.
නීල වර්ණ අහස් ගැබේ තනිව වැජබෙන සඳත් පාලු වී ඇති කඩවිදීයත්.. තම අසුගේ කුර දෝංකාරයත් එයටම හවුල් වී තිබුන අතර සොක්ජීන් වටා තනිකම මුසු වුන සුළං රැලි සිත් සේ දඟ දැමුවා.
සිරැර පුරා දැවටී ගිය සිසිලස මුසු වුන හුස්මක් ගත් සොක්ජීන් තම අසු පිට නැගුනේ තම ගමනාන්තය ගැන හරියාකාරව දැනගෙනයි.
කඩවිදිය ඔස්සේ හැල්මේ ඇඳි ගිය සොක්ජීන් තම අසු නවතාගත්තේ දල්හ්වජේ පිවිසුම අසළයි. සංග්‍රහා මැඳුර වෙත ගිය සොක්ජීන් මධුවිත බඳුනක් දෑතට ගෙන එය එකවරම පානය කර දැමුවා.
සොක්ජීන් හට කෝලකම් පෑ තරැණියන් වෙත සොක්ජින් බැල්මක් ලබා දුන්නේ පෙර නොවිරැ පරිද්දෙනි. සොක්ජීන්ගේ මත් වු ගැඹුරැ දෑසත්.. දේහදාරි කඩවසම් බවත් නිසා තරැණියන් ඔහු වෙත ඇදි ආයේ සැනකිනි.
තරැණියන්ගේ ස්පර්ශන්වලින් සොක්ජීන් තම දෑස් වසා ගත්තද එකවරම සියල්ල නිශ්චල වුවාක් මෙන් හැඟුන නිසා සොක්ජීන් තම දෑස් විවර කලා.
සොක්ජීන්ගෙන් ඉවත්ව සිටින තරැණියන් වෙත යොම ව තිබුනේ තියුණු පළිඟු දෑසකි. සොක්ජීන් ඒ පළිඟු දෑස් දෙස බලාසිටියේ හැඟිම් විරහිත ලෙසින් ය.
" සෙම්පතිතුමනි.... මා හට නුඹ උදෙසා සේවය කිරීමට අවසර ලබාදෙනු මැන.! "
සොක්ජීන් සිටියේ පළිඟු දෑස් ඇත්තියගේ කුටියේ හිඳගෙනයි. හිස්පළඳනාවෙන් ලිහිල් වුන සොක්ජීන්ගේ නළල්තලය පුරා ගාරම්ගේ සියුම් දැඟිලි රටාවකට ගමන් කලා.
ගාරම්ගේ සිහින් දෑඟිලි සොක්ජීන්ගේ මුහුණ මතින් ගෙල උරහිස් දක්වා සියුම් ලෙස ඇඳි ගියේ සොක්ජීන් තම දෑත් වසා සිටින විටයි.
මොහොතකට නතර වුන ගාරම්ගේ දෑඟිලි නිසා සොක්ජීන් තම දෑස් විවර කලත් ඊළඟ නිමේශයේ ගාරම්ගේ පළිඟු දෑස් සොක්ජීන්ගේ දෑස් හා යා වුනේ සුසුම්ලන දුරක සිටයි.
සොක්ජීන්ගේ සේද වස්ත්‍රයේ කොනක සිරවුන ගාරම්ගේ දෑඟිලි සිරවුනේ ඇගේ පළිඟු දෑස් සොක්ජීන් හා බැඳි ඇති විටයි.
සොක්ජීන්ගේ නිරාවරණය වුන පුළුල් උරහිස් බාහු අතර ගාරම්ගේ සිහින් දැඟිලි සියුම් ලෙස ඇඳි ගොස් ඔහුගේ ගෙල අසළ නතර වුයේ මුහුණ හා ස්පර්ශ වෙන ගමන්මයි.
ගාරම්ගේ පළිඟු දෑස් වැසි යන ඇසිල්ලේ සොක්ජීන් මඳක් තිගැස්සුනත් ඔහුගේ දෙතොල් මතට දැනුන උණුසුම් පහස නිසා සොක්ජීන් ඔහුගේ දෑස් වසාගත්තා.
මොහොතකින් ගිලිහි ගිය පහස නිසා සොක්ජීන් තම දෑස් විවර කලා. ගාරම් ඇගේ සේද වස්ත්‍රය ලිහිල් කරමින් සියුම් ලෙස සයනය වෙත පා තබන දෙස සොක්ජීන් බලා සිටියා. ඔහු වෙත දිගු වුන ඇගේ සිහින් දෑත දෙස සොක්ජීන් බලාසිටියා.
සුසුමක් ගත් සොක්ජීන් ඇය වෙත ගොස් ඇගේ දෙතොල් අල්ලාගත්තේ සැනකින් ය. වේග රිද්මයකින් සොක්ජීන් තම දෙතොල් ගාරම්ගේ සියුම් පිරැන දෙතොල් මත රැගෙන ගියා. ගාරම්ගේ දෑඟිලි සොක්ජීන්ගේ කෙස්වැටිය ලිහිල් කරන විට සොක්ජීන්ගේ දරදඬු දෑත් ඇය වටා තදින් එතී තිබුනා.
සුසුම් සෙවීමට ගාරම් ප්‍රයත්න දරන වග හැඟි ගිය විට සොක්ජීන් තම දෙතොල් ගාරම්ගෙන් මඳක් ඉවතට ගත්තේ ඇගේ නළල් තලය මත ඔහුගේ හිස සිරකරගෙනයි.
සොක්ජීන්ගේ දෑත් ඇය වටා එතී තිබුන විට ගාරම්ගේ සිහින් දෑත් සොක්ජීන්ගේ නිරාවරණය වු පපු තලය මත රැඳි තිබුනා. ඔවුන්ගේ දෑස් වැසී තිබුන අතර සුසුම් ලෑමට හද නොසන්සුන් ලෙස වෙහෙසුනා.
මොහොතකින් ගාරම් සොක්ජීන්ගේ පහස සෙවුව ද සොක්ජීන් ඇගෙන් ඉවතට ගොස් සිටියා.
" කි....කිමද... සෙම්පතිතුමනි....? "
වේගයෙන් සුසුම්ලන සොක්ජීන් දෙස බලමින් ගාරම් විමසුවා.
" නොහැකි..... මා හට නොහැකි.. "
නොසන්සුන් ලෙස සුසුම්ලන සොක්ජීන් වෙත ගාරම් ඇවිද ගියේ මඳ තිගැස්මකිනුයි. ඔහුගේ දෑස්වල තිබු බැල්ම ගාරම් හට නොහුරැ හැඟිමක් උනා.
" සෙම්පතිතුමනි... සන්සුන් වන්න... මේ දිය බඳුන පානය කරන්න..."
අසළ මේසය මත වුන දිය බඳුනක් වෙත දමන ගාරම් දෙස සොක්ජීන් බලාසිටියා. ඒ අසළම වුන නදියක සිතුවම අසළ සොක්ජීන්ගේ දෑස් නතර වුනා.
" සෙම්පතිතුමනි.. ඔබතුමාට සැතපීමට රිස වන තෙක් මා හිස පිරිමදින්න ද..? "
කිසිදිනෙක මෙවන් අපහසු තත්වයකට මුහුණ නොදුන් ගාරම් දිය බඳුන පානය කරන සොක්ජීන් දෙස බලා පැවසුවා.
" නැතිනම්... වෙනත් තරැණියකට..."
" මා හට පින්සලක් සමඟ කඩදාසි අවැසි... "
" කු.....ම..."
" නුඹ සයනය වෙත යන්න... මා හට නුඹව සිතුවමකට නැගීමට අවැසි...! "
සොක්ජීන්ගේ අදහාගත නොහැකි වදන් හමුවේ ගාරම් නිහඬ වුනා. සොක්ජීන් වෙත අවැසි දේ ලබා දුන් ගාරම් සයනය වෙත ඇවිද ගියා.
" නූඹට රිසි පරිද්දකින් සිටින්න... ගාරම්.....! "
සොක්ජීන්ගේ ගැඹුරැ සෘජු හඬින් තම නාමය ගිලිහෙන විට ගාරම්ගේ හද නොසන්සුන් ලෙස ස්පන්ධනය වුයේ ගාරම් හට සියුම් වේදනාවක හැඟිමක් ද ලබාදෙන ගමන්මයි.
කඩදාසිය පුරා සොක්ජීන්ගේ දෑත් දිව යන්නට පටන් ගත්තේ ගාරම් ගේ සියුම් හැඩරේඛා කඩදාසිය පුරා මතු වීමට පටන් ගන්නා විටයි.
______________________________________
මේක මතකද.. 🙂
මට මතක් උනේ ඊයේ රෑ හිනෙන්.. සුදු පාට අස්සයෙක් දැක්ක නිසා..😬