එකවරම පියවි සිහියට එළඹුන සොක්ජින් මැඳුර වෙත ඇවිද ගියා. කුඩා කල තම කුටිය වෙත ගිය සොක්ජින් එහි පහන් දැල්වීමත් පසෙකලා එහි වු කුඩා දැවමය අසුරන විවර කරන්නට පටන් ගත්තා.
අසුරන කිහිපයක්ම ඇද පසෙකට දැමු සොක්ජින් නැවතුනේ දැවයෙන් සාදා රිදීයෙන් කැටයම් කර තිබුන කුඩා පැළඳුම් අසුරනයක් නිසයි.
අඳුරේ වුවත් රිදි කැටයම් නිසා දිලෙන අසුරනය දෑතට ගත් ඔහු එහි උඩු පියනෙහි වු සියුම් දුහුවිලි තට්ටුව දෑතින්ම පිස දමා එය විවර කලා.
තම හස්තයට දැනුන පළඳනාව නිසා සොක්ජින් හට හැඟුනේ කුමක් ද යන්න ඔහුට නොවැටහුනා. ඔහුගේම සුසුම් හඬ පමණක් ඇසෙන කුටියෙන් සොක්ජින් පිටතට පැමිණියේ පැළඳම් අසුරනයත් සමඟින්මයි.
" කිමද සිත මෙතරම් විඩාබර ව... "
සොක්ජින් තමාගෙන්ම විමසුවේ සඳ එළියට දිලිසෙන පළඳනා කොටස දෙස බලාගෙනමයි.
එදින සොක්ජින් නින්දත් නොනින්දත් අතර විටින් විට සංග්‍රාමයක යෙදුනේ කුඩා කල ඔහුගේ මතක සේයා ඔහු වටා එක් වුන නිසයි.
පසුදින උදෑසන සොක්ජින් මාළිගය වෙත ගියේ අධිරජු සමඟින් ඉදිරි ආරක්ෂක සැලසුම් පිළිබඳ සංවාදයක් කිරීමටයි.
එයින් අනතුරුව අධිරජුන් සමඟ ම දිවා අහර ලබාගත් සොක්ජින් සවස් යාමයේ කුමරැන් හා කඩු හරඹයක යෙදුනා.
" පළිඟු දිස්නය දැරීම අපහසු නොවේද... සෙම්පතිතුමනි...!! "
සටන අතරතුර සොක්ජින් විසින් එල්ල කල පහරක් වළකමින් කුමරැන් විමසුවේ සිනාවෙමිනි.
කුමරැන් හට සිනාවකින් සංග්‍රහ කල සොක්ජින් එකවරම තම ප්‍රහාරයේ දිශාව වෙනස් කොට කුමරැන් නොමඟ යවා ඔහුගේ අසිපත බිම හෙලුවා.
" පළිඟුවේ... හැඩය..... වෙන යම් ආකාරයකට නිසි ලෙස ඔප දැමුවා නම්.. එහි වටිනාකම අමිල වන්නට තිබුනා..."
" නමුත් දැනටත් එහි වටිනාකමේ නිශ්චිතයක් නොමැති තරම්... සෙම්පතිතුමනි.. ඇය නිසා ඇති වන ප්‍රයෝජනයන් බොහොමයි....! "
" රාජකීයන් ඇතුළු උසස් නිළධාරින්ගේ පිනවීම් සඳහා ද කුමරැනි...? "
" එය විය යුත්ත නේ... රාජතාන්ත්‍රික කටයුතු වලට ඇය අගනා තුරැම්පුවක්..! බෙක්ජේ වෙතට සැනකින් අනෙක් රාජ්‍යයන්වල සහය ඕනෑම විටෙක හිමි වීමට කාරණය ඇයයි...ගාරම්... ඇය සියලු දෙනා ඇඳ බැඳ ගැනිමෙහිලා නිපුණයි.. ඉදින් ඇයයි රන් පළිඟුව... බෙක්ජේ උදෙසා වටිනා දේවල් එක්රැස් කිරීමට... "
කුමරුගේ වදන් නිසා සොක්ජින් නිහඩ වුනත් ඔහූගේ මුවග වුයේ අසීරුවෙන් මවා ගත් සිනහවකී.
" එසේ නම් කුමරුනී මා දැන් පිට වන්නම්...... "
සොක්ජින් තම ආචාර කුමරුන් වෙත පිරිනමා මාළිගයෙන් පිටතට ගමන් කලා. ප්‍රධාන ද්වාරය අසළදී පෙර දුටු දෝලාව ඔහුගේ නෙත ගැටුනද සොක්ජින් එය ඉවතලා තම අසු පිට නැගුනා.
කඩවිදිය ඔස්සේ සුළඟ හා ගැටෙමින් සොක්ජින් වේගයෙන් තම අසූ නගර කෙළවරේ වූ සුන්වෝ නදිය අසළට රැගෙන ගියා. පායාගෙන එන සඳ කිරණ නිසා සුන්වෝ නදිය තාල නගමින් දිළෙන විට දල්හ්වජේ කෙමෙන් කෙමෙන් දැල්වෙන පහන් වලින් ආලෝකමත් වන දෙස සොක්ජින් නිහඩ ව ම බලා සිටියා.
චන්ද්‍රයා මොදූ වන තෙක්ම සූන්වෝ නදී අසබඩ හිද දල්හ්වජේ දෙස බලාසිටි සොක්ජින් තරුණ තරුණියන් ගේ එහා මෙහා වීමකදී නදී එතෙරය ඔස්සේ ඒ වෙත ඇවිද ගියා. ඔහු වටා තරුණියන් එක් රැස්වන විට සොක්ජින් තම දෑස් වෙහෙසා ඒ පළිඟු දෑස් සෙව්වද සිදුවුයේ ඔහු ඉන් විඩාපත්වීම පමණකි.
තරැණියන්ගෙන් අපහසුවෙන් ගැලවුන සොක්ජීන් දල්හ්වජේ අමුත්තන් සඳහා පානයන් සපයන ස්ථානයට ගොසින් හිඳ ගත්තේ අවට පුරා බලන ගමන්මයි.
තමා සොයන පළිඟු දෑස් එහි නොවුයෙන් සොක්ජින් තම අතවු මධුවිත බඳුන හිස් කලා. කෙමෙන් කෙමෙන් කාලය ගත වුනත් ඔහුට ඇගේ සේයාවකදු දැක ගැනීමට නොලැබුනත් ඔහු තවමත් හිඳගෙන බලාසිටියා.
" මා මේ සිදු කරන්නේ.. කුමක් ද..? "
සොක්ජීන් තමාගෙන්ම විමසා හිස සලමින් හිඳ සිටි අසුනින් නැගිට පිටව යාමට පටන් ගත්තා. මෙතෙක් ඔහු දෙස බලා සිටි තරැණියක් ඔහු වෙත සිනාසෙමින් දිව ආවා.
" සෙම්පතිතුමනි... කිමද මේ ඔබතුමා.. මෙහි පැමිණි කාරණාව නිසි ලෙස ඉටු නොකරගෙනම පිටවන්නේ...? ඔබ හට සරිලන තැනැත්තිය සොයා ගැනීමට මා උපකාර...... "
" ගාරම්.. කොහිද...... ? "
තරැණිය සිනහාවෙමින් ඇගේ අවන්පත සලමින් පවසන විට ඇගේ උකුලු මුකුලුවන් නිසා නොරිස්සුමෙන් හෙම්බත් වී සිටි සොක්ජීන් එකවරම විමසුවා.
" ඕ......ඇය ඇඳිරිය වැටිගෙන එන විටම මාළිඟය වෙත ගියා.. "
දෙතුන්වරක් ඇස්පිය සැලු සොක්ජීන් තරැණියගේ වදන් ඇසීම තවත් කිරීම පසෙකලා ඉන් පිටතට පැමිණියා. දල්හ්වජේ දොරටුව දෙස බලා සිටි සොක්ජීන් තම අසූ වෙත ගියා.
සූවෝන් නදි අසබඩ ගැට ගසා තිබු අසුව ලෙහා දැමු සොක්ජීන් ඔහුත් සමඟින් පිටත්ව යාමට සැරසුනත් ආපසු හැරි ගලියන සූවොන් නදිය දෙස බලා සිටියා.
අසු ඔහු අසළින් තණබිස්ස මත දිගා වුන පසු මඳ සිනාවක් මුවඟ නගා ගත් සොක්ජීන් ඔහු අසළින් හිඳගත්තා.
" නුඹ මගේ සිතැඟි හදුන ගන්නේ කෙසේද... යුල්වො.. "
සොක්ජීන් තම ශ්වේත අසුගෙ හිස ලයාන්විතව පිරිමැදුවේ සූවොන් නදියෙන් එතෙර බබළන දල්හ්වජේ දෙස බලා ගෙනමයි.
හෝරාවන් ගැන කිසිඳු අවධානයක් නොතිබුන සොක්ජීන් අසල වුන පුංචි පුෂ්පයන් සූවොන් නදියට පා කර හැරියා.
සුව නින්දකින් පසු ඔහුගේ අසු වුන යුල්වො අවධි වන විට හිරැ සුන්වො නදියේ තුනි මීදුම් පටලය උණුසුම් කරවීමට වෙර දරමින් සිටි අතර සොක්ජීන් තවමත් පුෂ්ප පූජාවේ නියැලි සිටියා.
අසු නැඟිට ඔහුගේ හිස සලන විට සොක්ජීන්ගේ හිස මත පතිත වුන පිනිබිඳු සොක්ජින්ව තණ බිස්සෙන් නැගිට වීමට සමත් උනා.
" ඕහෝ...... යුල්වො.. සුවෙන් සැතපුනා නොවෙද.. ? "
සොක්ජීන් සිනහා වී පවසන විට යුල්වො ඔහුගේ හිස සලමින් සොක්ජීන් හට යමක් අවධාරණය කොට පෙන්වුවා.
දල්හ්වජේ වෙත නදි එතෙරය හරහා යන සුපුරැදු දෝලාව නිසා සොක්ජීන් තම අත වු අසිපත් කොපුව තරකර ගත්තා.
දෝලාව නොපෙනී යන තෙක්ම ඒ දෙස බලා සිටි සොක්ජීන් තම අසු පිට නැගි වේගයෙන් ඉන් ඉවතට ඇදුනා.
( His Eyes Be likes...)
______________________________________
මා වැනි නිදි නැති පිරිසක් සිටිද.. 🙂