වේගයෙන් පැමිණි සොක්ජින්ගේ ශ්වේත අසු කිම් මැඳුර අසල නැවතී කුර පොළව හා ඝට්ටනය කරමින් හිස සලන විට සොක්ජීන් අසු පිටින් බැස මැඳුර වෙත ගියා. හුදකලා මැඳුරේ සුපුරැදු පොකුණු පඩිය අසලට ගිය සොක්ජින් පොකුණු දිය මත දිස්වෙන සදෙහි චංචල ඡායාව දෙස බලා සිටියා.
" ඒ ඇයමයි...! "
චංචල සඳ ඡායාවෙන් නෙත් ඉවතට ගත් ඔහු තද නිල් අහස් කුසේ සුදට බබළන සඳ දෙස බලා මිමිණුවා. ඡායා මෙන් දිස් වුන ඔහුගේ මතක වර්ණවත් ලෙසින් පාට ගැන්වි ඇත්තෙන් ඔහුගේ හදෙහි යම් පෙරළියක් වන බව සොක්ජීන්ට වැටහුනා.
" ගාරම්...... සැබැවින්ම නදිය ඇයයි.. "
සොක්ජින් ඔහුට පළිඟු දෑස් සමඟ වු මතකය කොනිති ගැසීම ආරම්භ කලේ මැඳුරේ වු මධුවිත බඳුුන් ද සමඟයි.
Memo
තම මෑණියන්ගේ හදිසි වියෝවත් සමඟ පුංචි සොක්ජීන් නිතරම ඔහුගේ වටකුරැ දෑස්වල කඳුලු පුරවාගෙන සිටීමට පටන් ගත්තා. සත් හැවිරිදි කුඩා දරැවෙකු උන සොක්ජින් සුරතල් දඟ පැටියෙකු වුවත් තම මෑණියන්ගේ නොපැමිණිම සදාකාලික බව වැටහුන පසු ඔහු දුක්බර වලස් පැංචෙකු බවට පත් වුනා.
( Little Seok-Jin )
" සොක්ජින්...... මා පුතුනි... කිමද මේ අලසකමින්... ආ.. කෙලි සෙල්ලම් කිරීමට යන්නේ නැති ද අද...? "
" රැචියක් නැත පියාණනි.. මා මැඳුරට වී හිදින්නම්... "
සොක්ජින්ගේ පියාණන් වුන සෙම්පති කිම් තම පුතුගේ ශෝකි වෙනස් වීම් හමුවේ කම්පා වුනා. පුංචි සොක්ජීන්ගේ වටකුරැ දෑස්වල තිබුන ශෝකි දිස්නය.. හැඬුම්බර වත ඔහුව වේදනාබර කලා. ඔහුට කල හැක්කක් නොමැති නිසා ම සෙම්පති කිම් තව තවත් අසරණ වුනා.
ඔහු හැකිතාක් පුංචි සොක්ජින් සමඟින් හිඳිමට වෙර දැරැවත් ඔහුගේ රාජකීය තනතුර හා බැඳුණු වගකීම් සෙම්පති කිම්ව ඔහුගේ පුතුගෙන් ඉවතට ගැනීමට සමත් උනා.
සෙම්පති කිම් උදෑසනම මාළිගය වෙත යාමට සැරසුනේ එවක අධිරාජ්‍යයෙහි පැවති යුධමය වාතාවරණය පිළිබඳ පිළිසඳරක යෙදිමටයි.
පුංචි සොක්ජීන් මැඳුර ඉදිරියේ වු පොකුණු පඩිය මත හිඳ ගෙන හැල්මේ පිහිනා යන මාලු පැටවුන් දෙස බලා සිටියා.
පිටතට පැමිණි සෙම්පති කිම් ඒ දසුනින් දුක්බර සුසුමක් ලබාගත්තා. තම පුංචි පුතු වෙත ඇවිද ගිය සෙම්පති කිම් සිනහාවක් සමඟින් ඔහු ඇමතුවා.
" සොක්ජීන්... මාළිගයට යාමට ප්‍රිය නැති ද.. ? එහි කිරැළ හිමි කුමරැන් නිසැකව ඔබට කදිම මිතුරෙකු වේවි.. ! "
තම පියාණන්ගේ සිනහාමුසු වත දැක සොක්ජීන් ඔහු වෙත සෙමින් සෙමින් ඇවිද ගියා.
පුංචි සොක්ජින් තම පියාණන්ගේ දැඟිලි තද කොට ගෙන විසල් මාළිගයේ ද්වාර තුළට පිවිසුනා. ආරම්භයේ සිටම තම පියාට මිනිසුන් දක්වන ගෞරවය දෙස සොක්ජීන් හොඳින් බලාසිටියා.
සෙම්පති කිම් හමු වන ආමාත්‍යවරැ සමඟ කතා බහක යෙදෙන අතරේ සොක්ජින් අවට නැරඹිමට යොදා ගත්තා. නොදැනුවත්ව තම පියාණන්ගේ ග්‍රහණයෙන් ඉවතට පුංචි සොක්ජීන් ඇඳි ගියේ පාවි යන පුළුන් රොදක් නිසයි.
පුංචි සොක්ජීන් පාවි ගිය පුළුල් රොද හඹා ගොස් එය ඔහුගේ කුඩා දෑත් අතරට සිර කරගත්තා. සිහින් සිනාවක් ඔහුගෙ මුවඟ නැගුන අතර ඔහු පුළුන් රොද දැක ගැනීමට කුඩා දෑත් විවර කර විටම නැවතත් එය සුළඟ ඔස්සේ යාමට පටන් ගත්තේ පුංචි සොක්ජීන් ව ඒ පසුපසම පන්නාගෙනයි. පුළුන් රොද තමාව රැගෙන යන්නේ කිනම් ස්ථානයකට හෝ නැත්නම් තමා පියාණන්ගෙන් බොහෝ දුරකට පැමණ ඇති වග පුංචි සොක්ජීන් හට නොවැටහුනා.
පුළුන් රොද පාවි ගොස් මාළිඟ කෙලවර වු ගංඟාව මත පතිත වුනේ පුංචි සොක්ජින් ඒ දෙස බලා හිඳින විටමයි.
" ඕ...නුඹ දුෂ්ට ගංඟාව....!!! "
" එය මගේ.... !!! "
සියුම් කෝපය සමඟින් රත් පැහැ ගැන්වුන කම්මුල් පුම්බා ගත් පුංචි සොක්ජීන් ගංඟාවට දෝශාරෝපන එල්ල කිරීමට පටන් ගත්තේ ගල් කැබලි.. පත්‍ර වලින් ගංඟාවට ප්‍රහාර ද එල්ල කරමින් ය.
" ඕ....හෝ....... නුඹ ඔය කුමක් ද කරනුයේ.... ? "
පුංචි සොක්ජීන් තම අත වු ගල් කැබැල්ල දෑතෙහි ගුලි කරගෙනම හැරි බලන විට ඔහු දුටුවේ පුංචි වටකුරැ මුහුණක් ඇත්තියක් ඔහුට රවාගෙන සිටින අයුරැයි.
" නුඹ මට රිද්දනවා....!! "
" මා නුඹට රිද්දන්නේ කෙසේද...? මා නුඹව දුටුවේත් මෙවෙලෙයි...! "
" එසේ නම් මෙය කුමකටද..? "
පුංචි සොක්ජීන් වෙත පැමිණි කුඩා දැරිවිය ඔහු අත ගුලිකරගෙන සිටි ගල් කැබැල්ල ගෙන පැවසුවා.
" ඉන් නුඹට ඵලක් නැහැ... ඉන් කෙසේද නුඹට රිදුමක් දෙන්නේ...!! "
" නුඹ නදියට හිරි හැර කරනවා...!!!! "
කුඩා දැරිවිය ඇගේ දෑත් ඉන මත තබා ගෙනම පැවසු විට පුංචි සොක්ජීන් ඇසිපිය ගසා ඔහු දෙස බැලුවා.
" නුඹ අනුවණ වදකාරිය......!! "
" මා අනුවණ නැත...... වදකරැ නුඹයි.. නදියට පහර දෙන්නා... නොවැටහේද නදියට රිදෙන බව...!! "
කුඩා දැරිවිය දෑස්වල කඳුලු රඳවාගෙන අවසන් වදන් මුමුණන විට පුංචි සොක්ජීන් ඇය දෙසත් ගංඟාව දෙසත් බලාසිටියා.
" සමාවන්න නදිය... "
පුංචි සොක්ජීන් ගංඟාව දෙස බලා පැවසුයේ පුංචි දැරිවිය දෙසත් ඇස් කොනින් බලන ගමන්ය.
" නමුත් නුඹට රිදුම් දෙන්නේ.. කෙසේද.. නදිය නිසා....!! "
" මා නදිය නිසා... !! "
" කුමක්...?? "
" අධිරාජයාණන් පැවසුයේ මට දුන් නාමයේ අර්ථය නදිය වගයි. ඉදින් මේ නදියන් සියල්ල මගේ...!!! "
" නුඹේ නාමයේ අර්ථය නදිය වුවා කියා නදි සියල්ල නුඹගේ වන්නේ කෙසේද..? "
" කෙසේ හො.. එය එසේ වනවා...!!! "
" ඉදින් නුඹේ නාමය කුමක් ද අනුවණ වදකාරිය....!! "
" මා අනුවණ වදකාරියක් නොවෙයි... මා............."
" පුතුනි......සොක්ජින්........!!!! "
පුංචි සොක්ජීන් සහ කුඩා දැරිවිය ඉදිරිය බලන විට දුටුවේ සෙබලුන් සමඟ කරදරයට පත් මුවකින් සිටින සෙම්පති කිම්වයි.
පුංචි සොක්ජීන් තම පියාණන් වෙත දිව ගියේ කුඩා දැරිවිය අසල වු රැක් කඳක් තදින් අල්ලාගෙන පිටුපසට වන විටයි.
පුංචි සොක්ජීන්ගේ අනුවණ වදකාරිය
______________________________________