💞....Vampire Boyfriend....�...

By Meow_Kim_05

672 199 52

ආදරය කියන දේ ඕනම තැනක ඇති වෙන්න පුලුවන්.ඒත් ඒ ආදරේටත් සීමාවක් තියෙනවා...ඒක තේරැම් ගන්න.... 🌹කවුරැ මොනා කිව්ව... More

Story Intro.....🧛‍♂️
💞Episode 1💞
Episode 2(a vampire?)💞
Episode 4(7 bracelets)
Episode 5(The drak dream)💞
Episode 6(7 bracelets)
Episode 7(Vampire hunting exam🗡)
Episode 8(power of hunters)
Episode 9(save vampires)🧛‍♂️
Episode 10(save vampires)⚜️
Episode 11(to close)🌹
Episode 12 (jealous🌷)
episode 13(remember?)
episode 14(crazy magic)
episode 15(lovely)
episode 16(again)
episode 17(the truth)
episode 18(end....🌹)

Episode 3(back to sogun)

46 15 4
By Meow_Kim_05

💓Vampire BoyFriend💓

Ep.3







miyu ඉක්මනින් පාසලෙන් අතුරැදහන් වෙලා ගියා.ඒත් එක්ක ම ඇය කවුරැත් නැති පාරක ඇවිදිමින් සිටියා.miyu ගෙ ඇගේ ඉදපු vampire ආත්මයේ ලේ පිපාසය හොදටම වැඩි වෙලා තිබුනා.

ඒ අතරතුරේ අහම්බෙන් වගේ ඇය පාරේ සිටින මනුස්සයෙක් දැක්කා.

🌸ඇති යන්තම් එක මනුස්සයෙක්වත් ඉන්නවා....ඒත්..එයා තනියෙන්....??

miyu ඒත් එක්ක ම ඒ මනුස්සයා ඉන්න පැත්තට ගියා.ඒ මනුස්සයා තමන් ලගට එන වග ඇයට පෙනුනා.

🌸තමුන් කවුද ආ...

miyu කෑ ගහලා ඇහුවා.නමුත් ඇය කිසිවක් නොකිය miyu ලගට ආවා.

🦅තමුන් මාව දන්නෙ නැති වුනාට මන් උබ ගැන සේරම දන්නවා

ඇය එහෙම කියන ගමන් miyu දිහාවට වතුර ජාතියකින් ඉස්සා.එම නිසා ඇයව පිච්චෙනවා වගේ දැනුනා.

🦅දැන් උබ මගේ ගොදුරක් වෙන එක කාටවත් නවත්තන්න බෑ...😏

ඒත් එක්ක ම කුඩා වීදුරැ කුප්පියක් ගෙන එය ඇරියා.ඒත් එක්ක ම ඇය miyu දිහාවට කුරැසයකුත් දික් කරන් මන්තර ජප කරන්න ගත්තා.නමුත් ඒ වන විටත් රෑ වන්නට ආසන්නව  තිබීනු නිසා miyu ගෙ ශක්තිය වැඩි වෙන්න ගත්තා.

🌸ඒක නම් හීනයක්

ඒත් එක්ක ම vampire ආත්මය ඉහලට එසවුනා.ඇය තමන්ගෙ බලයෙන් mis.yeon ගෙ අතේ තිබුණු වීදුරැ බෝතලේ බිදලා දැම්මා.එයින් mis.yeon ගෙ අත තුවාල වුනා.නමුත් ඇය මන්තර ජප කිරිල්ල නතර නොකලේ miyu තමන්ව මරා දමාවී යැයි සිතුනු නිසා.miyu mis.yeon ලගට කිට්ටු වෙද්දිම ඇය විසි වෙලා ගියේ අනෙක් පසෙකින් ආ දරා ගත නොහැකි ආලෝකය නිසයි.ඇගෙ ඇස් පිච්චී ගියා.

🦅ඔයා හරිම වෙලාවට ආවේ soo..

📿මන් කවදත් එහෙමනෙ...හම්....මෙයා නම් සැර කෙනෙක් වගේ...මෙදා පාර නම් මරන්න ඕන නෑ මෙයා ආත්මයක් වෙලානෙ ඉන්නෙ

🌸ආහ්....මන් තමුසෙලා දෙන්නව.....

miyu තරහින් ඔවුන් දෙදෙනා වෙත එද්දි mis.yeon ඇගෙ නලල මත කුරැසිය තදින් තිව්වා.ඒත් එක්ක ම vampire ආත්මය ඒ කුරැසයට ඇදී එන්න ගත්තා.ඒත් එක්ක ම ඇගේ ආත්මය කුරැසයට ඇදී ආවා.ඒත් එක්ක ම mis.yeon ලණුවකින් ඒ කුරැසිය ගැට ගැහුවෙ vampire ආත්මයට යලි එලියට එන්න බැරි වෙන විදියටය.

📿ඔයාගෙ අත තුවාල වෙලා....

🦅අපි school එකට යන් soo.එහෙට ගියාම බෙහෙත් කරගමු...

📿ටිකක් ඉන්න...

ඒත් එක්ක ම soo තමන් ලග තිබුනු රතු පැහැ ජලයක් mis.yeon ගෙ අතට දැම්මා.

🦅ඒ මොනාද....!

📿මොනා කියලද හිතන්නෙ

soo හිනා වෙනගමන් ඇගේ අත මත කුරැසයක් තැබුවා.

📿ඕක තද කරලා අල්ල ගන්න..

ඒත් එක්ක ම mis.yeon සැකෙන් වගේ ඒ කුරැසිය තමන්ගෙ අත් වලින් තද කරගත්තා.ඒත් එක්කම එයින් ආලෝකයක් පිට වුනා.mis.yeon ට තමන්ගෙ අත අයිස් වතුර ගොඩක දාන් ඉන්නවා වගේ දැනෙන්න ගත්තා.ඒත් එක්ක ම ඇගෙ අතේ තිබුණු තුවාලෙ නැතිව ගොස් තිබුනා.

🦅මොකක්...ඒක කොහොමද ඔයා කලේ...

📿ඒක මගෙ අතින් ම හදපු බෙහෙතක්.තව වෙලා මෙතන ඉන්න බෑ අපි ඉක්මනින් යන්...

🦅ඒත්...මට බෑ...

mis.yeon miyu ලගට කිට්ටු වුනා.ඇගෙ නහයෙන් ලේ ගලන්න ගත්තා.

🦅අපි මෙයාව hospital admit කරන්න ඕන...

📿විකාර කියවන්න එපා..එන්න අපි යන්....

soo mis yeon ගෙ අතින් ඇදගෙන එතනින් පිටත් වුනා.miyu වුනු කිසි දෙයක් මතකයේ තිබුනේ නෑ.

______________________

morning.......

පසුගිය දිනයේ වුනු සිදු වීමත් එක්ක mis.yeon ගොඩක් බිය වී සිටියා.

📿තාමත් ඒක ගැන බයෙන්ද...

🦅මේ සේරම ඔයා නිසා soo.එයා අහිංසක ලමයෙක්.

mis.yeon දුකින් පුටුවක වාඩි වෙන ගමන් කිව්වා.

📿අශ්...බය වෙන්න එපා.මේ වරැව ඉවර වෙන්න කලින් ඔයාට එයා ගැන අහන්න ලැබේවී

soo ට කිසි ගානක්වත් නැතිව කිව්වා.

miyu අතුරැදහන් වුනු නිසා ඇගෙ මව බොහෝ කලබල වී සිටියා.ඇය පොලීසියටත් ඒ ගැන දැනුම් දී තිබුනා.උදෑසන miyu අතුරැදහන් වුනු එක ගැන මුලින් ම ආරන්චි වුනේ sohi ටයි.ruhi ට වුනු දේ නිසා ඇය universe එකට නොගිහින් නිවසට වී විවේක ගත්තා.hueningද සිටියෙ ඇය සමගයි.

උදෑසන කලබලෙන් sohi ruhi ගෙ නිවසට ගියෙ miyu ගැන දැනුම් දෙන්නයි.

"good morning දුව"

🌹නැ...නැ..නන්දේ...ම..මට..

"මොකද දුව මේ කලබලෙන්.එන්න ගේ ඇතුලට...."

ඇය sohi ව නිවස තුලට ගත්තා.ඒත් එක්ක ම ruhi ගෙ මව ඇයට වතුර වීදුරැවක් දුන්නෙ සන්සුන් වෙන්නයි.

🌹පුහ්...ඇති යන්තම්...thanxs aunty...

"මොකක්ද දුව මේ කලබලේ...අද ඔයා universe එකට යන්නෙ නැද්ද.."

🌹අ..නෑ..මම මේ ruhi ලත් එක්ක දෙයක් කතා කරන්න ආවෙ...

"අනේ මන්දා මට තාමත් හිතා ගන්න බෑ මගෙ දුවට එහෙම කරන්න හැදුවෙ කවුද කියලා.ඔයා ඒක ගැන මොනා හරි දන්නවා නේද..."

sohi මිනිත්තු කිහිපයකට නිහඩ වුනා.

🌹ම..මන් දන්නෙ නෑ aunty..

sohi බිම බලාගෙන කිව්වා.

"හරි දූ..එහෙනම් මන් දූට මොනා හරි බොන්න ගේන්නම්.."

🌹හරි aunty..

ruhi ගෙ මව එතනින් පිට වෙලා යද්දිම sohi ruhi ගෙ කාමරේට ගියා.

🌹ruhi.. මේ...

sohi දොරත් ඇරන් එද්දි huening ඇතුලෙ ඉන්නවා දැකලා ඇය පුදුම වුනා.

🌹ඔයා මොකද මෙහේ..

💜මන් ඊයෙ ඉදන් ම මෙහේ හිටියෙ.ඇයි අවුල්ද

🌹නෑ නෑ...ඔයත් ඉන්න එක හොදයී...අහන්නකෝ..

🌺ඔයා අද universe එකට ගියේ නැද්ද..???

🌹නෑ..

🌺ඇයි මේ හදිස්සියෙ...?

🌹miyu ඊයෙ ඉදන් ගෙදරට ඇවිත් නෑ.

🌺මොකක්...!

🌹ඔවී..එයාගෙ අම්මා කලබල වෙලා ඉන්නෙ..ඊට වැඩිය universe එකේ වෙච්ච දේ නිසා ගොඩක් ලමයි ඒ සිද්ධිය දැනගෙන කලබල වෙලා.මන් නම් කියන්නෙ..තව දවස් දෙකක්වත් ගෙදරට වෙලා ඉන්න ruhi.ඒ වගේම ඔයත් kai..

💜දැන් මොකක්ද ඊලගට කරන්න හිතන් ඉන්නෙ...

🌹miyu ව හොයා ගන්න ඕන.මොනා වුනත් එයා අපේ යාලුවා...

🌺මටත් එන්න ඕන sohi..

🌹එපා ruhi.ඔයාට අසනීපයිනෙ...

🌺ඒත්....

🌹ඔයා ඉන්න..හම්...soobin  ලගෙන්තුත් මන් උදව් ඉල්ල ගන්නම්.එයාලා කොහොමත් දැන් miyu ව හොයන ගමන් ඉන්නවා ඇත්තේ...

🌺හම්...පරිස්සමින් sohi.vampire ගැන අමතක කරන්න එපා.

🌹මන් පරිස්සම් වෙන්නම් ruhi..

sohi ඇගේ අතින් අල්ලගෙන කිව්වා.ඒත් එක්ක ම ruhi ගෙ මව sohi ට coffe එකක් ගෙනාවා.එතන ටික වෙලාවක් ඔවුන් කතා කර කර හිටියා.ඉන් පසු sohi ඔවුන්ට සමු දී නිවසින් පිට වුනා.කොතනින් පටන් ගන්නද නැද්ද කියලා sohi ට සිතා ගත නොහැකි වුනා.ඇය ඒත් එක්ක ම තනියෙන් park එකකට ගිහින් එතන තිබුණු පඩිපෙලක බිම වාඩි වෙලා කල්පනා කරලා.

sohi pov

කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ.මගෙ මුලු මොලේම විකාර වෙලා...හිතන්න sohi...ඔයාට මොකක් ම හරි හෝඩුවාවක් මතක් වේවී....

ඒත් එක්ක ම universe එකේ වුනු සිද්ධි එකින් එක මුල ඉදන් මතක් කලා.ඒත් එක්ක ම ඇයට mis.yeon ගෙ කාමරයේ තිබෙන කුරැස මතකයට එන්න ගත්තා.

හරි...ඒක තමා point එක...

sohi අසුරක් ගහන ගමන් කිව්වා.ඒත් එක්ක ම sohi එතනින් නැගිට්ටා.ඇය ආපසු යන්න හද්දිම එතන සිටි එක පිරිමි ලමයෙකු sohi ගෙ ඇගේ හැප්පුනා.sohi වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ පිරිමි ලමයා sohi ව අල්ල ගත්තා.

💚so..sorry...ඔයාට අවුලක් නෑනේද..????

නමුත් sohi ඒ පිරිමි ලමයා දිහා බලාගෙන ම හිටියා.

💚excuse me...

🌹අ...ඔ..ඔව් ..😶

sohi ගැස්සිලා ගියා.

💚ඔයාට අවුලක් නෑ නේද...

🌹අ..නෑ නෑ...thanxs...

ඒත් එක්ක ම sohi ඔහුගෙන් ඈත් වෙලා එතනින් ගියා.

🌹මොනා වෙනවද මන්දා මටත්...දැන් යමන්කො universe එකට...

ඒත් එක්ක මයි ඇයට මතක් වුනේ තමන් අද universe එකට නොයා ඊන්න හිටියා නේද කියලා.

🌹ආශ්.....මටමනෙ මෙහෙම වෙන්නෙ....

sohi තමන්ගෙ ඔලුවට අත ගහගෙන කිව්වා.

🌹දැන්නම් මට කෙලින් ම යන්න වෙන්නෙ.........

soobin ලගට...!!!

sohi ඒත් එක්ක ම soobinට call එකක් ගත්තත් ඔහු එය answer කලේ නෑ.ඒත් එක්ක ම sohi beomgyu ට කතා කලා.

📲📲📲

🌹hello beomgyu...!
💞sohi...
🌹soobin ට call කරාට එයා answer කරන්නෙ නෑ..ඔයාලා දැන් කොහෙද ඉන්නෙ...
💞මන් ඉන්නෙ වෙනම පැත්තක..soobin එයාගෙ අයත් එක්ක universe එක පැත්තේ එයා ගැන බලනවා.
🌹මට එයත් එක්ක හම්බ වෙලා කතා කරන්න දෙයක් තියෙනවා beomgyu.මට එයාව හම්බ වෙන්න ඕන.
💞ඒත්..
🌹කමක් නෑ එක්කෝ..මට කියන්නකෝ ඔයා ඉන්නෙ කොහෙද කියලා..

sohi beomgyu එක්ක කතා කරගෙන sohi ඔහු ඉන්න තැනට ගියා.

💞sohi...!!

🌹beomgyu..එයා ගැන මොනා හරි දැන ගත්තද...???

💞තාම නෑ sohi.මොනා වුනාද කියලා හිතා ගන්න බෑ.soobin හොදට ම කලබල වෙලා ඉන්නෙ.

🌹හම්..මටත් එයාගෙ මානසිකත්වෙ තේරැම් ගන්න පුලුවන්...

💞ඔයාට මොකක්ද කතා කරන්න තියෙන්නෙ...

🌹මන් මේ කියන දේ ඔයා විශ්වාස කරන එකක් නෑ beomgyu..එදා දවසේ miyu........

sohi  සියලුම දේවල් beomgyu ට කියන්න ගත්තා.

💞මොන විකාරයක්ද ඔයා කියවන්නෙ...vampire ආත්මයක්..!!!

🌹ඔව් beomgyu..හරියට මීට අවුරැද්දකට කලින්තුත් vampire භීෂණයක් තිබ්බා කියලා හැමෝම දන්නවනෙ...

💞ටිකක් ඉන්න..

ඔයා කියන්නෙ..මේ vampire  miyu ව පාලනය කරනවා කියලද..

🌹ඔව් beomgyu....plz...ඔයා මාත් එක්ක  universe එකට යන්න එන්න...එතන මොකක් හරි දෙයක් දන්න කෙනෙක් ඉන්නවා..

💞 ඒ කවුද...??

🌹තාම හරියට විශ්වාසයක් නෑ.mis.yeon  .......

ඒත් එක්ක ම beomgyu ට call එකක් ආවා.

💞එයාව හම්බ වුනාද...ආශ්..ඇති යන්තන්...හරි...හරි...මන් ඉක්මනින් ඔතනට එන්නම්...හරි..හරි..ඔයත් පරිස්සමින්....

ඒත් එක්ක ම beomgyu call එක cut කලා.

🌹මොකක්ද වෙලා තියෙන්නෙ..!!

💞එයාව හම්බ වෙලා.එන්න අපි යන් hospital එකට...

🌹අ..ඒත් beomgyu මන් කියන දේ අහන්න කෝ...

beomgyu  මොකුත් අහන්නෙ නැතිව තමන්ගෙ car එකට නැග්ගා.

💞එන්න ඉක්මනට...

🌹ආශ්...හරි හරි...🤦‍♀️

sohi beomgyu සමගින් පිටත් වුනා.ඒ වන විටත් miyu ගෙ ශරීරය ගොඩක් දුර්වලව තිබුණා.

ඇයට වුනු දේ ගැන කාටවත් හිතා ගන්න බැරිව ගියා.vampire ආත්මය ඇගෙ ශරීරයෙන් පිට වූ නිසා ඇයට සිහිය නැතිව තිබුණා.

🌹soobin..!!!එයාට දැන් කොහොමද...එයාට සිහිය ආවද...එයා කොයි හරියෙද හිටියේ...😶

💙තාම කිසි දෙයක් දන්නෙ නෑ.

soobin බිම බලාගෙන කිව්වා.ඒත් එක්ක ම sohi miyu ඉන්න කාමරේ දොරේ ඇති විනිවිද පේන රවුමෙන් ඇය දිහා බැලුවා.

🌹miyu..😰

sohi ඇය දිහා ටික වෙලාවක් බලන් හිටියා.

sohi pov

තවත් නම් මෙතන ඉදලා හරියන්නෙ නෑ.miyu ට මේ දේ කරපු කෙනාව ඉක්මනින් හොයා ගන්න ඕන...miyu...

sohi එසේ සිතනගමන් hospital එකෙන් ඉවතට ඉක්මනින් දිව ගියා.

💞sohi...!.ඒ පාර මෙයා කොහේ යනවද...!!

sohi මොනා වුනත් කමක් නෑ කියලා universe එකට ගියා.ඒ වන විට එහි ලමුන් පේන්න සිටියේ නෑ.ඇය ඉක්මනින් mis.yeon ගෙ කාමරයට ගියා.නමුත් ඒ වග mis.yeon දැක්කා.

🦅මෙයා මොකද මෙහේ...දැන් අනික universe එකට එන වෙලාවක්ද...

mis.yeon ද ඇගේ පසුපසින් ගියා.

🌹කොතනද ඒක ඇත්තේ...

ඒත් එක්ක ම sohi කුරැස තිබුණු තැන නිරීක්ෂණය කලා.ඒ කුරැස හැම එකක් ම ලණුවකින් බැද තිබුණා.

🌹මොකක් හරි වෙනසක් මෙතන තියෙනවා...??

ඇය එසේ කියනගමන් සිටිද්දි ඇයට එක් කුරැසයක් විශේෂ විදියට තියෙනවා දැක්කා.

🌹මේක....කලින් මෙතන තිබ්බෙ නෑ නෙ...!!

ඇය ඒ කුරැසය අල්ලන්න හදද්දිම.

🦅ඔයා මොකද මෙතන කරන්නෙ...???

mis.yeon එක් වරම ආ නිසා ඇය කලබල වුනා.ඇය ඉක්මනින් තමන්ගෙ අත ගත්තා.

🌹අ...න..නෑ...මේ..මන් ආවේ මගෙ watch එක අරන් යන්න..මන් ඒක ඊයෙ නැති කරන්..ඒකයි මන් මෙහාට ආවෙ නැත්තේ...

🦅ඇයි එහෙනම් උදෙන් ම universe එකට ආවෙ නැත්තේ..??

🌹මන් උදේ ruhi ව බලන්න ගියා..

🦅අහ්...එයාට දැන් කොහොමද...

🌹නරකක් නෑ mis.yeon..

sohi හිනා වෙනගමන් කතා කලේ ඇයට සැක හිතේවි යැයි සිතුනු නිසාය.

🦅ඔය කුරැස ටික ලග ඔයා මොනවද කරන්නෙ..

🌹මොකුත් නෑ mis.yeon.මන් ටිකක් ඒවා දිහා බැලුවා මෙතනට ඇවිත්...මේ කුරැස ගොඩක් පරණ පාටයි නේද....හරියට අවුරැද්දක් වගේ....

sohi සියලුම දේවල් ගැන මොකක් හෝ හෝඩුවාවක් සොයා ගත් බව mis.yeonට තේරැම් ගියා.

🦅හම්...ඔයා හරි...

🌹ඒත් ඇයි mis මේවා තමන් ලගින් තියන් ඉන්නෙ...

🦅ම්...මන් ඒක ආරක්ෂාවටයි...ලස්සනටයි කියලා කියන්නම්කෝ..හම්....

ඇය සිනාසෙන ගමන් කිව්වා.sohi ට ඇගේ හැසිරීම එච්චර ඇල්ලුවෙ නෑ.

🌹මට මේක දැක්කම ගිය අවුරැද්දෙ තිබ්බ vampire ලගේ භීෂණ කාලෙ මතක් වුනා.

🦅හම්..ඔයා හරි..ඒ කාලේ කොරියාවෙ හෑම පලාතක ම කුරැස එකක් හෝ තිබ්බා.

mis.yeon තමන්ගෙ කුරැස එකතුව ලගට එන ගමන් කිව්වා.

🦅ඒ vampire භීෂණේ නැති කලෙත් මිනිස්සු විසින් මයි.ඒත් ඒ අපිරිසිදු ලේ තියෙන ආත්මවලින් තාමත් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉතිරි වෙලා ඉන්න පුලුවන්...

🌹ඒ කියන්නෙ..!!???

🦅කලබල වෙන්න එපා sohi මන් මෙහෙම කියනවට.miyu ගෙ ශරීරය...

🌹මන් දන්නවා.vampire කෙනෙක්නෙ...

sohi එක් වරම කියූ දෙය ගැන mis.yeon කලබල වුනා.

🦅ඔයා හරි...miyuට වෙච්ච ඇත්තම දේ මන් කියන්නම්...

මේ ලෝකේ අදුරැ ආත්ම ගොඩක් ඉන්නවා sohi.එතනින් එක ජාතියක් තමා vampire.මට හරියට ම අවුරැදු 16 දී මට හිටියෙ තාත්තයි අම්මයි නංගියි විතරයි.අපි හැමෝම හිටියෙ කැලෑවකට ආසන්නයේ තිබුණු පුංචි ගෙදරක.අපේ පවුලෙ කිසි කෙනෙක් තාත්තගෙ කාමරේට ගියේ නෑ.මොකද කිව්වොත් මගෙ තාත්තා vampire ලව දඩයම් කරන කෙනෙක්.දවසක් තාත්තා අපිව එයාගෙ කාමරයට ගත්තා.වටේට ම කුරැස.පිරිසිදු දේව ජලය.ලී වලින් හදපු පිහි.එතනින් ආකර්ශනිය එකක් විදියට තිබ්බෙ රන් කොපුවක දාලා තිබ්බ කිණිස්සක්.ඒක හදලා තියෙන්නෙත් මගේම තාත්තා..තාත්තා මට ඒ රන් කිණිස්ස ගැන දේවල් ටිකක් කිව්වා.ඒකෙන් පුලුවන් ඕනම vampire ආත්මයක් විනාශ කරන්න.

🌹සිත්ගන්නා සුලුයි.ඒත් විශ්වාස මදි...

sohi mis.yeon දිහා බලාගෙන කිව්වෙ විහිලුවට වගේ.

🦅ඒ දේවල් ඉස්සරට ඔයාට තේරේවී..

🌹හරි දැන් ඒක නෙවේනෙ මගෙ ප්රශ්නෙ.ඒකට උත්තර ඕන...

sohi එතන තිබ්බ අල්මාරියට හේත්තු වෙන ගමන් කිව්වා.

🦅මේ කුරැස...හම්....

ඒ කාලෙ vampire ලව අල්ල ගන්න මේ කුරැස ගොඩක් ප්රයෝජනවත් වුනා.ඒක දඩයම් කරන අයට උපතින් ම ලැබුණු දෙයක්.

🌹ඔයා කියන්න යන්නෙ..ඔයත් vampire ලව දඩයම් කරලා තියෙනවා කියලද..

🦅ඔව්.ඒත් 11යි.ඒක මගේ හිතට මදි..ඒත් දැන් ආයෙමත් නගරෙට පිසාචයින් එන්න පටන් අරන්.තව කී දෙනෙක් ඉන්නවද දන්නෙ නෑ.ඒත් දැනට එක්කෙන් මං ලග ඉන්නවා.

🌹කොහෙද..

🦅ඔයාගෙ පිටිපස්සෙ තියෙන අලුතින් හයි කරපු කුරැසෙ...

ඒත් එක්ක ම sohi ගැස්සිලා ගිහින් එතනින් ඈත් වුනා.

🦅බය වෙන්න එපා.එයාට බෑ ඔයාට කරදර කරන්න..

🌹ඒත්..මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ.miyu...

🦅එයාගෙ ඇගේ ඉදපු vampire  ආත්මය තමා ඒ...මට ඇත්තට ම කණගාටුයි ඊයෙ රෑ එයාව පාරේ තනි කරන්න වුනු එකට.එයා මාත් එක්ක ආවා නම් ඊටත් වැඩිය කරදරේකට මුහුණ දෙන්න තිබ්බා.

🌹මොකක්.....ඔයා මගෙ යාලුවට මැරෙන්න ඇරියද එතනම....

🦅කලබල නොවී අහන්න...

🌹මට තව මොකුත් අහන්න ඕන නෑ...

sohi තරහින් mis.yeon වත් තල්ලු කරන් එලියට ගියා.

🦅ආශ්.....

mis.yeon ද ඇගේ පසුපසින් ගියා.sohi ඒත් එක්ක ම පාරෙන් එලියට බැහැලා ඉක්මනින් bus එකට නැගලා පිටත් වෙලා ගියා.mis.yeon ට ඇයව සොයා ගත නොහැකි වුනා.ඇය ඒත් එක්ක ම bus එකේ තමන් වාඩි වෙලා ඉදපු තැන තිබුණු ජනේලෙට ඔලුව තියාගත්තා.sohi ඒ bus එකෙන් ගොඩක් දුර ගියා.ඒ වන විටත් සවස 1.00ත් ලං ව තිබුනා.sohi ඒත් එක්ක ම නතර වුනේ කුඩා ගම්මානයකිනි.

sohi pov

අවුරැදු ගානක්...ඔව්...අවුරැදු ගානක් වෙනවා මන් මෙහෙට ඇවිත්...ඒත් ඒ දේවල් තාමත් වෙනස් නෑ...ඒ විදියමයි...මාව ආයෙමත් ඔයා පිලිගන්නෙ පොඩි ලමයෙක් විදියන නෙවේ sogun...

(A/N:sogun යනු මනක්කල්පිත ලෙස මගෙ හිතේ ඇදුනු නමකි.ඒ වගේ නමක් මේ ලෝකෙ තියෙවද කියලත් දන්නෙ නෑ.මේ කොටස මන් ලියන්නෙ 2022/04/14.සමහර විට..අනාගතේ ඒ වගේ නම තියෙන මොකක් හෝ තියෙන්න පුලුවන්)

ඇය හොද හුස්මකුත් ගන්න ගමන් තමන්ගෙ phone එක අතට ගත්තා.

📲📲📲

🌹hello oppa.
🖤මොකද මේ වෙලාවෙ..
🌹මන් sogun වලට ආවා.ඒක කියන්නයි ගත්තෙ..
🖤මොකක්...එච්චර දුර මොකද ගියේ ආවේ...!?
🌹මට එන්න ඕන කියලා හිතුනා.ඒ නිසා මන් ආවා.😁
🖤sohi...මට ඇත්තම කියන්න...!!!
🌹ok.but...ඔයාට මෙහාට එන්න වෙනවා.sooo bye oppa..😁
🖤ඒයි ඒයි...

teahyun ට ඉතිරි ටික කියාගන්න බැරි වුනේ sohi call එක cut කරපු නිසා.

🌹ම්හ්...😇

sohi පොඩි ලමයෙක් වගේ හිනාවෙනගමන් ගම තුලට ඇතුලු වුනා.ඇතුලු වුනු පාරෙන් දිගටම යන්න තිබුනේ එක් පැරණි පන්සලකි.sohi දිගට ම ඇවිදන් ගියා.

🏮දෙයියනෙ sohi...මේ ඔයාමද...විශ්වාස කරන්නත් බෑ....sohi...

ඒත් එක්ක ම එක ගැහැනු කෙනෙක් ඇය ලගට ඇවිත් එහෙම කතා කලා.sohi ඒකට පුදුම වුනත් පසුව ඇයට ඒ ගැහැනු  කෙනාව මතක් වුනා.

🌹deyun...!!

🏮ඔව් ඔව් මන් ඔයාගෙ නැන්දා..deyun...😁
මගෙ දුව මෙහාට ඇවිත්...ඔයාලට මතකද මෙයාව....මේ මගෙ දුවෙක්.....

deyun එතන ඉන්න අයගෙන්තුත් ඇහුවා.

"නෑනෙ..මෙයා කවුද..

🏮sohi අනේ..පොඩි කාලෙ මන් මෙයාවයි එයාගෙ අයියවයි අවුරැදු 10ක් බලාගත්තනෙ...මතක නැද්ද...

"මේ එයාමද deyun..

එතන ඉදපු තවත් ගැහැනු කෙනෙක් එතනට ඇවිත් sohi ගෙ මුහුන අතගෑවා.

"ඔයා ගොඩක් ලොකු වෙලා දුවේ...ඒ වගේ ම ගොඩක් ලස්සන වෙලා...😅"

🌹thanxs නැන්දෙ..මන් කාලෙකට පස්සෙ මගෙ පවුලෙ අයව හම්බ වුනේ...

🏮හරි හරි...අපි ගෙදර යන්..එන්න...

🌹මන් ලග ඇදුම් නෑ නැන්දේ...මන් අයියට කියන්නෙවත් නැතිව තමා මෙහාට ආවේ...පොඩි ප්රශ්නයක් වුනා මගෙ යාලුවෙක්ට...එයා ගැන බලන්නත් එක්කයි මන් මෙහාට ආවේ හදේස්සයෙම..

🏮කමක් නෑ දූ..අපී යන් ගෙදර...

deyun sohi ව තමන්ගෙ නිවසට එක්ක ගෙන ගියා.

⛓️අම්මා..

deyun ගෙ දුව sohi දිහාම බලන් හිටියා.

⛓️sakura....!!!

🌹o....m..g...lily baby..!💞

⛓️ඔයා හරි නරකයි sakura...ඔයා මාව දාලා ගියා...මන් ඔයත් එක්ක තරහයි...ඔයා හරි නපුරැ අක්කා කෙනෙක්...

lily තරහින් හුරතල් විදියට කිව්වා.sohi දුවගෙන ඇවිත් ඇයව වැලද ගත්තා.

🌹sorry lily baby...😔

⛓️හම්...ඒ වුනාට මන් තරහයි හුම්...😒

🌹මගෙ හුරතල් lily මල...😘

⛓️ඇති ඇති බටර් ගෑවා දැන්...

🏮එයා මහන්සී වෙලා ඉන්නෙ lily.එයාව කාමරේට එක්ක ගෙන ගිහින් ඇදුමක් දෙන්න.

🌹මට ඒ තරම් මහන්සීයක් නෑ deyun..මට පන්සලට යන්න ඕන..

🏮හරි හරි දුව...දැන් ඔයා මෙහේ ආවා විතරයිනෙ...අද මෙහේ නැවතිලා ඉදලා හෙට යමු...

🌹අනේ මන්දා...

⛓️අනේ....ඉන්නකෝ...😪

🌹හම්...හරි😁

⛓️හරි එහෙනම් යන් ඇතුලට🤗

lily  sohi ගෙ අතින් අල්ලගෙන ගේ ඇතුලට දිව්වා.

🏮පරිස්සමින් ලමයිනෙ...ඔය ඔය ඉතිම්...හෙමීට යන්න...

⛓️මට ඔයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා sohi..

🌹මටත්..🤗

⛓️එහේ කොහොමද ඉතිම්.universe එකේ වැඩ ටික කරන් යනවද..

🌹ඔව්😁

⛓️teahyunට කොහොමද ඉතින්...

🌹අවුලක් නෑ ඒ මෝඩයත් හොදින්...

⛓️අපි කොච්චර දුරස් වුනාද unnie.අවුරැදු 12ක්....අපි එච්චර කාලයක් ඈතින් නේද හිටියේ....

🌹ඔව් lily..මට ඔයාව මතක් වුනා.ඒත් ඔයත් එක්ක කතා කරන්නවත් වුනේ නෑ.එදා මන් මෙහෙන් ගිය දවසෙ ඔයා මාත් එක්ක තරහින් හිටි නිසා මන් මොකුත් ඔයාට නොකිය ගෙදරින් ගියා.😕

⛓️හම්...මට මතකයි🥺මටත් ඔයාව ගොඩක් මතක් වුනා.මාත් කොහොම හරි අක්කගෙ universe එකට ඉක්මනින් එනවා.එතකොට මටයි unnie ටයි එකට ඉන්න පුලුවන්🤪

🌹ඒක නම් හොදයි...මගෙ නංගිත් මාත් එක්ක ම යන්න එනවා..✨

sohi lily ව හම්බ වුනු සතුට නිසාම ඔවුන් ගොඩක් වෙලා කතා කලා.තමන් ආ හේතුව ගැන වගේම miyu ගැනත් සේරම දේවල් sohi තමන්ගෙ නැන්දගෙ පවුලෙ අයට කිව්වා.ඔවුන්ද sohi ට උදව් කරන්න කැමති වුනා.

🏮මේක ඔයා ලගින් තියාගන්න sohi.ඔයා කියන විදියට ඔය පිසාචයන්ට වැඩිය පිසාචයන් අල්ලන කෙනා තමා දරැණුම.

🌹ඒත්...

🏮ඔයාට ඒ දේවල් ඉස්සරට තේරේවි දුව...

deyun sohi ගෙ අතින් අල්ල ගන්න ගමන් කිව්වා.

🏮මේක ගන්න.මේක ඔයාට උවමනා වේවී...

ඒත් එක්ක ම deyun sohi ට අත් පලදනාවක් දුන්නා.එහි කුඩා කිනිස්සක්ද තිබුණා.ඒත් එක්ක ම කුරැසයකුත්.

🌹මේක මොකකටද deyun..

🏮ඕක ඔයාගෙ අම්මගෙ😕

🌹ඒත්...මග අම්මගෙයි මේවටයි මොකක්ද තියෙන සම්බන්ධය...?

🍜එයාට ඇත්ත කියන්න deyun.

🌹මොන ඇත්තක්ද...මොනා ගැනද ඔයා කියන්නෙ..??

🏮ඔයාගෙ අම්මා...එයත්....vampire ලව දඩයම් කරන කෙනෙක්......ඔයාට උපතින් ම හැකියාවක් තියෙනවා එයාලව විනාශ කරන්න...ඒත්..ඒක ඔයාගෙ අම්මා පාලනය කලා....මොකද...ඒක නිසයි ඔයාගෙ අම්මා නැති වුනේ....

🌹මොකක්....deyun...ඒක වෙන්න විදියක් නෑ...මගෙ අම්මා...🥺

🏮ඒක ඇත්ත sohi...

🌹මගෙ තාත්තා එතකොට...😕

🏮එයා සාමාන්ය කෙනෙක්.එයා ඔයාලගෙ අම්මා කරන දේවල් වලට කැමති වුනේ නෑ.ඔයාගෙ තාත්තා ඔයාලව දාලා යන්න හේතුව ඇත්තට ම...

🌹මට සේරම දේවල් කියන්න...plz...

🏮ඔයාගෙ තාත්තා ඔයාව දාලා ගියේ නෑ dehyun..එයා..මැරැනා...

🌹මොකක්....!!!

ඒත් එක්ක ම sohi ව සීතල වෙලා ගියා වගේ ඇයට දැනුනා.

🌹එ..එ...එයා..කො..කොහොමද මැරැණේ...💔

🏮ඒක වුනෙ අත්වැරැද්දකින්...ඒක හිතලා කරපු දෙයක් නෙවේ...

deyun ගෙ මව එසේ කියමින් හඩන්න ගත්තා.

🌹මට ඇත්ත කියන්න deyun 💔

🏮ඔයාගෙ තාත්තා මැරැණෙ ඔයාගෙ අම්මා වැරදිලා කරපු නිසා..එදා දවසේ ඔයාගෙ අම්මා තව  පිසාචයෙක්ව විනාශ කරන්න හැදුවා.ඒ අතරට ඔයාගෙ තාත්තා ආවා.ඒ පිසාචයා ඔයාගෙ තාත්තට උදව් කලා.ඒක නිසා ම ඔයාගෙ තාත්තා එයාව විනාශ කරන්න එපා කිව්ව දේ එයා ඇහුවෙ නෑ.එයා ඒ වෙලාවෙ ඒ මැද්දට ආවා.ඔයාගෙ අම්මගෙ අතින් එයාම දන්නෙ නැතිව ඔයාගෙ තාත්තා මැරිලා හිටියා.මේ සේරම දේවල් ගැන දැන ගන්න කොට එයත් මේ ලෝකෙන් ගිහින් ඉවරයි...ඔයාගෙ අම්මා මට ඔයාවයි teahyunවයි භාර දීලා එයා අපිව දාලා ගියා.එයා ගොඩක් ලොකු මානසික පීඩනේකින් හිටියෙ sohi...

deyun කිව්ව දේවල් sohi ගෙ හිතට ලොකු වේදනාවක් ගෙනාවා.ඇගෙ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා.

🏮වුනු දේ වුනා දුව.ආයෙ ඒක කාටවත් වෙනස් කරන්න බෑ.ඔයා පරිස්සම් වෙන්න.හම්...

deyun sohi ව වැලදගන්න ගමන් කිව්වා.

🌹අයියා මේ දේවල් ගැන  දන්නවද...

🏮ඔව්...ඒත්...එයා මේ දේවල් ඔයාට නොකියා හිටියෙ ඒ දේවල් ආයෙමත් ඔයාගෙ ජීවිතේට එන්න හොද නෑ කියලයි.එයා ඔයාව එයාගෙ පණ වගේ බලාගත්තා.ඔයාට පොඩ්ඩක්වත් තනි වෙන්න දුන්නෙ නෑ.

ඒත් එක්ක ම sohi කාමයේට දුවගෙන ගියා.

🏮sohi...

⛓️එපා අම්මා.sohi ට ටිකක් තනියම ඉන්න දෙන්න...

lily ටික වෙලාවක් ඉදලා sohi ගෙ කාමරේ ලගට ගියා.

⛓️sakura....

🌹හම්..

⛓️මන් ඇතුලට එන්නද...

🌹එන්න lily..

lily sohi ලගින් වාඩි වුනා.

🌹මට මේ දේවල් හීනයක් වගේ lily baboo

sohi තමන්ට දුන්නු අත්පලදනාව අතේ ගුලි කරගන්න ගමන් කිව්වෙ lily ගෙ උරහිසට ඔලුව තියාගන්න ගමන්.

⛓️මටත් unnie.දැන් ඉතිම් ඒ දේවල් ගැන හිතලා වැඩක් නෑ.ඒ දේවල් වෙලා ඉවරයි.මොනා වුනත් ඔයාගෙ අම්මා තාත්තා හැම වෙලාවකම ඔයා ලගින් ඉන්නවා.හම්......

🌹හම්......

⛓️එන්නකො යන්න...

🌹කොහෙද..??

එන්න අනේ...

🌹හම්..හරි යන්..🙃




.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
💞

Continue Reading

You'll Also Like

370K 22.2K 79
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
403K 6.4K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
193K 10.1K 44
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
1.2M 52.2K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC