උණුසුම් වතාවරණයත් සමඟ වු තරැණියන්ගේ සිනා මුකුලුව නිසා සොක්ජීන් හට යම් අපහසුතාවයක් දැනුනත් ඔහු එය නොපෙන්වා සිටිමට වෙර දැරැවා.
" ගාරම්... කුමර බඹසර ඇත්තෙක් පැමිණලා...!!! "
උඩුමහළ දෙස බලා තරැණියන් පවසා සිනාසෙන විට කුටියේ උඩුමහළේ සිටින්නියක් සොක්ජින් දෙස බලාසිටින වග ඔහුට වැටහුනා.
කිසිඳු කලබලයකින් තොරව සෙමෙන් පා තබමින් උඩුමහළ කෙලවරක සිට තරප්පුපෙළ මුදුනට ඇය ගමන් ගන්නා අයුරැ දෙස සොක්ජීන් බලාසිටියා.
සේලය පමණක් මඳ සෙලවීමක් දක්වන විට ඇය තම හිස සෘජු ලෙස තබාගෙන තරප්පුපෙළ මුදුනේ සිට පා තබන්නට පටන් ගත්තේ සෘජු බැල්ම සියලු දෙනාටම ලබාදෙන ගමන්ය.
රක්ත පවන් සලනයෙන් පෙනි නොපෙනි යන මුව සොක්ජීන් හට ආගන්තුක වුවත් ඒ පළිඟු දෑස් සොක්ජීන්ව නොසන්සුන් කලා.
" ඕ... ගාරම්... නුඹ තමා කදිම ම තේරීම.. කුමර බඹසර හැල්මේ පලායනු ඇත..සොක්ජීන් නුඹට අද දින දිවියේ උපරිම ආස්වාදය ලැබේවි.."
" කුමරැනි.. "
කුමරැගේ වදන්වලට හිස පමණක් පහත් කොට ආචාර කල තරැණිය තම රක්ත පවන් සලනය මදක් ඇල කොට සොක්ජීන් දෙස බැලුවා.
" බෙක්ජේහි රිදී පළිහ සැබැවින්ම රොන් නොගත් බඹරෙක් ද...? "
ඇගේ සිහින් හඬින් සොක්ජින්ගේ සවන් අඟුලු වැටෙන විට කුමරැන් මහ හඬින් සිනාසුනා. තරැණියගේ බැල්ම සොක්ජීන්ගෙ ගැඹුරැ දෑස් වෙත එල්ල වී තිබුනා.
" රන් පළිඟු වලින් රිදී පළිහක දිස්නය තවත් ඔප් නැවේවි.. ගාරම්.....!!!! "
කුමරැන් සොක්ජීන්ව අනෙකුත් තරැණියන්ගෙන් වෙන් කොට ගාරම් ඉදිරියට කැටුව යමින් පැවසුවා.
සොක්ජීන්හට සිදුවන්නේ කුමක් ද යන්න වග වැටහි තිබුනා. ඔහු පැකිලීමකින් තොරව ගාරම් පසුපස ඇවිද යමින් සිටියා.
උඩුමහළේ කුටි පේළි පහු කරමින් ගොස් නැවතත් ඔවුන් තරප්පුපෙළක් බැස ගියා. පහළ වු රංගවාටයේ කෙලවර තිබු විසල් ද්වාරයෙන් තරැණියගේ ඡායාව නොපෙනි යන විට සොක්ජීන් ද ද්වාරය හරහා ඇවිද ගියා.
මිලාධික සැරසිලි වලින් අලංකෘතව තිබු කුටිය පුරා සොක්ජින් තම නෙත් යොමු කලා. කවයකින් එහා වු කුඩා මේසය අසල හිඳ ගෙන බඳුනකට මධුවිත පුරවමින් සිටි තරැණිය සොක්ජීන් දෙස බලා ඔහුට කතා කලා.
" අසුන් ගන්න සෙම්පතිතුමනි... "
තරැණිය පැවසු විට සොක්ජීන් ඇය දෙස බලා ඇයට ඉදිරියෙන් අසුන් ගත්තා. මධුවිත බඳුන තරැණිය සොක්ජීන් හට පිරිනැමු විට සොක්ජීන් ඒ පළිඟු දෑස් තම දැහැනට හසු කරගත්තා.
" නුඹ මා හඳුනනවා නොවේද...? "
සොක්ජින් ඇගේ පළිඟු දෑස් දෙස බලා පවසන විට ඒ දෑස්වල තිබු දිස්නයේ වෙනස සොක්ජීන් හට පෙනි ගියා.
" නිවැරදි පැනය නම්... නුඹට මා සිහිපත් නොවේද... යන්නයි...!! "
ඇය සිහින් හඬින් සියුම් සිනහවක් මුවඟට නගා ගෙන පවසන විට සොක්ජීන් දෑස් අයා ඇය දෙස බලා සිටියා.
සිහිපත් වීමක්...
එය සැබැවින් ම සොක්ජීන්ව තවත් අපහසුතාවට පත් කලා.
______________________________________
මේක ඔයාට..... 🤭
තැම්කු නිම්...අක්කේ...❤️