මාළිගයෙන් පිටවුන සොක්ජීන් තම මැඳුර වෙත ගියා. කිම් මැඳුරෙහි කිසිවකුත් කල් නොගෙවුද එය පුරැදු පරිදිම පැවතුනේ සේවකයින්ගේ සොයාබැලීම් නිසයි. මැඳුර සුපුරැදු පරිදිම තිබුනද එහි වු හුදකලාව සොක්ජීන්ගේ සිත කනස්සල්ලට පත්කලා.
කුඩා කලම සොක්ජීන්ගේ මැණියන් ඔහු හැරදමා ගිය අතර පියාණන් අධිරාජ්‍යයේ සෙම්පති තනතුර හෙබවු නිසා සොක්ජීන් හට සොඳුරැ ළමා මතකයක් නොතිබුනා.
නිහඬ මැදුර වටා ඇවිද ගිය සොක්ජීන් සඳ එළිය දෙස බලාගෙනම අසල වු පොකුණු කෙලවරේ ගලක් මත හිඳ ගත්තා.
නොබිඳෙන නිහඬ බව.. හුදකලා මැඳුර.. සිතිවිලි මුක්ත වුන සිත නිසාම සොක්ජින් දෑස් වසාගෙන සුසුමක් ගත්තද පළිඟු දෑස් එයට අවහිර උනා.
" කිමද... මේ... කිමෙක්ද මේ නොසන්සුන් බව...ට හේතුව... ඒ දෑස්වල... ඇත්තේ කුමක් ද..? "
හරයක් නොමැති බව දැන දැනම සොක්ජීන් තමාගෙන්ම විමසීම් කලා.
සීත සූළං පහරත් මධුවිත පානය නිසා දැනෙන මත් ගතියත් නිසාම සොක්ජීන් මැඳුර තුළට ගියේ පෙරළි ගසන සිතිවිලි අඟුලු දමමින් ය.
සුව පහසු විවේකයක් ලබාගත් සොක්ජීන් පසුදින උදෑසන අහර ගැනීම මැඳුර තුළම සිදුකලා. පසුව හැඳ පැළඳගත් සොක්ජීන් මාළිගය වෙත ගියේ කුමරැන්ගෙ කැඳවීම නිසයි.
සමවයස් සඟයින් වන කිරැළ හිමි කුමරැත් සොක්ජීනුත් කුඩාකල පටන් ම දැන හඳුනගෙන තිබුන නිසා සොක්ජීන් එම හමුවට වඩා කැමැත්තක් දැක්වුවා.
තම අසු පිට නැග පැමිණි සොක්ජීන් මාළිග දොරටු අසළ දි අසුගෙන් බට ව මාළිගය වෙත ඇවිද යන්නට පටන් ගත්තා.
තම ගමන් වේගය බාල කරමින් සොක්ජීන් පසුපස හැරැනේ පෙර දින රැයේ දුටු දෝලාව මාළිගයෙන් ඈත්ව පිටවීමේ දොරටු වෙත යන නිසයි.
" අස්වාභාවිකයි... කිමද එහි පරිවාරක සේවකයින් නොමැත්තේ...! ඔහො.... සොක්ජීන් නුඹට ඉන් ඵලක් නැහැ... කුමරැන් බැහැදැකීමට යව..."
තම සිතත් සමඟ නැවත වාදයකට පෙරළුන සොක්ජින් සිතිවිලි අහුරා දමා කුමර මාළිගය වෙත ඇවිද ගියා.
" මගේ ආචාර පිළිගන්න කුමරැනි..!! "
" ඕහො... සෙම්පති සොක්ජීන් සැබැවින්ම බොහො කඩවසම් නේ... දැන් නම් මා හට පවතින මාළිඟයේ තරැණියන්ගේ කසුකුසුවන් අඩුවි යනු ඇත... "
සිනහාවක් සමඟින් එලෙස ඇරඹුන දෙමිතුරන්ගේ සංවාදය සොක්ජීන් හට ප්‍රිය උනා. කුමරැගේ ඇවටිලි මත සොක්ජින් කුමරැ සමඟ අසු පිට නැග දුනු ක්‍රිඩාවක ද යෙදුනා.
( කිරැළ හිමි කුමරැන් )
" ඔහො... සොක්ජීන් නුඹ කොතෙක් උත්සහ දැරැවත්.. ජයගනුයේ මේ මා වනු ඇත...."
කාල වර්ණ අසු මතින් යමින් ඉලක්ක පහසුවෙන් ලබාගන්නා කුමරැන් තවත් හීයක් ගෙන දුන්න සමඟ තබමින් පැවසුවා.
" තවම ක්‍රිඩාව පටන්ගත්තා පමණයි කුමරැනි..."
ශ්වේත වර්ණ තම අසු පිට නැග වේගයෙන් කුමරැව පසු කල සොක්ජීන් තම හීය කුමරැගේ ඉලක්කය වෙත යවමින් පූර්ණ ලකුන ලබා ගත්තේ සිනහාවෙමිනි.
රැස්වුන සේවිකාවන්ගේ මෙන්ම රදළ තරැණියන් ඇතුළු කුමරියන්ගේ ද කසු කුසුවේ සොක්ජින්ගේ සෙම්පති නාමය රැව් පිළිරැව් දුන්නා.
අවසන් හීය නිදහස් කල කුමරැන් සොක්ජින් දෙස බලා සිනහාසුනා.
" තව ලකුණු අටක් ඇවැසි... නුඹට.. කඩවසම් සෙම්පතියනි.. හැකිද...? මා අභිබවා යාමට...? "
කුමරැන් සොක්ජීන් දෙස බලා පවසන විට සිනාසුන සොක්ජීන් අවසන් හීය ගෙන ඈතින්ම පැවති ලකුනු පුවරැව වෙත තම ඉලක්කය ගත්තා.
" සෙම්පතිතුමා ජයගන්නවා....!!!! "
සෙබලකු කෑ ගසා පවසන විට සියලු දෙනාම සොක්ජින්ගේ නමින් ජයඝෝශා කරන විට කුමරැද සිනහා වී පැමිණ සොක්ජීන් හට සුබ පැතුවා.
" නුඹ බෙක්ජේහි රිදී පළිහයි.. නිසැක වශයෙන්ම... "
කුමරැ සමඟින් කාලය ගත කල සොක්ජීන් සවස් යාමයේදි කුමරැට ආචර කොට පිටව යාමට සැරසුනා.
" සොක්ජින්....... ! "
" කුමරැනි.... "
කුමරැන් තමාට නාම ආමන්ත්‍රණයක් කල නිසා සොක්ජීන් හිස ඔසවා ඔහු දෙස බැලුවා.
" රාත්‍රිය නිසොල්මනේ ගෙවා දැමීමක් ද නුඹ දැන් කරනුයේ...? "
" මා හට විශේෂ කටයුත්තක් නම් නොමැත කුමරැනි...! "
" ඕහො.... එසේ නම් කදිමයි... දල්-හ්වජේහි රැයක්... නුඹට නිසැකව ම සුවිශේෂි වනු ඇත. "
"..ද...ල්..හ්වජෙ...එ.... ? "
" ඔහෝ... සොක්ජීන් නුඹ තවම දල්-හ්වජේ ගැන නොදන්නෙහිද...? "
කුමරැ වික්ෂිප්ත වී අසන විටත් සොක්ජීන් ඔහු දෙස අන්ද මන්ද ව බලාසිටියා.
" ඕහ්...නුඹ බෙක්ජේහි සිටිකලට වඩා නොසිටි කල් නේ වැඩි... ඉදින් අප අද දැනගනිමු.. දල්-හ්වජේහි යන්නෙහි සුවිශේෂත්වය.."
" සැබැවින්ම එහි අරැථ කුමක්ද කුමරැනි...? "
" දැවෙන චන්ද්‍රයාගේ සුන්දරත්වය විඳිමක්...... "
දල්-හ්වජේ ;
දල් |dal|= සඳ
හ්වජේ |Hwagae|= ගින්න
කුමරැ සිනහා වී පවසන විට සොක්ජින් දෑසක් ඔසවා බැලුවා.
" ඕහො.. සොක්ජීන් නුඹ කුමර බඹසර රකින්නෙක්වත් ද...? "
" කුමරැනි.. මා.."
" ඕහෝ... ඉන් ඵලක් නොවනු ඇත... නුඹ රකින්න සියල්ලම එහි දි නෂ්‍ය වනු ඇත..... සියල්ලක්ම.........!! "
කුමරැන් මහ හඬින් සිනහා වී තම රාජකීය සේල උනා දමන විට සොක්ජීන් කුටියෙන් පිටතට පැමිණියා.
කුමරැන්ගේ කැමැත්ත පරිදි සොක්ජීන් කුමරැන් සමඟින් මාළිඟයෙන් අසු පිටින් පිට ව ගියේ හීයක වේගයෙනි.
කඩපිල කෙලවරේ සූන්වො නදි එතෙරය පේන මානයේදි ඔවුන් වේගය බාල කලා.
" සඳ ගිනි ගන්නා රාත්‍රියක.. කුමර බඹසර බිඳියෑම ඉතාමත් සුන්දර හැඟිමක් වනු ඇත... සෙම්පති...! "
කුමරැන් උද්දාමයෙන් පවසන විට සොක්ජීන් තම දැහැනට හසු ව ඇති දසුන නිසා වික්ෂිප්ත උනා.
චන්ද්‍රයාගේ ශ්වේත කිරණයෙන් දිලෙන සූන්වො නදීයත්... නදී එතෙරයත් සමඟ උසට වැඩුන කාලාත්මක ගොඩනැගිලි වල අපූර්වත්වයත් සොක්ජීන්ගේ දෑස් විස්මයට පත් කිරීමට සමත් උනා.
" දල්-හ්වජේ වෙත පිළිගන්නවා සොක්ජින්......! "
කුමරැන් සමඟම අසුගෙන් බට ව සොක්ජීන් ගොඩනැගිල්ල දෙසට ඇවිද ගියා. දැල්වෙන පහන් ආලෝකයන්.. තරැණ තරැණියන්ගෙ සිනා හඬත්... සංගීත නාදයත්.. නාසය පුරා දිවෙන සුගන්ධත්... සූලඟ සමඟ මුසුව ඇති මත්බවත් නිසා ඇති වුන ප්‍රබෝධමත් හැඟිම සොක්ජීන්ව ප්‍රාණවත් කලා.
සැනකින් කුමරැන් සහ සොක්ජීන් වටා තරැණියන් රොක් වුනා. කුමරැන් දෑස් ඉඟිමැරීමකින් සොක්ජීන් සමඟ සිනාසුනා. ප්‍රමෝදයෙන් උත්තපල වුන තරැණියන් ඔවුන්ව ප්‍රධාන මැඳුර වෙත රැගෙන ගියා.
" සියල්ලෝම අසනු කුමර බඹසර ඇත්තෙක් පැමිණිලා... "
සොක්ජීන්ගේ දෑත් අල්ලාගෙන සිටි තරැණියක් සිනහාවි පවසන විට සියලුදෙනාම ඔවුන් දෙස බැලු අතර සොක්ජින්ට සුසුම් ලෑමත් අමතක වී ගියා.
______________________________________
Is There Anybody To Say SHORT...? 💀