Love Me Like You Do || Comple...

By NimuMochi

37.4K 6.3K 3.6K

"My love for you is past the mind, beyond my heart, and into my soul." More

සරංහේ.. 💜
යුන්මී නූනා
රිදුන හිත්
ඉරිසියාකාර පාක් ජිමින්
Lotte World
ඔම්මා
මුරණ්ඩු කුකී
ආදරය පිරුණු සුප්
බ්ලැක් ඊගල්ස්
ටු මයි ලව්ලි කුකී
හොඳම හොඳ ජැකී
ආපහු ආපු මොට්ටයා
රිදවීම
ඇත්තම ඇත්ත හාදු
මගෙ හැමදේම ඔයා
අලුත් අප්පා
බීච් ගමන
ක්.. කවුද ඔතන
රසම රස රාම්‍යොන්
හොල්මන් පාර
අන්තිම හාද්ද?
නුනාගෙ අයිතිය
පලිගැනීම
උපන්දින කුමාරයා
තෑගි
අමාරුම අමාරු නපුරු දවස්
පපුව බර තීරණ
ආපහු ඇමරිකාවට
හදිස්සි පාටිය
පැනලා යන්ද?
කසාදය
ජැකීගෙ දරුවා
මෝචි සුවඳ නූමි
ආදරේ...
රෝසපාට ලොලිපොප්
හැපි ටූ ටූ
මිනීමරුවා
කවුද??
නෝවා..
මං හින්දා...
අපේ දරුවා
දූනිට සොලී...
රසපාට තොක්බොක්කි
ගෙදර යාම
එයා එන්නයි යන්නේ..
බෝල පැන්ඩා
🤗
Mafia Hijacked Heart
කුකීගෙ වස්තුව
ඇත්තටම ඉවරයි...
🌼✨️🥰

사랑 🥺

694 132 33
By NimuMochi

"චිම්.. මේ කොල්ලා අඬනවා.. එළියට වරෙන්.."

ටේ හ්‍යොංගෙ කෑගැහිල්ල ඉවර වෙන්නවත් ඉස්පාසුවක් නැතුව මාව ඇදිලා ගිහින් බිත්තියයි චිමී හ්‍යොංගෙ හැඩිදැඩි අත් අතරෙයි හිරවුණා.

"තමුන් මොකටද අඬන්නෙ ආ? මොකටද අඬන්නෙ කියනවා.. බබෙක් වගේ හැම මඟුලටම පොඩ්ඩ ඇත්තන් අඬනවා.."

එයා රකුසුපාට කරගත්තු ඇස් මගෙ මූණටම ඔබාගෙන මහ සද්දෙන් කෑගහන්න ගත්තම මං බයෙන් තව තවත් බිත්තිය අස්සට ගුලි ගැහුනා.

"ගෙදරට කියලද ආවෙ?"

"අහ්?"

"ගෙදරට කියලද ආවෙ තමුන්?"

"අහ් මේ.. හදිස්සියෙ ඔ..ඔයා ඔයා අසනීපෙන් කිව්ව නිසා.. ඔයාට එකපාරම  අසනීප උන නිසා... මේ..."

ටේ හ්‍යොංගෙන්වත් උදව්වක් නැති තැන මං පැටලි පැටලි අසරණයෙක් වගේ දිගටම ඒකම ඒකම මිමිණුවා.

"තටමන්නැතුව කියනවා.."

"න් නැහ්.. ඔම්මලා දන්නෑ..."

"අශ්... ටේ මූව ගිහින් දාලා වරෙන්."

"බ් බෑහ්.. මට යන්න බෑ... මං කොහෙවත් යන්නෙ නෑ.."

හ්‍යොංගෙ වචනත්තෙක්ක කලබල වෙච්ච මට එකපාරම කෑගැස්සුනාම හ්‍යොං ආයිමත් නපුරු ඇස්දෙක තවත් සැරපාට කරගෙන මට එරෙව්වා..

"ඔයාට සනීප වෙනකල් මං කොහෙවත් යන්නෙ නෑ.."

"මේ යකාට පිස්සුද ටේ? හෙට මේ කොල්ලා කොලේජ් යන පළවෙනි දවස. ජොන් අංකල් මාව එල්ලයි. මූව ගිහින් දාලා වරෙන්.."

"යමු කුකී දැන් පාන්දර හතරත් පහුවෙලා.. ඔයා උදේම කොලේජ් යන්න ඕනෙ.. අනික ආන්ටිලා ඔයා නෑ කියලා දැනගත්තොත් කලබල වෙයි.."

ටේ හ්‍යොං මාව බලෙන් ඇදන් යන්න හැදුවත් මං දිගටම කෝලා බබෙක් වගේ හ්‍යොංගෙ ඇගේම එල්ලීගෙන හිටියා.. මට කොලේජ් යන එකත් මහ වදයක් වගේ දැනෙන්න ඇරන් තිබුනෙ. ඒ එක්කම ඔම්මලාගෙ නපුරු තීරණත්.. ඇයි කවුරුත් මාව තේරුම් නොගන්නෙ??

"මොකක්ද වෙලා තියෙන්නෙ? තමුන් ඇයි මෙහෙම හැසිරෙන්නෙ?"

අන්තිමට හ්‍යොං මාව ඇදලා අරන් බිත්තියට තද කරන් අහපු ප්‍රශ්නෙට මාව උත්තරයක් නැතිකමටම ගල්ගැහිලා ගියා..

"අහ්??"

"ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියනවා? තමුසෙ තරම් මුරණ්ඩු කොල්ලෙක් මං ජීවිතේට දැකලා නෑ.. අශ් මේ කොල්ලා සූගෙ තාලෙටමයි හැදෙන්නෙ ටේ.."

යා ඒ පාර මෙයා සූමින් නූනටත් බනින්න අරන්. නපුරෙක් මහ. ඕකට ඔච්චර දේවල් කියන්න ඕනෙ ද හහ්.. බලමුකො මාව යවන හැටි.. තිත්ත බෙහෙත් පොව්වලාමයි මං යන්නෙ. මං ගස්සගෙන ගිහින් ඇදේ කෙලවරක ඉදගත්තම හ්‍යොංලා දෙන්නා මූණට මූණ බලාගත්තා..

"ඔයා මේ සුප් එක බීලා බෙහෙත් ටික බොනකල් මං යන්නෙම නෑ.."

"යා ජොන් ජන්කුක් මගෙ යකා අවුස්සගන්නෙ නැතුව බහිනවා එළියට. මොන විකාරයක් ද මේ? මට බබ්බු හුරතල් කරන්න බෑ.. අනික මං අංකල්ට පොරොන්දු උනා තමුන්ව මීට පස්සෙ මෙහෙට ගෙන්න ගන්නෑ කියලා. යනවා හලෝ තවත් ඇණයක් නොවී.."

ඒ වචන දෙක තුනටනම් මට කෑගැහිලම ඇඬුනා.. නෑ ඒ අප්පා අකමැති එකට නෙවෙයි.. හ්‍යොංම මාව එළවන එකට. මෙච්චර රිදෙන වචන කියන එකට. එයා අසනීපෙන් කියලා දැනගත්ත ගමන්ම රෑ ඇදන් හිටපු ඇඳුම් පිටින් පිස්සෙක් වගේ දුවන් ආපු මං ගැනම මහ අනුකම්පාවක් දැනුනා මට.

හ්‍යොං එක පිම්මට මං ලඟට ඇවිත් මගෙ කට උල් වෙන්න කම්මුල්වලින් මිරිකගෙන එයාගෙ උණුම උණු රස්නෙ හුස්මවල් හරි බරට මගෙ මූණට වැදෙන තරම් ලඟින් මගෙ මූණට එබුනා..

"තමුසෙ මට ආදරෙයි ද?"

සත්තයි මාව ගල්ගැහිලා ගියා... ඒ ඇස්.. ඒ ඇස්වල නොතේරෙන ලොකු කතා මහ ගොඩක් හදිස්සියෙන් හදිස්සියෙන්  එහෙමෙහෙ උනා..

"කතා කරනවා ජොන් ජන්කුක් තමුසෙ මට ආදරෙයි ද?"

බොරුවක් කියාගන්න බැරිකමටම මගෙ ඔලුව එහෙට මෙහෙට හෙලවුනත් මං ඉක්මනටම නෑ කියාගත්තා..

"ඔව්ද නැද්ද මට එකක් කියනවා..."

කොහොමද ඔව් කියන්නෙ?? මං මොනවද කියන්න ඕනෙ? ඔව් කිව්වොත් එයා මාව තවත් ඈත් කරයිද?? ඕනෙ දෙයක් වෙන්න මං ඇත්තම කියන්නද??

"ඔ..ඔව්.."

අන්තිමට එළියට පනින්න තරම් වේගෙන් ගැහෙන පපුවත් අතින් තද කරන් මං හීනෙන් වගේ මුමුණගත්තා..
හ්‍යොං ඒක ඇහෙනවත්තෙක්කම කලබල මූණක් එක්ක වැටෙන්න ගියත් ටේ හ්‍යොං හ්‍යොංව වත්තන් කරන් ගිහින් ඇදෙන් ඉන්දුවා..

"අශ්... ඔය කොල්ලව ගිහින් දානවා ටේ.. යනවා.. තමුන් මීට පස්සෙ මට පේනමානෙක ඉදලා අහුවෙන්නෙ නෑ.."

එකපාරම කොණ්ඩෙන් ඇද ඇද කෑගහපු හ්‍යොං එහෙමම මුණින් අතට ඇදට වැටුනා.. ඒ ඇස්වල කඳුළු බෝල දිළිසුනා.. මං ඒක හොඳටම දැක්කා.. ඇයි මේ??

"හ්‍යොං මං ආදරෙයි.. අනේ මාව එළවන්න එපා.. ටේ හ්‍යොං අනේ ඔයාවත් කියන්නකො. මං හ්‍යොංට ඇත්තටමයි ආදරේ..."

ඇද පල්ලෙන් එල්ලුනු හ්‍යොංගෙ කකුල් බදාගෙන මං දිගටම කෑගගහා ඇඬුවා.. එයා හිතක් පපුවක් නැති ගානට කකුල් ගසද්දිත් මං හුස්මක් ගන්නවත් චුට්ටක්වත් නවතින්නෙ නැතුව දිගටම කියව කියව ඇඬුවා..

"තමුන්ට කියන දෙයක් තේරෙන්නේ නැද්ද ආ?? ඔය විකාරෙ නවත්තගන්නවා.. පිස්සු හැදීගෙන එනවද? මීට පස්සෙ තමුන් මෙහෙ එන්න බෑ.. තමුන් මාව දැකලත් නෑ දන්නෙත් නෑ තමුන් මට ආදරෙත් නෑ.. තේරුණාද?."

ඔයා මොන කේන්තියෙන් කෑගැහුවත් ඔය ඇස් කියන්නෙ වෙන කතාවක්නෙ හ්‍යොං.. ඇයි එහෙම?
ඔය කියන විදිහට අමතක කරලා දාන්න තරම් ලේසි විදිහටද ඔයා මට ලං උනේ? මං ඔයාට ආදරේ කරේ ඔයාව දකින්නත් කලින් ඉදන්නෙ. ඔයාට අයිතියක් නෑ ඔහොම කතා කරන්න..

"ටේ මං හෙටම ඇමරිකා යනවා.."

එයා ආපහු යන්නද හදන්නෙ? මං නිසාද? මගෙ ආදරේට එච්චර බයයිද ඔයා? මං නරක බබෙක් නෙවෙයිනෙ.. ආදරෙයි කිව්වම රටත් දාලා දුවන්න තරම් නරක කෙනෙක් නෙවෙයි මං..

"හරි මාත් එනවා යන්.."

ටේ හ්‍යොංවුත් යනවා කියන්නෙ එයාලා ආයෙ එන්නෙම නැතිවෙයි.. මගෙ ආදරේ මෙතනින් ඉවරයි ද?

හ්‍යොංව මුලින්ම දැක්ක දවසෙ ඉදන් අද මේ තත්පරේ වෙනකල් සිද්ධ වෙච්ච හැමදේම පපුව රිද්දන ෆිල්ම් එකක් වගේ මගෙ ඇස් ඉස්සරහා හරි ඉක්මනට ඇඳීගෙන ගියා..

මට ඔයාගෙ වෙන්න තිබුණෙ හ්‍යොං.. ඔයා ඒ අසිහියෙන් දගලපු හැම රෑකම මට ඔයාගෙ වෙන්න තිබුනෙ. එහෙනම් මං අද මීට වඩා සතුටින් මේ වේදනාව විදී...

අසිහියෙන් ම ඇඳට වාරු වෙලා නැගිටගත්තු මං අමාරුවෙන් කකුල් අද්ද අද්ද රූම් එකේ දොර ලඟට ගියත් එතනින් එහාට යාගන්න මට පණක් තිබුනෙ නෑ.. තවත් දරාගන්න ඕනෙ කියලවත් නොහිත මහ දරුණුවට රිදුම් දෙන්න ගත්තු පපුව හරි තදට මිරිකගත්ත මං වටපිටාව කළුවර වේගෙන එද්දිම දොරට වාරු උනා..

"ටේ... දෙයියනේ මගෙ කොල්ලා.."

අන්තිමට එයාගෙ කටහඩ මට ඇහුනා.. හීනෙන් වගේ ඇහිච්ච ඒ වචන ටිකටම විතරක් හරි ලෝබ හිනාවක් මගෙ මූණ පුරාවටම ඇදුනා.. මගෙ කොල්ලා... අනේ එයා එහෙමම කිව්වා...

ආයෙ සිහිය එද්දි මං හිටියෙ හොස්පිට්ල් එකක. එයා මං ලඟින්ම වාඩි වෙලා මගෙ අතක් දෝතටම අරන් ඉබින ගමන් හිටියා.. හරි සද්දෙන් සද්දෙන් තියපු හාදු වැස්සකට තෙමෙන ගමන් මේ ලස්සන හීනෙ අස්සටම ගිහින් ගුලි වෙන්න මට ඕනෙ උනා..

"මගෙ මැණික.. අනේ ඔයා ඇහැරියද? මං බය උනා කුකී... දෙයියනේ මං යනවා කිව්වම පැනික් ඇටෑක් එකක් එන්න තරම් ඔයා මට ආදරෙයි ද වස්තුව?"

මේ හීනයක්ද? එහෙනම් මේක හරි ලස්සන හීනයක්.. සතුට වැඩිකමටම මගෙ ඇස් අඟින් කඳුළු බින්දු මහ ගොඩක් හරි හදිස්සියෙ ගලාගෙන ගියා..

"ඇයි අඬන්නෙ කූ? ඔයාට කොහෙ හරි රිදෙනවද? ඉන්න මං ඩොක්ටර්ව එක්ක එන්නම්."

"එපා.. යන්න එපා... මාව දාලා යන්න එපා.."

මට කෑගහලා කියන්න ඕනෙ උනත් ඒක කියවුනේ හරි හෙමීට. ඒත් හ්‍යොංට ඒක ඇහුනා..

"නෑ මං යන්නෙ නෑ කූ.. ගෝඩ් ප්‍රොමිස් ඔයාව දාලා කොහෙවත් යන්නෙ නෑ. මං ඉක්මනට ගිහින් ඩොක්ටර්ව එක්කන් එන්නම් ම්."

"එපා..හ් මං හොදින්.."

හ්‍යොං ආයිමත් මං ලඟින් ඉදගෙන හරි පරිස්සමින් මගෙ ඔලුව අතගාන්න ගත්තා..

"මට.. මට ආදරෙයි ද? ඔයා මට ආදරෙයි ද?"

"ඔව් මැණික මං මහ ගොඩක් ආදරෙයි රත්තරනේ මට සමාවෙන්න මගෙ හා පැටියට රිද්දුවට.."

දෙයියනේ අන්තිමට එයා ඒක කිව්වා... මහ ආදරේකින් පපුවම පිරිලා ඉතිරිලා යද්දි ඒ කටහඬ හරි ලෝබකමට පපුව අස්සටම කිදාබැස්සා.. මේක හීනයක් වෙන්න එපා.. ප්ලීස් මට තවත් දරාගන්න බෑ...

"මාව දාලා යන්න එපා.."

"නෑ කූ මං කවදාවත් ඔයාව දාලා කොහෙවත් යන්නෑ.. දැන් ටිකක් නිදාගන්නකො ම්.."

මේක හීනයක්ද මං ඇස් පියාගෙනද මේ ඉන්නෙ කියලා නොතේරුනත් මට නිදාගන්න බය හිතුනා.. ආයෙ ඇහැරිද්දි එයා මගෙ ලඟින් නැතිවෙයි කියලා මට බය හිතුනත් මටත් නොදැනිම මගෙ ඇස් පියවෙලා ගිහින් තිබුණා..

ආයිත් මං ඇස් අරිද්දි රූම් එකේ හිටියෙ ඔම්මයි අප්පයි. මං කොච්චර හ්‍යොං ගැන ඇහුවත් එයාලා කිව්වෙ හ්‍යොං ආවෙ නෑ කියලම තමයි. එතකොට ඒක හීනයක්ද? අර ආදර වචන ලෝබ හිතෙන හාදු එව්වා ඔක්කොම හීන විතරයි ද??

නෑ... දෙයියනේ ඒක හීනයක් නෙවෙයි.. හරි හදිස්සියෙන් උඩට ඇද්ද හුස්මක  එයාගෙ සුවඳ මහ ගොඩක් තිබුනා.. එයාගෙ සුවඳින් මුළු රූම් එකම පිරිලා තිබුනා.. ඒක හීනයක් නෙවෙයි එයා ඇත්තටම ඇවිත්..

මාව දාලා යන්නෙ නෑ කිව්වෙ බොරුවට ද එතකොට? එයා පොරොන්දු උනානෙ.. මට රිදෙනවා හ්‍යොං.. ඉන්න තැනකින් ඇවිත් යන්නකෝ.. අනේ එකම එක පාරක් මූණ චුට්ටක් බලාගන්න තිබුනනම්..

"මුරණ්ඩු නොවී කාලා බෙහෙත් බිව්වොත් ජිමින්ව එක්කන් එනවා.."

අන්තිමට මං කෑමබීම වර්ජනය කරන්න ගත්තම ඔම්මලා මාව රවට්ටන්න අලුත් කතාවක් ඇදලා ගත්තා..

පොඩි එකෙක්ට බොරු කිය කිය බත් ගිල්ලද්දි රැවටිලා ඔක්කොම කනවා වගේ මාත් ඔය චූටි චූටි කතාවලට මහ හුඟක් රැවටුනා.. ඒත් ඒ කවමදාකවත් මං දවස් තුනකට පස්සෙ ඩිස්චාජ් වෙලා ගෙදර යනකලුත් හ්‍යොං මාව බලන්න ආවෙ නෑ..

ඔම්මලා මට ඉන්න අලුත් තැනක් එක්ක අලුත් යාලුවෙකුත් හොයලා තියලා තිබුණා.. ඕනෙවට වඩා දැගලුවොත් කොලේජ් එක මාරු කරනවා කියලා මට තර්ජනෙත් කරලා එයාලා ටික දවසකින් ආයිමත් ගෙදර ගියා..

අලුත් යාළුවා ජේ හෝප්. අප්පගෙ බිස්නස් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙ පුතෙක්. මට තිබුන එකම සැනසිල්ල එයා.. කොල්ලට ඕනෙවටත් වඩා නටන පිස්සුවක් තිබුණා.. කන්න ගියත් ගියේ නට නට. හැමතිස්සෙම මලක් වගේ හිනාවීගෙන ඉන්න, කෙනෙක්ට හම්බෙන්න පුළුවන් හොඳම ජාතියේ යාලුවෙක්...

මටත් නොදැනිම කොලේජ් එකටම කාලෙ ඔහේ ගෙවිලා ගියා.. අවුරුද්දක් පුරාවට ම හ්‍යොං ගැන කිසිම කිසි ආරංචියක් නැතුව. එයාගෙ අපාට්මන්ට් එකත් හැමතිස්සෙම වහලා දාලා තිබුනා.. මිනිස් පුළුටක් නැතිවෙන විදිහට ඒක ජරාවාස වෙලා ගිහින්. ටේ හ්‍යොං ගැනවත් කිසිම කිසි ආරංචියක් තිබුනෙ නෑ.

එයාලා ඇමරිකා ගිහින් කියලා හිත හයිය කරන් හිටියත් දවසක් මං ටේ හ්‍යොංව දැක්කා.. ඔව් ඒ එයාම තමයි. එයා හැසිරුන විදිහට මට හිතුනෙම එයා මං ගැන ඔත්තු බැලුවා. එයා ඉස්සර ඉදන්ම මගේ පස්සෙන් එන්න ඇති. මොකද කොලේජ් එකේ කිසිම තැනක්වත් කිසිම කෙනෙක්වත් නුහුරු විදිහට එයා හැසිරුනේ නෑ..

එයාව දැක්ක ගමන් හොබීවත් පෙරලගෙන දිව්ව මං බෙල්ලෙන්ම අල්ලලා බිත්තියට එයාව තදකරන් ඒ කලබල මූණට එබුනා.. මටම හිතාගන්න බැරි තරමට මං හැඟීම් ගොඩකින් පිරිලයි හිටියෙ..

"කෝ එයා..?"

ටේ හ්‍යොං පුදුමෙන් ගැස්සිලා ගියා.. එයා හිතන්න නැතුව ඇති මං එයාව අඳුරගනී කියලා..

"කිම් ටේහ්‍යොන් මට කියනවා කොහෙද ජිමින් හ්‍යොං ඉන්නෙ ආ?"

එයා දාගෙන හිටිය විග් එකෙන් ඇදලා ඒකෙන්ම මූණට දමලා ගහන ගමන් මං කෑගැහුවා..

"මට යන්න දෙනවා ජන්කුක්.. තමුසෙට පිස්සු හැදිලද?"

"පිස්සු හැදිලද?? ඔව් මට පිස්සු හැදිලා තමයි. තමුන් දන්නවා මං එයාට කොච්චර ආදරේ කරාද කියලා. ඒ දැන දැනත් තමුන් එයාව මගෙන් ඈත් කරා.."

"නොදන්න දේවල් කියවන්න එපා ජන්කුක්.."

ඒ ඇස්වල තිබුනෙ තේරුම් ගන්නම බැරි බැල්මක්..

"අනේ මට එකම එක පාරක් හ්‍යොංව බලන්න දෙන්න ටේ හ්‍යොං. මං කරදර කරන්නෙ නෑ.. පොරොන්දු වෙනවා එයාව ඈත ඉදන් බලලා පැත්තකට වෙන්නම්..."

අවුරුද්දක් තිස්සෙ ඉවසගෙන දරාගෙන  හිටපු දුකට පපුව පිච්චීගෙන යද්දි මං ටේ හ්‍යොංගෙ කකුල් දෙකේ එල්ලිලා කෑගගහා ඇඬුවා..

"ශ්.. නැඟිටින්න කුකී ඔයා මට මේ දේවල් තවත් අමාරු කරනවා.."

"කියන දෙයක් තේරෙන්න කියන්නකො දෙයියනේ..."

"තවත් මේ දේවල් හැංගුවා කියලා තේරුමක් නෑ.. නිදහස් තැනකට යමු මං හැමදේම කියන්නම්."

මාව වත්තන් කරන් හිටපු හොබී දිහාවට ඇස් යවන ගමන් ටේ හ්‍යොං හිමින් මිමිණුවා. මොකක්දෝ කියන්න නොතේරෙන මූසල හැඟීමකින් පපුව හිරවෙද්දි මං හොබීට වාරු වෙලාම ගිහින් කැන්ටීන් එක කෙලවර තිබුනු බෙන්ච් එකක වාඩි උනා..

"ජිමිනා ගැන තාමත් ඔයාගෙ හිතේ අදහසක් තියෙයිනම් දැන් ඒක අමතක කරලා දාන්න කුකී.."

  
 
**************************

පැටවුනේ අනේ මං හොඳටම පරක්කුයි නේද?? සමාවෙන්න 🥺🤧


චූට්ටන් කතාවක්.. නිකන් ඉන්න ගමන් කියවලා බලන්න 🥰

සරංහේ බබූලා 😍🥰😘💜

Continue Reading

You'll Also Like

27.4K 3.5K 39
Vminkook 🐯🐣🐰 Top - Jungkook Taehyung Bottom - Jimin Taekook 🐯🐰 Top - Jungkook Bottom - Tae Jikook 🐣🐰 Top - Jungkook Bottom - Jim...
27.4K 1.4K 28
Peep in 💖 Contains Rape scenes sexual and physical voilence Read at ur own risk ❗🔞
2.5K 82 19
hi everyone I hope you like this story it's a story about two Royal Family where the youngest daughter of the mehta family is going to get married to...
656K 34.8K 20
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...