RED ROSE 🌹...

By hyunei98

273 97 126

හීන දකින්න හීන වලට පන දෙන්න මමත් ආසයි මේ හීනයට පන දෙන්න මට පුලුවන් වෙයිද නුබ මට හීනයක්ම පමණක් වෙවිද මේ හල්ස... More

පළමු දිගහැරුම🌹
දෙවැනි දිගහැරුම🌹
තෙවැනි දිගහැරුම🌹
සතර වන දිගහැරුම🌹
පස් වන දිගහැරුම🌹
සය වන දිගහැරුම🌹
සත් වන දිගහැරුම🌹
අට වන දිගහැරුම🌹
නව වන දිගහැරුම🌹
දස වන දිගහැරුම🌹
එකළොස් වන දිගහැරුම🌹
දොළොස් වන දිගහැරුම🌹
දහ හතර වන දිගහැරුම🌹
පහළොස් වන දිගහැරුම🌹
දහසය වන දිගහැරුම🌹
දාහත් වන දිගහැරුම🌹
දහ අට වන දිගහැරුම🌹
දහනව වන දිගහැරුම🌹
විසි වෙනි දිගහැරුම🌹

දහතුන් වන දිගහැරුම🌹

10 5 10
By hyunei98


හල්සිට අප්පගෙන් කෝල් එකක් ආවේ ඊයේ හල්සී ගෙදර ඇවිත් නැ කියලා දැනගෙන . හල්සිට හල්මෝනීට කියන්න අමතක උනා.

ට්‍රිං ට්‍රිං ...
👨"හල්සී"
🌹"අප්පා ඔයා ආවද "
👨" හ්ම්ම් ගෙදර ඉන්නේ.....මේ හල්මෝනී කියනවා ඔයා ඊයේ ගෙදර ආවේ නැලු....ඇත්තද?"
🌹"ආනි අප්පා මං ඊයේ company එකේ හිටියේ....අර අලුත් ඔඩර් එක successful වෙන්න ඔනේ අප්පා. මං දන්නවා අප්පා ඒක මට දුන්නේ මාව ගොඩක් විශ්වාස කරලා. මං ඒකට තමයි මේ දවස් වල වැඩියෙන්ම focus එක දෙන්නේ එකයි අප්පා මං ඊයේ ආවේ නැත්තේ. ඈම් රියලි සොරි අප්පා කියන්නැතුව හිටියට. "
හල්සී හෙන පත බොරුවක් කිව්වේ ඊයේ වෙච්ච කිසිම දෙයක් අප්පවත් හල්මෝනිවත් දැනගන්නවට කැමති නැති හින්දා. එහෙම උනොත් වෙන දේ හල්සී හොදටම දැනන් හිටියා. අප්පා කවදාවත් එරික්ව අතාරින්නැ කියලා හල්සී දැනන් හිටියා. ඒ වගේම ඔම්මෝනි එයා මේ දේවල් දැනගත්තොත් ....හල්සී තමන්ගේ හැමදේම වගේ හල්මෝනිට කිව්වා. ඒත් මේ දේ කොහොමද කියන්නේ හල්මෝනිගේ පපුව පැලිලා මැරෙයි. හල්සී දැනන් හිටියා අප්පා වගේම හල්මෝනීත් එයාට ගොඩක් ආදරෙයි කියලා. ලේ බැදීමක් නැති උනත් ,
👨" එහෙනන් දැන්ම ගෙදර එන්න ඔක පස්සේ හවසට කරන්න පුලුවන් "
🌹"ඒත් අප්පා ..."
👨"ඒත් මේත් නෙවෙයි දැන් ගෙදර එන්න අප්පා ගෙදර එනකොට දෝණි නැ "
හල්සිට ගොඩක් දුක හිතුනේ අප්පා කිව්ව අන්තිම වචන ටිකට.
🌹"හරි අප්පා මං එන්නම්"

හල්සී එහෙම කියලා ෆයිල්ස් ඔක්කොම ලොකර් එකට දාලා ලොක් කරලා ගියේ ඊයේ උන දේවල් තාමත් චායාවක් වගේ ඇස් ඉස්සරා මැවෙද්දී. අද නම් හිම වැටෙනවා හොදටම වැඩි. හල්සී ඒ සීතලේම ගැහි ගැහි ගෙදර ගියා.

🌹"අප්පාආආ.. "
හල්සී කැගහගෙනම ඇතුලට ගියේ සාලේ පේන්න හිටියේ නැති හින්දා. එතකොටම අප්පා කාමරේ ඉදන් ආවේ. හිටියේ අප්පව හග් කරලා සමාවත් ගත්තේ බටර් පාරක් ගාලා. කිචන් එකේ උයන ගමන් හල්මෝනී කතා කරන්න ගත්තේ යුන්ගි අරන් දුන්න ගවුමෙන් පටන් අරන්.

👵"පුංචි නෝනා ඊයේ ඇදගෙන ගියේ ඔය ගවුම නෙවෙයිනේ සුදු දිග ගවුමක්නේ"
දැන් ඉතින් කියන්නකො වැස්සෙ තෙමුනා යුන්ගි අරන් දුන්නා කියලා මටත් වැටෙන බාල්දි අනේ දෙයියනේ මාව බේරගන්නකෝ මේ යුන්ගෙයි ටේගෙයි වැඩ මෙව්වා.අසරණ ගැත්තාට සමාවෙන්න .....හල්සී එහෙම හිත හිත තවත් පචයක් ඇද බැවා.
🌹" දවස් දෙකක් කොහොමද හල්මෝනී එකමුතු ඇදුම අදින්නෙ. මං company එක ලග ශොප් එකකින් ඔඩර් කරලා ගෙන්න ගත්තා. "

"අප්පා මං වොෂ් එකක් දාගන එන්නම් "
හල්සී එහෙම කියලා කෙලින්ම කාමරේට ගියේ mirror එකෙන් පේන එයාගෙම හැඩ බලන්න. ඇත්තටම කෙල්ල ඒ ගවුමට ගොඩක් ලස්සනයි.

පූස් තඩියටත් තියෙන්නේ මාර චොයිසස්නේ. එහෙම වෙන්න එපැයි නැත්තන් මාව තෝර ගනීයැ. හල්සී එහෙම හිත හිත කල්පනා ලෝකේ තනිඋනේ යුන්ගිගේ පොඩි පොඩි පිස්සු වැඩ මතක් කර කර. හල්සිගේ කල්පනා ලෝකෙන් එලියට ගෙනාවේ බ්‍රිනී. එයාටම කියලා තිබුන පුංචි රෝස පාට ඇදේ ඉදලා හල්සිගේ ඇගට පැන්නා.

🌹"ආආශ්ශ්ශ් බ්‍රිනී මොකක්ද අනේ කරන්නේ පුදුම දාංගලයක් තියෙන්නේ. අර පුස් තඩියා වගේමයි. බල්ලයි පූසයි උනාට කිසි වෙනසක් නැ." එක වෙලාවකට මීක් සද්දයක් නැ තව වෙලාවකට හිතන්නෙවත් නැති වැඩක් කරනවා.වෙනදාට එකෙක් මලාටවත් ඇහෙරෙන්නෙ නැති කෙනා මහා රැ මාව කන්න බලන් ඉන්නවා. මගේ ගවුම හෝදන්න දීලා ටේගේ අතේ වෙන ගවුමක් ගෙන්නගන්නවා. ඔයා වගේ තමයි බ්‍රිනී. මං කවදාවත් හිතුවේ නැ එයත් මට ආදරේ කරනවා ඇති කියලා. ඒ හල්සිගේ හිත.

Bantan epartment💜️

🐑" යාආආආආආආආආආ....කෝ මේ ගෙදර පොඩි එවුන් එක්කෙනෙක් ඊයේ ඉදන්ම නැ.ඒ මදිවට දැන් මේ යක්ස පැටව් තුන්දෙනාගේ නසරාණි වැඩ....ජන්ග් කුකා කෝ ටේ හියුන් කොහෙ යනවද මං දන්නැ.ගිය තැනකින් එන්න දන්නැද්ද උදේ හදපු කැම ටික එහෙමම මං මුන්ට කැම හදන්නේ ඉතුරු කරන්නද උදේ හතට ගිය එකා තාමත් නැ. යන තැනක් කියලා යන එකක්‍ යෑ. මේ යක්ස පැටව් තුන්දෙනාට කොහෙද එහෙම පුරුද්දක්. කෝ මේ හොබා එහ් හොබා නැගිටිනවා.අච්චුවක් වෙලා තියන මූන හොදන් එනවා. යක්ස පැටව් ටික නැ.මං මෙච්චර කෑගහනවා මුන්ට නෙවෙයි එක වචනයක් ඇහෙන්නේ. "
ජින් උදේම කැම හදලා ගියේ බාබාලා ටික ඇහැරවන්න. යුන්ගියා ගියා ගියාමයි තාම ඇවිත් හිටියේ නැ. කොට ජිමිනයි කොටි පැටියයි දෙන්නත් හිටියේ නැ. කුකී හිටියෙත් ඇදේ නිදාගන නෙවෙයි. කුකී අඩ නින්දෙන් එලියේ කෝල් එකක. එහා පැත්තෙන් කතා කලේ ටේයි ජිමිනයි.ජින් ඒ වගක් දන්නැ. හොබී හියුනුත් නිදිමතේ නැගිට්ටා.

🐿️"ඇයි ඒ පාර මුන් තුන්දෙනා මොනාද කලේ"

🐑"මේ යක්ස පැටව් තුන්දෙනාම ගෙදර නැ හොබා. යුන්ගියත් තාම නැ. මට මේ පොඩි උන් තුන්දෙනාව හොයලා දෙන්න. යුන්ගියා ගැන නම් බය වෙන්න දෙයක් නැ.ජූනි ගෙදර ගිහින් මං එපැයි මුන්ව බලාගන්න"

ජින් එස්ප්‍රස් කෝච්චිය වගේ කියවන් යනකොට දොර ඇරගන නිදිමතේ ඇතුලට ආවේ ජන්ග් කූක්. කුකා ඔහේ වැනි වැනි ඇනුම් ඇර ඇර එන්නම් වාලේ එනකොට ජින් හියුන්ගේ කේන්තිය තවත් වැඩි උනා.

🐑"කොහෙද කුකා ගියේ ගෙටත් නොකියා කියලා තියනවා නේද ජුනිත් නැති ටිකේ පරිස්සමින් ඉන්න කියලා. "
කූකී ගල් වෙලා වගේ බලන් ඉන්නවා. ජින් කිව්ව කිසි දෙයක් කුකීට තෙරුනෙ නැ. හොබී ඇවිල්ලා කරට අත දාලා හොල්ලපු පාරට තමයි කුකී හරි සිහියට ආවේ.

🐰"ජි.....ජින් හියුන් මං කොහෙවත් ගියේ නැ. මං මේ මෙතන එලියේ හිටියේ කෝල් එකක"

🐑"අහ් එකත් එහෙමද ....එතකොට කෝ ජිමිනයි ටේයි"

🐰"ජින් හියුන් මං ජිමින් හියුන් කොහෙ ගියාද කියලා නම් දන්නැ හැබැයි ටේ හියුන් උදේම ගියා යුන්ගි හියුන්ගේ epartment එකට "

🐿️"අහ් කියනකොටම අර එන්නේ හියුන් "

🐯"ඇයි මේ කට්ටියම"
ටේ හියුන්ට තෙරුනා කුකී ඉන්න විදිහට බාල්දියක් තමයි කියලා. එතකොටම තමයි ටේ කුකී දිහා මොකද කියලා අහන්න වගේ බලන් හිටියේ.

🐑"කුකී දිහා බලන්න ඔනෙ නැ. තමුන් කොහෙද ගියේ කියන්න ට්‍යෝන්ගා "

🐯" මේකයි හියුන් අපි එදා යුන්ගි හියුන්ට එරික් ගැන එච්චර කලබල වෙන්න එපා පස්සේ මොනාහරි කරමු කිව්වට දැන් එහෙම සුලුවට හිතන්න බැ හියුන්. ඊයේ රැ හල්සී ගෙදර යනකොට මූ මගරැකලා කාර් එක නවත්තලා නූනට කරදර කරන්න හදනකොටම තමයි අපේ යුන්ගි හියුන් දැකලා තියෙන්නේ. ඒ වෙලාවේ දෙන්නවම වැස්සට තෙමිලා ඉතින් යුන්ගි හියුන් නූනවත් අරගෙන සෝල් ගිහිල්ලා .......මට අද උදේ කිව්ව නූනට ගවුමක් අරන් එන්න කියලා. ඒකයි මං උදෙන්ම ගියේ , මං කුකිට කියලා ගියේ යුන්ගි හියුන් බලන්න යනවා කියලා. යුන්ගි හියුනුත් තව ටිකකින් එයි."

ටේ වෙච්ච ඔක්කොම අකුරක් නෑර කිව්වා. ඒක අහපු ජින් ඔලුවෙ අත ගහගෙනම සොෆා එකේ ඉදගත්තා. ඒක අහපු කූකී හොදටම බය වෙලා ඉන්නේ ඒ වගේම ගොඩක් දුකින්.

🐑"මේ ගැන හල්සිගේ අප්පා දන්නවද "

🐯"නැ හියුන් නූනගේ අප්පා ජේජු ගිහින් අද එනවා කියලා තමයි කිව්වේ"

🐑"මේ ගැන කියන්නම වෙනවා ටේ"

🐿️"ඔව් ට්‍යෝන්ගා මිස්ටර් කිම්ව දැනුවත් කරන්නැතුව අපිට මුකුත් කරන්න බැ."

🐑"යුන්ගි ආපුවාම අපි මේ ගැන එයත් එක්ක කතා කරමු"

🐯"හියුන් යුන්ගි හියුන් කිව්ව විදිහට නූනා කැමති නැ මේ කිසි දෙයක් ගෙදරට කියනවට"

🐑"බලමු අපි උපරිම ට්‍රයි කරමු එයාට තෙරුම් කරන්න "
එතකොටම මේ ඔක්කොම නිහඬව අහගෙන හිටපු කූකී එකපාරටම අඩාගෙන ජින් හියුන්ගේ ඇගේ එල්ලුනේ එයාගේ හියුන්ලාට තියන ආදරේ තරමටම හල්සිටත් ආදරේ කරපු හින්දා. කූකී දන්නවා එයා අද ජිවත් වෙන්නේ හල්සී හින්දා කියන එක.

🐰"අනේ හියුන් අපි මොනවා හරි කරලා නූනව බේරගමු හියුන්....හියුන් කියන්න අපි මොනාද කරන්න ඔනෙ....අනේ හියුන් මං අද මෙහෙම ජීවත් වෙන්නේ නූනා හින්දා.....ඒ වෙලාවේ නූනා එතෙන්ට ආවේ නැත්තං මං මැරෙන්නත් තිබ්බා හියුන්....හියුන් මං නූනට ජිවිතෙන් නයයි හියුන්"

🐑"ඔයාලා වෙනුවෙන් මං මොනාද කරන්නැත්තේ කුකී"
ජින් එහෙම කියලයි කූකීව සැනසුවේ. ඇත්තටම ඒක පොරොන්දුවක් උනා වගේ.

ඔව් ජින් හියුන් කියන්නේ එහෙම අයියා කෙනෙක්. තමන්ගේ ඩොන්ග්සෙන්ග් වෙනුවෙන් පන උනත් දෙයි. මං දන්නැ ඒ බැදීමට කියන නම මොකක්ද කියලා. ඒත් එක දෙයක් දන්නවා, ලේ බැදීමක් නැති උනත් ලේ බැදීමකටත් වඩා ශක්තිමත් කියලා. සමහරවිට ඒ බැදීමට නමක් නැතුව ඇති. මටත් එහෙම සහෝදරයෙක් හිටියා නම් කියලා හිතෙන තරමටම හරි ආදරණීය බැදීමක් ඒක. 🥺

🐑"කෝ දැන් ජිමිනා මෙච්චර දෙයක් වෙලා තියනවා ජිමිනා නැ"
ඔයාලට මොනාහරි උනොත් මං මොනාද නාම්ජුන්ට කියන්නේ. ජින් එහෙම හිතන තරමටම බය වෙලා හිටියේ. ගොඩක්ම පොඩි තුන්දෙනා ගැන බයෙන් ඉන්නේ. කොයි වෙලා මොනා කරගනීද කියලා දන්නැති හින්දා. කරන්නෙම නසරාණි වැඩනේ.ජින් හියුන්ට ඊලගට තියන ප්‍රශ්නේ ජිමිනා නැති එක. මේ ප්‍රශ්න මැද්දේ මේ අයියලා මල්ලිලාට බඩගින්නක් නම් දැනුනේ නැ.
එකපාරටම කවුද දොරට ගහනවා ඇහුනා. ටේ ගිහින් දොර ඇරලා බලද්දි මොකද වෙලා තියෙන්නේ කියලා අහන්නවත් වෙලාවක් නැති කොට දෙන්නම එකතු වෙලා කරට හේත්තු කරගන ඇතුලට අරන් ආවා. කෙලින්ම ගිහිල්ලා අතඇරියේ සොෆා එකට. වැටුනා වැටුනමයි කිසි සද්දයක් නැ.

🐑" ඔයාට කොහොමද මෙයාව හම්බුනේ "
ආපු කෙනා නම් කිව්වේ දෙයක් ගැන කතා කරන්න ඔනෙ කියලා කිව්ව හින්දා ආවා කියලා. ඔක්කොටම හිතුනේ එකම දේ. සෙට් එකම ඒ දිහා බලන් හිටියේ කුතුහලයක් එක්කමයි.

Red Rose🌹
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Continue Reading

You'll Also Like

66.9K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
143K 14.4K 27
Zhang Chenfi(ကျန်းချန်ဖေး)ဟာ Car Accidentကြောင့် ဦးနှောက်ကိုထိသွားပြီး သူ့ကိုယ်သူ Novelထဲက ဇာတ်ကောင်လို့ ထင်သွားပါတော့တယ် Jiao Qi(ကျောင်းချီ)ကလဲ...
44.6K 6.5K 40
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
15K 2K 33
Original author: Chen Ci Lan Tiao, Lazy Cliché, 陈词懒调 Source: https://allnovelfull.com/ Status in COO : 507 chapters