හැමෝම ගල්ගැහිලා වගේ බලාගෙන හිටියේ යුන්ගි දිහා, ඇත්තටම මටත් හිතාගන්න බැරිවුනා.
එයා මගේ දිහා බලන්නෙත් නැතුව මගේ අතින් ඇදගෙන යන්න ගත්තා. අපේ වටෙන්ම bodyguardsලත් ආවා.
මම අර කට්ටිය දිහා බලද්දි ආපහු අර ගෑනුලමයා අපේ පැත්තට දුවගෙන එන්න හැදුවත් අනිත් අය එයාව නැවැත්තුවා. හැමෝම නෙවෙයි ඒත් ඒ ගෑනුලමයා වුනත් එහෙම හැසිරෙන හේතුව මට තේරුම්ගන්න පුලුවන්.. සමහරු ෆෝන් උස්සන් ඉද්දි තවත් අය අතත් වනනවා මම දැක්කා.
අපි වාහනයට නැග්ග ගමන්ම වගේ මාර වේගෙකින් වාහනේ අද්දන්න ගත්තා.
යුන්ගි ඉස්සරහ බලාගෙන සෑහෙන ලොකු කල්පනාවක හිටියා. එයාගේ තරහ ගිය පෙනුමේ ලොකු අඩුවක් තිබ්බෙ නැති වුනාට එයා ගොඩාක් හයියෙන් හුස්ම ගත්තෙ ඇදුම හැදිච්ච මනුස්සයෙක් වගේ.. සමහරක් විට එයා සන්සුන් වෙන්න උත්සහා කරන විදිහ ඒක වෙන්නැති.
මම හෙමිහිට එයාගේ මූණට එබුනා. කිසිම reaction එකක් නැහැ.
මම එයාගේ නලලට වැටිල තිබුනු කොණ්ඩෙ ටිකක් එහාට කරලා එයාගේ තුවාලේ දිහා බැලුවා.
"යන ගමන් කොහෙන්හරි බෙහෙත්..." මට කියාගන්න හම්බුනේ නැහැ.
එයා මගේ වටෙට අත් යවලා මාව එයාගේ ලගට ඇදලා ගත්තා.
"ඔයා....."
එයාගේ හඬ බිදෙන්න ගත්තා.
මොකක්දෝ හේතුවකට මට එයා කියන්න ගිය දේ තේරුනා. ඔච්චරටම තුවාල වෙලා තිබුනේ එයාට වුනත් එයා කලබල වෙලා හිටියේ මං ගැන, අඩුමතරමේ සීරිමක් වත් වෙලා තිබුනේ නැති මං ගැන...
මම හිමිට එයාගේ පිටට තට්ටුවක් දැම්මා.
"මම හොදින්.. ඇත්තටම මම හොදින්...."
මම හෙමීට කිව්වා.
සෑහෙන වෙලාවකට පස්සෙ එයා මාව අතෑරලා seat එකට හේත්තුවෙලා ඇස් දෙක වහගත්තා.
මම ශේප් එකෙ ටිකක් ඈත්වෙන්න හදද්දි එයා ආපහු මගේ අතින් අල්ලගත්තා. මොන කක්කුට්ටෙක් ද මේ ?
"ආපහු නම් ඈත්වෙන්න හිතන්නවත් එපා.."
එයා ගොඩාක් තදින් කිව්වෙ තාමත් ඇස්වහන් ඉද්දි.
"හ්ම්...."
මගේ කට බිමට වැටෙන්නම ඇරුන විදිහ එයා දැක්කෙ නැති එක ගැන මම හිත හදාගත්තා.
මම එයා දිහා බලාගෙන හිටිය.
ඇත්තටම එයා මට ඒ තරම්ම කැමතිද කියලා තාමත් ප්‍රශ්න කරන එක ගැන මම මටම දොස් කියාගත්තා. එතකොට මම ? නැහැ තවදුරටත් එකෙ කිසිම අපැහැදිලිකමක් මට පෙනුනෙ නැහැ. ඒත් මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද මං අහන්නෙ ?
.
.
.
එයා ෆෝන් එක කනේ ගහගෙන කොරියන් වලින් මොනාදෝ එකක් කිය කිය දහ දොලොස් පාරක්ම එහාටයි මෙහාටයි යනකම්ම මාත් හිටගෙන room service එකෙන් ගෙන්නගත්තු බෙහෙත් ටිකත් අතේ තියාගෙන පඹයෙක් වගේ වැනි වැනි හිටියා.
ආයේ ඉතින් වෙන අහවල් දෙයක් කරන්නද ?
Google Translate එක ඔන් කරගෙන කියන්නෙ මොකක්ද කියල තේරුම්ගන්න try එකක් දුන්නට එයා දොඩවන වේගෙට ද කොහෙද මට Translate වෙලා ආවේ තනි කුණුහරුප මාලාවක්.. ඒ නිසා ඒ වැඩෙත් අතෑරලා මං බලන් හිටියා.
එයා මගේ දිහා තත්පර ගානකට බලද්දි මම අතේ තිබ්බ බෙහෙත් එක පෙන්නුවා. එයා ඔලුව වනලා කිව්වෙ ඔය බෙහෙත් නෙවෙ කියලද මන්දා.. මේක හරියන වැඩක් නෙවෙ.
මම නිකන් වැඩ්ඩා වගේ දකුණ කකුල කියලා වම් කකුල පෙරට තියලා ඒක තේරුණාම ආපහු කකුල මාරු කරන්න කියලා හොම්බෙන් යන්න ඔන්න මෙන්න කොහොමහරි එයාගේ ගාවට ගිහින් හිටගත්තා. එයා ටිකක් පුදුම වුනත් ෆෝන් එක පැත්තකින් තිබ්බා .
"වාඩිවෙන්න sir ...."
එයා හිනාවෙලා ඇඳේ පැත්තකින් ඉදගත්තා.
මම ඉතින් හැතැප්මයක් විතර ඈතින් තිබ්බ පුටුවක් ඇදගෙන ඇවිත් එයාගේ ඉස්සරහින් තියාගත්තා.
මම හෙමීට එයාගේ තුවාලෙට බෙහෙත් දාන්න ගත්තා.
"අපේ ආච්චි අම්මා ඉස්සර මට ගෝවා සුප් හදලා දුන්නම මං බොන්නෙ නැතුව කෑගහනවා"
නෑ නෑ ඉතින්...
මට මතක් වුනා ඔය film වල එහෙම තුවාල වෙලා බෙහෙත් දාද්දි තුවාල වෙච්ච එකාගේ හිත හදාගන්න කියලා බෙහෙත් දාන එකා ලොවෙත් නැති පල් හෑලි දොඩවනවා කියලා..
යුන්ගි මගේ දිහා ටික වේලාවක් බලාගෙන ස්කෑන් කලා.
"අහ්......... ශුවර් එකටම ඔයාට ඔලුවට පාරක් වැදුනෙ නෑනේ " එයා සෑහෙන්න serious විදිහට කියලා අත් දෙකම මගේ ඔලුවට තියලා අංශක 360 ටම කරකවලා බැලුවා.
"හෙ හෙ හරි හිනා......" මම කිව්වා.
කැපුම ගොඩාක් ලොකු නොවුනට සෑහෙන්න ගැඹුරට කැපිල තිබුනා. එයාට නම් ගානක්වත් නෑ වගේ මගේ දිහා බලාගෙන හිටියා.
"ම්..... මං දෙයක් අහන්නද ? "
මම කවදහරි රෙදි නැතුව යන සීන් එකටම ලැජ්ජවුනා කියල පාඩමක් ඉගෙන ගෙන තියෙනවද ? නෑ කොහෙත්ම නෑ... අනිත් එක අපි දෙන්නා අතරේ මේ තියෙන මොකාක්හරි ම හුටපටේ පැහැදිලි කරගන්න මගේ ඔලුවෙ ප්‍රශ්න ගනනාවක් තිබ්බා. ඔව් මට තාමත් තේරුම්ගන්න බැරි මන්දමානසිකත්වයක් තියෙන්නෙ...
"ම්...? "
"මේකයි...." මම කර කර හිටපු වැඩේ නවත්තලා එයාගේ දිහා බැලුවා.
"ඇයි මම...? "
එයා ඇස් දෙක ලොකු කරගත්තා.
මම හොද හුස්මක් ගත්තා.
"ඇයි ? ඇයි ඔයා මට කැමති ? "
එයාගේ මූණට හිනාවක් ආවා.
"හහ්... ඔයාට අමතක වෙලා නෑනේ එහෙනම් ඒක....."
එයා මගේ දිහා ටික වේලාවක් බලාගෙන ඉදලා බිම බලාගත්තා.
"ඇත්තටම ඇයි කියන්න හේතුවක් නැහැ... ඒත් ඔයාත් එක්ක ඉද්දී ජීවත්වෙන්න තවත් ආස හිතෙනවා. ම්....... music වගේ ම මට ඔයාව දැනෙනවා " එයා කිසිම ගානක් නැතිව කියලා දැම්මා.
"ආදරයට හේතුවක් ඕනෙද ඔලීව් ? එහෙම බැලුවොත් කැමති වෙන්නෙ ඒ හේතුවට මිසක් ඒ පුද්ගලයාට නෙවෙයිනේ......"
මම එයා දිහා බලාගෙන හිටිය නිසා එයා හිතුවෙ
ඒක තවත් පැහැදිලි කරන්න ඕනෙ කියලා වෙන්නැති.
"හ්ම්............."
මිනිත්තු දෙකයි තත්පර අරික්කාලකට විතර පස්සෙ මං කියාගත්තා.
මං ඉක්මනට ආපහු බෙහෙත් දාන වැඩෙ පටන්ගත්තෙ තවත් එයා මගේ දිහා හිනාවේගෙන හරීම ආදරණීය විදිහට බලාගෙන හිටපු එක දරාගන්න එක මගේ මානසික සෞඛ්‍යය ට භයානක යි කියල හිතුන නිසා, මම නිකමට එයා දිහා බලද්දිත් තාමත් එයා මගේ දිහා බලාගෙන හිටියා.
.
.
.
.
"වෝහ්......."
මාව ගැස්සිලා ගිය පාර තව ටිකෙන් අතේ තිබ්බ කෝපි එකත් බිම , ඒ film එකෙ යක්සයා මතුවෙන්නෙම හිතෙන්නෙම නැති වෙලාවල් වලට හැටි විතරක් ඒ යකාගේ... මං තනියම හිතෙන් බනින්න ගත්තා.
ආ ඔව් අපේ film එක බලන වැඩේ අතිශය සුන්දර විදිහට කඩාකප්පල් වෙච්ච නිසා ගෙදර cinema එකක් දාන idea එක ගෙනාවේ එයාමයි. ගෙදර කිව්වට hotel room එකෙ.. ආයේ ඉතින් මං මොකටද බෑ කියන්නෙ ?
මම යුන්ගි දිහාවට හැරෙන්න යද්දි ම එයා හිමීට මගේ අතින් අල්ලගත්තා, මම ගැස්සිලා ගියපු නිසා වෙන්නැති.
එයා මගේ දිහා බැලුවෙ නැහැ.
"කැත ඒකාගේ....." එයා හිමීට හිනාවෙවි කිව්වා.
ඒත් එයා අත අතෑරියේ නැහැ.
.
.
.
යන්තම් කොල්ලා පණ බේරගත්තා. නැත්තම් ඒ මිනිහත් මැරිල පස්සෙ සත්‍ය සිදුවීමක් ඇසුරින් කියල දැම්මනම් දත කට පූට්ටු වෙලා මොකක්හරි වෙනවා.
Film එක ඉවරවෙලා credits ඉවරවෙලා අර අන්තිමට දාන අජූත music එකත් ඉවරවෙලා බලද්දි තාමත් මගේ අතින් අල්ලගෙන එයාට නින්ද ගිහින් තිබුනා.
කොණ්ඩෙ අවුල් වෙලා පුංචිම පුංචි හිනාවක් එක්ක tv screen එකෙන් එන පොඩි එලියක් විතර වැටිල හිටියා වුනත් එයාගේ තිබුනේ මාරම පෙනුමක්, කොහොම විස්තර කලත් මට ඒක කියාගන්න අමාරුයි.
මම හිමීට මගේ අනිත් අතින් මූණට වැටිල තිබුන එයාගේ කොණ්ඩෙ පිටිපස්සට කලා.
Cute......
මම පුලුවන් තරම් හිමීට මගේ අත ගලවගත්තා.
එයා මොනවදෝ හිමීට කිව්වත් යාන්තම් ඇහැරුනේ නෑ.
මං නිකමට ෆෝන් එක අරන් බලද්දි ජෙනී ගෙන් missed call අටක් මැසේජ් තොගයක් විතර තිබ්බා. ඒ අහවල් එහෙකටද ? අනේ ඉතිම් මං වගේ ඉස්තරම් යාලුවෙක් ලග නැතිවෙද්දි කාටද පාලු නැතිව යන්නෙ ? පව් මගේ අහිංසක යෙහෙළිය...
මං මටම හිනාවෙවි මැසේජ් කියවන්න ගත්තා.
අහ්.........
British photographer කෙනෙක් එක්ක BTS SUGA ට Dating Scandel එකක් ගැන තිබුනු articles තොගයක් එයා එවලා තිබුනා. අඩුමතරමේ ඒ දෙන්නා එකට ඉන්න photoes තොගයක් share වෙලා තිබුනා. ඒ ගොඩාක් photoes වල ඒ කෙල්ලව පැහැදිලිව පෙනුනෙ නැතිවුනත් යුන්ගි ව අඳුරගන්න මහලොකු උත්සහයක් ඕනෙ නැහැ. ගොඩක්ම viral වෙලා තිබුනෙ wedding party එකෙ යුන්ගි හොදටම වෙරිවෙලා හිටපු ඒ photographer ව උස්සගෙන වගේ එක්කගෙන යන සහ ඒ දෙන්නා එකම වාහනෙන් පිට වෙන photoes. කොහොම නමුත් හරියට මුණ නොපෙනුනත් ඒ photographer ගේ නම ඔලීවියා වගේ එකක් කියලත් එක article එක නිකන් guess කරලා තිබුනා.
Bighit entertainment එකෙන් කිසිම දෙයක් confirm කරන කම් හැමෝම බලාගෙන ඉන්නවා වගේ එකක් තිබුනෙ.
හ්ම්ම්ම්.................
මං හෙමීට නැගිට්ටා.
යුන්ගි හරි අපූරුවට නිදාගෙන ඉන්න හැටි දැක්කම මට එයාව ඇහැරවන්න හිතුනෙ නැහැ.
ඒත් මේක එයාට ලොකු ප්‍රශ්නයක් වෙන්න යන එක නම් මට හොදටම විශ්වාස යි.
ඒ සමාජගත වෙලා තිබ්බ ගොඩාක්ම photoes වල යුන්ගි හිනාවෙවි මගේ දිහා බලාගෙන හිටියා.
මං දන්නවා , මං දන්නවා හරිනම් මං දැන නැට්ට ට ගිනි ඇවිලිලා වගේ කලබල වෙන්න ඕනෙ කියලා... මං ඇත්තටම ගොඩාක් කලබල වෙලා ඉන්නෙ මට මොකක්ද කරන්න ඕනෙ කියල හිතාගන්න බැරිනිසා ද කොහෙද මට මීටර් වුනෙ එයාගේ හිනාව .... මොංගල් කියන්නෙ ආයෙ ඉතින් හොදම එකෙන්..
මට වැඩි වෙලා හිටගෙන බකන්නිලාගෙන ඉන්න වුනෙ නැහැ.
Phone එක ring වෙන්න ගත්තා.
මේ මම බලාපොරොත්තු වුන කෝල් එක කියල මට හිතුනා.
"Hello මිස් ඔලීවියා ග්‍රේස් ? "
"අහ් ඔව්.... සර් ? "
"මං කතාකරන්න Bighit entertainment ආයතනය වෙනුවෙන් ..... "
"ආ..... "
"මේ තත්වෙ උඩ... දැනටමත් දන්නවා ඇතිනේ , මං හිතන්නෙ මිස් ආපහු මිස්ගේ රටට ගියොත් හොදයි නේද...... ? "