අවට සිසාරා පැතීරි තිබු නිහඬතාවය සියුම්ව නැගුණ වාද්‍ය හඬ නිසා මැකි යන්නට පටන් ගත්තා. සියුම් විණා නාදය සමඟ මුසු උන ගැඹුරැ නාද වලට සෙමින් සෙමින් චලනය වන රක්ත ඡායාව දෙස සොක්ජීන් දෑස් ආයා බලා සිටියා.
රංගාවාටයේ බිම්තුරැණු මත දිවෙන පා වල නම්‍ය බව මෙතකැයි විස්තර කර ගත නොහැකිව සොක්ජීන්ගෙ නෙත් වෙනතක යාමට පටන් ගත්තා.
රක්ත වරණයත් ස්වේත වර්ණයත් මුසු වී දිලෙන සේලයේ ඇති සුමුදු බව නිසා පෙනෙන සියුම් රේඛාවන් ඇගේ සිරැරේ හැඩය මනාව කියාපාන්නට උනා.
පහළ තැනක සිට ඉහළට ගිය සොක්ජීන්ගෙ දෙනෙත් ඒ හැඩය සඳහා නමක් දීමට තම මොළය වෙහෙස කලත් ඔහු ආසාර්ථක වුනා.
සේලය මතින් සිලි සිලියේ වැනෙන ආභරණවල දිස්න රේඛා සොක්ජින්ගේ දෑස්වලට නොනවත්වා සිදු කරන ප්‍රහාරයන් නිසා ඔහු අවසාන වශයෙන් වශියක පළමු තිගැස්මට ලක් වුනා.
රාත්‍රියේ ඝන කාල වර්ණයකින් ඔප දමා තිබු පළිඟු දෑස් අසල සොක්ජීන්ගෙ නෙත් කිදා බැස ගැනීමට පටන් ගත්තා.
ඒ පළිඟු දෑස්වල තිබුන දිස්නයත්... රක්ත සේලයේ වේගවත් චලනයත්...
ශ්වේත සේලයේ වු රිද්මයත්...
අවට සිසරා ගිනිදලු ලෑමක් සිදුකරන වග සොක්ජීන් හට පසක් වුනේ... ඔහුගේ මනස වටා දැල්වෙන සිසිල් ගිනි ජලාව නිසයි...
තමා ඉදිරියේ වන මායාවෙන් ගැලවීමට විටෙක සොක්ජීන් තැත් කලද.. ඔහු ඇතුළු මුලු පිරිසම වශියකට හසු ව ඇති බව ඔහුට නොතේරැනේ හිස ඔසවා හෝ.. දෑස් වෙනතකට ගැනීමෙහිලා ද ඔහු අසාර්ථක වුන නිසයි.
එකවරම ගිනිදලු නිවි ගිය වග සොක්ජීන් හට හැඟි ගියත් පළිඟු දෑස්වල තිබු කාන්තිය නිසා ඔහු මිරිඟුවක් පසුපස යන්නෙක්ම උනා.
කොපමණ දැයි නොදැන ගෙවු කාලය පුරා තිබු නිහඬ බව බිඳ ගැනිමට අධිරජු සමත් උනා.
" සෙම්පතිතුමනි.. නුඹ උදෙසා වු රංගනයෙන් දෑස් ඉවතට ගැනීමට නුඹ තවමත් අපොහොසත් ව ඇති හැඩයි..!! "
අධිරජුගේ හඬින් පියවි සිහියට පැමිණි සොක්ජීන් ඇසිපිය ගසා අධිරජු දෙස බැලුවා. අධිරජු උද්දාමයට පත් ව සිනහා සෙන විට සියල්ලෝම එයට එක්වුනා.
" සෙම්පති... මේ සාදයේ ගිනිසිලුව...
බෙක්ජේ හි රන් පළිඟුවයි....!!! "
අධිරජු ඇතුලු සියල්ලෝගේම වික්ෂිප්ත උද්දාමයට හේතුවන රන් පළිඟුව වෙතට සොක්ජීන් නැවතත් තම අවධානය යොමු කලා.
සාදයේ ගිනිසිලුව නිසැක වශයෙන්ම සාදය ගිනිබත් කල වග සොක්ජින්ට ඒ මොහොතේ සක්සුදක් සේ පැහැදිලි උනා.
______________________________________