හිරැ අවධිය සනිටුහන් වීමටත් පෙරම අවධි ව තද නිලකට හුරැ අහසේ විසිරි ඇති අකීකරැ වළා රටාවන් වෙත ගැඹුරැ දෑසක් යොමු වී සිටියා.
පැවති කොලහාලයෙන් පසු එළඹ තිබු නිහැඬියාව බිඳ දැමීමට උත්සුක වුයේ නොහික්මුණ විහඟුන් පමණක් වන විට තරැණයා සන්සුන්ව තම දෑස් වසා හොඳ හුස්මක් ලබා ගත්තා.
බෙක්ජේ ශිල්ලා රාජධානි මායිම දෙස තම දෑස් යොමා ගෙන සිටි තරැණයා තම අසු පිටට නැගුණා.
" දොක් මො.. මෙහි රැකවලට ඇවැසි පිරිස පමණක් රඳවා ඉතිරි සේනාව සමඟින් බෙක්ජේ මාළිගය වෙත පැමිණෙව... මා දැන් පිටත් වනු ඇත...! "
" එසේය.. සෙම්පතිතුමනි... "
අණදෙන නිළධාරි දොක් මො වෙත නියෝගය ලබා දුන් තරැණ සෙම්පතියා හීයක වේගයෙන් බෙක්ජේ ශිල්ලා මායිමෙන් ඉවතට ඇඳුනේ තම නිවහන වු බෙක්ජේ සුළඟ තව තවත් කපා හරිමින් ය.
හිමිදිරි උදෑසනටත් ප්‍රථම තම ගමන ඇරඹු තරැණයා හිරැ අවරට යාමට මත්තෙන් උන්ජින් වෙත පැමිණියේ එකඳු විවේකයක්වත් නොලබමිනි.
උන්ජින් මධ්‍යයේ අහස් කුස ඇල්ලීමට තැත් කරන බෙක්ජේ මාළිඟ දොරටු ගොඩනැගිලි දෙස මදක් බලා සිටි තරැණයා අසු පිටින් බැස මාළිඟයේ ප්‍රධාන ද්වාර වෙත ඇවිද ගියා.
" සෙ...සෙම්පතිතුමා..... පැමිණලා... වහා ද්වාර විවර කරනු....!!! "
දොරටු රැකවලෙහි උන් සෙබලුන් කෑ ගසන විට සිහින් ශබ්දයක් සමඟින් විවර වුන ද්වාර නිසා නිරාවරණය වු බෙක්ජේ මාළිගය වෙත සෙම්පති තම පියවර නැගුවා.
ඔහුගේ පියවරක් පියවරක් පාසා මාළිගයේ උන් සියල්ලොගේම අවධානය ඔහු වෙත යොමු වන විට තරැණ සෙම්පතියා සැහැල්ලුවෙන් උවවත් ගාම්භීර ලෙසින් මාළිගය වෙත ගියා.
" අධිරාජයාණනි... බෙක්ජේ සෙම්පති මෙහි පැමිණ ඇත.....! "
රාජමන්ත්‍රණ ශාලාවේ ද්වාර විවර වනවාත් සමඟම අධිරජු ඉදිරියට පැමිණි සෙම්පති තම දණ නවා අධිරජුට ආචාර කලේ අධිරජු ආඩම්බර ලෙස සිනාසෙන විටයි.
" සෙම්පති....... "
" අධිරාජයාණනි... ශිල්ලාව සමඟ පැවති යුධය සමථයකට පත් වුන හෙයින් අපගේ බෙක්ජේ සීමාව දැන් ස්ථාවරයි.."
" ඒ නුඹේ දස්කම් නිසයි.. සෙම්පති... වහා නැගිටව... නූඹ බෙක්ජේහි රිදී පළිහයි.. නුඹ නුඹේ පියාණන්ගේ ගෞරවය මෙන්ම බෙක්ජේහි ශක්තියයි.. කිම් සොක්ජීන්.....! "
" ප්‍රශංසාවට කෘතඥ වනවා අධිරජුනි.. "
" මඳ විවේකයක් ලබාගනු සෙම්පති... රාත්‍රි සාදය.. නුඹ වෙනුවෙන්... ඝෝශා වනු ඇත...! "
අධිරජුගේ නියෝගය හමුවේ මන්ත්‍රණ සභාවෙන් පිට වු සොක්ජින් සේවිකාවන් ඔස්සේ තමා සඳහා වෙන් කල කුටිය වෙත ගියා. විවේකයෙන් පසු ඔහු නැවත ප්‍රධාන මාළිගය වෙත ඇවිද යන විට චන්ද්‍රයා මෝදු වෙමින් පැවතුනා.
සොක්ජින් වටා වන සේවිකාවන් රහසින් උකුලු මුකුළුකම් පාන විට ඔහු මඳ සිනහවක් මුවඟ රඳවා ගත්තද ඉදිරිය බලාම පියවර තබන්නට වුයේ ඔහුගේ සාමාන්‍ය හැසීරිමෙන්මයි.
සෙම්පති කිම් සොක්ජීන් බෙක්ජි හි රීදී පළිහ මෙන්ම කඩවසම්ම දේහදාරියෙක් වීම තරැණියන්ගේ සුසුම් අවහිර කිරීමට සමත් කාරණයක් වුනා.
අලංකෘතව සරසා තිබු ප්‍රධාන මාළිගයේ අධිරජුගේ සිහාසනයට ආසන්නයේම වු තම අසුන සොයා ගත් සොක්ජින් එහි යාමට සැරසුන ද එකවරම ඔහුගේ මුව මතට පැමිණි රක්ත සේලය නිසා ඔහුගේ මඟ අවහිර උනා.
" සමාවන්න......... "
සොක්ජින් තම මුවෙහි වු රක්ත සේලය ඉවතට ගත්තද තම දෑස් විවර කිරීම මදක් ප්‍රමාද උනේ හදිසි තිගැස්ම නිසයි. ඒ අතර ඇසුන සිහින් තියුණු හඬ නිසා ඔහු දෑස් විවර කලත් ඔහු ඉදිරියේ කිසිවෙකු නොසිටි අතර රක්ත සේලය ද අතුරැදහන් ව තිබුනා.
දෑස් පිටතට යොමු කරන විට මාළිඟයට ඉදිරි සැරසිලි රංගාවාට කොනෙහි රක්ත සේලයේ කොනක් නොපෙණි යන විට සොක්ජීන් එය පසෙකලා තම ආසනය වෙත ගියා.
" අධිරජු සම්ප්‍රාප්ත වනු ඇත.........!!! "
අධිරජුගේ පැමිණිමෙන් සාදය ආරම්භය කෙරැන අතර සොක්ජින් ආයාසයෙන් අලසකම මැඩපවත්වාගනිමින් සිනාසෙන්නට තැත්කලා.
" සෙම්පති....... මේ අංගය නුඹ උදේසාමයි... "
අධිරජු පවසන විට උත්සව මාළිඟයේ ආලෝක පහන් නිවාදැමුණ අතර රංගාවාටයේ වු දීප්තිය මෙන්ම සඳ කිරණත් එහි එක් වීම නිසා සියලු දෙනාගේම අවධානය එතැනට ලැබුනා.
සොක්ජින් ද තම අවධානය රංගාවාටය වෙත යොමු කරන විට ඔහුට දක්නට ලැබුනේ ඔහුගේ මඟ අවහිර කල ,
කඩාහැලෙන දිගු රක්ත සේලයත්...
එයට උරැමකම් කියන්නියත්...
______________________________________
මේක චුටි එකක් ඉතින්.. 🙂
මට ලියන විදිය අමතක වෙලාද මන්දා..