Ghost Prince 💖 ✔️

By QueenKavi7

3.7K 680 349

My second story 🙂💖 Top : Joon Bottom : Jin Mature Content More

1 st chapter 💖
2 nd chapter 💖
3 rd chapter 💖
4 th chapter 💖
5 th chapter 💖
7 th chapter 💖
8 th chapter 💖
9 th chapter 💖
10 th chapter 💖
11 th chapter 💖
12 th chapter 💖
13 th chapter 💖
14 th chapter 💖
15 th chapter 💖
16 the end 💖

6 th chapter 💖

218 42 22
By QueenKavi7

" කොහෙද අප්පා යන්නෙ "

තමාන්ට වඩා අඩි ගානක් ඉස්සරහින් යන ජින්ට ජූන් කිට්ටු වුනා.

" හරි මෙතන තමා ඔයාගෙ ගිෆ්ට් එක තියෙන්නෙ "

රතු තිරයකින් වහලා තියන පළලින් අඩු උස දොරක් ළග ජින් නැවතිලා ජූන් පැත්තට හැරුනා.

" ම්ම්ම්.....යං "

" නැ නැ ඔහොම ඉන්න "

" ඇයි ? "

තිර රෙද්දත් පැත්තකට කරගෙන කාමරේට යන්න හදපු ජූන්ව ජින් අත් දෙකෙන් ම අල්ලලා පැත්තකට කළා.

" මගෙ ගිෆ්ට් එක ඔයාට දුන්නට පස්සෙ මටත් ඔයාගෙන් දෙයක් ඕනි "

" තෑග්ගට තෑග්ගක් "

" නැ අනෙ "

" එහෙනං "

" අර ඔයාගෙ රෝද සපත්තු තියෙන්නෙ......."

" ඕ......."

" ඔයා ඒක පදිනවා මං දවසක් දැක්කා, මාවත් ඒ වගෙ පද්දන්න "

" අහ්...... අපෝ ඕකද හා.......හා "

" හරි එන්න....... දැං යං "

ජින් ජූන්ගෙ අතකින් අල්ලං කාමරේ ඇතුලට යද්දි ඒක අතුලෙ තිබුනෙ සුදු රෙද්දකින් වහපු ගොඩක් ලොකුයි කියලා හිතන්න පුලුවං දෙයක්.

" මොකක්ද මේ "

" ඔයාගෙ ගිෆ්ට් එක....... බලන්න "

" ඕ...... හරි "

ජින් තමාට දුන්න තෑග්ග ලගට කිට්ටු වුන ජූන් ඒක වැහිලා තිබුන සුදු රෙද්ද ඇදලා විසි කරේ ජින්ගෙ තෑග්ග බලන්න ආසාවෙන්.

" වාව්....... ජිනි.......ටේලස්කෝප් එකක් "

" ඔයා ඒකට ආසද ජූන් "

ටේලස්කෝප් එකත් අල්ල අල්ල ඇසුත් ලොකු කරගෙන ඒක වටෙ ඇවිදින ජූන්ගෙන් ජින් ඇහුවෙ එයාගෙ අත් දෙකෙන් ම කම්මුල් දෙක තද කරගෙන හුරතල් විදිහට.

" ඔව් ඇත්තටම ජිනී....... මං ගොඩක් ආසයි මෙ ගිෆ්ට් එකට......... ඔයා තමයි මට හොදම ගිෆ්ට් එක දුන්නෙ "

ජින් ලැජ්ජාවෙන් බිම බලා ගනිද්දි ජූන් ගිහින් ජින්ව වැලද ගත්තෙ හදවතේ උතුරන ලොකු ආදරේකින්. ජිනුත් ජූන්ගෙ ඉන වටේ අත් යවලා ඒ උණුහුම විදගෙන ඉද්දි ටික වෙලාවකින් ජින්ගෙ තුරුලෙ හිටපු ජූන් ජින්ගෙන ඈත් වෙලා ටෙලස්කෝප් එකත් අරං කාමරෙ ජැනේලෙ ලගට ගියා.

" වාව් මේක ශෝක් ජිනී "

ජූන් ටේලස්කෝප් එකට එක ඇහැක් තියන ගමන් තමාගෙ පිටිපස්සෙන් හිටපු ජින්ට අතින් සන් කලා.

" ඔයත් බලන්න. "

" හ්ම්ම්ම්........."

ජිනුත් ටෙලස්කෝප් එක අත් දෙකෙන් ම අල්ලගෙන එක ඇහැක් පියාගෙන අනිත් ඇහෙන් බලද්දි ජින්ගෙ තොල්වල ඇදුනු ලස්සන හිනාව දිහා ජූන් බලං හිටියා.

" ජිනී......."

ටෙලස්කෝප් එකේ ගිලිලා හිටිය ජින්ව ජූන් මේ ලෝකෙට ගත්තෙ තමන්ගෙ ගැඹුරු කට හඩ අවදි කරලා.

" ම්ම්........ජූනි "

" ඔයාට කොහෙන් ද මේක "

" අහ්හ් මේක මගෙ තාත්තට වෙන රටක රජ කෙනෙක් දුන්න ගිෆ්ට් එකක් "

" කාගෙන් ද "

" ම්........ම්.......මතක නැ ජූන් "

" අපෝ මගෙ භූත පැටියා "

ආයෙත් ටෙලස්කෝප් එකට එබුන ජින්ව බැක් හග් කරපු ජූන් ජින්ගෙ උරහිසින් ඔළුව තියාගත්තා.

" ඉ.....ඉතිං......අ.....අනෙ දැං කොච්චර කල්ද "

ජින්ගෙ වචන පැටලෙන්න ගත්තෙ ජූන් තමාව හග් එකකට නතු කරගෙන ඉද්දි ඒ නිසා දැනෙන අමුතු හැගීම යටපත් කරගන්න උත්සහ කරන ගමන්.

ජින් වගේ ම ජූනුත් රූම් එකේ ජනේලෙන් එළිය බලං ඉන්න විදිහට දකින කෙනෙක්ට හිතෙන්නෙ ඒ දෙන්නා ලස්සන කපල් එකක් කියලා. ඒ දෙන්න ම දෙන්නට දෙන්නා ගාව අමුතු නමක් හිතාගන්න බැරි හැගීම හංගන් හිටියෙ හිත් පිරිසිදු වුනත් ලෝක දෙකක දෙන්නෙක්ට එකතුවෙන එක කරන්න බැරි දෙයක් නිසා වෙන්න ඇති. ඒත් ඇත්ත ආදරේකට කරන්න බැරි දෙයක් නැ.

" ජිනී....... ඔයා රජ කාලෙ කෙනෙක් වෙලත්...... කොහොම ද ඔච්චර හොදට දැං තියන ලැංවේජ් එක කතා කරන්නෙ "

තමන්ට තිබුන ලොකු ම ප්‍රශ්නෙ ජූන් ඇහුවෙ ජින් එක්ක ම ඒ රූම් එකෙන් එළියට එන ගමන්.

" අහ්..... ඒක මෙහෙමයි "

" කාලෙන් කාලෙට මෙහෙට කට්ටිය නිවාඩුවට එනවනෙ "

" ඔ......"

ජූන් ජින් දිහා බැලුවෙ ජින්ගෙ අතත් අල්ලගෙන දෙපැත්තට පද්දන ගමන්.

" එයාල කතා කරනවා ඇහෙද්දි නිකං ම පුරුදු වුනා "

" අහ්........ එතකොට ඒ අයත් එක්කත් ඔ......ඔයා මෙහෙම හිටියද "

" මෙහෙම ඉන්නත් එයාලට මාව පේන්න එපැයි "

" වට්........ එතකොට ඔයාව පෙවුන එක ම කෙනා මමද ? "

" හ්ම්.... ඔව් මටත් පුදුමයි "

ජින් උරහිස් හැකිලුවෙ කටත් ඇද කරගෙන ඔළුවත් ඇල කරන ගමන්.

_____________________

" සෑම් ඉතිං......... ඔයා මොකද කියන්නෙ....... මගේ නූනා ලොකු වත්කමක් තියන කෙනෙක්........ "

" මං හිතලා බලන්න ඕනි......ජහ්වා "

කාස්ලෙ එකේ ගාඩ්න් එකේ සෑම් වගේ ම ජහ්වත් ලොකු කතාවක නියැලිලා හිටියා.

" එක්ස්‍යූස් මී...... සර්......."

ජූස් ග්ලාස් දෙකත් අරගෙන ගාඩ්න් එකට ආපු මේඩ් කෙනෙක් සෑම්ටත් ජහ්වටත් ජූස් වීදුරු සහිත ට්‍රේ එක දිගු කලේ ඔළුව නවාගෙන.

" තැංක්‍යූ "

සෑම් ජූස් ග්ලාස් එකත් අරගෙන එතන ම තිබුන බංකුවකින් වාඩි වුනෙ බංකුවට තට්ටු කරමින් ජ්හ්වා දිහා බලලා තමා ළගින් වාඩි වෙන්නැයි අතින් සන් කරමින්.

ජහ්වත් ගිහිං බංකුවෙන් වාඩි වුනාට පස්සෙ සෑම් හඩ අවදි කළා.

" මං දැං අවුරුදු 20 ක් විතර වෙනවා මේ කාසල් එක අරං....... අදටත් මං ගත්ත විදිහට ම එක ගල් කැටයක්වත් එහාට මෙහාට නොකර මං මේ කාස්ල් එක බලාගත්තෙ....... මේක පිටින් බලද්දි පේන පෞරාණික ගතිය ගුප්ත ගතිය නැති කරන්න අකමැති නිසා. "

ජහ්වත් ආපස්ස හැරිලා කාසල් එක දිහා බැලුවෙ ඒකෙ පේන තේජාන්විත් බව රස විදින්න.

ඉතිහාසයට ආදරේ කරන, පෞරාණික දේවලට ඇබ්බැහි වුන කෙනෙක්ට මේ කාස්ල් එකෙන් ඇස් අහකට ගන්න බැරි තරම්. එච්චර ම ගුප්තයි, එච්චර ම පෞරාණිකයි. කලු ගලින් ම බැදලා තිබුන කාස්ල් එක ඒ විශාල ඉඩම මැද්දෙ නැගී හිටියෙ මහ ආඩම්බරයක් දරාගෙන බ්‍රිගේනියර් රජුගෙ ගෞරවාන්විත බව කියාපාමින්.

" මං මේක මේ විදිහට ම බලාගන්නවා....... පොරොන්දු වෙනවා සෑම්....."

ජහ්වා සෑම්ගෙ දෑත් මත දෑත් තිබ්බෙ සෑම් වෙත හැරිලා විශ්වාස කරන මෙන් මූණෙ ඉරියව් වෙනස් කරගන්න ගමන්.



______________________


🌸가위🌸

Continue Reading

You'll Also Like

294K 50.4K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
2.1K 376 12
Namjin ff male pregnancy top namjoon bottam jin Sub ship:sope Vminkook Start date: 25/05/2023 End date:26/07/2023
1.1M 77.5K 28
မင်း ငါ့လက်ကို တွဲပြီး ကောင်းတဲ့လမ်းကို ပြန်မလျှောက်နိုင်တော့ဘူးဆိုရင် ငါ မင်းလက်ကို ဆွဲပြီး အမှောင်လမ်းထဲ တူတူ လိုက်လျှောက်ပေးမယ်။ မင္း ငါ့လက္ကို တြ...
862K 90.6K 148
Start date ... September 17 .2021 End date .....July 30.2023 System ဆိုတာ စိတ်ကူးယဉ်ကမ္ဘာတဲ့ သူကပြောတယ် ငါ့အတွက်တော့ သူက ကြောက်စရာကောင်းတဲ့ Viciou...