Ghost Prince 💖 ✔️

By QueenKavi7

3.9K 710 349

My second story 🙂💖 Top : Joon Bottom : Jin Mature Content More

1 st chapter 💖
2 nd chapter 💖
3 rd chapter 💖
4 th chapter 💖
6 th chapter 💖
7 th chapter 💖
8 th chapter 💖
9 th chapter 💖
10 th chapter 💖
11 th chapter 💖
12 th chapter 💖
13 th chapter 💖
14 th chapter 💖
15 th chapter 💖
16 the end 💖

5 th chapter 💖

237 49 19
By QueenKavi7

"පුතා"

" ඕ.......ඔම්මා......එනවා"

ජින අතුරුදන් වෙනකල් හිටිය නම්ජුන් සෙක්‍යොන්ගෙ දෙවන ඇමතුමත් එක්ක ගිහින් කාමරේ දොර ඇරියා. කාමරෙ ඇතුළට ඔළුව දාලා මුළු කාමරේ ම ඇස් යැව්ව සෙක්‍යොන් නම්ජුන්ගෙ උඩ ඉදන් පහලටත් පහල ඉදන් උඩටත් ඇස් යැව්වෙ අමුතු මූණක් මවාගෙන.

නම්ජුන් දොරත් අල්ලං විමසිල්ලෙන් තමං දිහා බලන අම්මට හෙලුවෙ ප්‍රශ්නාර්ථ බැල්මක්.

" මොනාද බලන්නෙ ? "

නම්ජුන් තමන්ගෙ කාමරේට ඇස් යැව්වා.

" ඔයා කා එක්ක හරි කතා කර කර ද හිටියෙ පුතා ?"

" ආහ්.....න්....නැ......අම්මා.....ක.......කවුරුත් නැ ඇයි ? "

" අහ්.......නැ මට ඇහුනෙ ඔයා කා එක්ක හරි කතා කරනවා වගෙ.......ඒකයි......."

" එතකොට අම්මා මගෙ දොරට කන තියං හිටියද ? "

නම්ජුන් අත් දෙකත් ඉනේ තියං ඔලුව ඇල කරේ සෙක්‍යොන් බෙල්ලත් අත ගගා නම්ජුන් දිහා බලද්දි.

" පුතා......කන්න එන්න........එහෙනං මං ගියා....."

කතාව මග ඇරලා හිමීට ලිස්සලා යන තමංගෙ අම්මා දිහා නම්ජුන් බැලුවෙ ' මෙයා මගෙ අම්මාම ද කියලා හිතන ගමං '

------------------

පියවිලා තිබුන ඇස්වලට දැනුන දැඩි ආලෝකයත් එක්ක නම්ජුන් හෙමින් හෙමින් ඇස් ඇරියෙ ඒ අලෝකයට ඇස් හුරු කර ගන්න ගමන්.

" හැපි බර්ත්දේ ටූ යූ
හැපි බර්ත්දේ ටූ යූ
හැපි බර්ත්දේ ඩියර් ජූන්
හැපි බර්ත්දේ ටූ යූ "

සෙක්‍යොන් වගේ න නම්ජුන්ගෙ මාමා වුන ජහ්වාත්, සෑමුත්, කාස්ල් එකේ මේඩ්ලා කිහිප දෙනෙකුත් ලස්සනට සරසලා අංකවලින් 24 කියලා ගහපු කේක් එකකුත් අරං නම්ජුන්ගෙ කාමරේට ආවෙ නම්ජුන් ඇදේ ඉදගෙන පුදුම වෙලා වගේ ඇසුත් පොඩි කර කර බලාගෙන ඉද්දි.

" සුබ උපන් දිනයක් මගෙ ඩිම්පල් කොල්ලො "

" හැපි බර්ත්දේ නම්ජුනා "

" හැපි බර්ත්දේ නම්ජුන් පුතා "

හැමො ම නම්ජුන්ට විශ් කරද්දි නම්ජුන් එයාගෙ ඩිම්පල් හිනාවෙන් හැමොට ම සංග්‍රහ කලේ ස්තූතියි පූර්වකව.

" හරි හරි අපි කේක් එක කපමු. "

මෙඩ් කෙනෙක්ගෙ අතේ හිබුන නිල්පාට රිබන් එකක් ඔතලා තිබුන පොඩි පිහිය නම්ජුන්ගෙ අතේ තිබ්බා.

නම්ජුන් පිහිය අරගෙන කේක් එක කපලා හැමෝට ම කවද්දි අනිත් අයත් නම්ජුන් කවන කවන කේක් කෑල්ල ගානට නම්ජුන්ගෙ මූණෙ අයිසිං තැවරුවෙ නම්ජුන් තවමත් හිනාවකින් මූණ පුරවං ඉද්දි.

කොහොම වුනත් නම්ජුන්ගෙ හිතෙ පුන පුනා කිව්ව එක දෙයක් තිබුනා.
' ජිනී ඔයත් හිටිය නම් '

" පුතා ඔයා වොශ් කරලා එන්න. ඔයාට අපෙන් ගිෆ්ට් තියනවා. "

සෙක්‍යොන් කිව්වෙ නම්ජුන්ගෙ ඔලුව අතගාන ගමන්.

" හරි ඔම්මා මං එන්නම් "

නම්ජුන් යාන්තමට ඔළුව වැනුවෙ තමා එන බව අගවන්න වගේ.

_____________________

" අනෙ අපේ කොල්ලා අද හරි හොට් නෙ නූනා......... බලන්නකො........ "

" මගෙ කොල්ලා කොහොම ඇන්දත් හොට් තමා......"

සෙක්‍යොනුයි ජහ්වායි එක එක ඒවා කියවද්දි නම්ජුන් හැමො ම හිටිය ඒ රූම් එකේ දිග මේසේ ඉස්සරහ ම තියන පුටුවෙ තමන්ගෙ අම්මටයි , අජුස්සිටයි මැදි වෙලා වාඩි වුනා.

කලු ගලින් ම නිම කරලා තිබුන ඒ රූමෙ එකේ හතර පැත්තෙ බිත්තිවල පින්තූර හතරක් එල්ලලා තිබුනා. පෙනුමෙන් කිසිම රසයක් නොපෙනුනත් නිර්මානාත්මක ඇහැකින් බලන ඕනම කෙනෙක්ට ඒවා පුදුමාකර තරම් ලස්සනට පේන්න තිබුනා. මේ වෙලාවෙ සෙක්‍යොන් එයා ලගින් තියං හිටිය තමා ගත්ත ගිෆ්ට් එක නම්ජුන්ට දුන්නා.

" හැපි බර්ත්දේ පුතා........"

සෙක්‍යොන් ඉදං හිටිය පුටුවෙන් නැගිටලා බර හාදුවක් නම්ජුන්ගෙ නලලින් තිබ්බෙ උතුරා යන සෙනෙහසකින්. නම්ජුනුත් ඒ උණුසුමට ඇස් පියා ගත්තෙ තමන්ගෙ අම්මගෙන් ලැබුන හාදුව සංසුන්ව රසවිදින්න.

" තැංක්‍යූ අම්මා......"

නම්ජුන් ඒ තෑග්ග හිමින් ලිහලා ඒකෙ ඇතුලෙ තිබුන ඩ්‍රීම් කැචර් එක එලියට ගත්තා. සෙක්‍යොන් දැනං හිටියා නම්ජුන්ගෙ ආසම තෑග්ගක් තමා ඩ්‍රීම් කැචර් කියලා. නිල්පාට පිහාටු එල්ලුන ඒකෙ මැද කලු පාටින් හදපු ලස්සන කපල් එකක් හුලගෙ තාලෙට කැරකි කැරකි හිටියා. නම්ජුන්ගෙ මූණෙ ඇදුනෙ ලස්සන හිනාවක්.

" මේ තියෙන්නෙ නම්ජුන්ට මගෙන් ලැබෙන ගිෆ්ට් එක "

ඒ එක්ක ම නම්ජුන් ලගට ආපු සෑම් තරමක් ලොකු පැතලි පෙට්ටියක් නම්ජුන් ඉස්සරහින් තිබ්බා.

" තැංක් යූ අංකල් "

" බලන්න බලන්න "

සෑම් ඇස්වලින් තමා දීපු ගිෆ්ට් එක අරින්න නම්ජුන්ට ඉගි කලා. ගිෆ්ට් එක ලිහනවාත් එක්ක ම නම්ජුන්ට දැනුනු හුරු පුරුදු සුවද ජූන්ව මොහොතක් එයාගෙ උපන් රටට ගෙනිච්චා.

" වට්........රයිස් කේක්........අංකල් "

නම්ජුන් ඇස් ලොකු කරගෙන සෑම් දිහා බැලුවෙ කැනඩාවල කොහෙද රයිස් කේක් කියලා හිතන ගමන්.

" ඔයාගෙ අම්මගෙන් අහගත්තා...... ඔයා ආස මොනාට ද කියලා...... පස්සෙ රෙසිපි එක හොයා ගත්තා. හැදුවා........... හොද ද කියන්න නං දන්නැ........ "

සෑම් ඇගට පතට නොදැනි කියාගෙන ගියේ නම්ජුන් පුදුම වෙලා සෑම් දිහා බලාගෙන ඉද්දි.

" තැන්ක් යූ අංකල් ගොඩක්........ ගොඩක්......... ගොඩක්............ තැන්ක් යූ "

නම්ජුන් රයිස් කේක් එකක් කටේ ඔබා ගද්දි ජහ්වාත් එයාගෙ ගිෆ්ට් එක නම්ජුන් ඉස්සරහින් තිබ්බා. ඒකත් ඇරිය නම්ජුන් මූණ ඇඹුල් කරං ජ්හ්වා දිහා බැලුවෙ ' වෙන තෑග්ගක් තිබ්බෙම නැද්ද අම්මප ' කියල හිතන ගමං

" මොකක්ද අජුස්සි ඔයාට මාව පොඩි එකෙක් වගේ ද පේන්නෙ."

" ඔයා රෝද සපත්තුවලට ආසයි නෙ....... ඔයා ලොකු වුනාට ඔයාට ගමන් යන්න ලේසි ඕකෙන් "

පෙට්ටියෙන් එළියට ගත්ත රොද සපත්තු දිහා බලපු නම්ජුන් ආයෙත් ජහ්වා දිහා බැලුවා.

" ගිය අවුරුද්දෙ දුන්න එකත් තියනවා තාම "

" පුදුමයි......කමක් නෑ........ ඒක ගෙවිලා ඇති......"

" යාහ්.........අජුස්සි, ගෙවෙන්න......... මං ඒක ඔෆිස් දාං යනවා කියලා හිතුවද ? "

" හරි හරි දැං අපි වැඩේ පටං ගමුද ? "

ජහ්වගෙයි නම්ජුන්ගෙයි කතාව නවත්තන්න හිතාගෙන සෙක්‍යොන් මැද්දෙන් කතා කලා.

" ඒ ගමන මොකක්ද ? "

නම්ජුන් මූණ අකුල ගන්න ගමන් සෙක්‍යොන් පැත්තට හැරුනා.

" ඔයාගෙ අජුස්සි අනාවැකියක් කියනවා....."

" මොකක් ?"

" ඔව් "

ජහ්වා පපුව ඉස්සරහින් අත් බැද ගත්තෙ ආඩම්බරෙන්.

" හරි හරි කියන්න "

" හරි එහෙනම් පටන් ගමු "

මේසෙ මැද තිබුන වීදුරු බෝලෙ අතට ගත්ත ජ්හ්වා සියලු දෙනා දිහා බලලා ඇස් පියාගෙන කාටවත් නෑහෙන්න මතුරන්න ගත්තෙ සියලු දෙනාට ම තමා මතුරනවා කියලා පේන්න තොල්පටි හොලවන ගමන්.

" ඕම්........ඕම්.........ඕම්ම් "

තමා අතේ තියන වීදුරු බෝලෙ ඉහලටත් පහලටත් ගමන් කරවන ගමන් ජහ්වා තම හඩ වැඩි කලා.

" ඕඔ.....මට පේන්වා......නැ......නැ......නම්ජුන් තනිකඩයි මෙහෙන් යද්දිත්........"

ඔවුන් වට වෙලා ඉදං හිටිය මේසෙ ටික ටික හෙලවෙන්න ගත්තා. ඒ අතර බිත්තිවල තිබුන පින්තූරත් වෙව්ලන්න ගත්තා. නම්ජුන් මේ දිහා බලං හිටියෙ අත් දෙකත් කම්මුලෙ තියං හිස් බැල්මෙන්. ඒත් සෙක්‍යොන් නං අත් දෙකත් එකතු කරං ඇස් වහගෙන හිටියෙ යමක් මතුරන ගමන්.

මද වෙලාවකින් නම්ජුන් එතනින් නැගිටලා සෑම්වත් එක්කං ගියේ අක්කවයි මල්ලිවයි එතන තනි කරලා.

------------------

" ජූනි "

නම්ජුන් එයාගෙ රූම් එකේ දොර ඇරගෙන රූම් එකට යද්දි ම ජින් ඇවිත් අත් දෙකෙන් ම නම්ජුන්ගෙ වැලමිට හරියෙන් අල්ලගෙන අතේ එල්ලුනත් එයාට ජූන්ගෙ අත අල්ලන්න බැරි තරම්. ජින් ආපු කාරනෙ පැත්තක තියලා ජින්ගෙ ඉස්සරහින් හිටගත්තා.

ජූන්ගෙ ආර්ම් කට් ස්කිනි එකට කැපිලා පේන ඇබ්ස්, අත්වල් පිරිලා තියන මස්ල්ස්, යකඩ වගෙ ශක්තිමත් කකුල්, ඒ මහතට හරියන උස.......... ජින්ට හිතුනෙ තමං ඉස්සරහ හිටං ඉන්නෙ මේ ලෝකෙ කඩවසම් ම පිරිමියා කියලා. ජින්ට ඇස් අහකට ගන්න බැරි තරම්.........

ජූන් බලං හිටියෙ තමංගෙ ඇග පුරා දුවන ජින්ගෙ සූක්ශම ඇස් දිහා. ජූන් ජින්ගෙ ඇස් තමා මත නතර වෙලා තියෙද්දි ම එයා ඇදං හිටපු ස්කිනි එක ගලවලා විසික් කලා. ඒ එක්ක ම ජින් බැලුවෙ තමං දිහා කට කොනක සෙල්ලක්කාර හිනාවක් තියං බලං ඉන්න ජූන් දිහා.

ජූන් කෙටි අඩි තියන ගමන් ජින් ලගට ලං වෙද්දි ජින් ඉන්න තැන ම හිටගෙන හිටියෙ ජූන්ගෙ උණුසුම විදින්න ආසාවෙ. ජූන් තමාට ලං වුනත් එක්ක ම ජූන්ගෙ ගෙල වටේ අත් පටල ගත්ත ජින් ඒ වේගෙන් ගැහෙන පපුවෙ හිස තිබ්බෙ ජූන් පුදුමෙන් ජින් දිහා බලද්දි.

" ජිනී "

ඇස් පියාගෙන තමංගෙ උණුසුම විදින ජින්ගෙ සිහින් ඉන වටේ අත් යැව්ව ජූන්ගෙ හිතට ආවෙ ඒ හැන්බොක් එකට වැහිලා තියන ජින්ගෙ සිහින් ඉණ අල්ලන්න තරං ආසාවක්.

" ම්ම්ම්ම් "

" මොකද මේ ? "

" ම්ම්ම්ම් "

" මොකද මේ කියලා ඇහුවෙ ? "

ඒ ක්ශනික ඇස් ඇරිය ජින් ජූන්ගෙ පපුවෙන් ඈත් වෙලා බිම බලාගෙන වචන එකතු කරේ තමං ගැන ම උපන් ලැජ්ජාවට.

" ආහ්ම්...... ජූන්.....ඔ....ඔයාගෙ.....බර්ත්දේ එකට.......ම ......මගෙන් ....... ගිෆ්ට් එකක් තියනවා.......... එන්නකො "

" ජිනී "

ජූන් මුකුත් කියන්නත් කලින් රූම් එකේ දොරෙන් පිට වෙලා යන ජින් දිහා ජුන් පිටුපස හැරිලා බලං හිටියෙ ජින් ඔළුව තියාගත්ත වේගෙන් ගැහෙන තමන්ගෙ හදවතට අත තද කර ගන්න ගමන්.






___________________________

🌸가위🌸

Continue Reading

You'll Also Like

592 160 48
අැයි උඹට තේරෙන්නෙ නැත්තෙ සමුද්‍ර... මම උඹ හිතනවා වගේ කිරි සුදු පාට පුළුන් මේඝයක් නෙවෙයි කියලා...
867 146 5
පාරෙ ඉන්න බීපු මිනිස්සුන්ව වාහනෙට නග්ගගත්තට මට හොඳ වැඩේ. -කුක්-
1.1M 77.9K 28
မင်း ငါ့လက်ကို တွဲပြီး ကောင်းတဲ့လမ်းကို ပြန်မလျှောက်နိုင်တော့ဘူးဆိုရင် ငါ မင်းလက်ကို ဆွဲပြီး အမှောင်လမ်းထဲ တူတူ လိုက်လျှောက်ပေးမယ်။ မင္း ငါ့လက္ကို တြ...
582K 49.3K 21
Kookv yaoi fanfiction Language - Myanmar (unicode+zawgyi) Topkook/Vottom Started Date ~ August 11 , 2019 Ended Date ~ October 23 , 2019 Sorry if so...