One Night Love At London ( C...

By aurora-030

9.7K 2K 399

ලන්ඩන් තේම්ස් වලින් හමාගෙන ආපු සීතල සුලඟ ත් එක්ක හිතුවේ නැති විදිහට මුණ ගැහුනු අමුතුම හමුවීමක්... කැමරාවක් ම... More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
chapter 14
Chapter 15
Chapter 16
Chapter 18
Final Chapter

Chapter 17

408 100 31
By aurora-030


මගේ ඔලුව ට හයේ හතරේ පොල්ලකින් තඩි බාලා වගේ රිදෙන්න ගත්ත හින්දම ද කොහෙද මගේ ඇස් ඇරුනා.

තව ටිකෙන් කට දෙපැත්තෙන් ඉරිල යන ගානට බෙරිහන් තියලා කෑගහන්න හදලාත් මං අමාරුවෙන් මාව පාලනය කරගත්තා.

පැත්තට හැරිලා හිටපු මම කාටදෝ හරිම අපූරුවට තුරුලු වෙලා හිටියේ... , ඒ කෙනාගේ අත් මගේ වටේට එතිල තිබුනා.

මට හුස්ම ගන්න අමාරු වෙන තරමටම අපි ගොඩාක් ලගින් හිටියේ හරියටම දශම ගානක් ඈතින් , මම ගැස්සිලා ගිය පාරට එයා චුට්ටක් ඈත් වුණා. ඒත් මාව අතෑරියේ නැහැ.

යුන්ගි ගේ කොණ්ඩෙ අවුල් වෙලා එයාගේ මූණට වැටිල ටිකක් මහන්සියෙන් වගේ හිටියත් එයාගේ පෙනුමේ කිසිම අඩුවක් තිබුනේ නැහැ.

වාව් ! Sleeping beauty ගේ දුරින් නැදෑ වෙනවද කොහෙද ... එයා තාමත් හරිම අපූරුවට නිදාගෙන හිටියා.

නෑ නෑ මේක තනිකරම හීනයක්....හීනයක් විතරයි... මම ඇස් දෙක ආපහු වහගත්තා. මම ආපහු නැගිටිද්දි සාමාන්‍ය විදිහට තනියම ගෝතයා වගේ අත පය හතර අතේ තියෙන මගේ සුපුරුදු නින්දෙන් නැගිටින විදිහට මම ඉදිවි.. ඔව් මේක හීනයක්...

මං හිතන්නෙ මම ආපහු ඇස් ඇරියේ සෑහෙන වේලාවකට පස්සෙ.. හිතුවා වගේම ඒක හීනයක්.. මම තනියම ඇදේ හිටියා. ජයවේවා ! මටත් හිතෙන දේවල් හත්වලාමේ...

ලබාගත්තු ජයග්‍රහණයේ උද්දාමයත් එක්ක මං living room එක පැත්තට එද්දි living room එකත් එක්කම තියෙන පුංචි Kitchen එකෙ Table එකෙ කොල්ලෙක් හිටගෙන මොනවදෝ කර හිටියා.

මේකයි ඇදේ හිටියනම් ආපහු නින්දට යෑමේ Technique කරන්න තිබ්බා. මං කොහෙත්ම නින්දෙන් ඇවිදිනවා වෙන්නත් බැහැ.

පොර පිටිපස්ස හැරිල හිටපු නිසා මාව දැක්කෙත් නැහැ . මම හිමිට හිමිට ලං වුනා, මේසේ උඩ තිබ්බ මොකක්දෝ මන්දා vase එකක් වගේ තිබ්බ එකෙන් දීලා අතාරින්න නම් Target එකට තව ලංවෙන්න ඕන කියන එක මට තේරුනා.

අවුරුදු ගානක ඉඳන් බලපු රහස්පරීක්ෂක documentaries වලින් නියම ප්‍රයෝජනෙ ගන්න වේලාවක් තමා මේක , ඕවා බලද්දි අපේ අම්මලා කිව්වෙම එපා කියලනේ පේනවනේ දැන්... තව මීටරයයි සෙන්ටිමිටර දශම ගානක ලංවෙලා අංශක හතලිස් හතකට විතර Turn එක අරන් ඔලුවට ම දමලා අතාරින්න ඕනේ...

දැන් ඇවිල්ල තියෙන්නෙ වීරයෙක් වෙන වේලාව.. හෝව් වීරවරියක්....හුම්

මම ඒ vase එකද මොකද්ද ඒකට අත තිබ්බ විතරයි Target එක මගේ පැත්තට හැරුනා.

"Coffee ? බොනවනේ....."
යුන්ගි මගේ ඉස්සරහින් coffee cup එක තියලා ආපහු අනිත් පැත්තට හැරුනා.

"අහ්හ්හ්හ්..............."

පොඩ්ඩක් ඉන්න ඊයේ රෑ අන්තිමට ලයිට් කැපුව විතරයි මතක...එතකොට මං දැන් ඉන්නෙ Hotel Room එකෙ මගේ ඉස්සරහ මිස්ටර් යුන්ගි සහ එයාගේ coffee එක.....මම අන්තිමට හිටියේ party සීන් එකක නේද ?

"ම්......මේ......අහ්.....ඊයේ...." මම කිසිම දෙයක් ගලපගන්න බැරි අපතයෙක් වගේ කිව්වා.

එයා ගේ මග් එකත් අරගෙන එයා මගේ ලගට ඇවිත් මගේ ඔලුවට තට්ටුවක් දැම්මා.

"ඊයේ රෑ මොකක්ද වුනේ ? එහෙම ද ? "

"ඔව්..."

"ඔයාට දැනගන්න ඕනේ ඔයාට ටිකක් වැඩිවෙලා හිටපු හින්දා ඇදගෙන වැටෙන්න යද්දි මම උස්සගෙන අරන් ආපු හැටිද ? ඔයා වාහනේ එන ගමනුත් ජීවිතේ අනිත්‍ය භාවය ගැන මට දේශනා දුන්න විදිහ ද ? මාව දාලා යන්න එපා කියලා මාව අල්ලගෙන කෑගහපු හැටිද එහෙමත් නැත්තම්......මං ඔයාගේ ඇදුම් මාරු කරපු විදිහ ගැනද ? "

මම මගේ දිහා බලද්දි මම අන්තිමට ඇදගෙන හිටපු dress එක වෙනුවට මගේ පිජාමා එකක් ඇදගෙන හිටියා.
හොදායි.......හොදායි.....

"මගේ ඇදුම ? කොහොමද ? ඔයාද ? "

මං හිතන්නෙ මං සම්පූර්ණ වාක්‍ය වෙනුවට වචන වලින් කතාකලා. කතාකලා නෙවෙයි හරියටම කිව්වොතින් මට කෑගැහුනා.

මට කෙල ගිලෙන්නෙත් නැතුව ගියාද කොහෙද ?

එයාට හිනාවක් ගියා.
"නැහැ නැහැ ඔයා ම තමයි මාරුකරගත්තේ...."

එයා ගිහින් sofa එකෙ ඉදගත්තා.

"හැබැයි මං පොඩි උදව්වක් දුන්නා...." එයා කිසිම ගානක් නැතුව කිව්වා.

එතකොට අර මගේ හීනෙත් ? ආහ්හ්හ්හ්.......... අනේ දෙවියනේ......ඇයි මෙහෙම ?

"හවස අපි film එකක් බලලා පොඩ්ඩක් ඇවිදලා එමු. ඔයා හෙට යනවනේ...."

ආ....ඔව් මට එහෙම්ම අමතක වුනා. හෙට මගේ flight එක.. මම ආපහු UK යනවා. හ්ම්.....

මං යුන්ගි දිහා බලද්දි එයා තිබ්බ TV එක දාගෙන එකෙ යන මොකක්හරි එකකට හිනාවෙන්න ගත්තා.

සැක්...මං හිතුවෙ එයා අවුලෙන් වගේ ඉදියි කියලා ඔය ඉන්නෙ යස අපූරුවට හැක හැක ගගා...

සමහරක් විට එදා රෑ වෙච්ච දේ එයාට අමතක වුනාවත් ද එතකොට අර කියපු අභූත කතාව..එතකොට මොක...

"හා නේද ...? " යුන්ගි ආපහු ඇහුවා.

"හරී..... " මම කිව්වට මොකක්දෝ දෙගිඩියාවක් මගේ හිතේ තිබ්බා. එයා මගෙන් ආපහු කිසිම දෙයක් ඇහුවෙ නෑනෙ..
අඩුමතරමෙ මොකක්ද මගේ උත්තරෙ කියලවත්... හරි සමහරක්විට ඒක එහෙම්ම මගෑරිල යන්න....හාහ්.. එතකොට මමත් ඒක අතාරින්න ඕනේද..පොඩ්ඩක් ඉන්න මගේ හිතේ එහෙමදෙයක් තියෙනවද...මං කියන්නෙ මං වගේ කෙනෙක්ට එයා....නෑ නෑ දෙයියනේ... මිනිස්සු මොනවා නොකියයිද දැනටමත් එයාට එක එක කතා හැදිල ඇති.. මං මොකද්ද දැන් කරන්නෙ.. ?

මගේ ඔලුව කෑලි දාහකට විතර කැඩිල යන්න ඔන්න මෙන්න වගෙයි මට දැනුනෙ , මම හැරෙද්දි යුන්ගි මගේ දිහා බලාගෙන හිටියා.

එයා ගොඩක් අවධානෙන් හිටියත් මං හැරෙද්දිම එයා එයාගේ පරණ ලෙන්ගතු හිනාව මවාගත්තා.

"ඇයි ඔහොම බලන්නෙ ? " මම ඇහුවා.

"ඇයි...?"

"නැහැ....එහෙම බලද්දි...."
හරීම ආදරණීය පාටයි...මට කියන්න ඕනෙ වුනත් මං කියන්න ගියේ නැහැ.

"මුකුත් නැහැ...." මං ඒ වෙනුවට කිව්වා.

"ඔයා හොඳින්ද ඔලීව්...." ටිකකින් එයා ඇහුවා.

අවංකවම කියනවනම් නැහැ.

"ඔව්...." මං හිනාවුනා.

"හ්ම්...." එයා ඔලුව වැනුවත් මාව විශ්වාස කරපු පාටක් නම් පෙනුනෙ නැහැ.
.
.
.
.
.
.

මම වේලාව බල බල හිටියේ , එයා කියපු cinema Hall එක කියලා හිතන Hall එක ගාව මම හිටගෙන එයා එනකම් බලාගෙන හිටියා. මොකද board තිබ්බට කොරියන් අකුරු එකින් එක Translate කරගන්න ගියාම වකුගඩුවෙ ඉදන්ම කැක්කුමක් අල්ලනවා වගේ මටනම්... Google maps තමයි ඉතිම්...

දවසක් එහෙම map බලන්ගිහිල්ල මොකක්ද සුපිරි restaurant එකක් කියලා Public Toilet පේලියක් ගාව හිටගෙන කල්පනා කර කර හිටපු එක ගැන මං වැඩිය නොහිත ඉන්න කල්පනා කලා.

ලොකු වෙලාවක් නොවුනට තාම යුන්ගි ආවේ නැහැ.

මං ඉතින් හිටං ෆෝන් එක බලන්න ගත්තා.
මට මගේ payment එක ලැබිල කියල මැසේජ් දැක්කම දැනුන සන්තෝසයට මං පොඩි ඩාන්ස් එකකුත් දාලා මං ඉන්නෙ අනිත් මිනිස්සුත් ඉන්න තැනක කියල මීටර් වුනාම මං වටපිට බැලුවා.
අවංකවම wedding එක වගේම සෑහෙන ලොකු ගානක්..මහන්සි වෙච්ච හැටියට අවුලක්ම නෑ..

ඒත් ඒක නෙවෙයි මට ආපු අවුල... කොරියන් සෙට් එකක්ම නැවතිල මගේ දිහා බලාගෙන හිටිය මං දැක්කා. ඒක මට දැන් පුරුදු වෙලා තිබ්බෙ..

මම foreigner කෙනෙක් නිසා වෙන්නෝනේ ඊටත් වඩා බෝනික්කෝ වගේ කොරියන් කෙල්ලෝ එක්ක බලද්දි මගේ නිකන් පරිණාමය වෙලා නැති වානර සීන් එකක් තිබ්බ නිසාද දන්නෙත් නැහැ. හහ් ! මේම ගියොත් කෙලින්ම සර්කස් එහෙකට යාගන්න ත් බැරි වෙන එකක් නෑ හැබැයි.

මම වැඩිය ගනන් ගන්නෙ නැතුව ඉන්න බැලුවෙ ඒත් ටිකෙන් ටික සෙනග වැඩිවෙන්න ගත්තා දැක්කම මට හීන් දාඩිය දාන්න ගත්තා.

Film එකක් බලන්න නම් නෙවෙයි ඒ මුලු ජනතාවම ඇවිල්ල හිටියෙ, විශ්වාස කරන්න අමාරු වුනත් එයාලා හැමෝම මගේ දිහා බලාගෙන කතාකර කර හිටියා. සමහරු ෆෝන් උස්සගෙන හිටියා. මට මතක් වුනේම එදාත් coffee shop එකෙ කට්ටිය එකතු වුන හැටි..

මෙතනින් ඉක්මනට චුත වෙන එක වඩාත් ගුණදායක නිසා මං යන්න හදද්දි ඒ මුලු ජනතාවම මගේ පැත්තට එන්න ගත්තා.
මොන.........

අවංකවම මට සුපිරියටම බය හිතුනා. හිතන්නකෝ අර සොම්බී සෙට් එකක් තමන්ගේ පැත්තට එනවා දැක්කම ආන්න ඒ වගේ මානසික සුවයක් තමා ඒක...

මම දුවන්න කියලා ගට් එක අරන් ලෑස්ති වුනා විතරයි. කලු කිට් ඇදපු සෙට් එකක් මගේ පැත්තට එනවා මම දැක්කා.

මුලදි මොලේ stuck වෙලා තිබ්බට තත්පර අරික්කාලකින් මට මීටර් වුනා. යුන්ගිගේ body guards ලා ..... වෝහ්.. සුපිරි...

එයාලා තුන්දෙනෙක් මගේ වටේට හිටගෙන මට guard එක දුන්නා.

ඒ එක්කෙනෙක් මගේ කරට අත දාලා එයාගේ ලගට ගත්තා. ගෑස්සිලා ගියත් එයාගේ මූණ බලාගන්න මම එයාගේ මූණට එබෙද්දි එයා මාවත් ඇදගෙන යන්න ගත්තා. කැප් එකයි මාස්ක් එක ඇරෙන්න එයාගේ මූණ කියලා එකක් මට පෙනුනෙ නැහැ ඒත් මොකක්දෝ හුරු ගතියක් එයාට තිබුනා.

ලොකු සිද්ධියක් වෙන්න කලින් එතනින් ශේප් වෙලා යන්න යද්දි තමා වැඩෙ වැරදුනේ.. එතන රැස්වෙලා හිටපු කට්ටිය ගෙන් කවුදෝ මන්දා සෑහෙන ලොකු ගලක් අපේ පැත්තට විසි කලා. මම ලගට එනකන්වත් දැක්කෙ නැහැ ඒත් අවාසනාවට ඒක වැදුනෙ මාව අල්ලගෙන හිටපු body guard ට , මම එයා දිහා බලන්න කලින් එයා මගේ ඉස්සරහින් හිටගෙන එක අතකින් මගේ වටේට දාගෙන අර සෙනග පැත්තට හැරුනා.

"යාහ්........"
එයා මහ හයියෙන් කෑගැහුවා. එයා ගේ කැප් එක ගැලවිල තිබුනා.

මේ වෙනකන්ම කෑ ගගහා හිටපු හැමෝම වගේ ගල් ගැහිල එයා දිහා බලාගෙන හිටියා.

මාස්ක් එක තිබ්බත් එයාව අඳුරගන්න මහා ලොකු අමාරුවක් නැහැ.

එයාගේ නලලෙ පැත්තකින් තුවාල වෙලා ලේ ගලමින් තිබුනා.එයාගේ ඇස්වලින් පැහැදිලිව ම තරහව දරුණුවට ම පෙනුනා. .

යුන්ගි මම කවදාවත් දැකල නැති විදිහට රවාගෙන ඒ කට්ටිය දිහා බලාගෙන හිටියා.





Continue Reading

You'll Also Like

293K 8.7K 95
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
7K 1.3K 22
Dear Diaryna️❤️, මං දන්නවා කවදා හරි ඔයා මාව අදුනගනී...එතකන් මං ඉවසනවා...ඔයාගේ සතුට තමයි මගෙත් සතුට... ~K...
1.3M 58K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
14K 3K 23
පොඩි කාලේ ඉදන් තිබ්බ එකම හීනේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් කැපකිරීම් කරලා අන්තිමට ඒ හීනෙට යන්න ලැබුනොත් දැනෙන හැගීම මොන වගේ එකක් වෙයිද...?🥀 ඒත...