VOLCANO✔️

נכתב על ידי Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... עוד

A/N
1st~
2nd~
3rd~
4th~
5th~
6th~
7th~
8th~
9th~
10th~
11th~
12th~
13~
14th~
15th~
16th~
17th~
18th~
19th~
20th~
21st~
22nd~
23rd~
24th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

25th~

1.2K 306 47
נכתב על ידי Oreo_Bambi

රෙබෙකා අතේ තියන කොලේ දිහා බලාගනම අඩියක් දෙකක් පස්සට ගියා..එහෙමම මේසෙකට හේත්තු උන රෙබෙකා හයියෙන් හුස්ම ගන්න ගත්තේ දකින දේ විශ්වාස කරගන්න බැරුව..

රෙබෙකා ටික වෙලාවක් එහෙමම බලාගන ඉදල තමන්ගෙ හුස්ම පාලනය කරගත්තා. අතේ තිබ්බ චිත්‍රේ අතටම ගුලිකරගන රෙබෙකා චිත්‍ර කාමරෙන් එලියට ගියේ කාර් එකෙ යතුර එහෙම් පිටින්ම අමතක කරල!

><

ජන්ග්කුක් හිටියෙ එයාගෙ ගෙදර උඩුමහලේ. ජන්ග්කුක් ගෙ අම්මයි තාත්තයි දෙන්නම ගෙදරින් එලියට ගිහින් හිටපු නිසා ජන්ග්කුක් ට තරමක නිදහසක් දැනුනා.. ඔහේ ඉර බැහැගන යන අහස දිහා බලාගන හිටපු ජන්ග්කුක් ට මේ වගේම දවසක ටේහ්‍යුන් හැන්දෑවෙ ඉරේ පාටින් හැඩ වුන අහස දිහා බලාගන කියපු දෙයක් මතක් උනා..

"මේ වගේ ලස්සන ඉර බැසයාමකට පුලුවන් ජන්ග්කුක් ඕනම දේක අවසානයත් සුන්දර වෙන්න පුලුවන් කියල ඔප්පු කරන්න"

ටේහ්‍යුන් ගෙ වචන වලට ජන්ග්කුක් තමන් එක්කම හිනාවුනා..

"ඒත් අපේ අවසානය ඒ වගේ සුන්දර වුනේ නෑ ටේහ්‍යුන්"

ජන්ග්කුක් තමන්ටම මුමුනගත්තා.. අහස දිහා බලාගන බර හුස්මක් අරගන නිකමට අහසෙන් ඇස් අරගන පාර දිහා බලනකොට ජන්ග්කුක් දැක්කේ තමන්ගේ ගෙදර ඉස්සරහ නතර කරපු රෙබෙකාගෙ කාර් එක.

ජන්ග්කුක් ආයෙම ලොකු හුස්මක් ගත්තා.. තමන්ට මොනම විදියකවත් නිදහසක් නෑ කියල තේරෙද්දි ජන්ග්කුක් ඉදගන හිටපු තැනින් නැගිට්ටෙ පහලට යන්න උනත් ඊට කලින් රෙබෙකාගෙ කටහඩ ජන්ග්කුක් ට ඇහුනා..

"ජන්ග්කුක්!! කොහෙද ඉන්නෙ! ජන්ග්කුක් !!"

රෙබෙකා ගෙ කටහඩ ඕනාවට වඩා කලබල වෙලා තිබ්බා කියල ජන්ග්කුක් ට තේරුනත් ඒකට හේතුවක් හිතාගන්න බැරිවුන නිසා ජන්ග්කුක් කිසිම කලබලයක් නැතිව පඩිපෙල බැහැගන පහලට යද්දි දැක්කේ කලබලෙන් එහෙට මෙහෙට ඇවිදින ගමන් ඉන්න රෙබෙකාව.

ජන්ග්කුක් පහලට බහින සද්දෙට රෙබෙකා ඔලුව උස්සල ජන්ග්කුක් දිහා බැලුවා.. ජන්ග්කුක් ගෙ මූන දැක්ක ගමන් රෙබෙකා ගෙ ඇස් අදුරු උනා වගේම ඒ මූනෙ තිබ්බ සුදුමැලි පෙනුම ජන්ග්කුක් හොදටම දැක්කා..

"රෙබෙකා?"

ජන්ග්කුක් ප්‍රශ්නාර්ථ බැල්මකින් රෙබෙකා ලඟට යද්දි රෙබෙකා අඩියට දෙකට ජන්ග්කුක් ලඟට ඇවිදගන ආවා..

"ජන්ග්කුක්! මට කියනව ටේහ්‍යුන් කියන්නෙ තමුසෙගෙ කවුද?"

රෙබෙකා ගෙ ප්‍රශ්නෙත් එක්ක ජන්ග්කුක් ගෙ මූන වෙනස් උන හැටි රෙබෙකා හොදටම දැක්කා වගේම ඒ ඇස් කලබලෙන් එහෙම මෙහෙට යනවත් රෙබෙකා ගෙ ඇස් වලට පැහැදිලිව පෙනුනා.. රෙබෙකා ඒවගේ ප්‍රශ්නයක් ඇහුවෙ මොනවගේ දෙයක් හිතාගනද කියල තේරුම් ගන්න බැරිවුන ජන්ග්කුක් ට ඒ ප්‍රශ්නෙට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලත් හිතාගන්න බැරිවුනා..

"කතා කරනව ජන්ග්කුක් !"

රෙබෙකා ජන්ග්කුක් ඇදගන හිටපු කමිසෙ කොලර් එකෙන් ඇදගන එහෙම අහනකොට ජන්ග්කුක් මොනවත්ම නොකියා සද්ද නොකර හිටපු එකෙන් රෙබෙකා ගෙ ඉවසීම නැත්තටම නැතිවෙලා ගියා..

"ජන්ග්කුක් මට උත්තර දෙනවා!"

රෙබෙකා කවදාවත් නැති තරම් හයියෙ කෑගහන්න ගත්තෙ ජන්ග්කුක් ට මොනවත්ම හිතාගන්න බැරිවෙද්දි..

"ට්-ටේහ්‍යුන්.. එයා මගේ යාලුවෙක් රෙබෙකා"

"බොරු! බොරු කියන්නෙපා පව්කාරයා! එතකොට මේ මොකද්ද !"

රෙබෙකා මහ හයියෙන් කෑගහල ජන්ග්කුක් ගෙ මූනට එයාගෙ අතේ තිබ්බ කහ පාට කොලේ විසිකලාම ඒක ජන්ග්කුක් ගෙ මූනෙ වැදිලා බිමට වැටුනා.. ජන්ග්කුක් ඒ එක්කම තමන්ගෙ කකුල් දෙක ළඟ වැටිලා තිබුන කොලේ දිහා බැලුවේ මොනවත්ම හිතාගන්න බැරුව.

ඒ චිත්‍රේ අතට අරන් බලන්න දෙයක් ජන්ග්කුක් ට තිබුනෙ නෑ.. මොකද ඒක මොකද්ද කියල ජන්ග්කුක් ට අමුතුවෙන් බලන්න ඕන උනේ නෑ.. ජන්ග්කුක් ට ඔලුව උස්සලා රෙබෙකා දිහා බලන්න බැරිවෙද්දි ජන්ග්කුක් එහෙමම බිම බලාගනම හිටියා.. මේ වෙද්දි ජන්ග්කුක් ව වෙව්ලන්න අරන් තිබ්බා වගේම ජන්ග්කුක් ට දාඩිය දාලා තිබුනා..

"කතා කරනව ජන්ග්කුක් ! ටේහ්‍යුන් ව මෙහෙම අදින්න තරම් තමුසෙ කොහොමද - පිරිමියෙක්ව! මට උත්තර දෙනව ජන්ග්කුක් !"

ජන්ග්කුක් ගෙ කොලර් එකෙන් ආයෙම අල්ලගත්ත රෙබෙකා ජන්ග්කුක් ව හෙලෙව්වෙ හිතේ තිබ්බ ආවේගෙට. ඒත් ජන්ග්කුක් ඔලුව උස්සලා බැලුවෙ නෑ.. ජන්ග්කුක් කලේ දිගටම බිම බලාගන හිටපු එක..

"ඕහ් ගෝඩ්!! කතා කරනව ජන්ග්කුක් ! මේ මොනාද? මොකද්ද මේකෙ තේරුම? තමුසෙ ටේහ්‍යුන් එක්ක හැමවෙලේම එකට හිටියෙ මේකටද? පව්කාරයා!! තමුසෙ ටේහ්‍යුන් දිහා බලන විදියෙන් මට තේරුම් ගන්න තිබ්බා. ටේහ්‍යුන් තමුසෙ දිහා බලන විදියෙන් මට තේරුම් ගන්න තිබ්බා! ඒත්- ඒත් මම මෝඩයෙක් වගේ!! ආහ්-කතා කරනව ජන්ග්කුක් මට උත්තර දෙනවා! තමුසේ ටේහ්‍යුන් එක්ක මොනවද කලේ? තමුසෙලා දෙන්නා-"

"ඔව්! අපි දෙන්නා එකට හිටියා.. මට එයාගෙ නිරුවත් චිත්‍රයක් අදින්න දෙන්න තරම් අපි එකට හිටියා.. අනික- අනික මම ගෑණු අයට කැමති පිරිමියෙකුත් නෙවෙයි රෙබෙකා!"

ජන්ග්කුක් මහ හයියෙන් කෑගැහුවා.. කවදාවත් ජන්ග්කුක් කෑගහපු නැති තරම් හයියෙන් ජන්ග්කුක් කෑගැහුවා. රෙබෙකා තප්පර ගානක් මොනවත්ම හිතාගන්න බැරි බැල්මකින් බලාගන ඉදල එකපාරටම ජන්ග්කුක් ට කම්මුල් පාරක් ගැහුවෙ ජන්ග්කුක් අඩි දෙක විතර පස්සට විසිවෙලා යද්දි..

"පව්කාරයෝ! උබල ඔක්කොම පව්කාරයෝ!"

රෙබෙකා මහ හයියෙන් කෑගහල චිත්‍රෙත් ආපහු අහුලගන ගෙදරින් එලියට දුවද්දි ජන්ග්කුක් මොනවත්ම කරගන්න බැරුව ඔහේ බලාගන හිටියා.. ටික ටික ජන්ග්කුක් ගෙ වටේම බොදවෙලා යද්දි ජන්ග්කුක් ට හිටගන ඉන්න තවත් වාරු නැතුව එහෙමම බිමට වැටුනේ ඔලුව පිටිපස්ස පඩිපෙලේ කොනක වේගෙන් වදිද්දි..

><

"ටේහ්‍යුන්! ටේහ්‍යුන් එනව එලියට"

ඊලඟට රෙබෙකා නතර උනේ ටේහ්‍යුන් ගෙ ළඟ. ටේහ්‍යුන් එයාගෙ නිදන කාමරේට වෙලා ඉද්දි ඩේවිඩ් වත් පැත්තකට තල්ලු කරල දාලා රෙබෙකා බලෙන්ම වගේ ගේ ඇතුලට ආවා.. ටේහ්‍යුන් ට රෙබෙකා ගෙ කටහඩ ඇහුනත් ටේහ්‍යුන් එහෙමම ටික වෙලාවක් හිටියෙ තමන්ට ඇහුනේ ඇත්තටම රෙබෙකාගෙ කටහඩද කියල විශ්වාස නැති නිසා..

"කිම් ටේහ්‍යුන්!!!"

ආයෙම රෙබෙකා ගෙ අදෝනාව ඇහුනාම ඒ ඇත්තටම රෙබෙකා කියල තහවුරු කරගත්ත ටේහ්‍යුන් ඇදෙන් නැගිටල පහලට ඇවිදගන ආවා..

රෙබෙකා හිටියේ ටේහ්‍යුන් එනකල් උඩු මහල දිහා බලාගන. ටේහ්‍යුන් පඩිපල දිගේ පහලට බහිනව දැකපු රෙබෙකා පඩිපෙල ලඟට ඇවිදගන ගියේ තමන්ට තමන්ව පාලනය කරගන ඉන්න බැරිම තැන..

එකපාරටම ටේහ්‍යුන් ගෙ කමිසෙන් ඇදල ගත්ත රෙබෙකා ටේහ්‍යුන් ගෙ ඇස් දිහා මාරුවෙන් මාරුවට බැලුවා..

"එතකොට ඒ තමුසෙ.."

රෙබෙකා ඒ ඇස් දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් හිමීට මිමිනුවා.. රෙබෙකා කියන දේවල් වල අගක් මුලක් නොතේරෙන ටේහ්‍යුන් මොනවත්ම නොකියා රෙබෙකා ගෙ අත තමන්ගෙ කමිසෙන් ගසලා අයින් කලා..

"පව්කාරයා!!"

රෙබෙකා මහ හයියෙන් කෑගහල ටේහ්‍යුන්ගෙ පපුවට තද පාරවල් ගහන ගමන් ටේහ්‍යුන් ව පස්සෙන් පස්සට තල්ලු කරගන ගියා.. රෙබෙකා හිටියේ උමතු වෙලා වගේ..

"එතකොට ඒකද තමුසේ මාව රිජෙක්ට් කලේ! තමුසෙ- තමුසෙ පව්කාරයෙක්! "

රෙබෙකා ගෙ ඇස් වල කදුලු තිබුනා.. හේතුවක් තාම නොදන්නව උනත් ඒ කදුලු දැක්කාම ටේහ්‍යුන් ට දැනුනෙ පුදුමාකාර සැනසීමක්.. ටේහ්‍යුන් තමන්ගෙ පපුවට ගහන රෙබෙකා ගෙ අත තද කරල අල්ලගන කට කොනකින් හිනාවෙන ගමන් රෙබෙකා ගෙ මූනට එබුනා..

"ඔහ්.. මොකද මේ ඇස් වලින් වතුර බේරෙන්නෙ?"

රෙබෙකා දත් මිටි කන සද්දෙ ටේහ්‍යුන් ට හොදටම ඇහුනා.. රෙබෙකා මේ වගේ දුර්වල වෙලා ඉන්නව බලන්න ටේහ්‍යුන් හුග කාලෙක ඉදන් හීන දැක්කා වගේම ඒක දැන් ටේහ්‍යුන් ගෙ ඇස් ඉස්සරහම වෙනව දකිනකොට ටේහ්‍යුන් ට කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා..

"තමුසෙ සතෙක්!! කොහොමද ජන්ග්කුක් ව මේකට ගාවගත්තෙ? කොහොමද එහෙම කලේ?"

රෙබෙකා කෑගැහුවා.. ජන්ග්කුක් ගෙ නම ඇහුන ගමන් ටේහ්‍යුන් ගෙ මූන වෙනස් වෙනව රෙබෙකා හොදටම දැක්කා වගේම ඒකෙන් රෙබෙකා ගෙ කේන්තිය තවත් වැඩිවුනා..

"ඇයි පුදුමද? මම හැමදේම දන්නවා.. තිරිසනා!"

රෙබෙකා එයාගෙ අතේ තිබ්බ කහ පාට කොලේ ටේහ්‍යුන් ගෙ මූන ඉස්සරහට දික් කලාම ටේහ්‍යුන් ගෙ ඇස් ලොකු උනා. ටේහ්‍යුන් මේ තරම් වෙලාවක් හිතාගන හිටියෙ ජන්ග්කුක් රෙබෙකා ව කසාද බදින්න බෑ කියන එක රෙබෙකා ට කියල රෙබෙකා මේ වගේ උමතුවෙන් හැසිරෙනව කියල උනත් ජන්ග්කුක් ඇදපු තමන්ගෙ නිරුවත් චිත්‍රේ දැක්කාම ටේහ්‍යුන් ට කියන්න දෙයක් හිතාගන්න බැරිවුනා..

ටේහ්‍යුන් ඒක රෙබෙකා ගෙ අතෙන් උදුරල ගන්න හැදුවත් රෙබෙකා ඊට කලින් ඉක්මන් උනා.. තමන්ගෙ අත පිටිපස්සට කරල හංගගත්ත රෙබෙකා ටේහ්‍යුන් ට මාරාන්තික බැල්මකින් සංග්‍රහ කලේ ආයෙම ටේහ්‍යුන් ගෙ කමිස කොලර් එකෙන් ඇදල ටේහ්‍යුන් ව ලඟට ගන්න ගමන්..

"මම මේක හැමෝටම කියනව.. සෝල් කැම්පස් එකේ මහලොකු මහාචාර්යවරයා සමලිංගිකයෙක් කියල. තමුසෙ ඒ පාපෙන්ම මැරිලා යයි.. අනිත් එකා ජන්ග්කුක් ! ඌ මගේ ජීවිතේම විනාස කලා!"

රෙබෙකා හිටියෙ අසිහියෙන්. මුලු රටටම කියල ගන්න හිටිය තමන්ගෙ කසාදෙ මේ විදියට කඩාකප්පල් වෙන එක ගැන හිතනකොටත් රෙබෙකාගෙ සිහිය විකල් උනා..

"රෙබෙකා.. මේ අහනවා!"

"කටවහගනින් ටේහ්‍යුන්! මාව මේ තරම් රිජෙක්ට් කරද්දි මට හිතන්න තිබුනා!!මගේ-මගේ මොනවද තියන අඩුපාඩු ? තමුසෙට මං තමුසෙගෙන් ඉල්ලපු දේවල් මම කසාද බදින්න ඉන්න මිනිහට දෙන්න තරම් මගේ මොනවද තියන අඩුපාඩු?? අප්පිරියයි ! උබලව මට අප්පිරියයි !"

රෙබෙකා ටේහ්‍යුන් ගෙ කමිසෙ අතෑරල එයාගෙම කොන්ඩෙන් ඇදගන කෑගහන්න ගත්තා..

"දැන් ජන්ග්කුක් කොහෙද?"

"ඌ අපායට යන්නැති.. ඌ අපායෙ පිච්චෙන්න ඕන!"

රෙබෙකා එක්ක කතා කරල වැඩක් නෑ කියල ටේහ්‍යුන් ට තේරුන නිසා ටේහ්‍යුන් රෙබෙකාව පැත්තකට තල්ලු කරල දාලා ආයෙම උඩ තට්ටුවට දිව්වෙ ඇදුමක් දාගන්න.. රෙබෙකා තමන්ව මුනගැහෙන්න එන්න කලින් අනිවාර්යයෙන්ම ජන්ග්කුක් ව හම්බෙන්න යන්න ඇති කියල අනුමාන කරපු ටේහ්‍යුන් ඉක්මනට ජන්ග්කුක් ගෙ ගෙදරට යන්න පිටත් උනේ පිස්සුවෙන් කියවන රෙබෙකාව ගෙදරින් එලියට දාන්න කියල ඩේවිඩ් ට කියන ගමන්..

><

ටේහ්‍යුන් හිටියේ ජන්ග්කුක් ගෙ ගෙදර ඉස්සරහ. ගේ ඇතුලට යන්න ටේහ්‍යුන් ට ඕනකම තිබුනත් මේ වෙද්දි මොනවගේ දෙයක් වෙලා ඇත්ද කියල නොදන්න නිසා ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ගේ ඇතුලට යන්න ටිකක් බයවුනා.. විනාඩි ගානකට පස්සෙ ලොකු හුස්මක් අරගන වෙන ඕනම දේකට මූන දෙනව කියල හිතාගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ගෙදර දොර ඉස්සරහට ගියා..

"ජන්ග්කුක්... ජන්ග්කුක්..."

ඇතුලින් මොනම ප්‍රතිචාරයක්වත් නාව නිසා ටේහ්‍යුන් දොරට තට්ටු කරන්න හැදුවත් දොර ඉබේම ඇරුනේ ටේහ්‍යුන් ගෙ හිතේ තිබ්බ බය තව ටිකක් වැඩිකරල..

ටේහ්‍යුන් දොරත් ඇරගන ඇතුලට අඩිය තියල ගේ ඇතුල බලන්න ඇස් ඉස්සුවත් එහෙමම ටේහ්‍යුන් ගෙ කකුල් ගල් උනේ පඩිපෙල ළඟ ලේ විලක වැටිලා ඉන ජන්ග්කුක් ව දැකලා..

"පෙට්!!!!"

ටේහ්‍යුන් මහ හයියෙන් කෑගහගන ජන්ග්කුක් ලඟට දුවල ගියත් ඒ වෙද්දි ජන්ග්කුක් ට සිහිය තිබ්බෙ නෑ වගේම ජන්ග්කුක් හිටියේ හිතාගන්න බැරි තරමේ ලේ ගොඩක් මැද..

"පෙට්!! රත්තරනේ ඇස් අරින්න.. ජන්ග්කුක්!!! "

ටේහ්‍යුන් ජන්ග්කුක් ව තමන්ගෙ ඔඩොක්කුවට ගත්තත් ඒ වෙද්දිත් ජන්ග්කුක් හිටියෙ මාරාන්තික විදියට සුදුමැලි වෙලා.. ටේහ්‍යුන් පියවි සිහියට ඇවිත් ජන්ග්කුක් ගෙ නහයට අත තියල බැලුවෙ හිතට ආව මූසල සිතුවිල්ල නිසා.. තාමත් යන්තමට හුස්ම වැටෙන ගමන් හිටපු ජන්ග්කුක් ව ටේහ්‍යුන් එහෙමම උස්සලා අත් අතරට අරන් වෙව්ලන කකුල් වලින් තමන්ගේ කාර් එකට දිව්වෙ වෙන කිසිම දෙයක් ගැන පියවි සිහියක් නැතිවෙද්දි..

><

"පෙට්.. බයවෙන්න එපා.. මම- මම ඔයාට මොනවත්ම වෙන්න දෙන්නෙ නෑ.. "

ටේහ්‍යුන් ගෙ පුංචි වීනස් තරුව දිලිසෙන එක ටික ටික අඩු කරන ගමන් හිටියේ..

මුලු ඇගම ලේ වලි නෑවිලා හිටපු ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ගෙ උකුලේ.. ටේහ්‍යුන් ජන්ග්කුක් ව ඔඩොක්කුවෙන් තියාගන කාර් එක පදවගන ගියා.. ටේහ්‍යුන් ගෙ ඇස්වලින් නොනවත්වාම කදුලු වැටෙද්දි ටේහ්‍යුන් සැරින් සැරේ ජන්ග්කුක් දිහාත් පාර දිහාත් බලන ගමන් වාහනේ පැදෙව්වේ ජන්ග්කුක් හුස්ම ගන්නව කියන දේ තහවුරු කරගන්න වගේ..

ටේහ්‍යුන් වෙන කිසිම දෙයක් ගැන හිතුවේ නෑ.. ටේහ්‍යුන් ගෙ හිතේ තිබ්බ එකම දේ වුනේ ජන්ග්කුක් විතරයි.. ජන්ග්කුක් ට මොනවත් වෙන්න නොදී බේරගන්නව කියන සිතුවිල්ල විතරක් මේ වෙලාවේ ටේහ්‍යුන් ව ජීවත් කලා.. ජන්ග්කුක් ගෙ මලානික මූන දකින වාරයක් ගානෙ ටේහ්‍යුන් ට දැනුනෙ තමන් ව පණ පිටින් පුච්චනව වගේ දුකක්..

ටේහ්‍යුන් අන්තිමේ නගරේ රෝහලට ඇවිත් කාර් එක නවත්තලා ජන්ග්කුක් ව අත් වලට අරගන කාර් එකෙන් බැහැලා රෝහල ඇතුලට දිව්වා..

"ඩොක්ටර්!!! ඩොක්ටර්!"

ජන්ග්කුක් හිටියේ ටේහ්‍යුන් ගෙ අත් වල. ටේහ්‍යුන් මුලු රෝහලම දෙවනත් කලා.. ටේහ්‍යුන් ට ජන්ග්කුක් ව ඇදකට දාන්නවත් සිහියක් තිබ්බෙ නෑ.. ජන්ග්කුක් ගෙ ලේ වලින් ටේහ්‍යුන් ගෙ ඇදුමුත් තෙත් වෙද්දි ටේහ්‍යුන් අඩ අඩම කෑගැහුවා..

ඒ එක්කම වගේ රෝහලේ නර්ස් ලා දෙන්නෙක් එක්ක ඩොක්ටර් කෙනෙක් ටේහ්‍යුන් ලඟට දුවගන ආවා. ටේහ්‍යුන් ලඟට ආව ඇටෙන්ඩන්ට් කෙනෙක් ටේහ්‍යුන් ගෙ අතෙන් ජන්ග්කුක් ව අරගන ඇදට දාද්දි ටේහ්‍යුන් ගෙ ඇස් වලින් කදුලු බේරුනා..

"ඔයා මෙතන ඉන්න මිස්ටර්.. අපි පේශන්ට් ව ඇතුලට ගන්නව.."

ඩොක්ටර් එහෙම කිව්වත් ටේහ්‍යුන් ට සිහියක් තිබ්බෙ නෑ.. ටේහ්‍යුන් ට ජන්ග්කුක් ගෙ අත අතාරින්න හිතක් තිබ්බෙ නෑ.. ටේහ්‍යුන් ට හිතුනෙම ජන්ග්කුක් ගෙ අත ආයෙම තමන්ට අල්ලගන්න බැරිවෙයි කියල.

ඒ අත අතාරින්න ටේහ්‍යුන් ට සිහියක් නැතිවෙද්දි හදිසි ප්‍රතිකාර ඒකකයට යනකල්ම ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අතෙන් අල්ලගන හිටියා..

"මිස්ටර්.. ඔයාට මෙතනින් එහාට එන්න බෑ.. ප්ලීස් ඔතනින් ඉන්න"

ඩොක්ටර් එහෙම කිව්වාම නර්ස් ජන්ග්කුක් ගෙ අතෙන් ටේහ්‍යුන් ගෙ අත බලෙන්ම ගලවලා ජන්ග්කුක් ව ඇතුලට ගත්තා..

ටේහ්‍යුන් ට දැනුනෙ එයාගෙ මුලු ලෝකෙම කකුල් දෙක ලඟ කඩාගන වැටුනා වගේ.. ජන්ග්කුක් මේ විදියට විදවනව බලන්න ටේහ්‍යුන් ට පුලුවන් උනේ නෑ.. රෙබෙකා ගැන අසීමාන්තික වෛරයක් එද්දි ටේහ්‍යුන්ට ඒ හා සමාන වෛරයක් තමන් ගැනත් දැනුනා. මේ හැමදේම පටන් ගත්තේ තමන්. තමන්ට ඕන දේ දැන් වෙලා තියෙද්දි කිසිම සතුටක් ටේහ්‍යුන් ට දැනුනෙ නෑ..

ටේහ්‍යුන් එතන තිබුන පුටුවක් උඩට කඩාගන වැටුනා.. හිතේ කිසිම හැගීමක් නැතිවෙද්දි ටේහ්‍යුන් ට දැනුනෙම මේ හැමදේම හීනයක් වගේ. ජන්ග්කුක් ලේ විලක් මැද වැටිලා ඉන්නව ඇස් පනාපිට දැකපු විදිය ටේහ්‍යුන් ට ආයෙ ආයෙම මැවිලා පේන්න ගත්තේ හිතේ තිබ්බ වේදනාව තව දහස් ගුනයකින් වැඩි වෙද්දි..

ටේහ්‍යුන් හිටියෙ අසිහියෙන්. තමන්ගෙ ඉස්සරහින් එහෙට මෙහෙට දුවන නර්ස්ලා ටේහ්‍යුන් ට පෙනුනෙ මායාවක් වගේ..

ජන්ග්කුක් ! ජන්ග්කුක් ! ජන්ග්කුක් !

ටේහ්‍යුන් ගෙ මනසෙ වැඩකරපු එකම දේ උනේ ජන්ග්කුක් විතරමයි. ජන්ග්කුක් ට මොකද උනේ කියල ටේහ්‍යුන් දැනගන හිටියෙ නැති උනත් රෙබෙකා හැමදේම දැනගත්ත එක ගැන හිතද්දි ජන්ග්කුක් ට උන දේටත් රෙබෙකාගෙ සම්බන්ධයක් ඇති කියල ටේහ්‍යුන් අනුමාන කලා..

ඒත් ඒ දේවල් ගැන ගැබුරට හිතන්න තරම් මනසක් මේ වෙද්දි ටේහ්‍යුන් ලඟ ඉතුරු වෙලා තිබ්බෙ නෑ..

"මිස්ටර්.."

ඩොක්ටර් හදිසි ප්‍රතිකාර ඒකකේ ඉදන් එලියට ආවේ ටේහ්‍යුන් ඉදගන හිටපු පුටුවත් පෙරලඟන නැගිටිද්දි..

"ඩ්-ඩොක්ටර් මගේ ජ්-ජන්ග්කුක්-"

"සන්සුන් වෙන්න.. මුලින්ම මට කියන්න මේ මිස්ටර් ලෙඩාගෙ කව්ද?"

ආයෙමත් ඒ ප්‍රශ්නෙම. නමක් නැති බැදීමක් තියාගන ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කවුද කියන එක තමන්වත් නොදන්න කොට ටේහ්‍යුන් ට දෙන්න උත්තර නැති වුනා..

"මම...මම යාලුවෙක්"

"හොදයි.. මේක ටිකක් බරපතල තත්වයක් මිස්ටර්...?"

"ටේහ්‍යුන්.. කිම් ටේහ්‍යුන්.."

"මිස්ටර් කිම්...ලෙඩාගෙ ඔලුවට බරපතල හානියක් වෙලා තියනව..අනික මේ ලෙඩාගෙ ඔලුවට මෑතකදිත් මේ තරම් බරපතල නොවුනත් යම් තරමක හානියක් වෙලා තිබිල තියන නිසා තත්වෙ ටිකක් බරපතලයි.."

ඒ වචනත් එක්ක ටේහ්‍යුන් ගෙ අත් වෙව්ලන්න ගත්තා.. වෙව්ලන අත් එක්කම ටේහ්‍යුන් තොලක් හපාගන බිම බලාගත්තේ ඉකියක් එක්ක ආව ඇඩුම් හිරකරගන්න ඕනාවට..

"ලෙඩාගෙන් හුගාක් ලේ පිටවෙලා තියනව. එයා කෝමා එකකට එන්න තියන ඉඩ දැන් හුගක් වැඩි. ඒ නිසා අපිට පුලුවන් ඉක්මනින් A පොසිටිව් වර්ගයේ ලේ ඕන කරනව මිස්ටර් කිම්.. අපි ළඟ දැන් ඒ ලේ වර්ගය නෑ.. මිස්ටර් කිම් ට පුලුවන්ද."

"ඔව් මං- මං හොයන් එන්නම්.. මං ගේන්නම්.. මට පුලුවන් ඩොක්ටර්.. මගේ ජන්ග්කුකී ව බේරල දෙන්න.. මං ලේ අරන් එන්නම්"

ටේහ්‍යුන් තමන්ගෙ යාලුවෙක් වෙනුවෙන් දක්වන මේ හැසිරීම ඩොක්ටර් ට ප්‍රෙහෙලිකාවක් උනත් ඩොක්ටර් ඒ ගැන ඒ තරම් තැකීමක් නොකර ටේහ්‍යුන් ව පුලුවන් ඉක්මනින් ජන්ග්කුක් ගේ ලේ වර්ගය හොයාගන එන්න පිටත් කලා..

.
.
.
.
.
.
.

ටේහ්‍යුන් කාර් එක පැදෙව්වෙ මානසික ලෙඩෙක් ගානට. මාර්ග නීති රීති කිසිම දෙයක් මේ වෙලාවේ ටේහ්‍යුන් ට වැඩක් උනේ නෑ.. ටේහ්‍යුන් ගෙ ඔලුවෙ හිටපු එකම කෙනා උනේ එයාගේ පුංචි වීනස්..

ටේහ්‍යුන් කෙලින්ම නතර උනේ ජිමින් ගෙ කලාගාරෙ.. මේ වෙලාවේ ජිමින් අනිවාර්යයෙන්ම එතන ඇති කියල දන්න නිසා ටේහ්‍යුන් පෙර දැනුම්දීමක් නැතුවම කලාගාරෙ ඇතුලට ගියා..

"ජිමින්!!! ජිමින්!! එලියට වරෙන් මිනිහෝ! ජිමින්!!"

ටේහ්‍යුන් ගෙ ගෝරනාඩුවට කලාගාරෙ වැඩ ඉවර කරල ගෙදර
යනගමන් හිටපු ජිමින් ගෙ සේවකයෝ සේරම නතර වෙලා ටේහ්‍යුන් දිහා බලාගන හිටියා.. ටේහ්‍යුන් ගෙ කටහඩ ඇහුන ජිමින් එයාගෙ කාර්‍යාල කාමරේ ඉදන් එලියට දුවගන ආවේ මොකද්ද වෙන්නෙ කියල හිතාගන්න බැරුව..

"ටේ!!?"

ජිමින් පුදුමෙන් ඇස් ලොකු කරගන ටේහ්‍යුන් දිහා බලද්දි ටේහ්‍යුන් අඩියට දෙකට ජිමින් ලඟට ආවා.. ටේහ්‍යුන් ගෙ ඇග පුරාම ජන්ග්කුක් ගෙ ලේ තැවරිලා තිබ්බා වගේම ටේහ්‍යුන් ගෙන් පෙනුනෙ පිස්සෙක්ටත් අන්ත පෙනුමක්..

"ඔයාලාට ගෙවල් වල යන්න අදහසක් නැද්ද?"

තමන්ගෙ සේවකයෝ ඔක්කොම ටේහ්‍යුන් දිහා බලන් ඉන්නව දැකපු ජිමින් ටිකක් සද්දෙට කෑගැහුවාම හැමෝම කඩිමුඩියේ කලාගාරෙන් එලියට ගියා..

"ටේහ්‍යුන්!? මොකද මනුස්සයො මේ? මොකද්ද වුනේ?"

"ජ්-ජිමින් උබේ-- උබේ ලේ වර්ගේ මොකද්ද? "

එකපාරටම ටේහ්‍යුන් අහන හතරබීරි ප්‍රශ්න එක්ක ජිමින් ට හිතුනෙම ටේහ්‍යුන් ට පිස්සු හැදිලා කියල.ටේහ්‍යුන් ගෙ උරහිස් උඩින් අත් දෙක තිබ්බ ජිමින් ටේහ්‍යුන් ව සන්සුන් කරන්න හැදුවත්
ටේහ්‍යුන් සන්සුන් වෙන පාටක් තිබ්බෙ නෑ..

"කතාකරපන්.. උබේ ලේ වර්ගෙ මොකද්ද ?"

"A පොසිටිව්"

ටේහ්‍යුන් ගෙ ඇස් කදුලු අතරින්ම දිලිසුනා..

"මං හිතුවා.. මට මතක තිබ්බා! යං- යං මාත් එක්ක යං"

ටේහ්‍යුන් ජිමින් ගෙ අතෙන් ඇදගන එලියට යන්න හැදුවත් ජිමින් ඒ අත ගසල දාලා ටේහ්‍යුන් ගෙ අත ආපිටට අල්ලගත්තා.එයාගෙ යාලුවා කවදාවත් මේ විදියට හැසිරෙනව ජිමින් දැකල තිබ්බෙ නෑ..

"ටේහ්‍යුන්!! ඔහොම ඉන්නව! මොකද්ද උනේ කියන්න?"

"මට වෙලා නෑ.. දෙයියන්ගෙ නාමෙන් මාත් එක්ක යන්න එනව ජිමින්.මං වදින්නම්!"

ටේහ්‍යුන් එහෙමම ජිමින් ගෙ ඉස්සරහින් දනගැහුවෙ ජිමින් ව අඩි දෙකක් පස්සට යවල.ටේහ්‍යුන්මේ වගේ අසරන වෙලා ඉන්නව මේ ජිමින් දකින පලවෙනි වතාව උනා.. ටේහ්‍යුන් ගෙ ඇස් වලින් වැටෙන කදුලු කම්මුල් දිගේ ගලාගන ගියෙ ජිමින් වත් පුච්චලා දාලා..

"දෙයියන්ගේ නාමෙන් මට උදව් කරන්න ජිමින්! එයාට අමාරුයි.. මගේ වීනස් ට අමාරුයි .. මගේ ජන්ග්කුක් !! මගෙ පණ..එයාට- එයාට මැරෙන්න දෙන්න බෑ!!"

ටේහ්‍යුන් ජිමින් ගෙ කකුල බදාගන මහ හයියෙන් කෑගැහුවා. කිසිම දෙයක් හිතාගන්න බැරුව තප්පර ගානක් එහෙමම හිටපු ජිමින් ඊලඟ තප්පරේ ටේහ්‍යුන් ව තමන්ගෙ කකුල් දෙක ළඟින් නැගිට්ටෙව්වා..

"හරි අපි යන්"
__________________________________

ටේහ්‍යුන් ගෙ හිතේ ලොකු උද්‍යෝගයක් තිබුනා.. එයාට අන්තිමේ පුලුවන් උනා එයාගෙ වීනස් ට උදව් කරන්න. ජිමින් එක්ක ඒ පිම්මෙම ආයෙම හොස්පිටල් එකට ආව ටේහ්‍යුන් හිටියෙ ලොකු කලබලේක. එයා කාර් එකෙන් බැහැලා ජිමින් ගෙ අතෙනුත් ඇදගන හොස්පිටල් එක ඇතුලට වේගෙන් දිව්වා.. ජිමින් ගෙ හිතනම් තිබ්බෙ දෙගිඩියාවක. ජන්ග්කුක් ට මොකද උනේ කියල වගේම ටේහ්‍යුන් මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියන එක ජිමින් ගෙ හිතට වද දුන්නා..

මොකද මේ වෙද්දි ටේහ්‍යුන් ගෙ හැසිරීම එයාගෙ සාමාන්‍ය තරමින් හුගාක් එහාට ගිහින් තිබ්බා.. එයා හැසිරුනේ පොඩි ළමයෙක් ගානට.

"ම්-මෙතන - මගේ ජන්ග්කුක් ඉන්නෙ මෙතන අ-අපි යන්.. ඩොක්ටර්! ඩොක්ටර් !!"

ටේහ්‍යුන් මහ හයියෙන් කෑගහගන හදිසි ප්‍රතිකාර ඒකකය ලඟට දුවගන ආවත් එයා එතන එහෙමම නතර උනේ හදිසි ප්‍රතිකාර ඒකකය ළඟ හිටගන හිටපු අය දැකලා..

________________
Love is so painful
Goodbyes are even more painful
I can't go on if you are not there
Love me, love me,
Come back to my arms
________________


තව පොඩ්ඩයි....🙂💜️💚

Bambi🎈

המשך קריאה

You'll Also Like

99K 15.3K 98
නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහොසත් අහංකාර ජන්කුක්ගෙයි,දුප්පත් අහින්සක ට...
21.8K 3.8K 10
කාලයට පුලුවන් උනා ගොඩක් දේවල් වෙනස් කරන්න , ඒත් කාලෙට බැරි උනා තවමත් අපේ හදවත් වෙනස් කරන්න.මට තවත් ඕන් නෑ ඔයාවත්, අපේ ආදරේවත් අභිරහසක් විදියට තියා ගන...
50.2K 8K 36
ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... __________________________________________________ 💚💜️ 💚💜️ 💚💜️ කළු හදවතක් පාට කර...
1.5K 215 15
" You don't know how scared my heart is when I see you... " 𝙔𝙤𝙤𝙗𝙞 '' Baby don't scared , You have my heart and I will love you forever !! '' 𝙔...