💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈

Per breath_21

37.2K 5.2K 548

අහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට... Més

💙01🖤
💙02🖤
💙03🖤
💙04🖤
💙05🖤
💙06🖤
💙07🖤
💙08🖤
💙09🖤
💙 10🖤
💙11🖤
💙12🖤
💙13🖤
💙14🖤
💙15🖤
💙16🖤
💙17🖤
💙18🖤
💙19🖤
💙20🖤
💙21🖤
💙22🖤
💙23🖤
💙24🖤
💙26🖤
💙27🖤
💙28🖤
💙29🖤
💙30🖤
💙31🖤
💙32🖤
💙33🖤
💙34🖤
💙35🖤
💙36🖤
💙37🖤
💙38🖤
💙39🖤
💙💙40🖤🖤

💙25🖤

725 116 15
Per breath_21

මාස තුනකට වඩා මිතූ හිටියෙ එක තැන. මිතුගෙ බිස්නස් හැඩල් කලේ තරිදු. කේශර නිතරම මිතු ගාව හිටියා. සේලයින් මාරු කරන්න මිතුගෙ අනික් බෙහෙත් විදින්න. එත් වැඩි කල් එක කරන්න වුනේ නෑ චාරුක නිවාඩු අරගෙන මිතුගෙ ගෙදරම නවතින්න ආවා. විශ්ව මුකුත් නොකියා හිටියෙ එයාට චාරුකගෙ ආදරේ තේරුම් ගන්න පුලුවන් නිසා. දැඩි බලකිරීමට කේශර තරිදු එක්ක බිස්නස් වැඩ වලට චාරුක යැව්වේ මිතු තාමත් එයාගෙ විතරයි කියලා කේශරට කියන්න වගෙ.

"අකමැත්තෙන් ආවා වගෙනෙ හැසිරෙන්නෙ..." තරිදු කේශරගෙන් ඇහුවේ කේශර මුකුත්ම කතාවක් නැති නිසා..

"නෑ ඉතින් එයා එන්න කලින් මමනෙ ඉන්නෙ එයා ගාව වෙනදට. අද පාලුයි වගෙ."
"මාත් එක්ක ඉද්දීද පාලු."
"නෑ මම ඔයා ගැන ඔක්කොම දන්නවා. ඔයා විහිලු කරද්දී කෙල්ලො බය වෙනවලු නේද?" කතාව කනපිට පෙරලන්න හදන කේශරගෙ නෝන්ඩි වචන වලට තරිදු පුදුම වුනා.
"ඔයා කොහොමද දන්නෙ.."
"අනික් එක ඔයා රෝමැන්ටික් වෙනකොට කෙල්ලො බයෙ දුවනවලු නේද?"

"ඒයි මිතු කොච්චර කිව්වද?"
"හැමවේලෙම එයාගෙ කටෙ තියෙන්නෙ තරිදු නැත්තම් චාරුක... උපේ අම්මා ගැන කියවන වේලාවට එයා ඉන්නෙ හරිම දුකින් එත් ඔයා ගැන කියද්දී සතුටෙන් වගෙ එත්....."
"ඇයි ඒත් කියලා නැවතුනේ..." තරිදු ටික ටික අමුතු වෙන කේශරගෙ මූණ දිහා බැලුවා.
"එත් චාරුක ගැන කියද්දී ඔය හැමදේම මූණ පේනවා එයා නැති පාලුව, දුක, සතුට වගෙ ගොඩාක් හැගීම්..."
"ඉතින් එකට ඔයා කැමති නැද්ද? ඔයා මිතුට කැමතිද?"
"මම මිතුට කැමති. මගෙ මල්ලිට වගෙ. මොකද එයා මාව සහෝදරයා කියන තැන නිතරම තිබ්බා. මමත් එහෙමයි එතනින් එහාට යන්න මට ඕනේ නෑ. එත් මට දුකයි එයාට චාරුක එහෙම කරපු එකට..."
"කොහොමද මොකක්ද?"
"එදා ඇක්සිඩන්ට් එක වුනේ මම එයා එක්ක නොගිය නිසා. එත් ඒ එක්ක නොගියෙ චාරුක. මට කේන්ති ඒත් මට සතුටුයි මගෙ මල්ලිට එයා එච්චර ආදරේ කරන එකට."
 
කේශර කිව්වේ අවංකවමයි. එක ඒ ඇස් වලින් හොදට පෙනුනා.

"ඉතින් ඔයා කොල්ලොන්ටද කෙල්ලොන්ටද කැමති..." තරිදුටත් ඕනෙ ඇති මගුලක් නෑ වගෙ අහද්දී කේශර හිනා වුනා.

"ඇයි හිනා වෙන්නෙ..."
"ඔය ප්‍රශ්නේ මිතුත් මගෙන් ඇහුවා. ඔයාලා දෙන්නා නම් අයියයි මල්ලිද කොහෙද?"
"ඕහෝ.... ඉතින් ඉතින්"
"මම කෙල්ලොන්ට කැමති 2 පාරක් බූට් කෑවේ කෙල්ලොන්ගෙන්. දැන් කෙල්ලෙක් හොයනවා. එත් හරියන එකක් සෙට් නෑ."
"මේක කොහොමද අපි දෙන්නම කෙල්ලො හොයමු.. මටත් චාරුකගෙ නංගි චාරුනි බූට් තිබ්බා."
"ඇයි ඒ..."
"අනේමන්දා.. වෙන කොල්ලෙක් නිසා වෙන්නත් බෑ. එත් එයා කිව්ව අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ කියලා."
"හේතුව..."
"ඇත්ත මට එහෙම එල්ලිලා ලව් කරන්න ඕනේ කියන හැගීම තිබ්බේ නෑ. මට මතක් වෙන්නෙ ඉදලා හිටලා. එහෙම සීන් නිසා එයා කිව්වා. මට දුකක් තිබ්බත් හා කිව්වා ආයෙ රණ්ඩු කරලා වැඩක් නෑ..."
"ඇත්ත. එහෙම බලෙන් තියාගන්න ඕනේ නෑ..."
"එනි වේ... ඉතින් කොහෙන් හරි කමුද බඩගිනි..."

"ඇයි ඔයා ගෙදරින් කෑවේ..."
"මම කිව්වේ මගෙ බඩේ හිගන්නෙක් ඉන්න නිසා ආයෙත් බඩගිනි..."
"ඕහ් ඉන්නවා ඉන්නවා මම ඕඩර් කරන්නම්..." කේශර එහෙම කියලා නැගිටලා ගියා.

**********

"සුදු අපි අද රැවුල කපමු..." චාරුක රේසරයක් වගෙම රැවුල කපන්න ඕනේ ඔක්කොම බටු ගෙනල්ලා ඇද පොඩ්ඩක් කෙලින් කරා.

"ඕහෝ අපේ නංගි මුලු රැවුලම කැපුව වගෙ කියුට් නෑ සුදු ඔයා... අපි මුලු රැවුලම අදත් කපමු ඔයා දන්නවද එතකොට ඔයා බබෙක් වගෙ..."

"කෝ ඉතින් ඔයාට වුවමනා නෑනේ අයියව බලන්න. කිස් එකක් දෙන්න. මම නම් ඔන්න කිස් කරනවා. ඔයාගෙ හැමදේම මේ අත් දෙකෙන් මම කරනවා. දන්නවද උපේ අම්මා මට දවසක් කිව්වා ඔයා හරි මුරණ්ඩුයි කියලා. එදා ඉදන් මම ආසයි ඔයා උපේ අම්මා එක්ක හිටිය විදියටම මා එක්ක ඉන්නවට... මම අපේ ඇනිවසරි 2ක්ම තනියම සැමරුවා ඔයා නෑනේ... එත් මම ටනායාට කිව්වා එදා මට එයාව එපා කියලා. මම දැන් මාස 9ක් වගෙ ඇමරිකා ඇවිල්ලා ඔයාව හොයාගන්න බැලුවත් බැරි වුනා."

"ඕහෝ... හරි කපලා ඉවරයි... බලන්න මගෙ සුදුගෙ මූණ හරි ලස්සනයි... දැන් නම් මාව කිස් කරත් කීරි ඇනෙනවා වගෙ නෑ... හැබැයි මම නම් කපන්නෙ නෑ හරිද?" චාරුක එයාගෙ රැවුල මිතුගෙ නිසොල්මන් මූනේ එහාට මෙහාට කරලා තොල් දෙක කිස් කරා... ඇස් දෙකෙන්ම කදුලු ගලන් යන වේලාවේ තවත් උඩු තොලයි යටි තොලයි කිස් කරපු චාරුකට  ඇහුනේ හාර්ට් මැෂින් එක වේගෙන් යනවා වගෙ...  චාරුක කදුලු පිහිදාන් නැගිට්ටේ වෙනදා වගෙම මිතුව පිහිදාන්න උණු වතුරයි තුවායකුයි ගෙන්න. උණු වතුරට දාපු තුවාය හොදට තෙත මාත්තු කරලා මිතුගෙ කෙට්ටු ශරීරේ පිහිදාද්දී ඇත්තමයි චාරුකට කියාගන්න බැරි වේදනාවක් ආවේ.

"ඔයා කෙට්ටු වෙලා මිතු... මාව තල්ලු කරලා බලෙන් කිස් කරපු පළවෙනි දවසෙ මසල්ස් පිරුනු ඇග දැන් නෑ..." ආයෙත් මිතුව බදාගෙන බෙල්ලට කිස් එකක් දුන්නා.

"මට ඕනේ මෙතන මාර්ක් එකක් තියන්න ඔයා නිතරම කරනවා වගෙ"

චාරුක උණු වතුර එක අරන් යන්න හදන වේලාවේ දැක්කෙ මිතුගෙ සුලගිල්ල හොලවනවා. චාරුක දැනන් හිටියා කරන්න ඕනේ දේවල් එත් එයා ඩොක්ට වීරසිංහ ට කතා කරේ එයා මොකක් හරි වැරැද්දක් කරයි කියලා

"චාරුක දිගටම එයා එක්ක කතා කර කර ඉන්න මම ඉක්මනින් එන්නම්. එයා කැමති ඔයා එක්ක හිටිය දේවල් කියවන්න මොකක් හරි මම ඉක්මනින් ඔතන..." එහෙම කියපු ඩොක්ට ෆෝන් එක කට් කරද්දී චාරුක එයා ලගට ගිහින් එක එක එවා කියෙව්වා

"චාරුක කෝ දෙන්න මට බලන්න..." ඩොක්ට වීරසිංහ බෙහෙතක් සේලයින් එකට දාලා හාට් බීට් චෙක් කරා.

"චාරුක මෙයා ඇස් අරිනවා..." චාරුකගෙ ඇස් දිලිසෙනවා..

"මිතූ සුදූ නැගිටින්න... අයියා ඔයා ගාව දැන්..." තව තවත් මිතුගෙ මූණ අත ගාලා චාරුක සතුටු කදුලු පිටකරද්දී ඩොක්ට හිටියෙත් පුදුම වෙලා.

"බලන් යනකොට මම නෙවේ ස්පේශලිස්ට්... ඔයානෙ චාරුක..." ඩොක්ට එහෙම කියද්දී චාරුක හිනා වුනා

"මෙයාට මම මේ තරම් ස්පේශල් කියලා මම දැනන් හිටියා නම් එයා මේ ඇදේ ඉන්නෙ නෑනේ ඩොක්ට..." වීරසිංහ මේ ආදරේට සුභ පැතුවා ගොඩාක් ආදරේ කරපු හිත් දෙකක් එකතු වෙන එක එයාගෙ නෙවේ හැමෝගෙම බලාපොරොත්තුව.

වෙන්න ඕනෙ ඔක්කොම දේවල් ඩොක්ට කරාට පස්සේ සතියක් යයි කියලා නිගමනේ කරා ආයෙ අත පය හොල්ලන්න මිතුට. දැනටම එයා ඇස් ඇරලා කියලා දැනගත්ත විශ්ව ගෙදර ආවේ මාස 3කට පස්සෙ..

"මේ පණ්ඩිතයා මූට මෙච්චර ආදරේ කරන්නෙ ඇයි තරිදු..."
"අයියෙ..."

"ෂූ කමක් නෑ දැන් අපේ මැණික් කැටේ ඇස් ඇරලනේ." විශ්ව මිතු ලගට ගියා.

"හේයි නැගිටලා අයියව හිනස්සපන්. පිස්සා..."

කාගෙත් ආදරේ දිනාගන්න මන්තරයක් කරන මිත්රු දැන් කොහෙ ගියත් පරිස්සමෙන්...

***********

දවස් දෙකක් යනකොට මිතු නැගිට්ටා ඇවිදින්න කරන්න බැරි වුනත් චාරුක දියර ජාති පෙව්වා. මූණ පිහිදාලා ඔක්කොම පිරිසිදු කරා. හැමෝම දෙන්නා දිහා බලන් හිටියා විතරයි මිතු කතා කරනකල්ම.

"මට මෙච්චර හොද වෙන්නෙ ඇයි..." මිතු එක එක නම් කියලා හරියට කතා කරන්න පුලුවන් වුන ගමන් ඇහුවේ එක.

"සුදූ මම චාරුක අයියා."
"මට ඔයාව මතක නෑ... අනික අපි දෙන්නා සහෝදරයොද?" චාරුක කියාගන්න දෙයක් නැතුව ගල් වුනා...

"මල්ලී අපි... ඔ... ඔව් සහෝදරයො... ඔයා මට මගෙම මල්ලි වගෙ... එකනේ මම මෙච්චර පරිස්සම් කරන්නෙ..."
"එත් මට මතක නෑ මට අයියෙක් හිටියා කියලා."
"මතක් වෙයි... හෙමින්..." ඔය අතරේ විශ්ව කාමරේට ආවා...

"විශු අයියා මේ කවුද?" විශ්වත් අමුතු විදියට බය වුනේ මොකක් හරි වෙලාද කියලා තාම සනීප නැද්ද කියලා කල්පනා කර කර...

"මල්ලා ඔයාට මෙයාව මතක නැද්ද?"
"නෑ මෙයා මගෙ කවුද?"
"ම්ම්ම්ම් මෙයා ඔයාගෙ අයියා වගෙ මම වගෙ ඔයා එක්ක ඉන්න කෙනෙක්.."

චාරුකගෙ ඇස් බොද වුනා එයාගෙ ආදරේ එයාව දන්නෙ නෑ... එයාගෙ කෙනාට විශ්වව මතකයි... ජිවිතේ චාරුක කෙනෙක් නොහිටිය විදියට මිතු දැන් කතා කරද්දී ඉදිකට්ටකින් හදවත පසාරු වෙන වේදනාවක් චාරුකට ආවා 

එත් කෝමා හිටිය කෙනෙක්ට මතකේ පොඩ්ඩක් නැති වෙන එක සාමාන්‍යයෙන් වෙන දෙයක්....

👼👼👼👼👼👼👼👼👼👼

Have a nice day

Continua llegint

You'll Also Like

5.8K 975 16
ආදරේ වෙනුවෙන් ලංසු තියලා තියෙනවද කවදා හරි ??? ආදරේ වෙනුවෙන් ලංසු තියපු ජීවිතේකට අවසානෙදි හම්බුන ආදරණීයම ලංසුව ගැන බලන්න... කියවන්න.. මගෙ ආදර ලංසුව
230K 37.6K 99
I am the father of villain Author Lin Ang Si ရဲ့ novel လေးပါ ???? All credit to Original author and E-Translators .
33.5K 5.6K 22
ස්ටේජ් එක මැද්දෙ ගිටාර් එක ප්ලේ කරන ගමන් සිංදුව කියන එයාගෙ ඇස් කෙලින්ම තිබ්බෙ මගෙ දිහාවට....ඒ ඇස් දිළිසෙනවා....එයා ඇස් වලින් හිනා වෙනව....මොකද්දෝ කතා...
296K 10.7K 44
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...