"එහෙනම් ඇයි මෙයා මගෙ වැඩ කරන්න ඕනේ.." මිතුගෙ වචන සැර වැඩි වෙනවා... හඩත් එක්කම
"මිතු ඇයි මේ..." විශ්ව ආයෙ කතා කරා."එයා මගෙ කවුද?"
"මල්ලි මම ඔයාට කිව්වනෙ මම ඔයා දන්න අයියා කෙනෙක් කියලා." එ ගමන චාරුක උත්තර දුන්නා
"දන්න අයියා කෙනෙක්.. තමුසෙට එම කියන්න බෑ... මම කැමති තමුසෙ මගෙ මතකෙන් හේදිලාම යනවට..." විශ්ව වගෙම චාරුකත් මූණට මූණ බලාගත්තේ මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා තේරිලා."පොඩි ඇත්ත කියන්න. මොකක්ද වෙලා තියෙන්නෙ.."
"මේ මිනිහව මගෙ ඇස් වලට ආයෙ දකින්න ඕනේ නෑ විශු අයියෙ... මට ඕනේ මෙම එකෙක් මගෙ ජිවිතේ හිටියෙ නැති ගානට ඉන්න... මට දැන් මහන්සි..."
"මිතු... මොනවද ඔයා කියන්නෙ..." චාරුක දෙපාරක් හිතන්නෙ නැතුව මිතුගෙ ලගට ආවා. ඇත්තටම හිතන්න තරම් එයාට පුලුවන් කමක් තිබ්බෙ නෑ..."අයින් වෙනවා... තමුසෙ හැමදාම කරේ මාත් එක්ක සෙල්ලම් කරපු එක ඇයි ආයෙ ආවේ..." මිතුට චාරුකව ඈත් කරන්න තරම් ඇගට ශක්තියක් නෑ...
"මිතු... සමාවෙන්න ඔක්කොම මම නිසා හරිද? බබා පිලිස්..."
"මොන මගුලක්ද? අයියා මූ මෙතන ඉන්නෙ අර ටනායාව බැදලා. මූ මාව සෙල්ලමකට අරන් ඉන්නෙ අයියා. මම රොබෝ කෙනෙක් නෙවේ.."
"අහන්න... ටිකක් කූල් වෙන්නකො.." චාරුක කියනවා.."අයියා පිලිස් ටිකක් මට මෙයා එක්ක තනියම කතා කරන්න දෙන්න...." චාරුක අයදින බැල්මෙන් බලද්දී විශ්ව පුටුවෙන් නැගිට්ටෙ යන්න.
"ඔයා නෙවේ අයියෙ මෙයයි මෙතනින් යන්න ඕනේ..." ඒ හඩේ තිබ්බේ ස්ථීර හැගීමක්. කෝමා එකෙන් ගොඩ ආව ගමන් මොකක් කරන්නද මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්න වෙලාවක තරිදු කේශරත් එක්ක කාමරේට කඩන් පැන්නෙ. එවෙලෙ කේශරව දැක්ක ගමන් මිතුගෙ ඔලුව බිමට හැරුනා
"මිතු... මැණික... මම ආවා..." තරිදු පියාඹලා වගෙ මිත්රු ලගට ගිහින් තුරුල් කරගත්තා..
"තරිදු ක්‍යාවත් කියන්න මෙයාට මෙතනින් යන්න මට ආයෙ මෙයාගෙ මූණ බලන්න ඕනේ නෑ කියලා..." තරිදුට චාරුකව පෙන්නද්දී තරිදු චාරුක දිහා වගෙම පුදුමෙන් මිතු දිහා බැලුවා. ඒ මූණේ තිබ්බ හැගීම තරිදු දන්නවා.
YOU ARE READING
💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈
Romanceඅහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්‍රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....