VOLCANO✔️

Por Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... Mais

A/N
1st~
2nd~
3rd~
4th~
5th~
6th~
7th~
8th~
9th~
10th~
11th~
12th~
13~
14th~
15th~
16th~
17th~
18th~
19th~
20th~
21st~
23rd~
24th~
25th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

22nd~

1.1K 294 21
Por Oreo_Bambi

"ඩොක්ටර්.. මගෙ දරුවට මොකද?"

"බයවෙන්නෙපා මිසිස් ජොන් පේශන්ට් ට සිහිය ආවා. දැන් එයාව වෝඩ් එකට දානව. එතකොට බලන්න පුලුවන්"

ඒ වචන ටිකත් එක්ක ටේහ්‍යුන් ට දැනුනෙ එයාගෙ හදවතේ ගැඹුරුම තැන තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ.. ටේහ්‍යුන් එහෙමම පපුවට අත් දෙක තියාගන බිත්තියට හේත්තු උනේ රෙබෙකා තමන් දිහා බලාගන ඉන්නව කියලවත් සිහියක් නැතුව.

ජන්ග්කුක් ගෙ අම්මා එහෙමම පුටුවට වැටුනේ දුක තවත් හිටගන ඉන්න පණක් නොතිබ්බ නිසා.. ජන්ග්කුක් ගෙ තාත්තා අම්මවත් වාරු කරගන අම්මව සනසන්න පිට අතගාන ගමන් හිටියා.. ඒත් රෙබෙකා ගෙ ඇස් තිබ්බෙ ටේහ්‍යුන් ගාව. ටේහ්‍යුන් ගෙ හැසිරීම රෙබෙකාට ප්‍රෙහෙලිකාවක් වෙද්දි ර්ව්බෙකා දිගින් දිගටම ටේහ්‍යුන් දිහාම බලාගන හිටියා..

ටේහ්‍යුන් ගෙ මූනෙ සැනසිලිදායක හිනාවක් ඇදෙද්දි ටේහ්‍යුන් ආයෙම ලොකු හුස්මක් අරගන පහලට දැම්මා..

"ජොන් ආන්ටි.. මම දැන් ගෙදර යන්නම්.. දැන් ජන්ග්කුක් ට ප්‍රශ්නයක් නෑනෙ. මම ආයෙම එන්නම්"

ටේහ්‍යුන් ට ජන්ග්කුක් ගෙ කාර් එක මතක් උන නිසා තවත් මෙතන ඉදල හැමදේම අවුල් නොකර ඒක ඉක්මනින් ජන්ග්කුක් ගෙ ගෙදර අයට ගෙනත් දෙන්න ඕන කියන සිතුවිල්ල නිසා ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ මූන බලන්න තියන ආසාව මැඩගන රෝහලෙන් එලියට ආවා..

ටේහ්‍යුන් ට දැනුනෙ මේ ගෙවුන දවස ජීවිතේ කවදාවත්මෙ නොගෙව්ව විදියෙ දවසක් හැටියට. කවදාවත් පිටස්තරයෙක් වෙනුවෙන් නොඉපදුනු හැගීම් ජන්ග්කුක් වෙනුවෙන් ඉපදෙද්දි ටේහ්‍යුන් ට දැනුනෙම ජන්ග්කුක් ගැන නොහිතා එක තප්පරයක්වත් තමන්ට ගෙවන්න බෑ කියල.

ඒක ඇත්තක් උනා..ටේහ්‍යුන් ම නොදන්න කාලෙක ඉදන් ටේහ්‍යුන් ගෙ හිතේ හොල්මන් කරපු එකම කෙනා උනේ ජන්ග්කුක්. ටේහ්‍යුන් ට ඒක තේරෙන්න ජන්ග්කුක් තමන් ළඟ නෑ කියල දැනුන එක දවස ප්‍රමානවත් උනා..
__________________________

ටේහ්‍යුන් හිටියෙ ජන්ග්කුක් ගෙ ගෙදර. ජන්ග්කුක් ගෙ කාර් එක ජන්ග්කුක් ගෙ තාත්තට බාර දීලා එන්න ජිමින් එක්කම ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ගෙදර ආවා.. ජන්ග්කුක් ඇක්සිඩන්ට් උන ලඟම තැනක කාර් එක තිබිලා හොයාගත්තා කියලයි ටේහ්‍යුන් ගෙදර අයට කිව්වෙ. ඊටවඩා හොද කතාවක් ගොතාගන්න ටේහ්‍යුන් ගෙ ඔලුවෙ නිදහසක් තිබ්බෙ නෑ

"අන්කල් මට මේ-"

එකපාරටම ගේ ඇතුලට ආව රෙබෙකා සාලෙ ට වෙලා ඉදගන උන්න ජිමින් දිහායි ටේහ්‍යුන් දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.. රෙබෙකා ගෙ මූනෙ ඉරියව් වෙනස් උන විදිය ජිමින් වගේම ටේහ්‍යුන් දැක්ක උනත් ඒ ගැන තැකීමක් කරන්න ඒ දෙන්නටම උවමනා උනේ නෑ..

"අහ් රෙබෙකා.. මට සුන්හි කිව්ව බඩු වගයක් එවන්න කියල ඔයා අතේ. ඉන්න මං ඒ ටික ලෑස්ති කරල දෙන්නම්"

ජන්ග්කුක් ගෙ තාත්තා රෙබෙකා ට එහෙම කියල ගේ ඇතුලට ගියාට පස්සෙ රෙබෙකා හිමීට ටේහ්‍යුන් ඉදගන හිටපු තැනට ඇවිදගන ආවා..

"ටේහ්‍යුන්.. ඔයාව දැන් මට මුණගැහෙනව හුගක් වැඩියි"

රෙබෙකාට ජිමින් එතන ඉන්නව කියල ගානක් උනේ නෑ.. ජන්ග්කුක් ගෙ තාත්තට නෑහෙන ගානට මිමිනුව රෙබෙකා අමුතු විදියට ටේහ්‍යුන් එක්ක හිනාවුනත් ටේහ්‍යුන් රෙබෙකාට ප්‍රතිචාර දක්වන්න උත්සහ කලේවත් නෑ..

"ජිමින් අපි යන්.. මට විශ්වවිද්‍යාලෙට යන්නත් ඕන"

ටේහ්‍යුන් එහෙම කියල ඉදගන හිටපු තැනින් නැගිටිද්දි ජිමිනුත් ඒ එක්කම නැගිට්ටා.. රෙබෙකා ටේහ්‍යුන් ගෙන් ඇස් අහකට අරගන ජිමින් දිහා ටික වෙලාවක් බලාගන ඉදල කට කොනකට හිනාවක් ගත්තා..

"ඔහ් ! පොඩි කාලෙ යාලුවො තාමත් ඉන්නව එහෙනම්"

රෙබෙකා එහෙම කිව්වාම ජිමින් රෙබෙකාට අප්‍රසන්න බැල්මකින් සංග්‍රහ කරල එතනින් යන්න ගියා.. රෙබෙකා ඒ පස්සෙන්ම එලියට ගිහින් ටේහ්‍යුන් කාර් එකට නගින්න කලින් ටේහ්‍යුන් ගෙ අතෙන් අල්ලලා ටේහ්‍යුන් ව නතර කලා.. ටේහ්‍යුන් ට ආව කේන්තියට ටේහ්‍යුන් රෙබෙකාගෙන් තමන්ගෙ අත ගසල අයින් කලත් ජන්ග්කුක් ගෙ තාත්තා ඉන්න නිසා ටේහ්‍යුන් ට වචනයක්වත් කතා කරන්න බැරිවුනා..

"ගෙදර එන්න අදහසක් නැද්ද ටේහ්‍යුන්..? මාම් ඔයාව හුගක් මතක් කරනව"

රෙබෙකා එහෙම කිව්වත් රෙබෙකාගෙ ඇස් නම් කිව්වෙ වෙනමම කතාවක්.. ඒ වචන ටික ඇහුනාම ටේහ්‍යුන් කට කොනකින් හිනාවුනා..

"කොහොමත් ඒක එහෙම වෙන්න ඕන රෙබෙකා. මොකද ඔයා මාම් කියන කෙනාගෙ එකම ලමයා මම නෙ!"

ටේහ්‍යුන් එහෙම කියල රෙබෙකාට තබ වචනයක්වත් කියන්න නොදී කාර් එකට නැග්ගෙ රෙබෙකා ගිනි පුපුරු ගහන බැල්මකින් ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි..

" attitude ! ඔය attitude තමයි මාව පිස්සෙක් කලේ මයි ලිට්ල් බ්‍රදර්"

රෙබෙකා තමන්ට විතරක් ඇහෙන්න එහෙම මුමුනගන ආයෙම ගේ ඇතුලට ගියෙ ටේහ්‍යුන් ගෙ කාර් එක නොපෙනී යද්දි.

><

ටේහ්‍යුන් හිටියෙ විශ්වවිද්‍යාලෙ. තමන්ට ඕන ඕන විදියට නිවාඩු ගන්න බැරි නිසා ටේහ්‍යුන් ට ජන්ග්කුක් ව බලන්න යන්න බැරිවුනා.ටේහ්‍යුන් ට මුලු දවසම වගේ ඉගැන්වීම් කාලජ්ජේද තියන නිසා දවස් තුනක්ම ටේහ්‍යුන් විශ්වවිද්‍යාලෙන් එලියට ආවේ රෝහලේ රෝගින් බලන වෙලාව පහුවුනාම.

ජන්ග්කුක් ව දකින්නැතුව ජන්ග්කුක් ගෙ කටහඩ අහන්නැතුව ඉන්න එක මොනතරම් අමාරු දෙයක් ද කියල ටේහ්‍යුන් ට මේ ගෙවුන දවස් තුනට තේරුනා.. නිවාඩු නැති කම කෙසේවෙතත් ටේහ්‍යුන් ජන්ග්කුක් ව මුනගැහෙන්න යන්න උනන්දු උනේ නෑ.. මොකද ටේහ්‍යුන් බයවුනා.. ජන්ග්කුක් තමන්ව මොන විදියට පිලිගනීද කියල ටේහ්‍යුන් බයවුනා වගේම ටේහ්‍යුන් ජන්ග්කුක් ට මූණ දෙන්න බයවුනා..

ටේහ්‍යුන් අන්තිමට හිත හදාගත්තා.. ආයෙම ජන්ග්කුක් ව මුණනොගැහි ඉන්න. තමන්ගෙ හැගීම් වලට වහල් වෙලා ආයෙම ජන්ග්කුක් ගෙ ජීවිතේ අපායක් වෙනව දකින්න ටේහ්‍යුන් ට ඕන උනේ නෑ.. දැන් ටේහ්‍යුන් තමන් ගැන හිතාගන ඉන්නෙ කොහොමද ඒ විදියටම ජන්ග්කුක්ට හිතාගන ඉන්න සලස්වන්න ටේහ්‍යුන් ට ඕන උනා..

ජන්ග්කුක් තමන්ට වෛර කලත් ඒකෙන් දෙන්නටම වෙන්නෙ යහපතක් බව ටේහ්‍යුන් හිතුවා. ටේහ්‍යුන් ට තවදුරටත් ඕන උනේ නෑ තමන්ගෙ පලිගැනීමට ජන්ග්කුක් ව ගාවගන්න. ජන්ග්කුක් තමන්ට ආදරේ කරපු බව ටේහ්‍යුන් දැනගන හිටියා වගේම ඒ වෙනුවෙන් ජන්ග්කුක් විදෙව්ව බවත් ටේහ්‍යුන් දැනගන හිටියා..

ඒත් ටේහ්‍යුන් එක දෙයක් හිතාගත්තා.. කවදාවත් ජන්ග්කුක්ට එයාගෙ ගෙ ජීවිතේ රෙබෙකා වගේ ගෑනියෙක් එක්ක ගත කරන්න ඉඩ නොදෙන බව..

හරියටම සති දෙකහමාරක් ගෙවිලා ගිහින් තිබුනා.. ටේහ්‍යුන් ජන්ග්කුක් එකිනෙකා දැකල හරියටම දවස් විස්සකට වඩා ගෙවිලා ගිහින් තිබුනා.. දවස් ගෙවෙද්දි හැමදේම හරියාවි තමන්ට ජන්ග්කුක් ව අමතක වේවි කියල ටේහ්‍යුන් හිතුවත් සිද්දවුනේ ඒකට විරුද්ද දේ.. ගෙවෙන දවසක් ගානෙ ජන්ග්කුක් ගැන මතක ටේහ්‍යුන් ගෙ මනස ඇතුලෙ අලුත් උනා..

විශ්වවිද්‍යාලයෙ ගෙවෙන හැම දවසකම ටේහ්‍යුන් ගෙ පලවෙනි රාජකාරිය උනේ කලාගාරෙ පරික්ශා කරල බලන එක.. ටේහ්‍යුන් ට ඕන උනා ජන්ග්කුක් එනකල් කලාගාරෙ පිරිසිදුවට තියාගන්න වගේම ජන්ග්කුක් ආයෙම ඇවිත්ද නැත්ද කියල දැනගන්න

පුරුදු විදියටම ටේහ්‍යුන් හිටියෙ කලාගාරෙ බලලා ආපහු තමන්ගෙකාල සටහනට අදාල පන්තියට යන ගමන්..

"ඔව් සර්.."

ටේහ්‍යුන් එකපාරටම නතර උනා.. හුරුපුරුදු කටහඩක් ලීසන් ගෙ කාමරේ ළඟින් ඇහෙද්දි ටේහ්‍යුන් ගෙ හදවත එකපාරටම ගැහෙන වේගෙ වැඩිකලා.. ටේහ්‍යුන් එහෙමම තප්පර ගානක් එතන නතර වෙලා හිටියෙ තමන්ට ඇහුන කටහඩ ඇත්තටම එකක්ද කියල දැනගන්න..

"හදිසියේම මෙහෙම කරන්න උනාට සමාවෙන්න සර්.. ම්-මාත් බලාපොරොත්තු වුනේ නෑ වෙඩින් එක මේ තරම් ඉක්මනට ගන්න"

ටේහ්‍යුන් ට දාඩිය දැම්මා. සතුටක්ද ගැස්මක්ද නොතේරෙන හැගීමකින් හිතම පිරෙද්දි ටේහ්‍යුන් එහෙමම දොර ලඟ හිටගන හිටියා..

"මැරි කලාට පස්සෙත් මම උගන්නන්න කැමතියි. ඒත් ඒකට ගෙදරින් කැමති නෑ සර්. එයාලා කියන්නෙ මට එන්ගලන්තෙට යන්න කියල"

ටේහ්‍යුන් ගෙ කකුල් එයාට වාරු නැති උනා.. ජන්ග්කුක් හදන්නෙ රෙබෙකා ව කසාද බැදල කොරියාවෙන් යන්න.. ටේහ්‍යුන් ගෙ ඔලුවෙ මේ වෙලාවෙ වැඩකරපු එකම දේ ජන්ග්කුක් ට රෙබෙකා ව විවාහ කරගන්න දෙන්නෙ නෑ කියන සිතුවිල්ල විතරයි.. ඒ සිතුවිල්ලට පදනම් උනේ ජන්ග්කුක් ගෙ ජීවිතේ අමාරුවෙ දාන්න බෑ කියන දේද තමන්ට ජන්ග්කුක් නැතුව බෑ කියන දේද කියන එක ගැන ටේහ්‍යුන් ටවත් හරි අදහසක් තිබ්බෙ නෑ..

ටේහ්‍යුන් එහෙමම ලීසන් ගෙ ඔෆිස් කාමරේ පැත්තෙන් තියන බිත්තියට මුවා වුනා.. ජන්ග්කුක් ලී සන් ගෙ කාමරේ දොර ඇරගන එලියට එන හඩ ඇහෙද්දි ටේහ්‍යුන් ව වෙව්ලුවා..ටේහ්‍යුන් කවදාවත් මේ තරම් කලබල වෙලා තිබුනෙ නෑ.. ඒත් ජන්ග්කුක් කියන විශය ඇතුලෙදි ටේහ්‍යුන් හැම අතින්ම දුර්වල උනා.. ජන්ග්කුක් ව දැකපු දවසෙ ඉදන්.

ජන්ග්කුක් ලී සන් ගෙ කාමරේ පහුකරගන යනවත් එක්කම ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අතෙන් ඇදල තමන්ගෙ ලඟට ගත්තා.. ඉදිරිය තිබුනෙ බිත්තියකින් මුවා වෙලා වගේම පිටුපස තිබුනෙ ගන කැලෑවත් උන නිසා ඒ අයව කාටවත්ම පෙනුනෙ නෑ..

එකපාරටම උනෙ දේ නිසා ගැස්සුන ජන්ග්කුක් එයාගෙ පුරුදු බෝල ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලද්දි ටේහ්‍යුන් දැක්කෙ නලලෙ තරමක ලොකු ප්ලාස්ටර් එකක් අලවගන මූනෙ තැන තැන සීරිම් පාරවල් තාමත් තියාගන තරු ඇස් දෙකකින් තමන් දිහා බයවෙලා බලාගන ඉන්න ජන්ග්කුක් ව..

_________________________
We may far apart now
But our hearts are still the same
Even if you are not by my side
Even if I'm not by your side
You know we are together
_____________________

Bambi🎈

Continuar a ler

Também vai Gostar

98.8K 15.3K 98
නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහොසත් අහංකාර ජන්කුක්ගෙයි,දුප්පත් අහින්සක ට...
312K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
19.9K 3.3K 38
" ම-ට බ-යයි එයා මට කර-දර කරොත්~~" " ෂ්...ෂ්.. එයා ඔයාට මු-කුත් කරන්නෙ නෑ~~ " ________________________________ " Love ඔයා කොහෙද මාව දලා යන්න හැදුවේ...
21.7K 3.8K 10
කාලයට පුලුවන් උනා ගොඩක් දේවල් වෙනස් කරන්න , ඒත් කාලෙට බැරි උනා තවමත් අපේ හදවත් වෙනස් කරන්න.මට තවත් ඕන් නෑ ඔයාවත්, අපේ ආදරේවත් අභිරහසක් විදියට තියා ගන...