VOLCANO✔️

By Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... More

A/N
1st~
2nd~
3rd~
4th~
5th~
6th~
7th~
8th~
9th~
10th~
11th~
12th~
13~
14th~
15th~
16th~
17th~
18th~
20th~
21st~
22nd~
23rd~
24th~
25th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

19th~

1.3K 309 66
By Oreo_Bambi

ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ගෙ අත් වල. ටේහ්‍යුන් බැල්කනි එකේ තිබ්බ සුදු පාට තීන්ත ගාපු යකඩ පුටුවට වෙලා අහස දිහා බලාගන ඉද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ උකුලට වෙලා ටේහ්‍යුන් දිහාම බලාගන හිටියා..

"ටේහ්‍යුන්ගි..."

"ම්ම්ම්ම්"

"ඔයා දිලිසෙනව"

ජන්ග්කුක් පොඩි එකෙක් වගේ හිනාවෙන ගමන් එහෙම කියද්දි ටේහ්‍යුන් ඇස් පහත් කරල ජන්ග්කුක් දිහා බැලුවා.. ජන්ග්කුක් ගෙ තරු ඇස් හැන්දෑවෙ ඉර අව්වට දිලිසෙමින් තිබුනා.. ඒ තරු ඇස් වලින් ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බලද්දි ටේහ්‍යුන් හිනාවුනා .. ඇස් වලින්..

"දිලිසෙන්නෙ මම නෙවෙයි පෙට්, දිලිසෙන්නෙ ඔයා. මම ඔයාට කියන්න ඕන දේවල් ඔයා මට කියන එකනම් ඉවසන්න අමාරුයි තේරුනාද?"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ නහය හරිම හුරතල් විදියට මිරිකුවා.. ජන්ග්කුක් ඒකට ආස කලා.. ටේහ්‍යුන් ගෙ හැම ඉරියව්වකටම ටේහ්‍යුන් ගෙ හැම වචනෙකටම ජන්ග්කුක් ආස කලා..

"ටේහ්‍යුන්ගි..."

"ම්ම්ම්..මොකො"

"මට ආපහු සෝල් යන්න ඕන නෑ"

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ බෙල්ල වටේට තමන්ගෙ අත් ඔතල ටේහ්‍යුන් ගෙ පපුවට තුරුල් උනා..

"මටත් ඕන නෑ පෙට්.. ඔයා එක්ක දිගටම මෙහෙම ඉන්නයි මටත් ඕන"

ටේහ්‍යුන් ට ඉබේටම එහෙම කියවුනා.. ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඔලුව උඩට සිනිදු හාදුවක් තියල තවත් ජන්ග්කුක් ව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා..

"ඔයා ලඟින් එන සුවදට මං ආසයි.. "

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ පපුවට නහය තියල බර හුස්මක් ගත්තාම ටේහ්‍යුන් හයියෙන් හිනාවුනා..

"ජීවන සුවද පෙට්.. ඒ මගේ ජීවන සුවද"

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ පපුවට හිමීට පාරක් ගහල ටේහ්‍යුන් ගෙ මූන දිහා බැලුවා..ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලල ඇස් වලින් ඇයි අහනකොට ජන්ග්කුක් හිනාවුනා.. ඒ බෝල ඇස් පුංචිම පුංචි කරල ජන්ග්කුක් හිනාවෙද්දි ටේහ්‍යුන් ට දැනුනෙ ඇග ඇතුලෙන්ම සීතලක් යනව වගේ..

ටේහ්‍යුන් ගෙ පපුව වේගෙන් ගැහෙන්න ගද්දි ටේහ්‍යුන් ඉක්මනින් තමන්ගෙ ඇස් ජන්ග්කුක් ගෙන් අහකට අරගත්තා.. ටේහ්‍යුන් කලබල උනා.. ජන්ග්කුක් ලඟ ඉද්දි, ජන්ග්කුක් හිනා වෙද්දි තමන්ට මේ දැනෙන හැගීම ට ටේහ්‍යුන් බයවුනා..

"අ-අද අන්තිම දවස නිසා අපි වයින් එකක් බොමු. හොදම වර්ගේ එකක්"

ටේහ්‍යුන් ජන්ග්කුක් ව තමන්ගෙ පපුවෙන් ඈත් කලාම ජන්ග්කුක් අමනාපෙන් වගේ ටේහ්‍යුන් දිහා බැලුවා..

"එහෙම කියන්නෙපා ටේහ්‍යුන්ගි..මේක අපේ අන්තිම දවස නෙවෙයි..!"

ජන්ග්කුක් තොල පිට පෙරලගන ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි ටේහ්‍යුන් හිනාවෙලා නැගිලට ජන්ග්කුක් ගෙ හීනි ඉන වටෙන් අත දාගත්තා..

"ඔහ් මට සමාවනු මැනවි!"

ටේහ්‍යුන් ජන්ග්කුක් ට හිතන්නවත් වෙලා නොදී ජන්ග්කුක් ව උස්සලා තමන්ගෙ අත් අතරට ගත්තා.. එකපාරටම ගැස්සුන ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ බෙල්ල බදාගන්නකොට ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ලොකු වෙලා තියන බෝල ඇස් දිහා බැලුවා..

"වැ-වැටෙයි ටේහ්‍යුන්ගි.."

"මං ඉන්නකල් ඔයාට වැටෙන්න දෙන්නෑ.. මගේ පුංචි වීනස්"

ටේහ්‍යුන් ජන්ග්කුක් ව තමන්ගෙ අත් අතර තියාගනම ජන්ග්කුක් ගෙ තොල් වලට පුංචි හාදුවක් දුන්නා.. ඒ හාදුව පුංචි උනත් ඒකට පුලුවන් උනා ජන්ග්කුක් ගෙ මුලු ඇගම කනපිට හරවන්න. ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ බෙල්ල අස්සෙන් මූන තියාගද්දි ටේහ්‍යුන් එහෙමම ජන්ග්කුක් ව තමන්ගෙ අත් වල තියාගන ඇතුලට ගියා
________________________

"ජීවිතෙත් හරියට වයින් වගේ පෙට්. අපි ඒකෙ අන්‍තිම බිංදුව වෙනකල්ම රසවිදින්න ඕන... ඒවගේම වයින් කියන දේ රස දැනෙන්නෙ වයසත් එක්ක.. ඒ වගේම තමයි ජීවිතෙත්, රහ වැටෙන්නෙ වයසත් එක්ක"

ටේහ්‍යුන් එයාගෙ සාහිත්‍ය දැනුමෙන් හැමදාම වගේ ජන්ග්කුක් ව සතුටු කරන ගමන් එයා ළඟ තිබ්බ අනර්ග රතු වයින් එකෙන් ටිකක් ජන්ග්කුක් ගෙ වීදුරුවට පිරෙව්වා..

ටේහ්‍යුන් ගෙ තොල් කුනු ලේ පාටට හැරිලා තිබුන විදියෙන් ඒ වයින් එකේ තත්වය ගැන ජන්ග්කුක් ට පැහැදිලි කලා වගේම ඒ තොල් වල රහ බලන්න ජන්ග්කුක් ගෙ හිත පෙලබෙව්වා.

ජන්ග්කුක් හිමීට තමන්ගෙ වයින් එක තොල ගාන ගමන් ටේහ්‍යුන් දිහා බලාගන හිටියා.. එලියෙ සීතල එක්ක ෆාම් හවුස් එක ඇතුලෙ ගිනි උදුන දල්වල තිබුනා. ලයිට් සේරම නිවල දාලා ගිනි උදුනෙ ආලෝකෙන් විතරක් සාලෙ එලිය වෙලා තිබුන එක ජන්ග්කුක් ගෙ හිතට අමුතු හැගීම් ගේන්න සමත් උනා..

ගිනි උදුනෙන් ආව මලානික එලිය, රතු වයින් වල රස වගේම ටේහ්‍යුන් ගෙ දිලිසෙන මූන ජන්ග්කුක් ට ආයෙ ආයෙත් දිව්‍යලෝකයක් මතක් කලා..

"ඔයා තාම පලවෙනි වීදුරුව වත් ඉවර කරල නෑනෙ පෙට්"

ජන්ග්කුක් හිනාවුනා.. හිනාවෙලා අතේ තිබ්බ වයින් වීදුරුවම එක හුස්මට උගුරට හලාගන ඇස් පොඩි කරල ටේහ්‍යුන් දිහා බලපු ජන්ග්කුක් වයින් වීදුරුව ආයෙම ටේහ්‍යුන් දිහාට දික් කලාම ටේහ්‍යුන් තවත් පාරක් ඒ වීදුරුව වයින් වලින් පිරෙව්වා.

"ට්-ටේහ්‍යුන්ගි.."

ජන්ග්කුක් මේ වෙද්දි සම්පූර්න වයින් බෝතලයක්ම ඉවර කරල තිබුනා.. මත් උන ඇස් වගේම පිම්බුන කම්මුල් ජන්ග්කුක් ට ගෙනාවෙ වෙනමම ලස්සනක්..

"ටේහ්‍යුන්ගී... ඔ-ඔයා තමයි මං-හහ්-මං දැකපු කඩවසම්ම කෙනා.."

ජන්ග්කුක් මත් උන කටහඩකින් හිමීට මුමුනල ටේහ්‍යුන් ගෙ උරහිසෙන් ඔලුව තියාගත්තාම ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඉන වටෙන් අත දාලා ජන්ග්කුක් ව තවත් තමන්ට ලං කර ගත්තා..

ටේහ්‍යුන් ඔලුව පහත් කරල ජන්ග්කුක් ගෙ තොල් වලට සිනිදු හාදුවක් දීලා ආයෙම සෝෆා එකට ඔලුව බර කරගත්තාම ජන්ග්කුක් වැනි වැනිම ඔලුව උස්සල ටේහ්‍යුන් දිහා බලල ටේහ්‍යුන් ගෙ කන ලඟට තමන්ගෙ තොල් ගෙනිච්චා..

"ට්-ටේහ්‍යුන්ගි..."

ජන්ග්කුක් ගෙ මත් උන කටහඩ වගේම තොල් වල සීතල ටේහ්‍යුන් ගෙ කන් පෙත්තෙ වදිනකොට ටේහ්‍යුන් ව සීතල උනා..පපුව වෙගෙන් හැගෙද්දි ඇග ඇතුලෙන්ම ආව කැලතීම එක්ක ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක් ගෙ කමිසෙ ඇතුලට තමන්ගෙ දිග ඇගිලි යැව්වා..

" මම ඔයාට ආදරෙයි ටේහ්‍යුන්ගි..."

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ කන ලඟ හිමීට මුමුනපු වචන ටික ඇහුනාම ජන්ග්කුක් ගෙ කමිසෙ ඇතුලෙන් කලිසම ඇතුලට යන්න ගියපු ටේහ්‍යුන් ගෙ දිගු ඇගිලි එහෙමම නතර උනා.. ටික වෙලාවක් මොනවත්ම නොකියා හිටපු ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක් දිහා බලද්දි ජන්ග්කුක් මත් වෙලා බාගෙට පියවුනු ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලාගන හිටියා.. යන්තමට විවර උන රෝස පාට හීනි තොල් උඩ තිබ්බ දාඩිය බිංදු දෙක තුන නිසා ජන්ග්කුක් ව ටේහ්‍යුන් ට පෙනුනෙ පිනි බිංදු වැටිලා තියන මල් පෙත්ත්ක් වගේ..

ටේහ්‍යුන් ගෙ පපුව වේගෙන් ගැහෙන්න අරන් තිබුනා.. ජන්ග්කුක්ගෙන් පිටවුන වචන නිසා ටේහ්‍යුන්ගෙ මත් බව නැතිවුනා වගේම ටේහ්‍යුන් ගැස්සුනා..

"මම ඔයාට ආදරෙයි.. හැමදේටම වඩා.. ඔයා තමයි මගේ ආදරේ ටේහ්‍යුන්ගි"

ජන්ග්කුක් ඇස් පියාගනම හිමීට මුමුණලා ටේහ්‍යුන් ගෙ බෙල්ල අස්සෙන් මූන හංගගත්තා.. ටේහ්‍යුන් මොනවත්ම නොකියා එහෙමම ඉද්දි ටේහ්‍යුන් ට තේරුනා තමන්ගෙ බෙල්ල දිගේ සීතලට තෙත් වෙන බව.

"ජන්ග්කුකී..."

ටේහ්‍යුන් ජන්ග්කුක් ව තමන්ගෙ බෙල්ල අස්සෙන් අයින් කරල ඒ මූනට එබෙද්දි ජන්ග්කුක් බෝල ඇස් වල කදුලු පුරෝගන ටේහ්‍යුන් දිහා බලාගන හිටියා.. ජන්ග්කුක් ගෙ තොල් ඇඩුම් හිරකරගන ඉන්න නිසාම වෙව්ලන්න අරන් තිබුනා වගේම ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙන් ඇස් මගෑරල බිම බලාගත්තා..

"පෙට්...මේ බලන්නකෝ.."

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ මූන නිකටෙන් උස්සලා තමන්ගෙ පැත්ත හැරෙව්වා.. ජන්ග්කුක් ගෙ කම්මුලක් දිගේ කදුලු එක දිගට ගලාගන ගියෙ ටේහ්‍යුන් ගෙ හදවතත් ඒ වගේම දිය කරල දාලා..

"පෙට්..."

"ට්-ටේහ්‍යුන්ගි.."

"කියන්න් පෙට්.. ඇයි මේ?"

ටේහ්‍යුන් හිටියෙ ජන්ග්කුක් ගෙ ඇස් වලට එබිලා . ජන්ග්කුක් ගෙ කම්මුල් දෙකෙන් අල්ලගත්ත ටේහ්‍යුන් ඒ ඇස් දිහා මාරුවෙන් මාරුවට බලද්දි ජන්ග්කුක් ගෙ කදුලු තවත් වැඩිවුනා.

"ඔ-ඔයා මට ආදරේ න්-නෑ..ම්-මම ඒක දන්නව ටේහ්‍යුන්ගි.."

ජන්ග්කුක් ගෙ ඇඩිල්ල දහ ගුනේකින් විතර වැඩිවෙද්දි ටේහ්‍යුන් කලබල උනා වගේම ටේහ්‍යුන් ගෙ හිත රිදුනා.. ජන්ග්කුක් පොඩි ළමයෙක් වගෙ අඩන විදිය දැක්කාම ටේහ්‍යුන් ට දැනුනෙ තමන්ගෙ පපුව ඇතුලෙන් එන වේදනාව මුලු ඇග පුරාම යනව වගේ..

"ජන්ග්කුක් මේ අහන්නකෝ.. ෂ් ෂ්...ලව් මේ අහන්න"

ටේහ්‍යුන් මොනතරම් කිව්වත් ජන්ග්කුක් ගෙ ඇඩිල්ල නතර නොවුන නිසා ටේහ්‍යුන් ට සිද්දවුනා ජන්ග්කුක් ගෙ ඇඩිල්ල බලෙන් හරි නතර කරන්න.

ජන්ග්කුක් ගෙ තොල් අල්ලගත්ත ටේහ්‍යුන් හිමීට් ඒ තොල් අතර උඩ පහල යද්දි ජන්ග්කුක් හයියෙන් හුස්ම ගන්න ගමන් ටික ටික ඒ හාදුවට නතු උනා.. ජන්ග්කුක් සන්සුන් වෙනකල්ම හාදුව නතර නොකල ටේහ්‍යුන් ජන්ග්කුක් සන්සුන් උන බව තේරුනාම හිමීට තමන්ගෙ තොල් ජන්ග්කුක් ගෙ තොල් වලින් අයින් කලා..

ජන්ග්කුක් හිමීට එයාගෙ රතුවෙලා ඉදිමුන බෝල ඇස් ඇරල ටේහ්‍යුන් දිහා බැලුවා.. අඩලම හෙම්බත් උන ඇස් එක්ක පිම්බුන කම්මුල් දෙකක් තිබ්බ ජන්ග්කුක් බෝනික්කෙක් ගෙ පෙනුමක් අරන් තිබ්බා..

ජන්ග්කුක් ගෙ කම්මුල් වල තිබ්බ කදුලු පාරවල් හිමීට පිහිදපු ටේහ්‍යුන් පරිස්සමෙන් ඒ නලලට හාදුවක් දීලා එහාට වෙද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අතෙන් අල්ලගත්තා ..

"ම්-මට ආදරෙයිද ටේහ්‍යුන්ගි ?"

ඒ වචනෙ අහද්දිත් ජන්ග්කුක් ගෙ ඇස් වල කදුලු පිරෙන්න ගත්තා.. ජන්ග්කුක් තරු ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලාගන ඉන්න විදිය දැක්කම ටේහ්‍යුන් කියාගන්න බැරි හැගීම් ගොන්නක් එක්ක පැටලුනේ තමන් ජන්ග්කුක් ළඟ අතරමං වෙලා කියල දැනෙද්දි..

"ට්-ටේහ්‍යුන්ගි මට ආදරේ නෑ. .ක්-කමක් නෑ ම්---"

"මං ආදරෙයි වීනස්... මං ඔයාට ගොඩක් ආදරෙයි"
_____________________

ගෙවුන දවස් දෙක ජන්ග්කුක් මේ තරම් කාලෙකට ජිවිතේ ගෙව්ව සතුටුම දවස් දෙක උනා වගේම ජන්ග්කුක් ඕනාවටත් වඩා සතුටින් හිටියා.. ටේහ්‍යුන් ගෙ උනුහුමේ ගෙවුන කාලය මතක් කරන වාරයක් ගානෙම ජන්ග්කුක් ගෙ හදවත වේගෙන් ගැහෙන්න අරන් ජන්ග්කුක් ගෙ බෝල කම්මුල් රෝස පාට වෙන්න ගියේ තප්පරේකටත් වඩා අඩු කාලයක්..

ජන්ග්කුක් ටේහ්‍යුන් ගැනම හිතුවා.. ජන්ග්කුක් ගෙ හිතේ තිබුනේ ටේහ්‍යුන් කියන කෙනා ගෙ මතකයන් විතරමයි. ඒ හීනි දිගැටි ඇස්, දිග ඇගිලි, ජන්ග්කුක් ව උමතු කරන හිනාව වගේම බැල්ම, ඒ හැමදේම ජන්ග්කුක් ට ආයෙ ආයෙම මතක් උනා වගේම ඒ හැම පාරම ජන්ග්කුක් ව රතු පාටින් හැඩ උනා.. ඒවගේම මේ කාලය පුරාවටම ජන්ග්කුක් ට රෙබෙකා කියන චරිතය ආයෙම වතාවක් සහමුලින්ම අමතක උනා..
.
.
.
.
.
.
.

ජන්ග්කුක් හිටියෙ තමන්ට නියමිත පන්තියෙ.. පලමු වසරට අලුතින් ඇතුලත් උන ශිශ්‍යයන්ගෙන් වැඩි පිරිසක් චිත්‍ර විශය තෝරාගැනීම එක්ක ජන්ග්කුක් ටිකක් කාර්‍යබහුල උනා..

ජන්ග්කුක් හිටියෙ තමන්ගෙ කාලච්ජේදය අවසන් කරල විවේකාගාරයට යන ගමන්. ජන්ග්කුක් ගෙ හිත තිබ්බෙ සැහැල්ලුවෙන්.. ඒ වගේම හුගක් සතුටින්.. ටේහ්‍යුන් තමන්ට ආදරේ කරන බව දැනගත්ත මොහොතෙ ඉදන් ජන්ග්කුක් හිටියෙ සතුටින්.. ජන්ග්කුක් ට එතනින් එහාට වෙන්නෙ මොනවද තමන් කරන්න ඕනෙ මොනවද කියල අදහසක් තිබුනෙ නෑ වගේම ඒ ගැන හිතන්න උවමනාවක් තිබුනෙත් නෑ..

ජන්ග්කුක් විවේකාගාරය ඇතුලට යද්දි ගුරුවරු වැඩි දෙනෙක් එතන නොහිටියා උනාට ජන්ග්කුක් හොයන කෙනා හිටියා..

ඒත්,

ජන්ග්කුක් ගෙ මූන එකපාරටම අදුරු උනේ ටේහ්‍යුන් හිටියෙ තනියම නොවුන නිසා. ටේහ්‍යුන් හිටියෙ හරිම සතුටින් හන්ජි එක්ක කතා කරන ගමන්.. ජන්ග්කුක් ගෙ හිත රිදුන තරම කොච්චරද කියනවනම් ජන්ග්කුක් එහෙමම තප්පර ගානක් දොර ළඟ හිටගන ටේහ්‍යුන් දිහා බලාගන හිටියා..

ටේහ්‍යුන් හිටියෙ සතුටින්.. හන්ජි එක්ක හරි හරියට මොනවදෝ කියවන ගමන් ටේහ්‍යුන් කෑම ගන්න දිහා ජන්ග්කුක් බලාගන හිටියා.. ටික වෙලාවක් ඒ දිහා බලාගන හිටපු ජන්ග්කුක් සද්දෙට පුටුවක් ඇදල එතනින් වාඩිවෙද්දි ටේහ්‍යුන් හන්ජි දෙන්නම ගැස්සිලා වගේ ජන්ග්කුක් දිහා බැලුවා..

ජන්ග්කුක් ටේහ්‍යුන් ව නොදැක්ක ගානට කෝපි එකක් ඇනවුම් කරල අතේ තිබ්බ ෆයිල් එක බලන්න ගත්තා..

"ටේ.."

ටේහ්‍යුන් දිගටම ජන්ග්කුක් දිහා බලාගන ඉන්නව දැක්ක හන්ජි ටේහ්‍යුන් ගෙ අතෙ අල්ලන් කතා කරද්දි ටේහ්‍යුන් හන්ජි දිහා බලල හිමීට හන්ජි ගෙන් තමන් ගෙ අත අයින් කරගත්තා..

"මට දැන් පංතියක් තියනව හන්ජි..මං යනව"

ටේහ්‍යුන් හන්ජි මොකුත් කියන්න කලින්ම විවේකාගාරෙ තැන් දෙකක හන්ජිවත් ජන්ග්කුක් වත් තනියම දාලා එතනින් එලියට ගියා..
_____________________

ජන්ග්කුක් හිටියෙ තමන්ගෙ කාර් එක ගාව. විවේකාගාරෙ සිද්දවුන දෙයින් පස්සෙ ජන්ග්කුක් හිටියෙ ලොකු දුකකින් වගේම කේන්තියකින්..

මනුස්සයෙක් ගෙ දවස වෙනස් වෙන්න ගතවෙන්නෙ තප්පරයකටත් අඩු කාලයක්.. ජන්ග්කුක් ට උනෙත් ඒ දේමයි. අහම්බෙන් හරි ටේහ්‍යුන් ව මුණගැහෙයි කියල හිතුවත් ටේහ්‍යුන් එතනින් පස්සෙ කොහෙ ගියාද කියලවත් ජන්ග්කුක් ට හොයාගන්න බැරිවුනා..

බලන් ඉදලම බැරිම තැන ජන්ග්කුක් කාර් එකට නැගල ශොර වහන්න හදනකොටම එයාට හුරු පුරුදු උනුසුම් දිගු අත ජන්ග්කුක් ගෙ කාර් එකේ දොර අල්ලගත්තා..

"පෙට්.."

"මේ ඔයාගෙ ගෙදර නෙවෙයි!"

"ඔහ්.. ජන්ග්කුක් "

"ඇයි?"

"මාත් එක්ක අපේ ගෙදර යන්"

"මට අද වැඩ තියනව"

ජන්ග්කුක් ගෙ හිත ටේහ්‍යුන් එක්ක යන්නම කියල කිව්වත් දවල් සිද්දිය නිසාම ජන්ග්කුක් කොහොමහරි ටේහ්‍යුන්ව මගාරින්න පුලුවම් විදියට තමන්ගෙ හැගීම් පාලනය කරගත්තා..

"ඔහ් අපරාදෙ.."

"අ-ඇයි?"

"නෑ මට ඔයාට පෙන්නන්න දෙයක් තිබුනා ජන්ග්කුක් "

"තිබුණා?"

"ඔව් දැන් ඔයාට එන්න බැරි නිසා මට ඒක පෙන්නන්න වෙන්නෙ නෑනෙ"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගැන හොදටම දැනගන හිටිය වගේම ජන්ග්කුක් ගෙ හැගීම් හසුරුවන විදියත් හොදාකාරවම දැනගන හිටියා..

"ම්-මොකද්ද පෙන්නන්න තියෙන්නෙ?"

"ඒක බලන්න ඔයාට එන්න බැරිනම් වචනෙන් විස්තර කරල ඒකෙ වටිනාකම අඩුකරන්න මට ඕන නෑ ජන්ග්කුක්.. මොකද කියන්නෙ ඔයා එනවද?"
<>

ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ගෙ කාර් එකේ උනත් දෙන්නා අතර කිසිම කතාබහක් සිද්දවුනේ නෑ.. ගමනාන්තය වෙනකල්ම ජන්ග්කුක් කාර් එකේ වීදුරුවෙන් එලිය බලාගන ගියා වගේම ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා ඇස් කොනින් බලාගන හිටියා..

ජන්ග්කුක් ට ටේහ්‍යුන් දිහා බලන්න ඕන උනත් ජන්ග්කුක් කොහොමින් හරි තමන්ගෙ හැගීම් පාලනය කරගත්තා.. ටේහ්‍යුන් පෙන්නන්න හදන දේ මොකද්ද කියන එක දැනගන්න තිබ්බ කුතුහලේට ටේහ්‍යුන් එක්ක යන්න කැමති උනත් ජන්ග්කුක් ට ඕන උනේ නෑ ටේහ්‍යුන් ට බුරුලක් පෙන්නන්න..
.
.
.
.
.

"මං කියනකල් ඇස් අරින්න එපා පෙට්.."

ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ගෙ නිදන කාමරේ.. ටේහ්‍යුන් ගෙ කීමට අනුව ජන්ග්කුක් හිටියෙ ඇස් පියාගන.. ටේහ්‍යුන් ගෙ කටහඩ විතරක් ඇහෙද්දි කුතුහලෙන් පිරිලා හිටිය ජන්ග්කුක්ගෙ කම්මුල් ඉබේටම රතුවෙලා තිබ්බා..

ජන්ග්කුක් ගෙ කම්මුල් තමන්ගෙ කටහඩට විතරක් රතු පාට වෙනව බලාගන හිටපු ටේහ්‍යුන් ගෙ කට කොනකට ඉබේටම හිනාවක් ආවා..

"මං කියනකල් ඔහොමම ඉන්න.."

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අත තමන්ගෙ අතෙන් අල්ලගන්න ගමන් ජන්ග්කුක් දිහා බලද්දි ජන්ග්කුක් එයාගෙ පියවුනු ඇස් තවත් තදින් පියාගත්තා..ජන්ග්කුක් ගෙ හැසිරීම දැකල ඉබේටම මූනට හිනාවක් ආව ටේහ්‍යුන් ඒ හිනාව එහෙමම මූනෙ තියාගන ජන්ග්කුක් ගෙ අත වටේට තමන් ගෙනාව දේ බැන්දා..

සීතලට අතට යමක් දැනෙද්දි හිමීට ඇස් ඇරල බලද්දි ජන්ග්කුක් දැක්කෙ ටේහ්‍යුන් තමන්ගෙ අතේ රෝස් ගෝල්ඩ් බ්‍රේස්ලට් එකක් ගැටගහනව..

"ටේහ්‍යුන්ගී.."

"ඕහ් පෙට්.. කිව්වානෙ මම කියනකල් ඇස් අරින්නෙපා කියල"

ටේහ්‍යුන් මූන පුම්බගන ජන්ග්කුක් දිහා බලනකොටත් ජන්ග්කුක් ගෙ ඇස් තිබ්බෙ එයාගෙ අත දිහාට හැරිලා.. ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලල ආයෙම එයා ජන්ග්කුක් ට ගෙනාව තෑග්ග දිහා ආඩම්බරෙන් බලද්දි ජන්ග්කුක් ඇස් බෝල ලොකු කරගන ටේහ්‍යුන් දිහා බැලුවා..

"ටේහ්‍යුන්ගි මේක..."

"මගෙන් ඔයාට පුංචි තෑග්ගක්... මගෙ වීනස්.."

ටේහ්‍යුන් හිනාවුනා.. ඒ හිනාව නිසාම ජන්ග්කුක් ගෙ ඇස් වල කදුලු පිරෙන්න වැඩිවෙලාවක් ගියෙ නෑ.. ජන්ග්කුක් ඇස් වල කදුලු පුරෝගනම බ්‍රේස්ලට් එක දිහා බලල ආයෙම ටේහ්‍යුන් දිහා බැලුවාම ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අතෙන් අල්ලගනම ජන්ග්කුක් ළඟට ආවා..

"ටේහ්‍යුන්ගි මේක-මේක හුගක් වටින එකක් නේ.."

"ම්ම්ම්ම්.. ඔව් දියමන්ති හුගක් වටිනව.. එ වගේම රෝස් ගෝල්ඩ් දැන් අලුත්ම විලාසිතාව නිසා ඒකත්... ටිකක් මිලෙන් වැඩියි"

ටේහ්‍යුන් ඩ්‍රැමටිකල් විදියට එහෙම කිව්වාම ජන්ග්කුක් මොකුත්ම නොකියා ටේහ්‍යුන් දිහා බලාගනම හිටියා. ජන්ග්කුක් ගෙ බෝල ඇස් දැක්කාම ටේහ්‍යුන්ට හිනානොවී ඉන්න බැරිවුනා.. ටේහ්‍යුන් හිනාවෙවීම ජන්ග්කුක් ගෙ ඔලුව හරිම ආදරෙන් අතගාලා ජන්ග්කුක් ගෙ අතේ තිබ්බ තමන් දුන්න ලස්සන පුංචි තෑග්ග දිහා බැලුවා..

"ඔයා මගේ වීනස්.. ඉතින් මං මගේ වීනස් ට වීනස් ව ගෙනත් දුන්නා.."

ටේහ්‍යුන් එහෙම කියල ජන්ග්කුක් ගෙ අතේ තිබ්බ බ්‍රේස්ලට් එකේ මැද සුදු පාට දියමන්තියක් අල්ලල තිබ්බ පුංචි වීනස් තරුව ඇගිල්ලෙන් අතගාලා ආයෙම ජන්ග්කුක් දිහා බැලුවා..

"හැමදාම මගේ වීනස්ම වෙලා ඉන්න ජන්ග්කුක්.. මගේ අහසෙ විතරක්ම පායන්න"

ටේහ්‍යුන් ගෙ කටහඩ සාමාන්‍ය විදියෙන් වෙනස් වෙලා තිබුනා.. ටේහ්‍යුන් ගෙ ගැබුරු හීනි ඇස් ජන්ග්කුක් ගෙ ඇස් අස්සෙ ගිලෙද්දි ජන්ග්කුක් කදුලු පිරුන බෝල ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලල ඔලුව උඩ පහල වැනුවා..

"ඒක ඔයාට ලස්සනයි.. "

ටේහ්‍යුන් ආඩම්බරෙන් වගේම ආසාවෙන් තමන් ජන්ග්කුක් වෙනුවෙන් ගත්ත තෑග්ග දිහා බලාගන කියද්දි ජන්ග්කුක් කම්මුල් දිගේ කදුලු ගලද්දි ටේහ්‍යුන්ගෙ පපුවට තුරුල් උනා..

"මම ඔයාට ආදරෙයි ටේහ්‍යුන්ගි.. අන්තිම මොහොත වෙනකල්ම ආදරෙයි"
_____________________

ජන්ග්කුක් ගෙදර එද්දි හුගක් හවස් වෙලා තිබුනා.. ටේහ්‍යුන්ගෙ කාර් එකෙන් ආයෙම විශ්වවිද්‍යාලය ලඟට ගිහින් ජන්ග්කුක් එයාගෙ කාර් එකේ නැගල ගෙදර එන්න පිටත් උනා..

ජන්ග්කුක් තමන්ගෙ අතේ තියන සුලබ ගනයේ අනර්ඝ වීනස් බ්‍රේස්ලට් එක දිහා බලාගන තමන් එක්කම හිනාවෙන ගමන් ගෙට ගොඩ වුනත් දැනුන මොකද්දෝ නුහුරු බව නිසා ඇස් උස්සලා ඉස්සරහ බැලුව..

"රෙබෙකා.."

රෙබෙකා හිටියෙ ජන්ග්කුක් ගෙ ඉස්සරහ. ජොන් මහත්මියත් රෙබෙකා එක්ක මොකද්දෝ කතාවක ඉදල ජන්ග්කුක් එද්දිම ඒක නතර කලා.. කතාව මොකක් උනත් ඒක ඒ තරම් හොද කතාවක් වෙන්න බැරි බව ජන්ග්කුක් ට තමන්ගෙ මවගෙ මූනුවරෙන් තේරුනා උනත් ඒක මොකක් වෙන්න ඇතිද කියල හිතාගන්න බැරිවුනා..

"ඔහ්.. ඔයා ඇවිත්.. මාව මතකද ජන්ග්කුක් ?"

රෙබෙකාගෙ උපහාසාත්මක කටහඩ එක්ක ජන්ග්කුක් ගෙ මූන වෙනස් උනත් රෙබෙකා මෙහෙම හැසිරෙන්න මොන හේතුව හේතුවක් උනාද කියන එක ජන්ග්කුක් ට ප්‍රශ්නයක් උනා..

"ආන්ටි මට ජන්ග්කුක් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕන..ජන්ග්කුක් අපි යන් ඔයාගෙ කාමරේට"

රෙබෙකා ජන්ග්කුක් ට හිතන්නවත් වෙලාවක් නොදී පඩිපෙල දිගේ උඩට යද්දි ජන්ග්කුක් ජොන් මහත්මිය දිහා බලල ආයෙම රෙබෙකා දිහා බැලුවා.. ජොන් මහත්මිය ඇස් වලින් රෙබෙකා එක්ක යන්න කියල සන් කලාම ජන්ග්කුක් කලේ රෙබෙකා ගෙ පස්සෙන් තමන්ගෙ කාමරේට ගිය එක..
.
.
.
.
"රෙබෙකා..?"

"ට්‍රිප් එකක් යනව කියල හැමෝටම බොරු කරල දවස් දෙකක් තිස්සෙ ඔයා කොහෙද ගියෙ මිස්ටර් ජොන් ජන්ග්කුක් ??"

___________________
Woah star,
This night in which I think of you
Woah star,
Its shines brightly
Thats right you are the best
As long as you have a dream,
You dont have to worry
If you believe , it will shine
The pearl of the future, right
___________________




Concert vibes again🙂💚💜️

Bambi🎈

Continue Reading

You'll Also Like

98K 14K 51
Tae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද ක...
15.1K 3.5K 29
Just for fun Started : 2022 : 02: 13
279K 4.2K 29
Hi, everyone. This is my first time publishing my works. I've never done this before. And I'm writing a one shots story with the Bungou stray dogs ch...
1.1M 49.4K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC