VOLCANO✔️

Por Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... Más

A/N
1st~
2nd~
3rd~
4th~
5th~
6th~
7th~
8th~
9th~
10th~
11th~
12th~
13~
14th~
15th~
16th~
18th~
19th~
20th~
21st~
22nd~
23rd~
24th~
25th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

17th~

1.3K 310 29
Por Oreo_Bambi

ජිමින් හිටියෙ තමන්ගෙ කාර් එක ඇතුලෙ. වෙලාව රාත්‍රී නවය පහුවෙලා තිබුනත් ජිමින් බලාපොරොත්තු උන කෙනා තාමත් ජිමින් ට මුණගැහුනෙ නෑ..

ජිමින් කොහොමහරි යුන්ගි ගෙ බෝඩිම හොයාගත්තත් උදේ හතරට එලියට ගිය යුන්ගි රෑ දහය වෙනකලුත් බෝඩිමට ආවෙ නැති එක ගැන ජිමින් ට තිබුනෙ ලොකු කනගාටුවක්.. යුන්ගි මේ විදියට දුක් විදින්න ඕන කෙනෙක් නොවන බව ජිමින් හොදාකාරවම දැනගන හිටියා වගේම හේතුව තමුන් කියන සිතුවිල්ල ජිමින් ව රිද්දුවා.

වෙලාව රෑ එකොලහ පහුවෙනකොට ජිමින් හිටියෙ ඇස් ඉබේටම පියවෙන තරමෙ නිදිමතක උනත් ආයාසයකින් ඇස් ඇරගන ඉන්න ජිමින් හුගක් උත්සහ කලා.. කාර් එකේ වීදුරුවට තට්ටු කරන සද්දෙට එකපාරටම ගැස්සිලා ඇහැරුනාම ජිමින් දැක්කෙ කාර් එකේ වීදුරුවෙන් එලියෙ පේන සුදුමැලි මූන..

ජිමින් ඉක්මනට කාර් එකෙන් බැහැලා යුන්ගි ඉස්සරහින් හිටගත්තා. යුන්ගි හිස් බැල්මකින් ජිමින් දිහා බලන් හිටියත් යුන්ගි මෙතන නතර උන එක ගැන ජිමින් දෙවියන්ට අනේකවාරයක් ස්තූති කලා..

"කියන්න දෙයක් තියනවද?"

ලොකු නිහැඩියාවකට පස්සෙ යුන්ගි කට ඇරියෙ ජිමින් මොකුත්ම කතා කරන පාටක් නොතිබ්බ නිසා..

"න්-නෑ.. මේ ඔව්-ඔව් තියනව"

ජිමින් ආසයකින් වචන පටලවගන උත්තර දුන්නම යුන්ගි ජිමින් දිහාම බලාගන හිටියා.. හරියට ජිමින්ට කියන්න තියන දේ ජිමින් කියනකල් වගේ..

"ඇත්තටම මට ඔයාව දකින්න ඕන උනා. ඒකයි මම-"

"කීයෙ ඉදන්ද?"

"අහ්?"

"මෙතන ඉන්නෙ කීයෙ ඉදන් ද?"

"පාන්දර හතරෙ වගේ ඉදන්"

ජිමින් ගෙ උත්තරේ එක්ක යුන්ගි ගැස්සුනත් ඒ බවක් ජිමින් ට නොපෙන්නා ඉන්න යුන්ගි ලොකු උත්සහයක් ගත්තා.. සාක්කු දෙකට අත් දෙක දාගන ටික වෙලාවක් ජිමින් දිහා බලන් හිටපු යුන්ගි අඩි දෙකක් විතර ජිමින් ගෙ ලඟට ආවා..

"කාලද?"

යුන්ගි ජිමින් ගෙ මූනටම ලංවෙලා එහෙම අහද්දි ජිමින් බලාගන හිටියෙ යුන්ගි ගෙ ඇස් දිහා.. යුන්ගි අහපු දේට උත්තර දෙන්න ජිමින් ට සිහියක් තිබ්බෙ නෑ. ජිමින් දිගටම යුන්ගි ගෙ ඇස් දිහාම බලාගන හිටියා..

"මං ඇහුවෙ කාලාද ඉන්නෙ කියල!"

යුන්ගි ටිකක් සැරේට එහෙම අහද්දි ජිමින් ගැස්සිලා වගෙ යුන්ගි දිහා බලල නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා..

"මං ළඟ මෙච්චරයි තියෙන්නෙ. දෙන්නෙක්ට ඇතිවෙයි කියල හිතන්න අමාරුයි"

යුන්ගි තමන්ගෙ අතේ තිබ්බ කෑම පාර්සලේ ජිමින් ට පෙන්නුවාම ජිමින් ඒක දිහා බලල ආයෙම යුන්ගි දිහා බැලුවා..

"එනව යන්න"

යුන්ගි එහෙම කියල ජිමින් ට බැල්මක් වත් නොදී ඉස්සර වෙද්දි ජිමින් කාර් එකේ යතුර අතට අරගන යුන්ගි ගෙ පස්සෙන් වැටුනා..
______________

ජිමින් හිටියෙ යුන්ගි ගෙ පොඩි ස්ටුඩියෝ කාමරේ. ඒක යන්තන් දෙන්නෙක්ට විතරක් ඉන්න පුලුවන් තරමට ඉඩ තිබුන පුංචි කාමරයක්.

ජිමින් ඒ කාමරේ තිබුන පොඩි ස්ටූල් එකෙන් වාඩිවෙලා වටපිට බැලුවා..මුලු කාමරේම තිබ්බෙ එක එක ජාතියෙ සංගීත භාණ්ඩ. යුන්ගි තාමත් වෙනස් වෙලා නෑ.. ජිමින් ට හිතුනෙ එහෙම..

යුන්ගි ජිමින් ට බැල්මක් වත් නොදී කාමරේ තිබ්බ පොඩි දොරකින් ඇතුලට ගියා. ජිමින් ටික වෙලාවක් ඔහේ බලාගන ඉදල ඇතුලින් ආව කෑම සුවද දිගේ යුන්ගි හිටපු තැනට හිමීට ඇදුනා..

යුන්ගි ඇදගන හිටපු හූඩි එකෙ අත් දෙක වැලමිට ලඟට දෙනකල් නවාගන මොනාදෝ උයන ගමන් හිටියෙ..

මේ වෙලාවෙ යුන්ගි ගෙන් පෙනුනෙ කියාගන්න බැරි තරමෙ ආකර්ශනීය පෙනුමක්.. ඒකට ජිමින් වහ වැටුනා.. එක දිගටම යුන්ගි ගෙ කඩිසර අත් දෙක දිහා වගේම කූරු කොන්ඩෙන් වැහිලා තිබ්බ ඇස් දිහා බලන් හිටපු ජිමින් ගෙ හිත සතුටින් පිරිලා තිබුනා.. යුන්ගි එක්ක එක තැනක ඉන්න තප්පර ගානට පුලුවන් උනා ජිමින් ගෙ හිත සතුටින් පුරවන්න

"මහන්සි වෙන්න ඕන නෑ.. මට බඩගිනි නෑ"

ජිමින් වචනෙන් එහෙම කිව්වට ජිමින්ගෙ හිත වගේම දිව නම් කිව්වෙම යුන්ගි අතෙන් හදන කෑම එකක රස බලන්න කියලමයි.. මොකද ජිමින් දැනගන හිටියා යුන්ගි හොද කෝකියෙක් බව..

"මං උයන්නෙ මට බඩගිනි නිසා ජිමින්!"

යුන්ගි ජිමින් දිහාවත් නොබල ඒ වචන ටික කියල බිත්තරයක් කඩලා සාස්පාන ට දැම්මා.. මේසෙ උඩ තියන කෑම පාර්සලේ කාටද කියල ජිමින් ට යුන්ගි ගෙන් අහන්න හිතුනත් ජිමින් සද්දයක් නැතුවම බිත්තියට හේත්තු වෙලා යුන්ගි උයන දිහා බලාගන හිටියා..
.
.
.
.
.
.
.

"ඔයාට මහන්සි නැද්ද යුන්ගි?"

ජිමින් හිටියෙ යුන්ගි ළඟ තිබුන එකම හොදම වයින් එකෙන් උගුරක් බොන ගමන්.. යුන්ගි ගෙ කෑම මොනතරම් රසද කියනවනම් යුන්ගි ට කන්න උනේ එයා කඩෙන් ගෙනාව කෑම පාර්සල් එක..

"නෑ මට පුරුදුයි"

යුන්ගි එහෙම කියල දිගටම කෑම එක කන්න පටන් ගත්තා.. යුන්ගි ගෙ හැසිරීම ගැන ජිමින් ට කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නෑ.. මොකද යුන්ගි කවදාවත් කිසිම කෙනෙක්ට ඕනාවට වඩා බුරුලක්, තැනක් දීපු කෙනෙක් නෙවෙයි. ඉතින් තමන් අහන හැම දේකටම යුන්ගි එක වචනෙකින් දෙකකින් උත්තර දෙන එක ජිමින් ට ප්‍රශ්නයක් උනේ නෑ..

ඒත් යුන්ගි තමන් වෙනුවෙන් කෑම හදපු එක.. ඒක ජිමින් ට ලොකු දෙයක් උනා

ජිමින් තමන් ගෙ කෑම එක කාලා හිමින් හිමින් කෑම එක කන යුන්ගි දිහා බලාගන හිටියා.. ඒ ඇස් හුගක් මලානිකයි ඒ වගේම ගැබුරුයි.. හැමෝටම වඩා සුදුමැලි හමක් තිබ්බ යුන්ගි නිතරම අදින කලු පාට ඇදුම් වගේම එයාගෙ කලුම කලු පාට ඉත්තෑකූරු කොන්ඩෙ නිසා කාටවත් නොපෙනෙන ජිමින් ට විතරක් පේන කියාගන්න බැරි ආකර්ශනීය බවක් යුන්ගි තුල තිබ්බා..

ජිමින් පසුතැවුනා.. මීට කලින් මේ හැගීම දැනුනනම්.. මීට කලින් සම්මතේට තමන්ගෙ හැගීම් හිර නොකර හිටියනම්.. එහෙනම් මේ වෙලාවෙ යුන්ගි මෙහෙම පොඩි කාමරේක තනියම ජීවත් වෙන්නෙත් නෑ.. එහෙනම් තමන් ට මේ වෙලාවෙ නිකන්ම ඉදගන යුන්ගි ගෙ මූන දිහා බලාගන ඉන්න වෙන්නෙත් නෑ..

"කාලා ඉවරනම් යන්න.. දැන් හුගක් රෑ වෙලා"

ජිමින් ගැස්සුනේ යුන්ගිගෙ කටහඩට. තමන් මෙච්චර වෙලා යුන්ගි දිහා බලන් ඉදපු බව මතක් වෙලා කම්මුල් රත් වෙද්දි ජිමින් බිම බලාගත්තා.. යුන්ගි ජිමින් ට එහෙම කියල පිඟන් ටිකත් අරගන නැගිටල යන්න හදනකොට ජිමින් යුන්ගි ගෙ අතෙන් අල්ලලා නතර කලා..

"මට යන්න බෑ!"

ජිමින් හිටියෙ යුන්ගි ගෙ ඇස් දිහාම බලාගන. ජිම්න් කිව්ව දේට වචනෙන් ප්‍රතිචාර නොදුන්න යුන්ගි ආයෙම ඉදගන හිටපු තැනින් ඉදගන ජිමින් ගෙ අත තමන්ගෙ අතෙන් අයින් කලා..

"මට එකම දේ දෙපාරක් කියන්න තියන්න එපා ජිම්න්!"

යුන්ගි ගෙ කටහඩේ පොඩිම තෙතමනයක් වත් නොතිබ්බ එක ජිමින් ව රිද්දුවත් මේ විදියට එකපාරින්ම යුන්ගි ගැන තමන්ගෙ හිතේ තියන හැගීම් මරල දාන්න ජිමින් ලෑස්ති උනේ නෑ.

"ම්-මටත් එකම දේ දෙපාරක් කියන්න බෑ.. මට යන්න බෑ!"

ජිමින් ඒක කිව්වෙ ටිකක් සද්දෙට. ඒ වචන යුන්ගිගෙ ඉවසීම නැති කරද්දි යුන්ගි ජිමින් ගෙ කමිසෙ කොලර් එකෙන් ඇදල තමන්ගෙ ලඟට ගත්තෙ ආත්මයක් ගිල්වන්න පුලුවන් ජාතියෙ එයාගෙ ගැබුරු ඇස් වලින් ජිමින් ගෙ ඇතුලාන්තයම අවුලන ගමන්..

"මගේ ඉවසීම පරික්ශා කරන්නෙපා ජිමින්! තමුන් හිතනවට වඩා මම ගොඩක් නරකයි"

යුන්ගි හිටියෙ රතු වෙලා.. කේන්තියට ඉලිප්පින බෙල්ලෙ නහර වලට බයවෙනව වෙනුවට ජිමින් ට ඕන උනා ඒවා සිපගන්න. ජිමින් යුන්ගි ට ඕනාවට වඩා ඇබ්බැහි වෙලා තිබුනා.. යුන්ගි ගෙන් මොනවත්ම නොලැබිම ජිමින් යුන්ගි ට ඇබ්බැහි වෙලා තිබුනා..

"ඔයා හිතනවට වඩා මම ඔයාට ගොඩක් ආදරෙයි.. යුන්ගි ප්ලීස් මෙහෙම කරන්නෙපා! මට මෙහෙම කරන්නෙපා දෙයියනෙ!"

ජිමින් ගෙ තොල් වෙව්ලුවා.. උගුර වේලුම් කනව වගේ දැනෙනකොට ජිමින් යුන්ගි ට හිතන්නවත් වෙලා නොදී තමන්ගෙ කොලර් එකේ තිබ්බ යුන්ගි ගෙ අත අයින් කරල ඒ පපුවම ඔලුව තියාගත්තා.

යුන්ගි ගැස්සුනා..

යුන්ගි මොනවත්ම නොකර එහෙමම ඉද්දි ජිමින් තවත් යුන්ගි ගෙ පපුවට තුරුල් උනා..

"මට-මට එකපාරක් සමාව දෙන්න.. මම හැමදේම හරිගස්සන්නම්.. ප්ලීස්.. යුන්ගි හ්‍යුන් ප්ලීස්.. මට බෑ මෙහෙම ඔයා දිහා බලාගන මොකුත්ම දැනෙන්නැති ගානට ඉන්න.. මට බෑ-ම්-මට බෑ ඔයාට ආදරේ නොකර ඉන්න!"

"අයින් වෙන්න ජිමින්!

යුන්ගි ජිමින් ට අතක්වත් නොතියා එහෙම කියද්දි ජිමින් කලේ තවත් යුන්ගිගෙ පපුවට තුරුල් උන එක..

"ජිමින්! සැරයක් කිව්වම අයින් වෙනවා!"

යුන්ගි සාමාන්‍යෙන් කෑගහන කෙනෙක් නොවුනත් මේ වෙලාවෙදි යුන්ගි මුලු බෝඩිම් කාමරේම දෙදරල යන තරමට කෑගැහුවා. ඒ සද්දෙට ජිමින් ගැස්සුනත් යුන්ගි ට පුලුවන් උනේ නෑ ජිමින් ව තමන්ගෙ පපුවෙන් අයින් කරගන්න..

"ජිමින්!!!"

යුන්ගි ජිමින් ගෙ උරහිස් වලින් අල්ලලා ජිමින් ව තමන්ගෙ පපුවෙන් ඈත් කරල ඒ ඉදිමිලා රතු උන මූනට එබුනා.. ජිමින් ගෙ ඇස් වලින් වැටුන කදුලු කම්මුල් දිගේ පහලට වැටෙද්දි ජිමින් හුස්ම උඩට අදින ගමන් යුන්ගි දිහාම බලාගන හිටියා..

"දැන් මෙතනින් යන්න!"

යුන්ගි ගෙ කටහඩ බාල වෙලා තිබ්බත් ඒ කටහඩේ කිසිම තෙතමනයක් තිබ්බෙ නෑ.. යුන්ගි ජිමින් ගෙන් තමන්ගෙ ඇස් මගෑරල අහක බලාගන තමන්ගෙ වෙව්ලන තොලක් හපාගත්තෙ තමන්ට ජිමින් ගෙ කදුලු දිහා බලාගන ඉන්න තරම් ශක්තියක් නැතිවෙද්දි..

"ය්-යුන්ගි.. හ්‍යුන් මට මෙහෙම කරන්නෙපා.. ප්ලීස් මම වදින්නම්. දෙ-දෙවියන්ගෙ නාමෙන් මට එකම එක චාන්ස් එකක් දෙන්න..මට-මට හ්‍යුන් නැතුව ඉන්න බෑ හ්‍යුන්.. ප්ලීස්.. යුන්ගි හ්‍යුන් ප්ලීස්"

ජිමින් ඇඩුවා.. ජිමින් එයාගෙ ජීවිතේටම අඩපු නැති තරමට ඇඩුවා.. කම්මුල් රතු වෙනකල්ම ඇස් දෙක බොද වෙලා යුන්ගිව නොපෙනෙනකල්ම ජිමින් ඇඩුවා.. ආයෙම යුන්ගි ගෙ පපුවෙන් ඔලුව ගහගත්ත ජිමින් තමන්ට ඇතිවෙනකල් ඇඩුවා.. යුන්ගි මොනවත්ම කිව්වෙ නෑ.. යුන්ගි කලේ ඔහේ බලාගන හිටපු එක උනත් යුන්ගි ගෙ පපුවට ජිමින් ගෙ කදුලු බර වැඩි වුනා..

යුන්ගි ජිමින් ගෙ ඉකිය ටික ටික අඩුවෙනකල් තමන්ගෙ පපුවට ඔලුව තියාගන ඉන්න ඉඩ දුන්නා.. ජිමින් ගෙ සද්දෙ ටික ටික අඩු වෙද්දි යුන්ගි ජිමින් ව ආයෙම තමන්ගෙ පපුවෙන් ඈත් කලා. ජිමින් ගෙ උරහිසට අත් දෙක තිබ්බ යුන්ගි ඒ ඉදිමිලා රතු උන ඇස් දිහාම ටික වෙලාවක් බලාගන ඉදල ජිමින් ගෙ නලලින් නලල තියාගත්තා..

යුන්ගි හිටියෙ ඇස් පියාගන.. පියවුනු ඇස් එක්ක ලොකු හුස්මක් ගත්ත යුන්ගි හිමීට ඇස් ඇරල ජිමින් දිහා බලද්දි ජිමින් හිටියෙ ඇස් පියාගන. සැරින් සැරේට කැඩි කැඩි එන ඉකිබිදුමක් එක්ක ජිමින් ගෙ ඇස් අග කදුලු බිංදුවක් රැදිලා තිබ්බා.

යුන්ගිට මතක් උනේ තමන් ආදරේ කරන්න පටන් ගන්න කාලෙ හිටපු ජිමින් ව. ජිමින් පොඩ්ඩක්වත් වෙනස් වෙලා තිබ්බෙ නෑ.. ඒ පිම්බුන කම්මුල්, ඒ අඩද්දි ඉදිමුන ඇස් වගේම රතු පාටට පිම්බිලා තිබ්බ නහය යුන්ගි ට ආයෙ ආයෙම ජිමින් ගැන ආදරයක් ඇති කලා..

"ජිමින්...."

යුන්ගි හිමීට කතා කලා. ඒ කටහඩේ තිබ්බෙ හරිම නිවුනු ගැබුරු බවක්. ජිමින් හිමීට ඇස් ඇරල යුන්ගි දිහා බලද්දි යුන්ගි හිටියෙ ජිමින් ගෙ ඇස් අස්සෙ ගිලිලා..

"මාව මෙහෙම අසරණ කරන්නෙපා ජිමින්.."

යුන්ගි ගෙ කටහඩ බිදිලා තිබුනා. ජිමින් ගෙ නහයට තමන්ගෙ නහය ගාවන ගමන් යුන්ගි එහෙම කියද්දි ජිමින් තමන්ගෙ තොල හපාගන ජිමින් ගෙ නහයට තවත් තමන්නෙ නහය තදකලා..

"බෑ.. මට ඔයාව ඕනෙ.. "

ජිමින් ගෙ කටහඩ බිදිලා තිබුනා. අඩලම හෙම්බත් උන ඇස් වලින් යුන්ගි දිහා බලපු ජිමින් යුන්ගිගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන මූන එහාට කරගන්න හදනකොටම යුන්ගි තද කරල ජිම්න් ගෙ කම්මුල් අල්ලගන ඒ තොල් වලට බරවුනා..

ජිමින් ට දැනුනෙ තමන්ගෙ පපුව ගැලවෙන්න එනව වගේ.. මේ වෙලාවෙ ජිමින් ට ඕනම උන දේ යුන්ගි ගෙ සීතල තොල් වලින් ලැබෙන හාදුව.. ජිමින් ඒ හාදුව විදින ගමන් ඒ හාදුවට නතුවුනා.. ජිමින් ගෙ ඉන වටෙන් අත් දාලා තවත් තමන්ට ලං කරගත්ත යුන්ගි ජිමින් ගෙ තොල් උමතුවෙන් වගේ සිපගද්දි ජිමින් යුන්ගි ගෙ සිනිදු කොන්ඩෙ අතරින් තමන්ගෙ ඇගිලි යවල සිනිදුවට අතගෑවා..

"මෙහෙම වෙන්නෙපා ජිමින් .. මට මාව පාලනය කරගන්න බෑ!"

හාදුව අතරින්ම යුන්ගි එහෙම කියද්දි ජිමින් ටික වෙලාවක් යුන්ගි ගෙ තොල් උඩ කිසිම චලනයක් නැතුව තමන්ගෙ තොල් තියාගන ඉදලා ආයෙම උමතුවෙන් වගේ ඒ තොල් සිපගන්න ගත්තේ යුන්ගි ජිමින් ව උස්සලා තමන්ගෙ ඔඩොක්කුවෙන් තියාගනිද්දි

<>

මුලු සෝල් නගරෙම තිබුනෙ කාර්‍යබහුල තත්වෙක.. ජන්ග්කුක් හිටියෙ පාරෙ යන මෝටර් රථ දිහා බලාගන ලොකු කල්පනාවක.

"ජන්ග්කුක්.. මේ බලන්නකො"

පිටිපස්සෙන් ඇහුන රෙබෙකා ගෙ කටහඩට ජන්ග්කුක් හැරිලා බැලුවා.. රෙබෙකා සුදු පාට පිම්බුන ගවුමක් ඇදල ලොකු හිනාවකින් මූන පුරවගන ජන්ග්කුක් දිහා බලාගන හිටියා..

රෙබෙකා ඇත්තටම ලස්සනයි.. ඒක ගැන ජන්ග්කුක් ට කිසිම සැකයක් නොතිබුනත් රෙබෙකා ගෙ ලස්සන අල්පමාත්‍රයක් වත් විදින්න ජන්ග්කුක් ට බැරිවුනා..

"හොදයි රෙබෙකා.. ඒක ලස්සනයි"

ජන්ග්කුක් එහෙම කියල ඊලඟ තප්පරේම ආයෙ පාර දිහා බැලුවෙ රෙබෙකා ගෙ මූන අදුරු වෙලා යද්දි. රෙබෙකා වටපිට බලල එයාගෙ ගවුමත් එක අතකින් අල්ලගන අනිත් අතෙන් ජන්ග්කුක් ගෙ අත අල්ලගන ශොප් එකේ මුල්ලකට ගියා..

"ඔයාට මොකද්ද ජන්ග්කුක් වෙලා තියෙන්නෙ? වෙඩින් එක මගේ විත‍රද?"

රෙබෙලා කතා කලේ දත් මිටි කන ගමන්.. ඒ ඇස් වල තිබ්බෙ ලොකු කේන්තියක්. ඒත් ජන්ග්කුක් ගෙන් කිසිම කලබලයක් පේන්න තිබ්බෙ නෑ.

"මොකද්ද මට කරන්න කියන්නෙ රෙබෙකා? ඔයා වගේ ඇදුම් දාහක් විතර සැරින් සැරේ ඇදගන ඇවිත් හැඩ බලන්න කියලද? මං අලුතින් වැඩට ගියෙ. එතනින් නිවාඩුවක් දාලා ඇවිත් මෙතන කිසිම හදිස්සියක් නැති වැඩකට ඔයා මාව එක්කන් ඇවිත් මගේ පැය හතරක්ම මෙතන මේ ශොප් එකේ ඔයා නාස්ති කලා"

ජන්ග්කුක් කිව්වාම රෙබෙකා ගිනිපිටවෙන ඇස් වලින් ජන්ග්කුක් දිහා බැලුවා.. ජන්ග්කුක් ට කේන්ති ගිහින් තිබුනා. ඒ එයාගෙ පැය හතර වෙනුවෙන් නෙවෙයි අද ටේහ්‍යුන් ව මුණගැහෙන්න බැරිවුන එක වෙනුවෙන්..

ජන්ග්කුක් කිව්ව දේවල් වලට රෙබෙකා මොනවත්ම කිව්වෙ නෑ.. ඒ වෙනුවට රෙබෙකා කලේ කේන්තියෙන් ජන්ග්කුක් දිහා බලාගන හිටපු එක..

"මම ටිකක් එලියට යනව රෙබෙකා. ඔයාට තව බලන්න ඇදුම් හුගක් තියන එකේ දැන්ම ඕක ඉවර වෙන එකක් නෑනෙ. මං එන්නම්"

ජන්ග්කුක් එහෙම කියල ශොප් එකෙන් එලියට ගියේ රෙබෙකා ගෙන් මොනවත්ම ප්‍රතිචාරයක් හම්බෙන්න කලින්..

"ඔයාගෙ බෙල්ලෙ තියන පැල්ලම් වල අයිතිකාරි ගැන මම හොයාගන්නම් ජන්ග්කුක් !"

ශොප් එකෙන් එලියට ඇවිදගන ගන ජන්ග්කුක් දිහා බලාගන හිටපු රෙබෙකා තමන්ටම එහෙම මුමුණගන ආයෙම ශොප් එක ඇතුලට ගියා..

__________________

"ට්-ටේහ්‍යුන්ගි.."

ජන්ග්කුක් හිටියෙ දුරකතන කුටියක. ටේහ්‍යුන් ගෙ අංකෙ මතක තිබ්බ නිසා ජන්ග්කුක් ට පුලුවන් උනා කාසි කීපයක් හොයාගන ටේහ්‍යුන් ට කෝල් එකක් ගන්න..

"පෙට්.. මේ ඔයා නේද?"

"කොහොමද අදුනගත්තෙ?"

"ඔය කටහඩෙන් ඔය වචනෙ මම දහස් වතාවක් විතර අහල තියනව පෙට්.. ඇයි අද විශ්වවිද්‍යාලෙට ආවෙ නැත්තෙ?"

"රෙබෙකා එක්ක වෙඩින් ඩ්‍රෙස් බලන්න ආවා"

ජන්ග්කුක් එහෙම කිව්වාම ටේහ්‍යුන් ගෙ පැත්තෙන් මොනවත්ම ඇහුනෙ නෑ.. තප්පර ගානක නිහැඩියාවකට පස්සෙ ජන්ග්කුක් ට ඇහුනෙ තද හුස්මක් පහලට දාපු හඩක්..

"මට ඔයාව මතක් උනා ටේහ්‍යුන්ගි.."

ජන්ග්කුක් ෆෝන් වයර් එක අතේ පටලවගන්න ගමන් එහෙම කියද්දි ටේහ්‍යුන් යන්තමට හිනාවුනා..

"මං ඔයාව බලන්න චිත්‍ර කාමරේට ගියාමයි දන්නෙ ඔයා ඇවිත් නෑ කියල පෙට්.."

"මට ඔයාට කලින් කියන්න බැරිවුනා.. "

"ඒකට කමක් නෑ.. ඔයාගෙ පෙම්වතිය එක්ක යන තැන් ඔයා මට කියන්න ඕන නෑ පෙට්.."

ඒ වචන වලට ජන්ග්කුක් ට රිදුනා.. ජන්ග්කුක් ටේහ්‍යුන් තමන්ව එහෙම වෙන් කරල කතා කරනවට ටේහ්‍යුන් ව දැක්ක මුල්ම දවසෙ ඉදන් අද වෙනකල්ම ආස උනෙ නෑ..ඒත් ඒ වෙනුවෙන් ජන්ග්කුක් ට කරන්න දෙයක් තිබ්බෙ නෑ..

"ඔ-ඔයා මොකද කරන්නෙ ටේහ්‍යුන්?"

දුක හංගගන ජන්ග්කුක් කතා කරා..

"සිගරට් එකක් බොනවා.. අද වැස්සත් එක්ක හරිම සීතලක් තියෙන්නෙ.."

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජන්ග්කුක් කුටියෙ ඉදන්ම අහස දිහා බැලුවා.. වැහි අඳුරෙන් වෙලාගත්ත අලු පාට අහසෙන් මුලු සෝල් නගරෙම වැහිලා ගිහින් තිබ්බා. තෙත බරිත උන පාරවල් වගෙම ගස් නිසා දැනෙන සීතල එක්ක ජන්ග්කුක් ට නොතේරෙන මොකද්දෝ මූසල කමක් දැනුනා

"ටේහ්‍යුන්ගි.."

"ම්ම්ම්ම්ම්.."

"මම අද රෑට ඔයාගෙ ගෙදර එන්නද?"

ජන්ග්කුක් ගෙ ප්‍රශ්නෙ එක්ක ටේහ්‍යුන් ගෙ පැත්තෙන් ආයෙම තප්පර ගානක නිහැඩියාවකට පස්ස්ව් පිලිතුරු ලැබුනා..

"ඔයා ඔහොම අහනකොට මම කොහොමද එපා කියන්නෙ පෙට්? ඒත් මට එපා කියන වෙනව"

"ඇ-ඇයි?"

"මට අද රෑ කෑමකට යන්න තියනව"

"ක්-කාත් එක්කද?"

"හන්ජි එක්ක"

ජන්ග්කුක් ව පිච්චුනා.. ටේහ්‍යුන් හන්ජි අතර තියන බැදීම මොකද්ද කියල ජන්ග්කුක් ට තේරුනත් ඒක තේරුම් ගන්න ජන්ග්කුක් අකමැති උනා.. තමන් දැන් ඉන්නෙත් රෙබෙකා එක්ක බව අමතක උන ජන්ග්කුක් ට ටේහ්‍යුන් හන්ජි ගැන කියද්දි ඕනාවටත් වඩා රිදුනා.. ඒත් ඒ වෙනුවෙන් ජන්ග්කුක් ට කරන්න දෙයක් තිබ්බෙ නෑ..

"හ්-හරි ටේහ්‍යුන් .. කමක් නෑ"

"හ්ම්ම්ම්"

"මම එහෙනම් තියන්නම්.. "

"පෙට්..."

ජන්ග්කුක් රිසීවරේ තියන්නත් හදල එහාපැත්තෙන් ලාවට ඇහුන
කටහඩ නිසා ආයෙම රිසීවරේ කනේ තියාගත්තා..

"ටේහ්‍යුන්?"

"මටත් පාලු දැනුනා.. ඔයා නැතුව"

ටේහ්‍යුන් ගෙ ඒ වචන මේ තරම් වෙලා ජන්ග්කුක් ගෙ පිච්චිලා තිබා හිත නිවල දැම්මා..හැමපාරම වගේ ටේහ්‍යුන් එක වචනෙකින් අනිත් හැමදේම ජන්ග්කුක් ට අමතක කෙරෙව්වා..

________________
Just one day, if I can be with you
Just one day, if I can hold your hand
Juat one day, if I can be with you
Just one day
________________

ශිරිලකටම අම්මටසිරි නේ..🙂

ශුභ අළුත් අවෞරුද්දක් වීවා🙂💔

Seguir leyendo

También te gustarán

15.1K 3.5K 29
Just for fun Started : 2022 : 02: 13
98K 14K 51
Tae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද ක...
2.6K 1.6K 32
"For the people, who are struggling with thier teen life" A 17 year old korean girl school student experiences some unexpected events in her life inc...
315K 7K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc