𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡ...

By Min__Kookie__

93.2K 12.9K 4.7K

" තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up... More

Chapter 01 😈
Chapter 02 🙂
Chapter 03 💔
Chapter 04 😌
Chapter 05 😉
Chapter 06 😶
Chapter 07 😏
Chapter 08 🙄
Chapter 09 💞
Chapter 10 😋
Chapter 11 😔
Chapter 12 😂
Chapter 13 😠
Chapter 14 ❤️
Chapter 15 🔞
Chapter 16 🙃
Chapter 17 😥
chapter 18 🌝
Chapter 19 🥺
Chapter 20 💓
Chapter 21 😕
Chapter 22 😣
Chapter 23 😓
Chapter 24 😎
ᴛᴀʟᴋ ᴡɪᴛʜ ᴄʜᴀʀᴀᴄᴛᴇʀs 👥
Chapter 25 🎉️
Chapter 27 🔞
Chapter 28 🤗
Chapter 29 🤫
Chapter 30 💔
Chapter 31 🥰
Last Chapter 🔞
New Story 🙈
Revenge Season 02

Chapter 26 🥳

2.3K 380 104
By Min__Kookie__

සනා විශාල තාප්ප වලින් වට වුනු jeon mansion එක දිහා බලාගෙන හුස්මක් පහත හෙලුවා ඔව් දැන් සනා ඉන්නේ jeon mansion එක ඉස්සරහට වෙලා ඒත් කෙල්ලට ඇතුලට යන්න අදහසක් නැ වගේ

ටික වෙලාවක් එහෙම හිටපු කෙල්ල දෙගිඩියාවෙන් ඉදිරියට ඇවිදගෙන ගියා ගාඩ්ස්ලා කෙල්ලට bow කරලා ආචාර කරද්දී කෙල්ල ගිහින් ඉදිරියට ගියා සනා ටික දුරක් ගිහින් නැවතිලා වටපිටාව බැලුවා හැමෝම කලබලයෙන් එහෙ මෙහේ දුවනවා ඒත් එක්කම කෙල්ලට ඇහුනේ තමන්ගේ නම කියලා කතා කරනවා

" සනා......."

කෙල්ල බලනකොට එතැන හිටියේ හෝසොක් සුපුරුදු පරිදි හෝසොක් එයාගේ සන්ෂයින් ස්මයිල් එකෙන් සනාට සංග්‍රහ කරන ගමන් කෙල්ලට ලං වුනා

" හෝසොක් ඔප්පා.."

සනාත් හිනා වෙලා කිව්වා

" මොකද කෙල්ලේ මේ නුපුරුදු තැනක් වගේ මේ ඔයාගේ ගෙදර නේ "

හෝසොක් කියද්දී සනා හිනා වුනා විතරයි මොකද කෙල්ලට කියන්න දෙයක් තිබුණේ නැ

" යන් ඇතුලට සූයා ඔයා එනකම් බලාගෙන ඇති...."

" ඒත්..... මේ.."

හෝසොක් ඇතුලට යන්න කතා කලත් කෙල්ල අදි මදි කලා

" ජන්කූක් mansion එකේ නැ "

හෝසොක් එහෙම කිව්වාම තමයි සනා සැනසීමේ හුස්මක් පහත දැම්මේ කෙල්ලට ජන්කූක්ට මුහුන දෙන්න තරම් ශක්තියක් තිබුණේ නැ කොහොමත් ඉතින් කලේ මුහුන දෙන්න පුලුවන් වැඩ ද කිසිම දෙයක් ගැන හොයන්නේ නැතුව ඔක්කොම වැරදි ජන්කූක්ගේ පිට පටවලා ජන්කූක්ගේ කම්පැනි එකට මිලියන ගානක පාඩුවක් කලා නේ

සනා හෝසොක් එක්ක ඇතුලට යනකොටම සූයා ටේහ්‍යුන් එක්ක වලියක්

" මම කිව්වේ බැලුම් ටික පුම්බන්න මිසක් පුපුරන්න නෙවෙයි පිටසක්වලයෝ "

" නූනා මට පිටසක්වලයා කියන්න එපා "

ඒත් එක්කම තමයි සූයා සනාව දැක්කේ සූයා කා දිහා ද බලාගෙන ඉන්නේ කියලා බලන්න ටේහ්‍යුන් පිටිපස්ස හැරුනේ

" සනා....."

සූයා සනාගේ ලගට ගියා සනාත් සුපුරුදු පරිදි හිනා වුනා

" ඔන්න ඉතින් මම ආවා..."

සනා කියද්දී සූයා කෙල්ලව වැලදගත්තා

" මියානේ සූයා...."

සනා සූයාව වැලදගන්න ගමන් හිමින් මිමිනුවා

" සමාව ඉල්ලන්න ඕන නැ මම ඔයාගේ ගැන දන්නවා නේ සනා"

" යාහ්හ් තව වැඩ තියෙනවා කෝප්ප හෝදන්න නෙවෙයි "

ටේහ්‍යුන් කෑගැහුවේ කෙල්ලෝ දෙන්නා දිහා බලාගෙන ඒත් එක්කම එතැනට ආවේ ජිමින් පලවෙනි පාරට ජිමින් සනා එක්ක හිනා වුනා සනා හිතුවේ මේක හීනයක් කියලා ලග හිටපු සූයාව කෙනිත්තුවා

" ආව්... යකෝ "

සූයා සනා දිහා රවලා බැලුවා

" මගෙන් ගුටි නොකා ඕක ඉවර කරනවා "

සූයා එහෙම කියලා සනාව ඇදගෙන කිචන් එකට යන්න හදනකොට සනාට කෝල් එකක් ආවා

" යෙබුස්සයෝ
යේ
වට්...
අයිෂ් හරි මම එන්නම් "

සනා කෝල් එක කට් කරලා සූයාගේ පැත්තට හැරෙනකොට සූයා කෙල්ල දිහා බලාගෙන ඉන්නවා

" සුකී ආපහු කොල්ලෙක්ට ගහලා ඒ කොල්ලා hospital ඇඩ්මිට් කරලා "

" ඔන්නි වගේම නැතැ.."

සූයා එහෙම කියලා හිනා වුනා

" යැයි යැයි තමයි මම යනෝ "

සනා එහෙම කියලා ගියා...

_________________________________

" බොස්...... කෙල්ලව උස්සන්න ද "

ලියොන් මින්ජූන්ගෙන් ඇහුවා ඒත් මින්ජූන්ගේ ඇස් තිබුණේ අතේ තිබුණු සනාගේ ෆොටෝ එකක

" දැන්ම ඕන නැ ලියොන් වෙලාව ආවාම කියන්නම් "

මින්ජූන් සනාගේ ෆොටෝ එකෙන් ඇස් අහකට නොගෙන කිව්වා

" ඒත් බොස්.... කෙල්ල ජේකේට ලං වුනොත් "

" එහෙම දෙයක් වෙන්නේ නැ උබ මම කියන දේ විතරක් කරපන් "

මින්ජූන් කිව්වා ලියොන් ඊට වඩා මුකුත් කියන්න ගියේ නැ මේ අතරේ සනා සුකීට දිග ලෙක්චර් එකක් දෙන ගමන් හිටියේ මොකද සුකී සතියකට සැරයක් වගේ කොල්ලෙක් හොස්පිටල් එකට යවනවායි ඒත් සනාගේ ලෙක්චර් එකෙන් එක වචන දහයක් අහගෙන හිටියා ද කියන එක නම් සැකයි

" යාහ්හ් සුකී මම කියන දේ අහගෙන ද තමුසේ ඉන්නේ ආ මම මෙච්චර කියනවා වේ හැමතිස්සේම කොල්ලො එක්ක රන්ඩු වෙන්නේ කියන දේ අහනවා සුකී... සුකී... මම තමුසෙට කතා කරන්නේ "

සනා කා එක දෙවනත් වෙන්න කෑගහලා බනිනවා ඒත් සුකී නම් කන් ඇහෙන්නේ නැ වගේ ඉන්නවා සනා එක පාරට බ්‍රේක් ගහලා සුකීගේ පැත්තට හැරුනේ මරාගෙන මැරෙන සයිස් බැල්ලමක් දාගෙන

" කවුද යකෝ තොට ලයිසන් දුන්නු හාල් දන්ඩා උගේ මොලේ තියෙන්නේ අහවල් ස්ථානයේ ද කියලා මට සැකයි නැ ඌට වැරදි කියලා වැඩක් තවුසේ ඒ අහිංසකයාට ඇහැක් ගහලා තමයි ලයිසන් ගන්න ඇත්තේ "

ඊට වඩා මුකුත් කියන්න කලින් සනා සූකිගේ ඔලුවට ප්‍රහාරයක් එල්ල කලා එතකොට තමයි දැක්කේ ඉන්නේ Jeon mansion එක ඉස්සරහ කියලා කා එකෙන් බැස්ස සුකි  mansion එක ඇතුලට දුවගෙන ගියේ කුලු හරකෙක් පස්සෙන් එලවනවා වගේ  සනාත් කා එකෙන් බැහැලා උසේන් බෝල්ඩ්ගේ හැල්මොනී වැහිලා වගේ සුකීගේ පස්සෙන් දුවගෙන ගියා

" යාහ්හ් හෝසොක් ඔප්පේ පීක් පීක් එහාට වෙන්න "

සුකීගේ ඉස්සරහට ආපු හෝසොක්ට කෑගහගෙන දිව්වා හෝසොක් කම්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඇයි ඉතින් එක පාරට චීනෙට කඩාගෙන බිදගෙන සුලි කුනාටුවක් වගේ සුකී දුවගෙන ආවාම කම්ෆියුස් වෙන්නේ නැද්ද

" සුකී නැවතියන් නැත්නම් කොටනවා.."

සනා රතු ඉන්දියානුවෙක් වගේ කෑගහගෙන එනකොට නොවැටී අනූ නවයයි තුන් කාලෙන් බේරිලා හිටපු හෝසොක් පොලොව මහී කාන්තාව ඉතාමත් ආදරයෙන් සිපගත්තේ අතේ තිබුණු බඩු භාන්ඩ ඔක්කොම ඇග උඩට කඩාගෙන වැටුනා

" ජිමින් ඔප්පේ බේරගනියෝ..."

සුකී දුවගෙන ගිහින් ජිමින්ගේ පස්සේ හැංගෙද්දී සනා අතහරියි කියලා ද හිතුවේ නැත මිතුර ලග තිබුණු මල් වාස් එක අතට ගත්තා

" ජිමින් ඔප්පේ එහාට වෙන්න අද මට මේකි එක්ක දෙකෙන් එකක් බේරගන්න ඕන "

සනා මල් වාස් එක අතේ තියාගෙන කිව්වා සුකී ජිමින්ගේ ශර්ට් එකේ කොන් දෙකෙන් අල්ලාගෙන ජිමින්ට මුවා වෙලා ඉන්නවා දෙපැත්තට වැනි වැනි ඉදලා සුකී දුවලා යද්දී සනා මල් වාස් එක විසි කරලා දිව්වා විසි කරපු මල් වාස් එක අල්ලාගැනීමේ අරමුණ පෙරටු කරගෙන දුවගෙන ආපු ටේහ්‍යුන් මල් වාස් එක අල්ලාගෙනම බිම පතබෑවුනා ඔය මල් වාස් එක කුඩු වුනොත් උදේ අහපු රැප් එක ඩබල් වෙලා අහන්න වෙයි කියන භීතිය ටේහ්‍යුන්ගේ සිත පුරා දුවපු නිසා කොල්ලා මල් වාස් එක අල්ලගත්තේ

" සුකී නැවතියන්... මම අද තෝව අපාගත කරනවා "

සනා සුකීගේ පස්සෙන් දුවගෙන ගිහින් අන්තිමේ දී mansion එකෙන් එලියට දුවලා ගියා සනාත් දුවගෙන යද්දී එකපාරට ආපු කෙනෙක්ගේ ඇගේ වැදිලා වැටෙන්න ගියත් ඒ ආපු කෙනා සනාගේ ඉන වටේ අතක් යවලා තමන්ගේ ඇගට තද කරගත්තා සනා ඒ කෙනාගේ මූන දිහා බලාගෙන හිටියේ ඇස් දෙක දොඹ ගෙඩි සයිස් කරගෙන

" ජ්... ජන්කූක් "

සනා මිමිනුවා ඔව් ඒ හිටියේ ජන්කූක් ඔෆිස් එකේ වැඩකට ගියත් ආපහු හදිස්සියේ ආවේ මීටින් එකට ඕන ෆයිල් වගයක් දාලා ඇවිත් නිසා සනා පුදුම වුනේ හෝසොක් කිව්වා නේ ජන්කූක් ගෙදර නැ කියලා

කෙල්ල ජන්කූක්ගේ මූන දිහා බලාගෙන ඉදීද්දී ජන්කූක් ඇස් නැවතිලා තිබුනේ සනාගේ තොල් ලග ඒත් නොහිතුව විදියට ජන්කූක් කෙල්ලව එකපාරට අතහැරලා දාලා යන්න ගියා සනා බිම වැටුනා ජන්කූක් කටකොනින් හිනා වීගෙන ගියා සනා බිම ඉදගෙන කල්පනා කලේ මොකද්ද වුනේ කියලා

කෙල්ල ජන්කූක්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ සනා පශ්චාත් භාගෙත් අතගාන ගමන් නැගිට්ටා

" මම කරපු දේවල් වල හැටියට මෙහෙම අතහැරපු එකත් ලොකු දෙයක් "

සනා තමන්ටම කියාගෙන හැරෙනකොට දැක්කේ තෙල් හැන්දක් අතේ තියාගෙන ඉන්න සූයා ඕකෙන් ආපහු කන්න වෙයි කියලා බයට සනා අහිංසක හිනාව දාලා ගල් ආදා වගේ මාරු වෙන්න හැදුවේ

" ටොම් ඇන්ඩ් ජෙරී සෙල්ලම් කරලා ඉවර නම් කිචන් එකට වරෙන් "

සූයා රවාගෙන කියද්දී සනා සේප් එකේ සූයා එක්ක කිචන් එකට ගියා පාටියක් රෙඩි කරන්න ගිහින් නටපු පිස්සු වල හැටියට යුංගි නම්ජූන් හොබි තුන් දෙනාට හිතුනේ තමන් ඉන්නේ පිස්සන් කොටුවක පිස්සෝ ගොඩක් මැද්දේ කියලා ඒ තරම් හොදයි සෙට් එක වෙලාවට මුන් මාෆියා ද කියලා හිතෙනවා කරන මුල් ලමා විය සංවර්ධනය නොවුනු වැඩ දැක්කාම

හවස් වෙනකොට ඔක්කොම රෙඩි කරලා ඉවර කලා

" අයිෂ් කකුල පාගන්න එපා යකෝ "

ඒ අස්සේ කලුවරේ ජන්කූක් කකුල ජිමින් පාගලා ලංකාවේ වගේ කරන්ට් කපලා නෙවෙයි ඒ ගොල්ලෝ ලයිට්ස් ඕෆ් කරලා හැංගිලා ඉන්නේ එහේ කබ්‍රිටා කෙනෙක් නෙවෙයි නේ ජනාධිපති හරි හරි දැන් දේශපාලන වැඩක් නැ

" මොකාද යකෝ මගේ අතින් අල්ලාගෙන ඉන්නේ මමියකගේ අතක් වගේ සීතලයි "

එහෙන් සූයා කියනවා

" යාහ්හ් "

එකපාරට හෝසොක් කෑගැහුව නිසා බය වුනු පාර සුකී නම්ජූන් බදාගෙන

" මොකද යකෝ කෑගහන්නේ මේ කෙල්ලත් බය වෙලා "

නම්ජූන් කිව්වේ සුකීව පෙන්නලා එතකොට දොර ඇරෙන සද්දේ ඇහුනු නිසා ඔක්කොම සයිලන් වුනා   ජින් ජියාවත් වත්තම් කරගෙන mansion එකට ආවා

" බුදාම්මේ....."

හෝසොක් කෑගැහුව පාර හෝසොක් ලග හිටපු ජිමින් ජන්කූක්ගේ ඇගට පැන්නා ජන්කූක් බැලන්ස් නැතුව වැටෙන්න යද්දී ලග ඉදපු ටේහ්‍යුන්ගේ අතින් අල්ලගත්තා ත්‍රිබල එකා පිට එකා වැටෙද්දී නම්ජූන් ඉස්සරහට යන්න හදනකොට ජිමින්ගේ කකුලේ පටලැවිලා වැටුනා සද්දේ මොකද්ද කියලා බලන්න ජින් ලයිට්ස් ඔන් කරනකොට තමයි දැක්කේ කොල්ලෝ හතර දෙනා එකා පිට එකා වැටිලා ඉන්නවා

කොල්ලෝ හතර දෙනා දිහා බලාගෙන ජින් හිනා වෙන්න පටන් ගත්තා ඒ හිනාව ගැන ආයේ ඉතින් අමුතුවෙන් විග්‍රහ කරන්න දෙයක් නැ නේ

" මේ පාර නම් සප්‍රයිස් වුනා...."

ජින් එහෙම කියලා ආපහු හිනා වෙන්න පටන් ගත්තා

" හියුන්ග් හිනා වෙලා ඉවර නම් මගේ ඇග උඩ ඉන්න තඩි හාවාට එහාට යන්න කියන්න "

ඔක්කොටම යට වෙලා ඉන්න ජිමින් යාන්තම් හුස්මක් අරගෙන කිව්වා එතකොට එකා එකා අයින් වුනා

" Happy 5ᵗʰ Anniversary Hyung And Noona "

කොල්ලෝ ටික එහෙම කියාගෙන ජින්ගේ ඇගට පැන්නා අති සාර්ථක ලෙස මෙවර ජිනයියා යට කරගෙන කොල්ලෝ හය දෙනාම මේ මොන්ටිසොරි වැඩ දිහා බලාගෙන කෙල්ලෝ හතර දෙනා හිනා වෙවී හිටියා

" එහාට පලයල්ලා මට හුස්ම ගන්න බැ "

ජින් කෑගහද්දී කොල්ලෝ ටික හිනා වෙවී අයින් වුනා ඔහොම පාටිය ආරම්භ වුනා ජින් ජියා තුරුල් කරගෙන එයාගේ ලගට වෙලා ඉන්නවා යුංගි සූයාගේ උකුලේ ඔලුව තියාගෙන නිදි.

" ජින් හියුන්ග්..."

ටේහ්‍යුන් කතා කරද්දී ජින් ටේහ්‍යුන් දිහාට හැරුනා

" හියුන්ග් ජියා නූනාට ඉස්සෙල්ලාම ආදරෙයි කිව්ව විදිය ඇක්ට් කරලා පෙන්නන්න "

" ඕ.... ඒක මරු."

" ජින් ඔප්පේ කමෝන්..."

" කෝ ඉතින් ජින් හියුන්ග් "

" අයිෂ් උබලා නම්.....'

" ජින් හියුන්ග්....."

" හරි බන් "

ජින් නැගිටලා ජියාගේ අතින් අල්ලගන්න කොට ආපු කෙනා දැකලා හැමෝම පුදුම වුනා ඔක්කොටම වඩා සූයාගේ මූන වෙනස් වුනා සූයා යුංගිගේ අත තද කරලා අල්ලගත්තේ කොල්ලා එයාගේ කියන්න වගේ ඔව් ඒ ආවේ මීරා

" තමුසේ මොනාද මෙහේ කරන්නේ "

ජිමින් ඇහුවා

" සුකී ජියා එක්කගෙන ඇතුලට යන්න "

ජින් කියද්දී සුකී ජියාවත් එක්කගෙන ඇතුලට ගියා ජින් සද්දෙට නැගිට්ට යුංගි දැක්කේ බය වෙලා වගේ තමන් දිහා බලාගෙන ඉන්න සූයාව

" යුංගියා..."

මීරාගේ කටහඬ ඇහෙනවත් එක්කම යුංගි ඒ පැත්ත බැලුවේ සූයා යුංගිගේ අත තද කරලා අල්ලාගෙන හිටියේ එයාව දාලා යයි කියලා වගේ

" තමුසේ මොකටද මෙහෙට ආවේ "

යුංගි කේන්තියෙන් ඇහුවා

" මම pregnant..."

මීරා කියද්දී සනා නම් මීරා දිහා බැලුවේ ඉතින් මට පාන් ද වගේ බැල්මක්

" දැන් තමුසේ කියන්න හදන්නේ මොකද්ද "

" ඒ දරුවාගේ අප්පා ඔයා යුංගි "

මීරා කිව්වාම සූයා කදුලු පිරුණු ඇස් වලින් යුංගි දිහා බැලුවා

" තමුසෙට පිස්සු ද එහෙම කොහොමද වෙන්නේ ආ "

යුංගි mansion එක දෙදෙරන්න කෑගැහුවා

" ඔයාට විශ්වාස නැත්නම් රිපෝට් බලන්න "

මීරා රිපෝට් එක දෙද්දී සනා ඒක අරගත්තා සනාව දැක්කාම මීරා ගැස්සුනා සනා ඒක දැකලා කට කොනින් හිනා වුනා සනාගේ අතේ තිබුණු රිපෝට් එක උදුරලා ගත්තු සූයා ඒක බලලා යුංගි දිහා බලලා කදුලු පුරවගෙන යන්න ගියා

" සූයා...."

යුංගි සූයාගේ පස්සෙන් ගියා

" තමුසේ මෙතනින් ගියොත් හොදයි "

ජන්කූක් කිව්වෙ තරහ උපරිමයෙන් පාලනය කරගෙන

" දැනට මම යන්නම් යුංගිට තීරණයක් අරගෙන ඉන්න කියන්න "

මීරා එහෙම කියාගෙන යද්දී සනා මීරාගේ ඉස්සරහට ආවේ මීරා ගැස්සිලා යද්දී මීරා හොදටම දන්නවා සනා කියන්නේ කවුද කියලා

" තමුසේමයි තමුසෙගේ විනාසේ ලං කරගත්තේ පරිස්සමින් ඉන්නවා තමුසෙගේ බොරුව එලි වුනු දවසට තමුසෙට ජීවත් වෙන්න තියෙන ආසාව අතහරින්න වෙනවා "

සනා මීරාට විතරක් ඇහෙන්න කියලා යන්න ගියා

To be continue...........🖤

ලැබුවා වූ නව වසර සිතුම් පැතුම් ඉටු වන සතුට සපිරිනු නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!💜💓

ඔන්න ඕතර්ගෙන් අලුත් අවුරුද්දට තෑග්ගක්

එහා ගෙදර මනුස්පයා රතිඤ්ඤා ගහනවා මගේ අහිංසක කන ලෙෆ්ට්

සරන්හේ

Continue Reading

You'll Also Like

1.3M 44.5K 61
Myanmar × BL Uni/Zaw [ 2 ] Warning..... Start Date: 29.9.2023 End Date: 20.11.2023 Photo Crd
5.1K 729 26
Jungkook බිදුනු හදවත් සුවපත් වෙවිද ආරා නිසා නැති උන ජන්කුක්ගෙ ආදරයට හැමදාමත් ආරාට වෛයිර කරයිද නැති නම් යුරාගේ තැන ආරාට දෙවිද මෙ ඔවුගේ කතාවයි බිද...
17.4K 3.4K 16
Don't copy my work 🚫 සිංහල JEON JUNGKOOK Beautiful love story.. jeon jungkook romance happy ending 😊❤️