Infinite fraternity [straykid...

By Hazoo_Shigeta

3.9K 786 703

කොහොමද ඔයාට යක්ෂ මල්ලිලා අට දෙනෙක්ගෙ නූනා වෙන්න ලැබුනොත්??? #48-infinite #9-tyuzu More

🌸INTRO
🍁 Chapter 01
🍁 Chapter 02
🍁 Chapter 03
🍁 Chapter 04
🍁 Chapter 05
🍁 Chapter 06
🍁 Chapter 07
🍁 Chapter 08
🍁 Chapter 09
🍁 Chapter 10
🍁 Chapter 11
🍁Chapter 12
🍁 Chapter 14
🍁 chapter 15
🍁 Chapter 16
🍁 Chapter 17
🍁 Chapter 18
🍁 The end

🍁 Chapter 13

141 33 43
By Hazoo_Shigeta

@y/n's house

y/n ආපහු ගෙදරට එද්දිත් හෝෂි ගෙදර හිටියෙ නෑ...ඒ වෙලාවෙ ගෙදර හිටියෙ ජොන්ග් ඉනුයි විනුයි ෆිලික්ස්සුයි හ්‍යුන්ජිනුයි විතරයි.අනිත් අය ගිය ගිය තැන්වල..

felix : නූනා !!! සුන්දරියටයි මටයි ගමනක් යන්න තියේ !!

hyunjin : අපිට හැචපච සංගමේට යන්න ඕනි මේ සතියෙවත් !!

felix : ඔව් !! අපේ කොල්ලො  සෙට් එක අපි නැතුව සාංකාවෙන් ඇත්තෙ !! අද නම් යන එක යනවාමයි !!

y/n : හරි හරි ! ෆිලික්ස් ! හ්‍යුන්ජින් ! දෙන්නම බෙහෙත් ටික හරියට බීවනම් යන්න පුළුවන්..හැබැයි පරිස්සමින් ගිහින් එන්න ඕනි හරිද !! කිම් අංකල් එක්ක යන්න..ආං එළියෙ ඉන්නවා එයා !!

කිම් අංකල් කියන්නෙ y/n ළගෙ ඩ්‍රයිවර් කෙනෙක්..

felix : අම්මෝ නූනා මේ දවස් ටිකේනම් මරු !! හෝෂි හ්‍යුන් ඉන්න නිසාද කොහෙද මෙයා මෙච්චර තැන්පත් වෙලා ඉන්නේ !!?

hyunjin : ඒක තමා !! හනීව අරන් එනවා යන්න !!!! නූනා අපි ගියා එහෙනම්...

felix : මං දාලා යනවද මගේ හනීව !! තමුන්ට වගේ මට එයාව අමතක වෙන්නෑ හරිද !!? බායි නූනා ! පසුව හමුවෙමු සොදුරිය.....

අන්තිමට ඒ දෙන්නත් යන්න ගියා..එයාලා ඔය ගියේ එයාලගෙ යාලුවො සෙට් එක හම්බෙන්න.මේ ටිකේම එක එක වැඩවලට ගිය නිසා මේ සෙට් එකට කාළෙකින් එකට එකතු වෙන්න බැරි වුණා..ඒක නිසා දෙන්නම අද එයාලව හම්බෙන්න ගියේ හරිම සතුටින්...

දැන් වෙලාව හවස 3ට විතර ඇති.දැන් ගෙදර ඉන්නෙ වින්,ජොන්ග් ඉන්,y/n විතරයි...

"බ්‍රීක් ! බ්‍රීක් !"

ආයෙත් y/nගෙ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා...

y/n : හෙලෝ හොන්ග්ජූන් ඔප්පා ?

ඒ හොන්ග් ජූන්..මින්ගිගෙයි වින්ගෙයි ලොකු හ්‍යුන්..

joong : y/n !! මට දැන් තමා නිදහසක් ලැබුනෙ.මං ඔයා එවපු මැසේජ් එක දැක්කා.අනේ ප්ලීස් වින්ව හොදට බලා ගන්න..අපි ඕනි තරම් වියදම් කරන්නම් කොහොමහරි එයාව සනීප කරලා දෙන්න...

y/n : හරි හරි ඔප්පා ! ඔයාලා කලබල වෙන්න එපා..මේ එන සතියෙ වින්ගෙ සර්ජරි එක කරන්න මම තීරණය කරලා තියෙන්නෙ.මමයි තව ඩොක්ටර්ස්ලා දෙතුන් දෙනෙකුයි වැඩේට ඉන්නවා.ඒක නිසා ඔයාලා කලබල නොවී ඔහෙ තත්වෙ බලා ගන්න..ඉන්න මම වින්ට දෙන්නම් ෆෝන් එක.එයා ඔයා එක්ක කතා කරන්න ආසාවෙන් ඉන්නෙ..

එහෙම කියලා y/n ෆෝන් එක වින්ට ගිහින් දුන්නා.ඒ වෙලාවෙ විනුයි ජොන්ග් ඉනුයි හිටියෙ ගාඩ්න් එකේ..

y/n : වින් බබෝ !! මෙන්න හ්‍යුන් කතා කරනවා...

win : හ්‍යුන් ??

joong : වින් ! ඔයාට කොහොමද ඉතින් ? මට ආරංචි වුණා දග වැඩක් කළා කියලා !! හ්‍යුන් මෙහෙ ආවෙ අප්පට උදව් කරන්නනේ...මං ඉක්මනටම එනවා..ඔයා නූනලා එක්ක පරිස්සමින් ඉන්න...මින්ගි හ්‍යුන් එක්ක තරහ වෙන්න එපා එයා මේ දවස්වල ලොකු වැඩක ඉන්නෙ..

win : හ්‍යුන්....

joong : ඔයා තාමත් හ්‍යුන්ගෙ හොද කොල්ලා නේද?

win : ඔව් !

joong : මගෙ හොද....කොල්ලා !! පරිස්සමින් ඉන්න පැට්ටෝ....

call ended...

y/n : අනේ අනේ රත්තරනේ අඩන්න එපා !!

කෝල් එක කට් කරලා විනාඩි පහකට විතර පස්සෙ වින් අඩන්න පටන් ගත්තෙ ගොඩක් හුරතල් විදියට..

win's pov

හැමෝම මං ගැන හොයලා බලනවා මේ දවස් ටිකේ.මං හිතන්නෙ හැමෝම මං ගැන හොයලා බලන්නෙ මේ මගේ අන්තිම කාලෙ නිසා වෙන්නැති කියලා..

y/n : අනේ මැණික අඩන්න එපා !! ඇයි මේ ?? මොකක් හරි අමාරුවක් දැනෙනවා නම් මට කියන්න...

y/n's pov

එයා ඇඩුවෙ අමාරුවකට නෙවෙයි කියලා මට තේරුණා.මොකද එයාගෙ මූණ දැකපු ගමන් මට තේරුනා එයා බය වෙලා ඉන්නෙ කියලා

Y/n වින්ව වඩාගෙන ඇඩිල්ල නවත්තන්න ට්‍රයි කළා..ඒත් වින් දිගටම y/nගෙ කරේ ඔලුව තියන් ඉකි ගගහා ඇඩුවා..

y/n : ජොන්ග් ඉන් ! දූවලා ගිහින් වින්ගෙ ජැකට් එකත් අරන් අරන් ඔයත් ජැකට් එකක් දාගෙන එන්නකෝ...අපි පොඩි වැඩක් කරමු..

ඒ ගමන්ම ජොන්ග් ඉන් ඒ y/n කීව දේවල් ඒ විදියටම කළා..

y/n : ඔන්න හරි..

ඊට පස්සෙ y/n වින්ටත් ජැකට් එක දාලා විනුයි ජොන්ග් ඉනුයි එක්ක ගාඩ්න් එකේ තිබුණු බංකුවකින් වාඩි වුණා...ඒ වෙලාවෙ වින් හිටියෙ y/nගෙ ඔඩෙක්කෙ..එතකොට ජොන්ග් ඉන් ඊට එහා පැත්තෙන් වාඩි වෙලා හිටියා..

@twins' place

felix : හුරේ....දොර ඇරපියා.........ව් !! අපි ආවෝ !!

hyunjin : බොම්ග්‍යුආ !!!!!!

මෙයාලගෙ කල්ලියේ සාමාජිකයෝ පහයි..මෙයාලා මේ ගියේ බොම්ග්‍යු කියන එක්කෙනාගෙ ගෙදරට..අනිජ් අයත් ඒ වෙලාවෙ එහෙට ඇවිත් හිටියා..

මේ ඉන්නෙ බොම්ග්‍යු..මෙයා ෆිලික්ස් වගේම සෙල්ලක්කාරයි..ෆිලික්ස්ගෙයි හ්‍යුන්ජින්ගෙයි පරම මිත්‍රයෙක්..

මේ ඉන්නෙ මේ සෙට් එකේ පොඩ්ඩක් හරි අහිංසක පාටට ඉන්න කෙනා..මෙයාගෙ නම ටේහ්‍යුන්..මෙයත් ගොඩක් වෙලාවට හ්‍යුන්ජින් වගේ පිස්සු කෙලින චරිතයක්...

මේ ඉන්නෙ මේ සෙට් එකේ පොඩිම කෙනා.මෙයාගෙ නම ජේක්..මෙයා පොඩි එකා වුනාට අනික් අයට වඩා අවුරුද්දයි බාල..

beomgyu : හලෝ සහෝ !!! වට් අ සප්‍රා.........යිස් ???

taehyun : වට් නෙවේ බට් මුන් දෙන්නා අපිට කීවෙවත් නෑනෙ එක පාරටම කොහේ ගියාද කියලා !! මොකද්ද හ්‍යුන්ජින් මේ අතට වෙලා තියෙන්නෙ ?

ටේහ්‍යුන් එහෙම කීවෙ හ්‍යුන්ජින්ගෙ කැඩුනු අත හොල්ලන ගමන්..

hyunjin : ආව් බූරූ තඩියෝ !! අතාරිනවකෝ පෙන්නැද්ද ඕයි අත කැඩිලා කියලා !!?

taehyun : පේන නිසා තමා අලෝ ඇල්ලුවෙ !! මෙන්න මෙහෙ එන්න..ගොඩ කාලෙකින් ආතල් එකක් ගන්න බැරි වුනා...යමු අපි කන ගමන් චැටක් දාමූ...

මේ කට්ටිය හැමදාම කෑමට තමයි මුල් තැන දෙන්නෙ..

jake : හ්‍යුන්ලා !!!!

felix : ආහ් මල්ලි පුතා !!

hyunjin : හලෝ ජේකූ !!

jake : ෆිලික්ස් හ්‍යුන් !! ඔයාලා නැති නිසා මෙවුන් දෙන්නා අපේ සංගමේ තිබ්බෙත් නෑ මේ සතියටම..ඔයාලා ආපු එක කොච්චර දෙයක්ද ...

felix : ඒක නෙවේ බම් මේ ! මූ මොකද බං හැම එකාටම කොයි වෙලෙත් හ්‍යුන් හ්‍යුන් ගාන්නෙ?

beomgyu : ආහ් ඒකද ?? දන්නැද්ද මුට පොඩි කාලෙ ඉක්කාවක් ආවා..මං මුට කීවා ඉක්කා නැවතෙනකන් සිය පාරක් හ්‍යුන් හ්‍යුන් කියලා කියන්න කියලා.මේ ගොනා ඒ දේ එහෙමම කළා.එදා ඉක්කාවනම් නැවතුනා.ඒත් මුගෙ කටින් හ්‍යුන් කියන එක නවත්තගන්න බැරි වුනා..

hyunjin : සිරියමෙ සාරා !!?

taehyun : මේ ගෙඹි හද මෝරා !!

මෙතන තියෙන ආතල් එක වෙන කොහෙවත් නැතු ඇති.කොහොමත් එක වගේ නට් ලූස් සෙට් එකක් එකට එකතු වුනාම එතන තියෙන ජොලිය ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ...

@y/n's house

y/n : වින් බබා ! ඔයා දන්නවද ඉස්සර මේ ජොන්ග් ඉනුත් ඔය වගේම මගේ කරේ එල්ලිලා හොටු පෙරාගෙන අඩනවා...

jeongin : ඔව්...නූනා හැමදාම ලස්සන කතන්දරයක් කියලා මාව නිදි කරනවා..

y/n : හරි එහෙනම් මම අපේ වින් බබාටයි අයි.එන්ටයි ලස්සන කතාවක් කියලා දෙන්නම්...ඔයාලට පේනවද අර හද මාමා ?

අහසෙ පායලා තිබුනු හද පැත්තට අත දික් කරලා y/n එහෙම ඇහුවා..

y/n : අර බලන්න හද මාමගේ වටේට තරු ගොඩක් තියෙනවා..ඒත් හද මාමා හදන්නෙ ඒ තරු දාලා වෙන තැනකට යන්න..ඔයාලා දැක්කෙ නැති වුනාට ඉර මාමත් එතන ඉන්නවා.එයා ඉන්නෙ හද මාමට වැහිලා..ඉතින් දවසක් හද මාමා තරු ටික දාලා යන්න ගියා..ඒ වෙලාවෙ තරු නම් හිටියෙ ගොඩක් දුකෙන්..ඊට පස්සෙ ඉර මාමා කියනවා එයාල ඔහෙ ගියපුදෙන්.මම දන්නවනෙ එයා ඔය ගියාට එයාට අපි නැතුව තනියම ඉන්න බෑ කියලා..ඇත්තටම ඉර මාමා කිව්වත් වගේ හද මාමා ගිය පයින්ම ආපහු ආවා..මොකද එයාට ඉර මාමයි තරුයි නැතුව ජීවත් වෙන්න බෑ...

y/nගෙ කතාව ඉවරවෙද්දි වින් y/nට තුරුල් වෙලා හොදටම නිදි...ඒත් ජොන්ග් ඉන් නම් ඇහැරලා හිටියෙ..

jeongin : [රහසින්] නූනා එයා නිදි..

y/n : අනේහ් !! හරිම කියොට් නේද එයා ??

mingi : y/n ! අසොහි තාම ආවෙ නැද්ද?

ඒත් එක්කම මින්ගිත් y/n ලගෙ ගෙදරට ආවා..

y/n : ම්ම්...එයා තාම ඇවිත් නැද්ද?

"පීක් පීක් !"

අසොහිව මතක් කළා විතරයි අසොහි y/n ලගෙ ගෙදරට ආවා...එයා ආවෙ ඩෝක්‍ යොම් එක්ක..

මේ ඉන්නෙ ඩෝක් යොම්.dk කියලත් කියනවා මෙයාට.මෙයත් අසොහි වැඩට ගිය SVC එකේම වැඩ කරන කෙනෙක්..කොටින්ම කීවොත් මෙයා අසොහිගෙ පාට්නර් mc...

azohi : බායි !! තැන්ක් යූ අද දවසට !!

dk : බායි අසොහි !! අපි ආයෙ හම්බෙමූ...!!

mingi : මේ මොන වල් ඌරෙක්ද??

මේ සිද්ධිය දැකපු මින්ගිගෙ කටින් එක පාරටම ඒ වගේ දෙයක් පිට වුන එක සාධාරණයි..කාට වුනත් තමන්ගෙ කෙල්ල තමන් ඉස්සරහා වෙන කොල්ලෙක්ට පොඩි විශේෂයක් දක්වද්දි ඉරිසියා හිතෙනවනෙ...

azohi : අම්මෝ අද දවස නම්....මාර එකක් !

අසොහි එහෙම කියාගෙනම y/nනුයි මින්ගියි ළගට ආවා..

mingi : ඔව් මට පේනවා කොච්චර මාරද කියලා !!

azohi : අහ් ! මෙයා මේ මොනාද කියවන්නෙ y/n ??

y/n : ෂ්...ෂ්...දෙන්නම් කෑ ගහන එක නවත්තන්න ! යාන්තමට වගේ දැනුයි මේ වින් පොඩ්ඩක් ඇස් පියා ගත්තෙ.දැන් ඔය දෙන්නා හදන්නෙ එයාව ආයෙම ඇහැරවන්නද?ඔක්කොටම කලින් අපි ඇතුළට යමුකෝ..

අන්තිමට කට්ටියම ඇතුළට ගිහින් ආපු කාරණේ ගැන කතා කරන්න පටන් ගත්තා.ඒ අතරෙ y/n වින්ව රූම් එකෙන් තියලා ජොන්ග් ඉන්වත් එයා ගාවින් හිටවලයි ආවෙ..

ටිකෙන් ටික රෑ වෙද්දි අනික් අයත් ගෙදරට එන්න පටන් ගත්තා...ඒත් හෝෂි නම් තවම නෑ...

mingi : y/n ! මොකද්ද දැන් අපි මේකට කරන්නෙ?

y/n : මට අද හොන්ග්ජූන්ග් ඔප්පත් කතා කළා..එයා ඔයාගෙ එකවුන්ට් එකට සල්ලි ට්‍රාන්ස්පෝට් කළා කීවා.අපිට මේ සතිය ඇතුළත සර්ජරි එක කරන්න පුලුවන් වෙයි..ඔයාලා බය වෙන්න එපා මට තව ඩොක්ටර්ස් ලා දෙතුන් දෙනෙක් හෙල්ප් කරනවා..ඉතින් කොහොමද ඔයාලගෙ වැඩ?

azohi : ඒක කොච්චර දෙයක්ද !! අනේ ප්ලීස් y/n ඔයා තමා අපේ එකම බලාපොරොත්තුව...ඔයා දන්නවද මට SVC එකේ 2nd main mc වෙන්න පුළුවන් වුණා..

y/n :  වාව් !! ඒක කොච්චර දෙයක්ද !!? එතකොට මින්ගි ඔප්පා?

mingi : හරි මං ඇත්තම කියන්නම්කෝ..මම මේ දවස්වල ඉන්නෙ හදිසි මෙහෙයුමක.ඒක වෙන කවුරුත් ගැන නෙවේ..අපේ ඔම්මා ගැන..එදා අපේ ඔම්මා සුයිසයිඩ් කරගත්තෙ නෑ කියලා කියන්න අපිට සාක්ෂි හම්බුනා..ඒක නිසාම අපි ඒක නිසාම අපි ඒ ගැන හොයන්න පටන් ගත්තා ආයෙම.මේ හැමදේටම මට උදව් කරන්නෙ යුජී අංකල් තමයි..අපි දෙන්නා එකතු වෙලා ඉක්මනටම ඒ අපරාධකාරයෝ හොයා ගන්නවා..ඒක නිසා ඔයාලා වින් ගැන බලාගන්න...මම මේ ටිකේම ඒ වැඩ නිසා බිසී වෙයි..

y/n : හරි මින්ගි ඔප්පා ! අපි එයාව බලාගන්නම්.ඔයාලා ඔයාලගෙ වැඩ ටික පරිස්සමින් කරගන්න..මට අසොහි කීවා ඔයාලගෙ ඔම්මට වුණ දේ..ඒක කොහොමත් දිවි නසාගැනීමක් වෙන්න බෑ.මොකද එයාට ඒ වෙද්දි වින්ව හම්බෙන්නනෙ හිටියෙ.කවදාවත් ඔම්මා කෙනෙක්ට එහෙම කරන්න බෑ..

mingi : මම එහෙනම් ගිහින් එන්නම් y/n !

මින්ගි අද අසොහිට කතාවත් කළේ නෑ..එයා අද නයිට් ඩියුඩි නැති වුනත් ඉක්මනටම y/n ලගෙ ගෙදරින් යන්න ගියේ අසොහි නිසා එයාගෙ හිත චුට්ටක් අවුල් ගිය නිසා...

To be continued 🌸

**************************************
හලෝ හනීස් !! 🙂❤️
අදට මෙච්චරයි...
අසොහිගෙ ලව් එකටයි y/nගෙ ලව් එකටයි මොනා වෙයිද කියලා ඊළග චැපියෙන් දෙන්න පුළුවන් වෙයි...
ලව් යා !!

Continue Reading

You'll Also Like

567 83 7
"නිවෙන්න ඇවිල්ලෙන්නම ඕනෙද හ්‍යුන්ජින් ? පිටින් නිවිලා ඇතුලෙන් ඇවිලෙන මිනිස්සු ඕනතරම් මේ ලෝකෙ ඉන්නවා .." ~ I just wanted to you know ..That baby ,yo...
814K 58K 96
The reaper of the apocalypse has been unwilling forced into the body of a scum prince destined for death. He decides, the best way to spend this new...
673K 24.6K 100
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
860K 19.6K 48
In wich a one night stand turns out to be a lot more than that.