VOLCANO✔️

By Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... More

A/N
1st~
2nd~
3rd~
4th~
5th~
6th~
7th~
8th~
9th~
10th~
11th~
12th~
13~
15th~
16th~
17th~
18th~
19th~
20th~
21st~
22nd~
23rd~
24th~
25th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

14th~

1.2K 305 18
By Oreo_Bambi

ජන්ග්කුක් හිටියෙ පිට්ටනියෙ.. විශ්වවිද්‍යාලයෙ ශිශ්‍යයින්ට වගේම ගුරුවරුන්ටත් අද නිවාඩු දවසක් උනා.. ක්‍රීඩා සමිතියෙන් සංවිදානය කරපු වාර්ශික පාපන්දු තරඟය නිසා මුලු විශ්වවිද්‍යාලයම හිටියෙ පිට්ටනියෙ..

ගුරුවරුන්ගෙ කණ්ඩායමත් ශිශ්‍යයන්ගෙ කණ්ඩායමත් අතර තරගය පටන් ගන්නකල් ප්‍රේක්ශකයො හැමෝම හිටියෙ නොසන්සුන් වෙලා.. ඒ ප්‍රේකශකයො අතර උද්‍යෝගයෙන්ම හිටපු කෙනා උනේ ජන්ග්කුක්

වතුර බෝතලයක්,ගුරුවරුන්ගෙ කණ්ඩායමේ නම ලියපු පුවරුවක් අතේ තියාගන ජන්ග්කුක් බලාගන හිටියෙ එයා දැන් මේ ලෝකෙන් දකින්න ආසම කෙනා පිට්ටනියට එනකල්..

ඒ ටේහ්‍යුන් ..

ටේහ්‍යුන් පාපන්දු තරගෙට සෙල්ලම් කරනව කියල දැනගත්ත වෙලේ ඉදන් ජන්ග්කුක් විතරක් නෙවෙයි මුලු විශ්වවිද්‍යාලයම හිටියෙ නොසන්සුන් වෙලා.. විශේශයෙන්ම ගෑනු ළමයි..

ජන්ග්කුක් ඇස් පිල්ලම් නොගහ පිට්ටනිය දිහාම බලාගන හිටියෙ කොයිවෙලේ හරි ක්‍රීඩකයො ටික පිට්ටනියට එනකල්.. හතර වටෙන්ම එකපාරටම කෑගැහිල්ල වැඩි වෙද්දි ජන්ග්කුක් ඉදගන හිටපු තැනින් ඉස්සිලා ඇස් ලොකු කරගන බලාගන හිටියා..

ශිශ්‍ය කණ්ඩායමේ ක්‍රීඩකයො ටික එක පේලියට එද්දි ජන්ග්කුක් හිනාවෙලා අත්පුඩි ගැහුවත් ජන්ග්කුක් ගෙ හිත තිබ්බෙ නොසන්සුන් වෙලා.. ටේහ්‍යුන් පාපන්දු තරගෙට සෙල්ලම් කරනව කියල හිතනකොටත් ජන්ග්කුක් ව සීතල වෙලා ගියා..

ගුරුවරුන්ගෙ කණ්ඩායම පිට්ටනියට එනකොට ජන්ග්කුක් ගෙ අත් තිබ්බෙ දාඩියෙන් පෙගිලා.. පෝලිමේ ඉස්සරහින්න එන ටේහ්‍යුන් ව දැක්කාම ජන්ග්කුක් ට සිහිය නැති වෙන්න ආවෙ නැති ටික විතරයි..

ටේහ්‍යුන් ගෙ පෙනුම සම්පූර්නයෙන්ම වෙනස් වෙලා තිබ්බා.. පිට්ටනියෙ ඉන්න ටේහ්‍යුන් මහාචාර්‍ය ටේහ්‍යුන් ගෙන් වෙනස් වෙලා තිබුනේ ඒ දෙන්නා දෙන්නෙක් කියල ජන්ග්කුක් ට හිතෙන තරමට..

ටේහ්‍යුන් ගෙ කැරලි ගැහුන කොන්ඩෙ පස්සට කරල රතු පාට හෙයා බෑන්ඩ් එකකින් බැදල තිබුනා. ටේහ්‍යුන් ඇදගන හිටියේ පාපන්දු ක්‍රීඩාවට එයාලා ගෙන්නුව ඇදුම.. කොට කලිසම නිසා ටේහ්‍යුන් ගෙ නහර ඉලිප්පුන මී පැනි පාට කකුල් ජන්ග්කුක් ව පිස්සු වැට්ටුවා.. අතේ දාගන හිටපු කණ්ඩායම් පටිය දිගේ උඩටම විහිදුන කොළපාට නහර ටේහ්‍යුන් කොයිතරම් ආකර්ශනීයද පරිපූර්ණද වගේම ටේහ්‍යුන් කොයිතරම් කඩවසම් ද කියන එක ජන්ග්කුක් ට ආයෙ ආයෙම ඔප්පු කලා..

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙන් ඇස් අහකට ගත්තෙ නෑ.. ජන්ග්කුක් ට ටේහ්‍යුන් ගෙන් ඇස් අහකට ගන්න බෑ.. ටේහ්‍යුන් පිට්ටනියට එද්දි වටේටම ඇහුන කන් බිහිරි වෙන තරමෙ ඝෝශාව අස්සේ ජන්ග්කුක් නිශ්ශබ්දවම ටේහ්‍යුන් ව රසවින්දා.. ජන්ග්කුක් ට සියුම් ආඩම්බරයක් දැනුනා.. ටේහ්‍යුන් තමන්ගෙ කියල ආව හැගීමක් එක්ක දැනුන සියුම් ආඩම්බරයක්..

ටේහ්‍යුන් පැවිලියන් එක දිහා බලල අත වනනකොට කෙල්ලො පිස්සුවෙන් වගේ කෑගහන ගමන් ටේහ්‍යුන් ට අත වනද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ හිනාව දිහා බලාගන හිනාවුනා.. ටේහ්‍යුන් ගෙ ඇස් මොහොතකට සෙනග අතර පොඩියට වාඩිවෙලා ඉන්න ජන්ග්කුක් ව දකිද්දි ජන්ග්කුක් ගෙ පපුව හැමදාම වගේ වේගෙන් ගැහෙන්න ගත්තා..

ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලල හිනාවෙද්දි ජන්ග්කුක් රතුවුනා.. ඒක තප්පර ගානක හිනාවක් උනත් මේ තරම් සෙනගක් මැද්දෙ තප්පරේකට හරි තමන්ට විතරක් වෙන්වුන ටේහ්‍යුන් ගෙ හිනාව ජන්ග්කුක් ට මහමෙරක් උනා..
 
<>

ටේහ්‍යුන් නිසාම ගුරුවරුන්ගෙ කණ්ඩායම ලකුනු දෙකක් ඉදිරියෙන් ඉද්දි ජන්ග්කුක් දිගටම ටේහ්‍යුන් ට චියර් කරන්න ගත්තා.. ටේහ්‍යුන් තරග කරන විදිය බලන් ඉද්දි ජන්ග්කුක් ට හිතුනෙම පිට්ටනිය මැදට දුවල ගිහින් ටේහ්‍යුන් ව වේගෙන් සිපගන්න..

"සර් පොඩ්ඩක් එන්න පුලුවන්ද ?"

ජන්ග්කුක් තමන්ට කතා කරපු ශිශ්‍යයා එක්ක පැවිලින් එකෙන් බැහැලා කෙලවරට යද්දිත් ජන්ග්කුක් ගෙ ඇස් තිබ්බෙ ටේහ්‍යුන් ගාව..

"සර් කලේ ලොකු උදව්වක් මේකට කැමති වෙලා.. මම කිව්වෙ ජොන් සර් හරි හොදයි කියල"

ජන්ග්කුක් ව ප්‍රථමාධාර ඒකකේට එක්කන් ආව ලමයා එහෙම කියද්දි ජන්ග්කුක් හිනාවුනා.. තමන් හිටපු තැනට කලින්ටත් වඩා හොදට ටේහ්‍යුන් ව පෙනුන නිසා ජන්ග්කුක් ට කිසිම ප්‍රශ්නයක් උනේ නෑ..

ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බලාගනම ටෙන්ට් එක ලඟ ඉදගන ඉද්දි ටේහ්‍යුන් හරි හරියට බෝලෙ තමන්ගෙ කණ්ඩායම අතර පාස් කරගන තව ගෝල් එකක් ගත්තා.. ජන්ග්කුක් සතුටින් කෑගහනකොට ටෙන්ට් එක ලඟ හිටපු ළමයි ඔක්කොගෙම මූනු නරක් උන නිසා ජන්ග්කුක් ආයෙම සද්ද නොකර හිටියත් ජන්ග්කුක් ගෙ මූනෙ තිබ්බෙ හිනාව නැතිවුනේ නෑ

ජන්ග්කුක් එකපාරටම ගැස්සුනේ ටේහ්‍යුන් බෝලේ පාස් කරගන යද්දි බෝගම් ටේහ්‍යුන් ගෙ ඉස්සරහට ආව නිසා..  එකපාරටම බෝගම් තමන් ගෙ ඉස්සරහට එද්දි ටේහ්‍යුන් හුගක් වේගෙන් බෝගම් ගෙ ඇගේ හැප්පුනේ බෝගම් අඩි තුන හතරක් විතර එහාට විසික් වෙලා බිමට වැටෙද්දි..

ජන්ග්කුක් ගැස්සුන පාර එහෙමම ඉදගන හිටපු තැනින් නැගිට්ටා.. බෝගම් කකුල අල්ලගන බිම වැටෙද්දි  ටේහ්‍යුන් ට yellow card එකක් හම්බුනත් ටේහ්‍යුන් ගෙ කට කොනේ තිබ්බ හිනාව මැකුනෙ නෑ.. ජන්ග්කුක් ඇස් ලොකු කරගන ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි ටේහ්‍යුන් හිනාවෙවීම පිට්ටනියෙ කෙලවරට ගියේ ජන්ග්කුක් දිහා තප්පරේකට බලල.

"බෝගම්.. බයවෙන්නෙපා.. මට ටිකක් කකුල බලන්න දෙන්න"

ජන්ග්කුක් බෝගම් ගෙ කකුල අල්ලද්දි බෝගම් වේදනාවෙන් කෙදිරි ගෑව නිසා ජන්ග්කුක් තවත් කලබල උනා.. හිමීට බෝගම් ගෙ සපත්තුව ගලවල කකුලට අයිස් තියද්දි බෝගම් වේදනාව නිසා හීනි උන ඇස් වලින් ජන්ග්කුක් දිහා බලාගන හිටියා..

"හුගක් අමාරුද..?"

ජන්ග්කුක් හිමීට අහනකොට බෝගම් යන්තන් හිනාවෙලා ඔලුව දෙපැත්තට වැනුවා.. ජන්ග්කුක් එහෙමම මේසෙ උඩ තිබ්බ දොඩම් යුශ බෝතලෙන් ටිකක් කෝප්පෙකට දාලා බෝගම් ලඟට ගේද්දි බෝගම් අමාරුවෙන් ඔලුව ඉස්සුවා.. ජන්ග්කුක් බෝගම් ගෙ ඔලුව පිටිපස්සෙන් අත දාලා බෝගම්  ගෙ ඔලුව අල්ලගන හිමීට බීම එක පොවද්දි බෝගම් ගෙ ඇස් තිබ්බෙ ජන්ග්කුක් ළඟ..

එහෙමම ටේහ්‍යුන් ඉන්නෙ කොහෙද කියල බලන්න පිට්ටනිය දිහා බලද්දි ජන්ග්කුක් දැක්කෙ තමන් දිහාම කේන්තියෙන් රතු උන ඇස් එක්ක බලන් ඉන්න ටේහ්‍යුන් ව.. ජන්ග්කුක් ගැස්සුනා.. බෝගම් ට පොව පොව හිටපු බීම කෝප්පේ අතෙන් ලිස්සද්දි බීම ටික බෝගම්ගෙ මුලු මූනෙම හැලුනා..

"කැහ් කැහ්!!"

"ඔහ්..ස්-සමාවෙන්න බෝගම්.. අනේ"

ජන්ග්කුක් ඉක්මනට බෝගම් ගෙ මූනෙ තිබ්බ බීම ටික පිහිදල ආයෙම පිට්ටනිය දිහා බැලුවත් ටේහ්‍යුන් ඒ වෙද්දි එතන හිටියෙ නෑ..
<>

ජන්ග්කුක් එතනින් එහාට ටේහ්‍යුන් දිහා මොනතරම් බලාගන හිටියත් ටේහ්‍යුන් වැරදීමකින් වත් ජන්ග්කුක් දිහා බැලුවෙ නෑ..

ජන්ග්කුක් හිටියෙ දුකෙන්.. ටේහ්‍යුන් තමන් බෝගම් එක්ක ඉන්නවට අකමැති බව ජන්ග්කුක් දැනගන හිටියා උනත් ජන්ග්කුක් කලේ ගුරුවරයෙක් හැටියට තමන්ගෙ වගකීම නිසා ජන්ග්කුක් ඒ ගැන පසුතැවුනෙ නෑ..

පාපන්දු තරගය ජයග්‍රහනය කලේ ගුරුවරුන්ගෙ කණ්ඩායම කියල කිව්වාම ජන්ග්කුක් සතුටින් කෑගැහුවා.. ඒ වගේම ටේහ්‍යුන් තරඟයේ වීරයා වෙලා පදක්කම කරේ දාගනිද්දි ජන්ග්කුක් ට හිතුනෙම ටේහ්‍යුන් ව බදාගන්න.. ඒත් ජන්ග්කුක් හැගීම් පාලනය කරගන එහෙමම පිට්ටනියට වෙලා හැමෝම වට කරගන ඉන්න ටේහ්‍යුන් දිහා ලස්සනට හිනාවෙලා බලාගන හිටියා..

ටේහ්‍යුන් පදක්කම අල්ලගෙන ජායාරූප වලට පෙනී ඉදල ඉවර වෙලා යන්තමය ජන්ග්කුක් දිහා බැලුවාම ජන්ග්කුක්ගෙ ඇස් දිලිසුනා.. ජන්ග්කුක් දිලිසෙන ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි ටේහ්‍යුන් හිනා වෙන ඇස් දෙකක් එක්ක ජන්ග්කුක් ගෙ පැත්තට ඇවිදගන ආවා.

ටේහ්‍යුන් ට සුභපතන්න ටේහ්‍යුන් ට හග් එකක් දෙන්න ජන්ග්කුක් මඟ බලාගන ඉද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ පැත්තට ඇවිදගන එනව දැක්ක ජන්ග්කුක්ගෙ හිත සතුටින් කෑගැහුවා..

ජන්ග්කුක් හිනාවෙලා තමන් දිහාට එන ටේහ්‍යුන් ට සුභ පතන්න කට අරින්න හදනකොටම ටේහ්‍යුන් ජන්ග්කුක් ට එහා පැත්තෙන් හිටගන හිටපු හන්ජි ලඟට ගියේ ජන්ග්කුක් බලාගන ඉද්දිමයි..

"ටේ... ඔයා නම් නියමයි"

හන්ජ් එහෙම කියල ටේහ්‍යුන් ව බදාගන්නකොට ටේහ්‍යුන් පෙරලා හන්ජි ව තුරුල් කරගත්තෙ ජන්ග්කුක් ගෙ හදවත කෑලි කෑලි වලට කැඩිලා විසිරිලා යද්දි..

ජන්ග්කුක් එහෙමම බලාගන හිටියා.. වචනයක්වත් නොකියා එහෙමම ටේහ්‍යුන් දිහා බලාගන හිටියා..ටේහ්‍යුන් ඒ බව දැක්කා.. ජන්ග්කුක් තමන් දිහා බලන් ඉන්න බව ටේහ්‍යුන් දැක්කා උනත් ටේහ්‍යුන් ඒක නොදැක්ක ගානට හන්ජි ගෙ ඉන වටේට අත දාගන අනිත් ක්‍රීඩකයෝ ඉන්න පැත්තට ගියා..

ජන්ග්කුක් ට ටික වෙලාවක් යනකල් ටේහ්‍යුන් තමන්ට එහෙම කලා කියන එක විශ්වාස කරන්න බැරිවුනත් ජන්ග්කුක් දැනගන හිටියා තමන් බෝගම් එක්ක ඉන්න ව දැක්කාම ටේහ්‍යුන් තමන් ව රිද්දන්න මොනාම හරි කරන බව..

"එයාට ඉරිසියයි"

තමන්ට එහෙම් මුමුණලා ජන්ග්කුක් හිනාවුනා.. හදවත ඇතුලෙන් පසාරු කරගන ගිහින් තිබ්බත් ජන්ග්කුක් තමන්වම සනසගන්න ගමන් හිනාවුනා..

<>
ටේහ්‍යුන් හිටියෙ ඇදුම් මාරු කරන කාමරේ.. හැමෝම යනකල් එතන්ට වෙලා හිටපු ටේහ්‍යුන් කාමරේ හිස් උනාට පස්සෙ කන්නාඩියක් ඉස්සරහට ගිහින් තමන්ගෙ ප්‍රතිබිම්බය දිහා බලාගන හිටියා..

"ඇයි මට කේන්ති යන්නෙ..එයා මගෙ ඇමක් විතරයි!"

ටේහ්‍යුන් තමන් එක්කම කතා කරන්න ගත්තා.. ටේහ්‍යුන් හිටියෙ ලොකු කේන්තියකින්..ජන්ග්කුක් වෙන පිරිමියක් එක්ක ඉන්නව දැකපු එක වගේම ඒ තරු ඇස් මගෑරල හන්ජි එක්ක ගිය එක ගැන ටේහ්‍යුන් හිටියෙ කේන්තියෙන් වගේම පසුතැවීමකින්..

"මං එයාට කිව්වා.. එහෙම කරනවට මම ආස නෑ කියල!"

ටේහ්‍යුන් තමන්ටම එහෙම මුමුනල මූන වතුරෙන් තෙමාගන ආයෙම කන්නාඩිය දිහා බැලුවෙ රතු උන ඇස් වලින්.. ඒ එක්කම වගේ කාමරේ දොර ඇරෙද්දි ටේහ්‍යුන් හිටපු ඉරියව්වෙන්ම ඒ දිහා බැලුවා

ටේහ්‍යුන් ව දැක්ක ජන්ග්කුක් ගැස්සුනා.. ඒත් ජන්ග්කුක් මොකුත්ම නොකියා ටේහ්‍යුන් ව නොදැක්ක ගානට ගෙනාපු බැනර් ටික කබඩ් එකට දාලා යන්න හැරුනේ තමන්ගෙ හිත තිබ්බෙත් රිදිලා නිසා වගේම මේ තැන නිදහසේ කතා කරන්න පුලුවන් තැනක් නොවන නිසා..

ජන්ග්කුක් තමන් ව ගනන් නොගෙන යන්න හදනව දැක්ක ටේහ්‍යුන් ට ඉහිලුම් නැති වුනා.. අත් වල නහර පුපුරන්න තරම් තදින් අත මිට මොලවගත්ත ටේහ්‍යුන් ඒ වේගෙන්ම බිත්තියට අත මිට මොලවල පාරක් ගැහුවෙ ජන්ග්කුක් ගැස්සිලා යද්දි..

"ජන්ග්කුක්!!"

ටේහ්‍යුන් ගෙරෙව්වා.. ඒ කටහඩට ජන්ග්කුක් වෙව්ලල යද්දි ටේහ්‍යුන් අඩියට දෙකට ජන්ග්කුක් ලඟට ආවේ ජන්ග්කුක් මොකුත්ම හිතාගන්න බැරුව ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි..

________________________
I can see you
You are all I can see
Look I'm unfair against all but you
Now I can't live a day without you, please
_________________________



Happy taekook day
💚💜️
05/04/2022

Bambi🎈

Continue Reading

You'll Also Like

21.8K 3.8K 10
කාලයට පුලුවන් උනා ගොඩක් දේවල් වෙනස් කරන්න , ඒත් කාලෙට බැරි උනා තවමත් අපේ හදවත් වෙනස් කරන්න.මට තවත් ඕන් නෑ ඔයාවත්, අපේ ආදරේවත් අභිරහසක් විදියට තියා ගන...
42.9K 995 33
One night at a party changed everything for him nothing was really the same as it was before but he didn't hate that...he actually liked it Eren kne...
51.4K 11.6K 35
මම ප්‍රාර්ථනා කරනවා ඔයා මට ලංවෙන්න කලින් මම දැනගත්තා නම් ඔයා මගේ හිත බිදලා දායි කියලා.. එහෙනම් මම ඔයාට ලං නොවී ඉන්න තිබුනා ජන්කුක්.. ඒත් මේ තරම් දේවල...
98K 14K 51
Tae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද ක...