𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡ...

By Min__Kookie__

94.8K 13K 4.7K

" තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up... More

Chapter 01 😈
Chapter 02 🙂
Chapter 03 💔
Chapter 04 😌
Chapter 05 😉
Chapter 06 😶
Chapter 07 😏
Chapter 08 🙄
Chapter 09 💞
Chapter 10 😋
Chapter 11 😔
Chapter 12 😂
Chapter 13 😠
Chapter 14 ❤️
Chapter 15 🔞
Chapter 16 🙃
Chapter 17 😥
chapter 18 🌝
Chapter 19 🥺
Chapter 20 💓
Chapter 21 😕
Chapter 23 😓
Chapter 24 😎
ᴛᴀʟᴋ ᴡɪᴛʜ ᴄʜᴀʀᴀᴄᴛᴇʀs 👥
Chapter 25 🎉️
Chapter 26 🥳
Chapter 27 🔞
Chapter 28 🤗
Chapter 29 🤫
Chapter 30 💔
Chapter 31 🥰
Last Chapter 🔞
New Story 🙈
Revenge Season 02

Chapter 22 😣

2.4K 380 172
By Min__Kookie__

At Hospital

සූයා ඉක්මනට hospital එකට ගියේ සනා ඉන්න තත්ත්වය හොදටම දන්න නිසා සූයා ID එක පෙන්නලා මින්ජිගේ ඔපරේෂන් එක කරන්න ගියා සුකී සනාගේ ලගට වෙලා හිටියා යුංගි පැත්තකට වෙලා සනා දිහා බලාගෙන හිටියේ සනා ඇත්තටම මොන වගේ කෙනෙක් ද කියලා තේරුම් ගන්න බැරුව

පැය පහකට විතර පස්සේ ඔපරේෂන් එක ඉවර කරලා සූයා එලියට එනකොට සනා දුවලා ගියේ සූයා ලගට

" ඔපරේෂන් එක Success "

සූයා හිනා වෙලා කියද්දී සනා සූයාව බදාගත්තේ ස්තූති කරන ගමන්

" ස්තූති කන්න ද බන් මට මොනාහරි අරන් ඕනි අද උබ මාව බය කරපු හැටියට ඉතින් අනිවාර්යයෙන් වටින දෙයක් ඕනි "

" ටෙඩියෙක් අරන් දෙන්නම් "

සූයා කට ඇද කරගෙන සනා දිහා බලාගෙන ඉද්දී සනා කියුට් හිනාවක් දාගෙන ඉන්නවා යුංගි තොල් තද කරගෙන හිනාව කාගෙන ඉන්නවා

" උබ හිතුව ද් මං සුකී කියලා අනික ඔය කුප්ප හිනාවට මම රැවටෙන්නේ නැ "

" කවුද කිව්වේ නාකින්ට ටෙඩියෝ අරන් දෙනවා කියලා මම කිව්වේ ඔයාගේ බබා ගැන "

ඔන්න ඒ පාර නම් සූයා ඩිම් වෙලා ගියා යුංගිත් බලාගෙන ඉන්නවා කොහේ ඉන්න බබෙක් ගැන ද කියන්නේ කියලා

" කොහෙද යකෝ මට බබෙක් "

" සූයා ඔන්නි සනියා කියන්නේ ඔයාටයි යුංගි ඔප්පාටයි ඉතින් කවදාහරි බබෙක් ඉදියි නේ ආන් ඒ බබාට තමයි "

සුකී කිව්වා

" අන්න පොඩි එකාට ගොනාට වගේ තේරුනා "

" සනියා තමුසෙට ආපහු මගේ ගෙදර දොරවල් ඇරෙන්නේ නැ "

" මට පාඩු ඇති.... "

" සනා දැන් ගෙදර යන්න ජියා නූනා උබ එනකම් බලාගෙන ඉන්නේ "

සූයා කියද්දී සුකීත් ඔලුව වැනුවා

" ඒත්......'

" මම සූයා එක්ක ඉන්නම් ඔයා ගෙදර යන්න සනා "

යුංගි කිව්වා

" ඒත් ඔප්පා.... "

" ඒත් මේත් නෙවෙයි කෙල්ලේ යනවා ගෙදර දැන් පාන්දර දෙකත් පහුවෙලා "

යුංගි කියද්දී කෙල්ල ඔලුව වැනුවේ හා කියන්න

" හදිස්සියක් වුනොත් මට කියන්න හරි ද "

" හරි බන් දැන් පල සුකී මේකිව පාරේ මැදින් එක්කන් පල "

සූයා කියද්දී සනා රැව්වා

" දැන් යමන් "

සුකී එහෙම කියලා සනාව ඇදගෙන ගෙදර ආවා සනාට ආපහු යුනි කාලය මතක් කරමින් mansion එකට කකුල තිව්ව ගමන් ආපු ජියාගේ දිග lecturer එකකට සවන් දුන්නා ඉන්පසු ජින්ගේ සුමිහිරි ටින් කිරි වොයිස් එකෙන් රැප් එකක් ගායනා කරන්න පටන් ගත්තේ සනා කර්න පටහ පටලයක් ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට යන ගාන හිතින් හදමින් ඉන්නකොට

" මට ඇයි නිවන් ගියා වගේ දැනෙන්නේ "

ජිනයියාගේ රැප් එක අවසානයේ සනා ඇහුව පුරස්නය නිසා මෙච්චර වෙලා කට වහගෙන හිටපු හෝසොක් ටේහ්‍යුන්ගේ පිටට ගහන ගමන් හිනා වෙන්න පටන් ගත්තා ජින් හෝසොක්ට රවනකොට කොල්ලා බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තේ සෝස්පන් පාරක් කාලා තනිකඩව මැරෙන්න බැරී නිසා

ඒ අතරේ සනා ගල් ආදා වගේ සේප් එකේ එතැනින් රූම් එකට යන්න ආවත් දොර ලොක් කරලා

මූ මොනාද දොර ලොක් කරගෙන කරන්නේ සෙද්ද

" යාහ්හ් ජන්කූක් මේ දොර අරිනවා "

සනා දොරට තට්ටු කරන ගමන් කතා කලත් නෝ රිප්ලයි කෙල්ලට දැන් අග්නි දෙවියෝ ආරූඪ වීගෙන එන්නේ

මුගේ හැල්මොනීට සම්බා රයිස් ගරන්න ගල් බූරු සිරි ලංකන් හා තඩියා තව විනාඩි පහකින් දොර ඇරියේ නැත්නම් මම මෙතන දහ අට සන්නිය නටලා කොහොඹ කන්කානිය නටනවා

" ඕයී ජොන් ජන්කූක් තමුසේ මැරිලා ද මැරුනත් කමක් නැ මේ දොර ඇරලා ඕයී හාවෝ මම මෙතන තොවිලයක් නටන්න කලින් දොර ඇරපිය අමල්බිසෝ දොර ඇරපන් නැත්නම් වංගෙඩියෙන් ගහලා මෝල්ගහෙන් කොටනවා සනිකව මේ ඕයී තමුසේ ඇත්තටම ස්වර්ගස්ථ වෙලා සුනඛයෝ "

සනා රූම් එකේ දොරට ගහන ගමන් කෑගහනවා

" මොකාද දොර කඩන්න හදන #&#& "

සුද්ද කොරියන් වලින් වදන් පෙලකුත් කියාගෙන ඔලුව කසන ගමන් ජන්කූක් දොර ඇරියා කොන්ඩෙත් අවුල් කරගෙන පොඩි එකෙක් වගේ තමන්ගේ ඉස්සරහට වෙලා ඉන්න ජන්කූක්ව දැක්කාම සනාට හිතුනේ එක දෙයයි

කියුට් අෆ්ෆා අල්ලලා මිරිකන්න හිතෙනවා හා පැටියෙක් වගේ

සනා එයාගේ කියුට් හස්බන් දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියත් කෙල්ලගේ මොලේට ඊලගට ගලාගෙන ආපු අදහසක් නිසා ජන්කූක්ව තල්ලු කරගෙන ඇතුලට ගියා

අහිංසක මූනට රැවටෙන්න එපා සනා උපාසක බලල්ලු තමයි මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ ඒත් මූ බලලෙක් නෙවෙයි නේ පොඩ්ඩක් හා සේප් එකක් තියෙනවා මොකෙක් හරි කමක් නැ මූ අහිංසක නැ ඔය නිදාගෙන නැගිට්ටාම අවසිහියෙන් ඉන්නකොට කියුට් ගති හොද සිහියෙන් ඉන්නකොට නැ

ඔන්න දැන් තමයි ජන්කූක් හොද සිහියට ආවේ

" තමුසේ දැන් ද ආවේ...."

" අනී දැන් පැය භාගයක් විතර වෙනවා "

සනා අතේ වොච් එක දිහා බලලා කිව්වා

" අහ්ම්.... වොෂ් එකක් දාගෙන ඇවිත් නිදාගන්නවා "

ජන්කූක් එහෙම කියලා ගිහින් ඇදට නැග්ගා

" තමුසේ අද හරි අමුතුයි ජන්කූක් කවුරුහරි ඔලුවටවත් ගැහුවා ද "

" මගෙන් මුකුත් නාහ ගිහින් වොෂ් එකක් දාගෙන එනවා තමුසේ ලග කුනු කරවල ගදයි "

" මොකද්ද කියන්නේ ආ තමුසේ ලග තමයි කානු ගද එන්නේ බීලා බීලා බේබද්දා වගේ කානු වල වැටිලා කානු ගදේ බැ "

" සනා තමුසේ මගෙන් මැරුම් නොකා යනවා "

සනා ජන්කූක්ට රවාගෙන වොෂ් රූම් එකට ගියා ටිකකින් කෙල්ල වොෂ් එකක් දාගෙන ඇවිත් වෙලාව බලනකොට පාන්දර 4.00 ත් පහුවෙලා ජන්කූක්ට නම් නින්ද ගිහින් සනා ඇදේ තිබුණු කොට්ටෙකුත් අරගෙන සෝෆා එකට ගිහින් හාන්සි වුනා මෙච්චර වෙලා හොර පූසා වගේ නිදාගෙන හිටපු ජන්කූක් සනා දිහා බලලා ආපහු අනිත් පැත්ත හැරිලා නිදාගත්තා

After one week

සතියක් ගෙවිලා ගියේ පුදුමාකාර ඉක්මනට මින්ජි ටිකින් ටික හොද වුනා යුංගි සූයා දෙන්නා තවත් ලං වුනා ඒත් ජන්කූක් සනා දෙන්නා නම් රුසියාවයි යුක්‍රේන් වගෙයි යුද්ධ කරමින් ඉන්නවා දෙන්නා හොදින් කතාව පටන් ගත්තාත් ඉවර වෙන්නේ රන්ඩු වෙලා

" ආ ඩබල වැඩ වගේ "

ජියා කිචන් එකට එබිලා කිව්වේ අජුම්මා එක්ක වැඩ කරන කෙල්ලෝ දෙන්නාට

" අනේ මේකි කරන වැඩ මේකි මෙතනට වෙලා ඉදගෙන මම කපන කැරට් කෑල්ලක් ගානේ ආමාශගත කරගන්නවා "

සූයා සනාට පිහිය දික් කරගෙන කිව්වා

" ඕක ඔච්චර දික් කරන්න එපා හදිස්සියේවත් ඇනුනොත් අහිංසක ජීවියෙක් රටට නැති වෙනවා "

සනා අතිශය අහිංසක විදියට කියද්දී උබට පිහියෙන් ඇනලා මදි වගේ බැල්ලමක් දැම්මා

" ගුඩ් මෝනින් බේබි "

ජින් ජියාගේ කම්බුලට පුංචි හාදුවක් තියන ගමන් කිව්වා ජියාත් අනිත් පැත්තට ජින්ගේ කම්බුලට හාදුවක් තවරලා

" ගුඩ් මෝනින් පැටියෝ "

" ඔහොම හැසිරෙන්න එපා අෆ්ෆා මගේ තනිකඩ සිත වේදනාවට පත් වෙනවා "

සනා බොරුවට කදුලු පිහිදන ගමන් කිව්වා

" උබ කොහෙද යකෝ තනිකඩ ජන්කූක් මගේ ද එතකොට "

සූයා ඇහුවා

" කැමති නම් තියාගන්න මට ප්‍රශ්නයක් නැ මගේ නෙවෙයි නේ ඉතින් "

සනා මෙලෝ ගානක් නැතුව කියලා දැම්මා

" එතකොට මගේ යුංගියාට මොකද වෙන්නේ "

" අව්ස් මගේ යුංගියා අම්බෝ.....
මෙන්න එක් කෙනෙක් රතු වෙලා "

සනා හිනා වෙවී කිව්වා

" බලන්නකෝ සනා මූනේ තියෙන පෙම් පාට "

ජියාත් සනාටම එකතු වෙලා

" ඒක නේ ඔන්නි පැනි බේරනවා "

ජින් අජුම්මා දෙන්නා හිනා වෙනවා

" යුංගි ඔප්පාගේ නම කිව්වත් ඇති මේක රතු වෙන්න "

" යාහ්හ් ඕක නවත්තනවා "

කට වහගෙන ඉදලා බැරිම තැන සූයා කෑගැහුවා

" මගේ නම කියනවා වගේ ඇහුනා "

යුංගි එහෙම කියාගෙන ඇවිත් කිචන් එකට ඔලුව දැම්මා

" යුංගියා ගුඩ් මෝනින් "

" ගුඩ් මෝනින් ජිනා "

" මේ යුංගි ඔප්පේ "

සනා කතා කරනකොට යුංගි සනාගේ දිහාට හැරුනා

" මේ සූයා කියනවා ඔයා එයාගෙ ලු "

සනා කිව්වාම යුංගි ක්ෂනිකව හැරුණේ සූයාගේ පැත්තට සූයා රතු වෙලා පුපුරන්න වගේ

" ඉතින් මම එයාගේ තමයි "

යුංගි එහෙම කිව්වාම සූයාට කොන්ක්‍රීට් කියලා බලන්නේ නැතුව පොලොව පලාගෙන යන්න හිතුනා සනා ඕක අල්ලාගෙන මාසයක් විතර නෝන්ඩි කරන බව සූයා හොදටම දන්නවා

" තවත් මෙතන හිටියොත් මට මොනවා අහන්න ලැබෙයි ද දන්නේ නැ මම යනවා ඈ ඔය අහිංසක අජුම්මාව නරක් කරන්න එපා "

සනා එහෙම කියලා යන්න හදනකොට කෝල් එකක් ආවා

" යෙබුස්සයෝ....
කවුද මේ..... "

සනාගේ පැත්තට හැමෝම හැරුනා

" මොකාක්....
එහෙම වෙන්න බැ "

සනාගේ අතින් ෆෝන් එක අතහැරෙද්දී කෙල්ල අඩියක් පස්සට ගියා

" සනා..... "

සූයා සනාගේ ලගට ඇවිත් කතා කලා

" එහෙම වෙන්න බැ සූයා..."

සනා කදුලු අතරින් මුමුනද්දී සූයාට හිතාගන්න බැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා

" සනා මොකද්ද වෙලා තියෙන්නේ "

" සූයා මගේ ඔප්පා.... "

" ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ "

සනා වචනයක්වත් නොකියා හයියෙන් අඩන්න පටන් ගනිද්දී සූයා කෙල්ලව වැලදගත්තා මොකද වුනේ කියලා හිතාගන්න බැරුව ජියා ජින් දිහායි යුංගි දිහායි බැලුවා ඒත් එක්කම කලබලෙන් පහලට ආපු ජන්කූක් දැක්කේ සූයාව බදාගෙන අඩන සනාව

" සනා මොකද වුනේ කියන්න "

ජියා සනාගේ ඔලුව අතගාන ගමන් ඇහුවා ජන්කූක් මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව බලාගෙන හිටියේ

" සනා..... "

ජන්කූක් ගිහින් සනාගේ අතින් අල්ලගත්තා

" තමුසේ මාව අල්ලන්න එපා..... තමුසේ තමයි මේ සේරටම වගකියන්න ඕන මම එදත් තමුසෙට කිව්වා මගේ ඔප්පා තමුසෙගේ නංගි මැරුවේ නැ කියලා ඒත් තමුසේ මොකද්ද කලේ මගේ කියලා තිබුණු හැමදේම තමුසේ උදුරගත්තා අන්තිමේ දී තමුසේ මට තර්ජනය කරලා කසාද බැදගත්තා ඒත් තමුසෙට ඇති වුනේ නැද්ද ඒ නිසා ද නිසා ද තමුසේ මෙහෙම දෙයක් කලේ......... අහ්.. මට කියනවා දැන් තමුසෙට සතුටුයි ද ආ මේක නේද වෙන්න ඕන වුනේ..ආ කියනවා ජොන් ජන්කූක්...."

සනා ජන්කූක්ගේ ඇදුමෙන් අල්ලාගෙන අඩ අඩා ජන්කූක්ට කෑගැහුවා අනිත් අයට වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැ ජන්කූක් වචනයක්වත් නොකියා ශර්ට් එක අල්ලාගෙන හිටිය සනාගේ අත් දෙකෙන් අල්ලගත්තා

" මම මුකුත් කලේ නැ සනා මම සූහෝ මැරුවේ නැ සනා......."

ජන්කූක් අල්ලාගෙන හිටපු සනාගේ අත් දෙක සනා ගසලා දාලා පිටිපස්සට වුනා

" තමුසේ මොකටද බොරු කියන්නේ ආ මගේ ඔප්පා වැරැදි දේවල් කලා මම ඒක එදත් කිව්වා අදත් කියනවා ඒත් එයා තමුසෙගේ නංගි මැරුවේ නැ මගේ ඔප්පා කොහොම කෙනෙක් වුනත් එයා මට දුන්නු පොරොන්දුවක් කවදාවත් කැඩුවේ නැ එයා...... එයා... තමයි අප්පා මට ගැහුව වෙලාවට මගේ කදුලු පිහිදලා හැමදාම මගේ හිත හැදුවේ කොච්චර ඈත් වෙන්න හැදුවත් එයා හෙවනැල්ලක් වගේ මගේ පස්සෙන් හිටියා... මොන වැඩේ තිබුනත් එයා මං ගැන හෙව්වා මගේ ඔප්පා තමුසේ තමුසෙගේ නංගි ගැන හෙව්වා නම් අද තමුසෙගේ නංගි ජීවත් වෙනවා එහෙනම් අද ජිමින් ඔප්පාත් බේබද්දෙක් වගේ බොන්නේ නැතුව ඉන්නවා මම නිදහසේ ඉන්නවා මගේ ඔප්පා එහෙනම් ජීවත් වෙනවා ඒත් තමුසේ හින්දා කී දෙනෙක්ගෙ ජීවිත විනාස වෙලා ද කියලා බලනවා තමුසෙගේ අතේ වැරදි තියාගෙන අනිත් අයට වැරදි පටවන්න හදන්න එපා තමුසෙව මට අප්පිරියයි.... I hate you jungkook "

සනා එහෙම කියලා එතැනින් ගියා එච්චර දෙයක් කියලා යනකුනුත් ජන්කූක් එක වචනයක් කිව්වේ නැ වෙන කෙනෙක් ඔතන හිටියා නම් මෙලහකටත් ඌ යන්න ඕන තැනට ගිහින් ඒත් අද ජන්කූක් සනා කියපු දේවල් අහගෙන හිටියා විතරයි අනිත් අයටත් ජන්කූක්ගේ මේ වෙනස පුදුමයි

" ජන්කුකා "

" හියුන්ග් මුකුත් කියන්න එපා මට තනියෙන් ඉන්න ඕන "

ජින් ව මග හැරලා ජන්කූක් යන්න ගියා මේ අතරේ කාමරේට ගියපු සනා රූම් එකේ තිබුණු බඩු පොලොවේ ගහලා කෑගහලා අඩන්න පටන් ගත්තා මල් වාස් එකෙන් mirror එකට ගැහුවේ වීදුරු කෑලි කාමරේ පුරා විසිරිලා යද්දී මේ වෙනකොටත් සනාගේ අත තුවාල වෙලා ලේ වැත්කෙරෙනවා ඒත් කෙල්ලට ගානක් නැ මොකද ගතේ වේදනාවට වඩා හිතේ වේදනාව වැඩියි රූම් එකේ මුල්ලකට වුනු කෙල්ල අඩන්න පටන් ගත්තා

To be continue..........🖤

හායිම් බබ්බුලා
කොහොමද ඉතින්

අපිට ඊයෙන් එක්සෑම් ඉවර වුනා ඊලගට දහම් පාසල් විභාගෙට පාඩම් කරන්න ඕනි කියලා හිටියේ ඇදිරි නීතිය දැම්මා නේ ඉතින්

ඔන්න ඉතින් අදින් පස්සේ පටන් ගන්නේ මේ කතාවේ මම ආසම සීන් ටික
සනා ජන්කූක්ට වෛර කරනව ලු ලමයි
අපි නම් ඔන්න දන්නේ නැ හරි ද
අපේ ගෙදර address හොයන්න එපා
මම රටටක් රාජ්‍යයක් වටින අහිංසක කෙල්ලෙක්

ඕලෙවල් වලට තව මාස එක හමාරයි නේද කියලා මතක් වුනාම පපුව නිකන් මොකද්ද වුනා වගේ

ඕතර් අදුරේ ඉදගෙන කතාව ටයිප් කලේ
ඕතර්ගේ මෑනියන් ඇයගේ සුමිහිරි කටහඬ අවදි කර ඇති බැවින් මම මෙතනින් නවතින්නම්

මෙය කියවූ ඔබ සැමට ස්තූතියි
වෝට් කමෙන්ට් කරන්න ඈ

පරිස්සමින් ඉන්න
සරන්හේ
බායිම්

Continue Reading

You'll Also Like

78.5K 15.8K 30
නුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22
8.6K 866 43
බොරු ආදරයක් දීලා අන්තිමේ තනි කරලා දාපූ කෙල්ලෙක්ට නැවත අවන්ක ආදරයක් ලැබීම..🙂❤️ 𝔽𝕒𝕜𝕖 𝕝𝕠𝕧𝕖 𝕒𝕟𝕕 ℝ𝕖𝕒𝕝 𝕝𝕠𝕧𝕖 𝕓𝕖𝕤𝕦𝕥𝕚𝕗𝕦𝕝 𝕤𝕥𝕣𝕠...
78.9K 18.6K 74
This is my second story.....this is not BTS jimin.....this is CEO jimin.....I think you will like my story මේ මගේ දෙවනි කතාව....මේකේ BTS ජිමින් නෑ...
2.7K 802 6
~ සකුරා දේශයේ මියගිය හදවතට පණ දුන් ඔහු සදා අමරණීය ප්‍රේමණීය කාව්‍යයේ හිමිකරුයි...~ සකුරා 💮 Written By JinNu ✍ Start Date 📅 : 2022.02.03 Published D...