VOLCANO✔️

By Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... More

A/N
1st~
2nd~
3rd~
4th~
5th~
6th~
7th~
9th~
10th~
11th~
12th~
13~
14th~
15th~
16th~
17th~
18th~
19th~
20th~
21st~
22nd~
23rd~
24th~
25th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

8th~

1.6K 365 41
By Oreo_Bambi

ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ගෙ කාර් එක ඇතුලෙ.. යන තැනක් ගැන හරි අදහසක් නොතිබ්බත් ජන්ග්කුක් ඒ ගැන ටේහ්‍යුන් ගෙන් අහන්න උත්සහ කලේ නෑ..

ජන්ග්කුක් දිගටම කාර් එකේ ජනේලෙන් එලිය බලාගන හිටියා..පහුවෙලා යන ගස් කොලන් දිහා බොරු උනන්දුවකින් බලාගන යන ජන්ග්කුක් ව දැක්කාම ටේහ්‍යුන් ට හිනා නොවී ඉන්න බැරිවුනා..

"දැනගන්න ඕන නැද්ද?"

ටේහ්‍යුන් ගෙ කටහඩට ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බැලුවා.. ටේහ්‍යුන් හිටියෙ පාරට අවදානය දීලා.. ටේහ්‍යුන් ගෙ මූන දිහා බලපු ජන්ග්කුක් ටේහ්‍යුන් අහපු දේ හරියට තේරුනේ නැති නිසා උත්තරයක් නොදී දිගටම බලාගන හිටියා..

"යන තැන දැනගන්න ඕන නැද්ද?"

ටේහ්‍යුන් ඒක ඇහුවෙ ජන්ග්කුක් දිහා නොබල.. ජන්ග්කුක් මොකුත් නොකියා ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියල කියන්න..

ටේහ්‍යුන් හිනාවුනා..

"එච්චරට මාව විශ්වාසද පෙට්??"

ටේහ්‍යුන් ඇහුවාම ජන්ග්කුක් කලේ ඇස් බෝල කරගන ටේහ්‍යුන් දිහා බලපු එක..

"ඇයි? ඔයාමනේ කිව්වෙ විශ්වවිද්‍යාලෙන් එලියෙදි ඒක කිව්වට කමක් නෑ කියල.."

ටේහ්‍යුන් ඒක කිව්වෙ හිනාවෙවී.. ඒ හිනාව දැක්කාම ජන්ග්කුක් ගෙ මූනටත් ඉබේටම හිනාවක් ආවා..

"ඇයි මට පෙට් කියන්නෙ?"

"ඔයාව මට දැනෙන්නෙ එහෙම"

"සතෙක් වගේ?"

"අන්න ඔයා වරද්දගන ජන්ග්කුක් "

"පෙට් කියන්නෙ සුරතලාට.. මම ඔයාගෙ සුරතලාද?"

"ඇයි මිනිස්සු සුරතලෙක් ඇති කරන්නෙ? මොනාද සුරතලෙකක්ගෙන් අපිට ලැබෙන්නෙ?!"

"හේතු හුගක් තියෙනව"

"අන්න හරි.. සුරතලා කියන්නෙ අපිට මානසික සතුටක් ගේන කෙනෙක්, පාලුව නැති කරන කෙනෙක්, ඕනම වෙලාවක ළඟින් ඉන්න කෙනෙක්.. අපේ මහන්සිය නැතිකරන කෙනෙක්.."

"එ.. එතකොට?"

"මටත් ඔයාව දැනෙන්නෙ එහෙම.. ඒකයි පෙට් කියන්නෙ"

"එහෙම දැනෙන්න තරම් අපි සමීප නෑ ටේහ්‍යුන් ? ඔයාට එහෙම දැනෙන්න තරම් මම මොනාද කලේ?"

"අන්න ඒක තමයි වැදගත්ම දේ ජන්ග්කුක් .. ඔයා මොකුත්ම කලේ නෑ!"

ජන්ග්කුක් ටික වෙලාවක් යනකල් මොකුත්ම කිව්වෙ නෑ.. බිම බලාගන කල්පනා කරපු ජන්ග්කුක් ආයෙම ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බැලුවා..

"අපි හැමෝම අපේ සුරතලා ට ආදරෙයි.. ?"

ජන්ග්කුක් අහපු දේත් එක්ක ටේහ්‍යුන් නිරුත්තර උනා.. පාටෙන් ඇස් අහකට අරගෙන ජන්ග්කුක් දිහා බලපු ටේහ්‍යුන් ට කියන්න දෙයක් හිතාගන්න බැරිවුන නිසා ටේහ්‍යුන් කලේ එහෙමම.ජන්ග්කුක් දිහා බලපු එක..

"අපි තැනට ආවා ජන්ග්කුක් "

ටේහ්‍යුන් එහෙම කියල කාර් එක නතර කලා.. ජන්ග්කුක් ට උත්තරයක් දැනගන්න ඕන උනා..ඒත් ටේහ්‍යුන් ඒකට සූදානමක් නැති බව ජන්ග්කුක් ට තේරුන නිසා ජන්ග්කුක් ඒ බලාපොරොත්තුව අතෑරියා..

ටේහ්‍යුන් ඇත්තටම ජන්ග්කුක් ට ආදරෙයි ද..?

පිරිමියෙක් තවත් පිරිමියෙක්ට...?
_______________________________________

"ඉපදුන දවසෙ ඉදන් මේ රටේ ඉදලත් මේ තැන මම කවදාවත් දැකල තිබ්බෙ නෑ"

"ඔයාට උවමනාවක් තියෙන්න නැතුව ඇති.. මෙහෙම තැනක් හොයාගන්න"

ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ට එහාපැත්තෙ.. දෙන්නම හිටියෙ අතෑරල දාපු පරණ ගොඩනැගිල්ලක උඩම තට්ටුවෙ.. එතනින් එහාට පේන දර්ශනේ ගැන කියන්න ජන්ග්කුක් ට වචන තිබුනෙ නෑ.. ඉර බැහැගන යන වෙලාව නිසා එතන පෙනුනෙ දිව්‍යලෝකයක් වගේ..

තමන් අහසට හුගක් ළඟින් ඉන්නව කියලයි ජන්ග්කුක් ට හිතුනෙ.. මුලු අහසම එක එක පාට ගොඩකින් වැහිලා ගිහින් තිබුනා.. තැබිලි, කහ, රෝස ,සුදු ඔය කියන පාටවල් ඔක්කොම එකතු වෙලා වෙනමම පාටකින් අහස වැහිලා ගිහින් තිබුනා..

ජන්ග්කුක් ගෙ ඇස් දිලිසුනා.. බැහැගන යන ඉර දිහා බලාගන හිටපු ජන්ග්කුක් ගෙ තරු ඇස් දිහා බලාගන හිටපු ටේහ්‍යුන් ගෙ ඇසුත් දිලිසුනා.. ජන්ග්කුක් බැල්කනි එකේ බැම්මට වැලමිට තියාගන පහලට නැවිලා ඔහේ බලාගන හිටියා.. ජන්ග්කුක් හිටියෙ අහසට වශී වෙලා..

"ලස්සනයි..."

ජන්ග්කුක් අහස දිහා බලාගන කිව්වා..

"ඔව්.. ලස්සනයි"

ටේහ්‍යුන් හිටියෙ ජන්ග්කුක් දිහා බලාගන..

ජන්ග්කුක් ගෙ හිතේ තියන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනව කියලයි ජන්ග්කුක් ට දැනුනේ..

"මේ වගේ ලස්සන ඉර බැසයාමකට පුලුවන් ජන්ග්කුක් ඕනම දේක අවසානයත් සුන්දර වෙන්න පුලුවන් කියල ඔප්පු කරන්න"

ටේහ්‍යුන් හිටියෙ අහස දිහා බලාගන.. ඒ ගැබුරු කටහඩ මේ වගේ වෙලාවකට භාවනාවක් කියලයි ජන්ග්කුක් ට හිතුනේ.. ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බලාගන හිටියා.. මේ දැනෙන හැගීම ගැන ජන්ග්කුක් දැනගන හිටියෙ නෑ..

අහසෙන් ඇස් අහකට ගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලද්දි ජන්ග්කුක් ඉක්මනින් අහක බලාගත්තා.. ජන්ග්කුක් ගෙ තොල් තවත් රෝසපාට වෙලා කියල ටේහ්‍යුන් ට හිතුනා..

ජන්ග්කුක් ගෙ ඉත්තෑකූරු කොන්ඩෙ නලල පුරා වැටිලා ලාවට එන හුලඟට ඒවා හිමීට පැද්දෙන විදිය ටේහ්‍යුන් බලාගන හිටියා. ජන්ග්කුක් ඇත්තටම ලස්සනයි.. ඇත්තටම ටේහ්‍යුන් මේතරම් කාලෙකට දැකපු ලස්සනම පිරිමියා උනේ ජන්ග්කුක් .. ටේහ්‍යුන් කියන්නෙ ලන්ඩන් වල ජීවත් උන කාලය තුල ගැහැනු ළමයි හුගක් ආශ්‍රය කරපු කෙනෙක්.. ඒවගේම ඒ අය එක්ක උපරිම සීමාවට ගියපු කෙනෙක්..

ජීවිතේ පලවෙනි වතාවට ඒ එක ගැහැනු ලමයෙක් ගැනවත් ඇති නොවුන හැගීමක් ටේහ්‍යුන් ට ජන්ග්කුක් ගැන ඇතිවුනා.. ටේහ්‍යුන් ඒ හැගීමට බයවුනා.. ඒ පාලනය කරගන්න බැරි හැගීමට ටේහ්‍යුන් හුගක් බයවුනා.. මොකද ටේහ්‍යුන් ගෙ අරමුණ වුනේ වෙන දෙයක්.. ටේහ්‍යුන් ට ඕන උනේ ජන්ග්කුක් එක්ක බැදීමක් ඇති කරගන්න නෙවෙයි.. ටේහ්‍යුන් ට ඕන උනේ ජන්ග්කුක් ගෙ මාර්ගෙන් රෙබෙකාගෙන් පලිගන්න.. ඒත් දැන් දැන් ටේහ්‍යුන් ට ඒක කරගන්න බැරිවෙයි කියල එයාට හිතුනා..

ජන්ග්කුක් ගෙ තරු ඇස් ඉර එලියට දිලිසෙනව.මෙතන ලස්සන දෙයක් තියනවනම් ඒ ඉර බැහැගන යන අහස නෙවෙයි.. ඒ ජන්ග්කුක්.. ටේහ්‍යුන් ට හිතුනෙ එහෙම..

ටේහ්‍යුන් බර හුස්මක් අරගන ආයෙම අහසට ඇස් ගෙනිච්චා.. ටේහ්‍යුන් කියන්නෙ කොහොමටවත්ම හොද කෙනෙක් නෙවෙයි.. ඒක ජන්ග්කුක් දැනගනි කියල ටේහ්‍යුන් බයවුනා..

"ටේහ්‍යුන්..."

ජන්ග්කුක් ගෙ කටහඩට ටේහ්‍යුන් ආයෙම ජන්ග්කුක් දිහාට හැරුනා...ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ගෙ ඇස් දිහාම බලාගන.. එ බැල්ම ටේහ්‍යුන් ට ටිකක් දරාගන්න අමාරු උනා.

"කියන්න පෙට් "

"ඇයි මාව මෙතන්ට එක්කගන ආවෙ?"

"ඔයා හිටියෙ දුකින්.. ඉතින් මට ඕන උනා ඔයාගෙ හිත ටිකක් සතුටු කරන්න"

"ඔයා කොහොමද හිතුවෙ මේ වගේ දේකින් මම සතුටු වෙයි කියල?"

"කලාවට සම්බන්ධ මිනිස්සුන්ව නිවන්න සොබාදහමට පුලුවන් පෙට්"

"ඔයාගෙන් මං දෙයක් අහන්න ඔයා මට ඇත්තම කියනවද?"

ජන්ග්කුක් කවදාවත් නැතුව මත් වීමකුත් නැතුව තමං එක්ක මේතරම් කතා කරන එක ගැන ටේහ්‍යුන් සතුටු උනා.. ජන්ග්කු ගෙ ප්‍රශ්නෙ යොමුවෙනකල් ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලාගන හිටියා..

"ඔයා හිතනවද....ඔයා හිතනවද එකම ජාතියෙ දෙන්නෙක් එකිනෙකා ගැන ආකර්ශනය වෙන එක සාමාන්‍යයි කියල?"

"එකම ජාතියෙ කියල ඔයා අදහස් කලේ මොකද්ද පෙට්?"

ජන්ග්ජුක් අදහස් කරපු දේ ටේහ්‍යුන් දැනගන හිටියා උනත් ටේහ්‍යුන් ට ඕන උනා ඒක ජන්ග්කුක් ගෙ කටෙන්ම තවත් පැහැදිලි කරල දැගනගන්න..

"ම්..මං කිව්වෙ... එකම විදියෙ දෙන්නෙක්.. පිරිමි දෙන්නෙක්...?"

ජන්ග්කුක් රතු වෙලා හිටියා.. ජන්ග්කුක් ගෙ තොල් වෙව්ලන්න අරන් තිබ්බා වගේම ඒ බෝල ඇස් තෙමාගන එන කදුලු බිංදු දෙක ටේහ්‍යුන් හොදටම දැක්කා..

"ඔව් පෙට් ඒක ඇත්තටම සාමාන්‍යයි.. කැමැත්ත අකමැත්ත කියන දේට ලිංගික අවයවේ මොකද්ද කියන එක අදාල නෑ.. ඔයා දේකට කැමතියි නම් ඒක මොක උනත් ඔයා ඒ දේට කැමතියි.. "

ටේහ්‍යුන් ගෙ පිලිතුර ජන්ග්කුක් ගෙ හිතට ලොකු අස්වැසිල්ලක් උනා.. ජන්ග්කුක් ට ඕන උනා තමන්ට ටේහ්‍යුන් ගැන දැනෙන දේ ටේහ්‍යුන් ට කියන්න.. ඒත් ඒ හැගීම තාම ජන්ග්කුක් තමටවත් හරියට නිරාවරනය නොකර තියෙද්දි ජන්ග්කුක් කොහොමද ඒක ටේහ්‍යුන් ට පැහැදිලි කරන්නෙ...?

"ඔයාගෙ හිතේ තියන ප්‍රශ්නෙ මට කියන්න පෙට්..."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ජන්ග්කුක් ලඟට ගියා.. ඉර බැහැලා ගිහින් හතර වටේම තිබ්බෙ ලාපාට අඳුරක්.. ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ මූනට මූනලා හිටගන ඒ ඇස් දිහා කෙලින්ම බැලුවා.. ඒ තරු ඇස් අදුරෙදි උනත් දිලිසෙන්න ගත්තේ ටේහ්‍යුන් ව ඒ ඇස් වලට තවත් ආකර්ශනය කරල..

"මට.... මට මුලින්ම දැනගන්න ඕන.. ඔයා මාව කිස් කරේ ඇයි කියන එක.. එකපාරක් දෙපාරක් නෙවෙයි තුන්පාරක්!"

ජන්ග්කුක් ගෙ තොල් වෙවුලුවා.. ජන්ග්කුක් දැනගන හිටියා තව ටික වෙලාවක් මේ විදියට හිටියොත් තමන්ට ඇඩෙන බව..

"සරලයි පෙට්..මොකද ඔයා මාව කිස් කලා. මං ඒකට ප්‍රතිචාර දුන්නා"

ටේහ්‍යුන් කිසිම ගානක් නැතුව කිව්ව ඒ වචන වලට පුලුවන් උනා ජන්ග්කුක් ගෙ හදවත ඇතුලාන්තයම රිද්දන්න..

"ම්..මං පිරිමියෙක්.. ඔයාට තිබ්බා මට ගහන්න.. එහෙම නැත්තම් මාව තල්ලු කරල මට බ්..බනින්න!"

ජන්ග්කුක් එහෙම කිව්වාම ටේහ්‍යුන් කට කොනකින් හිනාවුනා.. හිනාවෙලා තවත් ටිකක් ජන්ග්කුක් ගෙ ලඟට ඇවිත් ඒ සීතල වෙලා තිබ්බ අත් දෙක තමන්ගෙ එක අතකින් අල්ලගත්තා..

"ඔව් මං එහෙම කරනව.. ඒ මගේ පෙට් නොවී වෙන පිරිමියෙක් උනානම්.. මගේ පෙට් ට එහෙම කරන්නෙ කොහොමද මම?"

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ජන්ග්කුක් ගෙ නලලට වැටිලා තිබ්බ කොන්ඩෙ කන පිටිපස්සට කලා.. ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අත ගසල දාලා අඩියක් පස්සට උනේ ටේහ්‍යුන් සන්සුන් බැල්මෙන්ම ජන්ග්කුක් දිහා බලන් ඉද්දි..

"ම්..මං ඔයාගෙ නෙවෙයි!! ඔයා දන්නව මමයි රෙබෙකාව බදින්න ඉන්න කෙනා කියල!"

ඒ වචනත් එක්ක ටේහ්‍යුන් කට කොනකින් හිනාවුනා..

"එහෙනම් ඔයා දැන් රෙබෙකා ලඟට යන්න පෙට්.. එයා සමහරවිට ඔයා එනකල් බලාගන ඇති"

ටේහ්‍යුන් එහෙම කියල ජන්ග්කුක් ට වචනයක් වත් කියන්න වෙලා නොදී ආපහු හැරිලා පඩිපෙල ලඟට ගියා..

ජන්ග්කුක් කලබල උනා.. වෙන කවදාවත්ම නැති විදියට ජන්ග්කුක් කලබල උනා.. ටේහ්‍යුන් තමන්ව දාලා යයි කියන සිතුවිල්ල විතරක් ඔලුවෙ වැඩ කරද්දි ජන්ග්කුක් කෑගැහුවා.

"යන්නෙපා!!!"

ඒ කෑගැහිල්ල කොයිතරම්ද කියනවනම් ළඟ තිබුන මේපල් ගහෙ වහල හිටපු කුරුලු රංචුවක් ගැස්සුන පාරට එතනින් ඉගිලිලා ගියා..

ටේහ්‍යුන් එහෙමම නතර උනා.. නතර වෙලා ආපහු හැරිලා ජන්ග්කුක් දිහා බලද්දිම උනේ ටේහ්‍යුන් බලාපොරොත්තු නොවුන දෙයක්.. ජන්ග්කුක් දුවගන් ඇවිත් ටේහ්‍යුන් ව බදාගත්තා.. කලුවර වැටිලා තිබුන නිසා වගේම එයාලා හිටියෙ කාටවත් ඔඒන තැනක නොවුන නිසා වටපිටාව ගැන බයක් ජන්ග්කුක් ට තිබුනෙ නෑ..

එහෙම තිබුනත් ජන්ග්කුක් ට ඒක ගානක් උනේ නෑ.. මේ වෙලාවෙ ජන්ග්කුක් ට ඕන උනේ ටේහ්‍යුන් ව නතර කරගන්න විතරයි.. ජන්ග්කුක් ටේහ්‍යුන් ව බදාගත්තා..

"ය-යන්නෙපා! මාත් එක්ක ඉන්න"

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ පිටෙන් ඔලුව තියාගන එහෙම මුමුණද්දි ටේහ්‍යුන් තාමන්ගෙ පපුව ඉස්සරහ තිබ්බ අත්දෙක අල්ලගෙන ජන්ග්කුක් ගෙ පැත්ත හැරෙන්න හැදුවත් ජන්ග්කුක් ඒකට ඉඩ දුන්නෙ නෑ..

"ඔහොමම ඉන්න.. මට මේ ටික ඔයාගෙ මූන බලාගන කියන්න බෑ ටේහ්‍යුන්ගි.. ඒ නිසා මගෙ පැත්ත හැරෙන්න එපා.."

"හරි පෙට්.. සන්සුන් වෙන්න.. මම ඔයා දිහා බලන්නෑ.. මොකද්ද කියන්න...?"

"ම්...මම දන්නෑ මං පව්කාරයෙක්ද උන්මත්තකයෙක්ද කියල.. මට ඒකෙන් වැඩක් නෑ.. ඔයාව දැක්ක දවසෙ ඉදන් මම ඔයාට ආකර්ශනය උනා.. මොනතරම් අකමැතියි කිව්වත් ඔයාගෙ ලඟ ඉන්න මම ආස කලා ටේහ්‍යුන්ගි.. ඔයාගෙ ඇස්, ඒවා හැමවෙලේම මාව ඔයා ගාවට ඇදල ගන්නව.. මං දන්නව මම ඔයාගෙ සහෝදරියව බදින්න ඉන්න කෙනා.. ඒත් මට එයාගෙන් නොදැනෙන හැගීම් ඔයාගෙන් දැනෙනව.. ඔයාගෙ එක සිපගැනීමක් මට රෙබෙකාගෙ සිපගැනීම් දාහකටත් වඩා දැනුනා.. මං දන්නෑ.. මට තේරෙන්නෙත් නෑ.. ඒත් මම එක දෙයක් දන්නවා.. මම ඔයාට හුගක් කැමතියි ටේහ්‍යුන්ගි.. මම මේ හැමදේටම වඩා ඔයාට කැමතියි"

ජන්ග්කුක් ඒක කියල ඉවර කරල හයියෙන් හුස්ම ගන්න ගත්තා.. තාමත් ජන්ග්කුක් ගෙ අත් ටේහ්‍යුන් ගෙ වටේ එතිලා තිබ්බා වගේම ජන්ග්කු ගෙ මූන ටේහ්‍යුන් ගෙ පිටට හේත්තු වෙලා තිබ්බා.. ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අත එහෙමම අල්ලගෙන ලොකු හුස්මක් ගත්තා..

"හැමදේකටම කලින්....රෙබෙකා කියන්නෙ මගේ සහෝදරිය නෙවෙයි පෙට්.."

ඒ වචනත් එක්ක ජන්ග්කුක් ගෙ අත් ටේහ්‍යුන් ගෙ පපුව වටෙන් ලිහිල් උනත් ටේහ්‍යුන් ඒවා තදින් අල්ලගන හිටියා.. ටේහ්‍යුන් එහෙමම ජන්ග්කුක් ගෙ පැත්ත හැරෙද්දි ජන්ග්කුක් බෝල ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලාගන හිටියා..

"හැමදේම මම ඔයාට කියන්නම්.. ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි.. දැනට ඒක විතරක් මතක තියාගන්න"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඇස් දිහාම බලාගන කිව්වාම ජන්ග්කුක් ටික වෙලාවක් මොකුත්ම නොකියා ටේහ්‍යුන් දිහා බලාගන හිටියා..
ටේහ්‍යුන් ගෙන් වෙන කිසිම දෙයක් කියවෙන්නැති බව තේරුන ජන්ග්කුක් ගෙ හිතට දැනුනෙ ලොකු කලකිරීමක්.. තමන් මේතරම් ලොකු දෙයක කියලත් ඒකට ටේහ්‍යුන් ගෙන් ලැබුන ප්‍රතිචාරය ජන්ග්කුක් ව කොහෙත්ම සෑහීමකට පත් කලේ නෑ..

ජන්ග්කුක් ලොකු හුස්මක් ගත්තා.. ' ඒකට කමක් නෑ' කියන හැගීම එක්ක ගත්ත ලොකු හුස්මක්.. ජන්ග්කුක් එහෙමම ටේහ්‍යුන් ගෙ අත් අතෑරල ටේහ්‍යුන් ව පහු කරගන පඩිපෙල ලගට ඇවිදගන ගියා..

ජන්ග්කුක් ඔලුව බිමට හරවගන ඇවිදගන යනව බලාගන හිටපු ටේහ්‍යුන් ට කට කොනකට හිනාවක් ආවා.. ජන්ග්කුක් පඩිපෙල ලඟටම යනකල් බලාගන හිටපු ටේහ්‍යුන් හයියෙන් කෑගැහුවා..

"මගෙ වීනස් තරුව මාව මෙතන තනියම දාලා යන්නද හදන්නෙ?"

ජන්ග්කුක් නතර උනා.. ජන්ග්කුක් ගෙ ඇස් බෝල වල ඒ වෙද්දිත් කදුලු පිරිලා තිබුනා. ජන්ග්කුක් එහෙමම ටේහ්‍යුන් ගෙ පැත්ත හැරෙද්දි ටේහ්‍යුන් අත් දෙක දික් කරල ජන්ග්කුක් ට තමන් ලඟට එන්න කියල ඇස් වලින් සන් කලා..

ජන්ග්කුක් එහෙමම බලාගන හිටියා. තප්පරයක් දෙකක් ටේහ්‍යුන් දිහා එහෙමම බලාගන ඉදල ඊලඟ තප්පරේම ලස්සනට හිනාවෙන ගමන් ආයෙම ටේහ්‍යුන් ලඟට ඇවිදගන ආව ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ පපුවට තුරුල් වෙලා ඇස් පියාගත්තා..

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඔලුව අතගාල ඒ කම්මුල් දෙක තමන්ගෙ අත් වලට අරන් ඒ මූනට එබුනා..

"මාත් එක්කම ඉන්න.. මොන දේ උනත්"

ටේහ්‍යුන් එහෙම කියල ජන්ග්කුක් ගෙ තොල් වලට හිමින් සැරේ පහත් වෙද්දි ජන්ග්කුක් ඇස් පියාගත්තා.. ඒ හාදුව හරිම සිනිදුවට තප්පර ගානක් ගලාගන ගිහින් ජන්ග්කුක් ගෙ තොල් වලින් අයින් උන ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ තෙත්වුන බෝල ඇස් දෙක හාදු තිබ්බා.. ජන්ග්කුක් හිමීට ඇස් ඇරල ටේහ්‍යුන් දිහා බලද්දි ටේහ්‍යුන් හිනාවුනා.. ටේහ්‍යුන් ජන්ග්කුක්ගෙ ඇස් දිහා බලාගන ඉදල එහෙමම තමන්ගෙ ඇස් අහස දිහාට ගෙනිච්චා..

"අදත් අහසෙ පාලුවට හැමෝටම කලින් වීනස් තරුව ලස්සනට පායලා"

ටේහ්‍යුන් එහෙම කියද්දි ජන්ග්කුක් තනියම අහසෙ දිලිසි දිලිසි ඉන්න වීනස් තරුව දිහා බලල ආයෙම ටේහ්‍යුන් ගෙ පපුවෙන් ඔලුව තියාගත්තා..

වීනස් තරුවට හැමදාමත් ඒ අහසෙ පාලු මකන්න පුලුවන් වෙයිද?
_____________________________________________________

"දැන් උබට ඕන දේ උනානෙ.. තවත් මොනාද?"

ටේහ්‍යුන් අද හිටියෙ වෙනදට වඩා ටිකක් වැඩියෙන් මත් වෙලා.. තමන්ගෙ බෙල්ලෙ තිබ්බ ස්කාෆ් එක ඇදල බුරුල් කරල තව බ්‍රැන්ඩි උගුරක් කටට හලාගත්ත ටේහ්‍යුන් ජිමින් දිහා බැලුවා..

"මොකද්ද බන් මේකෙ තේරුම?"

ජිමින් ටේහ්‍යුන් අතේ තිබ්බ වීදුරුව උදුරල ගනිද්දි ටේහ්‍යුන් ඒක ආයෙම ජිමින් ගෙ අතෙන් උදුරල ගත්තා..

"ජ්...ජන්ග්කුක් අහිංසකයි.. ඒ කොල්ලා අහිංසක කොල්ලෙක්"

ටේහ්‍යුන් හිටියෙ අඩන්න ඔන්න මෙන්න ගානට.. ජිමින් කවදාවත් ටේහ්‍යුන් මේ විදියට හැසිරෙනව දැකල තිබුනෙ නෑ.

"එහෙනම් ඔය වැඩේ අතෑරල දාපන්.. ඔය කෙහෙම්මල් පලිගැනිල්ල වැඩක් නෑ!"

ජිමින් එහෙම කියල ටේහ්‍යුන් ගෙ අත උඩින් අත තිබ්බාම ටේහ්‍යුන් ඒ අත ගසල දාලා ජිමින් ගෙ කමිසෙ කොලර් එකෙන් අල්ලගත්තා..

"අර බැල්ලිට මම ජන්ග්කුක් ව බන්දනවා!! බන්දල ඒකි විදවනව බලනව! ඒකි ඉස්සරහම මම ඒකිගෙ කසාද මිනිහා එක්ක බුදියනව"

ජිමින් ගෙ කොලර් එකෙන් ඇදල අල්ලගත්ත ටේහ්‍යුන් එහෙම කෑගහද්දි ජිම්ජ්න් තමන්ගෙ කොලර් එක ටේහ්‍යුන් ගෙ අත්වලින් අතෑරගන්න උත්සහ කලත් ඒක කරගන්න පුලුවන් උනේ නෑ..

"මෙතන මොකද්ද වෙන්නෙ?"

ජිමින් ගෙ කොලර් එක අල්ලගෙනම ටේහ්‍යුන් යුන්ගි දිහා බලද්දි යුන්ගි ඇස් හීනි කරගන ටේහ්‍යුන් දිහා බලාගන හිටියා.. ටේහ්‍යුන් ජිමින්වත් පස්සට තල්ලු කරන ගමන් කොලර් එක අතෑරල තව බ්‍රැන්ඩි වීදුරුවක් කටට හලාගත්තා.. ජිමින් තමන්ගෙ කමිසෙ හදාගන්න ගමන් යුන්ගි දිහා බැලුවාම යුන්ගි ජිමින් ව නොදැක්ක ගානට එතනින් යන්න ගියා..

ලොකු හුස්මක් අරගන පහලට දාලා ටේහ්‍යුන් දිහා බලද්දි ටේහ්‍යුන් ඉක්කා ගහන ගමන් මේසෙ බදාගන ඉන්නව දැක්ක ජිමින් ආයෙම බර හුස්මක් අරන් පහලට දැම්මා..

ටේහ්‍යුන් ගෙන් ඇස් අහකට ගත්ත ජිමින් හොරැහින් යුන්ගි දිහා බැලුවා.. යුන්ගි ඒප්‍රන් එක ගලවන ගමන් ඉන්නව දැකපු නිසා ජිමින් අනුමාන කලා යුන්ගි දැන් වැඩ ඉවර කරල ගෙදර යන්න ලෑස්ති වෙනව ඇති කියල..

ටේහ්‍යුන් ව එහෙමම මේසෙ උඩ තියල ජිමින් අඩියට දෙකට යුන්ගි ගෙ පස්සෙන් බාර් එකේ පිටිපස්සට ගියා..

"යුන්ගි..."

ජිමින් ගෙ කටහඩට තමන්ගෙ ජැකට් එක අදින ගමන් හිටපු යුන්ගි එහෙමම ජිමින් ගෙ පැත්තට හැරුනා.. ජිමින් හිනාවෙලා යුන්ගි ලඟට ආවත් යුන්ගි ගෙ මූනෙ ජිමින් ව මුණගැහුන එකට සතුටක් පේන්න තිබුනෙ නෑ..

යුන්ගි මොකුත්ම නොකියා ජිමින් දිහා බලන් ඉද්දි ජිමින් ඇවිත් යුන්ගි ගෙ අතෙන් අල්ලගත්තා..

"මට පුලුවන් වෙයිද මේ සති අන්තේ ඔයාව මුණගැහෙන්න?"

ජිමින් එහෙම අහද්දි යුන්ගි සමච්චලෙන් වගේ හිනාවුනා..

"ඔයා වගේ ලොකු මිනිස්සුන්ට ඕනම වෙලාවක විවේක ගන්න පුලුවන් උනාට අපිට එහෙම බෑ ජිමින් "

යුන්ගි ගෙ කටහඩේ පොඩිම තෙතමනයක් වත් ආදරනීය බවක්වත් තිබ්බෙ නෑ.. ඒ කටහඩ වගේම ඒ වචන ජිමින් ගෙ හිත රිද්දුවත් ජිමින් ඒ බවක් පිටට පෙන්නන්නැතුව ආයාසයකින් හිනාවුනා..

"එහෙනම් ඔයාට නිවාඩු තියන දවසක් මට කියන්න"

"මම දවස් හතම වැඩ ජිමින්.. උදේට පත්තර බෙදනව,දවල්ට සංගීත බඩු කඩේක වැඩ කරල රෑට බාර් එකක එනව.. "

යුන්ගි තමන්ගෙ අත ජිමින් ට නොදැනෙන්න ජිමින් ගෙ අතෙන් අයින් කරගන තමන්ගෙ ජැකට් සාක්කු වලට ඔබාගත්තා

"එ..එතකොට මට ඔයාව මුණගැහෙන්න විදියක් නැද්ද?"

"මොකටද ජිමින් ? මොකටද ඔයා මාව මුනගැහෙන්නෙ?"

යුන්ගි අහපු දේත් එක්ක ජිමින් ගෙ ඇස් ලොකු උනා.. ජිමින් ට යුන්ගි කියන දේ තේරුම් ගන්න බැරුව වගේ යුන්ගි දිහා බලන් ඉද්දි යුන්ගි අහක බලාගන ලොකු හුස්මක් ගත්තා..

"මං මේක කියන්න හිටියෙ ජිමින්. එදා රෑ.. උන හැමදේම මට අත්වැරදීමකින් උනේ..මට සමාවෙන්න ඔයාව එහෙම කිස් කලාට.. මම එදා ටිකක් බීලයි හිටියෙ.. අපි දෙන්නා අතර පෞද්ගලිකව මුණගැහිලා කතා බහ කරන්න තරම් දෙයක් නෑ.. ඒ නිසා ඔයා මෙහෙම මාව හම්බෙන්න උත්සහ කරන්න එපා.. "

යුන්ගි ගෙ වචන ඔහේ අහන් හිටපු ජිමින් ගෙ ඇස් වලට කදුලු ඉනුවත් ජිමින් ඉක්මනින් ඒ කදුලු පිහිදගත්තා.. ජිමින් ආයාසයකින් හිනාවෙලා ආයෙම යුන්ගි ගෙ අතෙන් අල්ලගන්න හැදුවත් යුන්ගි ඒ අත ගසල දැම්මා..

"මං හිතනව ඔයා කියන දේ තේරෙන බුද්දිමත් මනුස්සයෙක් කියල ජිමින්..ඔයා කිව්වා හරි , පිරිමියෙක් තව් පිරිමියෙක් ට ආදරේ කරනව කියන්නෙ මානසික ලෙඩක්.. මට මානසික ලෙඩෙක් වෙන්න ඕන නෑ.. ඒ නිසා ආයෙත් මට වද දෙන්නෙපා.. තමුන්ව දකින එකත් මට වදයක්!"

යුන්ගි එහෙම කියල ජිමින් දිහාවත් නොබල අත් සාක්කු වල ඔබාගනම බාර් එකෙන් එලියට ඇවිදගන ගියේ ජිමින් ඔහේ ඈතට ඇවිදගන යන ජිමින් දිහා බලාගන ඉද්දි.. ජිමින් හොදාකාරවම දැනගන හිටියා යුන්ගි කවමදාවත් බාර් එකේ වැඩ කරන අතරතුර මත්පැන් පාවිච්චි කරන්නෑ කියල..
_________________________________________

ජන්ග්කුක් ගෙ හිත කවරදාටත් වඩා වේගෙන් ගැහෙන්න අරන් තිබ්බෙ.. ජන්ග්කුක් ට බඩගින්නක් තිබුනෙත් නැති තරම්.. ඇදේ ඒ මේ අත පෙරලෙන ගමන් ජන්ග්කුක් තමන් එක්කම හිනාවුනා..

තමන්ගෙ ඇස් පියාගත්ත ගමන් ටේහ්‍යුන් ව මැවෙන එකට ජන්ග්කුක් ආස කලා වගේම හැමවෙලේම ඇස් පියාගන්න ජන්ග්කුක් ලෝබ උනා.. තමන් හැමවෙලේම ඒක කලොත් ටේහ්‍යුන් ගෙ රූපෙ මැවෙන එක ටික ටික අඩුවෙයි කියල ජන්ග්කුක් බයවුනා..

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ හීන ඇස් , හීනි තොල්, නහර පිරුනු අත් වගේම කැරලි ගැහුන කොන්ඩෙ එකින් එක මවාගන්න ගමන් තනියම හිනාවුනා..

හෙට ටේහ්‍යුන් ව දකිනකල් ජන්ග්කුක් ට ඉවසගන ඉන්න බැරිවුනා.. ඒ තරමට ජන්ග්කුක් ටේහ්‍යුන් ට ඇබ්බැහි වෙලා හිටියා. මේ වෙද්දි තමන් තව මාස කිහිපයකින් විවාහ වෙන්න ඉන්නෙ කියන මාතෘකාව ජන්ග්කුක්ට සම්පූර්නයෙන්ම අමතක වෙලයි තිබුනේ..

ජන්ග්කුක් විශ්වාස කලා ටේහ්‍යුන් එක්ක ඉද්දි තමන්ට මොනම ප්‍රශ්නයක්වත් ඇතිවෙන එකක් නෑ කියල.. ජන්ග්කුක් විශ්වාස කලා ටේහ්‍යුන් තමන්ට එන හැම ප්‍රශ්නෙකදිම තමන් එක්ක ඉදිවි කියල..

ඒත් ජන්ග්කුක් දැනගන හිටියෙ නෑ තමන්ට අනාගතේදි මූනදෙන්න වෙන ලොකුම ප්‍රශ්නෙ ටේහ්‍යුන් කියල..

________________________________
You know that I can't
Show you me
Give you me
I can't show you a ruined part of myself
Once again I put a mask on and go to see you
But I still want you
_____________________________

|
|
|
|
|
|
|
|
|

|💚💜️|

CUTE🥺😭❤

Bambi🎈

Continue Reading

You'll Also Like

888K 41.1K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
51.4K 11.6K 35
මම ප්‍රාර්ථනා කරනවා ඔයා මට ලංවෙන්න කලින් මම දැනගත්තා නම් ඔයා මගේ හිත බිදලා දායි කියලා.. එහෙනම් මම ඔයාට ලං නොවී ඉන්න තිබුනා ජන්කුක්.. ඒත් මේ තරම් දේවල...
314K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
99.1K 15.3K 98
නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහොසත් අහංකාර ජන්කුක්ගෙයි,දුප්පත් අහින්සක ට...