VOLCANO✔️

By Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... More

A/N
1st~
2nd~
3rd~
4th~
5th~
6th~
8th~
9th~
10th~
11th~
12th~
13~
14th~
15th~
16th~
17th~
18th~
19th~
20th~
21st~
22nd~
23rd~
24th~
25th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

7th~

1.5K 367 38
By Oreo_Bambi


"ඔයාට ජොබ් එකක් ඕනනම් මට කියන්න තිබුනා ජන්ග්කුක්! එහෙනම් ඩෑඩ් ගෙ කම්පැනි එකෙක් ඉන්නෙ කෙනෙක් අස් කරල හරි මම වේකන්සි එකක් අරන් දෙනව ඔයාට!"

රෙබෙකා හිටියේ ජන්ග්කුක් එක්ක එයාලගෙ උඩු මහලෙ බැල්කනි එකේ.. ජන්ග්කුක් සෝල් විශ්වවිද්‍යාලෙ චිත්‍ර උගන්නන්න යනව කියන ආරංචිය ආව ගමන් රෙබෙකා ජන්ග්කුක් ව හොයාගන ආවා..

ඔව්.. ටේහ්‍යුන් නිසා තමයි ජන්ග්කුක් ට මේ අවස්ථාවත් ලැබුනෙ.. ඒත් ඇත්තටම ටේහ්‍යුන් කලේ උපකුලපතිට ජන්ග්කුක් ගැන කිව්ව එක විතරයි.. ජන්ග්කුක් ගෙ සුදුසුකම් ඕනාවටත් වැඩි වගේම elysian ප්‍රදර්ශනේදි වැඩිම මිලකට විකිණුනු චිත්‍රයෙ අයිතිකාරයත් ජන්ග්කුක් වීම මේ අවස්ථාව ජන්ග්කුක් ට හිමිවෙන්න ලොකු හේතුවක් උනා..

"මට හිඟමන් ඕන නෑ රෙබෙකා.. අනික ඔයාගෙ තාත්තගෙ ඔෆිස් එකේ චිත්‍ර අදින මිනිස්සුන්ට කරන්න දෙයක් නෑනෙ"

ජන්ග්කුක් අහක බලාගන එහෙම කිව්වාම රෙබෙකා පුදුමෙන් ලොකු උන ඇස් වලින් ජන්ග්කුක් දිහා බැලුවා.. ජන්ග්කුක් මෙච්චර කාලෙකට රෙබෙකා ට මේ විදියට කතා කරල නොතිබ්බ නිසා ජන්ග්කුක් ගෙ හැසිරීම රෙබෙකා ව කලබල කලා..

"හිඟමන්?? හහ්.. ඔයා දන්නවද අපේ කම්පැනි එකේ වැඩට එන්න එලියෙ කීදෙනෙක් පෝලිමේ ඉන්නවද කියල?"

රෙබෙකා ඒක කිව්වෙ උස් හඩකින්.. තමන්ගෙ ඇති හැකියාව ගැන කියවන්න රෙබෙකා කොහොමටත් ආස කරන බව ජන්ග්කුක් දැනගන හිටියා..

"ඉතින් ඒ පෝලිමේ ඉන්න කෙනෙක්ට අවස්තාව දෙන්න."

ජන්ග්කුක් කිසිම ගානක් නැතුව එහෙම කියද්දි රෙබෙකා කේන්තියෙන් රතුවුනා.. අතේ තිබ්බ රතු පාට බෑග් එකත් පොලේ ගහන ගමන් රෙබෙකා ඉදගන හිටපු තැනින් නැගිට්ටෙ කේන්තියෙන් පුපුරන ගමන්..

"ඒ කියන්නෙ ඔයා හෙට ඉදන් කැම්පස් එකේ ඉන්න පොඩි උන්ට උගන්නන්න යනව??"

"දොලොස් වෙනි වතාවටත් මම ඒක ඔයාට කියන්න ඕනද? එහෙනම්  අහගන්නකො.. ඔව් මම හෙට ඉදන්  කැම්පස්  ලමයින්ට චිත්‍ර උගන්නන්න යනව!"

රෙබෙකා දත් මිටි කන ගමන් ජන්ග්කුක් දිහා බලාගන ඉදල බිම වැටුන බෑග් එකත් අරගන බැල්කනි එකෙන් පහලට යද්දි ජන්ග්කුක් බර හුස්මක් පහලට දාලා තමන්ගෙ කෝපි එක රසවිදින්න ගත්තා.. ජන්ග්කුක් මේ විදියට හැසිරෙන කෙනෙක් නොවුනත් ජන්ග්කුක් ට ඕන උනා ඒ විදිය උත්සහ කරල බලන්න.. ප්‍රශ්න ගනන් නොගෙන ඉන්න, දේවල් මතක නෑ වගේ ඉන්න ජන්ග්කුක් උත්සහ කලා.. ඒ විදිය හොදයි කියල ජන්ග්කුක් ට හිතුනා..

මොකද ඒක තමයි ටේහ්‍යුන් ගෙ විදිය...
_______________________________________________

ජන්ග්කුක් හිටියෙ තරමක චකිතෙකින්.. දෙතුන් පාරක්ම බැදගන ඉන්න ටයි එකෙන් බෙල්ල හිරකරනව වගේ හැගීමක් ආව නිසා ජන්ග්කුක් ටයි එක බුරුල් කලා.. ලොකු හුස්මක් ගත්ත ජන්ග්කුක් ලී සන් ගෙ කාර්යාලය ඇතුලට යන්න හිත හදාගන දොර ඇරියා..

"අහ් චිත්‍රකාරයා.. එනව එනව!"

ලී සන් සුහද හිනාවකින් ජන්ග්කුක් ට කතා කරල තමන්ට ඉස්සරහින් තිබ්බ පුටුව පෙන්නුවෙ ජන්ග්කුක් ට එතනින් ඉදගන්න කියල සන් කරන ගමන්..

"එහෙනම් හෙට ඉදන්ම වැඩ පටන් ගමු"

ජන්ග්කුක් ගෙ ෆයිල් කවරෙ උඩින් පල්ලෙන් බලමු ලීසන් එහෙම කිව්වාම ජන්ග්කුක් ටිකක් පුදුම උනා.. සෝල් නගරෙ ලොකුම විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් වෙන්න මෙච්චර ලේසි වෙයි කියල ජන්ග්කුක් හිතුවෙ නැති නිසා ජන්ග්කුක් ටිකකට වඩා වැඩියෙන් පුදුම උනා..

"අනික කොලුවෝ.. හෙට ඉදන් ඔය සූබ් බූට් ඇදගන එන්න ඕන නෑ.. ඔව්වා ඇදන් චිත්‍ර අදින්න බෑනෙ.. "

ලී සන් එහෙම කිව්වාම ජන්ග්කුක් හිනාවුනා.. ඒ එක්කම ලී සන් ගෙ කාර්‍යාලය ඇතුලට ආවේ තරුණ වයසෙ විශ්වවිද්‍යාල ශිශ්‍යයෙක් කියල හිතන්න පුලුවන් පිරිමි ළමයෙක්..

"බෝගම්.. මේ ඉන්නෙ අලුත් චිත්‍ර මාස්ටර්.. මේ සර් ව අපේ පරණ කලාකාමරේට එක්කන් යන්න.. දැන් ලෙක්ස්චර්ස් නැති කොල්ලො ටිකක් එක්ක ඒ ඔක්කොම අස් කරගන්නත් ඕන.. සර් ට හෙට ඉදන් වැඩ පටන් ගන්න"

"එන්න සර්..."

ලී සන් ට ආචාර කරපු ජන්ග්කුක් බෝගම් එක්ක පරණ කලාකාමරේ පැත්තට ඇවිදගන ගියා.. යන අතරමග ජන්ග්කුක් හතරවටේටම ඇහැ යැව්වත් ටේහ්‍යුන් ගෙ සේයාවක්වත් හොයාගන්න ජන්ග්කුක් ට බැරිවුනා..
.
.
.
.
.
.
.

"සර් ඔහෙන් ඉන්න අපි මේක කරල දාන්නම්"

බෝගම් එහෙම කිව්වත් ජන්ග්කුක්ට ඕන උනා උදව් කරන්න. ඒ නිසා ජන්ග්කුක් ඇදගන හිටපු උඩ කබාය අයින් කරල ඇතුලට ඇදගන හිටපු සුදු කමිසෙ අත් උඩට නවාගන ලෑස්ති උනේ කලාකාමරෙ අස් කරන වැඩේට..බෝගම් ටික වෙලාවක් ජන්ග්කුක් දිහා බලාගන ඉදලා තමන් එක්කම හිනාවෙන ගමන් ආයෙම වැඩ කරන්න පටන් ගත්තා..

හැමතනම අස් කරල ඉවර වෙනකොට ජන්ග්කුක් ඇදගන හිටපු ඇදුම හොදටම සවුත්තු වෙලා තිබුනත් ජන්ග්කුක් ගෙ හිත ඕනාවටත් වඩා පිරිලා තිබුනා.. තමන් වෙනුවෙන්ම වෙන් උන කාමරේක තවත් අයට උගන්නන්න ලැබුන එකගැන ජන්ග්කුක් සතුටු උනා.. හුගක්..

"අපිට වඩා සර් මහන්සි උනා නේද..?!"

බෝගම් එහෙම කියද්දි එතන හිටපු තවත් පිරිමි ළමයි ටිකක් ජන්ග්කුක් එක්ක සුහදව හිනාවුනා..

"ඔයාලා හැමෝම චිත්‍ර ඉගනගන්න අයද?"

ජන්ග්කුක් එහෙම ඇහුවාම ඒ ළමයි එකිනෙකා දිහා බලලා ආයෙම ජන්ග්කුක් දිහා බැලුවෙ දෙන්න උත්තරයක් හිතන ගමන්..

"හුග කාලෙක ඉදන් මෙහෙ චිත්‍ර ගුරුවරයෙක් නෑ.. ඒක ප්‍රධාන විශයක් නොවන නිසා මං හිතන්නෙ.. ඒත් මං නම් ආසයි ඉගනගන්න"

බෝගම් එහෙම කිව්වාම ජන්ග්කුක් ට සතුටක් දැනුනා.. ජන්ග්කුක් බෝගම් එක්ක හිනාවෙලා ලොකු හුස්මක් පහතට දැම්මෙ හෙට ඉදන් තමන් කරන්න ඉන්න අලුත් දේවල් ගැන මතක් කරන ගමන්..
.
.
.
.
.
.
.
.
.
.

ජන්ග්කුක් හිටියෙ තමන්ගෙ කාර් එක පාර්ක් කරපු තැන..එහෙ මෙහෙ යන ළමයි අතරෙ ජන්ග්කුක් හෙව්වෙ ටේහ්‍යුන් ව උනත් ජන්ග්කුක් ට හෙව්ව දේ හම්බුනේ නෑ.. තමන් දිහා බල බල යන විශ්වවිද්‍යාලය ලමයි දිහා බලපු ජන්ග්කුක් ඒ අයත් එක්ක හිනාවුනා.. ජන්ග්කුක් ගෙ ගලවපු උඩු කබාය තිබුනෙ අතේ..

මේ වෙලාවෙ ජන්ග්කුක් ව ටිකක් වැඩිපුර ආකර්ශනීය විදියට පෙනුන නිසා ලමයින්ගෙ අවදානයත් ජන්ග්කුක් ට ලැබිලා තිබුනා...

"පෙට්...."

එකපාරටම කන ළඟින් ඇහුන කටහඩට ජන්ග්කුක් ගැස්සුනා.. රතු උන කම්මුල් එක්ක ජන්ග්කුක් පිටිපස්ස හැරිලා බලද්දි ජන්ග්කුක් හෙව්ව දේ ජන්ග්කුක් ගෙ පිටිපස්සෙන් හිටගන හිටියා.. ඒ එක්කම වගේ තරුන ගෑණු ළමයි රොත්තක් එකට රොක් වෙලා සද්දෙට කෑගහන ගමන් ටේහ්‍යුන් දිහා බලාගන ඉන්නව දැකපු ජන්ග්කුක් ට අමුතු කේන්තියක් දැනුනා..

ටේහ්‍යුන් ඒ ගෑණු ලමයි දිහා බලල හිනාවෙද්දි එතනින් එක ගෑණු ලමයෙක් අත් දෙකත් පිටිපස්සට කරගන ටේහ්‍යුන් ලඟට ඇවිදගන ආවා.. ජන්ග්කුක් ඉන්නවද නැද්ද කියලවත් වගක් නැතුව ජන්ග්කුක් ගෙ ඉස්සරහින් ටේහ්‍යුන් ගෙ මූනට මූන හිටගත්ත ඒ යුවතිය පිටිපස්සට කරල හංගගන හිටපු රතු රෝස මලක් ටේහ්‍යුන් ට දික් කලා..

"ස්..සර්... මේක ඔයාට"

මවාගත්ත ලැජ්ජාවකින් ඇබරෙන ගමන් ටේහ්‍යුන් ට මල දික් කලාම ටේහ්‍යුන් හරිම ලස්සනට හිනාවෙලා ඒ මල අතට ගත්තා..

"ඕහ් රතු රෝස...ආදරවන්තයින්ගෙ මල"

ටේහ්‍යුන් එහෙම කිව්වාම ඒ ගෑණු ලමයා රතු උනා.. ටේහ්‍යුන් ඒ මල අරගන සුවද බලල ආයෙම ඒ ගෑනු ලමයා දිහා බැලුවාම ඒ ගෑනු ළමයා ලැජ්ජාවෙන් කම්මුල් තවත් රතු කරගත්තා..

"නම මොකද්ද ?"

"ය්..යූනා.. සර්"

"යූනා මට මේ මල දුන්නෙ මේ මල් පෙතිත් යූනාගෙ කම්මුලේ පාට නිසා වෙන්න ඕන"

ටේහ්‍යුන් එහෙම කියල රෝස මලෙන්ම යූනාගෙ නහයට තට්ටුවක් දානකොට යූනා තවත් රතු වෙන ගමන් ටේහ්‍යුන් එක්ක් හිනාවෙලා ආයෙම තමන්ගෙ යාලුවො ලඟට දිව්වා..

සිද්දවුන ඔක්කොම දේවල් බලාගන හිටපු ජන්ග්කුක් කේන්තියෙන් රතු වුන කම්මුල් වගේම දුකින් බොදවුන ඇස් එක්ක තමන්ගෙ කාර් එකට නැග්ගා..

"ප්..ජන්ග්කුක් .. "

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කාර් එකේ වීවුරුවට තට්ටු කලත් ජන්ග්කුක් ඒක නෑහුන ගානට කාර් එක පණගැන්නුව..

"ජන්ග්කුක් ටිකක් එලියට එන්න.. කොහොමද කැම්පස් එකේ ගෙවුන ඔයාගෙ පලවෙනි දවස?"

ටේහ්‍යුන් දිගින් දිගටම ජන්ග්කුක් ගෙ කාර් එකට තට්ටු කලත් ඒ මොකුත් ගනන් නොගත්ත ජන්ග්කුක් කේන්තියෙන් වෙව්ලන අත් වගේම තොල් එකට තද කරගන ලොකු හුස්මක් අරන් ටේහ්‍යුන් බලාගන ඉද්දිම කාර් විශ්වවිද්‍යාලයෙන් එලියට ගෙනිච්චා..

හුගක් වේගෙන් නොපෙනී ගිය ජන්ග්කුක් ගෙ කාර් එක් දිහ බලපු ටේහ්‍යුන් තොලක් හපාගන තමන්ගෙ කොන්ඩෙ අතෙන් පස්සට කරන ගමන් තමන් එක්කම හිනාවුනා..

"පෙට්, ඔයා කේන්ති ගියාම තවත් හුරතල් ..."

තමන්ටම එහෙම මුමුනගත්ත ටේහ්‍යුන් යූනා දුන රෝස මල බිම දාලා තමන්ගෙ කාර් එකේ නැගල විශ්වවිද්‍යාලයෙන් එලියට ගියා..
__________________________________________

ජන්ග්කුක් හිටියෙ තමන්ගෙ පලවෙනි ලෙක්චර් එකේ.. ළමයි තුන්දෙනෙක් විතරක් හිටපු පන්තිකාමරය ජන්ග්කුක් ව හුගක් අසතුටට පත් කලා.. ජන්ග්කුක් තමන්ගෙ පලවෙනි ඉගැන්වීම් දවසෙ මීටවඩා ළමයි පිරිසක් බලාපොරොත්තු උනත් ඒ ගාණ තුනකට සීමා උන එක ජන්ග්කුක් ව කනස්සලේට පත් කලා..

ජන්ග්කුක් ට එකදිගට වැඩ තිබුනෙත් නෑ. මොකද සමහර පන්ති වල එක ලමයෙක්වත් චිත්‍ර කියන් විශය බාහිරව කරන්න තෝරගන තිබුනේ නෑ.. ජන්ග්කුක් ආපනශාලාවෙන් එලියට ඇවිත් විශ්වවිද්‍යාලයේ වටපිටාව බලන්න හිතාගන හැමතැනම ඇවිද්දා..

පංති පේලියක කොරිඩෝ එකක් දිගේ ගිය ජන්ග්කුක් නතර උනේ පංති කාමරේකින් ආව හුරුපුරුදු ගැඹුරු කටහඩට..

ජන්ග්කුක් එහෙමම හොරාට ජනේලෙකින් ඔලුව දාලා බැලුවෙ ඇතුලෙ ඉන්නෙ හිතපු කෙනාමද කියල බලාගන්න.. ජාග්කුක් ගෙ හිතලුව සනාථ කරල ටේහ්‍යුන් ලමයින්ට උගන්වමින් හිටියා..

"Over hill, over dale,
Thorough bush, thorough brier,
Over park, over pale,
Thorough flood, thorough fire!
I do wander everywhere..."

ටේහ්‍යුන් ශේක්ස්පියර් ගෙ A fairy කියන කවිය කියන එක එකපාරටම නතර කරල ජනේලෙ දිහා බැලුවෙ තමන් දිහා කවුරු හරි බලාගන ඉන්න බව දැනිලා.. ජන්ග්කුක් ඒ සැනින් බිමට පහත් උනේ ටේහ්‍යුන් තමන් ව නිකමටවත් දකින්න එපා කියල ප්‍රාර්ථනා කරන ගමන්.. ටේහ්‍යුන් කට කොනකින් හිනාවෙලා ආයෙම උගන්නන්න පටන් ගද්දි ජන්ග්කුක් ඒ පංති කාමරය ඉවර වෙනකල් එහෙමම පහත් වෙලා ගිහින් කොරිඩෝ එකෙන් එලියට ගියා..

ජන්ග්කුක් ගෙ හිත තරමක් රිදිලයි තිබුනෙ.. ඒකට හේතුව උනේ ටේහ්‍යුන් ගෙන් ඉගනගන්න හිටපු සිසුන් ගාන.. මුලු පංතිකාමරයක් පිරෙන්නම ටේහ්‍යුන්ගෙ  විශය ඉගනගන්න සිසුන් හිටියත් ජන්ග්කුක් ට තාමත් ඉන්නෙ සිසුන් තුන්දෙනයි කියන එක ජන්ග්කුක් ගෙ හිතට වද දුන්නා..

ජන්ග්කුක් හිටියෙ ඕක් ගහක් පාමුල පාලුවට ගිහින්  තිබ්බ බංකුවක වාඩිවෙලා.. ජන්ග්කුක් ගෙ හිතේ නොතේරෙන් මූසල කමක් පිරිලා තිබුනා.. කෙනෙක්ට මේකයි කියල තේරුම් කරල දෙන්න තරමෙ ප්‍රශ්නයක් නොතිබ්බත් ජන්ග්කුක් හිටියෙ එයාටම නොතේරෙන ප්‍රශ්න ගොඩක පැටලිලා..

ඒත් ඒ ප්‍රශ්න හුගකට හේතු උනේ ටේහ්‍යුන් බව ජන්ග්කුක් ට තේරුනේ නෑ..

ජන්ග්කුක් ඔහේ බලාගන හිටියා.. ඉස්සරහට තියන කාලජ්චේද තුනකටවත් තමන්ට පංතියක් නැති බව දන්න නිසා ජන්ග්කුක් ට කලබලයක් තිබුනෙ නෑ.. ජන්ග්කුක් දිගටම ඔහේ බලාගන හිටියා.. තරමක් හවස් වෙලා තිබ්බ නිසා අහස ලස්සනට පේන්න අරන් තිබුනෙ.. ජන්ග්කුක් සින්දුවක් මුමුණන ගමන් බංකුවට පිට දීලා හේත්තු වෙලා ඇස් පියාගත්තා..

I try to hide the pain but all I see is you
How can I do it, I don't have a clue
On and on, on and on
I guess I lost you, now you're gone

Stay with me, with me, with me, with me
Baby when the lights go down
Stay with me, with me, with me, with me
Baby, baby when the lights go down

Ackent ගෙ stay with me සින්දුව මේ දවස් වල ජන්ග්කුක් ගේ ආසම සින්දුවක් උනා..ජන්ග්කුක් දිගටම ඇස් පියාගන සින්දුව මුමුණන්න ගත්තා.. ඒකෙන් ජන්ග්කුක් ගෙ හිතට යම් තරමක සැනසීමක් දැනුනා..

ජන්ග්කුක් කොයිතරම් වෙලා එහෙම හිටියද කියන්න ජන්ග්කුක් දැනගන හිටියෙ නෑ.. ඉදගන  හිටපු බංකුව යන්තමට හෙලවෙනව වගේ දැනුන නිසා ජන්ග්කුක් හිමීට ඇස් ඇරියා..

ජන්ග්කුක් ගැස්සුනා..

හවස ඉර එලියට ටේහ්‍යුන් ගෙ මූන දිලිසුනා.. ටේහ්‍යුන් හිටියේ ඈත අහස දිහා බලාගන.. පිට්ටනියෙන් එහාට පේන තැබිලි පාට අහසටත් වඩා ටේහ්‍යුන් ව ජන්ග්කුක් ගෙ ඇස් වලට ලස්සනට පෙනුනා.. දුබුරු පාට උඩු කබාය ගලවල ඔඩොක්කුවෙන් තියාගන හිටපු ටේහ්‍යුන් ඇතුලට ඇදල හිටපු සුදු කමිසෙ අත වැලමිට ලඟට වෙනකල් නවල තිබුනා..

ටේහ්‍යුන් ගෙන් පෙනුනෙ හිතාගන්න බැරි තරමෙ වැදගත් පෙනුමක්.. ටේහ්‍යුන් ගෙ කැරලි කොන්ඩෙ තිබුනට වඩා කොට කරල තිබුනෙ එකෙන් ටේහ්‍යුන් ගෙ බෙල්ල ඕනාවටත් වඩා ජන්ග්කුක් ට කඩවසම් ව පෙනුනා.. 

ටේහ්‍යුන් අහසින් ඇස් අරගන ජන්ග්කුක් දිහාට හැරෙද්දිත් ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් දිහා බලාගන.. ජන්ග්කුක් ට සිහියක් තිබ්බෙ නෑ.. ජන්ග්කුක් ගෙ බෝල ඇස් ටේහ්‍යුන් දිහාට වැටිලා තියනව දැක්ක ටේහ්‍යුන් ගෙ මූනට ඉබේටම හිනාවක් ආවා.. ඒ හිනාවෙන් පියවි සිහියට ආව ජන්ග්කුක් ඉක්මනට තමන්ගෙ ඇස් ටේහ්‍යුන් ගෙන් අයින් කරගත්තා..

"ලස්සන කටහඩක් පෙට්.. ඔයා වගේම"

ටේහ්‍යුන් අහස දිහා බලාගනම එහෙම කිව්වා.. ජන්ග්කුක් හිනාවුනා..ටේහ්‍යුන් ට නොපෙනෙන්න,හිතෙන්..

"අඩුම ගානෙ කැම්පස් එකේදිවත් මට ඔය නම නොකියා ඉන්න"

ජන්ග්කුක් හිටියෙ බිම බලාගන..ඒ වචනත් එක්ක ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ මූන දිහා ආයෙම බැලුව.. ඒ කම්මුල් යන්තමට රතුවෙලා තිබුනා..

"හරි.. ආයෙ නොකියා ඉන්නම්"

"නෑ.."

ජන්ග්කුක් කලබලෙන් එහෙම කියල කියන්න ආව දේ ගිලගත්තා..ටේහ්‍යුන් පරික්ශාකාරි බැල්මකින් ජන්ග්කුක් ව පිරික්සද්දි ජන්ග්කුක් තමන්ගෙ තොලක් හපාගත්තා

"මොකද්ද ජන්ග්කුක් ?"

"ම්...මං කියන්නෙ.. ම් මං කිව්වෙ... මෙහෙදි විතරක් නොකියා ඉන්න"

ටේහ්‍යුන් මොකුත්ම නොකියා හිනාවුනා.. ජන්ග්කුක් ගෙ රතුවුන කම්මුල් වලින් ටේහ්‍යුන් හුගක් දේවල් තේරුම් ගත්ත නිසා ටේහ්‍යුන් මොකුත්ම ඇහුවෙ නෑ..

"දුකින්ද ඉන්නෙ ජන්ග්කුක් ?"

ටේහ්‍යුන් ගෙ ගැබුරු කටහඩට ජන්ග්කුක් ඔලුව උස්සල.ටේහ්‍යුන් දිහා බැලුව.. ටේහ්‍යුන් හිටියෙ මුලු බංකුව දෙපැත්තටම තමන්ගෙ අත් දෙක දාගන බෙල්ල බංකුවට හේත්තු කරගන.. ඒ හීනි දුගෑඉ ඇස් තිබ්බෙ අහස දිහාවට යොමුවෙලා...ටේහ්‍යුන් ගෙ උගුරු දණ්ඩ උඩ පහල යන විදිය දැකපු ජන්ග්කුක් ට දැනුනෙ තමන් සීතල වෙනව වගේ..

හිතේ ඇතිවුන නොසන්සුන් කම මඟහරවගන්න ජන්ග්කුක් තමන්ගෙ අත් වල ඇගිලි එකට පටලවගත්තා..

"මොකද්ද ප්‍රශ්නෙ?"

"මොකුත් නෑ ටේහ්‍යුන් "

"මට ඔය ඇස් කියවන්න පුලුවන් වීනස්.."

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජන්ග්කුක් ඇස් බෝල කරල ටේහ්‍යුන් දිහා බැලුවා.. අලුත් නමක්.. ඒක ලස්සනයි...

"ම්..මොකද්ද ?"

"වීනස්.. එදා මම ඔයාට කිව්වෙ.. ඔය ඇසුත් වීනස් තරුව වගෙ ජන්ග්කුක් .. ඒ උපමාව හුගක් හොදට ගැලපෙනව"

ටේහ්‍යුන් හිනාවුනා.. ඇස් වලින්.. ඒ හිනාව ජන්ග්කුක් ගෙ ඇතුලාන්තයම නිවල දැම්මා, එක තප්පරේකින්..

"මොකද්ද ඔයතරමට තියන ප්‍රශ්නෙ? මට කියන්න"

ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා ටික වෙලාවක් බලාගන හිටියා.. ජන්ග්කුක් ගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන්..

"මට හිතෙනව මම තෝරගත්ත දේ වැරදි කියල.. "

ජන්ග්කුක් බිම බලාගන මිමිණුවා.. ටේහ්‍යුන් ටික වෙලාවක් ජන්ග්කුක් දිහා බලාගන ඉදල බංකුවෙ තිබ්බ අත්දෙක අරගන දනිස් දෙක උඩට වැලමිට හිටින්න තියල පහලට නැමුනා..

"ඔයාට එහෙම හිතෙන්න හේතුව මොකද්ද ජන්ග්කුක්?"

"ම්..මං දන්නෑ.. මට හිතෙනව මේ විශය දැන් කාලෙ ඒ තරම් පිලිගැනීමක් ඇති විශයක් නෙවෙයි කියල.. මට ඉන්නෙත්
ශිශ්‍යයෝ තුන්දෙනෙක් විතරයි "

ජන්ග්කුක් කිව්වාම ටේහ්‍යුන් හිනාවුනා.. පොඩි දරුවෙක්ගෙ බොලඳ කතාවකට හිනාවෙන වැඩිහිටි කෙනෙක් වගේ ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලල හිනාවුනා..

"දන්නවද ජන්ග්කුක්? මං මුලින් ලන්ඩන් වල උගන්නද්දි මට හිටියෙ ශිෂ්‍යයො දහ දෙනෙක් විතරයි. එතකොට මෙහෙ ආව මුල් සතියෙ මට කිසිම ශිෂ්‍යයෙක් හිටියෙ නෑ"

ටේහ්‍යුන් කිව්වාම ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ මූන දිහා බැලුවා..

"ඒත් දැන් මට හැම කාලච්චේදෙකම පංති තියනව වගේම මට ළමයින්ව ඉදගන්න ඉඩ නැතුව හිටවලා තියන්නත් වෙලා තියනව"

ටේහ්‍යුන් හිනාවෙවී එහෙම කියද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් දිහාම බලාගන හිටියා.. ටේහ්‍යුන් කියන්නෙ ඉන්ද්‍යජාලිකයෙක්.. ජන්ග්කුක් ට එහෙම හිතුනා..

"ඒ ඔයා ආකර්ශනීය නිසා.."

ජන්ග්කුක් මුමුනලා ආයෙම බිම බලාගත්තා.. ටේහ්‍යුන් කලේ ජන්ග්කුක් දිහා බලාගන හිටපු එක.. ජන්ග්කුක් ඇත්තටම හුරතල්.. ටේහ්‍යුන් ට මේවෙලාවෙ හිතුනෙත් එහෙම..

"ඉතින් ඔයත් ලමයින්ව ආකර්ශනය කරගන්න ජන්ග්කුක්.. ඔයත් අලුත් දෙයක් පටන් ගන්න.. හරියට මම සාහිත්‍ය සංගමයක් පටන් ගත්තා වගේ"

ටේහ්‍යුන් කිව්වාම ජන්ග්කුක් ගෙ ඇස් දිලිසුනා.. ඒ දිලිසෙන ඇස් වලින් ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බැලුවාම ටේහ්‍යුන් හිනාවෙලා ජන්ග්කුක් ගෙ නලලට වැටිලා තිබ්බ කොන්ඩේ අවුල් කලා..

"මට තව පංතියක් තියනව ජන්ග්කුක් ... කැමතිනම් වැඩ ඉවර වෙලා මං එනකල් ඉන්න..අපිට පුලුවන් නිදහසේ කතා කරන්න කොහෙටහරි ගිහින්"

ටේහ්‍යුන් එහෙම කියල තමන්ගෙ කබාය ආයෙම ඇදගන්න ගමන් එතනින් නැගිටල ගියේ ජන්ග්කුක් ගෙ හිතේ තිබ්බ මූසල කම සම්පූර්නයෙන්ම මරල දාලා.. ජන්ග්කුක් ගෙ හිත දැන් තිබ්බෙ සතුටින්.. ඒකත් ටේහ්‍යුන් නිසා..
___________________________
I could make it better
I could hold you tighter
On that long road
Oh you're light
Uninvited
Unwelcome
The only one who recognized me
_____________________________

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
💜️💚

Bambi🎈

Continue Reading

You'll Also Like

253K 6.2K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
279K 4.2K 29
Hi, everyone. This is my first time publishing my works. I've never done this before. And I'm writing a one shots story with the Bungou stray dogs ch...
42.9K 995 33
One night at a party changed everything for him nothing was really the same as it was before but he didn't hate that...he actually liked it Eren kne...
21.8K 3.8K 10
කාලයට පුලුවන් උනා ගොඩක් දේවල් වෙනස් කරන්න , ඒත් කාලෙට බැරි උනා තවමත් අපේ හදවත් වෙනස් කරන්න.මට තවත් ඕන් නෑ ඔයාවත්, අපේ ආදරේවත් අභිරහසක් විදියට තියා ගන...