VOLCANO✔️

By Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... More

A/N
1st~
2nd~
3rd~
5th~
6th~
7th~
8th~
9th~
10th~
11th~
12th~
13~
14th~
15th~
16th~
17th~
18th~
19th~
20th~
21st~
22nd~
23rd~
24th~
25th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

4th~

1.9K 396 103
By Oreo_Bambi

ජන්ග්කුක් හිටියෙ තමන්ගෙ නිදන කාමරේ..ඇද උඩ ගුලිවෙලා හිටපු ජන්ග්කුක් ගෙ මූනෙ මීට කලින් තිබිලා නැති අමුතු තාලෙ හිනාවක් ඇදිලා තිබුනා.. ජන්ග්කුක් හිටියෙ සිවිලිමේ ඇදිලා තියන කැටයම් දිහා බලාගන..

ටේහ්‍යුන් ව මතක් වෙන වාරයක් ගානෙ ජන්ග්කුක් ට දැනුනෙ එයාගෙ ඇග ඇතුලෙන්ම සීතල වෙලා යනව වගේ.. ඒ හැගීම එක්කම ජන්ග්කුක් ගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තත් ඒ හැගීමට ජන්ග්කුක් ආස කලා..

ජන්ග්කුක් එකදිගටම තමන්ගෙ චිත්‍ර  වෙනුවෙන් මහන්සි උනේ ප්‍රදර්ශනේදි තමන්ගෙ හැකියාව පෙන්නනවටත් වඩා ටේහ්‍යුන් ව සතුටු කරන්න හිතේ ඇතිවුන ආසාවට.. රෙබෙකා ව සිපගත්තු සිය පාරකට වඩා ටේහ්‍යුන් ව සිපගත්තු එකපාරක් ජන්ග්කුක් ගෙ හදවතටම දැනුනා.. ජන්ග්කුක් ගෙ හිතේ මේ ඇතිවෙන හැගීම් ගැන ජන්ග්කුක් ට හරි අවබෝධයක් තිබ්බෙ නෑ.. ඒත් ජන්ග්කුක් ට ඒ හැගීම තවදුරටත් යටපත් කරගන ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ..

ජන්ග්කුක් දැනගන හිටියා ටේහ්‍යුන් කියන්නෙ තමන් වගේම පිරිමියෙක් බව.. ජන්ග්කුක් දැනගන හිටියා තමන් ආදරයෙන් බැඳිය යුත්තෙ ගැහැණියක් එක්ක බව.. ඒ වගේම ජන්ග්කුක් විශ්වාස කලා තවත් පිරිමියෙක් ගැන හැගීම් ඇතිවීම පාපයක් බව.. ඒත් ඒ මොනදේ උනත් ජන්ග්කුක් ට බැරිවුනා ටේහ්‍යුන් ගැන හිතන එකවත් ටේහ්‍යුන් ට යටින් තමන් ඉන්න විදිය ගැන හිතන එකවත් නවත්තන්න..

____________________________________________

නිවාඩු දවසෙ තමන්ගෙ බැල්කනි එකට වෙලා රෝස පාට එක්ක රත්තරං පාට මිශ්‍ර වුනු හැන්දෑ අහස දිහා බලාගන හිටපු ටේහ්‍යුන් ගෙ අතේ දල්වපු සිගරට් එකක් තිබුනා..

සැරින් සැරේ සිගරට් එක තමන්ගෙ තොල් අතර තියාගත්ත ටේහ්‍යුන් හුස්මත් එක්ක සිගරට් දුම උඩට අදිද්දි ටේහ්‍යුන් ගෙ නිරුවත් පපුව වගේම උරහිස් තාලෙකට උඩ පහල ගියේ බලන් ඉන්න කෙනෙක්ට ලස්සන දර්ශනයක් මවන ගමන්.. බැහැගන යන ඉර එලියට ටේහ්‍යුන් ගෙ මුන දිලිසුනා වගේම වටෙන්ම ආව හීනි හුලගට ටේහ්‍යුන් ගෙ රැලි කොන්ඩේ තාලෙකට හෙලවුනා..

සිගරට් දුම පපුවට වෙනකල්ම අරන් ආයෙම තොල් අතරින් දුම් ටික අහසට මුදාහැරපු ටේහ්‍යුන් අතේ තිබ්බ පොතට ඇස් යැවුවත් ටේහ්‍යුන් ට පිටු තුනකට වඩා කියවගන්න ලැබුනෙ නෑ.. පහල තට්ටුවෙ දොරේ සීනුව එකදිගට වදින සද්දෙට ටේහ්‍යුන් පොත එහෙමම ඉදගන හිටපු පුටුව උඩින් තියල නැගිට්ටා..

"තමුන්!"

දොර ඇරපු ටේහ්‍යුන් එහෙමම බලාගන ඉද්දි රෙබෙකා ටේහ්‍යුන් වත් තල්ලු කරගන ගේ ඇතුලට එද්දි ජොනතන් එහෙමත් නැත්නම් රෙබෙකා ගෙ පියා අත් දෙක පපුව ඉස්සරහින් තියාගන හරිම සන්සුන් විදියට ගේ ඇතුලට ආවා..

"තමුසෙ.. තමුසෙට තේරෙන්නැද්ද තමුසෙ ඔය සෙල්ලම් කරන්නෙ ගින්දරත් එක්ක කියල?"

රෙබෙකා ගෙ ඇස් කේන්තියට දිලිසුනා.. රෙබෙකා කතා කරන්නෙ මොනා ගැනද කියල හරියටම ටේහ්‍යුන් ට වැටහුනේ නැතත් ටේහ්‍යුන් ඒ වචන වලින් කලබල වුනා.. ඒත් ඒ බවක් රෙබෙකාට වත් ජොනතන් ටවත් පෙන්නන්න ටේහ්‍යුන් ට අවශ්‍යතාවයක් නොතිබ්බ නිසා ටේහ්‍යුන් හිටගන හිටපු විදියට එහෙමම හිටියා..

මෙච්චර වෙලා ටේහ්‍යුන් ගෙ මූන දිහාට වැටිලා තිබ්බ රෙබෙකා ගෙ ඇස් එකපාරටම ටේහ්‍යුන් ගෙ නිරුවත් පපුවට ගියේ රෙබෙකාව ටිකක් නොසන්සුන් කරල.. මෙච්චර වෙලා කේන්තියෙන් රතු වෙලා තිබ්බ ඇස් ටේහ්‍යුන් ගෙ දිලිසෙන හමක් එක්ක තියන නිරුවත් උඩුකය දැක්කාම ආශාවෙන් පිරුනා.. රෙබෙකා ගෙ ඇස් තමන්ගෙ ඇග දිහාට වැටිලා තියනව දැක්ක ටේහ්‍යුන් ට කට කොනකට හිනාවක් ආවා..

"තව කොච්චර වෙලා ඔහොම බලාගන ඉන්නවද?"

ටේහ්‍යුන් ගෙ ගැබුරු ඒත් උපහාසාත්මක  කටහඩට රෙබෙකා ගැස්සුනා.. තමන් මෙච්චර වෙලා ටේහ්‍යුන් ගෙ ඇස් රසවින්ද බව තේරිලා රෙබෙකා ලැජ්ජාවෙන් රතුවුනත් ඒක එහෙමම යටපඅත් කරගන රෙබෙකා ආයෙම ටේහ්‍යුන් දිහා කේන්තියෙන් බැලුවා..

"ඩෑඩ්!! මේ මිනිහට කියන්න අපේ දේවල් වලට ඇගිලි ගහන්න එන්නෙපා කියල!"

රෙබෙකා ජොනතන් ට එහෙම කියද්දි ජොනතන් ටේහ්‍යුන් ලඟට ඇවිදගන ආවා..

"පුතා...."

"මං තමුන්ගෙ පුතෙක් නෙවෙයි!"

ටේහ්‍යුන් ජොනතන් කියන්න ආව දේ සම්පූර්න කරන්න කලින්ම වැරැද්ද නිවැරදි කලාම ජොනතන් ලොකු හුස්මක් ගත්තා..

"ටේහ්‍යුන්... ඔයා ඇයි ජන්ග්කුක් ට ප්‍රදර්ශනේට චිත්‍ර අදින්න චාන්ස් එකක් අරන් දුන්නෙ?"

"ඒක මගෙයි ජන්ග්කුක් ගෙයි වැඩක්.. ජන්ග්කුක් චිත්‍ර ශිල්පියෙක්.. අනික මට තේරෙන්නෑ ඒක තමුන්ලාට කොහොමද ගැටලුවක් වෙන්නෙ කියල"

ටේහ්‍යුන් කේන්තියෙන් ඒත් සන්සුන්ව එහෙම කියද්දි රෙබෙකා ආයෙම ටේහ්‍යුන් ඉස්සරහට ආවා..

"ගැටලුවක් වෙන්නෙද! ගැටලුවක් වෙන්නෙ ඒ වැඩෙන් ජන්ග්කුක් බිසී වෙනව ..මාව මුනගැහෙන්න අපේ වෙඩින් එකට ලෑස්ති වෙන්න එයාට වෙලාවක් නැති වෙනව"

රෙබෙකා ටේහ්‍යුන් ගෙ මූනටම එබිලා එහෙම කියද්දි ටේහ්‍යුන් කලේ කට කොනකින් හිනාවුන එක විතරයි..

"ටේහ්‍යුන්... ඔයා මෙහෙම කරන්නෙ ජන්ග්කුක් රෙබෙකාව මැරි කරනවට අකමැත්තෙන් කියල අපි දන්නව.. එක වචනයක් කියන්න මම දැන් වුනත් රෙබෙකාව ඔයාට දෙන්න ලෑස්තියි"

"ඩෑඩ්.........."

ජොනතන් කිව්ව දේට රෙබෙකා ජොනතන් ට කෑගැහුවත් ඒ කටහඩෙන් වගේම ඒ හැසිරීමෙන් පෙනුනෙ ඊට විරුද්ද දෙයක්.. රෙබෙකා බලාපොරොත්තු ගොන්නක් තියන බැල්මකින් ටේහ්‍යුන් දිහා බැලුවෙ ටේහ්‍යුන් ගෙ උත්තරේ දැනගන්න..

ඒ වචන ටිකෙන් පස්සෙ ටේහ්‍යුන් කලේ මහ හයියෙන් හිනාවුන එක.. රෙබෙකා ජොනතන් දෙන්නා ටේහ්‍යුන් දිහා කේන්තියෙන් බලන් ඉද්දි ටේහ්‍යුන් ඇති තරම් හිනාවෙලා තප්පරේකින් ඒ හිනාව නවත්තගන රෙබෙකා දිහා බැලුවා..

"මට හිතාගන්න බෑ ජොනතන් තමුන්ගෙ නම්බුව කියන එක කොහෙද තියෙන්නෙ කියල.."

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජොනතන් ට කියාගන්න දෙයක් නැති වුනා.. මොකද ජොනතන් දැනගන හිටියා ටේහ්‍යුන් කතා ජරන්න යන්නෙ මොකද ගැනද කියල..

"තමන්ගෙ දුවව දූශණය කරපු කෙනාටම දුවව බන්දලා දෙන්න ඔච්චර උනන්දුවක්! හිතාගන්න බෑ!"

ටේහ්‍යුන් එහෙම කිව්වාම රෙබෙකා බිම බලාගන තමන්ගෙ තොල් හපාගත්තේ දැනුන කේන්තියට වගේම ලැජ්ජාවට..

"තමුන්ව බදිනවද අවුරුදු ගානකට හිරේ යනවද කියන තෝරාගැනීම් දෙකෙන් මම තෝරගත්තෙ හිරගෙදර කියන එක හොදට මතක තියාගන්නව!"

ටේහ්‍යුන් රෙබෙකා ගෙ නිකටෙන් උස්සල එහෙම කියල ඒ මූන පැත්තකට ගසල දැම්මා.. තවත් කතා කරන්න දෙයක් නෑ කියල තේරෙද්දි ජොනතන් ගෙදරින් එලියට බැහැලා ගියත් රෙබෙකා එහෙමම හැරිලා යන ටේහ්‍යුන් දිහා බලාගන හිටියේ කේන්තියෙන් රතු උන මූනක් එක්ක..

"තමුන් දැනගන්නව ටේහ්‍යුන් ! මං ජන්ග්කුක් ව කසාද බැදල තමුසෙට පේන්න සතුටින් ඉන්නව. මාව එපා කිව්ව එක ගැන තමුසෙ පසුතැවෙයි... අවජාතකයා!!"

ටේහ්‍යුන් එහෙමම නතර උනා.. ඒ වචන වලට ටේහ්‍යුන් ගෙ ඇගෙ ලේ රත් කරන්න පුලුවන් උනාට ටේහ්‍යුන් උපරිම ඉවසලා ආපහු හැරිලා රෙබෙකා ලඟට යද්දි රෙබෙකා බයේ පස්සෙන් පස්සට ගිහින් බිත්තියකට මැදි වෙලා නතර උනා..

ටේහ්‍යුන් හිටියෙ රෙබෙකා ට හුගක් ළඟින්.. ටේහ්‍යුන් ගෙ උනුසුම් හුස්ම රෙබෙකා ගෙ මූනෙ වදිනකොට රෙබෙකාට ඉවසන් ඉන්න හුගක් අමාරු උනා. රෙබෙකාගෙ පාලනෙන් ගිලිහුන අතක් ටේහ්‍යුන් ගෙ මූන අල්ලන්න හදනකොට ටේහ්‍යුන් ඒ අත තද කරල අල්ලගත්තා..

"දන්නවද... ජොනතන් හරි.. මම ආස නෑ ඔයා ජන්ග්කුක් ව කසාද බදිනවට.. දැන් කොහොමටවත් ආස නෑ.."

ටේහ්‍යුන් රෙබෙකා ගෙ කනට කරලා තමන්ගෙ ගැබුරු ඒත් සරාගී කටහඩෙන් එහෙම කියද්දි රෙබෙකා ව සීතල වෙලා කකුල් පන නැති වෙලා ගියා.. ටේහ්‍යුන් එහෙම කියල තප්පරයක් වත් නොයිද අනිත් පැත්ත හැරිලා යද්දි රෙබෙකා ආශාවන් පිරුනු කාමුක බැල්මකින් ටේහ්‍යුන් දිහා බලාගන තවත් බිත්තියට තද වෙලා තමන්ගෙම තොලක් හපාගත්තා..

"මං දන්නව ටේහ්‍යුන් ... ඔයාව මගේ කරගන්න මට පුලුවන්..
I can't live without your big f*cking dick my little brother!"

රෙබෙකා තමන්ටම එහෙම මුමුනගන තමන්ගෙ ම පියයුරක් මිරිකගන්න ගමන් ටේහ්‍යුන් ගෙ ගෙදරින් එලියට ගියා..
_____________________________________________

"මට ටේහ්‍යුන් කිව්වා ඔයා හුගක් මහන්සි වෙනව කියල ජන්ග්කුක්.. මට විශ්වාසයි මේකෙන් පස්සෙ ඔයාට ලොකු වැඩ ගොඩක් එයි.."

ජන්ග්කුක් හිටියෙ ජිමින් ගෙ අතිශය ආකර්ශනීය කලාගාරේ.. ජිමින් ජන්ග්කුක් ට මුනගැහෙන්න එන්න කියල එවල  තිබුන පණිවිඩේ එක්ක ජන්ග්කුක් ලොකු උද්‍යෝගෙකින් කලාගාරෙට ආවේ ටේහ්‍යුන් වත් දකින්න පුලුවන් වෙයි කියන පොඩි බලාපොරොත්තුවත් එක්ක.. ඒත් සෑහෙන වෙලාවක් ජිම්න් එක්ක කතා බහ කර කර ඉදලත් ටේහ්‍යුන් ගෙ සේයාවක් වත් නැති නිසා ජන්ග්කුක් ගෙ බලාපොරොත්තු එහෙමම නැති උනා..

"හුගක් ස්තූතියි මිස්ටර් ජිමින්.. ඇත්තටම මෙතනින් පස්සෙ මට මොන දේ ලැබුනත් ඒ හැමදේටම ස්තූතිවන්ත වෙන්න ඕන මිස්ටර් ජිමින් ට"

ජන්ග්කුක් එහෙම කිව්වාම ජිමින් හිනාවෙලා ජන්ග්කුක් ගෙ පිටට තට්ටුවක් දැම්මා..

"දැන් ඉතින් ඔය මිස්ටර් කෑලි ඕන නෑ.. ටේහ්‍යුන් ගෙ යාලුවෙක් කියන්නෙ මගෙත් යාලුවෙක්.. මට ජිමින් කියන්න"

"එ..ඒත් සර්..."

"ඒ පාර සර් ලු.. ටේහ්‍යුන් කියල නැද්ද මම ඔය ගරු නම්බුනාම වලට අකමැතියි කියල"

"අ..අනේ සමාවෙන්න මිස්ටර් ජිමින්'

ජිමින් ජන්ග්කුක් දිහා ඇහි බැමක් උස්සගෙන බලාගන ඉන්නෙ ඇයි කියල ජිමින් ට මුලින්ම තේරුනේ නෑ.. ඒත් හේතුව තේරුන ගමන් ජන්ග්කුක් ආයෙම කතා කරන්න ගත්තා..

"අම්..සමාවෙන්න ජි..ජිමින්"

"අන්න එහෙම"

ජිමින් ජන්ග්කුක් ගෙ කරට අත දාගන හිනාවෙද්දි ජන්ග්කුක්ත් පෙරලා ජිමින් එක්ක හරි ලස්සනට හිනාවුනා...
.
.
.
.

ප්‍රදර්ශනේ ගැන හවස් වෙනකල්ම කතා බහ කරත් ටේහ්‍යුන් ව ජන්ග්කුක් ට දකින්න හම්බුනේ නෑ.. ටේහ්‍යුන් එන බව ජිමින් ට කියල තිබුනත් හදිසියේම වැඩක් යෙදුන නිසා එන්න බැරිවෙන බව කියල ටේහ්‍යුන් ජිමින් ට  පණිවිඩයක් එවල තිබුනා..

තවත් බලාගන ඉදල තේරුමක් නැති නිසා ජන්ග්කුක් යන්න ලෑස්ති උනත් ජිමින් ජන්ග්කුක් ව නතර කරගත්තා..

"මම ඇල්කොහොල් ගන්නෙ නෑ ජිමින්.."

ජන්ග්කුක් එහෙම කිව්වාම ජිමින් මහ හයියෙන් හිනාවුනා..

"පිරිමි කම රැදෙන්නෙ ඇල්කොහොල් මත ජන්ග්කුක්.. ඇල්කොහොල් කියන්නෙ පිරිමියෙක්ට අත්‍යාවශ්‍ය දෙයක්.."

ජිමින් කිව්ව දේ ජන්ග්කුක් ට හරියටම තේරුනේ නැතත් ජන්ග්කුක් හිනාවුනා..

"ඒත් ජිමින් මම..."

"එන්න බෑ කියලනම් කියන්නෙ.. මං බීරෙක් ජන්ග්කුක්.."

ජිමින් එහෙම කියල අහක බලාගත්තා. ජිමින් ගෙ වැඩ වලට ජන්ග්කුක් ට හිනා ගියේ ලෝකෙට පේන අතිවිශිෂ්ට චිත්‍ර ශිල්පි පාර්ක් ජිමින් ඇතුලින් කොයිතරම් සරල මනුස්සයෙක් ද කියල හිතෙද්දි..

"ටේහ්‍යුනුත් බාර් එකට එයි.අපි එහෙට ගිහින් ඉමු"

ඒ වචන ටික ජන්ග්කුක් ගෙ දෙගිඩියාවෙන් පිරිලා තිබ්බ හිත සම්පූර්නයෙන්ම එක තීරණේකට ගෙනාවා..

ජන්ග්කුක් තීරණය කරා බාර් එකට යන්න.. ඇල්කොහොල් නිසා නෙවෙයි ටේහ්‍යුන් නිසා..
____________________________________________

ජිමින් හිටියෙ බාර් කවුන්ටර් එකේ.. පුරුදු විදියට බාර් ටෙන්ඩර් දිහා බලාගන හිටපු ජිමින් අතේ තිබ්බ විස්කි වීදුරුව එහෙට මෙහෙට පද්දන ගමන් තනියම හිනාවුනා..

ජන්ග්කුක් අතේ තිබ්බෙ ඇල්කොහොල් ප්‍රතිශතය ටිකක් අඩු බීමක්..පලවෙනි පාරම ජන්ග්කුක් ට දිව්‍යලෝකෙ පෙන්නන්න ජිමින් ට ඕන වුනේ නෑ..

ජන්ග්කුක් සැරින් සැරේ සෙනඟ එලියට ඇතුලට යන දොර දිහා බලන බව ජිමින් දැක්කත් ඒක නොදැක්ක ගානට ජිමින් අහක බලාගන හිටියා.. අහම්බෙන් වගේ ජිමින් බාර් ටෙන්ඩර් දිහා බලද්දි ඒ කලු මලානික ඇස් ජිමින් දිහාට යොමුවෙලා එක තප්පරේකින් ආයෙම වෙන පැත්තකට ගියා..

ඒ තප්පරේ ජිමින් ට දැනුනෙ මහමෙරක් වගේ.. ඒ ඇස් තමන්ගෙ ඇස් එක්ක හැප්පුන අතිශය පුංචි වෙලාව ට පුලුවන් උනා ජිමින් ගෙ හෘදස්පන්දන වේගය වැඩි කරන්න..

"ටේහ්‍යුන්!!"

ජන්ග්කුක් ටිකක් සද්දෙට එහෙම කියන ගමන් ඉදගන හිටපු තැනින් නැගිට්ටෙ ටේහ්‍යුන් එනව දැකල ඇතිවුන දරාගන්න බැරි හැගීම නිසා උනත් ඒ සද්දෙට ජිමින් ගැස්සුනා..

තමන් ව දැක්ක ජන්ග්කුක් ගෙ හැසිරීම ඇහැ ගැටුන ටේහ්‍යුන් ගෙ කට කොනකට හිනාවක් එද්දි ටේහ්‍යුන් ඒ හිනාවෙන්ම ජන්ග්කුක් දිහා බැලුවෙ ජන්ග්කුක් රතුවෙලා බිම බලාගනම ආයෙ හිටපු තැනින් ඉදගද්දි..

"ඒ ගමන ජන්ග්කුක් වත් එක්කන් එන්න ගත්තද මෙතන්ට"

ටේහ්‍යුන් ජිමින් ගෙ පිටට පාරක් ගහන ගමන් ජිමින් ගෙ එහාපැත්තෙන් ඉදගත්තේ බාර් ටෙන්ඩර් දිහා ඇස් කොනෙන් බලන ගමන්..

"ජන්ග්කුක්ට නියම පිරිමියෙක් වගේ ඇල්කොහොල් ගන්න විදිය උගන්නන්න එක්කන් ආවෙ"

ජිමින් එහෙම කිව්වාම ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බැලුවත් ජන්ග්කුක් ට තාමත් ටේහ්‍යුන් ට මූන දෙන්න තරම් හිතේ ශක්තියන් නොතිබ්බ නිසා ජන්ග්කුක් තාමත් හිටියෙ බිම බලාගන..

" මේ කියන කතාව ඇත්තද කුකී?"

ටේහ්‍යුන් එහෙම ඇහුවාම ජන්ග්කුක් ඇස් ලොකු කරල ටේහ්‍යුන් දිහා බැලුවා.. ටේහ්‍යුන් තමන්ට එහෙම කතා කරද්දි ජන්ග්කුක් ගැස්සුනා.. රතු උන කම්මුල් එක්ක ජන්ග්කුක්  ටේහ්‍යුන් දිහා බලද්දි ටේහ්‍යුන් හිටියෙත් කට කොනක තියන හිනාවත් එක්ක ජන්ග්කුක් දිහා බලාගන..

"ඔහ් හෝ.. කුකී!!"

ජිමින් මහ හයියෙන් හිනාවෙලා ටේහ්‍යුන් ගෙ පිටට පාරක් ගහද්දිත් ටේහ්‍යුන් බලාගන හිටියෙ ජන්ග්කුක් ගෙ ලැජ්ජාවෙන් රතුවුන කම්මුල් දිහා වගේම දිලිසෙන බෝල ඇස් දිහා.. ජන්ග්කුක් ට ඒ හීනි ඇස් වල තිබ්බ කතාව තේරුනේ නැතත් ඒ බැල්මට පුලුවන් උනා ජන්ග්කුක් ගෙ ආත්මයම අවුලවන්න..

"අයියෝ ජන්ග්කුක්.. ඔයා තාම පලවෙනි ග්ලාස් එකවත් ඉවර කරල නෑනෙ!"

ජිමින් එහෙම කිව්වාම ජන්ග්කුක් අයාසයකින් හිනාවුනා.. ජන්ග්කුක් ට එක උගුරකට වඩා බොන්න බැරිවුනේ ඒකෙන් එන රසට ජන්ග්කුක් පොඩ්ඩක්වත් ආසා වුනේ නැති නිසා වුනත් ඒ බව අඟවලා ආයෙම ජිමින් ඉස්සරහ විහිලුවක් වෙන්න ජන්ග්කුක් ට ඕන වුනේ නෑ..

ටේහ්‍යුන් තාමත් හිටියෙ ජන්ග්කුක් දිහා බලාගන. තමන්ගෙ ඇස් මගෑරල වටපිට බල බල ඉන්න ජන්ග්කුක් ව දැක්කාම ටේහ්‍යුන් ගෙ මූනට හිනාවක් ආවා..

"මං අර පැත්තට ගිහින් එන්නම්"

ජිමින් එහෙම කියල නැගිටල නානකාමර පැත්තට ඇවිදගන ගියා.. ඒත් ජන්ග්කුක් ට ඔලුව උස්සන්නවත් ටේහ්‍යුන් දිහා බලන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ.. ජන්ග්කුක් දිගටම හිටියෙ බිම බලාගන උනත් ජන්ග්කුක් ට දැනුනෙ ටේහ්‍යුන් ඉන්නෙ තමන් දිහා බලාගන බව..

"පෙට්..."

ටේහ්‍යුන් නැගිටලා ජිමින් ඉදගන ඉදපු පුටුවට ආවත් ජන්ග්කුක් ඔලුව උස්සල බැලුවෙ නෑ.. ජන්ග්කුක් තමන්ව මගාරින්න දරන උත්සහය දැක්කාම ටේහ්‍යුන් ට හිනානොවී ඉන්න බැරිවුනා.. ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අත උඩින් අත තිබ්බාම ජන්ග්කුක් ගැස්සිලා තමන්ගෙ අත ඇදල ගත්තා..

"මෙතන මිනිස්සු ඉන්නව ටේහ්‍යුන්!! වැදගත් විදියට හැසිරෙන්න"

ජන්ග්කුක් ඒක කිව්වෙ හිතල නෙවෙයි උනත් ජන්ග්කුක් බය වුනා වටපිටාවෙ ඉන්න මිනිස්සු තමන් ගැනත් ටේහ්‍යුන් ගැනත් වැරදියට හිතයි කියල.. ජන්ග්කුක් බයවුනා ඒ අය දැනගනී කියල ජන්ග්කුක් ටේහ්‍යුන් කියන්නෙ දැනට දෙපාරක් එකිනෙකා සිපගත්ත පිරිමි දෙන්නෙක් කියන එක..

ඒත් ජන්ග්කුක් ගෙ වචන වලින් ටේහ්‍යුන් ගෙ ඉවසීම නැතිවුනා.. අහේතුකව කේන්තියක් දැනුන ටේහ්‍යුන් තමන්ගෙම තොල හපාගන ටික වෙලාවක් ජන්ග්කුක් දිහා බලාගන ඉදල එතනින් නැගිටලා බාර් එකේ නර්තනය සඳහා වෙන් කරල තියන අංගනයට ගියා..

ජන්ග්කුක්ට ටේහ්‍යුන් ව නවත්තන්න ඕන උනත් ජන්ග්කුක් ඒකට පරක්කු වැඩි බව ජන්ග්කුක් ට තේරුනේ ජන්ග්කුක් ඔලුව උස්සලා බලද්දිත් ටේහ්‍යුන් හිටියෙ කොටට ඇදගත්ත යුවතියෝ ගොඩක් වටකරගන නිසා...ටේහ්‍යුන්  ඇදගන හිටපු උඩු කබාය තිබුනෙ බිම.. ටේහ්‍යුන් ගෙ කමිසෙ උඩ බොත්තම් දෙකක්ම මේ වෙද්දිත් ගැලවිලා තිබුනා..

එතන හිටපු යුවතියන්ගෙන් හතරෙන් තුනක්ම ටේහ්‍යුන් ගෙ වටේට එකතු වෙලා හිටියේ ටේහ්‍යුන් ඒ තරමටම ඒ අයව ආකර්ශනය කරගන හිටපු නිසා..

ඒ දිහා ඇස් පිල්ලම් නොගහ බලාගන හිටපු ජන්ග්කුක් ට දැනුනෙ කේන්තියක් එක්කම ලොකු දුකක්.. ටේහ්‍යුන්ගෙ ඇගෙ දැවටි දැවටි ඉන්න යුවතියො දැක්කාම ජන්ග්කුක් ගෙ අත ඉබේටම මිට මෙලවුනා.. ටේහ්‍යුන් දිහාම ඇස් පිල්ලම් නොගහ ජන්ග්කුක් බලාගන හිටියත් ටේහ්‍යුන් එකපාරක්වත් ජන්ග්කුක් දිහා බලන්න මහන්සි උනේ නෑ..

හිතට දැනුන ආවේගෙට ජන්ග්කුක් ට එතනින් නැගිටල යන්න හිතුනත් ටේහ්‍යුන් ව දාලා යන්න ජන්ග්කුක් ට ලෝබ හිතුනා.. ඒත් ටේහ්‍යුන් තමන්ට අවදානෙ නොදෙන එකට සහ ටේහ්‍යුන් ස්පර්ශය වෙන යුවතියො රැලක් අයිති කරගන තියන එකට ජන්ග්කුක් ට දැනුනෙ ලොකු දුකක්..

ටේහ්‍යුන් දිහා බලාගනම අතේ තිබ්බ පානය එක හුස්මට බීපු ජන්ග්කුක් ට මේ වෙලාවෙ ඒකෙ රස ගැන ගානක් තිබ්බෙ නෑ.. ටේහ්‍යුන් බාගෙට ඉතුරු කරල ගිය වීදුරුවත් හිස් කරපු ජන්ග්කුක් බාර් ටෙන්ඩර් කෙනෙක් ගෙන් තවත් ඒ වීදුරු තුනක්ම ඉල්ලගන හිස් කලා...

"ජන්ග්කුක් කෝ ටේහ්..."

ජිමින් කලිසමත් උස්සන ගමන් ජන්ග්කුක් ගෙන් ටේහ්‍යුන් ගැන අහගන ආවත් උඩට වෙලා කෙල්ලො ගොඩක් වටකරගන නටන ටේහ්‍යුන් ව දැක්කාම ජිමින් අහන්න ආව දේ මගින්ම නතර කරා..

"ජන්ග්කුක්.. මට කියන්නෙපා මේ සේරම බිව්වෙ ඔයා කියල..!!"

ජන්ග්කුක් ගෙ වටේට තිබ්බ එක එක සයිස් වල හිස් වීදුරු දැක්ක ජිමින් එහෙම ඇහුවත් ඒකට හරි උත්තරයක් දෙන්න ජන්ග්කුක් ට පුලුවන් උනේ නෑ.. මොකද මේ වෙද්දි ජන්ග්කුක් හිටියෙ උපරිමේටත් එහා.. හොදටම රතුවෙලා දාඩිය දාපු මූනත් එක්ක ජිමින් දිහා බලපු ජන්ග්කුක් ටික වෙලාවක් ඔලුව උස්සන් ඉදල එහෙම්ම ආයෙ මේසෙ උඩට තමන්ගෙ ඔලුව අතෑරගත්තා..

"ඔයාගෙ පෙම්වතා හැම ජාතියකින්ම දෙක ගානෙ බිව්වා.. එයාව තනියම දාලා නොගිහින් ඉන්නයි තිබුනෙ"

ඒ කටහඩට ජිමින් ගැස්සුනා.. ජන්ග්කුක් ගෙන් ඇස් අහකට අරගන කටහඩේ අයිතිකාරය දිහා බලපු ජිමින් ට තප්පර ගානකට හැමදේම අමතක උනා..

"මං හිතන්නෙ ඔයා පෙම්වතාව ගෙදර එක්කන් ගියානම් හොදයි.. එයා මේවට පුරුදු කෙනෙක් නෙවෙයි වගේ.."

"එයා...ම්..මගේ පෙම්වතා නෙවෙයි ඇත්තටම එයා.."

ජිමින් ගෙ කතාව නැවතුනේ ජන්ග්කුක්  ආයෙම ඔලුව උස්සපු නිසා.. හොදටම රතුවෙලා ඉන්න ජන්ග්කුක් ගෙ කොන්ඩේ ඇවිස්සිලා මුලු නලල පුරාම විසිරිලා තියන එකෙන් ජන්ග්කුක් ගෙන් පෙනුනෙ හරිම විහිලුසහගත වගේම හුරතල් පෙනුමක්..

"ම්...මං..මං  පෙම්වතෙක් න්..නෙවෙයි... කිසිම කෙනෙක්ගෙ... පෙම්වතෙක්..නෙ..න්න්..නෙවෙයි..අර...නටන ම..මනුස්සයගෙවත් පෙම්වතා.....මම...නෙවෙයි"

ජන්ග්කුක් වේදිකාව උඩ ඉන්න ටේහ්‍යුන් දිහාට අත දික් කරල ආයෙම මේසෙන් ඔලුව තියාගත්තා.. ජන්ග්කුක් ගෙ ඇස්වල කදුලු තිබ්බා මොකද ඒ වෙද්දි ටේහ්‍යුන් හිටියෙ තමන්ගෙ ඇගේ දැවටෙන යුවතියක්ව හුගක් තදින් සිපගන්න ගමන්

"යුන්ගි..."

ආපහු හැරිලා යන්න ගිය බාර් ටෙන්ඩර් ජිමින් ගෙ කටහඩට නතර උනා.. කිසි හැගීමක් නැති මූනෙ අද මොකද්දෝ අමුතු දෙයක් තියන බව ජිමින් ට තේරුනත් ඒ ගැන කතා කරන්න වත් අහන්නවත් ජිමින් බය වුනා..

"ම්..මට ටිකක් කතා කරන්න පුලුවන්ද ?"

ජිමින් එහෙම ඇහුවත් යුන්ගි ටික වෙලාවක් යනකල් වචනයක්වත් කිව්වෙ නෑ.. සීතල.ඇස් දෙකකින් ජිමින් දිහා බලාගන හිටපු යුන්ගි ඇදගන හිටපු ඒප්‍රන් එක ගැලෙව්වා..

"මගෙ වැඩ දැන් ඉවරයි.. ඒත් මේ පොඩි කොල්ලව දාලා ඔයාට දැන් එන්න බෑ.. "

"එයාව බලාගන්න කෙනෙක් ඉන්නව!"

ජිමින් එහෙම කියල දෙපාරක් නොහිතම ජන්ග්කුක් ව එතන තියල යුන්ගිගෙ පස්සෙන් වැටුනා..
.

.

.

.

.

.

"කිව්ව ගාන හරියටම ලැබෙන්න ඕන.. දන්නවනෙ මේ ජෙසී කිව්වොත් කිව්වා!"

බාර් එකේ එහා කෙලවරක හිටපු යුවතියක් ඇය එක්ක හිටපු අනිත් අයට එහෙම කියල ජන්ග්කුක් දිහාට ඇවිදගන ආවා.. ඇදගන හිටපු ඇදුමෙන් යන්තමට ආවරනය උන ඇගේ පපුවෙන් බායගක්ම තිබ්බෙ නිරාවරනය වෙලා.. මේ වෙද්දි බාර් එකේ පිරිමි හුග දෙනෙක්ගෙ අවදානය ගන්න ඇයට පුලුවන් උනේ ඇගේ හොදින් වැඩුන පපු ප්‍රදේශය සහ පිටුපස ප්‍රදේශයෙන් බාගෙකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ට නිරාවරනය වෙලා තිබුන නිසා..

ජෙසී ජන්ග්කුක් ළඟින් ඉදගන ජන්ග්කුක් දිහා ටික වෙලාවක් බලාගන හිටියා.. රතු වෙලා පිම්බුන කම්මුල් වගේම මොනාදෝ මුමුනණ රෝස පාට තොල් එක්ක පියවිලා තිබ්බ ඇස් ජෙසී ට පිරිමියෙක් ට වඩා මතක් කලේ දෙවඟනක්.. ජන්ග්කුක් ව දැක්කාම ජෙසී ට කිසිම රාගික සිතුවිල්ලක් නාවත් තමන් දාපු ඔට්ටුවෙන් දිනන්න උවමනා නිසා ජෙසී ජන්ග්කුක් ව සිපගත යුතුව තිබුනා..

ජෙසි ටික වෙලාවක් ජන්ග්කුක් දිහා බලාගන ඉදල ජන්ග්කුක් ගෙ නලලට වැටුන කෙස් රැල්ලක් නලලෙන් අයින් කලා..

"පොඩි දරුවෙක් වගේ.."

ජෙසී තමන්ටම එහෙම මුමුනගන හිමීට ඒ මූනට පහත් වෙද්දි ජන්ග්කුක් මොනාදෝ මුමුනන්න ගත්ත නිසා එහෙමම නතර උනා..

"ටේහ්‍යුන්...ටේහ්‍යුන්..."

"ටේහ්‍යුන්? කවුද ටේහ්‍යුන් ?"

"මෙතන මොකද්ද වෙන්නෙ?"

ජෙසී ජන්ග්කුක් ගෙන් ඈත් වෙලා පිටිපස්ස හැරිලා බැලුවේ තමන්ගෙ ලගින්ම ආව ගැබුරු කටහඩ කාගෙද බලන්න.. ජෙසි ට පිටිපස්සෙන් හිටපු ටේහ්‍යුන් ගෙ උඩු කබාය තිබුනෙ අතේ..ඒ වගේම කමිසෙ ටේහ්‍යුන් ගෙ ඇගේ රැදිලා තිබ්බෙ එක බොත්තමකින්..

එලියට නිරාවරනය උන ටේහ්‍යුන් ගෙ මීපැනි පාට හම දිහා ජෙසි ටික වෙලාවක් ඇස් පිල්ලම් නොගහ බලාගන හිටියා.. ටේහ්‍යුන් ගෙ කැරලි කොන්ඩෙ දාඩියටම තෙත් වෙලා තිබුන එකෙන් ටේහ්‍යුන් ගෙන් පෙනුනෙ වචන වලට පෙරලන්න බැරි සරාගික බවක්..

"තමුන් මොකද මෙතන කරන්නෙ"

ටේහ්‍යුන් ආයෙම ගැබුරු ඒත් රලු හඩකින් එහෙම අහනකොට ජෙසී පියවි සිහියට ආවා.. මොකුත්ම නොකියා ඉදගන හිටපු තැනින් නැගිටපු ජෙසි ටේහ්‍යුන් ලඟට තව අඩි දෙක තුනක් ලං වුනා..

"මං මෙතන්ට ආව හේතුව වැදගත් නෑ.. දැන් මං දකින දේයි වැදගත්"

ජෙසි එහෙම කියල ටේහ්‍යුන් ගෙ පපුව දිගේ ඇගිල්ලක් ගෙනියද්දි ටේහ්‍යුන් ඒ අතෙන් අල්ලල පැත්තකට කලා..

"මං හිතන්නෙ ඔයා ටේහ්‍යුන් ... අපි ආයෙ හම්බෙමු.. මතක තියාගන්න ඔයා නිසා මට වොන් දහදාහක් පාඩු වුනා"

ජෙසි අමුතු හිනාවකින් මූන පුරෝගන ටේහ්‍යුන් දිහා බලාගනම එහෙම කියල එතනින් යන්න ගියේ ටේහ්‍යුන් ජෙසී ගෙන් ඇස් අහකට අරන් මේසෙ උඩට වෙලා කෙදිරි ගාන ජන්ග්කුක් දිහා බලද්දි..
_____________________

ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ගෙ කාර් එකේ... හොදටම මත් වෙලා හිටපු ජන්ග්කුක් ශීට් එකට ඔලුව බර කරගන ඇස් පියාගන නොතේරෙන මොනවදෝ මුමුණන ගමන් ඉන්න දිහා ටටේහ්‍යුන් හරිම සන්සුන්ව බලාගන හිටියා.. ජන්ග්කුක් ගේ මූන දාඩියට දිලිසුනා.. ඒ චූටි රෝසපාට තොල් සැරින් සැරේ උල් උනේ ජන්ග්කුක් ව ඕනාවටත් වඩා හුරතල්  විදියට ටේහ්‍යුන් ට පේන්න ගද්දි..

ටේහ්‍යුන් ට ජන්ග්කුක් ගෙන් ඇස් අහකට ගන්න බැරිවුනා.. ජන්ග්කුක් ගේ රෝසපාට කම්මුල් එක්ක දාඩියට නලලට ඇලිලා තිබ්බ ඉත්තෑකූරු කොන්ඩෙ නිසා ටේහ්‍යුන්ට ජන්ග්කුක් අනිත් හැම දවසකටම වඩා ලස්සනට පෙනුනා..

"ට්...ටේහ්‍යුන් ....ටේහ්‍යුන් "

ජන්ග්කුක් හිමීට මුමුණන්නෙ මොනාද කියල ටේහ්‍යුන් සාවදානව අහන් හිටියෙ කට කොනක ඇදුනු හිනාවක් එක්ක.. ජන්ග්කුක් දිගින් දිගටම තමන්ගෙ නම මුමුණන එක අහන් ඉන්න ටේහ්‍යුන් ආස කලා..

"මං මෙතන ඉන්නව පෙට්..."

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කනට කරල ගැබුරු කටහඩින් මුමුණද්දි ජන්ග්කුක් අමාරුවෙන් ඇස් ඇරියා..

රතු වෙලා තෙත් වෙලා තිබ්බ බෝල ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලපු ජන්ග්කුක් එකපාරටම ටේහ්‍යුන්ගේ  මූනට එබුනා..

"ඔ..ඔයා... "

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ මූන ඉස්සරහට ඇගිල්ල දික් කරන ගමන් එහෙම කියද්දි ටේහ්‍යුන් එහෙමම ජන්ග්කුක් දිහා බලන් හිටියා..

"ඔයා... මාව කිස් කරපු ත්..තොල් වලි.න්.. ව්..වෙන කෙල්ලෙක්..ව කිස් කලා"

ජන්ග්කුක් ඒක කිව්වෙ බාගෙට ඇස් පියාගන එහෙට මෙහෙට වැනෙන ගමන්.. ටේහ්‍යුන් යන්තමට හිනාවෙන ගමන් ජන්ග්කුක් කියන දේ අහගන හිටියා.. ජන්ග්කුක් එයාගෙ දබර ඇගිල්ලෙන් ටේහ්‍යුන් ගෙ මූනට තට්ටු කරන ගමන් ටේහ්‍යුන් ගෙ ඇස් දිහා බැලුවා..

"ඔයා...මේ අත් වලින්... වෙන ...කෙල්ලෙක්ව ඇල්ලුවා....නේද....?"

ජන්ග්කුක් ගෙ ඇස් කදුලු වලට දිලිසෙනව දැක්ක ටේහ්‍යුන් ගෙ මූනෙ තිබ්බ හිනාව එයාටත් නොදැනිම අතුරුදහන් උනා.. තමන්ගෙ මූනට තට්ටු කර කර හිටපු ජන්ග්කුක් ගෙ ඇගිල්ල අල්ලගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලාගන ඉද්දි ජන්ග්කුක් ට ඔලුව කෙලින් තියාගන්න බැරුව වගේ  ටේහ්‍යුන් ගෙ පපුවෙන් ඔලුව ගහගත්තා..

එකපාරටම ජන්ග්කුක් ගෙ තොල් වල උනුහුම ටේහ්‍යුන් ගෙ කමිසෙ උඩින් ටේහ්‍යුන් ට දැනෙද්දි ටේහ්‍යුන් ගැස්සුනා.. ඒ තොල් හුගක් තෙතට තිබ්න නිසාද මන්දා ටේහ්‍යුන් ට ඒ ස්පර්ශය තදින් දැනුනා..

තප්පර ගානක් එහෙමම හිටපු ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ මූන කෙලින් කරල තමන්ගෙ මූන ඉස්සරහට ගත්තෙ ටේහ්‍යුන් ගෙ කමිසෙ තෙත් වෙන්න ගත්ත නිසා.. ජන්ග්කුක් ගෙ ඇස් වලින් වැටුන කදුලු පාරවල් ටේහ්‍යුන් ගෙ කමිසෙ තෙත් කරල තියනව දැක්ක ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කම්මු දෙක අත් වලට හිරකරගත්තා..

"පෙට්... ඇයි මේ?"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඇස් දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් එහෙම අහනකොට ජන්ග්කුක් ගෙ තොල් වෙව්ලන්න ගත්තා.. වෙව්ලන තොල් එක්ක ඇස් වලින් වැටෙන කදුලු ඔහේ වැටෙන්න දීලා ජන්ග්කුක් ටේහ්‍යුන් දිහාම බලාගන හිටියා..

"ජන්ග්කුකී... අඩන්නෙ ඇයි?"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ මූනට එබිලා එහෙම අහද්දි ජන්ග්කුක් තවත් හයියෙන් අඩන්න ගත්තෙ ටේහ්‍යුන් ව කලබල කරලා..

"ඔයා... ඇයි? ඇයි එහෙම..ඇයි මං ඉද්දි...වෙන කෙල්ලෙක්ව..."

ජන්ග්කුක් මුලු මූනම රතු කරගන අඩන විදිය දැක්කාම ටේහ්‍යුන් ට දුක හිතුනත් ඒ මූනෙ තිබ්බ හුරතල් පාට දැක්කාම ටේහ්‍යුන් ට ආස හිතුනා..

"හෝ හෝ... මේ අහන්න පෙට්.. හරි... මට සමාවෙන්න.. කෝ මේ බලන්න"

ජන්ග්කුක් මේ විදියට හැසිරෙන්නෙ මත් වෙලා අසිහියෙන් ඉන්න නිසා බව දැන දැනත් ටේහ්‍යුන් ඒ හැසිරීමට ආස කලා.. ඒක ටේහ්‍යුන් ට අමුතු හැගීමක් ගෙනාව..

ජන්ග්කුක් ගෙ කම්මුල් වල පෙගිලා තිබ්බ කදුලු පිහිදාපු ටේහ්‍යුන් ජන්ග්කුක් ව සන්සුන් කරල ඒ ඇස් දිහා බලාගන ටික වෙලාවක් හිටියා.. ජන්ග්කුක් තරු ඇස් ලොකු කරගන ටේහ්‍යුන් දිහා බලන ගමන් නහය උඩට ඇද්දෙ අඩල අඩල නහය බුරුල් වෙලා තිබ්බ නිසා..

"ඔයා තමයි මාව ප්‍රතික්ෂේප කලේ.. දැන් ඔයාම මෙහෙම කරන එකනම් සාධාරන නෑ  ඒන්ජල්...."

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජන්ග්කුක්  ඇස් දෙක බාගෙට ඇරගන ටේහ්‍යුන් දිහාට නැමුනා.. ජන්ග්කුක් ගෙ හුස්ම ටේහ්‍යුන් ගෙ මූනට වදිනකොට ටේහ්‍යුන් ට  අමුතු කිතියක් දැනුනා.. ජන්ග්කුක් ටික ටික ටේහ්‍යුන් ගේ මූනට ලං වෙද්දි ටේහ්‍යුන් එහෙමම ගල් වෙලා ජන්ග්කුක් දිහා බලාගන හිටියා..

"ඔයා මේ කරන්නෙ හොද දෙයක් නෙවෙයි පෙට්..."

ජන්ග්කුක් ගෙ නහය තමන්ගෙ නහයෙ වදිනකොට ටේහ්‍යුන් එහෙම කිව්වත් ජන්ග්කුක් ඊලඟ තප්පරේම ටේහ්‍යුන් ගෙ තොල් උඩ තමන්ගෙ තොල් තියල තදකරා.. ටේහ්‍යුන් ට ජන්ග්කුක් ව ඈත් කරන්නවත්  ජන්ග්කුක් ව ප්‍රතික්ශේප කරනන්වත් පුලුවන් උනේ නෑ.. ජන්ග්කුක් උමතුවෙන් වගේ ටේහ්‍යුන් ගෙ තොල් අතර එහෙට මෙහෙට යද්දි ටේහ්‍යුන් තප්පර ගානක් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා හිටියත් ජන්ග්කුක් ගෙ ස්පර්ශය තවත් ටේහ්‍යුන් ට හැගීම් යටපත් කරන් ඉන්න දුන්නෙ නෑ..

ජන්ග්කුක් ගෙ හීනි ඉන වටේ අත දාගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක් ව තවත් තමන්ට ලං කරගන ඒ තොල් ආපිටට ජන්ග්කුක් ටත් වඩා ආවේගෙන් සිපගන්න ගත්තා.. ජන්ග්කුක් ගෙ දාඩියෙන් නෑවිලා තිබ්බ තොල් උඩ ටේහ්‍යුන් එහෙට මෙහෙට ගියෙ ඒ රහට වසඟ වෙලා වගේ... බිව්වෙ ජන්ග්කුක් උනාට මේ වෙලාවෙ මත් වෙලා හිටියෙ ටේහ්‍යුන් ..

ජන්ග්කුක්ට තමන් කරන දේ ගැන හරි අවබෝදයක් තිබුනෙ නැතත් ටේහ්‍යුන් ගෙ උනුසුම් සපර්ශය ජන්ග්කුක් ව තව තවත් ඒ හැගීමට වහල් කලා.. ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ තොල් තමන් ට පුලුවන් තරම් වේගෙන් සිපගන්න ගත්තෙ ඒ තොල් වෙන කෙනෙක් අයිති කරගනී කියල බයෙන් වගේ..

ජන්ග්කුක් ගෙ කලිසමට යටවෙලා තිබුන කමිසෙ ඉනෙන් උස්සලා ඒ අතරට තමන්ගෙ අත යැව්ව ටේහ්‍යුන් ජන්ග්කුක් ව ස්පර්ශ කරන්න ගත්තේ ඒ උනුහුම් දිගු ඇගිලි වල පහසට ජන්ග්කුක් ට කෙදිරිගෑවෙද්දි..

"අහ්ම්ම්...."

ජන්ග්කුක් කෙදිරිල්ල අතරින්ම ටේහ්‍යුන් ව සිපගද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ තොල් ඈත් කරල ඒ අතරට දිව ඇතුල් කරල ජන්ග්කුක් ගෙන් තමන්ගෙ ඉඩ ඉල්ලුවා.. ජන්ග්කුක් ඒ සිනිදු හීනි තොල් ඈත් කරල ටේහ්‍යුන් ට තමන් ඇතුලට එන්න අවසර දුන්නෙ ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ දිව පිස්සුවෙන් උරන්න ගද්දි..

ටේහ්‍යුන් ගෙ අත් ජන්ග්කුක් ගෙ මුලු ඇගම ස්පර්ශ කරන ගමන් එකපාරටම ජන්ග්කුක් ව උස්සලා තමන්ගෙ උකුලට ගත්තා.. ටේහ්‍යුන් ගෙ හැගීම් හොදටම උත්සන්න වෙලා කියල ජන්ග්කුක් ට දැනුනත් ඒ ගැන තේරුම් ගන්න ජන්ග්කුක් ට සිහියක් තිබ්බෙ නෑ. ජන්ග්කුක් ගෙ මනසෙ මේ වෙද්දි වැඩකලේ ටේහ්‍යුන් ගෙ තොල් වෙන කෙනෙක්ව සිපගන්න පාවිච්චි කලා කියන එක වගේම ඒ තොල් දැන් තමන්ගෙ විතරයි කියන එක..

"ට්..ටේහ්‍යුන්...ම්හ්ම්.."

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙන් තොල් අයින් කරගත්තෙ හුස්ම ගන්න අපහසුවක් දැනෙද්දි.. ඒ තරමට ජන්ග්කුක් ටේහ්‍යුන්ගෙ ගෙ තොල් තමන්ගෙ යටතට අරන් තිබුනා.. ජන්ග්කුක්  ඒත් නවතින පාටක් තිබ්බෙ නෑ.. ටේහ්‍යුන් ගෙ තෙත් උන බෙල්ල දිගේ දිව අරන් ගිය ජන්ග්කුක් පිස්සුවෙන් ටේහ්‍යුන් ගෙ මුලු බෙල්ලම සිපගත්තා..

තවත් ඉවසන් ඉන්න අමාරු උන තැන ටේහ්‍යුන් ජන්ග්කුක් ව තමන්ගෙන් ඈත් කලා.. ජන්ග්කුක් හිටියෙ රතු වෙලා.. ඒ ඇස් මත් වෙලා බාගෙට පියවිලා තිබුනා.. ඒ ඇස් වලින් ඉල්ලන දේ ටේහ්‍යුන් ට නොතේරුනා නොවුනත් ජන්ග්කුක් පියවි සිහියෙන් නැති එක ටේහ්‍යුන් ගෙ හිතට ගෙනාවෙ ප්‍රශ්නයක් ...

"ඒන්ජල්... අපි දැන් යන්"

ආයෙම තමන් ගෙ තොල් වලට පහත් වෙන්න ගිය ජන්ග්කුක් ව නවත්තපු ටේහ්‍යුන් ජන්ග්කුක් ව තමන්ගෙ උකුලෙන් බස්සල ශීට් එක උඩ තියන්න හැදුවත් ජන්ග්කුක් ඊටකලින් ටේහ්‍යුන් ගෙ බෙල්ල වටේ අත් යවල මූන පපුව අස්සෙ ගුලි කරගත්තා..

"පෙට්... මේක වැරදියි.. මට ඕන නෑ මේක මේ විදියට කරන්න"

ටේහ්‍යුන් එහෙම කියල ජන්ග්කුක් ව ඈත් කරන්න හැදුවත් ජන්ග්කුක් තවත් ටේහ්‍යුන් ට ගුලිවෙලා ටේහ්‍යුන් ගෙ කමිසෙ දාලා තිබ්බ එක බොත්තමත් ගලෝලා ඒ පපුවට තෙත හාදු තියන්න ගත්තා..

"ම්..මාව අල්ලන්න.. ඒ කෙල්ලව ඇල්ලුව වගේ ...ම්...මාව කිස් කරන්න... ඇයි...මාව යවන්න හදන්නෙ ....ඔයා මට ආස නැද්ද ටේහ්‍යුන්ගි?"

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ මුලු පපුවම සිපගන්න ගමන් එහෙම කියල ටේහ්‍යුන් ගෙ මූන දිහා බැලුවා... ටේහ්‍යුන් හිටියෙ ඇස් පියාගන.. ජන්ග්කුක් ගෙ තොල් තමන්ගෙ පපුවෙ සංවේදී තැන් වල වදිනකොට ටේහ්‍යුන් ට ඉවසන් ඉන්න බැරිවුනා.. ඔලුව පස්සට නවාගන ඇස් පියාගන හිටපු ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ප්‍රශ්නෙන් ඇස් ඇරල ජන්ග්කුක් දිහා බැලුවා..

ජන්ග්කුක් අහපු දේට උත්තර දෙනව වෙනුවට ටේහ්‍යුන් කලේ ජන්ග්කුක් ව තමන්ගෙ පපුවට උපරිම තරම්ම ලං කරගන ඒ කම්මුල් අත් වලින් තද කරගන ඒ තොල් උඩ තමන්ගෙ තොල් තියල සිපගත්ත එක.. ඒ සිපගැනීම මොනතරම් ගැබුරුද කියනවනම් අලුත් සිපගැනීමකට තොල අහකට ගන්න වාරයක් ගානේ දෙන්නගෙම තෙත් උනු තොල් නූලකින් එකට යාවුනා..

_______________________________
Yeah I believe that things will change
No one is perfect
Even this moment has its own meaning
And we're connected by sound
____________________________

~
~
~
~
~
~
~
~
~
~
~
~
~
🥺💚💜️🔐

Bambi🎈

Continue Reading

You'll Also Like

50.2K 8K 36
ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... __________________________________________________ 💚💜️ 💚💜️ 💚💜️ කළු හදවතක් පාට කර...
51.4K 11.6K 35
මම ප්‍රාර්ථනා කරනවා ඔයා මට ලංවෙන්න කලින් මම දැනගත්තා නම් ඔයා මගේ හිත බිදලා දායි කියලා.. එහෙනම් මම ඔයාට ලං නොවී ඉන්න තිබුනා ජන්කුක්.. ඒත් මේ තරම් දේවල...
98K 14K 51
Tae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද ක...
19.7K 4.5K 22
ඔබ කැරමල් මැකියාටෝ එකක් වගේ ඔබේ සුවඳ තවමත් මගේ තොල් මත මිහිරි ය BABY ! අද රෑ ඔබ කැෆේ ලෙටේ සුවඳට වඩා උණුසුම් විය ඔබට ඒ හැඟීම මතකද? BABY , අද රෑ 💚...