VOLCANO✔️

By Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... More

A/N
1st~
3rd~
4th~
5th~
6th~
7th~
8th~
9th~
10th~
11th~
12th~
13~
14th~
15th~
16th~
17th~
18th~
19th~
20th~
21st~
22nd~
23rd~
24th~
25th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

2nd~

2.1K 454 59
By Oreo_Bambi

ජන්ග්කුක් හිටියේ තමන්ගෙ නිවසෙ උඩුමහලෙ ගරාදි වැටට හේත්තු වෙලා.. වෙනදට වඩා අද ජන්ග්කුක් ගෙ හිතේ ලොකු නොසන්සුන් කමක් තිබුනා.. කලින් දවසෙ මුලු රෑම ජන්ග්කුක් ට සුවපහසු නින්දක් ලැබුනෙ නෑ..

ඒකට හේතුව තව මාස පහකින් තමන්ගෙ විවාහය තීන්දු උන එකද එහෙමත් නැත්තම් ටේහ්‍යුන් ගෙ මූන හතර වතාවකට වඩා ජන්ග්කුක් ට හීනෙන් පෙනුන එකද කියලා ජන්ග්කුක් ට හිතාගන්න බැරිවුනා..

උදේට ජන්ග්කුක් බොන කෝපි කෝප්පෙ අතේ තියාගන ජන්ග්කුක් කල්පනා කලා.. ඇත්තටම උදේට හැමදේම ලස්සනට පෙනුනා.. චිත්‍ර ශිල්පියෙක් විදියට ජන්ග්කුක් ට හැමදේම අනිත් අයට පේනවට වඩා ලස්සනට පෙනුනා.. ජන්ග්කුක් හිටියෙ තමන්ගෙ නිවසෙ පිපිලා තිබුන එක එක පාට මල් දිහා බලාගන.. ඒවා ජොන් මහත්මිය එක්ක තමන් එකතු වෙලා හුගක් මහන්සියෙන් සාත්තු කරල හදපු මල්..

ජන්ග්කුක් ඇත්තෙන්ම මල් වවන්න ආස කලා.. ඒක ගෑණු උදවිය කරන වැඩක් කියල ජන්ග්කුක් ගෙ පියා නිතරම කිව්වත් ජන්ග්කුක් ට ඕන උනේ නෑ ඒක නතර කරන්න..

ජන්ග්කුක් ඒ මල් දිහා බලාගන කල්පනා කලා.. ඇත්තටම රෙබෙකාව විවාහ කරගන්න එකෙන්  තමන්ට සතුටක් තියෙයිද..

ජන්ග්කුක් පලවෙනි වතාවට ඒ ගැන කල්පනා කලා..

රෙබෙකා ඇත්තටම හොද කෙනෙක්...

ජන්ග්කුක් හිතුවෙ එහෙම,

ඒත් ආදරේ කියන දේ ගත්තම ජන්ග්කුක් දැනගන හිටියෙ නෑ තමන් රෙබෙකා ට ඇත්තටම ආදරේ ද කියල.. ඇත්තටම ආදරේ කියන්නෙ මොකද්ද කියල ජන්ග්කුක් ට හරි අදහසක් තිබ්බෙ නෑ...

ජන්ග්කුක් කල්පනා කලා ආදරේ කියන්නෙ මොනවගේ දෙයක්ද කියල..

ඒ එක්කම ජන්ග්කුක් ට මතක් වුනේ ටේහ්‍යුන් ගෙ ඇස්..

මේක පිස්සුවක්...

ජන්ග්කුක් තමන්ටම දොස් කියාගත්තා.. තවත් පිරිමියෙක් ගැන මේ විදියට හිතන එක උමතුවක්.. විශේෂයෙන් ම  අනාගතයේ තමන්ගේ භාර්‍යාව වෙන්න ඉන්න කෙනාගෙ සහෝදරයා ගැන..!

ජන්ග්කුක් තමන්ගෙ කෝපි කෝප්පෙ රසවිදල ඉවර වෙලා පුරුදු විදියට පින්සල අතට ගත්තත් පහලින් ඇහුන කටහඩ ජන්ග්කුක් අතට ගත්ත පින්සල ආයෙම පැත්තකින් තියන්න සැලැස්සුවා...

ටික වෙලාවක් කන් දීගන ඉද්දි ඇහුන ගැබුරු කටහඩ තමන් හිතන කෙනාගෙමද කියල මතක් කරද්දි ජන්ග්කුක් ගෙ පපුව ගැහෙන වේගේ ටිකක් වැඩිකලා..

එහෙමම කාමරෙන් නැගිටල පහල තට්ටුවට යන පඩිපෙල බහින්න ගිය ජන්ග්කුක් පලවෙනි පඩි දෙක බහිනකොට ඔලුව උස්සලා ඉස්සරහ බැලුවෙ යටි හිතෙන් තමන් හිතන කෙනා තමන්ගෙ ඇස් ඉදිරියේ ඉදීවි කියන සිතුවිල්ලත් එක්ක..

කිම් ටේහ්‍යුන්....

ජන්ග්කුක් හිතුවා වගේම තමන්ගෙ ඉස්සරහ හිටියේ ඊයෙ දවසමත් අද උදේ අවදි වුන වෙලේ ඉදනුත් තමන්ගෙ මනසෙ හොල්මන් කරපු කිම් ටේහ්‍යුන්..

ටේහ්‍යුන් ඊයෙටත් වඩා අද කඩවසම් කියල ජන්ග්කුක් ට හිතුනා.. ඊයෙ ඇදගන හිටපු උඩ කබාය අද ටේහ්‍යුන් ඇදගන ඇවිත් තිබ්බෙ නෑ.. ඒ වෙනුවට ටේහ්‍යුන් අද තද දුබුරු පාට ඇගටම හිරවුන කමිසයක් වගේම ලා දුබුරු පාට කලිසමක් ඇදගන ඇවිත් තිබුනා..

ටේහ්‍යුන් ගෙ බෙල්ලෙ ගැටගහල තිබ්බ ස්කාෆ් එකෙන් ටේහ්‍යුන් ගෙ පෙනුම කලින් දවසට වඩා දහ ගුනේකින් කඩවසම් වගේම සෙල්ලක්කාර කරල තිබුනා..

"ඔව් ආන්ටි... ඒක මගේ යාලුවෙක් කරන වැඩක්.. මං හිතුවා ජන්ග්කුක් ට ඒක වැදගත් වෙයි කියල.."

ටේහ්‍යුන් ජොන් මහත්මිය එක්ක කතා කරන ගමන් හිටියේ.. ජන්ග්කුක් හිමීට පඩිපෙල බහිනකොට ජොන් මහත්මිය එක්ක කතා කර කර හිටපු ටේහ්‍යුන් ඔලුව හරවලා ජන්ග්කුක් දිහා බැලුවා..

ජන්ග්කුක් ඒ වෙද්දිත් හිටියේ ටේහ්‍යුන් ගෙන් ඇස් අහකට ගන්න බැරුව.. ටේහ්‍යුන් ගෙ අවුල් උන දඟකාර කැරලි කොන්ඩේ එක්ක අමුතු මී පැනි පාට හම එයාට ඕනාවටත් වඩා ගැලපුනා..

ටේහ්‍යුන් සාක්කු දෙකට අත් දෙක දාගන ජන්ග්කුක් දිහා බලාගන හිටියා.. ඇදගන හිටපු කමිසෙට ටේහ්‍යුන් ගෙ පලල් උරහිස හොදටම කැපිල පෙනුනා.. කමිස අත වැලමිට ලඟට යනකල් උස්සලා තිබ්බ නිසා ඒ අතේ ඉලිප්පුන නහර ඕනාවටත් වඩා කැපිලා පෙනුනා..

ඒ මූනේ තිබ්බෙ කඩවසම් වගේම සුහද හිනාවක්.. ඒක ඇස් වලින් කරපු හිනාවක්.. ජන්ග්කුක් පුදුමෙන් වගේම හිතාගන්න බැරි මූනකින් පඩිපෙල බැහැලා සාලෙට ආවේ මෙච්චර උදෙන් ටේහ්‍යුන් මෙහෙ ආව කාරනාව මොකක් වෙන්නැද්ද කියල කල්පනා කරන ගමන්...

"සුභ උදෑසකන් ජන්ග්කුක්.."

ටේහ්‍යුන් හිනාවෙලා එහෙම කියද්දි ඒ ගැබුරු කටහඩට ජන්ග්කුක් ආයෙම සීතල වුනා..

"සුභ උදෑසනක් ටේහ්‍යුන් ..."

ජන්ග්කුක් අතේ තිබ්බ කෝපි කෝප්පෙ තමන්ගෙ මවට දෙනකොට ජොන් මහත්මිය හිනාවෙලා කුස්සියට ගියේ ටේහ්‍යුන් වයි ජන්ග්කුක් වයි සාලෙ තනිකරල..

විනාඩි ගානක් ගෙවිලා ගියත් කවුරුත් කතා කරන පාටක් තිබ්බෙ නෑ.. ජන්ග්කුක් ට කතා කරන්න උවමනා උනත් ඒක පටන් ගන්න විදියක් ගැන හරි අදහසක් තිබ්බෙ නෑ.. ඒ වගේම තමන් දිහාට යොමුවෙලා තියන එකසමාන නැති තියුනු හීනි ඇස් නිසා ජන්ග්කුක් හිටියෙ ලොකු අපහසුතාවයක..

"ඉතින් ජන්ග්කුක්..."

අන්තිමේ ටේහ්‍යුන් කතා කලා.. සෝෆා එකේ වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගත්ත ටේහ්‍යුන් අත් දෙක සෝෆා එකේ දෙපැත්තට දාගන හරිම ගාම්භීර විදියට ඉදගත්තේ ජන්ග්කුක් ට ඒ දිහා නොබල ඉන්න බැරිවෙද්දි..

"ඔයා ඔයාගෙ හම ලස්සන කරන්න මොකක් හරි ආලේපනයක් පාවිච්චි කරනවද?"

ටේහ්‍යුන් එකපාරටම ඇහුව ප්‍රශ්නෙන් ජන්ග්කුක් රතු වුනා.. ජන්ග්කුක් ටක්ගාලා තමන්ගෙ අත් දිහා බලලා ආයෙම ටේහ්‍යුන් දිහා බැලුවෙ ටේහ්‍යුන් ඒවගේ දෙයක් ඇහුවෙ ඇයි කියල හිතාගන්න බැරුව..

"නෑ ඇත්තටම ඔයාගෙ හම හරිම ලස්සනයි.. ඒක උදේට දිලිසෙනව වගේම ඒකෙ කිසිම පලුද්දක් නෑ.. ඇත්තටම මං හිතන්නෙ ඔයා  ගාන්නෙ හොදම වර්ගේ දෙයක් .."

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජන්ග්කුක් ට සතුටක් දැනුනා.. ඇයි කියල නොතේරුන සතුටක්..

"න්..නෑ.. මම කිසිම දෙයක් පාවිච්චි කරන්නෑ.."

රතුවෙලා ඉන්න ජන්ග්කුක් එහෙම කියන ගමන් ටේහ්‍යුන් ගෙ ඉස්සරහ තිබුන සෝෆා එකෙන් වාඩිවුනා..

"ඕහ්.. ඔයා කියන්නෙ ඒක මට පිලිගන්න කියලද ජන්ග්කුක්?"

ටේහ්‍යුන් එහෙම කියන ගමන් සෝෆා එක දෙපැත්තෙ තිබ්බ අත් දෙක කකුල් දෙක උඩින් තියල ඉස්සරහට නැමුනා..

"ඔයාට ඒක පිලිගන්න වෙනව.. මොකද ඒක තමයි ඇත්ත..අනික පිරිමි කවද්ද ආලේපන පාවිච්චි කලේ.."

ජන්ග්කුක් එහෙම කිව්වෙ ටේහ්‍යුන් තමන් බොරු කියනව කියල හිතට ආව කේන්තියට..ජන්ග්කුක් ගෙ කටේ සද්දෙ වැඩිවුන නිසා ටේහ්‍යුන් ට හිනා ගියා..

"ඔහ් හෝ.. කේන්ති ගන්නෙපා මිත්‍රයා.. ඒක ඇත්තනම් ඔයා ආඩම්බර වෙන්න ඕන මොකද ඔයාට තියනව මගේ සහෝදරී රෙබෙකා ටත් වඩා පැහැදිලි හමක්.. අනිත් දේ තමයි පිරිමි ආලේපන පාවිච්චි කරන එක මහ අරුමයක් නෙවෙයි.. අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න.. එහෙම නේද?"

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජන්ග්කුක් ඒක ගැන ටිකක් කල්පනා කලා..

ඇත්තටම ඔව්..

ජන්ග්කුක් උනත් ආසයි ලස්සනට ඉන්න..

"ඒ කියන්නෙ ඔයා ආලේපන පාවිච්චි කරනවා?"

ජන්ග්කුක් එයාගෙ බෝල ඇස් ටේහ්‍යුන් දිහාට එක එල්ලෙම යොමු කරගන එහෙම අහනකොට ටේහ්‍යුන් ට ආයෙම හිනාගියා..

"හුරතල්..."

ටේහ්‍යුන් තමන්ටම හිමීට මුමුණගත්තා..

"ඇත්තටම... මම ආලේපන පාවිච්චි කරන්නෑ"

"ඒ කියන්නෙ.. ඔයා ආස නැද්ද ලස්සනට ඉන්න?"

ජන්ග්කුක් එහෙම ඇහුවෙ සමච්චලේට උනත් ටේහ්‍යුන් ගෙ මූනෙ තිබ්බෙ තමන්ගෙ හුරතලා කරන හුරතල් වැඩ දිහා බලන් ඉන්න හාම්පුතෙක්ගෙ බැල්මක්..

"මම කොහොමත් කඩවසම් ජන්ග්කුක්.. ඒක නිසා මට බාහිර ආලේපන කිසි දෙයක් අවශ්‍ය වෙන්නෑ!"

ටේහ්‍යුන් ඒක කිව්වෙ තමන් ගැනම ආඩම්බරෙන්... ටේහ්‍යුන් එහෙම කියල ජන්ග්කුක් දිහාම බලන් හිටියෙ ජන්ග්කුක් ගෙ ප්‍රතිචාරය මොන වගේද බලන්න..

"ලොකු ආත්ම විශ්වාසයක්.."

ජන්ග්කුක් එහෙම කියල කට කොනකින් හිනාවුනා.. ඒත් ජන්ග්කුක් ගෙ හිත අවිවාදයෙන් ම ටේහ්‍යුන් කිව්ව දේ පිලිගත්තා..

ඇත්තටම ටේහ්‍යුන් කඩවසම්..

"ඇත්තටම මම ආවේ මගේ යාලුවෙක් පවත්වන චිත්‍ර ප්‍රදර්ශනේකට ඔයාව එක්කගෙන යන්න.."

ටේහ්‍යුන් කිව්වාම ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා තේරුම් ගන්න බැරි බැල්මකින් බලාගන හිටියා..

"ඒක ඔයාට වැදගත් වෙයි.. සමහර විට ලබන අවුරුද්දෙ elysian චිත්‍ර ප්‍රදර්ශනේට ඔයාගෙ චිත්‍රෙකුත් තියන්න පුලුවන් වෙයි.."

ටේහ්‍යුන් ගෙ වචනත් එක්ක ජන්ග්කුක් ගෙ ඇස් තවත් ලොකු උනා.. ඉදගන හිටපු තැනින් නැගිටපු ජන්ග්කුක් එහෙම්ම අඩි දෙකක් පස්සට ගියා..

"E..elysian?? ඔයා කියන්නෙ කොරියාවෙ ලොකුම චිත්‍ර ප්‍රදර්ශනය ගැනද??"

ජන්ග්කුක් ගෙ තරු ඇස් දිලිසුනා... ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බලාගන හිටියේ ඒ වචන විශ්වාස කරන්න බැරුව වගේ.. ජන්ග්කුක් ගෙ මූන දැක්කාම ටේහ්‍යුන් ගෙ මූනට ආයෙම හිනාවක් ආවා..

"ඔව් ජන්ග්කුක්.. ඔයා හරි"

"එ..එතකොට ඔයාගෙ යාලුවා?? එයා පාර්ක්..."

"ජිමින්.. මගේ යාලුවා පාර්ක් ජිමින්"

ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා ටික වෙලාවක් බලාගන හිටියා..

ඇත්තටම මේ මනුස්සයා කවුද...

මේ වෙලාවෙ ජන්ග්කුක් ගෙ ඔලුවෙ වැඩ කලේ ඒක..

තමන් මේතරම් කාලයක් යන්න හීන දැකපු.. තමන්ගෙ නිර්මාණයක් ඉදිරිපත් කරන්න හීන දැකපු තැනට ටේහ්‍යුන් අද ජන්ග්කුක් ව එක්කන් යන්න හදනව. ජන්ග්කුක් ට හිතාගන්න බැරිවුනා.. ජන්ග්කුක් ට එක මොහොතකට හිතුනා ටේහ්‍යුන් ව තද කරල බදාගන්න.. ඒ හැගීම එහෙමම යටපත් කරගන හිටියත් හිතේ තිබ්බ සතුටට ජන්ග්කුක් රතුවුන කම්මුල් ටේහ්‍යුන් ගෙන් හංගගන්න ජන්ග්කුක් ට බැරිවුනා..

"ඔයා දිගටම මං දිහා බලන් ඉන්න ගියොත් නම් හීන හැබෑ කරගන්න බැරිවෙයි මිත්‍රයා.."

ටේහ්‍යුන් ගෙ ගැබුරු කටහඩින් එහෙම කියද්දි සීතල වුන ජන්ග්කුක් පියවි සිහියට ආවා.

"ම්..මං ඉක්මනින් ලෑස්ති වෙලා එන්නම්..."

ජන්ග්කුක් එහෙම කියල පඩි තුන හතර පැන පැන උඩ තට්ටුවට දිව්වා..

"කියාගන්න බැරි තරම් හුරතල්.."

ටේහ්‍යුන් නිකට පිරිමදින ගමන් තමන්ට එහෙම කියාගත්තා..
_______________________________

"ඔහ් හෝ... මෙන්න මහාචාර්ය කිම් ටේහ්‍යුන් ට එයාගෙ දුප්පත් යාලුවව මතක් වෙලා!!"

ජිමින් ඔලුවට දාගන හිටපු රවුම් හැඩැති තොප්පියත් ඇදගන හිටපු ඇදුමෙනුත් එයා නියම කලාකාරයෙක් කියල ජන්ග්කුක් ට ආයෙ ආයෙම හිතුනා.. ජිමින් ගෙ චිත්‍ර වගේම elysian චිත්‍ර ප්‍රදර්ශනේ කියන්නෙ ජන්ග්කුක් අදහන දේවල් දෙකක්..

ජිමින් ටේහ්‍යුන් ව හුගක් තදින් බදාගත්තාම ටේහ්‍යුන් පෙරලා හරිම උනුසුම් විදියට ජිමින් ව බදාගත්තා.. ජන්ග්කුක් ගෙ හිත ඇතුලෙන් අමුතු නොසන්සුන් කමක් එද්දි ජන්ග්කුක් කලේ පිටිපස්සට ගිහින් අහක බලාගත්ත එක..

"මගේ දුප්පත් යාලුවට මම තව සාමාන්‍ය චිත්‍ර ශිල්පියෙක් ව එක්කගෙන ආවා.."

ටේහ්‍යුන් එහෙම කියල ජිමින් ගෙන් ඈත් වෙලා ජන්ග්කුක් දිහාට හැරෙද්දි ජන්ග්කුක් රතු වුන මූනෙන් ජිමින් දිහා බලන් හිටියා.. නිතරම පුවත්පත් වලින් දැකපු අහපු තමන් කැමතිම පුද්ගලයෙක් මෙහෙම තමන්ගෙ ඉස්සරහ ඉන්න එක ජන්ග්කුක් ව ටිකක් අපහසුතාවයකට පත් කලා..

"කවුද මේ අලුත් යාලුවා?? ලන්ඩන් වල කෙනෙක්ද?"

ජිමින් ටේහ්‍යුන් ගෙන් එහෙම අහන ගමන් ජන්ග්කුක් ලඟට ගියා.. ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බැලුවෙ මේ වෙලාවෙ තමන් උත්තර දෙන්න ඕනද වගේ බැල්මකින්..

"මේ රෙබෙකා ගෙ පෙම්වතා.. මගේ ඇවැස්ස මස්සිනා"

ටේහ්‍යුන් එහෙම කියද්දි ජන්ග්කුක් ට දැනුනෙ පපුව ඇතුලෙන් සියුම් වේදනාවක් එනව වගේ.. ජන්ග්කුක් ට දැනුනා ටේහ්‍යුන් තමන්ව රෙබෙකාගෙ පෙම්වතා හැටියට අදුන්වලා දෙන එකට තමන් පොඩ්ඩක්වත් කැමති නෑ කියල..

"ශා.. මට පේන්නෙ රෙබෙකා ගෙ පෙම්වතා රෙබෙකාටත් වඩා පෙනුමයි නේ"

ජිමින් එහෙම කිව්වාම ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බැලුවා.. ජන්ග්කුක් හිටියෙ රතු වෙලා.. තමන්ව කාන්තාවක් එක්ක සන්සන්දනය කල නිසා ජන්ග්කුක් ටිකක් නොසන්සුන් උනා..

ටේහ්‍යුන් දිගටම ජන්ග්කුක් දිහා බලන් හිටියා.. හිටි ගමන් රතුවෙන කම්මුල්.. කලබල උනාම ලොකු වෙන බෝල ඇස්, වෙව්ලන ලා රෝස පාට තොල් වගේම එකිනෙක පැටලෙන ක්‍රීම් පාටට හුරු සිනිදු ඇඟිලි ටේහ්‍යුන් ව වෙනම ලෝකෙකට අරන් ගියා..

'ලස්සනයි....'

ටේහ්‍යුන් එහෙම හිතුවා.. ජන්ග්කුක් දිහා බලන් ඉද්දි ටේහ්‍යුන් ගෙ මූනට පුරුදි විදියට ලස්සන හිනාවක් ආවා..

"මම පාර්ක් ජිමින්.. හමුවීම සතුටක්.."

ජිමින් එහෙම කියල සුහද හිනාවකින් ජන්ග්කුක් ට සංග්‍රහ කරන ගමන් අත දික් කලාම ජන්ග්කුක් ඔලුව උස්සලා ජිමින් දිහා බලල ලස්සනට හිනාවෙලා අත දික් කලා..

"මම ජන්ග්කුක්...ජොන් ජන්ග්කුක්"
.
.
.
.
.
.
.
.
.

ජන්ග්කුක් ඇත්තෙන්ම හුගක් සතුටු වුනා.. තමන් ගෙ චිත්‍රයක් මේ අවුරුද්දෙම ප්‍රදර්ශනේට තියන්න පුලුවන් උන එක ගැන ජන්ග්කුක් හදවතින්ම සතුටු උනා වගේම ටේහ්‍යුන් ට හදවතින්ම ස්තූති කලා..

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ චිත්‍ර ගැන කරපු අගය කිරීම අහල ජිමින් චිත්‍ර නොබලම ප්‍රදර්ශන කුටියක් ජන්ග්කුක් වෙනුවෙන් දෙන්න පොරොන්දු වුනා..

ටේහ්‍යුන් හිටියේ ජිම්න් ගෙ කලාගාරේ තිබ්බ චිත්‍ර බලන ගමන්..ජන්ග්කුක් ටේහ්‍යුන් පිටිපස්සෙන් ඇවිදගන යන ගමන් හරිම උනන්දුවෙන් ඒ චිත්‍ර දිහා බැලුවා..

"ඔහොම්ම අර කාමරේටත් යන්න.. යාලුකමේ නාමෙන් මං තාම එලි නොදක්වපු චිත්‍ර ටිකත් බලන්න දෙන්නම්.."

ජිමින් එහෙම කිව්වාම ටේහ්‍යුන් සාක්කු දෙකට අත් දෙක දාගන හිනාවෙන ගමන් ජන්ග්කුක් දිහා බැලුවා.. ජන්ග්කුක් ගෙ ඇස් දිලිසුනා.. මොකද  මේ  අවස්තාව ජන්ග්කුක් ට කියාගන්න බැරි තරම් වටින අවස්තාවක් උනා..

"මට වැඩක් තියනව ටේ.. මං ගිහින් එන්නම්.. අපිට පුලුවන් අද රෑ බාර් එකේ ගත කරන්න... "

ජිමින් ටේහ්‍යුන් ට එහෙම කියල ජන්ග්කුක් ගෙ පිටටත් තට්ටුවක් දාගන එතනින් පිටවෙලා යද්දි ජන්ග්කුක් ඒ දිහා බලන් ඉදලා අනිත් පැත්ත හැරුනා..

ඒ වෙද්දි ටේහ්‍යුන් ගෙ ඇස් තිබ්බෙ ජන්ග්කුක් ළඟ.. ඒ හීනි ඇස් දැක්කාම ජන්ග්කුක් ගැස්සුනා..

ජන්ග්කුක් ඇදගන හිටපු දම් නිල් කොටු වැටුන කමිසෙ එක්ක කලු පාට කලිසම ට ජන්ග්කුක් ව තවත් ලස්සනට පෙනුනා කියලයි ටේහ්‍යුන් ට හිතුනේ.. ජන්ග්කුක් ගෙ සිනිදු කලු කොන්ඩෙ නලල පුරාම විසිරිලා තිබ්බ විදිය ජන්ග්කු ව ටේහ්‍යුන් ගෙ ඇස් වලට තවත් හුරතල් විදියට පෙනුනා.

ටේහ්‍යුන් දිගටම තමන් දිහා බලන් ඉන්නව දැක්ක ජන්ග්කුක් ඇස් බෝල කරගන ටේහ්‍යුන් දිහා බැලුවෙ ඇයි කියල අහන්න වගේ.. ජන්ග්කුක් බෝල ඇස් දකින ගානෙ ටේහ්‍යුන් ගේ මූනට හරිම නිවුනු හිනාවක් එන එක නතර කරගන්න එයාටවත් බැරිවුනා..

"යං ජන්ග්කුක්... තාම එලියට නොදාපු චිත්‍ර ටික බලල ඉමු.."

ටේහ්‍යුන් එහෙම කියල ඉස්සර උනාම ජන්ග්කුක් මොකුත් නොකියා ටේහ්‍යුන් ගෙ පස්සෙන් වැටුනා..

ඒක ටිකක් ලොකු ඒ වගේම ටිකක් අදුරු කාමරයක්.. හැමතැනම තිබ්බෙ චිත්‍ර,පින්සල්, තීන්ත කුප්පි වගේ දේවල්.. ජන්ග්කුක් වටපිට බලන ගමන් ටේහ්‍යුන් වත් පහු කරගන ඉස්සරහට ගියා..

ජන්ග්කුක් හැමතැනම තියල තිබ්බ චිත්‍ර දිහා හරිම උනන්දුවෙන් බැලුවා.. එහෙම බලද්දි එක චිත්‍රයක් ලඟ ජන්ග්කුක් ගෙ ඇස් නතර උනේ ඉබේටමයි..

ජන්ග්කුක් ටික වෙලාවක් ඒ චිත්‍රෙ දිහා බලාගන හිටියා.. ඒ චිත්‍රෙ තිබුනෙ රෝස මලක් හරිම ආයාසයකින් තදින් අල්ලගෙන ඉන්න අතක්. බැලූ බැල්මට ඒ අත පිරිමි කෙනෙක් ගෙ කියල පෙනුනා.. ඒ රෝස මල ඒ පිරිමි කෙනා කොයිතරම් තදින් අල්ලගන ඉන්නවද කියල කියනවනම් රෝස කටු වලට ඒ අත හිල් වෙලා ලේ ගලන ගමන් තිබුනේ..

සරල චිත්‍රයක් උනත් ඒ චිත්‍රෙ තිබ්බ ගැබුරු තේරුම ජන්ග්කුක් ට තේරුම් ගන්න අපහසු උනේ නෑ.. මොකද්දෝ හේතුවකට ජන්ග්කුක් ට ඒ චිත්‍රෙත් එක්ක එකපාරටම ඔලුවට ආවෙ ටේහ්‍යුන් ව.. ජන්ග්කුක් එහෙම්ම පිටිපස්ස හැරුනෙ ටේහ්‍යුන් කොහෙද කියල බලන්න උනත් තමන්ගෙ පිටිපස්සෙ ඉදන් තමන්ගෙ උරහිසට උඩින් ඒ චිත්‍රෙ දිහාම බලන් ඉන්න ටේහ්‍යුන් ව දැක්කාම ජන්ග්කුක් ගැස්සුනා..

"ගැඹුරු තේරුමක් තියන චිත්‍රයක්.. විග්‍රහයක් කරන්න පුලුවන් තරමටම.."

ටේහ්‍යුන් චිත්‍රෙ දිහා බලාගනම එහෙම කියද්දි ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් දිහා බලාගන.. බෙල්ල ටිකක් උඩට ඉස්සිලා තියන නිසා ටේහ්‍යුන් ගෙ උගුර උඩ පහල යන විදිය හුගක් ලොකුවට කැපිල පෙනුනා..

ටේහ්‍යුන් ගෙ බෙල්ලෙ ගැටහගල තියන ස්කාෆ් එක ගලවලා දාන්න ජන්ග්කුක් ට ඕන උනා..මොකද ඒ ස්කාෆ් එකෙන් ටේහ්‍යුන් බෙල්ලෙන් බාගයක්ම ආවරනය වෙලයි තිබ්බේ.. ජන්ග්කුක් දිගටම ටේහ්‍යුන් දිහා බලාගන හිටියා..  දෙන්නටම තිබ්බෙ එකම උස උනත් ටේහ්‍යුන් ගෙ ඉස්සරහදි ජන්ග්කුක් ටදැනුනෙ තමන් හරිම පොඩි කෙනෙක් වගේ..

ටේහ්‍යුන් එකපාරම චිත්‍රෙන් ඇස් අහකට අරගන ජන්ග්කුක් දිහා බැලුවා.. ඒ වෙද්දිත් ජන්ග්කුක් ගෙ බෝල ඇස් ටේහ්‍යුන් ලඟ නතර වෙලා තියනව දැක්කාම ටේහ්‍යුන් ටිකක් ගැස්සුනා.. ඒත් ඊලඟ තප්පරේම ටේහ්‍යුන් ජන්ග්කුක් එක්ක කට කොනකින් හිනාවෙද්දි ජන්ග්කුක් සීතල උනා..

රතු උන කම්මුල් එක්ක ජන්ග්කුක් අනිත් පැත්ත හැරෙන්න ගියත් ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ උරහිස් වලින් අල්ලලා ආයෙම තමන් ගෙ පැත්ත හරවගත්තා.. තමන් එහෙම කලේ ඇයි කියල ටේහ්‍යුන් ටවත් හරි අදහසක් තිබ්බෙ නෑ..

ටේහ්‍යුන් ඇස් වලින් ජන්ග්කුක් එක්ක හිනාවුනා.. ජන්ග්කුක් බෝල ඇස් තවත් ලොකු කරගන ටේහ්‍යුන් දිහා බලාගන හිටියේ ටේහ්‍යුන් තමන් එක්ක මෙහෙම හිනාවෙද්දි තමන්ව ඇග ඇතුලෙන් සීතල වෙන්නෙ ඇයි කියල හිතන ගමන්..

ඒ දෙන්නා හිටියෙ එකිනෙකාට හුගක් ළඟින්.. මොන හේතුවකටද මන්දා දෙන්නගෙම හදවත් වේගෙන් ගැහෙන්න අරන් තිබ්බා..

"ඔයා ලස්සනයි ජන්ග්කුක්.."

ටේහ්‍යුන් ඒක කිව්වා නෙවෙයි.. ඒක ටේහ්‍යුන් ගෙ කටෙන් ඉබේටම පිටවුනා... ඒ ගැබුරු කටහඩ තමන්ට මේතරම් ළඟින් ඇහෙද්දි ජන්ග්කුක් සීතල උනා.. තප්පර ගානක් ඇතුලට ඒ සීතල කම්මුල් දෙක රතු උන විදිය දැකල ටේහ්‍යුන්ගෙ මූනට ආයෙම ලස්සන හිනාවක් ආවා..

"ඔයත් මේ රෝස මල වගේ.. කොයිතරම් රිදුනත් මට තදින්ම අල්ලගන ඉන්න හිතෙන.."

ටේහ්‍යුන් කිව්වෙ තමන්ට පිටිපස්සෙ තියන චිත්‍රෙ ගැන කියල ජන්ග්කුක් ට තේරුනා.. තමන් පිරිමියෙක්.. තවත් පිරිමියෙක් තමන්ව රෝස මලකට සමාන කලාට මේ වෙද්දි ජන්ග්කුක් ට කේන්තියක් එන්න ඕන උනත් ජන්ග්කුක් ට කේන්ති හිතුනෙ නෑ.. ඒ වෙනුවට ජන්ග්කුක් තවත් රතු උනා.. ලැජ්ජාවෙන් රතුවුනා..

ටේහ්‍යුන් කිව්ව දේට මොනවගේ ප්‍රතිචාරයක් දෙන්න ඕනද කියල ජන්ග්කුක් ට හිතාගන්න බැරිවුනා.. මේ දැනෙන හැගීම මොකද්ද කියල ජන්ග්කුක්ට තේරුමක් තිබ්බෙ නෑ.. ඒත් ඒ හැගීම මීට කලින් කවදාවත් තමන්ට දැනිලා නැති බව ජන්ග්කුක් දැනගන හිටියා..

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඇස් දිහාම බලාගන හිටියා.. ඒ ඇස් ලස්සනයි.. ඇත්තටම ටේහ්‍යුන් හුගක් කඩවසම්.. ජන්ග්කුක් ට විස්තර කරන්න බැරි තරම් කඩවසම්..

ජන්ග්කුක් වශී වෙලා වගේ ඒ මූන දිහා බලන් හිටියා.. නලලට වැටුන කැරලි කොන්ඩෙ වගේම ටේහ්‍යුන් ගෙ නහය උඩ තියන උපන් ලපය ජන්ග්කුක් ව නොසන්සුන් කලා..

ජන්ග්කුක් ට එක මොහොතකට හිතුනා තමන් පිරිමියෙක් නොවී ගැහැනියක් උනානම් කියල.. මොකද ජන්ග්කුක් ට මේ වෙලාවෙ ටේහ්‍යුන් ගෙ පපුවට තුරුල් වෙන්න ඕන උනා.. හුගක් තදින් උනුසුම්ව.. ඒත් ඒක පිස්සුවක්...එ හැගීම පාපයක් කියල ජන්ග්කුක් විශ්වාස කලා..

පිරිමි දෙන්නෙක් කිසිම වෙලාවක සරාගී උනුසුම් වැලදගැනිමක් කරන්න ඕන නෑ ..

ජන්ග්කුක් තමන්ගෙ හැගීම් එක්කම තර්ක කරගත්තා..

ජන්ග්කුක් කල්පනා ලෝකෙක ගිලිලා හිටියෙ.. ඒත් ඒ වෙද්දි ටේහ්‍යුන් ගෙ ඇස් තිබ්බෙ ජන්ග්කුක් ගේ ලා රෝස පාට තොල් වල..

ටේහ්‍යුන් ගෙ පපුවත් වේගෙන් ගැහෙන ගමන් තිබුනේ..ජන්ග්කුක් ගෙ තොල යට තියන උපන් ලපේ ටේහ්‍යුන් ගෙ හොද සිහිය වගේම ජන්ග්කුක් පිරිමියෙක් කියන එකත් අමතක කලා..ටේහ්‍යුන් ට ජන්ග්කුක් ගෙ රෝස පාට තොල් වලින් ඇස් අහකට ගන්න හිතුනෙ නෑ.. ඒවා ඒ තරම් ලස්සනට දිලිසුනා...ටේහ්‍යුන් ට හිතුනෙම තමන් මීට කලින් මේ තරම් ආකර්ශනීය තොල් දෙකක් දැකල නෑ කියල..

තව තප්පර කීපයක් ඒ විදියටම ගත වුනා..

"ට්..ටේහ්‍යු.."

ජන්ග්කුක්ට ටේහ්‍යුන් ගෙ නම කියල ඉවරයක් කරගන්න ඉඩ ලැබුනෙ නෑ... හිතන්නවත් බැරි තරම් ඉක්මනින් ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ යටි තොලත් උපන් ලපෙත් මැදි කරල ක්ශනික නමුත් උනුසුම් හාදුවක් දුන්නා..

ජන්ග්කුක් ව සීතල වුනා.. ජන්ග්කුක් ට දැනුනෙ ඒ තප්පර ගානට මුලු ලෝකෙම නතර උනා වගේ.. කිසිම විදියකින් බලාපොරොත්තු නොවුන දෙයක් කිසිම විදියකින් බලාපොරොත්තු නොවුන වෙලාවක ලැබුන නිසා ජන්ග්කුක් ට දැනුනෙ තමන්ගෙ හුස්ම නවතින්න එනව වගේ..

ඒ තප්පර කීපයක සිපගැනීම ඇතුලෙ ජන්ග්කුක් අසිහියෙන් සිහියට  ආවා.. එකපාරටම ටේහ්‍යුන් ගෙ පපුවට අත් දෙක තියල පිටිපස්සට තල්ලු කරපු ජන්ග්කුක් ටේහ්‍යුන් ට හිතන්නවත් වෙලා නොදී ආපස්සට හැරිලා එතනින් එලියට දිව්වා..

ජන්ග්කුක් ව නවත්තගන්න ටේහ්‍යුන් ට වෙලාවක් තිබුනෙ නෑ.. තමන් ගෙන් ඈතට දුවන ජන්ග්කුක් දිහා බලාගන ටේහ්‍යුන් තමන් කරපු දේ බරපතලකම තේරෙද්දි තමන්ගෙ කොන්ඩෙ පිටිපස්සට කරන ගමන් තොලක් හපාගත්තා..

ඒ වෙද්දි ජන්ග්කුක් හිටියෙ කලාගාරෙන් එලියට ඇවිදගන යන ගමන් .. හුගක් වේගෙන් වගේම වටපිටාව ගැන අවදානයක් නොදී.. ජන්ග්කුක් ගෙ පපුව ගැලවිලා වැටෙයි කියල ජන්ග්කුක් ට බය හිතුනා.. මොකද ඒක ඒ තරම්ම වේගෙන් ගැහෙන්න ගත්තා..

පපුවට අතකුත් තියාගන ඉබාගාතෙ යන ජන්ග්කුක් ට තමන් ඉන්නෙ පාරෙ කියන එක ගැන අවදානයක් තිබ්බෙ නෑ.. එකපාරටම මහ හයියෙන් ඇහුන නලා සද්දයක් එක්ක ගැස්සිලා ඉස්සරහ බැලුව ජන්ග්කුක් දැක්කෙ තමන් ට ටික ටික ලංවෙන කලුපාට මෝටර් රථයක්..

කරන්න දෙයක් හිතාගන්න බැරිවෙද්දි ජන්ග්කුක් එතනම නතර වෙලා ඇස් පියාගත්තා.. තප්පර ගානකින් තමන් කොහෙටහරි ඇදිල ගිහින් ශක්තිමත් අත් දෙකක් අතර හිරවුනා කියල දැනුන ජන්ග්කුක් ආයෙ ඇස් ඇරල බැලුවා..

"පරිස්සමින් ජන්ග්කුක්.. පාරට බැස්සම අපි අවදානෙන් ඉන්න ඕන"

ඒ ගැබුරු කටහඩේ තිබ්බෙ වදවෙන ස්වරයක්..ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ගෙ පපුවට තුරුල් වෙලා.. ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බයෙන් ලොකු උන ඇස් වලින් බලද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා ඒ දුබුරු පාට හීනි ඇස් වලින් බැලුවෙ ජන්ග්කුක් ට ආයෙම මීට ටික වෙලාවකට කලින් උන දේ මතක් කරල..

එහෙමම ටේහ්‍යුන් ගෙ පපුවට අත් තියල පුලුවන් තරම් හයියෙන් ටේහ්‍යුන් ව තල්ලු කරපු ජන්ග්කුක් කෙලින් හිටගත්තා..

"ම්..මගෙන් ඈත් වෙලා ඉන්නවා!"

ජන්ග්කුක් ගෙ කටහඩ වෙව්ලුවා.. ජන්ග්කුක් ටේහ්‍යුන් ට ඇගිල්ලකුත් දික් කරල එහෙම කියල ටේහ්‍යුන් ට වචනයක් වත් කියන්න නොදී ආපහු හැරිලා එතනින් යන්න ගියා..

"හුරතල්..."

ටේහ්‍යුන් තමන්ගෙ නිකට පිරිමදින ගමන් හිමීට එහෙම මුමුනගත්තෙ කට කොනේ තිබ්බ හිනාවක් එක්කමයි..

_____________________

It leaves me feeling seasick, baby
Seems like I'm locked deep in the dreamlike reality
It spins me 'round and drives me crazy
It seems that I'm like the moon in the midday

______________________

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||||||

Happy PTD D-1
💚💜️
||||||||||

Bambi🎈

Continue Reading

You'll Also Like

19.7K 4.5K 22
ඔබ කැරමල් මැකියාටෝ එකක් වගේ ඔබේ සුවඳ තවමත් මගේ තොල් මත මිහිරි ය BABY ! අද රෑ ඔබ කැෆේ ලෙටේ සුවඳට වඩා උණුසුම් විය ඔබට ඒ හැඟීම මතකද? BABY , අද රෑ 💚...
885K 41K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
37K 5.3K 19
Vminkook sinhala ff .......... Top jk , jimin Bottom tae 🐥🐯🐰 1st chp - 10.02.2022 Last chp - 04-09-2022 ︶꒦꒷♡꒷꒦︶︶꒦꒷♡꒷꒦︶︶꒦꒷♡꒷꒦︶ ૮₍˶ᵔ ᵕ ᵔ˶₎ა ...
15.1K 3.5K 29
Just for fun Started : 2022 : 02: 13