🌟 The Shooting Star 🌟 [ Com...

Shuayashu

8.3K 1.9K 499

⭐ . Sinhala ⭐ . Bl ⭐ . YiZhan ⭐ . Love Еще

🌟 INTRO 🌟
1st ⭐ Star
2nd ⭐ Star
3rd ⭐ Star
4th ⭐ Star
5th ⭐ Star
6th ⭐ Star
7th ⭐ Star
8th ⭐ Star
9th ⭐ Star
10th ⭐ Star
11th ⭐ Star
12th ⭐ Star
13th ⭐ Star
14th ⭐ Star
15th ⭐ Star ( end 01)
16th ⭐ Star ( end 02)
Spacial Episode 01 (Real End Part 01 )
Spacial Episode 02 (Real End Part 02 )

Postscript

318 73 45
Shuayashu

අහ්ම්..අහ්ම්...මෙහෙමයි හරිද..😁 ඇත්තටම මං කියන්න යන්නෙ විකාර දෙයක් වගේම ඇත්තටම ඔයාලා හීනෙකින්වත් නොහිතපු දෙයක්...හි..😂 (පිස්සුනෙ ඉතිං.)

මේ කතාව පුරාවටම ගියෙ අතීතෙයි වර්තමානයේයි අතරෙ එහෙමත් නැත්තම් අවුරුදු පන්දාහකට කලින් හිටිය ලාන් චාන්ගෙයි වර්තමාන වැන්ග් යිබොගෙයි ආත්ම මාරුවෙන සීන් එකක්නෙ..

අර කඩා වැටෙන තරුව දැකලා දෙන්නා එකම වෙලාවෙ කරපු විශ් එකෙන් දෙෙවයට අධිපති දෙයින්ගෙ හදවත වෙඬරු පිඩක් සේ උණුවෙලා ඒ තිබුන ආදරයේ පවිත්‍රත්වයේ නාමයෙන්..ඒ ආදර කතා දෙක සම්පූර්ණ කරන්න දෙවියන් විසින් ගහපු මාස්ටර් ප්ලෑනකින් හතර දෙනාම එකතු වුනා....😘😘😘
.
.
.
.
කියලා ඔයාලා හිතන් හිටියට ඒක එහෙම නෙවෙයි.!!😂

ඈත්තම කතාව කිව්වොත් ඒක විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් සංසිද්ධියක්..මං දැන් ඒක කරන්න යන්නෙ..මොළෙ පොඩ්ඩක් මංඤ්ඤං කර ගන්න ආස නම් ඔයා දිගටම කියවන් යන්න..😂 (හැබැයි මං නම් කියන්නෙ කියවන්න කියලා..ඔයා සෑහෙන්න පුදුම වෙයි....😉😂)

අංක එකටම කියන්න ඕනි දරුවො...මේක අතීත වර්තමාන සංකලන කතාවක් නෙවෙයි කියලා..

මේක අතීත වර්තමාන කතාවක් නෙවෙයි මේක සමාන්තර ලෝක කතාවක්.චාන්ලා පාවා මේක අතීත වර්තමාන කතාවක් කියලා හිතුවට මේක යන්නෙ සමාන්නතර ලෝක දෙකක් අතර.😁

තරුවක් කඩන් වැටෙද්දි විශ් එකක් කලාම ඒක ඉෂ්ඨ වෙලා.......... හෝව් හෝව්..අනේ මේ..ඕවා බොරු..😐 සමාන්නර ලොක සීන් එක පහදන්නයි යන්නෙ...

____________________ ㅇㅇㅇ

""""ඒ මාසෙම...ඒ දවසෙම...ඒ පැයේදිම...ඒ මිනිත්තුවෙම...ඒ තත්පරේදිම...ඒ මිලි තත්පරේ පවා ගාණට ගැළපෙන.... ඒත්.... අවුරුදු දහස් ගාණකට කලින් හරියටම කිව්වොත් අවුරුදු පන්දාහසකට කලින් එක සිදුවීමක් ඒ ගූසු කන්ද මතදිම වුනා. දැන් යිබෝ,චාන් හිටිය තැන් වල කිසිම වෙනසක් නැතුව දෙන්නෙක් ඒ ඒ තැන් වල හිටියා."""
______________________ㅇㅇㅇ

මෙන්න මෙහෙමයි 2nd episode එකේදි කතාව පටන් ගත්තෙ..

ඔය කාල වේලා ඔහොමම ගැළපෙන ග්‍රහලෝක දෙකක් තිබුනා.එකක් පෘථිවිය..අනික ලාන් චාන්ලාගෙ ග්‍රහලෝකෙ..ඒ ග්‍රහලෝක දෙකෙ වෙලාවල් මිලි තත්පරෙන් පවා එකිනෙකට සමානයි. කියන්නෙ ඒ දෙක සමාන්තර ලෝක..

● . එහෙනම් කිව්වෙ අවුරුදු පන්දාහකට කලින් කියලා...?

ඒක මෙහෙමයි තර්කෙ.. අපි දැන් ඉන්න පෘථිවිය මහා පිපිරුම්වාදෙයි වෙන්න තියන සේරමයිත් වෙලා හැදිලා, අවුරුදු පන්දාහක් ගෙවිලා ගියාට පස්සෙ තමයි ලාන් චාන්ලා ඉන්න ග්‍රහලෝකෙ පිපිරුම් වාද වෙලා ඉපදුනේ..ඒ කියන්නෙ පෘථිවියට වඩා බාල චූටි බේබී ග්‍රහයෙක්....

අපේ ලෝකෙ ගැන හිතන්නකො..අපේ පෘථිවියෙත් ලාන් චාන්ලා වගේ ළාමාවරු (ධ්‍යානවේදීන්) ඇත්තටම හිටියා කියලා සඳහන් වෙනෝනෙ..මේ වෙද්දි එයාලා නැතත් කාලාන්තරයක් එයාලාත් නිකාය ගොඩ නගාගෙන චීනෙ ජීවත් වෙලා තියනවා..

ලාන් චාන්ලාගෙ ග්‍රහලෝකෙ අපේ පෘථිවියට වඩා බාලයිනෙ...මේ ගෙවන්නෙ ඒ ලෝකෙ ඔය උඩ කිව්ව ළාමාවරුන්ගෙ කාලේ..ඒ කියනනෙ අන්ටමේඩ් එකේ හිටිය අය ඒ ලෝකෙ ජීවත් වෙනවා කියලා සළකන්න.ඒ කියන්නෙ අවුරුදු පන්දාහකට කලින්. තේ‍රුන් නැත්තම් අතෑරලා දාන්නකො ඒක..

කොහොම හරි ලාන් චාන්, වෙයි යිං එක ලෝකෙකත්... ඒකට සමාන්තර ලෝකය වන පෘථිවියෙ වැන්ග් යිබෝ, ශියාඕ චාන් ජීවත් වුනා.හරිනෙ.😐

දැන් ආත්ම මාරුව ගැන විද්‍යාත්මකව පහදන්නයි යන්නෙ..

අහ්ම්...🤭

එදා ඒ ග්‍රහලෝක දෙක අවුරුදු ගාණකට පස්සෙ ඒක රේඛීයව පිහිටියා.එහෙම තියන එක තත්පරේකදි ඒ ග්‍රහලෝක දෙක හරහා සමාන දුරකදි කැපෙන තැන එහෙමත් නැත්තම් අභිලම්බයේ මධ්‍ය ලක්ෂය හරහා අභ්‍යාවකාශ වස්තුවක් ගමන් කලා.

ඒ අභ්‍යාවකාශ වස්තුව සතුව තිබුන සංඛ්‍යාතය සමග තිබුන අනුරූපකම නිසා පෘථිවියේ වගේම සමාන්තර සමාන ග්‍රහලෝකයේ කම්පනයක් ඇති වෙලා කෘත සංඛ්‍යාතයෙන් අනුනාද වුනා.එතෙන්දි පොළව හෙළවෙනවා දැනුන් නෑ මොකද මේවා ස්කන්ධමය වශයෙන් සාපේක්ෂව විශාල වස්තූන්.ඉතිං ඩ්‍රිබ්‍රෝග්ලි වගේ අය කියානාකාරයට තරංගමය ස්වභාවය වස්තුවේ ස්කන්ධය වැඩි වීමත් එක්ක නැති වෙනවා.ගණනයකින් පෙන්නන්නත් පුළුවන්.ඒවා ඕනි නෑ.

ආන්න එතනදි තත්පර ගාණකට ලෝක දෙකේම සෙවණැලි අභ්‍යාවකාශ වස්තුව මත එකිනෙක මත ඉතාම සුළු ක්ෂේත්‍රඵලයක අධිස්ථාපනය වුනා..අන්න ඒ ක්ෂේත්‍රඵලය චීනයේ ගූසු කන්දේ යිබෝ ඉන්න ලක්ෂයට සමපාත වුනා.අනිත් ලෝකෙ නම් ලාන් චාන් හිටිය ගූසු කන්දෙ ලක්ෂයට.(චන්ද්‍රග්‍රහණ,සූර්යග්‍රහන වෙන්නෙ.අන්න ඒ වගේ කියලා හිතා ගන්නකො..)

ඒ වෙලාවෙ ඇති වුන යම්කිසි බලයකට යටත් වෙලා ඒ දෙන්නගෙ ආත්ම දෙක ඒ අභ්‍යාවකාශ වස්තුව වෙතට ඇද ගත්තා මිලි තත්පර ගාණකට.ආයෙ ඒක හරියන්න තිබුනා...

ඒත්....දෙන්නාම එකම කෙනා නිසා ඒ කියන්නෙ ජානමය වශයෙන් පවා කොටින්ම කිව්වොත් ජානයෙ ඉන්ට්‍රෝන එක්ස්ට්‍රෝන වලින් පවා සර්වසම නිසා ආත්ම දෙක මාරුවෙලා තමයි ආයෙ ග්‍රහලෝක වලට ගමන් කලේ..ඒක එකිනෙකට ප්‍රතිවිරුද්ධව ඇති වුන බල නිසා කියලා හිතන්නත් පුළුවන්.

(තේරුන් නැත්තම් වැඩිය හිතන්න එපෝ..ඔයාලාගෙ මොළෙට සමනල් ගැටේ වැටිලා ඊළඟට මට වගේ පිස්සු හැදෙයි..😂)

හරිනේ..එතනින් එහාට සිද්ධ වුන ටික ඔයාලා දන්නවනෙ...විද්‍යාත්මකයි..🤭 පිළිගන්නවා නේ??

පිළිගන්නෙ නෑ..??😐😕

හරි එහෙම නම් මේම කියන්නම්..විද්‍යාව පැත්තක තියලා..😏 ඔයාලා වැඩිය නොහිතුවට මේකෙ ලෝක දෙකේ කතාව සම්පූර්ණයෙන් ගැලුවෙ එකිනෙකට සමාන්තරව..😂😂

බෝ වතුරෙ සීතලේ පොකුණෙ හිටිය වෙලාවෙම, ලාන් චාන් හිමේ සීතලේ පාර්ක් එකේ හිටියා.බෝට උණ ගත්ත වෙලාවෙම ලාන් චාන්ටත් උණ හැදුනා..ලාන් චාන් ශියාඕ චාන්ගෙ අතේ රිබන් එක බඳිද්දි බෝ වෙයිට රින්ග් එකක් දැම්මා.බෝ බිව්ව වෙලාවෙම ලාන් චානුත් බීලා පිස්සු නැටුවා.කොටින්ම කිව්වොත් ලාන් චාන් හිනා වුන,ඇඬුව,තරහා ගත්ත,හුරතල් වුන හැම වෙලාවකම ඒ විදිහටම නැතත් අඩු වැඩි වශයෙන් බෝත් ඒවා එහෙමම කලා..

ශියාඕ ශාන්, වෙයි වුක්ෂියනුත් එහෙමයි. වෙයි බිව්ව හැමවෙලේම චානුත් ක්ලබ් ගිහින් බිව්වා..වෙයි බෝව බලා ගත්ත විදිහටම ශියාඕ චාන් ලාන් චාන්ව බලා ගත්තා.වෙයි යිං ලාන් චාන් ගැන හිතුව හැම තත්පරේම චානුත් බෝ ගැන හිතුවා...දෙන්නම එකම වෙලාවෙ ඇඬුවා..දුක් වුනා..සතුටු වුනා.

වෙන එකක් තියා zhan zhan එක්ක හයිකුආන් හිටියා නම්..අනිවා අනිත් ලෝකෙ w w එක්ක සව්ජූන් හිටියා...😀

ඒවා එහෙමයි චුට්ටක් වෙලාවන් වෙනස් වුනත්... මේවා සමාන්තර ග්‍රහලෝක..ඔයාලාත් අහලා තියේනේ..සමාන්තර ග්‍රහලෝකෙක අපි වගේම තව කෙනෙක් ඉන්නවා..එයා අපි කරන දේම කරනවා කියලා..මේ අන්න ඒක..😎

තව අහනවා නම් ඇයි ඒ මාරුවුන ආත්ම දෙක වෙයි යිංටයි, ශියාඕ චාන්ටයි විතරක් පෙනුනෙ කියලා...ඒකට විද්‍යාත්මක නැතත් අධ්‍යාත්මික උත්තරයක් දෙන්න පුළුවන්.

ඒක තනිකර හිතහි ඇති වුන සිතුවිල්ල නිසා වුනේ..ඒ වෙලාවෙ බෝ හිතුවෙ චාන් ගැන වගේම ලාන් චාන් හිතුවෙ වෙයි යිං ගැන.ඒ හින්දා එයාලාගෙ මාරු වුන ආත්ම ඒ අයව හොයන් ගියා.අන්තිමට හම්බුනේ ඔර්ජිනල් පැතුව කෙනා නොවුනෙ එයාලාගෙ ලෝක මාරු වුන හින්දානෙ. අපි දන්නවනෙ අන්තිම මොහොතෙ මැරෙද්දි දෙයක් ගැන ආසාවෙන් මැරුණොත් ඒ දේ හරි , කෙනා හරි හොයන් මැරුණ කෙනා එනවා කියලා.. 😈

හොල්මන් කතා ගොඩක පදනම ඕකනෙ.මෙතනත් වුනේ ඉතිං ආත්මෙ අයින් වෙලා ඒ ආත්මෙ එයාගෙ ආසාව හොයන් ආපු එක..ඔර්ජිනල් දෙන්නා මැරුණෙ නෑ හරිද..ඒක කෝමා එකක්.. තාර්කිකයි..විද්‍යාත්මකයි..අධ්‍යාත්මිකයි...සරලයි...😎

_____________________ㅇㅇㅇ
.
.

මෙතෙක් වෙලා මං කියපු තාත්වික..ඒ වගේම විද්‍යාත්මක,අධ්‍යාත්මික ටොන් ගාණක බොරු ටික කියෝපු ඔයාට ගොඩාාාාක් ස්තූතියි....😂😂😂
.
.

_____________________ㅇㅇㅇ
.
.
.

මේ ටික නම් හදවතින්ම කියන්නෙ..විහිළු නෑ..😁

මං මේ කතාව ගොඩක් ආසාවෙන් ලිව්වෙ..💖 මේ කතාවෙ හැටියට...

💚. වැන්ග් යිබෝ ටිකක් හිතුවක්කාර, සෙල්ලක්කාර විදිහට හිතන ඒත් ආදරේ ඉස්සරහ හුරතල් කෙනෙක්..(ඒක තමයි ලියන්න ලේසිම හා ආසම වුනේ..)

❤. ශියාඕ චාන් ටිකක් නපුරු, තරහ යන, වැඩියෙන් කියවන ඒත් ආදරේදි ගොඩක් ප්‍රේමණීය කෙනෙක් ....

💙. ලාන් චාන් අඩුවෙන් කතා කරන තනියම සේරම දරා ගන්න කෙනෙක් වගේම ආදරේදි ගොඩක් හැඟීම්බර කෙනෙක්...(අම්මෝ එයා ලියන්න ගිහාම නම් එපා වුනා..)

💜. වෙයි යිං චුට්ටක් නිහඬ ඒත් හිනාවෙලා ඉන්න..මොළෙන් වැඩ කරන ආදරේදි මාර පෞර්ෂයක් තියන කෙනෙක්..

Xiao Zhan pov. ❤
Wang Yibo pov. 💚
Lan Zhan pov. 💙
Wei Wuxian Pov. 💜

විදිහට එක්කෙනාගෙන් 4 ගානෙ එපිසෝඩ් ඔක්කොම 16ක් ගියා හතර දෙනාටම වෙනසක් නැතුව හිතුන විදි තිබුනා..

ඒත් අන්තිම මොහොතෙ මට හිතට දැනුන අවසානයක් ලැබුනෙ නැති හින්දා Spacial Episode 2ක් ආව නිසා ඔක්කොම 18ක් වුනා. හැම වෙලේම දකින....

Yizhan 💚❤
Wangxian 💙💜

හැර වෙනස්ම විදිහට.....,

Zhan 💙❤ Zhan

W 💜💚 W

කියලා දෙකක් ගෙනවා..මං මීට කලින් කවදාවත් එහෙම ඒවා දැකලා නෑ..මගෙ පිස්සු අදහසක්..

ඒ වගේම....

°°°°💜💚 WXYZ ❤💙°°°°

W - Wei 💜
X - Xiao ❤
Y - Yibo 💚
Z - Zhan 💙

එහෙම එකකුත් තිබුනෙ නෑ.. මං උත්සාහ කලේ වෙනස් දෙයක් දෙන්න..😁

ඉතිං මං හිතනවා ඔයාලා සතුටින්,ආදරෙන්,හිනා වෙවී,දුක් වෙවී කතාවෙ මුල ඉඳන් අගටම ඉන්න ඇති කියලා...වැරදි අඩුපාඩු තිබුන නම් සමාවෙන්න කියන්නත් ඕනි....ඒ වගේම මෙතෙක් වෙලා කියෙව්වට ස්තූතියි කියන්නත් ඕනි...💖

මෙච්චර කල් කමෙන්ට් කරපු, ලයික් කරපු හැමොටමත් ගොඩාරියක් ස්තූතියි.💖🌷

මේ‍ පසුවදනට මං හිතනවා ඔයාලා කමෙන්ට් එකක් දෙයි කියලා..ඔයාලට ඇත්ත දැන ගත්තම මොකද හිතුනෙ කියලා..😂💖

මං ඒවා කියවන්න පුදුම තරම් ආසයි..😍😍 ඔයාලාගෙ ඒ වචන මට ගොඩාරියක් වටිනවා ඇත්තටම...❤❤❤

එහෙනම්...ආයෙත් ස්තූතියි..❤

ගොඩක් ආදරෙයි ඔයාලාට..💖🌷

ඒනම් ඉතිං TSS ඉවරයි. මං හිතනවා මේ මගෙ අවසාන yizhan ff එක කියලා..🙂❤
.
.
.
.
Shu Aya....🥰❤🌷

Продолжить чтение

Вам также понравится

11.2K 2.2K 10
📖️ Wattpad Love 📖️ Author & Reader Love Story 📖️ Yizhan Fanfiction 📖️ BL
6.5K 627 11
තවමත් නුබ නමින් .. ✨️❤ රශේනයා කිව්වා වගේ මලක් හැබැයි කැලෑ මලක් නෙමේ පින්න මලක් .. - රොන් ... ඒ නපුරු ඇස් ... ආඩම්බරයි , සෙල්ලක්කාර යි ... ඒ නපුරා වග...
386K 27.3K 43
မိုက်ကယ်အာဒန်မင်လုချက်စ် ညိုမင်းမို 21.7.2023 9:20 PM.
2.7M 75.1K 20
"ညိုလဲ လူတွေထဲက လူသားတစ်ယောက်ပါ ညို့ရဲ့ ဖြစ်တည်မှုက ဘယ်သူတွေကို ထိခိုက်နေလို့လဲ..မေမေ" "ညို မရှင်သန်ချင်တော့ဘူး... ဒီလောကကြီးမှာ ညိုတို့လိုလူတွေအတွက်...