W 💚💜 W
( Wei Wuxian & Wang Yibo )
Wei Wuxian Pov..💜
රාත්‍රී පහන් කූඩු උත්සවෙත් එක්ක තිබුන සැණකෙළිය ඒ විදිහටම හැම අවුරුද්දෙම පැවැත්තුනා.ඒක අදත් එහෙමමයි.
ඒත් ලාන් චාන් මෙහෙම ඉද්දි මටත් යන්න ඕනි වුනේ නැහැ.අනික යිබෝටත් අසනීප නිසා මං යුආන්ටයි ජිංගයිටයි සැණකෙළියට යන ලාන් සිසුන් ගැන බලා ගන්න දුන්නා.සව්ජූනුයි මාස්ටර් චිරෙනුයි ඇරුණම කවුරුත් නැති නිසා වළාකුළු භවනම හිස් හැඟීමකින් පිරිලා වගේ දැනුනෙ.
ඒ කවුරුත් නැති නිසාද, නැත්තම් බෝට නින්ද ගිහින් නිසාද, ලාන්චාන් නැති නිසාද තේරුන් නැතත් මේ ගෙවෙන තත්පරේ මට ලොකු තනිකමක් දැනුනා.
දවස් දෙකක් තිස්සෙම බෝ හිටියෙ නින්දෙ...වෙලාවකට ඇහැරුනත් එයා ඇඳෙන්වත් බැස්සෙ නෑ..එයාට කවද්දි එයා ඔහේ කට ඇරියා වගේම ඔහේ හැරිච්ච අතකට වැටිලා නිදියෑවා.එයාව බලා ගන්න එක මගෙ ප්‍රථම රාජකාරිය වෙලා දවස් දෙකක් ගෙවුනා.
යීලිං කුළදෙටු වුන මං..ලෝකෙම බය වුන ටයිගර් මුද්‍රාව අල්ලෙ නටවන මං...අදටත් නමවත් සද්දෙට කියන්න මිනිස්සු බය වෙයි වුක්ෂියන්..දැන් ආයා කෙනෙක් වගේ බබාලා දෙන්නෙක් බලා ගන්නවා..මටම හිනා.ලෝකයා මේවා දන්නවා නම් ඕනි නෑ..ආදරේට මෙච්චර වෙනසක් කළෑකිද?
යිබෝ මුළු ඇඳම බලාගෙන නිදාගෙන හිටිය විදිහ දැක්කම සිනහවක් ගියෙ ලාන් චාන්ගෙ සිරුර මොන තරම් තැන්පත්ව තියනවද දැක්කම.
එකම කාමරේ දෙතැනක දෙවිදිහකට ඉන්න එකම රූපෙ දැක්කම මට තේරුනේ නෑ මං ආදරේ කරනවා නම් ඒ කරන්නෙ කාටද කියලා.බෝටද? ලාන් චාන්ටද?
මං බෝගෙ කකුල් ලං කරලා අත් දෙක පපුව උඩින් තියලා අල්ල ගත්තා.ඒ මූණෙ තාමත් හුරතල් පෙනුම තිබුනා වගේම චූටි හිනාවක් මූණේ ඇඳිලා තිබුනා.චුට්ටක් කෙළ තොල් අතරින් ගලලා තිබුනෙ ඒ හුරතල් පාට තව වැඩි කරමින්.ඇහැරිලා ඉද්දි කටේ ඉවරයක් නැතත් නින්ද ගිහාම හරි සන්සුන් පාටක් තිබුනා.
"හුරතල්.."
මංවත් නොදැනුවත්ව හෙමීට එයාගෙ නළල මත තියවුන මගෙ තොල් තත්පරේකට හැම දේම අමතක කලා.ඒත් හිත උඩට එක පාරට ලාන් චාන් එද්දි මං ක්ෂණිකව එයාගෙන් ඈත් වුනේ මටම වැරදි හැඟීමක් දීලා.
බෝ ගාවින් නැගිටලා ලාන් චාන් ගාවට ගිහින් ඇඳේ පැත්තක වාඩි වුන මං එයාගෙ මූණ දිහාම බලන් හිටියා.තැන්පත් එයාගෙ මූණ භාවනාවක් වගේ.ලා සිහින් තොල් පෙති තත්පර ගාණකට මගෙ කර ගන්න හිතෙද්දි මගෙ ඇස් වලින් වැටුන කඳුළු එයගෙ කම්මුල් වලට වැටිලා දිළිසුණා.
"මට ඔයා කියන දේ අහන්න තිබුනෙ..මට ඔයා ගැන තිබුන හැඟීම් තේරුම් ගන්න තිබුනෙ..එහෙම නම් ඔයාට මෙහෙම වෙන්නෙ නෑ ලාන් චාන්..මට සමාවෙන්න.."
මං මිමිණුවා.තවත් එයා දිහා බලන් ඉන්න ශක්තියක් නැති නිසාම මං කඳුළුත් පිහදාන් ජියැංසියෙන් එළියට ආවා.ටික වෙලාවක් ජියැංසියෙ වැටට හේත්තු වෙලා මං කල්පනා කලේ මේවා හරි ගස්සන්නෙ කොහොමද කියලා.
"වෙයි යිං.."
මගෙ පිටි පස්සෙන් කටහඬක් අාවම මං හැරිලා බැලුවා.
"ලාන් චාන්....?" මගෙ ඇස් ඉස්සරහට ඒ තැන්පත් රූපේ එද්දි වැටුන කඳුළු ආයෙත් අළුත් වුනා..මට ඒ නම ආයෙත් ඒ තැන්පත් කටහඬින් අහන්න මොන තරම් ඕනි වෙලාද තිබුනෙ කියලා මට එවෙලෙ තේරුණෙ.
"බනී..ඇයි අඬන්නෙ...කියන්නකො..ඈයි මේ.....මං විහිළුවට ලාන් චාන් වගේ වුනේ..ඔයාට දුක හිතුනද..සොරි වෙයිගගා.."
ලාන් චාන් මං දිහාට දුවන් ආවා..
හ්ම්....ලාන් චාන් නෙවෙයි එයා බෝ...මට පැටළුණා.බෝ ලාන් චාන්ගෙ ඇඟට ගිහින්.. මට කේන්ති ගියා.
( මෙතන කියන්නෙ වැහෙනවා වගේ දෙයක්..ලාන් චාන්ගෙ ඇඟට ආත්මයක් වුන යිබෝ ගිහින්..තේරෙනවා නේද.? දෙන්නම එක්කෙනෙක් දැන්..)
"ඔයාට බෑ මට වෙයි යිං කියන්න.එහෙම කියන්නෙ ලාන් චාන් විතරයි..ඔයා එහෙම කියන්න එපා"
මං බෝගෙ ඇඳුමෙ බෙල්ල ලඟින් අල්ල ගනිද්දි ඒ ඇස් වල බලන් ඉද්දිම කඳුළු පිරුණා..තරු කැට වගේ දිළිසෙන ඒ හුරතල් ඇස් වලින් කම්මුල් දිගේ කඳුළු ගලද්දියි මං පියවි ලෝකෙට ආවෙ..
"සමා..සමාවෙ..න්න..වෙයි යි.......නෑ නෑ....වෙයි ගගා..."
එයා කිව්වෙ හුස්ම ඉහළට ඇද ඇද පොඩි දරුවෙක් වගේ අඬන ගමන්..මං මේ මොකද්ද කලේ..මට මේ තරම් ආදරේ කරන එයාව මං ඇඬෙව්වා..
"ෂ්..ෂ්..අඬන්න එපා..ෂ්..කෝ නවත්තන්න...මටත් සමාවෙන්න...හරිද..?"
මං එයාගෙ තොල් වලට ඇඟිල්ල හරස් කලත් එයා කලේ ඊටත් වඩා හයියෙන් අඬපු එක..බැරිම තැන මං එයාව ඉනෙන් උස්සද්දි එයා මගෙ ඉණ වටේ කකුල් ඔතාන මගෙ බෙල්ලෙ මූණ හංගන් දිගටම ඇඬුවා. මං එයාට කිව්ව එක වචන ටිකකට එයා ඒ තරම් අඬද්දි මං තේරුම් ගත්තා එයා මට කොච්චර ආදරේද කියලා.ආයෙත් තත්පරේකට මට හිතුනා දෙන්නගෙන් එක්කෙනෙක් තෝර ගන්න වුනොත් මං කොච්චර අසරණ වෙයිද කියලා.
මං බෝව ඇඳෙන් තියලා එයාගෙ නළලට අත තියලා උණ බලද්දිත් එයාගෙ ඇස් එක දිගට කඳුළු ගැළුවා.මං තෙත රෙදි කෑල්ලකින් ඒ අඬපු මුහුණම පිස්සම හෙමීට පිය වුන ඇස් දිග නින්දකට වැටුනා. ලාන් චාන්ගෙ ඇඟ බෝ අරන් හිටිය හින්දා එයාගෙ ඇඳ හිස්ව තිබ්බා.
මං ලාන් චාන්ගෙ හංගලා තිබුන මත්වතුර බෝතලයක් කටේ ගහ ගත්තෙ දැනුනු පීඩනේට සැනසීමක් හොයන්න. මංම දන්නෙ නැතිව මට ලාන් චාන්ගෙ ඇඳේ නින්ද ගිහින් තිබුනා.මං ඇහැරුණෙ ඇඳට නැග්ග කෙනෙක් මගෙ බඩ උඩින් ඉඳ ගනිද්දි.ඒත් මං වෙනසක් නොකර එහෙමම හිටියා.
එක පාරට මගෙ නළල උඩට ආව චූටි ඇඟිලි දෙකක් කකුල් වගේ මාරු කර කර වේගෙන් නහය දිගේ ඇවිදන් යද්දිත් මං ඇස් පියාන එහෙමම හිටියෙ මෙහෙම හුරතල් වැඩ කරන්නෙ කවුද කියලා දන්න නිසා.
ඊළඟට බෝගෙ ඇඟිලි මනුස්සයා මගෙ නහය උඩ මුදුනටම ඇවිත් මගෙ තොල් උඩට පැන්නා.තොල් උඩත් චුට්ටක් හුරතල් වුන එයා හෙමීට කම්මුල් උඩත් එහාට මෙහාට ඇවිද්දා.
"වෙයි ගගා දොයිද..ඔයා ගොඩක් වෙලා ඉඳන් දොයි...ඇරෙන්නකො..මට පාළුයි"
එයා මුමුණනවා මට ඇහුනත් මං නෑ වගේ හිටියා.එයාට ඕනි මාව ඇහැරවන්න..
ඊළඟට එයා ඉඳගෙන හිටිය මගෙ බඩ උඩින් නැගිටලා ඇඳෙන් බිමට පැන්නා.මොනා හරි හොර වැඩක් කර කර හිටිය මෙයා මං ගාවට ආයෙත් ඇවිත් ආයෙත් බඩ උඩ ඉඳ ගත්තා.
"හච්චිං..."
මට එක පාරට ලොකු කිවිසුමක් ගියෙ කඳුළුත් එන්න.ඒ නහය ලඟ කිති කැවුන නිසා.එයා මොකක් හරි අතේ පිටි පස්සට කරලා හංග ගත්තා..
"බෝ..මොකද්ද ඒ ආ..කෝ පෙන්නන්න.."
"මොකුත් නෑ. මේ අත හිස්.."
එයා චූටි බබෙක් වගේ හිනා වෙවී මට අත් දෙක පෙන්නුවා.
"කෝ මෙහෙ එනවා බලන්න."
මං ඇඳේ කෙළින් වෙන ගමන් මගෙ බඩ උඩ හිටිය එයාව මගෙ ළඟට ඇදලා අරන් එගෙ ඉණ වටේ අත යවලා එයාගෙ උරහිස්සට උඩින් එයාගෙ පිටිපස්ස බැලුවා.එයාගෙ හදවත හයියෙන් ගැහෙනවා මට දැනුනෙ එයාගෙ පපුව මගෙ පපුවට හේත්තු වෙලා හින්දා..
"ආ පිහාටුවක්.. කොහෙන්ද මේක.." මං එයාගෙ ඉණෙ පිටිපස්සෙ ගහලා තිබුන දම් පාට පිහාටුව ගත්තා.
"කියන් නෑ.."එයා හයියෙන් හිනා වෙලා අත් දෙකෙන්ම කටවහ ගත්තා.'හුරතලේ...'මං හිතුවා.
"අර දූවිලි පිහන එකෙන් ගත්තද ආ..?"
"නෑ නෑ.."
එයා එහෙම කියන ගමන් අතින් කට වහන් හිනා වුනේ හුරතල් විදිහට.. මගෙ හදවත දෙන්නා ලඟම අසරණ වෙනවා..මං මොකද කරන්නෙ..??
එයා මගෙ බඩ උඩින් පහළට ගිහින් මගෙ ඇඟ උඩ නිදා ගත්තෙ මගේ මූණ දිහා බලන්මයි.මගෙ පපුව උඩ අත් දෙකේ වැළමිට ගහන් එයාගෙ කම්මුල් වලට අත් තියාන මගෙ මූණ දිහා බෙල්ලත් ඇල කරන් බලන් හිටියා.
"ඇයි..?"
"වෙයි ගගා අයි ව් යූ..."
"මොකද්ද.."
"අයි. ලව්. යූ ."
"ඒ කිව්වෙ...?"
"මං ඔයාට ආදරෙයි කියලා."
"කලින් කිව්වෙ මොන වගේ භාෂාවකින්ද...?"
"මං කියලා දෙන්නද..?ඒ ඉංග්‍රීසි...මං හිටපු දිහා තිබුනේ.. "
"ම්ම්...පස්සෙ.." එයා මට ආදරෙයි..එතකොට මං...?
"සැණකෙළිය බලන්න යමු.." එයා ආයෙ කිව්වා.
"බෑ දැන් පරක්කුයි.පහන් කූඩු උත්සවේ හවස තිබුනෙ...දැන් හොඳටම රෑ වෙලා."
"මං කිව්වෙ සැණකෙළිය බලන්න යමු කියලා..."
"මං කිව්වෙ බෑ කියලා..."
මං සැර කරද්දි එයා කට වහ ගත්තා තත්පරේකික් භාගෙකට..
"වෙයි ගගා..මං තෑග්ගක් දෙන්නද..?"
"ම්ම්..."
"ඇස් පියා ගන්න ඉතිං.."
මං ඇස් පියා ගත්තම මට දැනුනා එයා මගෙ අත අර ගන්නවා..එයා එයාගෙ දිග ඇඟිලි වලින් මගෙ දකුණු අත අරන් මගෙ ඇඟිල්ලකට මොකක් හරි කලා..
ඊළඟට මගෙ ඒ ඇඟිලි මත එයාගෙ සීතල සුසුම් වැදෙද්දි මං ආයෙත් ඇස් ඇරියෙ පුදුමෙන්..එයා මගෙ අත එයාගෙ අත් දෙකෙන්ම අල්ලන් මගේ ඇඟිලි උඩ තොල් තියාන හිටියා..මගෙ ඇඟිල්ලක තිබුනෙ මුදුවක්..
ඒක ලස්සනයි..ලස්සන සුදු පාට දිළිසෙන ගලක් ඒකෙ තිබුනා.. ඒක ඇත්තටම තියනවද..ඒත් ඒක මට දැනෙනවා.
"ඒක මටද..?"
"ඔව්..මේ ඉතිං ඔයාගෙ අතනෙ.."
පණ්ඩිතයා.එයා හිනා වුනාම ඇස් දෙක හීනි වෙනවා..ලාන් චාන් කවදාවත් දත් පෙන්නලා හිනා වෙලා නැහැ...ඒත් ඒ හිනාවත් මේ තරම් ම ලස්සන ඇති..
"ඇයි මේක මට දෙන්නෙ..?"
"ඒක ඔයාටවත් දෙන්න ඕනි නිසා......"
"ඒක කාටද ගත්තෙ..ශියාඕ චාන්ටද..?
"හ්ම්..ඒත් ඒක දැන් මට දෙන්න ඕනි ඔයාට..මං දන්නවා කවදාවත් එයාට මේක මගෙන් ඕනි වුනේ නෑ..එයා මට ආදරේ නෑ කියලා කිව්වා.."
එයා හිනා වුනා.දුක හිතෙන හිනාවක්...මං වගේ අනිත් කෙනාටත් මට වගේම ඒ ආදරේ ලබන්න පින් මදි ඇති.. එයා මගේ බඩ උඩ ආයෙත් ඉඳ ගත්තා..ඒක එයාගෙ පුටුව වගේ හරියට..මාත් ඒකට ආස වුනා..ගොඩක්.එයා එහෙම ඉන්න කොට මගෙ ඇඟ ඇතුළෙ කිති කැවෙනවා..
"වෙයිගගා සහසක් කීන්නද.?" එයා හුරතලේට කටේ සද්දෙ අඩු කරලා ඈහුවා.
"සහසක් කිව්වෙ රහසක්ද? හ්ම්....කියන්නකො.."
"අපි පැනලා යමු..?"
"අහ්..? කොහෙද..?"
"අනී...මේ බලන්නකු..මගෙ සූටි කුචි කුචි සොෆ්ටි බන්ඩිය කාලෙකින් පිරෙන්න කාලා නෑ..ගූසු අය හාවො, මුවො වගේ අහිංසක ඇති..ඒත් දෙයියනේ ඒ කියලා තණ කොළම....නෑ මං කියන්නෙ එළවළුම කාලා ජීවත් වෙන්න ඕනිද...? ගූසු නීති නම් අන්තිමයි..අදට විතරක් අපි පැනලා ගිහින් එළියෙන් කමු....?"
එයා කියද්දි මට හයියෙන් හිනා ගියා.ඒ කතාවට වගේම එයාගෙ මූණ දැක්කම..එක එක විදිහට කට උල් කර කර හිනා වෙවී එයා කියවනවා..ඇස් ලොකූ වෙනවා..ආයේ චූටි වෙනවා..එයාගෙ මූණ රතු වෙලා..එයා සතුටින් ඉන්නෙ....ඒ තරම් ලස්සන කෙනෙක්...?
'ආ..? '
'හාද..? '
'කියන්නකො.....? '
'ම්.....? '
'වෙයි ගගාගාගාගා..........???'
එයා කෑ ගහද්දි මං එයාගෙ සිහියෙන් මිදුණෙ..
"ඇයි...?"
"මේ බන්ඩියට තවත් තණ කොළ එපා.."
එයා මූණත් අඬන්න හදන් එයා ඇඳන් හිටිය සුදු පාට උඩ ඇඳුම උඩට උස්සලා බඩට එයාගෙ ඇඟිල්ලකින් ඇන්නා.ඊළඟට යට තොලත් දික් කරන් ඇස් දෙක බෝල කර ගත්තාම මං කොමද බබෝ ඔයාට බෑ කියන්නෙ..
"ඔයා බබෙක් වගේනෙ.." මං හිනා වෙලා එයාගෙ කම්මුල් මිරිකද්දි එයාගෙ කම්මුල රතු වුනා.
"ආව් සිදුනා..." රවලා කිව්ව එයා මගේ ඒ අත කම්මුලෙන් අරන් එයාගෙ බඩ උඩ තියා ගත්තා..ඒ බඩ පොඩි දරුවෙක්ගෙ තරම් සිනිඳුයි..
"බබාටත් බදිකිනියි..."
"බබෙක් ඉන්නවද ඇතුළෙ..? එහෙම නම් මොනා හරි දෙන්න වෙනවමනෙ.මොනවද ඕනි ආ...?" මං හිනාවෙවි එයාගෙ බඩ අත ගාද්දි එයා හයියෙන් හිනාවෙලා ඇඳෙන් බිමට පැනලා මගේ අතින් අදින්න ගත්තා.
"යමූ...එන්න.."
මං බිමට අඩිය තියනවත් එක්කම ආයෙ ඇඳ උඩට නැග්ග එයා මගෙ පිටිපස්සෙ කරේ එල්ලිලා ඉණ වටේ කකුල් ගැට ගහන් බෙල්ල බදා ගත්තා..මං ඒ විදිහට ආස වුනත් එයාට තරහින් වගේ කතා කලා.
"ඔයා බරයි..මං කිව්වෙ නෑනෙ ඔයාව ඔහොම අරන් යනවා කියලා..."
"මං බර නෑ..අපි පියාඹලා යමු ගූසු තාප්පෙන් එහා ලෝකෙ කොනටම.."
එයා කියද්දි මට මතක් වුනේ මටත් එයා එක්ක ඒක කරන්න ඕනි වුනත් බැහැ නේද කියලා..හරය නැති වුන දවසෙ ඉඳන් මට කෙටි දුරයි ඒම යන්න පුළුවන් වුනේ..මං දන්නෙ නෑ මං කවදා උඩින් යද්දි ඇදන් වැටෙයිද කියලා.
"හ්ම්..ඒම කරන්න තිබුනා මගේ......හරය........"
"ෂ්....ෂ්...ඒක ඕනි නෑ..මං බහින්නම්..අපි පයින් යමු..මාත් උඩින් යන්න චුට්ටක්වත් ආස නෑ..උස තැන් වලට මං බයයි.."
එයා මගෙ කම්මුල් දෙපැත්තටම හාදු ගොඩාක් දුන්නා..මං දන්නවා ඔයා කියන්නෙ බොරු කියලා.ඔයා මට ආදරේ නිසා ඒම කරන්නෙ..මට දුක හිතෙයි කියලා..
ඊළඟට එයා හැදුවෙ බිමට පනින්න..ඒත් මං එයාව අල්ලන්ම හිටියා.
"ඕම ඉන්න..."
"මට බහින්නෝනි....බිමින් තියන්න..."
"බැහැ..ඔයා කිව්වා මට ඉංග්‍රීසියි , ඔයාගෙ කාලේ ලෝකෙ ගැනයි උගන්වනවා කියලා..ඒක කරන්න ඕම ඉඳන් අපි එළියට යනකන්..හරිද...?"
"හා..."
.
.
.
.
.
.
.
.
.
.
"හරීරීරීරී.....ඔයා දක්ෂයිනෙ...නෑ නෑ..ඔයාගෙ දක්ෂකමට වඩා ඒක මගේ ඉගැන්වීමට තියන හැකියාව.මං හොඳ ගුරුවරයෙක්..මං හිතන් ඉන්නෙ ලාන් සිසුන්ටත් ඉංග්‍රීසි උගන්වන්න..."
එයා අන්තිම විසි හයවෙනි අකුරටත් හාදුවක් මගෙ කම්මුලට දුන්නෙ මගෙ කරේ ඉඳන් කියෝන ගමන්..යනකන් එනකන් මෙයා කියෝනවා..ඉවරයක් නැහැ..
"ඔයා ඔහොමද එයාලාටත් උගන්වන්නෙ....? හාදු දිදි...?"
"කිස් ද?..නෑ නෑ ඒවා මගෙ ස්පෙෂල් ස්ටුඩන්ට්ට විතරයි..."
"විශේෂ ශිෂ්‍යයා..ඒමද..?"
"ඔහ්..ඔයා දක්ෂයි..හොඳ මතකයක් තියේනෙ.මං එක පාරයි ඒක කිව්වෙ..."
'ඔයාගෙ කටින් පිටවෙන එක වචනයක් ගානෙ මට මතකයි....අමතක නොවෙන්නම..'මං හිතෙන් මිමිණුවා.
"බබාට අරවා ඕනි..එතකොට තව අරවත් ඕනි..අරවත් ඕනි....මාව බිමින් තියන්නකු....මට ගොඩක් දේවල් බලන්න තියේ......"
ගූසු පහු කරලා කඩ වීදියට ආවා විතරයි.එයා හතර වටේට අත දික් කර කර මගෙ පිටේ දඟලනවා..
"බබා..දඟලන්න එපා රිදෙනවා..."
මං කියද්දි එයා ඒ පාර ඈස් ලොකු කරන් මගෙ බෙල්ලෙ පැත්තකින් මූණට එබුනා...
"බබා..??"
"ඔව් බබා.ඔයා බබෙක් වගේනේ."
"ආයෙ කියන්නකූ ඒක.."
"බබා, මං දැන් ඔයාව බිමින් තිබ්බම මගෙ අත අතඅරින් නැතුව ම ඉන්න ඕනි හරිද..ඔයා නැති වුනොත් මට හොයා ගන්නවත් බෑ ඔයාව අනිත් අයට පේන් නැති හින්දා...හාද.."
"හා.."
එයා මගෙ අතින් අල්ලන් එහාටයි මෙහාටයි හැම තැනටම දිව්වා..මං එයා කියන හැමදේම අරන් දුන්නම එයා අත්පුඩි ගහලා උඩ පැනලා මගෙ කම්මුලකට කිස් එක්ක දුන්නෙ එයාට සතුට වචනෙන් කියන්න බැරි වෙද්දි.
"කෝම හරි සැණකෙළියට මාව අරන් ආවා නේද බබා..?"
"හීහීහී......."
___________________________________
Coming up next.........
....සව්ජුන් කාමරේ ඇතුළට ආව ගමන් මූණෙ ඇති වුන හැඟීම් දැක්කම මට හිතුනෙ ගූසු තාප්පෙන් පැනලා හරි දෙවනි පාරටත් මැරෙන්න..මට පුදුම තරම් ලැජ්ජාවයි..
....නලක නපුලු දුස්ට ස්මයිල් බෝතලේ...
_____________________________________
බෝ හුරතල් වැඩී කියලා හිතෙන්නෙ මට විතරද...? 😉🥰
ඇත්ත.ගොඩක් කතාවල ඉන්න බෝ නපුරුයි.ඉතිං මං එයාගෙ ඇතුලෙ ඉන්න හුරතල් බෝ එළියට ගත්තා.කොහොම වුනත් වෙයි වුක්ෂියන් ධ්‍යානවේදියෙක්..එයා දෙවනි වෙනවා නම් ඒ ලාන් චාන්ට විතරයි..ඔයාලා මොකද හිතන්නෙ..?🤔❤
මොනා වුනත් ඒ හින්දාම මං W 💜💚 W ට ආසයි...ඔයාලා කෝමද..?😁
අද මං සේප් එකේ නිකන් ඉන්න හැදුවෙ..ඒත් දුන්නා බලන් ඉන්නවා ඇති කියලා හිතලා..🤣