🌟 The Shooting Star 🌟 [ Com...

By Shuayashu

9.3K 2K 500

⭐ . Sinhala ⭐ . Bl ⭐ . YiZhan ⭐ . Love More

🌟 INTRO 🌟
1st ⭐ Star
3rd ⭐ Star
4th ⭐ Star
5th ⭐ Star
6th ⭐ Star
7th ⭐ Star
8th ⭐ Star
9th ⭐ Star
10th ⭐ Star
11th ⭐ Star
12th ⭐ Star
13th ⭐ Star
14th ⭐ Star
15th ⭐ Star ( end 01)
16th ⭐ Star ( end 02)
Spacial Episode 01 (Real End Part 01 )
Spacial Episode 02 (Real End Part 02 )
Postscript

2nd ⭐ Star

458 112 23
By Shuayashu

Author Pov...💖

ඒ මාසෙම...ඒ දවසෙම...ඒ පැයේදිම...ඒ මිනිත්තුවෙම...ඒ තත්පරේදිම...ඒ මිලි තත්පරේ පවා ගාණට ගැළපෙන.... ඒත්.... අවුරුදු දහස් ගාණකට කලින් හරියටම කිව්වොත් අවුරුදු පන්දාහසකට කලින්

එක සිදුවීමක් ඒ ගූසු කන්ද මතදිම වුනා. දැන් යිබෝ,චාන් හිටිය තැනම කිසිම වෙනසක් නැතුව දෙන්නෙක් ඒ ඒ තැන් වල හිටියා.


💙 WangXian 💜

Lan Zhan pov...💙

"වෙයි යිං.."

මට තවත් එයාගෙ පිටුපස බලා සිටින්න බැරි වුනාම මං කතා කලා.අවුරුද්දක් ගියා.ඔබ කීවෙ ලෝකය පුරා යනවා කියලා.ඔබට නැවත මං ලඟට එන්න මෙච්චර කල් ගියාද?මාව මතක් වුනේ නැද්ද?

එයා බටනලාවෙන් වයමින් සිටිය 'වැන්ග්ෂියන් වාදනය' නැවැත්තුවාම මුළු ගූසු කන්දම නිස්කලංක වුනා වගේ.මං බය වුනා ඒ නිහඬතාව මැද්දෙන් මගේ හයියෙන් ගැහෙන හද ගැස්ම වෙයිට ඇහෙයි කියලා.

එයා එයාගෙ මුළු මූණම හිනාවකින් පුරවන් මගෙ පැත්තට හැරුනා.ඒ ඇස්..ඒ තොල්...ඒ කොණ්ඩෙ...ඒ හැමදේම තාමත් එදා වගේමයි.ලස්සනයි.බලාන ඉන්න තරම්...භාවනාවක් ඔබ වෙයි යිං.ඒත් ඔබ දැක්කම හිත සන්සුන් වෙනවට වඩා නොසන්සුන් වෙනවා.

(⭐.පොඩ්ඩක් ඉන්න..මේක මතකද? මේ කියන්නෙ untamed වල last episode එකේ අන්තිම තත්පර කිහිපයේ ගූසු කන්ද උඩ වෙන ටික..මතකනෙ ඉවර වෙන්නෙ 'වෙයි යිං 'කියලා ලාන් චාන් කතා කරද්දි වෙයි ආපහු හැරිලා හිනාවෙලානෙ.අන්න එතන ඉඳන් ඉස්සරහට...)


"ඔහ්..ලාන් චාාාන්...ඔයා ආවා...මං හිතුවා මාව අමතක ඇති කියලා..."

ඔබ අමතක වෙන්න නම් මං මිය යා යුතුයි වෙයි යිං.ඒත් ඒ ඔබට නම් මාව මතක් වී නැහැ වගේ.මා තනියම ගෙවූ වසර මට මං ඔබට ආදරය කරන තරම වටහා දීලා.තව නම් බැහැ ඔබට මාව අතාරින්න.

"ලාන්‍ චාන්...කතා කරන්නකො.ඇයි බලන් ඉන්නෙ?"

"වෙයි ඇයි මේ තරම්‍ කල් ගත්තෙ..?"

"අයෝ..ඒ තරම් කාලයක් ගත වෙලා නෑ.ඔබව මතක් වුන නිසා බලලා යන්න ආවා.." වෙයි යිං හිනාවෙන්ම මං ළඟට ආවා.

"බලලා යන්න..?"

මං ඇහුවෙ මටවත් නෑසෙන ගානට.ආයෙ යන්න හිතන්නෙවත් කොහොමද ඔබ..?

"ඔව් ලාන් චාන්..මං කිව්වෙ එදා මාව ඕනි තැන..මට හිමි තැන හොයාන මං යනවා..."


මං කිව්ව දේ ඇහුන නිසා එයා කිව්වෙ කන්ද පුරාම ඇස් යවන ගමන්.මගෙ ඇස් නම් එයාටම නතු වෙලා.මට තවත් ඉවසන්න බැරි වුනා.මගෙන් ඈතට යන්න දෙන්න බැහැ ඔබට. මං එයාගෙ අත අල්ල ගත්තෙ තද කරලා.එයා ඇස් දෙක ලොකු කරන් මං දිහා බැලුවා.

"එක පාරක් නෙවෙයි දෙපාරක් නෙවෙයි තුන් පාරක්ම මං ඔබව නැති කර ගත්තා.ඔබ අඳුරු වනයෙ සිටියදි මාස තුනක් මං බලන් හිටියා.ඔබ එදා රැයක් නැති නගරයෙදි මාව දාලා ගිහාම අවුරුදු දහසයක් මං බලාන හිටියා ඔබ වෙනුවෙන්..ඒක කොයි තරම් රිදුණත් 'ලාන් චාන්' නොවී 'හන්ග් ග්වංජූන්' වෙලා ආයෙත් මං ඔබට යන්න දුන්නා...අවුරුද්දක්..ඔව් අවුරුද්දක් මං මැරි මැරි ඉපදුනා..ආයෙ නම් බැහැ වෙයි යිං..මාව දාලා යන්න එපා..මං ඔබට ආදරෙයි වෙයි යිං..."

මගෙ ඇස් වලින් කඳුළු බිංදු ගලාන ගියා.මං ඒත් එයා දිහාම බලාන හිටියා.ජීවිතේ මං වැඩියම කතා කරන්න ඇත්තෙ අද. අද මට මේ ටික කියා ගන්න බැරි වුනොත් කවදාවත් බැරි වෙයි.

"ලා...ලාන්..චා..න්..ඔබ........?"

එයාට වචන පවා පැටළුනේ තිබුන පුදුමය නිසා.මං දිහාම බලාන හිටිය වෙයි යිං ඊළඟ තත්පරේ එයාගෙ අත ඇදලා අහකට ගත්තා.මං බලාන හිටියා ඊළඟට මොකද වෙන්නෙ කියලා.

"ලාන් වැන්ජි විහිළු කරන කෙනෙක් නෙවෙයි ඔබ.ඒත් මං කැමතී ඔයා කියනවා නම් මේක විහිළුවක් කියලා.."

වෙයි යිං අඩියක් ආපස්සට ගිහින් අහක බලාන කිව්වෙ මගෙ ඇස් මග අරින්න වගේ..

"නෑ.එය ඇත්තක්.මගේ හැඟීම් ඔබ ගැන මිතුරෙක්ට එහා.........."

"නවත්තන්න හන්ග් ග්වංජූන්..මේක ඕනැවට වැඩී..අපි මිතුරන්.මං කැමති නෑ මෙහෙම වෙනවට.අද මං මෙහි නොආවා නම් හොඳයි..යමු ෂබී ගුවා.." වෙයි තරහින් ෂබී ගුවා (වෙයිගෙ බූරුවා) අල්ලන් යන්න හැදුවෙ මං දිහා අප්‍රසන්න බැල්මක් දාලා..මට මොකුත් හිතා ගන්න බැරි වුනා.

මේ ඔබමද වෙයි යිං..මේ ඔබමද...?

"ඔබ....කිව්වා..නැවත හමු වුනාම මා කියූ ගීතයෙ නම කියන්න කියලා....ඒක....වැන්.." මං කියන්න උත්සහ කලත්...

"අවශ්‍ය නැහැ..කොහොමත් අප ආයෙ මුණගැසෙන් නැහැ.මං ආයෙ ඒක වයන්නෙත් නෑ..යමු ෂබී ගුවා.."


එයා යන්න ගියා.පිටිපස්ස එක සැරයක්වත් නොබලා.. අද සුන්දරව තිබුන දවසක්.. ඒත් මේ රාත්‍රීයේ අඳුර මා වෙලාගෙන වගේ..ආයෙත් ඔබ නැති දිවියක් මට දරා ගන්න අමාරුයි වෙයි යිං... මා තෙත් වූ දෙනෙතින්ම අහස දෙස බැලුයේ සඳ දෙවඟනට ආයාචනා කරන්න වගේ..ඒ එක්කම තාරකාවක් කඩාන වැටෙනවා මං දැක්කා..

ඒ තරුව අහසෙන් ගියා වගේම මගේ ජීවිතේට පායපු තාරකාව මට නැති වුනා වගේ හැඟීමක් මට දැනුනා. අපේ අනාගතේ මීට වෙනස්ව ලියවුනා නම්...මට එය වෙනස් කල හැකි වුනා නම්...


මං මගෙ දෙනෙතින් කඳුළු ඔහේ ගලාන යන්න ඉඩ හැරියා. ඒත් එක්වරම මගෙ හිස තුළින් විශාල වේදනාවක් ගලාන ආවා.මං එතනම සිටගෙන සිටියදි මුළු ශරීරය ම අප්‍රාණික වූවා සේ දැනී ගියා.අවසන් මොහොතෙ මා තණ කොළ පලස මත ඇද වැටුණා. වෙයි යිං....මෙයද අවසානය..? . . . . . . . . . . . .

ඇඟට දැනුන අමුතුම හැඟීමක් එක්ක මං ඇස් ඇරියෙ ඔළුවත් එක අතකින් අල්ලන්..

ඇස් හෙමීට අරින කොට මට දැනුනෙ මා සිටිනා තැන තිබුන ලොකු නුපුරුදු කමක්. ඒක විශාල ඉඩක් හිමි කුටීරයක් වුනත් එය සෑහෙන්න වෙනස් වුනා.තේරුම්ගත නොහැකි එක එක රූපී භාණ්ඩ වලින් එම සුදු පැහැ පිළිවෙලකින් යුතු තැන පිරිලා තිබුනා.මං සෑම තැනක් දිහාම ඇස් යැවුවෙ පුදුමෙන් වගේම කළබලෙන්.බීචෙන් අතෙහි තද වුනේ නොසන්සුන්කමත් එක්ක..

මා සිහිනයකවත් සිටීද යන්න සිතා මා මගේම යටි තොල සපා ගත්තත්, ඉන් මට රිදුනෙ මං ඉන්නෙ පියවි සිහියෙන් කියලා මතක් කරමින්.කවුරු හරි එක වරම එන අඩි සද්දෙ නිසා මං වහාම එහි එක් බිත්තියක් පිටුපස සැඟවුනා.

"මෝඩ බෝ..එයා කොහොමද මට ආදරේ කරන්නෙ..මං අහන්නෙ එහෙමත් ආදරේ කළෑකිද ආ...මට නම් තේරෙන් නෑ.."

ආව කෙනාගෙ කටහඬ ඇහෙද්දි මාව ගැස්සුනාම මං හෙමින් එබිලා එයා දිහා බැලුවෙ මටම මාව විශ්වාස නැති හින්දා..ඒත් අවුරුදු ගාණක් මං ආදරේ කරන ඒ කටහඬ මට පැටළෙන්න විදිහක් නෑ.

තනියම කියෝ කියෝ ආව එයා එක පාරට කුටිය මැදම තිබුන දිග පුටුවට පැන්නා.ඒ මූණෙ පැත්තක් විතරක් මට පෙනුනත් ඒ එයාම තමා....ඔව් මගේ වෙයි ම තමා...ඒත්...ඒත්...මොකද්ද වෙනස...??

"ඒකත් හරි කියමුකො.. ඔච්චර ආදරේ කෙනාට මං තරහ වුනාම නිකමටවත් මට කතා කරලා සමාව අරන් 'අපි කලින් වගේ ඉමු චන්ගා..'කියන්න බැරිද...?නෑ ඉතිං මට එයාව මතක් වෙනවා නෙවෙයි..ඒත් නිකමට හරි එයාට තිබුනා ඒම කරන්න..."


වෙයි යිං පුටුව උඩ දඟලලා කෑ ගැහුවා.ඊළඟට මොකද්ද කරාම එක පාරට එයා ඉස්සරහ තිබුන පැතලි කළු පාට පෙට්ටියෙ මිනිස් රූප මැවෙද්දි මාව ගැස්සුනා..මොකද්ද මේ වෙන්නෙ..ඇයි මෙයා මෙහෙම හැසිරෙන්නෙ...මං ඇස් අදහා ගන්න බැරුව බලන් හිටියා.

ඒ පෙට්ටිය තුළ සිටි කළු ඇඳ ගත් පුද්ගලයෙක් ගිනි පිට කරද්දි අනිත් අසරණ මිනිසුන් හිස් හැරුණ අතේ දිව්වා..මරණ බයෙන් කෑ ගැහුවා...අර කෙනා කිසි අනුකම්පාවක් නැතුව ඒ මිනිස්සු මරලා දාද්දි වෙයි යිං කලේ නිකන් ඔහේ බලන් හිටිය එක..

මට ආව තරහත් එක්ක මං ඉස්සරහට පියාඹලා වගේ ගියෙ මටම මාව පාලනේ නැති වෙද්දි... ඊළඟට බීචෙන්ව ඒ පෙට්ටිය තුළ සිටි කළු පැහැ සළු හැඳගත් පුද්ගලයගේ ඇඟ හරහා යවන්න මං මොහොතකටවත් ප්‍රමාද වුන් නෑ..ඒ එක්කම ඔහු නැතිවී ගියේ වීදුරු බිඳෙන ශබ්දෙකුත් එක්ක..


මං ආපහු හැරෙද්දි වෙයි යිං කකුල් දෙක අස්සෙ මූණ තියන් පුටුවෙ ගුලි වෙලා ඇසුත් ලොකු කරන් කටත් ඇරන් බලන් හිටියා.එයා ගොඩක් බය වෙලා හිටියෙ..

"ඒ්...ඒ්..මො..කද්ද වුනේ ඒ..?"

ටික වෙලාවකට පස්සෙ එයා ගොත ගගහා අහද්දි මටත් වුන දේ ගැන එයාගෙන් පැහැදිලි කිරීමක් ඕනි වුනා. ඒ එක්කම එයාගෙ ඇඳන් ඉන්න විකාර ඇඳුම ගැනත්, ඒ වගේම එයාගෙ දිග කොණඩෙට මොකද වුනේ කියලාත් මට අහන්න ඕනි වුනා..ඒත් එකපාරටම එයා කෑ ගැහුවම මාව ගැස්සුනා.

"ඔහ් ෂිට්....!! මගේ ටීවි එක..මගෙ පණ ටික.අළුතෙන් ගත්තෙ..මදෑ ඉතිං..ඔයා බීලාද ඉන්නෙ.." එයා ඔළුවෙ අත ගහ ගත්තා.

"එහි මිනිස් ආත්ම හිර වෙලා.ඇයි බේර නොගන්නෙ.."


මාත්‍ ටිකක් සද්දෙන් අහලා ආයෙත් බීචෙන් ගෙන් ඒ කළුපාහැ පෙට්ටියට අනිද්දි එයාගෙ හුස්මත් හිර වෙලා ගියා.

"මිනිස් ආත්ම?? ටීවි එක අස්සෙ..??? අනේ දෙයියනේ අද දවස නම් නපුරු හීනයක්..!"

එයා ආපහු දිග පුටුව උඩට කඩන් වැටුනෙ තමන්ගෙම නළලට අත තියන් ඇසුත් පියාගෙන..

____________________________________

Coming up next.........

".......ඔයා නිකන් හැසිරෙන්නෙ ලාන් චාන් වගේමනෙ ඒ පාර.මොකද ඔයාට ලාන් චාන්ව වත් වැහුනද යිබෝ....."

"....පොල්ලක් නැද්ද පොල්ලක්...ඔහොම නවතිනිනවා චානෝ..මාව මිනීමරුවෙක් කර ගන්න එපා..."

.....හයිආකුන් කෑ ගගහා මගෙ පස්සෙන් පන්නද්දි මං හිනා වෙවී සාලෙ වටයක්ම දුවලා ඇවිත් ලාන් චාන්ගෙ.....




____________________________________






මං වට්පෑඩ් නිකමට දැම්මෙ කතාව..ටික වෙලාවක් බලන් ඉඳලා මොකුත්ම නැති නිසා මං ආයෙ අකවුන්ට් එකටවත් ආවෙ නෑ..🥺

අයින් කරලා දාන්න කියලා රෑ ආවම ඇත්තටම මං පුදුම වුනා..මං හිතුවෙ නෑ කියලයි කියලා..🥺❤

Thanks ඔයාලට ගොඩක්..🥺❤

Continue Reading

You'll Also Like

545K 74.3K 103
Just a fan translation. Eng name- Did the affectionate love interest collapse today. cover pic from pinterest.credit to artist. Author- 即墨遥 စိတ်ကူး...
4K 531 15
Ride it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️
174K 516 17
​ကျောင်းသားတစ်​ယောက်ရဲ့ဆရာမ​များကိုကြမ်းခဲ့​သောဇာတ်လမ်းဖြစ်ပါသည်။စိတ်ကူးယဥ်ဇာတ်လမ်းပါ။ဇာတ်ညွန်း​ရေးသူမှာ WBIဖြစ်ပါတယ်။ဖတ်ရှူ​ပေးတဲအတွက် ​ကျေးဇူးတင်ပါ...