𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡ...

By Min__Kookie__

93.2K 12.9K 4.7K

" තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up... More

Chapter 01 😈
Chapter 02 🙂
Chapter 03 💔
Chapter 04 😌
Chapter 05 😉
Chapter 06 😶
Chapter 07 😏
Chapter 08 🙄
Chapter 09 💞
Chapter 10 😋
Chapter 11 😔
Chapter 12 😂
Chapter 13 😠
Chapter 15 🔞
Chapter 16 🙃
Chapter 17 😥
chapter 18 🌝
Chapter 19 🥺
Chapter 20 💓
Chapter 21 😕
Chapter 22 😣
Chapter 23 😓
Chapter 24 😎
ᴛᴀʟᴋ ᴡɪᴛʜ ᴄʜᴀʀᴀᴄᴛᴇʀs 👥
Chapter 25 🎉️
Chapter 26 🥳
Chapter 27 🔞
Chapter 28 🤗
Chapter 29 🤫
Chapter 30 💔
Chapter 31 🥰
Last Chapter 🔞
New Story 🙈
Revenge Season 02

Chapter 14 ❤️

2.6K 381 107
By Min__Kookie__

සූයා හවස mansion එකට එනකොට කවුරුවත් හිටියේ නැ සූයා වොෂ් එකක් දාගෙන කිචන් එකට ආවේ මොනාහරි ආමාශගත කරගැනීම සදහාය

සූයා කාලා ඉවර වෙලා living room එකට වෙලා ඉන්නකොට යුන්ගි ආවේ කෙල්ලා මේ වෙලාවේ යුන්ගිව බලාපොරොත්තු නොවුණු නිසා ටිකක් තිගැස්සිලා හිටියේ ඒත් ඊලග තත්පරේ යුංගි කියපු දේ නිසා කෙල්ලගේ ඇස් දෙක ලොකු වුනා

" සූයා කොෆි එකක් "

කවදාවත් සූයාගෙන් කිසිදෙයක් ඉල්ලපු නැති නිසා තමයි කෙල්ල පුදුම වෙලා ඉන්නේ දවසකට වචනයක් කතා කලත් එක්කෝ හින්ට් එකක් නැත්නම් බනිනවා යුංගි එහෙම කියාගෙන රූම් එකට ගියා සූයා වෙච්ච දේ හිත හිතා කිචන් එකට ගියා

අද වැරැදි පැත්තෙන්වත් නැගිටලා ද නැත්නම් පෙත්ත ගහලා නැ අයිෂ් මේ පූස් තඩියා මගේ ඔලුව මඤ්ඤන් කරනවා නේ ඉතින් මෙච්චර කාලෙකට කවදාවත් හොදින් එක වචනයක් කතා නොකරපු යකා අද එකපාරටම මෙහෙම කතා කරද්දී මට බය හිතෙන එක සාධාරණයි

සූයා එහෙම හිතන ගමන් කොෆි එකත් හදාගෙන රූම් එකට යනකොට කවුරුවත් පේන්න හිටියේ නැති හින්දා කෙල්ල ඇතුලට ගියා එතකොට තමයි දැක්කේ යුංගි බැල්කනියට වෙලා අහස දිහා බලාගෙන ඉන්නවා

හිරු බැහැගෙන යන නිසා මුලු අහසම තැඹිලි පාටින් පේන්නේ යුංගි ඒ පරිසර දිහා බලාගෙන හිටියේ සන්සුන්ව සූයා හිමින් යුංගි ලගට ගිහින් කතා කලේ දෙගිඩියාවෙන්

" යුංගිශි කොෆි එක "

කෙල්ල කතා කරනකොට යුංගි සූයාගේ පැත්තට හැරිලා කොෆි එක ගත්තා

" කුමාවෝ "

සූයා හිනාවකින් යුංගිට සංග්‍රහ කරලා යන්න හැදුවත් යුංගි කතා කරපු නිසා නැවතුණා

" වේ යුංගිශි "

සූයා යුංගි දිහාට හැරිලා ඇහුවා ඒත් එක්කම ඩෝ බෙල් එක වදිනවා ඇහුනා

" මම ගිහින් බලලා එන්නම් යුංගිශි "

යුන්ගි හා කියන්න ඔලුව වැනුවා කවුද ආවේ කියලා හිතන ගමන් සූයා පහලට ආවා දොර ඇරපුවාම හිටපු කෙනා දැක්කාම සූයාගේ මූන වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

ඒ හිටියේ මීරා

Mira's outfit

මීරා දොර ලග හිටපු සූයා තල්ලු කරගෙන ඇතුලට ගියා

" යුංගියා "

ඒත් එක්කම පහලට ආපු යුංගිගේ කරේ එල්ලුනා සූයා දොර වහලා සුසුමක් පහල හෙලුවා

" ඔයා ඉතින් මාව මීට් වෙන්න ආවේ නැ නේ ඒක නිසා මම ආවා ඔයාව බලන්න "

එහෙම කියලා මීරා යුංගිගේ කම්බුල කිස් කලා සූයා මේ දේවල් දිහා බලාගෙන හිටියේ පපුවට පිහියෙන් අනිනවා වගේ දැනෙද්දී

මීරා යුංගිගේ බෙල්ල වටේ අත් යවලා යුංගිට ලං වුනා යුංගිගේ ඇස් නම් තිබුනේ සූයාගේ ලග

" යුංගියා කතා කරන්නකෝ අනේ "

මීරා යුංගිගේ කම්බුලක් අල්ලන ගමන් කිව්වා

" මීරා..... "

යුන්ගි කතා කරනවාත් එක්කම සූයා දුවලා රූම් එකට ගියා

" වේ.... "

" මෙතනින් යන්න "

යුන්ගි මීරාව ඈත් කරන ගමන් කිව්වා

" අනේ යුංගියා මම ඔයාව දකින්න ආවේ සති කීයකින් ද ඔයා මාව එලවන්න හදන්නේ "

මීරා එහෙම කිය්න ගමන් යුංගිගේ පපුව දිගේ ඇගිල්ලක් අරගෙන ගියා

" මීරා ස්ටොප් "

යුන්ගි මීරා ඈත් කරලා කෑගැහුවා

" වේ යුංගි... සති ගානක් ඔයා මාව මගහැරියා ඉතින් ඒකයි මම ඔයාව හොයාගෙන ආවේ මට මෙහෙම කරන්නේ ඇයි යුංගියා "

"තමුසේ හිතාගෙන ඉන්නේ තමුසේ නටන නාඩගම් මම දන්නේ නැ කියලා ද ආ තමුසේ හින්දා අවුරුදු 02 ක් පුරාවටම අර කෙල්ලට කොච්චර වද දුන්නා ද දන්නවා ද මම කොච්චර බැන්නාත් ඒ කෙල්ල මං ගැන හොයලා බැලුවා ඒත් තමුසේ වෙන කොල්ලෝ එක්ක........... ඕ ශිට් "

යුන්ගි කෑගහලා ටේබල් එකට පයින් ගැහුවා

" යුංගියා ඔයා මොනාද කියන්නේ මට කිසිදෙයක් තේරෙන්නේ නැ "

" තමුසේ බබා.... තමුසේ මුකුත් දන්නේ නැ "

" යුංගියා "

" මම මෙච්චර හරි ඉවසන්නේ තමුසෙට මම දවසක් හරි ආදරේ කරපු නිසා දැන් මෙතනින් පලයන් "

යුංගි කෑගහනකොට මීරා යුංගිටත් රවාගෙන යන්න ගියා යුංගි මීරා යනකම් ඉදලා රූම් එකට ආවේ සූයා හොයාගෙන රූම් එකේ පේන්න නොහිටිය හින්දා බැල්කනියේ බැලුවත් එතැන හිටියෙත් නැ බාත් රූම් එකේ වතුර වැටෙන සද්දේ නිසා සූයා බාත් රූම් එකේ කියලා යුංගි බාත් රූම් එකේ දොරට අත තියෙනකොට දොර ඇරුනා දොර ලොක් කරලා නොතිබුණු නිසා යුංගියා හිමින් බාත් රූම් එකේ ඇතුලට ගියා

ශවර් එක යටට වෙලා බිත්තියට ගුලි වෙලා අඩන කෙල්ල ව දැක්කාම යුංගිට දැනුනේ කියාගන්න බැරි වේදනාවක් හිමින් සැරේ සූයා ලගට ගියපු යුංගි කෙල්ල ලගට පහත් වෙලා සීතල වෙලා තියෙන අත් දෙකෙන් අල්ලාගත්තා

" සූයා........"

අඩ අඩා හිටපු කෙල්ල යුංගිගේ කටහඬ ඇහෙනවාත් එක්කම ඔලුව උස්සලා බැලුවා

" ශ්ශ්ශ් අඩන්න එපා සූයා..."

යුන්ගි කෙල්ලව පපුවට තුරුල් කරගෙන හිස පිරිමදින ගමන් කිව්වා සූයා කෑගහලා අඩන්න පටන් ගනිද්දී යුංගිටත් හොරා ඇස්වලට කදුලු පිරුනා

ටික වෙලාවක් යද්දී සූයාගේ හැඩුම් සියුම් ඉකියක් බවට පරිවර්තනය වෙද්දී යුංගිත් නෑවිලා ඉවරයි සූයාවත් තුරුල් කරගෙන නැගිට්ට යුංගි ශවර් එකත් ඕෆ් කරලා කෙල්ලව එක්කගෙන ගිහින් ඇදෙන් වාඩි කරලා ටවල් එකක් අරගෙන ඇවිත් ඔලුවට දැම්මා

" කොන්ඩේ පිහිදගන්න නැත්නම් ඩොක්ටර් අසනීප වෙයි "

යුංගි කිව්වාම සූයාගේ දෙතොලතර සිහින් සිනාවක් රැදුනා

" මම ඇදුමක් මාරු කරගෙන එන්නම් "

යුංගි එහෙම කියලා සූයාගේ කොන්ඩේ අවුස්සලා ගියා වෙන දේවල් හිතාගන්න බැරුව සූයා හිටියේ කරකවලා අතහැරියා වගේ

අද නම් ෂුවර් එකටම පෙත්ත ගහන්න අමතක වෙලාම තමයි

සූයා හිතුවා

ටිකකින් යුංගි ඇදුමක් දාගෙන එද්දී සූයා අහස දිහා බලාගෙන හිටියේ යුංගි ගිහින් සූයාගේ අතින් ඇදගෙන ඇවිත් ඇදෙන් වාඩිකරලා සූයාගේ කොන්ඩේ පිහිදන්න පටන් ගත්තා සූයා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියේ යුංගිගේ වෙනස තේරුම් ගන්න බැරුව වෙනදාට මූන බලලා වචන දෙකක් කතා කරන්නේ නැති මනුස්සයා මෙහෙම  හැසිරෙනකොට පුදුම වෙන එක සාධාරණයි

" කොන්ඩෙත් භාගෙට පිහිදාගෙන බැල්කනියට වෙලා හිටියේ ලෙඩ වෙන්න ද ම්ම් පොඩි ලමයෙක් වගේ සූයා ඔයා "

යුන්ගි එහෙම කියන ගමන් සූයාගේ කොන්ඩේ පිසදැම්මා සූයා යුංගිගේ එක අතකින් අල්ලාගත්තා යුන්ගි කොන්ඩේ පිසදාන එක නවත්තලා කෙල්ල දිහා බැලුවේ ඇයි කියලා අහන ගමන්

" යුංගිශි එකපාරටම ඇයි මෙහෙම හැසිරෙන්නේ ඔයාට ඩිවෝස් එක ඕන නම් මගෙන් ඉල්ලන්න මම ඔයාට ඩිවෝස් එක දෙන්නම් යුංගිශි ඒත් ඔහොම හැසිරෙන්න එපා මට දරාගන්න බැ මට ඔයාගෙන් ඈත් වෙන්න හිත හදාගන්න බැ යුංගිශි මම දන්නවා ඔයා ආදරේ මීරාට කියලා මේ ගෙවුනු අවුරුදු 02 ක පුරාවටම මට ඒක තේරුනා මම ඔයාට ගොඩක් ආදරෙයි යුංගිශි ඔයා බය වෙන්න එපා යුංගිශි මම ඔයාට ඩි.........."

කදුලු පුරවගෙන සූයා කියන හැම වචනයක් ම අහගෙන හිටපු යුන්ගි සූයාගේ නිකටෙන් උස්සලා සූයාගේ තොල් වලට බර වුනේ සූයාගේ කතාව නවත්තන්න කියන්න වගේ අලුත් කදුලු බිංදු සූයාගේ කම්බුල් දිගේ ගලා යද්දී යුංගි සිපගැනීම මැද්දේම නිකටේ රැදිලා තිබුණු අතින් සූයාගේ කදුලු පිස දැම්මා  සූයාගේ තොල් එක්ක සෙල්ලම් කරපු යුංගි සූයාගේ තොල් වලින් ඈත් වෙලා නලලට උනුසුම් හාදුවක් තවරලා සූයාගේ අත් දෙකත් අල්ලාගෙන සූයා ලග දණ ගහගත්තා

" සූයා මියානේ මම ඔයාට ගොඩක් නරක විදියට සැලකුවේ ඒත් සූයා මට ඔයාව මගෙන් ඈත් කරන්න බැ "

" යුංගිශි......."

" කලින් කරපු කියපු හැමදේටම සමාවෙන්න සූයා අපි අලුතින් පටන් ගමු ම්ම් "

" එතකොට මීරා.... එයාට මොකද්ද වෙන්නේ යුංගිශි "

සූයා යුංගිගේ ඇස් දිහා බලාගෙන කිව්වා

" මීරා කියලා කෙනෙක් තවත් මගේ ජීවිතේ නැ සූයා "

" වේ...."

" දැන් ඒක ද වැදගත් ආ.."

" යේ මීරා එක්ක මොනාහරි ප්‍රශ්නයක් වුනා ද යුංගිශි "

" හ්ම්ම් මීරා මට ආදරේ කරපු කෙනෙක් නෙවෙයි සූයා මට කල් ගියා තේරුම් ගන්න "

" යුංගිශි දුකින් ද "

" යේ ඒත් මීරා හින්දා නෙවෙයි "

" එහෙනම් "

" ඔයාව තේරුම් ගන්න බැරි වුන නිසා "

" යුංගිශි ඔයා ඒ දේවල් ගැන හිතන්න එපා හැමෝම අතින් වැරැදි වෙනවා නේ ඕක අමතක කරන්න "

සූයා හිනා වෙලා කිව්වා

" දැන්වත් මට යුංගිශි කියන එක නවත්තන්න පුලුවන් ද මැඩම් "

" අහ් හා.."

" ගිහින් නිදාගන්න පොඩි වැඩක් තියෙනවා ඒක ඉවර කරලා එන්නම් "

යුන්ගි එහෙම කියලා සූයාගේ කම්බුලට පුංචි හාදුවක් තැවරුවේ සූයාගේ ඇස් ලොකු වෙද්දී යුන්ගිගේ වෙනස සූයාට ගෙනාවේ පුදුමයක්

Flashback 🍂

" යුන්ගි ඔප්පා කතා කරන්න පුලුවන් ද "

දවසක් සනා හැමෝම යනකම් ඉදලා යුන්ගිට කතා කලා

" තමුන්ට මොකද්ද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ "

යුන්ගි සනාව ගනන් නොගෙන ඇහුවා

" මට සූයා ගැන කතා කරන්න ඕන "

සනා කියනවත් එක්කම යුන්ගි සනා දිහා බැලුවා

" සූයා ගැන......"

" ඔප්පා දැන් ඇති හොදටම ඇති ඔයා ඇත්ත නොදැන සූයාට ඔහොම සලකන්න එපා මීරා කියන්නේ හරි හොද කෙනෙක් කියලා ද ඔප්පා හිතාගෙන ඉන්නේ අනී ඔප්පා මීරා කියන්නේ ඔයා හිතාගෙන ඉන්න තරම් හොද කෙනෙක් නෙවෙයි "

" තමුසේ මොකද්ද කියන්න හදන්නේ "

" මේ ටික බලන්නකෝ "

සනා එහෙම කියලා යුන්ගිට ෆොටෝ වගයක් දුන්නා ඒ ෆොටෝ දැක්ක යුන්ගිගේ ඇස් තරහෙන් රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" ඊයේ Solaria Nishitetsu hotel එකේ දී ගත්ත ෆොටෝ "

ඒ ෆොටෝ වල තිබුනේ මීරා තව කොල්ලෙක් එක්ක ඇලිලා වෙලිලා පිඹුරෝ දෙන්නෙක් වගේ ඉන්නවා

" ඔප්පා මට ඕකයි කියන්න ඕන වුනේ සූයා මට මීරා ගැන කිව්වාම මට නිකමට අහලා පුරුදුයි කියලා හිතුනු නිසා හෙව්වේ එතකොට තමයි දැනගත්තේ මගේ ඔප්පාගේ ජීවිතේ සම්පූර්ණයෙන් කනපිට ගහපු ගෑනි කියලා මීරා කියන්නේ ඔප්පාගේ පලවෙනි ආදරේ ඔප්පා අද මෙච්චර වෙනස් වෙන්නත් හේතුව මීරා තමයි ඔප්පා ඒ වගේ කෙනෙක් නිසා සූයාව රිචෙක්ට් කරන එක නවත්තන්න සූයා ඔප්පාට ගොඩක් ආදරේ කරනවා මම හිතනවා ඔප්පා සූයාව තේරුම් ගනියි කියලා "

සනා අන්තිම ටික කිව්වේ හිනා වෙලා

" ඔයා කොහොමද මේවා හොයාගත්තේ "

" ඒක එච්චර දෙයක් නෙවෙයි ඔප්පා මම යනවා සූයාට බනින්න එපා "

සනා එහෙම කියාගෙන එතැනින් ආවා

Flashback over 🍂

Sana Pov

සේහි..... සේහී මට තමුසෙව මරන්න තරම් තරහයි අයිෂ් මම ඒකිගේ වැඩකාරියෙක් ද අහ් ජොබ් එකත් පැත්තකට දාලා ගිහින් වනගත වෙන්න හිතෙනවා එහෙම වුනොත් මේ පගර නැට්ටිච්චිට බයේ ගියා කියයි එතකොට මගේ නම්බුව ලෙෆ්ට්

මම සෝහිට දෙහි කපන ගමන් කොරිඩෝ එක දිගේ ඇවිදගෙන එනකොට කෙල්ලෙක් හොදටම අඩනවා මම ඕකටත් කියලා එයා ලගට ගිය එතකොට තමයි දැක්කේ මේ යුරී කියලා ඒත් මේ කෙල්ල මොනාද hospital එකේ කරන්නේ

" යුරි....."

මම කෙල්ල ලගින් වාඩි වෙන ගමන් කතා කලා

" ඔන්නි......"

කෙල්ල මාවත් බදාගෙන අඩන්න පටන් ගත්තා

" යුරි මොකද පැටියෝ මේ මොකද්ද වුනේ මේ වෙලාවේ මොනාද hospital එකේ කරන්නේ ම්ම් "

මම යුරිගේ ඔලුව අතගාන ගමන් ඇහුවා

" ඔන්නි... මේක බලන්නකෝ.... "

කෙල්ල මට ෆයිල් එකක් දුන්නා ඒක postmortem report එකක් මම ඒක දිහා බලලා ආපහු යුරි දිහා බැලුවා

" ඔන්නි එයා කවදාවත් drugs පාවිච්චි කලේ නැ ඒත් postmortem report එකේ තියෙන්නේ එයා drugs පාවිච්චි  කරලා drive කරලා ඇක්සිඩන්ට් වුනා කියලා....."

එහෙම කියලා යුරි ඉකි ගගහා අඩන්න පටන් ගත්තා

" ඔ.. ඔන්නි මම මොකද්ද කරන්නේ මට කිසිදෙයක් තේරෙන්නේ නැ "

" මම මේක ගැන හොයන්නම් දැන් අඩන්න එපා හොද ලමයා වගේ ගෙදර යන්න "

මම එහෙම කියලා යුරිගේ ඔලුව අතගාන යැව්වා

" හේසනා...."

මගේ නම කියනවා ඇහුනු නිසා මම පිටිපස්ස හැරිලා බැලුවේ

" මම හරි නේද ඔයා හේසනා නේද "

මැදි වයසේ පිරිමි කෙනෙක් ඇහුවා

" යේ.... එතකොට ඔයා... "

" ඔයාට සමහර විට මාව මතක නැතුව දරුවෝ ඔයාගේ නම්චිංගුගේ ඔපරේෂන් එක කලේ මම "

",අහ් මියානේ ඩොක්ටර් මට එකපාරට අදුරගන්න බැරී වුනා "

",ඒකට කමක් නැ දරුවෝ මට ඔයාලගේ කතාව ඇහිලා මෙතන නැවතුනේ "

" අහ්..."

මෙයා මොකාටද එන්න හදන්නේ

" යුන්ජේගේ postmortem report එකෙත් තිබුණේ එයා drugs පාවිච්චි කරලා drive කරලා ඇක්සිඩන්ට් වුනා කියලා ඒත් එයා drugs පාවිච්චි කරලා තිබුණේ නැ "

මොකද්ද මේ කියන්න හදන්නේ යුන්ජේ කවදාවත් drugs පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි එතකොට කොහොමද postmortem report එකට එහෙම දෙයක් එන්නේ 

" ඩොක්ටර් මොකද්ද කියන්න හදන්නේ "

" මේක දෙකම සිද්ධ වෙලා තියෙන්නේ එකම විදියට ඒම බැලුවොත් මේක murder එකක් "

" what....? ඒත් ඇයි අවුරුදු දෙකකට පස්සේ මේ දේවල් මට කියන්නේ "

" තවත් කෙනෙක්ට මෙහෙම වෙන්න ඕනේ නැති හින්දා "

එහෙම කියලා එයා යන්න ගියේ මාව අවුල් ජාලයක පටලවලා

යුන්ජේ මැරුනේ ඇක්සිඩන්ට් එකකින් නෙවෙයි ද්

මේක murder එකක් ද

ඒත් කවුද යුන්ජේ මරන්න තරම් හිටපු තරහකාරයා

මට කිසිදෙයක් තේරෙන්නේ නැ මම කොහොමද මේක හොයාගන්න පොඩ්ඩක් ඉන්න යුන්ජේගේ නංගී

" යුන්හී...."

To be continue.............🖤

කස්ටිය මොකද කතාව ගැන හිතන්නේ

අද චැප්ටර් එක බෝරින් නේද

ඔයාලගේ අදහස් කියාගෙන යන්නකෝ

ඕතර්ට කම්මැලියි අෆ්ෆා 🥱

Continue Reading

You'll Also Like

44.8K 8.5K 42
ආදරේකට පුලුවන්... අයිස් බැඳිලා තියන හදවතක සීතල ආදරේ උණුහුමෙන් නැති කරලා දාන්න... Just A Fan Fiction ! Cute Fluffy Romantic Lot Of Love...
130K 17.9K 30
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
24.7K 4K 54
ජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක...
18.8K 3.6K 19
Don't Copy My Work 🚫 Sinhala park jimin revenge & love story.. IDOL කෙනෙක්ට පෙම් බැඳි තරුනියකගේ කතාවක්.... 💙